Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

SERIES OF THE MONTH - COBRA KAI SEASON 3

Thirty four years after events of the 1984 All Valley Karate Tournament, a down-and-out Johnny Lawrence seeks redemption by reopening the in...

DC Rebirth

DC Rebirth

DC REBIRTH නිකුත් වීමත් එක්ක ගොඩක් අය ඒ ගැන කතාකරන්න ගත්ත හින්දා අපිත් හිතුවා ඒ ගැන පොඩි විස්තරයක් කතා කරන්න. මේ ලිපිය ගේන්නේ කොමික් එක කියවපු අයගේ ගැටළු කිහිපයක් නිරාකරණය කරන්නත් එක්ක හින්දා තවම බලපු නැති අය spoil වීමේ අවධානම අරගෙන කියවන්න වෙයි.

ඇයි ඇත්තටම DC ආයතයනයට මෙහෙම දෙයක් කරන්න සිද්ධ උනේ කියන එක අපි පොඩ්ඩක් මුලින් බලමු. අපි හැමෝටම පිළිගන්න වෙන දෙයක් තමයි මල්ටිවර්ස් සංකල්පයත් එක්ක DC යුනිවර්ස් එක ගොඩ නැගෙන කොට එක එක රචකයෝ අනුගමනය කරපු ක්‍රියා පිළිවෙත් හින්දා සමහරක් චරිත දිගටම කරගෙන යන්න බැරි තැනට පත් වුණා. ඒ හින්දා කාලෙකට සැරයක් DC යුනිවර්ස් එක අලුතෙන්ම සකස් කරන්න වුනා. අපිට Crisis කියන වචනය අහන්න ලැබෙන්නේ මෙතන දී. මේ විදිහට නිර්මාණය වුනු DC යුනිවර්ස් වලින් අපි දැන් ඉන්නේ NEW 52 වල. මේක නිර්මාණය වුනේ ෆ්ලෑෂ් කාලය හරහා ගිහින් අම්මා බෙරාගනිපු ක්‍රියාවත් එක්ක ඇති වුනු සංසිද්ධිය වලක්වන්න ආපහු කාලය හරහා ගිහින් අම්මා බේරා ගන්න එක වැළැක්වීමත් එක්ක. එහෙම නැතිනම් අපි හැමෝම දන්න Flashpoint සිද්ධියත් එක්ක. 

හැබැයි මේ නිර්මාණය වුනු යුනිවර්ස් එකේ විවිධ අඩුපාඩු තිබ්බා. අපිට හුරුපුරුදු චරිත වෙනස් උනා. කලින් තිබ්බ සම්බන්ධතා වෙන්ස් වෙලා. මේ හින්දා NEW 52 යටතේ අලුත් සංකල්ප ගොඩක් ගෙනාවත් පරණ පුරුදු ගතිය නැති එක ගැන ගොඩක් අය විරුද්ධ වුනා. විශේෂයෙන්ම සමහර චරිත අයින් කරලාම දාලා තියන එක ප්‍රධාන චෝදනාවක් උනා. DC ආයතනය Convergence ඉවෙන්ට් එක හරහා මේකට පිළිතුරක් දුන්නා. ඒ ආරම්බයේ ඉදන් අමතක කරලා තිබ්බ ටයිම් ලයින් ආපහු භාවිතයට එකතු කළා. ඒත් මේ එකතු කිරීම ක්‍රමවත් විදිහකට කරන්න මාර්ගයක් අවශ්‍ය උනා. මේ Rebirth ඉවෙන්ට් එක එන්නේ ඒ අවශ්‍යතාවය ඇතුළු තවත් අවශ්‍යතාවයන් වෙනුවෙන්. ඒ හින්දා මේක Reboot එකක් වෙන්නේ නෑ. මේක New 52 යුනිවර්ස් එකම වඩා හොද විදිහට සකස් කිරීමක්.
අපි මේ ගැන සම්පුර්න විස්තරයක් ලිපියකින් ගෙනාවා මතකයි නේ. 


එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. අපිට කතාව කියන්නේ වොලි වෙස්ට්. අපිට New 52 වල හම්බෙන්නේ කළු ජාතික වොලී වෙස්ට් කෙනෙක් නේ. ඒත් මෙතන ඉන්නේ Flashpoint එකට කලින් වොලී. ඒ වගේම එයා ඉන්නේ Kid flash කොස්ටියුම් එකෙන්. මෙතන සිදුවීම පොඩ්ඩක් පැත්තක තියලා අපිට NEW 52 යටතේ පළවුණු වෙන කතාවකට පොඩ්ඩක් අවධානය යොමුකරන්න වෙනවා. ඒ Titan Hunt කියන කාණ්ඩ 8කින් යුක්ත කතාවට. නිව් 52 වල දී අපිට ටයිටන් කියන කණ්ඩායමක් මුණ ගැහෙන්නේ නෑනේ. කලින් හිටිය පොඩි ළමයි දැන් තරුණයෝ වෙලා. ඒ අය එකට මුණ ගැහිලා නෑ. ඒත් මුණ ගැහුනාට පස්සේ මෙයාලට මතකයක් තියනවා එකට වැඩ කෙරුවා වගේ. අවසානේ දී මේ අයගේ මතකය එනවා. ඒත් එයාලට දැනෙනවා එයාලා අතර හිටිය කවුරු හරි අඩුයි නේද කියලා. ඒ අඩුකෙනා කවුද කියලා කියන්න කලින් කතාව ඉවර වෙනවා. 

අන්න එතන ඉදන් තමයි Rebirth කතාව පටන් ගන්නේ. ඉතින් ඒ අඩු කෙනා තමයි වොලී වෙස්ට්. එයා ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙලා ඉදලා තියෙන්නෙ. 


ඇයි ඉතින් එකපාරටම වොලිට මෙතනින් එන්න පුළුවන් වෙන්නේ. වොලී කියන විදිහට නම් අවුරුදු 10ක්. මේක විස්තර කරන්නේ නිව් 52 වල Darkseid War කතා වේ දී. මේක rebirth කතාව කියවන්න කලින් මේක කියවලා හිටියා නම් ගොඩක් ලේසි. මේක අඩංගු වෙන්නේ JL #40 ඉදන් #50 දක්වා සහ ඒ අතර ආපු Darkseid War One Shot ප්‍රකාශන එක්ක. වොලී ට ස්පීඩ් ෆෝර්ස් එකෙන් ඔය විදිහට එන්න ලැබෙන්නෙ ඩාක්සයිඩ් වෝ වලදි ඩාක්සයිඩ් මැරුනම රියලිටි එනට වෙන බලපෑම නිසා.

හැබැයි ඒකත් තාවකාලිකව විතරයි. මොකද ස්පීඩ් ෆෝර්ස් එක උත්සාහ කරනවා මෙයා නිදහස් වෙන එක වලක්වන්න. ඒව වගේම තමයි වොලී ට අවබෝධයක් තියනවා යම්කිසි බලවේගයක් විසින් යථාර්තය වෙනස් කරලා තියනවා කියලා. ඒ හින්දා ඉස්සර තිබුණු සම්බන්ධතා, මතකයන් නැති වෙලා කියලා. ඒ වගේම මේ බලපෑම තවම ඉවර නැති හින්දා එයා උත්සහා කරනවා මේ ගැන අනතුරු හඟවන්න.

මේ වෙද්දී පෘථිවියේ වෙනස් කම් කිහිපයක් ම වෙලා තියෙන්නේ. ඒ අතර ප්‍රධානම දේ තමයි සුපර් මෑන් මිය ගිහින් කියන කාරණය. හැබැයි මේ අඩුව පුරවන්නත් කෙනෙක් ඉදිරිපත් වෙනවා, ඒ වගේම තමයි බැට් මෑන් හොයා ගන්නවා ජෝකර් ලා තුන්දෙනෙක් ඉන්නවා කියලා. මේ ගැන දැන ගන්නේ එයා විශ්වයේ සියලුම දැනුම ලබා ගන්න පුළුවන් මෝබියස් චෙයාර් එකේ ඉදගත්ත වෙලාවේ දී.  ඒ තුන්දෙනා තමයි 

1."Clown prince of crime" ගොල්ඩන් ඒජ් සහ සිල්වර් ඒජ් එකෙ ජෝකර්.
2.Murderous prankskter "Kiliing Joke බ්‍රොන්ස් ඒජ් එකෙ 
3. Creepy Chameleon Joker New52 එකෙ.


