Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

TENET - Movie Of The Month

  A secret agent embarks on a dangerous, time-bending mission to prevent the start of World War III.

Thor: Ragnarok Trailer Breakdown Part 1

Thor: Ragnarok Trailer Breakdown Part 1


මාවල් ලා සර්ප්‍රයිස් ට්‍රේලර් එකක් දුන්නා වගේම අපිත් ඒකට සප්‍රයිස් බ්රේක්ඩවුන් එකක් දෙන්න හිතුවා. ඒත් මේ දවස්වල තෝර් කෝපවෙලා වගේ හෙන ගහන කරන්ට් කැපෙන සිද්ධි නිසා එසැනින් දෙන්න බැරිවුණා. රිවිව් එක සුපුරුදු පරිදි ෆ්‍රේම් බයි ෆ්‍රේම් නිසා අපි කීපාරක් බැලුවත් එපා වෙන්නෙ නැති මේ ට්‍රේලර් එක ආයෙත් බලලා ඉමු.






Thor: Ragnarok, නොහොත් නෝර්ස් පුරාවෘතයට අනුව ඔවුන්ගේ ලෝකාවසානය මේ අවුරුද්දේ තුන්වෙනි මාවල් චිත්‍රපටය වගේම MCU Phase 3හි පස්වන චිත්‍රපටය ලෙසට එළිදැක්වීමට නියමිත මේක අයන් මෑන්, කැප්ටන් ඇමරිකා චිත්‍රපට ත්‍රිත්වය මෙන් තෝර්ගෙ චිත්‍රපට ත්රිත්වයද සම්පුර්ණ කිරීමක්. මාවල් ලා ඉතා අවදානම් චිත්‍රපටි පවා ඉතාමත් සිත් ගන්නා සුළු අයුරින් කරලා බොක්ස් ඔෆිස් හිට්, ඉහළ රේටිංස් මෙන්ම හැමෝගෙම අවධානය සහ කැමැත්ත දිනාගන්න චිත්‍රපටි බවට හරවන්න මාවල් ලා දක්වන්නේ සහජ දක්ෂතාවයක්. නමුත් බොක්ස් ඔෆිස් තලයේ හොඳ මට්ටමක පැවතියත් තෝර්ගෙ මුල් චිත්‍රපට, විශේෂයෙන් Thor: the Dark World MCU හි අනෙක් චිත්‍රපට හා සාපේක්ෂව එතරම් ප්‍රසාදයක් දිනා ගත්තේ නැහැ. නමුත් Thor: Ragnarok චිත්‍රපටය මඟින් බොක්ස් ඔෆිස් මෙන්ම රසිකයන්ගේ ප්‍රසාදය ද ඉහළින්ම දිනාගනු ඇති බවට දැනටමත් සලකුණු පහළ වෙලා තියෙන්නේ. ඒ මොකද කියනවනම් ට්‍රේලරයම ඉහළ ප්‍රතිචාර ලබාගෙන දනටමත් මෙම වසරේ Highly Anticipated චිත්‍රපටයක් බවට මෙය පත් වී අවසන් නිසා. ඒ වගේම මේ ට්‍රේලරයෙන් රසික බලාපොරොත්තු රැසක් සංසිදෙව්වා වගේම ඉහළ නැංවුවා කියල කියන්න පුළුවන්. Guardians of the Galaxy අධ්‍යක්ෂක James Gunn පවා කිවේ මෙය මාවල් ලා මෙතෙක් නිකුත් කරපු හොඳම ට්‍රේලරයද වෙන්න පුළුවන් කියලා. ඒකත් තමන්ගේ GoTGvol2 වගේම Spider-Man:Homecoming වගේ ට්‍රේලර් පවා නිකුත් වෙලා තිබ්යෙද්දී. එහෙනං අපි පටන් ගමු Let's Break it down !!!

