Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

Sonic The Hedgehog - Movie of the Month

Sonic tries to navigate the complexities of life on Earth with his newfound best friend -- a human named Tom Wachowski. They...

Poison Ivy : Her Poisons and Life

Poison Ivy : Her Poisons and Life


සහෝදරවරුනි, Dc universe ගැන කතා කරනව නම් මේ චරිතෙ ගැන කොල්ලො ටික අනිවාර්යයෙන් අවධානයක් යොමු කරන්නම ඕන... දෙපාරකට වඩා මෙයා දිහා නොබලන එකෙක් නම් හොයාගන්න අමරුයි... මොකක් වුනත් මේ අක්කා දිහා බලන එකෙක්ට ගොඩ එන්න නම් අමාරුයි පුතේ.. මේ #Poison_ivy...
#Poison_ivy ගෙ සැබෑ නම #Pamela_Lillian_Isley.. උද්භිත විද්‍යාව ගැන expert level එකේ ඉන්න scientist කෙනෙක්...
comics වලදි මුලින්ම ලියපු origin එකේ විදියට නම් මෙයාගෙ නම Lilian rose.. Phd එකක් තියෙන අක්කා කෙනෙක්... ඒ කතා වල විදියට නම් මෙයා poison ivy වෙන්නෙ Marc LeGrand විසින් liliව පොළඹවා ගන්නව ඊජිප්තු පුරාවිද්‍යාත්මක ශාක කොටසක් හොරකම් කරගන්න... ඒත් ඒ හොරකම කවුරුවත් දැන නොගන්න ඕන නිසා marc ලොක්කා liliට ඖෂධ පෑළෑටි සමග මාරාන්තික උග්‍ර විෂ ලබාදෙනවා liliව මරා දාන්න... ඒත් ඒකෙන් lili මැරෙන්නෙ නෑ... ඒ විෂ lilianගෙ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරනව... ඒකෙන් poison ivy විදියට lilian rose ගෝතම් වලට එනව...
1988 poison ivy චරිතයේ ස්වභාවය සංස්කරණය කරනව.. ඒ දැනට comics origin තියෙන විදියට.. ඒ කියන්නෙ pamela lilian isley තමයි poison ivy.. මේ origin එකේ විදියට ධනවත් පවුලක ලැජ්ජාශීලී ගැහැණු ළමයෙක් තමයි lili.. මෙයා උද්භිත විද්‍යාව හදාරනව ආචාර්‍ය ජේසන් වුඩෲ යටතේ... lili පහසුවෙන් රැවටීමට පුළුවන් නිසාම ජේසන් විසින් lilianව පරීක්ෂණයක අත්හදා බැලීමෙ නිදර්ශකයක් විදියට යොදාගන්නව... එමගින් lilianගෙ ශරීරයට ඇතුල් කරපු විෂ සහිත ශාකමය දිලීර කොටස් lilianගෙ ශරීරයට අහිතකරව බළපෑමෙන් මරණාසන්න වීමත් සමග රෝහල් ගත වෙන්න සිදු වෙනව.. ඒත් ශරීරය ඇතුළෙන් ඒ විෂ සහිත ශාක දිලීර වැඩීමක් සිද්ධ වෙනව lilianගෙ සෛල වලට බද්ධ වීම නිසා....
තමන්ට සිදු වූ වංචාව නිසාම lilian ප්‍රචණ්ඩකාරී චරිතයක් වෙනව.. රෝහලෙන් පිටව යෑමෙන් පස්සෙ ලිලියන්ගෙ පෙම්වතා රිය අනතුරක් නිසා මිය යනව... මේ ඔක්කොම සීන් නිසාම lilianගෙ මානසික ස්වභාවය විකෘති වෙනව... එක වෙලාවක දි lilian ගොඩක් ආදරණීය වෙනව, ඒ වගේම දරුණු තරහක් ඇති වෙන චරිතයක් බවටත් පත් වෙනව.. තමන්ගෙ හැගීම් ශරීරය තුළ තිබෙන අහිතකර ශාක කොටස් විසින් පාලනය කරනව වගේ සීන් එකක් වෙන්නෙ.. poison ivy විදියට හැදින්වෙන්නත් පටන් ගන්නව... මේ හැමදේම නිසාම lilian ගෝතම් වලට පදිංචිය වෙනස් කරගන්නව...
ශරීරයේ තියෙන විෂ කොටස් ලේ සමග මිශ්‍ර වීමක් වෙලා තියෙන නිසා ම ivyට සුපිරි ගණයේ ප්‍රතිශක්තිකරණ හැකියාවක් ලැබෙනව... Comics අනුව නම් ivy Co2 ආශ්වාස කරනව.. තව ප්‍රභාසංස්ලේෂණය මගින් ශක්තිය ගබඩා කරගන්නව... රුධිරය සමග හරිතප්‍රද පවතින නිසා ශරීරයේ සාමාන්‍ය පැහැය වෙනස් වෙනව... කෙල්ලගෙ ඇදුම ගැන නම් කියන්න ඕන නෑනෙ ඉතින්...හැබැයි ඒක නිර්මාණය කරගෙන නම් තියෙන්නෙ ශාක වලින්...
Ivy ශරීරයෙන් ෆෙරමෝන් කියන හෝමෝන් එක හැදෙන නිසා ivyට පුළුවන් මිනිසුන්ගෙ මනස පාලනය කරන්න.. විශේෂයෙන් පිරිමි පුද්ගලයන්ගෙ... කෙටියෙන් ම කොල්ලොන්ව වශි කරගන්න පුළුවන් ... ඒත් බැටා වගේ ශක්තිමත් මනසක් තියෙන පුද්ගලයෙක් පාලනය කරන්න අමාරුයි ගොඩක්... මේ දේ නිසා ම ivy ගොඩක් රොමෑන්ටික් චරිතයක් වෙනව.. ivyගෙ විෂ, තොල් වලින් ස්‍රාවය වන නිසා ම පොඩි lip kiss එකකින් තමන්ට අවශ්‍ය කරන පුද්ගලයාගෙ මනස පාලනය කරන්න පුළුවන්කමක් තියෙනව....
අණුක මට්ටමෙන් සියළුම ශාක හා ජීවී කොටස් පාලනය කරන්න පුළුවන් නිසා ivy තමන්ගෙ සතුරන්ට පහරදෙන්න වැඩි වශයෙන් අවට පරිසරයේ ශාක භාවිතා කරනව... ඒ වගේම ජිම්නාස්ටික් වගේ දේවල් වල නිරත වීම නිසා ivyට තමන්ගෙ power එක නැතුව වුනත් සතුරෙක් එක්ක hand to hand fight එකක් දෙන්න පුළුවන්... ඒත් සීන් එක මේකිට පුළුවන් ඕනම සතුරෙක් වශී කරගන්න..ඒ නිසා ගහ මරාගන්න වෙන්නෙ නෑ... ඒ වගේම නව දෙමුහුන් ශාකයන් නිර්මාණය කරන්නත් ivyට පුළුවන්...