වොලී මුලින්ම බැට් මෑන් මුණගැහෙනවා තමන් මුහුණ දීලා තියන ගැටලුව ගැන කියන්න. ඒත් බැට් මෑන් ට එයා ගැන මතකයක් නෑ. ඒ හින්දා වොලී මතක් කරනවා ෆ්ලෑෂ් පොයින්ට් එක අවසානේ දී බැරී ගෙනත් දීපු ලියුම ගැන. 
ඊළඟට වොලි යනවා සාත්තුනිවාසයක ඉන්නෙ වයසක මනුස්සයෙක් හොයාන් . ඒ මනුස්සයා මෙයාව අදුර ගන්නෙ Johnny thunder කියලා ,Johnny කියන්නෙ JSA එහෙමත් නැත්නම් justice society of america එක් මෙම්බර් කෙනෙක්,ඒ කියන්නෙ JSA ගැන අපිට දැනගන්න ලැබෙයි ඉස්සරහට.
නිව් 52 යුනිවර් ස් එකේ බලපෑම හින්දා DC වල Legacy එහෙමත් නැතිනම් එක සුපිරි වීරයෙක් ගේ තැන වෙන කෙනෙක් ගන්න එක (Flash - ගැරික්, බැරී, වොලී, බාර් ට්) ගොඩක් වෙනස් උණා. එතැනදී අපිට හදුන්වා දුන්නේ ගොඩක් වෙලාවට තනි පුද්ගලයෙක් විතරයි. මේ ගැටලුව ට පිළිතුරක් දෙන්න Rebirth හරහා උත්සාහ කරලා තියනවා. 
උදාහරණයක් විදිහට ෆ්ලෑෂ් පොයින්ට් එකට කලින් රේ පාමර් සහ රයන් චෝයි දෙන්නම ඇටොම් වෙලා හිටියට නිව් 52 වලදී අපිට රේ පාමර් විතරයි දැකගන්න පුළුවන් උනේ. ඒත් මෙතන දී අපි දකිනවා රයන් චෝයි, රේ වෙනුවට ඇටොම් වෙනවා. 


ඒ වගේම ෆ්ලෑෂ් පොයින්ට් එකට කලින් ටෙඩ් කොර් ඩ් ගෙන් පස්සේ Blue Beetle වුනු Jaime Reyes ගේ ඔරිජින් එක නිව් 52 වල දී සම්පුර්නයෙන්ම වෙනස් කරලා තිබ්බේ. ටෙඩ් සහ ජේමි දෙන්නා එක තැනකට ගෙනාව හින්දා අපිට විශේෂ පැහැදිලි කිරීමක් බලාගන්න පුළුවන් වෙයි. 
ඒ වගේම නිව් 52 වල දී කතා නොකරපු චරිත ආයෙමත් කතා කරන්න හදන්නේ. හොදම උදාහරණය තමයි Doctor Fate. මේ චරිතය නිව් 52 වල දී අපිට මුණ ගැහෙන්නේ නෑ. ඒත් Rebirth හරහා හදුන්වා දීමත් සමඟ මෙයා ගැන ආපහු දැනගන්න ලැබෙයි.
අපි දකිනවා ඩේමියන් එයාගේ 13 වෙනි උපන් දිනය සමරනවා. ඇයි 13 උපන් දිනය විශේෂ කරලා පෙන්නුවේ, ඉංග්‍රීසි භාෂාවට අනුව කෙනෙක් ගේ වයස 13 උනාට පස්සේ තමයි එයා Teenager කෙනෙක් එහෙමත් නැතිනම් Teen කෙනෙක් වෙන්නේ. එතකොට මේ අලුත්ම Teen Titan එකක් ගැන ඉඟියක් ද?


ඩාර්ක්සයිඩ් වෝර් එක අතර තුරේ දී ජෙසිකා කෘස් කියන කෙනා ගේ තිබුණු පවර් රින්ග් එක වෙනුවට එයාට ග්‍රීන් ලන්ටර්න් රින්ග් එකක් හම්බෙනවා. ඒ හින්දා දැන් එයාත් ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක් විදිහට වැඩ කරනවා. දැනට පෘථිවිය භාරව ඉන්න අනිත් ලැන්ටර්න් Simon Baz, සෙක්ටර් එකක් භාරව ඉන්නවාට වඩා ලොකු දෙයක් කරන Hal සහ අනිත් පෘතුවියෙන් බිහිවුණු ග්‍රීන් ලැන්ටර්න් ලා එක්ක ඉන්න ගාන නම් හොදටම වැඩි වගේ. ඒත් ඉතින් වෙනසකටත් එක්ක ගෑණු ළමයෙක් හොදයි නේ.