  • Catching Up

“Now, I know what you’re thinking. ‘How did this happen?’ Well, it’s a long story.” කොමික්බුක් මූවි ට්‍රේලරයක් මේ විදිහට පටන්ගනිද්දීම හිතෙන්න ඇති what the hell කියලා. අන්න ඒක තමයි Taika Waititi කියන අපේ Thor: Ragnarok ඩිරෙක්ටර්ගෙ ස්ටයිල් එක. Waititi ගැන දළ අදහසක් ගන්න නම් මම නිර්දේශ කරනවා පොරගේ What we do in the shadows ෆිල්ම් එක බලන්න කියලා.

  • Is that Hell??

තෝර් පටන් ගනිද්දිම මේ ඉන්නේ Helheim එහෙම නැත්තම් අපායේද ? හැබැයි ගින්දරයි ඩීමන්ස්ලා වගේ ඉන්න ජීවි හෝ අජීවී කොට්ඨාසය දිහා බලද්දී නම් අපිට තව Realm එකක් මතක් වෙනවා. ඒ තමයි Fire Lord Surtur ඇතුළු Fire Demonsලා ඉන්න Muspelheim එක. Muspelheim අපිට මොහොතකට වගේ දකින්න ලැබෙනවා Thor the Dark World එකේ Realms අතර Convergence එකේදී. 




  • Goldilocks Hair


රැග්නරොක් ෆිල්ම් එක සම්බන්ධ පෝස්ටර්, ෆස්ට් ලුක්, සෙට් ෆොටෝස් හැම කිසිම එකක දකින්න ලැබුණු නැති අපේ තෝර් ගෙ නිදැල්ලේ කඩා හැලෙන ක්ලැසික් කොන්ඩේ මෙතැනදී දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මේක Age of Ultron සහ Doctor Strange පොස්ට් ක්‍රෙඩිට් සීන් එකෙන් ගොඩක් කාලෙකට පස්සේ නෙවෙයි. Unlesss it is a Flashback !

  • Supervillain Landing !!!


Norse Goddess of Death, මොඩර්න් කොස්ටියුම් එකක් දාගෙන ෂොපින් යන දර්ශනයක් කියලා නම් හිතන්න එපා. මේ Helheim වලින් පනින දර්ශනය වෙන්න ඕනි. හැබැයි ට්‍රේලර් එකකම ප්‍රධාන චරිතය දම්වැල් වලින් ගැටගහල තියෙද්දී ඊළඟ දර්ශනයෙන් ප්‍රධාන හතුරා ලස්සනට ඇවිදන් එන එක නම් මරු.


  • Rest in Pieces, Mjolnir !



කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටීම ? මේකත් ට්‍රේලරේ හොඳම හරියවල්වලින් එකක්. ගොඩක් දුරට මේ නිව් යෝක් නගරයේ කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. කොයිතරම් බලසම්පන්න ප්‍රතිවාදීන් ම්යෝල්නියර් එකෙන් තෝර් මෙල්ල කරලා තිබ්බත් නෝර්ස් මරණයේ දෙවඟන, Hela මෙල්ල කරන්න ගිහින් Mjolnir විශාල අකුණු විසර්ජනයක් එක්ක කුඩු වෙලා යනවා අපිට දකින්න ලැබෙනවා. ඒක නම් තරමක් දුක හිතෙන දර්ශනයක්. අයන් මෑන් 3 එකේ Tony Sark තමන්ගේ ආමර් පුපුරවා හැරලා arc reactor එක මුහුදට විසි කරනවා. Captain America 3 එකේදී අන්තිම සටනෙන් පස්සෙ කැප්ටන් තමන්ගේ shield එක දාලා යනවා. මෙතනදී Mjolnir එක අවසන් ගමන් යනවා. මම පුද්ගලිකව හිතුවේ මේ ෆිල්ම් එකේදී Mjolnir එක වෙනත් මානයක හිර වෙනවා ඇති කියලා, ඒත් මේක නම් කොහොමටවත් බලාපොරොත්තු නොවූවක්. ඒ නිසාම තමයි මේක සුපිරිම දසුනක් වෙන්නෙ. මෙතනදී අපි Hela ගැන කතා කරොත් හේලා නම් ගොඩක්ම පවර්ෆුල්. rumors වලට අනුව නම් මේ දර්ශනයේදී Thor එක්ක තව කෙනෙක් ඉන්නවා ඒ Doctor Strange වෙන්න පුළුවන් කියලයි කියන්නේ.


