Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

Sonic The Hedgehog - Movie of the Month

Sonic tries to navigate the complexities of life on Earth with his newfound best friend -- a human named Tom Wachowski. They...

Severus Snape aka The Half-Blood Prince - Part 01

Severus Snape aka The Half-Blood Prince - Part 01


"ඔයාගෙ තාත්තා මායාවන්ට අකමැතිද ??"
"එයා කිසිම දේකට කැමති නැහැ .."
ලිලී පොටර් සහ සෙවරස් ස්නේප් දෙදෙනා මුලින්ම හමුවූ දිනයේ මෙලෙස ඇරඹුණු සංවාදය අවසානයේ මායා ලෝකයේ සුවිශේෂීම සහ සැමගේම නෙතඟට කඳුලක් නැංවූ කතා පුවත බවට පත්වේවි යැයි Harry Potter පළමු පොත නිකුත්වූ සමයේදී කවුරුත් නොසිතන්නට ඇති.
මායා විශ්වයේ ඉතිහාසයට අනුව 1960 ජනවාරි 9 වන දින එංගලන්තයේ "මිඩ්ලන්ඩ්හි" සාමාන්‍ය පවුලක කෙනෙක් වූ ටොබියස් ස්නේප් සහ මායාකාරියක් වූ අයිලීන් ස්නේප් යුවලට දාව උපදින "අර්ධ ලේ ඇති කුමරු" යන අන්වර්ථ නමින් හඳුන්වන සෙවරස් ස්නේප් කියන්නේ , හැරී පොටර් පොත් මාලාව කියවූ, චිත්‍රපට පෙළ නැරඹූ, අහපු හැම කෙනෙක්ගෙම හිත්වල රැඳුණු චරිතයක්.
කුඩා කල තම මායාකාරී මවගේ ආදරය ලැබුනත් පියාගේ රෟද්‍ර චරිතස්වභාවය සෙවරස්ගේ සිතෙහි යහපත් හැඟීමක් ඇති කළේ නැහැ. ස්නේප්ගේ හැසිරීම පියාගේ ජාන වලින් උරුම වී ඇති බව ඒ අනුව අපිට හිතන්න පුලුවන්. සිය පවුලේ භාවිතය සඳහා අයිලීන් ස්නේප් ⁣කුඩා ස්නේප් හට "අර්ධ ලේ කුමරු"(Half Blood Prince) නම් සුරතල් අනවර්ථ නාමය යොදාගන්නවා. අපවිත්‍ර වූ ඟගක් ලඟ මුඩුක්කු නිවාස පිහිටි පාලු බිම් කොටසක ජීවත් වුන නිසා හුදකලා ජීවිතයකට පුංචි ස්නේප් හුරු වුණා.
ටොබියස් සහ අයිලීන් දෙදෙනා අතර ඇතිවූ නිතර අඬදබර නිසා කුඩා ස්නේප් කෙරෙහි ඔවුන්ගේ අවධානය අඩු වූවා. ස්නේප්ගේ හුදකලා ජීවිතයට මෙය ප්‍රධාන වශයෙන්ම බලපෑ හේතුවක් වුණා. දුක්ඛිත ජීවිතයක් ගතකළ ස්නේප්ට කුඩා කළ අඳින්නට ලැබුනේත් නොගැලපෙන කිලිටි ඇඳුම් සහ පරණ පොත්පත්.
කුඩා ස්නේප්ට සම වයස් ලිලී එවන්ස් මිතුරිය මුණගැහෙන්නෙ මේ කාල වකවානුවේදීයි. සාමාන්‍ය ලේ ඇති එවන්ස් පවුලත් ස්නේප් පදිංචි ප්‍රදේශට නුදුරින් ජීවත් වුණු අතරම ලිලීත් එයාගේ සහෝදරියගේ ගැරහුමට නිතර පාත්‍ර උනේ තමන්ට උරුම වුණු තියන මායා හැකියාවන් තමාගේ සහෝදරියට උරුම නැති නිසායි. මේ හේතුව නිසා ලිලී සහ ස්නේප්ගේ සිතුවිලි සමාන වූවා. ඒ වගේම ඔවුන් දෙදෙනා අතර හොඳ මිතුරුකමක් ඇති