Young justice ඇනිමේටඩ් සිරීස් එක බලපු අයට Aqualad ව එහෙමත් නැත්නම් Jackson Hyde ව මතක ඇතිනෙ. අපිට එයාවත් දැකගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ එයා Gay චරිතයක් විදිහට.

ඊලඟට අපිට මුණ ගැහෙනවා නිව් 52 බිහිවීමත් එක්ක කතා බහට ලක්වුණු Pandora. හරි විදිහට කියනවා නම් නිව් 52 එක බිහිවුනේ මෙයා හින්දා. අමරණිය කෙනෙක් විදිහට හිටිය මෙයාව යම්කිසි බලවේගයක් විසින් ඝාතනය කරනවා. හැබැයි එයා තමන්ගේ ඝාතකයා හදුනා ගන්නවා. මේ විශ්වයේ හැම විපර්යාසයක්ම වෙන්නේ මේ බලවේගය හින්දා කියලා තමයි කියවෙන්නේ. ඇත්තමට කවුරු ගැනද මේ කියනවා ඇත්තේ?


ෆ්ලෑෂ් පොයින්ට් එකෙන් පස්සේ යුනිවර්ස් එක ඇතුලේ සිද්ද වුනු වෙනස් වීම් වලින් සමහරක් ඒවා ට පාඨකයෝ පොඩ්ඩක්වත් කැමති උනේ නෑ කියලා කිව්වා නේ. ඒ අතරේ එකක් තමයි ග්‍රීන් ඇරෝ සහ බ්ලැක් කැනරි අතර ආදර සම්බන්ධතාවය ගැන සඳහනක් නැති එක. හැබැයි අපිට මේකෙන් එහෙම දෙයක් වෙන්න තියන ඉඩකඩ ගැන පැහැදිලි කිරීමක් කරනවා. 


ඒ වගේම තමයි ඇක්වාමෑන්, Mera ට විවාහ යෝජනවක් ගේනවා. ඒ වගේ ආදර සම්බන්ධතා ගැන කතා කරන අතරේම තවත් ලස්සන ආදර කතාවක් ගැන අපිට වෙදානාත්මක සටහනක් ඉතිරි කරනවා. ඒ වොලී සහ ලින්ඩා අතරේ සම්බන්ධය. වොලී, ලින්ඩා හම්බෙන්න ආවත් ලින්ඩා ට වොලී කියන්නේ කවුද කියලා මතක නෑ. මේ මතක නැති වීම ගැන පොඩි පැහැදිලි කිරීමක් අපිට ටයිටන් හන්ට් කතා මාලාවේදී කියනවා. ඒත් මගේ පුද්ගලික අදහස නම් ඒක එච්චර සාර්ථක උත්සාහයක් නෙවේ කියන එක. 


මේ කතා කරපු ප්‍රධාන දේවල් වලට අමතරව තව කතා ගොඩකට ආරම්භයක් Rebirth වලින් ලබා දෙනවා. ඒ අතරේ Legion of Superheroes ගේ මුද්ද, සුෆී ගේ අවමංගල උත්සවය, ලුවිස් ඇන්ඩ් ක්ලාක් සුපී සහ එයාගේ පුතා ජොනතන් ගැන, ජෝන් කොන්ස්ටන්ටීන්, කැප්ටන් බූමරැන්ග්, සයිබෝර්ග්, ඩික් ග්‍රේසන් වගේ කට්ටිය ගැන යාන්තමට පෙන්නනවා. ඒ වගේම නිව් 52 වල ඉන්න අනිත් වොලී වෙස්ට් ගැන පැහැදිලි කිරීමක් කරන්නත් Rebirth එකෙන් අමතක කරන්නේ නෑ. හැබැයි මම නම් මේ පැහැදිලි කිරීමට එච්චර සතුටු නෑ. 

Darkseid War එකේ බලපෑම තවම අපිට බලාගන්න පුළුවන්. වොන්ඩර් වුමන් තමන්ට නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා දැන ගන්නවා ඒක අවසානේ දී. එයා ඒ ගැන හොයන්න උත්සාහ කරනවා. ඒ වගේම Darkseid War කියෙව්වා නම් මතක ඇති, Darkseid ආපහු ඉපදෙනවා ක්‍රයිම් සින්ඩිකේට් එකේ Superwomen ගේ දරුවෙක් විදිහට. මේ ගැන පොඩි මතක් කිරීමකුත් අපිට Rebirth එකේ දී හම්බෙනවා. 