  • Holy Hel(a)!!


තමන් වෙත එන Mjolnir එක තනි අතින් නවත්තලා පෙන්නන facial reaction එක නම් priceless ! මේ ට්‍රේලරේදී Hela ව මුලින්ම පෙන්නද්දී පේන ඇඳුමම තමයි ගොඩක් දුරට මෙතනත් තියෙන්නෙ. මේ ඇඳුමේ වර්ණ සංකලනය ගත්තොත් මේකට සමාන තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි අපේ Loki. කොමික් වලදී නම් Hela කියන්නේ Lokiගේ දුව වුනාට MCU එකේදීත් එහෙමම වෙයිද කියලා කියන්න බෑ. සමහර වෙලාවට මේක කොමික් reference එකක් විතරක්ම වෙන්නත් පුළුවන්. Cate Blanchett, අපි කවුරුත් දන්නා Lord of the Rings වල Lady Galadriel, Hela කියන චරිතය රඟපාන්න ගත්තෙ එයාගේ පුතාලගේ ඉල්ලීමටලු. දැන් නම් හිතෙනවා ඒක නම් ගොඩක් වටින තීරණයක් කියලා. Cate කියන්නේ හොඳම නිළිය සහ හොඳම සහයක නිළිය සඳහා ඔස්කාර් සම්මානම දෙකක් සහ තවත් නානාප්‍රකාර සම්මාන දිනාගත්තු අති දක්ෂ නිළියක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.


  • How the Hel(a)??


Hela මෙච්චර පවර්ෆුල් වුණේ කොහොමද ? Hela ස්වභාවයෙන්ම බලගතු වුනාට ඇස්ගාඩ් වල බලගතුම ආයුධයක් පවා විනාශ කරන්න තරම් බලයක් තියෙන එක ගැන නම් සැකයක් හිතෙනවා සමහර වෙලාවට Hela සතුව දැනටමත් තවම එළිදරව් නොවූ Soul Gem එක නම් Infinity Stone එක තිබෙනවා වෙන්න පුළුවන්. එතකොට Heimdall ළඟ නෙවෙයිද එක තිබුනේ ? එහෙම තිබ්බනම් ඒක Hela අරගත්තේ කොහොමද ? ප්‍රශ්න නම් සැහෙන්න තියෙනවා.


  • They see me rolling, they get 'xciting


Mjolnir එකේ කෑලි අතරින් මතු වෙන ලෝගෝ එක දකිද්දී නම් හම්මේ නේ. Phase 3 වලදී ට්‍රේලර්ස්වල මාවල් ලෝගෝ එක රෝල් වෙන විදිහ ඊට කලින් ආපු ට්‍රේලර් එක්ක බලද්දී ගොඩක් "අමුතුයි"..


  • That's a "Hela" look


කලින් ආපු බහුතරයක් මාවල් ෆිල්ම්වලට වැඩිය මේ විනාඩි දෙකේ ට්‍රේලරෙයෙන්ම උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා මාවල් විශ්වය පැන්සලෙන් නිර්මාණය කරපු Jack Kirby ට. මේ දර්ශනය ඊට කදිම නිදසුනක්. Hela මාවල් චරිතයක් විදිහය Stan Lee ලියද්දි එයාව ඇන්දේ Jack Kirby. හරියටම මෙන්න මේ වගේ.


මේ තියෙන්නෙ ස්ටෑන් ලී සහ ජැක් කර්බි එකතු වෙලා කරපු Hela හඳුන්වාදෙන කොමික් එකේ මුල් කවරය.

