Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

Sonic The Hedgehog - Movie of the Month

Sonic tries to navigate the complexities of life on Earth with his newfound best friend -- a human named Tom Wachowski. They...

Origin of Witchers | Witcher Universe

Origin of Witchers | Witcher Universe

හැමෝම දන්නවා ඇතිනේ Witcher Tv series එකක් ලගදී release උනා කියලා..ඉතින් අද අපි කතා කරන්න යන්නෙ කව්ද මේ Witcher කියන්නේ කියලා.මුලින්ම කියන්න ඕනි Witcher පොත් වල සහ ගේම් වලට වඩා Witcher Tv series එකේදි යම් යම් වෙනස්කම් තියෙන්න පුලුවන් කියන එකත්.එහෙනම් අපි බලමු කව්ද මේ කියලා.

------------------------------------------------------------------------------------------------------

Witcher පොත් ලියපු Andrzej Sapkowski මහත්මයා මුලින්ම Witcherව හැදුන්වන්නෙ Hexer කියන නමෙන්. පසුව CD projekt RED ආයතනය විසින් Witcher ආශ්‍රයෙන් Video games හදන්න තීරනය කලාට පස්සෙ තමයි මේ Hexer කියන නම Witcher විදිහට වෙනස් වෙන්නේ.මේ කථාව ගොඩක් මිනිස්සු අතරට යන්නේ මේ ක්‍රීඩා මාලාව නිසා කියලා අමුතුවෙන්ම කියන්න අවශ්‍ය නෑනේ.
ඉතින් මේ Witcherලා මිනිස්සුන්ට වඩා වෙනස් වෙන්නෙ කොහොමද ? Witcher කෙනෙක් වෙන්නෙ කොහොමද ? Witcherලා කොහොමද මේ monstersලා මරන්නේ ?

------------------------------------------------------------------------------------------------------

Teimaria කියන ප්‍රදේශයේ මුල්ම මිනිස් ජනාවාස ආරම්භ කරන කාලේ වෙද්දී එම ප්‍රදේශ භයානක සතුන් සහ විව්ද අනතුරු වලින් පිරිලා තිබුණා.ඉතින් මේ අනතුරු වලට සාමාන්‍ය මිනිස්සුන්ට මුහුන දෙන්න බැරි උන නිසා තමයි මේ මුල්ම Witchers ලා බිහි වෙන්නෙ.විවිධ ආකාරයේ හතු වර්ග සහ ශාක යොදාගෙන හදපු මිශ්‍රනයක් යොදාගෙන තමන්ගේ abilities වර්ධනය කර ගන්න මේගොල්ලන්ට පුලුවන් වෙනවා.පසුකාලිනව මේ මිශ්‍රනය වඩා විද්යාත්මකව හදන්න විදිහකුත් මේගොල්ලො හොයා ගන්නවා.මෙමගින් පරිසරයෙන් එල්ල උන අනතුරු වලට සාර්තකව මුහුන දෙන්න Witchers ලට හැකියාව ලැබෙනවා.මෙමගින් ලැබෙන බලයන් නිසා Monstersලාව ඉතා පහසුවෙන් දඩයම් කරන්න Witcherලා සමත් වෙනවා.
මෙම කාලයේදී Witchersලා සදහා විශාල ඉල්ලුමක් තිබුණා මොකද මිනිසුන් ජීවත් උන ප්‍රදේශ Monstersලගෙන් පිරිලා තිබුණ නිසා.මේ සතුන් දඩයම් කරන්න උනේ Witchersලට.Witcher කෙනෙක් වෙන ක්‍රියාවලිය පටන් ගන්නේ කුඩා කාලයේදීමයි.ඉතාමත් කුඩා පිරිසක් තමයි මේ Witcher කෙනෙක් වීමේ ක්‍රියාවලිය සදහා තෝරා ගන්නේ.එම තෝරා ගන්න ලමුන් Castle වල රදවලා තියනවා.මේ castles වලට witcher schools කියලත් කියනවා..ඕගොල්ලො Witcher 3 game එක ගහලා තියෙනවා නම් මේ witcher school එකක් දැක ගන්න පුලුවන්.

