Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

SERIES OF THE MONTH - COBRA KAI SEASON 3

Thirty four years after events of the 1984 All Valley Karate Tournament, a down-and-out Johnny Lawrence seeks redemption by reopening the in...

Civil War Trailer 01 - Breakdown Part 02

Civil War Trailer 01 - Breakdown Part 02

සිවිල් වෝර් ට්‍රේලර් එකේ පලවෙනි කොටස අපි මීට කලින් ගෙනාවනේ. අපි එතනින් එහාට සිදුවීම් පෙළ ගැන කතා කරමු.
ඊට කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕන. අපේ යාලුවෝ ගොඩක් දෙනෙක් පෙන්නලා දීලා තිබ්බා මගේ අතින් මඟ හැරුණු වැදගත් කාරණයක්. ඒ තමයි Crossbones අපිට පෙන්වනවා ඉතාම සුළු වෙලාවකට. මේ සිදුවීම වෙන්නේ පිපිරීමෙන් පස්සේ පොලිස් නිලධාරීන් බකී හොයාගෙන යන අවස්ථාවට කලින්. Crossbones, ජර්මනි හමුදාව එක්ක මොකක් කරනවා ද කියන එක නම් තවම පැහැදිලි නෑ අපිට.



අපි එහෙනම් කලින් ලිපියෙන් කතාකරපු තැන ඉදන් ඉතුරු ටික බලමු. මෙතන ඉදන් තමයි ට්‍රේලර් එකේ උද්වේග කාරී අවස්තා පටන් ගන්න යන්නේ. මුලින්ම අපිට දකින්න හම්බෙන්නේ සෑම් විල්සන්. අපින් මීට කලින් ෆෝල්කන් ව දැකලා තිබ්බට මේ ෆිල්ම් එකේ දී නම් අපිට එයාගේ වැඩ හොදටම බලා ගන්න පුළුවන්. මේ Falcon 2.0 කියලා කිව්වට කමක් නෑ. එයා ගොඩනැගිල්ලකින් පහළට පනින දර්ශනය ඉස්සරහට දකින්න ලැබෙන හැකිවන් ගැන අදහසක් ලබා දෙනවා.



ඒ වගේම මේ කොස්ටියුම් එක කොමික් වල සෑම්ගේ කොස්ටියුම් එකට සෑහෙන්න දුරට සමානයි.



අපිට ඊළඟට දකින්න පුළුවන් උණා මැෂින් ගන් එකකින් වෙඩි තියන දර්ශනයක්. මෙතන වෙඩි පහරට ලක් වෙන්නේ වෙන කවුරුත් නෙවේ අපේ කැප්.



මෙතන කැප් ඉන්නේ සිවිල් ඇදුමෙන්. ඒ කියන්නේ මේ වෙඩි තැබීම ගොඩක් අනපේක්ෂිත එකක්. ඒ වගේම කැප් ට එහා පැත්තෙන් හෙලිකොප්ටර් එකක් බිමට කඩාගෙන වැටිලා තියනවා. ගොඩක් දුරට අපි කලින් දැකපු හෙලිකොප්ටර් එකම වෙන්නත් පුළුවන්.



මෙතන පසුබිමේ සෑම් කියනවා එයාට ඕන උණා කියලා සියලුම විකල්ප ක්‍රියා මාර්ග උත්සාහ කෙරුවා කියන එක තහවුරු කරගන්න. කැප් පස්සේ එලවන අය තමන් පස්සෙත් එලවනවා කියන කාරණය සෑම් අවබෝධ කරගෙන කතා කරන්නේ. ඒ කියන්නේ කැප් මේ නිරත වෙන්නේ මරණයෙන් කෙළවර වෙන්නත් ඉඩ තියන මෙහෙයුමකට.

ෆෝල්කන් ගේ ඇඳුම විතරක් නෙවේ, එයාගේ හැකියාවනුත් වැඩි වෙලා කියලා කිව්වේ අපි මේ හින්දා. මීට කලින් Ant Man එක්ක වලියට ගිහින් චාටර් උණ කෙනාද කියලා නිකමටවත් හිතා ගන්න බෑ.



අපිට ආපහු නටාශාගේ දර්ශනයක් දකින්න හම්බෙනවා. එයා කියනවා ඒක සිද්ද වෙන්න යන්නේ කියලා. මේ කියන්නේ ලියාපදිංචි කිරීමේ පනත වෙන්න ඕනේ. එහෙම නැතිනම් බකී අත් අඩංගුවට ගැනීමේ ක්‍රියා මාර්ගය වෙන්නත් පුළුවන්.



