Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

Sonic The Hedgehog - Movie of the Month

Sonic tries to navigate the complexities of life on Earth with his newfound best friend -- a human named Tom Wachowski. They...

Geralt of Rivia | Witcher Universe

Geralt of Rivia | Witcher Universe


Geralt of Rivia ගැන.Geralt කියන්නේ Continent එකේ ඉතුරු වෙලා ඉන්න Witcherලගෙන් සුවිශේෂී එක්කෙනෙක්.අපිට Geraltව Witcher games වලදීවගේම Netflix එකෙන් ලගදී පටන් ගත්ත The Witcher Tv Series එකෙනුත් බලා ගන්න පුලුවන්කම ලැබෙනවා.Tv Series එකෙදී නම් Geraltගේ චරිතය Henry Cavill විසින් රග දක්වනවා.
කව්ද මේ Geralt කියන්නේ.සරලවම කිව්වොත් Geralt කියන්නේ සල්ලි වලට මායා සතුන් දඩයම් කරන දඩයම්කරුවෙක් එහෙම නැත්නම් Witcher කෙනෙක් කියලා කියන්න පුලුවන්.Witcher පොත් මාලාව වගේම ඒ ආශ්‍රයෙන් නිර්මාණය උන Game එක සහ Tv Series එක Geralt වටා තමා නිර්මාණය වෙලා තියෙන්නේ.Geralt ගේ මව වෙන්නේ ඉතා බලවත් sorceress කෙනෙක් වන Visenna සහ පියා වෙන්නේ රණශූරයෙක් වන Korin වන අතර geraltව කුඩා කාලයේදීම ඔහුගේ මව වන Visenna විසින් Witcher ලා සදහා වෙන පුහුණුව සදහා ඔහුව අත හැර යනවා.පසුව Kaer Morhen : The School of Wolf කියන Witcherලා සදහා තිබෙන පාසලෙන් Witcher කෙනෙක් බවට පත් වෙනවා.Witcher කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක දැන ගන්න අපේ කලින් පොස්ට් එක බලන්න.
--------------------------------------------------------------------------------------------------
Witcher කෙනෙක් වෙන්න අවශ්‍ය Trial of the Grasses ක්‍රියාවලියට අනෙක් අයට වඩා ඉතා හොදින් මුහුණ දෙන්න Geraltට පුලුවන් වෙනවා.මෙම ක්‍රියාවලියේදී Witcherලා හට බලගතු potions වර්ග ලබා දීම සිදු කරනවා.මෙමගින් ඔවුන්ගේ Mental සහ Physical limits නැවත rebuild කිරීමක් සිදුකරනවා.මේ ක්‍රියාවලිය නිසා Witcherලා කලින් හිටියාට වඩා ඉතාමත් ශක්තිමත් සහ වේගවත් පුද්ගලයන් වෙනවා.මේ නිසාම Geralt තවදුරටත් වඩාත් දරුණු Experiment වලට සහබාගී වෙලා තමන්ගේ Abilities වැඩි කර ගන්නවා.හැබැයි මේ නිසා ඔහුගේ ශරීරයේ වර්ණ වෙනස් වෙනවා.මේ Experiment වලට පස්සේ Geraltගේ සම සුදුමැලි වෙනවා වගේම කොන්ඩෙත් සුදු පාටට හැරෙනවා.මේ නිසාම Geraltට The White Wolf කියලා නමකුත් හැදෙනවා. ඒ වගේම Geralt ව Gwynbleidd , Butcher of Blaviken , Ravix of Fourhorn , Butcher of White Orchard ලෙසත් හදුන්වනවා.Geraltට මේ විවිධ නම් ලැබෙන්න විවිධ හේතූන් තියෙනවා.Butcher of Blaviken කියන නම ලැබෙන්න හේතුව නම් Tv Series එක බලපු අයට දැක ගන්න පුලුවන් වෙන්න ඇති.
--------------------------------------------------------------------------------------------------
ඕගොල්ලෝ හිතනවා ඇති Geralt of Rivia කියන්නේ Geralt ගේ ගම Rivia නිසා වෙන්න ඇති කියලා.ඇත්තටම එහෙම නෙමෙයි. Master Vesemir විසින් තරුණ Witcherලට Surename එකක් ලබා දෙන්න හරි තෝරා ගන්න හරි අවස්තාව ලබා දෙනවා.එහෙම කරන්නේ Witcherලාගේ නමේ විශ්වාසදායක බව වැඩි කරන්න.ඉතින් Geralt මුලින්ම තෝරා ගන්න නම වෙන්නේ Geralt Roger Eric du Haute-Bellegarde කියන නම.ඒ නම කියව ගන්නත් අමාරුයි නේද ? හොදවෙලාවට Master Vesemirටත් එහෙම හිතිලා ඒ නම වෙනස් කරන්න කියලා Geraltට කියනවා.