ශාක සහ එම මට්ටමේ සියළුම ජීවින් සමග ivyට කතා කරන්න පුළුවන්.. විශේෂයෙන් swap thing ගැන ivyට ලොකු crush එකක් තියෙනව... මොකද ivy දකින විදියට swap thing කියන්නෙ ශාක මූලද්‍රව්‍ය පිරුනු ජීවියෙක්...
Ivyගෙ රොමෑන්ටික් ස්වභාවය නිසාම බැටා එක්ක මොන ආකාරයෙන් හරි එකතු වීමකට ivy කැමැත්තක් තියෙන්නෙ... #Harley_queen එක්කත් #poison_ivyට තියෙන්නෙ මිතුරුකමට එහා ගිය සම්බන්ධකමක්... සීන් එක හිතාගනිල්ලකො.. නමුත් ivy ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙක්ගෙ මනස තමන්ට අවශ්‍ය විදියට පාලනය කරගන්න පුළුවන්....
#Poison_ivyගෙ කැරැට්ටුව ඉවරයි ඔන්න... ආයෙ post එකකින් සෙට් වෙමු.. පරණ පෝස්ට් #Krishanrodrigo කියල group එකේ සර්ච් පාරක් දාල කියවන්න පුළුවන්.. ජයවේවා...!!!

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න