ඒ මොකක් උණත් කැප් ට නම් ඉදගෙන බලාගෙන ඉන්න අදහසක් නෑ. අපිට දකින්න හම්බෙනවා කැප් IFID කියලා ලෝගෝ එකක් තියන ආයතනයකට කඩා පනිනවා. ලෝගෝ එකේ අප්‍රිකානු මහාද්වීපය තියන හින්දා මේක පැහැදිලිවම අප්‍රිකාවේ සිදුවීමක්. ෆිල්ම් එකට බ්ලැක් පැන්තර් ගේ සහභාගී වීම වෙන්නේ මෙතනින් වෙන්න ඉඩ තියනවා. ඒ වගේම මේ අකුරු වලින් කියවෙන සංවිධානය මොකක්ද කියලා ගොඩක් අය අනුමාන කරනවා. ඒ අතරින් වැඩි දෙනෙක් එකඟ වුනු තේරුම තමයි Institute For Infectious Diseases (ආසාදිත රෝග පිළිබඳ ආයතනය). පහුගිය කාලයේ ලෝකයේ හැමෝම, අප්‍රිකානු කලාපයේ Ibola වෛරසය ගැන කතා කෙරුවානේ. ගොඩක් පහසුවෙන් මේක ෆිල්ම් එකට ඇතුළත් කරගන්න පුළුවන් දෙයක්.


කැප් ගොඩනැගිල්ල ඇතුලට පැනලා පහර දෙනකොට එතන ගොඩ ගහලා තියෙන්නේ ඖෂධ වර්ගයක් වගේ පේන්නේ. ඒ හින්දා අපි කියපු කතාව තහවුරු වෙනවා වගේ.



අපිට ඊට පස්සේ බලාගන්න පුළුවන් ට්‍රේලර් එකේ මුල්ම සහ එකම වතාවට ප්‍රධාන පාර්ශව දෙක මුහුණට මුහුණලා ඉන්නවා. අයන් මෑන් සහ වෝර් මැෂින් එක පැත්තක ඉන්නවා. මීට කලින් වතාවේ කැප් හම්බුන වෙලාවේ දී වගේම ටෝනි ගේ ඇහැ යට කළු වෙලා තියෙන්නේ. ඒ වගේම වෝර් මැෂින් ගේ ආමර් එක හිරිලා තියන එකෙන් එයා සටනකට මුහුණ දීලා ඇවිත් කියලා පැහැදිලියි.



එතකොට කැප් ගේ පැත්තේ ඉන්නවා හෝක්අයි, ස්කාලට් විච්, බකී. මෙතන බකි ඇදගෙන ඉන්නේ එයාගේ කොස්ටියුම් එක කියලා නම් කියන්න එපා. තාවකාලික ආවරණයක් වෙන්න ඇති. මෙතන සෑම් නම් දකින්න හම්බෙන්නේ නෑ. ඒ වගේම ටෝනි ගේ පැත්තේ නටාෂා දකින්නත් නෑ.


ඊළඟට දකින්න ලැබුණු දේ නම් ඇත්තටම දුක හිතෙනවා. එකට උරෙන් උර ගැටිලා සටන් කරපු අයට විරුද්ධව අවි ඔසවනවා දකින්න ලැබුණු එක නම් ගොඩක් කනගාටු දායකයි. ටෝනි සහ වෝර් මැෂින් දෙන්නා මේ යන විදිහ දැක්කාම නම් කැප් ලාට ලේසි නම් වෙන්නේ නෑ වගේ.



මෙතන බකී දුවනවා පෙන්වන්නේ කලින් අපි කතා කරපු අවස්ථාවක දර්ශනයක්.


ටෝනි සහ වෝර් මැෂින් වෙඩි තියන අවස්තාව. මෙතන ගැටලුව තියෙන්නේ සිවිල් වැසියොත් මේ ගැටුමට මැදිහත් වෙන එක. මොකද මෙතන අහකට පනින දෙන්නා සිවිල් වැසියෝ දෙන්නෙක් වගේ පෙන්නේ.