ඊට පසුව තමයි විසින් වඩා පහසු නමක් වෙන Geralt of Rivia කියන නම තෝරාගන්නේ.එක් අවස්ථාවක පාලමක් මැදදී Nilfgaardiansලා සමග Geralt සටනකට මැදි වෙනවා.කොහොමහරි Geralt විසින් Nilfgaardiansලට විරුද්ධව සටන් කරලා පාලම defend කරන්න සමත් වෙනවා.මේ battle එකෙන් පස්සේ Geraltගේ නිර්භීතකම වෙනුවෙන් Queen Meve of Lyria and Rivia විසින් ඔහුට Geralt of Rivia ලෙස නයිට් පදවියකුත් ලබා දෙනවා.කොහොම හරි අන්තිමට Witcher Training එක ඉවර කරලා සියලුම Witcherලට පාසලෙන් හම්බෙන Medal එක ලබා ගන්න Geraltට පුලුවන් වෙනවා.
--------------------------------------------------------------------------------------------------
Witcher කෙනෙක් මේ medal එක පලදින්නේ තමන් Witcher කෙනෙක් කියලා අනෙකුත් පුද්ගලයන්ට හදුන්වා දීමටයි.ඒ වගේම තමයි අනෙකුත් Witcherලට තමන් මොන Witcher පාසලේ කෙනෙක්ද කියන එක හදුන්වා දෙන්නත් මේ medal එක උදව් වෙනවා.මොකද හැම පාසලටම ආවේණික සතෙක් සහිත medal එකක් තියෙනවා.Geralt ගේ medal එකේ නම් ඉන්නේ Wolf කෙනෙක් මොකද ඉගෙන ගත්තෙ Kaer Morhen : The School of Wolf පාසලෙන් නිසා.මේ medal එකේ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ magic සහිත තැන් වලදී මේ medal එක කම්පනය වෙන එකයි.කොහොම උනත් The Tower of the Swallow පොතේ සදහන් වෙන විදිහට Geraltගේ medal එක mage කෙනෙක්ට ලබා දෙනවා.ඉතින් The Tower of the Swallow කතාවේ විරුද්ධවාදියා විදිහට ඉන්න කෙනා මේ mage සහ ඔහුට අයිති සියලු දේ පුළුස්සලා දාන්න කියලා අණ කරනවා.මෙහිදී Geraltගේ medal එකත් ගින්නෙන් විනාශ වෙලා යනවා.ටික කාලයක් යනකන් Geraltට දාගෙන ඉන්න වෙන්නේ sorceress කෙනෙක් විසින් හදලා දීපු medal එකේ replica එකක්.කොහොමහරි පසුව Ciri විසින් evil bounty hunter කෙනෙක්ගෙන් ලබා ගත්ත Wolf Medal එකක් Geralt ට ලබා දෙනවා.
--------------------------------------------------------------------------------------------------
Witcher කෙනෙක්ගේ ආයු කාලය ගැන හරි සදහනක් නැති උනත් Geraltට නම් වයස අවුරුදු 90 ක් පමණ වෙනවා කියලයි සදහන් වෙන්නේ.කිසිම පුද්ගලයෙක් Witcher කෙනෙක් කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා දන්නේ නෑ.Witcherලාගේ කියමනකුත් තියෙනවා “No witcher has ever died in their bed.”කියලා Witcher කෙනෙක් මිය ගියොත් මිය යන්නේ බොහෝ විට සටනක් නිසා මිස වයසට ගිහින් නෙමෙයි කියලා මේ කියමනෙන් හොදටම පැහැදිලි වෙනවා.
--------------------------------------------------------------------------------------------------
Witcher Game එක play කරපු අය සමහරවිට දකින්න ඇති Geralt කිහිපවතාවක්ම Witcher’s Code කියලා එකක් ගැන සදහන් කරනවා.ඒ කියන්නේ Witcherලා සදහා වන නීති පද්ධතියක් වගේ දෙයකට තමයි Witcher’s Code කියන්නේ.Witcher’s Code එකේ Witcherලට මුදල් වලට පමණක් වැඩ කල හැකි බව සහ Political situation වලට Witcherලා මැදිහත් නොවිය යුතු බවත් සදහන් වෙනවා කියලා තමයි කියන්නේ.හැබැයි ඇත්තටම මෙහෙම Witcher’s Code කියලා එකක් නෑ.Geralt ඇතුලු අනෙකුත් Witchersලා Witcher’s Code කියන එක හදාගෙන තියෙන්නේ ඒගොල්ලොන් Invole වෙන්න අකමැති තත්ව වලින් බේරිලා ඉන්න කියලා තමයි සදහන් වෙන්නේ.Witcherලට හිතෙන ඕනිම දෙයක් කරන්න ඔවුන්ට නිදහස තියෙනවා.