සේරම ගාවට ගිහින් අවසානෙට වොලී යනවා බැරී ව මුණගැහෙන්න. ඒත් වොලී කවුද කියල බැරී ටත් හිතාගන්න බැරුව යනවා. ස්පීඩ් ෆොර්ස් එක මඟින් වොලීව ඇතුලට ඇදලා ගන්න හදනවිටම ක්ෂණික සියල්ල මතක් වෙන බැරී සම්පුර්ණයෙන්ම වොලීව ස්පීඩ් ෆොර්ස් එකෙන් මුදා ගන්නවා. ඒ සමගම ෆ්ලෑශ්පොයින්ට් ටයිම් ලයින් එක උන සිද්දි ගැන මතක් වෙන්න ගන්නවා. බැරී තමන්ටම දොස් පවර ගන්නවා ෆ්ලෑශ් පොයින්ට් එක නිසා New52 වෙනස් උනා කියලා. ඒත් වොලී ගේ අදහස නම් මෙතන වෙන බලසම්පන්න කෙනෙක් ගේ මැදිහත් වීමක් තියනවා කියන එක. මේ හැම වෙනසකටම හේතුව ඒ පුද්ගලයා කියලා යි වොලී කියන්නේ. 
ඇත්තමට මේ හැම දේටම මුල් වෙන මේ බලවේගය කවුද? Rebirth එකේ දී ඒ ගැන කෙලින්ම කිව්වේ නැති උනාට මේ සේරම පිටිපස්සේ ඉන්නේ Dr Manhattan කියලා කියන්නේ. Allen Moore ගේ Watchmen අපිට DC යුනිවර්ස් එක ඇතුලේ මෙච්චර කාලයකට අහන්න ලැබුනේ නෑ. ඒත් ඉස්සරහට ඒ අය ගැන කතා කරන්න වගේ යන්නේ. යථාර්තය වෙනස් කරන්න පුළුවන් Dr Manhattan ගැන සඳහනට අමතරව Watchmen එකේ දී අපිට හම්බුනු තවත් අය ගැන අපිට ඉඟි දෙනවා. අඩු ගානේ අපිට සාධාරණ සැකයක් තියනව එහෙමයි කියලා. සුපී ට මුණ ගැහුණු Mr Oz කියන්නේ Ozymandias කියන එක, ඒ වගේම The Question කියන්නේ Rorschach වෙන්න පුළුවන් මතය, ජෝකර් ලා තුන්දෙනාගෙන් එක්කෙනක් The Comedian වෙන්න පුළුවන් එක (අමතක කරන්න එපා අපි දැක්කා ලේ තැවරුණු මුහුණ තියන බොත්තම) සහ ගෝතම් නගරයට එන දෙන්නා Nite Owl, Silk Spectre ට සමාන ස්වරුපයක් තිබීම වගේ දේවල් ඒ අතරේ තියනවා. මේක හොදටම තහවුරු කරන්නේ කතාව ඉවර වෙන දෙබසින්. ඒ “Nothing ends Adiran, Nothing ever ends” කියන එක. මේ දෙබසින් තමයි Watchmen ෆිල්ම් එක ඉවර වෙන්නෙත්. 


මේ වගේ පුදුම හිතෙන දේවල් ගොඩක් මේ Rebirth ඉවෙන්ට් එකෙන් පස්සේ වෙන්න පුලුවන් .... ඒ හැම එකක් ගැනම පුලුවන් විදියට අපි කරුණු බෙදා ගන්නම් ඔයාල එක්ක. තව දෙයක් තමයි මේ කොමික් එක ඇතුල් පවා කාරණා ගොඩක් ගැන කතා කරනවා. ඒ හැම එකක් ගැන අපි කිවේ නෑ. වැදගත් දේවල් වලින් ටිකක් විතරයි කතා කලේ. 
ඒ වගේම ගොඩක් අයට ගැටලුවක් ඇති DC Rebirth කියවන්න කලින් මීට පෙර ආපු කොමික් කියවන්න ඕනේ ද කියලා. ඇත්තටම එහෙම අවශ්‍ය නෑ. කෙනෙක් ට මේකේ ඉදන් පටන් ගන්න පුළුවන්. හැබැයි වැඩි දුර දැනුමක් ඕනේ නම් මේ තියන කොමික් ටික කියෙව්වා නම් හරි. 