අපි කලින් කිව්වේ ටෝනි සහ වෝර්මැෂින් ගේ වෙඩි ප්‍රාහාර වලට මුහුණ දෙන්න ලේසි වෙන්නේ නෑ කියලා. ස්කාලට් විච්, සහ හෝක්අයි පණ බේරගන්න දුවන්නේ ඒ හින්දා. වෙඩි පහර වැදිලා විනාශ වෙන ට්‍රක් එකේ ගහලා තියනවා Flughafen Leipzig-Halle කියන නම. ජර්මන් බාශාවෙන් Flughafen කියන්නේ ගුවන් තොටුපල කියන එක. මේ සිදුවීම වෙන්නේ ජර්මනියේ ගුවන් තොටුපලක වෙන්න ඕනේ.


සෑම් අහනවා අපි දැන් මොකද කරන්නේ කියලා.


එතකොට කැප් කියනවා සටන් කරනවා කියලා.


ඒ වාක්‍ය දෙක අතර අපිට MCU එකේ අළුත්ම සාමාජිකයා ගේ පලවෙනි දර්ශනය දකින්න හම්බෙනවා. ඒ තමයි T’Challa එහෙමත් නැතිනම් බ්ලැක් පැන්තර්. ආලෝක ධාරාවක් මැදින් බ්ලැක් පැන්තර් පෙන්වපු එක නම් වචනයෙන් කියන්න බැරි තරම් සුපිරි.


අපි කලින් දැක්කේ නැති උනාට එතන සෑම් ඉදලා වගේ. කැප් ගේ කණ්ඩායමත් සටනට සුදානම් වෙලා ඉන්නේ. ඒ අතින් බලද්දී නම් ටෝනි, වෝර් මැෂින් දෙන්නා ට හැරෙන්නවත් බැරි වෙයි කියලා හිතෙන්නේ.


හැබයි මෙතන ටෝනි සහ වෝර් මැෂින් ගේ උදව්වට බ්ලැක් පැන්තර් ඉන්නවා. පසුබිමෙන් පේන Betonbau කියන වචනයෙන් අපි තාමත් ජර්මනියේ ඉන්නවා කියන එක පැහැදිලියි. මොකද මේ ඇත්තම ඉදිකිරීම් සමාගමක නමක්.


අපිට ඊලඟට දකින්න හම්බෙන නටෂා ගේ සටන වෙන්නේ නම් ජර්මනියේ නෙවේ. මොකද අපිට පසුබිමින් තාල වර්ගයට අයිති ගස් එහෙම පේනවා.


ෆිල්ම් එකේ හුස්ම ගන්නත් අමතක වෙන දර්ශන නම් ඕනේ තරම් වගේ. බකී පස්සේ බ්ලැක් පැන්තර් එලවද්දී ඊට පිටිපස්සෙන් කැප් දුවගෙන එන එක ඒ වගේ අවස්ථාවක්. පැහැදිලිවම බ්ලැක් පැන්තර් ගේ සටන තියෙන්නේ බකී එක්ක. එයා ටෝනි ගේ පැත්තට එකතු වෙනවා ඇත්තේ ඒ හින්දා වෙන්න ඇති.



අපි මීට කලින් දැකපු හෙලිකොප්ටර් එක කැප් තනි අතින් නවත්වාගෙන ඉන්නවා. මට හොදටම විශ්වාසයි මෙතන අත් වැට කඩාගෙන වැටුනා මිසක් කැප් ගේ අතින් මේක අත හැරිලා නෑ කියන එක.


නටාෂා ඉස්සරහා ලොකු පිපිරීමක් වෙනවා. මේ අපි කලින් දැකපු ට්‍රක් රථ. මේ පිපිරිම ටෝනි සහ වෝර් මැෂින් ගේ වෙඩි තැබීම් වලින් තමයි වෙන්න ඇත්තේ.


ඊළඟට බකී, ටෝනි ට පහර දීලා එයාගේ පවර් කොර් එක ගලවන්න හදනවා. ටෝනි ට එයාගේ බල සැපයුම නැතුව ඉන්න බෑනේ. මේක අයින් කෙරුවා කියන්නේ මරනවා වගේම බරපතල දෙයක්. බකී ට ටෝනි ව වලක්වන්න නෙවේ ඕනේ. ඉවරයක් කරලාම දාන්න. කැප් ගේ ප්‍රතිපත්ති බකි ගේ මේ ක්‍රියා කලාපය එක්ක කොහොම ගැලපෙයිද කියන එක නම් ගැටලුවක්.