අනිත් එක තමයි Hela හැරෙන කොට යන පසුබිමින් යන සින්දුව. මේ ගැන නම් විශේෂයෙන් සඳහන් කරන්න වටිනවා. මේක ඇවිත් Led Zeppelin නම් රොක් බෑන්ඩ් එක විසින් කරපු 1970වෙ හිට් වුණ සින්දුවක්. අහලා නැත්තම් අනිවාර්යෙන් අහලා බලන්න. ට්‍රේලරය පුරවටම දිවෙන මේ සින්දුව මේ වෙනකන් ගොඩක් ෆිල්ම් වල භාවිතා වුනාට මේ වගේ ෆිල්ම් එකකට තමයි ගොඩක්ම ගැලපෙන්නේ. මොකද මේ සින්දුවෙන් කියන්නෙත් වයිකිං සහ නොර්ස් දෙවිවරු ගැන. ඒ වගේම මේ සින්දුව ට්‍රේලරයේ හැම දර්ශනයක් එක්කම නියමෙට Sync වෙනවා.

  • Asgard ! here I come...


මීළඟට අපිට දකින්න ලැබෙනවා අපිට කන්සෙප්ට් ආර්ට් වල දකින්න ලැබුනා වගේම දසුනක්. ඇස්ගාඩියන් වොරියර්ස්ලා Hela ඉදිරිපිට පෙළ ගැහිලා ඉන්නවා. Hela කොහොමද ඇස්ගාඩ් වලට ආවේ ? කෝ Hela ගෙ Headdress එක ? කෝ Heimdall ? හැබැයි මේ දසුන ස්ටිල් එකක් විදිහට ගත්තනම් ලස්සනට ගහපු එකක්. මේ ට්‍රේලරේ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නෙ ඒක. මොකද මේවගේ ඒවා ට්‍රේලරේ පුරාවටම වගේ දකින්න ලැබෙනවා.


  • Face the Ragnarok, Asgard !


"Asgard... is dead" කියලා Hela කීවත් ඇස්ගාඩ් කියන වචනය අපිට එකට අහන්න ලැබෙන්නේ නෑ. එනිසා සමහර වෙලාවට මේක මික්ස් කරපු දෙබසක් කියලා හිතන්න පුළුවන්. මෙතනදී Helaගේ පෙනුම ගත්තම කලින් පෙන්නපු ඒවට වඩා ටිකක් අළුත්. ඒ කියන්නේ කඩමලු ඇඳුම වෙනුවට හොඳ ඇඳුමක්, වෙනස් කොණ්ඩා මෝස්තරයක්, ඒ වගේම වෙනස් මේකප් එකක් ? ඒ කියන්නේ මේක සාපේක්ෂව වෙනස් කාලයක් කියන එක. ගොඩක් වෙලාවට අතීතේ වෙන්නත් පුළුවන්. මොකද අන්තිමට ඇස්ගාඩ් වල තත්වේ හැටියට තිබ්බේ Odin පහ කරලා Loki ඇස්ගාඩ් පාලනය කරනවා. පස්සේ කොහොම හරි Thor Loki දෙන්නම මිඩ්ගාඩ් ඒ කියන්නේ පෘථිවියට ඇවිත් තාත්තා හොයන්න එනවා.

කොමික් වලදී Hela අතේ තියෙනවා Thor ගෙ Mjolnir එක වගේම Uru ලෝහයෙන් නිර්මිත කඩුවක්. මෙතැනදී පෙන්නනෙත් ඒකම වෙන්නත් පුළුවන්.



  • Asgard is Dead... Literally !


ඇස්ගාඩ් කියලා හිතන්න පුළුවන් නගරයක් කහ පැහැති ගින්නකින්, හරියටම කියනවනම් මාරුතයකින් දැවිලා අළු වෙලා යන දර්ශනයක් දකින්න ලැබෙනවා. ඒත් ඇයි කහ පාට ? මෙතැනදී අපි අමතක කරන්න නරකයි Soul Gem එකේ පාටත් කහ පාට කියලා. හැබැයි කොමික් වල. ඒ වගේම අපිට Yggdrasil එනම් නොර්ස් පුරාවෘත වල World Tree වගේ විශේෂ වෘක්ෂයක් අළු වෙලා යනවා දකින්න ලැබෙනවා. සමහර විට මේකත් ඒ ගස සඳහා හුදෙක් reference එකක් විතරක් වෙන්නත් පුළුවන්. ඊළඟට Thor ඒවගේම කුණාටුවක් වගේ එකකට අහුවෙලා ඉන්නවා. මේ Sakaar වලට විවෘත වෙන පෝර්ටල් එකක් වෙන්නත් පුළුවන්. මොකක්ද මේ Skaar ?