------------------------------------------------------------------------------------------------------

මෙම Witcher පාසල් වලට නම් ලබාගෙන තියෙන්නෙ සතුන්ගේ නම් වලින්.සෑම Witcher කෙනෙක් ලගම තිබෙන medal එකේ සිටින සතා මගින් ඒ Witcherගේ පාසල හදුනා ගන්න පුලුවන්.Wolf,Cat,Griffin,Viper, Bear, Manticore,Craneවිදිහට මෙම සතුන් බෙදෙනවා.මෙම පාසල් පිහිටලා තිබෙන්නේ විවිධ ප්‍රදේශ වල නිසා Witcher ලබන Training එක එකකට එකක් සම්පූර්ණයෙන්ම වෙනස්.Witcher කෙනෙක් වෙන ක්‍රියාවලියෙදී ලමුන්ව Witcher schools මගින් හෝ එහෙම නැත්නම් trial of the grasses කියන ඉතා දරුණු ක්‍රියාවලියක් මගින් තමයි තෝරා ගන්නේ.trial of the grasses කියන ක්‍රියාවලියට සහබාගී වෙන ලයින්ගෙන් තුන්දෙනෙක් හරි තුන්දෙනෙක්ට අඩු ගානක් විතරයි පණ බේරා ගන්න සමත් වෙන්නේ.ඉතුරු ඔක්කොටම ඉතාමත් වේදනාකාරී මරණයකට මූණ දෙන්න සිද්ද වෙනවා.මෙම ක්‍රියාවලිය නිසා මුලු ශරීරයම වෙනස් වෙන්න ගන්නවා.ඉතා වැඩි වේගයක්,ශක්තියක් වගේම ප්‍රතික්‍රියා වේගයත් ඉතාම වැඩි වෙනවා.මේ නිසා වලදී Witcherලට Hunting වලදී විශාල පහසුවක් වෙනවා.ඒ වගේම තමයි ලට ගොඩක් රෝග වලින් හානියක් වෙන්නෙ නෑ.Witcherලගේ තිබෙන තවත් විශේෂත්වයක් තමයි බළලුන් වැනි ඇස් තිබීම.ඉතා ආලෝක තත්ව වලදි වගේම ඉතා අන්ධකාරයේදිත් පහසුවෙන් පෙනීම ලබා ගන්න මේ මගින් පුලුවන් වෙනවා.Witcher කෙනෙක්ට ඉතාමත් දීර්ඝ ආයු කාලයක් තිබුණත් ඉතාමත් තරුණ පෙනුමක් පවත්වා ගන්න හැකියාව ඔවුන්ට ලැබිලා තියෙනවා.

------------------------------------------------------------------------------------------------------

trial of the grasses ක්‍රියාවලිය නිසා witcherලා හැගීම් රහිත පිරිසක් බවට පත්වෙනවා කියලා තමයි මිනිසුන් හිතන් ඉන්නේ.ඇත්තටම witcherලට හැගීම් දැනෙනවා නමුත් කුඩා කාලයේ ඉදන්ම ඔව්න්ට හැගීම් පාලනය කරන්න උගන්නවා.මේ නිසා ගොඩක් වෙලාවට Witcherලා තමන්ගේ හැගීම් පෙන්නන්නේ නෑ.මේක ගොඩක්ම සටන් වලදී වගේම මිනිසුන් එක්ක ගනුදෙනු කරද්දි ප්‍රයෝජනවත් වෙනවා.
බොහෝ වෙලාවට Witcher කෙනෙක් විසින් කඩු දෙකක් බාවිතා කරනවා. රිදී වලින් සෑදූ කඩුවක් සහ අනික වානේ වලින් සෑදූ කඩුවක් තමයි වෙන්නේ.රිදී කඩුව මායා සතුන් සමග සටන් වලදි බොහෝ දුරට බාවිතා කරනවා.මිනිසුන් සමග සටන් වලදී වානේ වලින් සෑදූ කඩුව බාවිතා කරනවා.මීට අමතරව ලා සටන් වලදී මැජික් බාවිතා කරනවා.අපිට ඒක ගේම් වල වගේම Tv series එකේදිත් බලා ගන්න පුලුවන් උනා.
අපිට Witcher Tv Series එකේදි ඉතා දක්ශ නලුවෙක් වෙන Henry Cavillව Witcher විදිහට එහෙම නැත්නම් Geralt of Rivia විදිහට බලා ගන්න පුලුවන් වෙනවා.අපි එයා ගැන කතා කරමු මීළග ලිපියෙන්.Series එක බැලුවේ නැත්නම් අනිවාරියෙන් බලන්න.හැමෝම මේ ලිපිය තුළින් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා.එක කරලා ඕගොල්ලො දන්න දේවලුත් පල්ලෙහායින් කමෙන්ට් කරන්න

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න