කැප් ශිල්ඩ් එක භාවිතා කරලා පිපිරීමකින් බේරෙනවා. මේක කොතැනට අදාළ සිදුවීමක් ද කියන එක නම් හරියටම කියන්න බෑ හැබයි.


ඊළඟට අපිට දකින්න හම්බෙන්නේ වෝර් මැෂින් ගාව ඉන්න ටෝනි ගේ දර්ශනයක්. එයාගේ පපුවෙන් පවර් කෝර් එක ගලවලා අයින් කරගෙන. ඒ කියන්නේ මේක බකී ගේ වැඩක්. මෙතන දී ටෝනි ගේ හැගීම් මොන වගේ ඇතිද කියලා හිතා ගන්නත් බෑ මට නම්. වෝර් මැෂින් කියන්නේ ටෝනි ගේ පරණම යාලුවා. එයාට ඇවෙන්ජර්ස් ලා එකතු වෙන්න කලින් හැම දෙකටම හිටියේ එයා. මෙතන දී අපිට පැහැදිලිවම කියන්න බෑ වෝර් මැෂින් මැරිලා කියලා. ඒත් ප්‍රධාන චරිතයක ගේ මරණයක් වෙනවා කියලා කලින් ඉදන්ම කියලා තිබ්බ දෙයක් නේ. මේ සිදුවීම එච්චර වැදගත් එකක් නම් ඒක පලවෙනි ට්‍රේලර් එකේම පෙන්නුවේ ඇයි කියන එක නම් ගැටලුවක්. ඒ මොනවා උණත් සම්පුර්ණ ෆිල්ම් එකටම පාදක වෙන්නේ ළඟම යාලුවා වෙනුවෙන් පෙනී සිටීමේ දී ඇති වුනු ගැටළු. මේක ටෝනි සහ කැප් දෙන්නටම පොදුයි වගේ.


සම්පුර්ණ ට්‍රේලර් එකේම මට නම් වටිනාම අවස්තාව හම්බෙන්නේ ඊළඟට. ට්‍රේලර් එකකින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියන කාරනය මම දැනගෙන හිටියේ නෑ. මෙතන දී කැප් කියනවා එයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ කියලා. බකී කියන්නේ එයාගේ යාලුවා කියලා කියන්නේ. මෙතන කැප් කතා කරන්නේ පුදුමාකාර බරක් තියාගෙන. මේ වෙලා තියන හැම දෙයකින්ම වෙලා තියන විනාශය එයාට දරා ගන්න බෑ වගේ.


එතකොට ටෝනි " So was I" කියද්දී පපුවේ මොකක්ද එකක් හිරවුනා වගේ. මතක තියා ගන්න මෙතන දී ටෝනි කියන්නේ "So am I" නෙවේ. ඒ කියන්නේ හානිය වෙලා ඉවරයි. ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒත් එයාට මේ සිදුවීම අදහාගන්න බෑ වගේ. ගොඩක් වේලාවට මේක ෆිල්ම් එක අවසාන හරියේ දෙයක් වෙන්නත් පුළුවන්.


එදා මෙදා තුර කොමික් සම්බන්ධ ෆිල්ම් එකක සාර්ථකම ට්‍රේලර් එක සිවිල් වෝර් ට්‍රේලර් එක කියලා නැවත නැවතත් කියන්නේ මේ වගේ සංවේදී හැඟීමක් ඇහි පිය ගහන කාලයක් තුලදී අපිට ඇතිකරන්න සමත් වුනු හින්දා.
අවසානේ දී අපිට දකින්න හම්බෙනවා බැලුවට පස්සේ මොකක්ද මේ දෙවියනේ අපි බැලුවේ කියලා හිතෙන දර්ශනයට. මේක ට්‍රේලර් එකේ ආක්ර්ශනියම දර්ශනය කියන එක ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මෙතන දී කැප් සහ බකී දෙන්නා මාරුවෙන් මාරුවට ටෝනි ට පහර දෙනවා. ඒ වගේම ශිල්ඩ් එකත් දෙන්නා මාරු කරගන්නවා. මේ අවස්ථාව ආකර්ශනිය දර්ශනයක් වගේම ඉදිරියට එන ෆිල්ම් ගැන පොඩි අදහසක් දෙනවා. කැප් ගෙන් පස්සේ ශිල්ඩ් එක බකී ට දෙනවා කියන එක ගොඩක් කල් ඉදන් කතා වුනු දෙයක් නේ. මෙතන දී ඒ ගැන ඉඟියක් දෙනවා. ඉස්සරහට බකි, කැප් ගේ තනතුර භාරගන්න ඉඩ තියනවා.