  • Holycrap, Tatooine


තෝර් වැටෙනවා පෝර්ටල් එකක් හරහා යම් කිසි ග්‍රහලෝකයකට. පේන විදියට මේ ලෝකේට විවෘත වෙන පෝර්ටල් ගොඩක්ම තියෙනවා. වාර්තා වල හැටියට මේ ග්‍රහලෝකය තමයි Sakaar. Planet Hulk කොමික් එකේදී Hulkව පෘථිවියෙන් පිටුවහල් කරාට පස්සේ Hulk පතිත වෙන්නෙ මේ ලෝකෙට. මේ ෆිල්ම් Thor: Ragnarok කිව්වට මේක හල්ක්ගෙත් fair share එකක් තියෙනවා. මෙතනදී දකින්න ලැබෙන පරිසරය, ජීවින් හරියටම Guardians fo the Galaxy සහ Star Wars වල Tatooine ග්‍රහලෝකේ දර්ශන වලට තරමක් සමානයි.


  • Badass Female from the Trailer NO. 2


Kevin Feige කියලා තිබ්බා Phase 3 වලදී කාන්තා චරිතවලට වැඩි ඉඩකඩක් දෙනවා කියලා. මේ ට්‍රේලරයෙනුත් ඒක පැහැදිලිවම පෙන්නවා. මුලදී ට්‍රේලරේ වැඩි හරියක් පෙන්නුවේ Hela ව. දැන් අපිට හඳුන්වලා දෙනවා තවත් සුපිරි කාන්තා චරිතයක් වන Valkyrie ව. Valkyrieටත් Thor හා සමාන දර්ශන ප්‍රමාණයක් මේ ට්‍රේලරේ තියෙනවා. මෙතැනදී Valkyrie ඉස්සරහින් තියෙන යානාවන් දිහා බැලුවම පේනවා අමුතු ජ්‍යාමිතික හැඩතල වගයක්. අන්න ඒක තමයි ජැක් කර්බිගේ ආවේණික ආට් එක. Mjolnir එකත් නැති Thor ව මාළු දැලක් වගේ එකක ඔතලා Valkyrie මේ කොහෙද ගෙනියන්නෙ ?

  • The Valkyries

මෙතැනදී තත්පර 3ක් වගේ කාලයක් ඇතුලත පෙන්නන්නෙ Valkyrieගේ ඉතිහාස කතාව. මේ Valkyrieගේ ඇත්ත නම Brunnhilde. මෙයත් ඇස්ගාඩියන් රණශුරියක්. මෙතැනදී පෙන්නන්නෙ Valkyrie Odinගේ අණ මත එයා මෙහෙයවන Valkyrior නම් රණශුර දේවතාවන් කණ්ඩායමක් සමඟ Valhalla දිනා ගැනීම සඳහා Hela එක්ක සටනට යන අවස්ථාව වෙන්න ඕනේ. Valkyrie Sakaar වලට එන්නෙ මේ සිද්ධියෙන් පස්සේ වෙන්න ඕනෙ.

  • Thor in Custody

Valkyrie Thor ව ඇදන් ගියේ හිර කරන්න. ඒ ඇයි ? මෙතැනදී දකින්න ලැබෙන තවත් විශේෂ දෙයක් තමයි එක්තරා ජීවියෙක් අතේ තියෙන ට්‍රයිඩන්ට් එක. ඒ කියන්නේ Namor the Submariner ඉන්නවා කියන එකද ? සහතිකවම කියන්න නම් අමාරුයි. ඒත් මාවල් ලා ලයන්ස්ගේට් ස්ටුඩියෝස් වලින් නේමෝර්ගෙ චිත්‍රපට හිමිකම් ළඟකදී අත්පත් කරගත්තා කියලත් අමතක කරන්න බෑ.