වන්නට වැඩි කාලයක් ගත්වූයේ නැහැ. නමුත් මේ මිතුරුකමට ලිලීගෙ සහෝදරිය, පෙටෘනියා කැමැත්තක් දැක්වූයේ නැහැ. ස්නේප්ගේ ඇඳුම් පිළිබඳව නිතරම අපහාස කිරීමටත් දෙදෙනාට ඇනුම්පද කීමටත් ඇය පෙළඹුණා. තමන්ට මායා හැකියාවන් උරුම නැති නිසා පෙටෘනියා ලිලී කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවකින් පෙලුණා. ඒත් ලිලීගේ සහ සෙවරස් දෙදෙනාගෙ මිතුදම බිඳින්නටනම් පෙටෘනියාට නොහැකි වුණා. මේ කාලය අතරතුර මාලා ලෝකය ගැනත්, Hogwarts ගැනත් මවගෙන් දැනගත් විස්තර ස්නේප් විසින් සාමාන්‍ය පවුලක උපන් මායා හැකියාවක් උරුම ලිලීට කියා දුන්නා.
දෙදෙනාගේම නිසි වයස් සීමාවේදී Hogwartsහි ලිපි මගින් අධ්‍යාපනය ලැබීම සඳහා ආරාධනා කර ඔවුන්ට ලිපි ලැබුනා. ස්නේප් ඔහුගේ මව, අයිලීන් ප්‍රින්ස්(විවාහයට පෙර නම) සමගයි King's Cross Station වෙත පැමිණ තිබුණේ. ඔහු සහ ලිලී පළමුවරට 9 3/4 වේදිකාවෙන් හොග්වෝර්ට්ස් බලා පිටත්වන දුම්රියේ අසුන්ගත්තේත් එකම කුටියක. දුම්රියේ අනෙක් මැදිරිවල කුටිවල ඉඩ නැති නිසා ලිලී සහ සෙවරස් සිටි කුටියට තවත් නවක සිසුන් දෙදෙනෙක් එකතුවනවා. ඒ සිරියස් බ්ලැක් හා ජේම්ස් පොටර් සම වයස් මිතුරන් දෙදෙනා. සැවොම Hogwarts වෙත ඇතුලත් වන මුල්ම දිනය එදායි. කිසිකෙනෙක් ඒ වනවිට නිවාස වලට වෙන්කරලා නැහැ. චොකලට් ගෙම්බන් රස විඳිමින් එකිනෙකාගේ තොරතුරු කතාබහ කරමින් ඔවුන් Hogwarts Express දුම්රියේ ගමන් කළා. සිවු මිතුරු කතාබහ අතර Hogwarts පාසල ගැනත් ඔවුන් අදහස් පළ කළා. Hogwartsවල හොඳම නිවාසය ග්‍රිෆින්ඩෝ බව ජේම්ස් සහ සිරියස් කියුවත් ස්නේප් මේ අදහසට එකඟ වූයේ නැහැ. හමුවූ මුල් දිනයේ ඇති වූ මෙම පරස්පර විරෝධී සිතුවිල්ල ජේම්ස්,සිරියස් හා ස්නේප් අතර ඉදිරි ජීවිත කාලයේ ගැටුම් නිර්මානය කිරීමේ ආරම්භය වුනා.
ඉතින් ලිපියේ මීලග කොටස තව දවස් කිහිපයකින් ගේන්න බලාපොරොත්තු වෙනවා වගේම අපේ රටේ පළවෙනිම කොමික් පේජ් එක වෙන Comic Script අපි ඔන්න ඕගොල්ලන්ගේ වැඩි ඉල්ලීම පරිදි Wizarding World එක ගැන ලිපි මාලා කිහිපයක්ම ගේන්නයි සූදානම් වෙන්නේ, මීට අමතරව අපි ගොඩක් ආදරය කරන විශ්වයන් කිහිපයක් ගැන ලගදීම ලිපි මාලාවවන් බොහෝමයක් ගේන්න බලාපොරොත්තු වෙන නිසා දිගටම රැදිලා ඉන්නයි කියලා මතක් කරනවා අපේ Facebook Page එක, Web Site එක හා YouTube Channel එකත් එක්ක. එහෙනම් මීලග ලිපියෙන් හමුවෙමු.

3 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න