01. Justice League Darkseid War සීරිස් එක


• Justice League (Volume 2) #40
• Justice League (Volume 2) #41
• Justice League (Volume 2) #42
• Justice League (Volume 2) #43
• Justice League (Volume 2) #44
• Justice League (Volume 2) #45
• Justice League: Darkseid War: Batman #1
• Justice League: Darkseid War: Superman #1
• Justice League: Darkseid War: The Flash #1
• Justice League: Darkseid War: Green Lantern #1
• Justice League: Darkseid War: Shazam! #1
• Justice League: Darkseid War: Lex Luthor #1
• Justice League (Volume 2) #46
• Justice League (Volume 2) #47
• Justice League (Volume 2) #48
• Justice League: Darkseid War Special #1
• Justice League (Volume 2) #49
• Justice League (Volume 2) #50

02. Final Days of Superman ක්‍රොස් ඕවර් එක


• SUPERMAN #51
• BATMAN/SUPERMAN #31
• ACTION COMICS #51
• SUPERMAN/WONDER WOMAN #28
• SUPERMAN #52
• BATMAN/SUPERMAN #32
• ACTION COMICS #51
• SUPERMAN/WONDER WOMAN #29

03. Superman: Lois and Clark සීරිස් එක. 
04. Titans Hunt සීරිස් එක

මෙතනින් එහාට අපි කියවන්න ඕනේ මොනවාද? ,මේ ලිපිය අවසන් කරන්න හිතුවා ඒ ගැන පොඩි සඳහනක් කරලම. මතක ඇතිව Rebirth වන් ෂොට් ටික කියවන්න ඕනේ. ඒ DC Rebirth එකට අමතරව, 
Batman, Green Arrow, Green Lanterns, Superman, Aquaman, The Flash, Wonderwomen, Titans කියන Rebirth ඉශු ටික කියවන්න ඕනේ. ඊට පස්සේ ඒ හැම එකක්ම අලුත් කතා විදිහට #001 ඉදන් පටන් ගන්නවා. අලුතෙන්ම කොමික් කියවන්න ඉන්න කෙනෙක් ට මිට වඩා සුදුසු අවස්ථාවක් නෑ ඒ වැඩේට අතගහන්න. ඒ වගේම Rebirth ඉවෙන්ට් එකට සෘජුවම සම්බන්ධ වුනු Action Comics, Detective Comics, Batman/Superman, Superman/Wonderwomen කතා දිගටම පලවෙනවා. පොඩි වෙනසක් තියෙන්නේ Batman/Superman #33, Superman/Wonderwomen #29 විදිහට ආවට Action Comics සහ Detective Comics පරන අංක ක්‍රමයට යනවා. ඒ කියන්නේ නිව් 52 පටන් ගන්න කලින් අවසානෙට ආවේ Action Comics #904 සහ  Detective Comics #881. නිව් 52 යටතේ ආපු 52 ට ඉඩ තියලා අලුතෙන් පටන් ගන්නේ Comics #957 සහ  Detective Comics #934 විදිහට. 
එහෙම නම් අපි DC Rebirth ගැන මෙතනින් අවසාන කරනවා. නොපැහැදිලි තැනක් තිබුනොත් අපෙන් අහන්න. ඒ වගේම අපිට මඟ හැරුණු තැනක් තියනවා නම් ඒකත් අපිට පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. 

#attila_THE_hun

15 comments:

  1. නියමයි සුපිරි

    ReplyDelete
  2. නියමයි සුපිරි

    ReplyDelete
  3. Dr Manhattan is bending DC universe to his will ! . Finally we get to see him in full colors. So exiting !

    ReplyDelete
  4. DC lge comic kywnn pot ekakui ptan gnne khmd kyla lipiyk dnnko

    ReplyDelete
    Replies
    1. හොදම දේ Rebirth එකෙන් පටන් ගන්න එක. අපි සති පතා අලුතෙන් එන ඒවා දානවා. ගන්න නම් තියෙන්නේ ටොරන්ට් වලින්

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. oka flash season 3 ekatath balapaida?

    ReplyDelete
  7. machn mkkd bn darkseid war kiyannee....

    ReplyDelete
    Replies
    1. ජස්ටිස් ලීග් කොමික් සීරිස් එකේ සිද්ද වුනු ඉවෙන්ට් එකක්

      Delete
  8. meva kiyavanne vena kisi deyak bari kalakanni modayo

    ReplyDelete
    Replies
    1. මෙහෙම කමෙන්ට් දාන්නෙත් එහෙම එවුංම තමා බ්‍රෝ 😂😂😂

      Delete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න