-------------------------------------------------------------------------------------------------
Geralt එක එක විදිහේ magic කරනවා ඕගොල්ලොන්ට අවස්ථා කිහිපයකදීම බලා ගන්න පුලුවන් වෙන්න ඇති.“Signs” භාවිතා කරලා Witcherලට simple magic කිරීමේ හැකියාවකුත් තියෙනවා.Signs කියන්නේ Witcherලාට තියෙන Ability එකක්.මේ signs පාවිච්චි කරන්න Witcherලට magical power එකක් අවශ්‍ය වන්නේ නැහැ.විවිධ ආකාරයේ hand guestures සහ ඉතා විශාල අවධානයක් එම ක්‍රියාවට යොමු කිරීමෙන් පහසුවෙන් මේ magic කිරීමට Witcherලට හැකි වෙනවා.කිසිම magical power එකක් අවශ්‍ය නැත්නම් සාමාන්‍ය මිනිස්සුන්ට මේ signs වලින් simple magic කරන්න බැරිද කියලා ඕගොල්ලොන්ට හිතෙන්න පුලුවන්.ඇත්තටම නිවැරදි විදිහට hand guestures සහ ඉතා විශාල අවධානයක් එම වැඩේට යොමු කලොත් සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් මේ පාවිච්චි කරලා කරන්න පුලුවන් වෙයි.The Trail of Grasses ක්‍රියාවලියෙන් Witcherලාගේ Focus එක සාමාන්‍ය කෙනෙක්ට වඩා ඉතා ඉහල මට්ටමකට වැඩි කරනවා.ඒකයි සාමාන්‍ය පුද්ගලයන්ට මේ Signs වලින් simple magic කරන්න බැරි වෙලා තියෙන්නේ.ඉතින් මේ Signsගැන තවදුරටත් කතා කරනවා නම්,
--------------------------------------------------------------------------------------------------
Witcherලා භාවිතා කරන Signs වර්ග 9 ක් පමණ තියෙනවා.ඒවා නම් වශයෙන් ගත්තොත් Aard, Axii, Hate-Reflecting Sign, Heliotrop, Igni, Quen, Somne, Supirre, සහ Yrden ලෙස නම් කරන්න පුලුවන්.මේ Signs ගැන කෙටියෙන් විස්තර කරනවා නම් ,
Aard - Witcherකෙනෙක් සටන් කරද්දී ඔහුගේ ප්‍රතිවාදියාව කම්පනයට පත් කරන්න හෝ පසුපසට විසි කරන්න මෙමගින් හැකියාව ලැබෙනවා.Witcherගේම් එකෙදි මේ Signඑක භාවිත කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා වගේම Witcher Tv Seriesඑකේ පලවෙනි Episodeඑකේදිම Geralt විසින් මේ Signඑක භාවිතා කරනවා බලා ගන්න පුලුවන්.ඒ Geraltට Butcher of Blaviken යන නම ලැබෙන්න හේතු වෙන සටනේදි Geraltසමග සටන් කරන මිනිසුන් පිරිසක් පිටුපසට විසි කරන්න මේ sign එක Geraltවිසින් Use කරනවා.
--------------------------------------------------------------------------------------------------
Axii - මෙමගින් සිදුවෙන්නේ සතුරන්ට මානසික එහෙම නැත්නම් මෝහනාත්මක බලපෑමක් සිදු කිරීම කියලා කියන්න පුලුවන්.අපිටTv Series එකේදි Geraltවිසින් මේක දෙපාරක් විතර Useකරනවා බලා ගන්න පුලුවන්.පලමු අවස්ථාව වෙන්නේ Renfriව ඇයගේ පළිගැනිමේ චේතනාවෙන් අයින් කරලා Blaviken වලින් ඈත් වෙලා ඉන්න කියලා Renfriව පොළඹවා ගන්න Geraltවිසින් උත්සහ කරන අවස්ථාව.දෙවනි අවස්ථාව වෙන්නේ Pavetta එහෙම නැත්නම් Ciriගේ අම්මාව විසින් සන්සුන් කරන්න Geralt උත්සාහ අවස්ථාව.මේ අවස්ථා දෙකේදිම Geralt සාර්ථක වෙන්නෙ නෑ.මොකද ඔවුන් Geraltට වඩා වැඩි මායා බලයක් තිබෙන අය නිසා Geraltගේ මායාවන් අහෝසි වෙලා යනවා.
--------------------------------------------------------------------------------------------------
Yrden - මෙම Signඑක මගින් සතුරන් ඈත් කරලා තබා ගන්න උදව් වෙනවා.ඒ වගේම ප්‍රතිවාදීන්ව මන්දගාමී කරන්නත් මේ Sign එක භාවිතා කරන්න පුලුවන්. Tv Series එකෙදි Geralt විසින් Striga එක්ක කරන සටනේදී මේ Sign එක භාවිතා කරනවා බලා ගන්න පුලුවන්කම ලැබුනා.Tv Seriesඑකේදී නම් අපිට Signsවලින් ඔය ටික විතරයි බලා ගන්න පුලුවන් උනේ.ඉදිරියට එන්න තියෙන Seasons වලින් ඉතුරු ඒවත් බලා ගන්න පුලුවන් වෙයි.