ගොඩක් අය බලාගෙන හිටිය ස්පයිඩර් මෑන් ගැන අපිට මේකේ දී දකින්න ලබුනේ නම් නෑ. ඒ වගේම විෂන් සහ ඈන්ට් මෑන් ගැනත් දකින්න ලැබුනේ නෑ. ඒත් තවම මේ පලවෙනි ට්‍රේලර් එකනේ. ඉස්සරහට අපිට මේ ගැන වැඩි විස්තර බලාගන්න පුළුවන්.

රූප රාමුවෙන් රාමුවට බල බලා ලිව්වත් අතපසු වුනු දේවල් තව ගොඩක් ඇති. එහෙම දෙයක් දැක්කොත් අපිත් එක්ක ඒක බෙදා ගන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.

attila_THE_hun

12 comments:

  1. hamme ada dawasama balan hitiye me kotasa enakal....
    sthoothiyi yaaluwane....
    jayawewaa.....

    ReplyDelete
  2. සුපිරි සුපරි..
    කියලම වැඩක් නැහැ..
    මම මේ කොමික් ස්ප්‍රිට් වල කියවපු මුල්ම ලිපිය..
    කවුද දන්නේ මෙච්චර මැක්සා කියලා..
    දැන් සිට i'm in. හරිද?
    ජය වෙවා!!

    ReplyDelete
  3. මට පිස්සු වගේ බං... හම්මේ...
    අඩෝ පට්ට තෑන්ක්ස් බං... :D

    ReplyDelete
  4. yako mewa gana ochchara hithana epa.. owa boru films.. :D

    ReplyDelete
  5. Thank You Bro for beautiful breakdown

    ReplyDelete
  6. iron man ගෙ core එක ගැලෙව්වට එයා මැරෙන්න ඉඩක් නෑ. මට මතක විදියට iron man ෆිල්ම් එකේ සැත්කමක් කරලා පපුවට හයි කරලා තිබ්බ එක ගැලෙව්වා. මතකෙ වැරදිද දන්නෑ. හැබැයි ඉතින් ඒක නැතිව අයන් මෑන් අඩපණ වෙනවා අනිවාර්යෙන්ම

    ReplyDelete
  7. මේ කිසිම තැනක Spider Man හිටියේ නෑ කියන එක නම් ෂුවර්.ඒත් කාටද හරියටම කියන්න පුලුවන් Ant Man හිටියේ නෑ කියලා ? අලි, කොටි අස්සේ කූබියෙක් පෙනෙයියැ...... :D

    ReplyDelete
  8. අනෙ බං උබල මාව fb page එකෙන් කරල.මන් comic වලට ගොඩක් ආසයි මචන්ලා.එ නිස මාව unblock කරන්න please.මට ඔයාලට දෙන්න marvel pic එකක් තියනව.ඒ marvelලගෙ cinametic univers picඑක.එකෙ 2016 වෙනකන් එන movies තියනව.ඔරිගිනල් marvel pic එකක්.pls කරන්න. me - https://www.facebook.com/ravimalsandeepa8

    ReplyDelete
  9. මචන්ලා මාව fb page unblock කරන්නකො..හ කමක් නෑ බං. :-( :( මට උබලට දෙන්න ඕනි වුනෙ මේක http://www.google.lk/imgres?imgurl=http://i.imgur.com/ipXtr3J.jpg&imgrefurl=http://imgur.com/gallery/ipXtr3J&h=1561&w=2495&tbnid=Pj0amNDWDoD78M:&docid=qi5QUPHaG94ReM&ei=qgZcVoDKM4yLuATShoHoCA&tbm=isch&ved=0ahUKEwiAx_Gl27fJAhWMBY4KHVJDAI0QMwg8KAwwDA. මේක බලන්න .මේකෙ හැටියට civil war එකෙ antman,spidy නෑ. ironmanට උදවු hank pym කරනවලු. හොදට බලන්න. එfb page eකෙන් මාව block කරන්න මං කරපු වැරැද්දට සමාව ඉල්ලනව, sry. :-(

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න