  • The Paint Job


කලින් රූපරාමුවේදී අපි දැක්කා Thorගේ දිග කොන්ඩේ කොට වෙන්න හේතුව. ඒ වගේම දැන් අපි දකිනවා කොහොමද Thorගේ මූණේ tatoo එකක් තියෙන්නේ කියලා. Valkyrieගේ අතේ තියෙන්නෙ තීන්ත බාල්දියක් !


  • The Grandmaster !


අපිට නිල වශයෙන්ම දකින්න ලැබෙනවා Jeff Goldblumගෙ Grandmaster චරිතය. පේන විදියට මෙයා තමයි Sakaar පාලනය කරන්නෙ. සුපර්හිරෝස්ලගේ ද්වන්ධ සටන් පවත්වන්නෙක් හැටියට මෙයා ගොඩක් ප්‍රසිද්ධයි. Planet Hulk කොමික් වලදී Sakaar පාලනය කරන්නෙ Red King කියලා අධිරාජ්‍යවාදියෙක්. මේ ෆිල්ම් එකේදී නම් එයාගේ තැන ගන්නෙ Grandmaster වගේ. ඒ කියන්නෙ මේකට ප්‍රධාන වෙන්නෙ Thor: Ragnarok කොමික් එක විතරක්ම නෙවෙයි, Planet Hulk, Grandmasterත් ඉන්න නිසා ගොඩක් වෙලාවට Contest of Champions වගේ comicsත් එකතු කරලයි කරලා තියෙන්නෙ. Grandmaster ගැන කියනවනම් මෙයා මාවල් විශ්වයේ ඉන්න එල්ඩර් කෙනෙක්. හරියටම Guardians of the Galaxy එකේදී අපිට හමු වුණු Collector වගේ. Collector හා Grandmaster සහෝදරයෝ වෙනවා කියලත් කොමික් වලට වැඩිය Ultimate Spiderman, Guardians of the Galaxy වගේ animated සීරිස් වල සඳහන් වෙලා තියෙනවා. ෆිල්ම් එකේදීත් එහෙම වෙන්න ගොඩක් අවස්ථාව තියෙනවා. කොමික්වලදී එල්ඩර්ස්ලගෙනුත් බලගතුම එල්ඩර් කෙනෙක් වෙන මෙයා තමයි JLA/Avengers ක්‍රොස් ඕවර් එකේදී Krona කියන DC සුපර්විලන් ට එරෙහිව ජස්ටිස් ලීග් එකයි ඇවෙන්ජර්ස්ලවයි සංවිධානය කරන්නෙත්.



  • Contest of Champions??


“What have you brought today, tell me?” කියලා ග්‍රෑන්ඩ්මාස්ටර් අහද්දී Valkyrie උත්තර දෙන්නෙ “A contender.” කියලා. ඒ කියන්නෙ Valkyrie දැන් වැඩ කරන්නෙ ග්‍රෑන්ඩ්මාස්ටර් වෙනුවෙන්. එහෙම නැත්තම් Bounty Huntress කෙනෙක්. Midgard වල තමන්ගේ යාළුවො සිවිල් යුද්ධයකටත් මුහුණ දෙද්දී තෝර් ට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ සෑහෙන බරපතල ප්‍රශ්න වැලකට. තෝර් ට ඇයි Valkyrie contender එහෙම නැත්තම් තරඟකරුවෙක් කියන්නෙ ? කෝ Loki, කෝ Allfather Odin ? ම්යෝල්නියර් නැතුව Thor ට මොනවා වෙයිද ?

තවත් ගොඩක් විස්තර තියෙනවා කියන්න ඒ නිසා අපි ඒ සේරම ඊළඟ කොටසෙන් අරං එන්නම් ;)
කස්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !







4 comments:

  1. Ammo U guys back to the track again! We need more posts! Keep it up! aWESOME WORK

    ReplyDelete
  2. Lipiya patta bro.. infinity jems ganath lipiyak demu..

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න