--------------------------------------------------------------------------------------------------
Igni - මේ Sign එක භාවිතා කරලා ගිනිදැල් නිකුත් කිරිමේ හැකියාව තිබෙනවා.
--------------------------------------------------------------------------------------------------
Quen- මේ Sign එක භාවිතා කරලා Witcherකෙනෙක්ට ඔහුගේ වටේ ආරක්ශක වලල්ලක් හදන්න පුලුවන්.මෙමගින් Sonic blasts වගේම ඊට සමාන ප්‍රහාර වලින් ආරක්ශා වෙන්න පුලුවන්.මේ වලල්ල ලොකු වෙන තරමට ආරක්ශා වෙන ප්‍රදේශය වැඩියි වගේම මේ Shield එක Break කරනකම් දිගටම මේ shield එක පවතිනවා.
--------------------------------------------------------------------------------------------------
Heliotrop - Heliotrope ලෙසත් මේ Signඑක හදුන්වනවා.මේ Sign එක මගින් ඉතා ප්‍රබල සතුරු ප්‍රහාර වලින් වන හානිය අවම කරන්න සමත් වෙනවා.මෙමගින් magic attacksවලින් වගේම physical attacksවලිනුත් ආරක්ශා වෙන්න පුලුවන්කම ලැබෙනවා.
--------------------------------------------------------------------------------------------------
Suppire – මේ Sign එකෙන් කරන්නේ Witcherගේ ශ්‍රවනය එහෙම නැත්නම් ඇසීම වැඩි දියුණු කරන එක.මෙම එක භාවිතා කරලා සාමාන්ය පුද්ගලයන්ට වඩා දුර ස්ථාන වල සංවාදවලට වලට ඇහුම්කම් දීමේ හැකියාව ලැබෙනවා.
--------------------------------------------------------------------------------------------------
Somne - මෙම Ability එක භාවිතා කරලා සතුරන් නින්දට යැවීමේ හැකියාව තියෙනවා.
--------------------------------------------------------------------------------------------------
Netflixඑකෙන් තීරණය මුලින්ම කරලා තිබෙන්නේ Witcher Signs අඩුවෙන් යොදා ගැනීමට කියලයි සදහන් වෙන්නේ.Witcher Tv Seriesඑකේ ප්‍රධාන චරිතය වන Geralt of Riviaට රගපාන Henry Cavill කියන්නේ Witcherලෝලියෙක්.ඔහු විසින් The Witcher enhanced edition, The Witcher Assassins Of Kings සහ The Witcher 3 wild hunt කියන පරිගණක ක්‍රීඩා සියල්ල Playකරලා තියෙනවා.ඒ වගේම තමයි Geralt of Rivia චරිතය රගපාන්න ඔහුව තෝරාගත්තට පස්සේ Witcher පොත් සියල්ලමත් Cavill විසින් කියවලා තියෙනවා.Cavillවිසින් තමයි තවWitcher Signs එක් කරන්න කියලා ඉල්ලලා තියෙන්නේ.එහෙම උනේ නැත්නම් මීටත් වඩා අඩුවෙන් තමයි අපිට මේ Signs බලාගන්න පුලුවන්කම ලැබෙන්න තිබ්බෙ.
--------------------------------------------------------------------------------------------------
මෙයාට තියෙන Abilities ගැන අපි කතා කලොත් එහෙම ,
Abilities - 1. Alchemy
2. Weapon Mastery
3. Skilled Marksman
4.magic
5.Enchanced Senses
6.Longevity
7.Electricity , Fire and Mind manipulation
8.Immune to Poisons
9.Superhuman Strength වගේ තව ගොඩක් Ability තියෙයි.
Geralt of Rivia ගැන කතා කරන්න තියෙන්නේ ඔය ටික තමයි.අපිට මග හැරුණු මොනවා හරි තියෙයි නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න.පෝස්ට් එකෙන් මොනවා හරි දෙයක් දැන ගත්තා නම් Share කරන්නත් අමතක කරන්න එපා.තවත් Post එකකින් හම්බෙමු.

#Wolfy

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න