Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

TENET - Movie Of The Month

  A secret agent embarks on a dangerous, time-bending mission to prevent the start of World War III.

Sif

Sif
The Goddess of War

Asgardians පිළිබඳ ලිපි පෙළේ ඊලඟ ලිපිය වෙන්වන්නේ සුන්දර සුරූපී රණශූර දෙවඟන වන Sif පිළිබඳවයි. Fairest of the fair, Glentlest of the Gentle, Lady Sif, Daughter of the Asgard යන අන්වර්ථ නාම රැසකින් හඳුන්වන Sif, Asgardහි මුර ආරක්ෂක භටයා වන Hemidallගේ සොහොයුරියයි.
#CA0004 - Sif


Sif කුඩාකාලයේදී ඇගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම රන් පැහැව තිබූ බව Earth 616 Comic series එකේ සඳහන් වනවා. කුඩා කල පටන් Thor සහ Loki සමඟ එකට කෙළිදෙලෙන් ගතකරන සමයේදී එක් දිනක Sif නිදා සිටින විට ඊර්ෂ්‍යාකාර Loki විසින් ඇයගේ රන්වන් පැහැති කෙස්වැටිය කපා දමා තිබෙනවා. ඉන්පසුව ඇගේ කෙස්වැටිය වැවෙන්නේ තනි කළු පැහැයෙනුයි. ඔය අතරේදීයි Thorගේ සහ Sifගේ ආදර කථාව දළුලා වැඩෙන්නට පටන් ගන්නේ. මේ දෙන්නගෙ ආදරයට කෙනෙහිලිකම් පාන්නට, ගතු කියන්නට Loki උත්සහ කළත් යම්තාක් දුරකට ඔවුන් දෙදෙනා හොඳ ආදරවන්තයන් බවට පත්වෙනවා. නමුත් Thorගේ හිත පෘථිවියේ Jane Foster වෙත ගිය නිසා Sif සමඟ තිබූ ආදර සම්බන්ධය නතරවී යනවා.

කොහොම වෙතත් Odin, Janeට වැඩි කැමැත්තක් නොදක්වන නිසාත්, Thor වැඩි කාලයක් පෘථිවිය ගැන සොයා බලන්නට වෙහෙසෙන නිසාත් Odin විසින් Sifව Asgard වල රැජිනක් ලෙස නම් කරනවා. ඔය අතරේ Jane Foster අසනීප තත්වයක් නිසා මිය යමින් පවතින විටදී Sif ඇගේ අසනීප තත්වය සුව කරනවා. ඒත් එක්කම Janeව මායාකාරයෙකු පැහැරගත් අවස්ථාවකදී පවා Sif ඇයව සොයා දෙන්නට ඉදිරිපත් වෙනවා. Janeට පෘථිවියේ තවත් පෙම්වතෙකු සිටින බව Thorට දැනගන්න ලැබෙන්නේ ඊට පසුවයි. මෙයින් පසු යළි Asgard වෙත පැමිණෙන Thor යළි Sifට ආදරය ප්‍රකාශ කර ඇයව යම් දිනක විවාහ කරගන්නා බවටද පොරොන්දු වෙනවා.

Sif කියන්නේ ලස්සනට හිටියට සටන් කරන්න ගත්තාම ලස්සන පැත්තකින් තියලා සටනට මූලිකත්වය දෙන කෙනෙක්. ඉතාමත් සුවිශේෂී සටන් කිහිපයකින් Asgard ආරක්ෂාකිරීමටද මැය දායක වී තිබෙනවා. Dark Elvesලා නගරයට පහර දෙන විට මාළිගය සහ නගරය ආරක්ෂා කිරීමට සටන් පෙරමුණේ මූලිකත්වය ගන්නේ Sif විසිනුයි. එමෙන්ම Titanium Manව, Leirව සහ American War Veleransලාව පරාජය කිරීමටද Sif සමත් වෙනවා. මේ අතරේ Hela නැමති මායා දෙව්දුව Sifව පැහැරගෙන යනවා. මේක අරංචි වන Thor මායා දෙව්දුව හමුවී Sifගේ ජීවිතය වෙනුවට තමන්ගේ ජීවිතය ගන්නා මෙන් නොබියව පවසනවා. තමන් ඇයට කොපමණ ආදරය කරනවාද කියා Thor පවසන්නේ Sif ඉදිරියේදීමයි. ඉන් පැහැදෙන Hela දෙව්දුව ඔව්න් දෙදෙනාවම නිදහස් කර යවනවා.

කෙසේ නමුත් අවසන Ragnarok Circle එක අතරතුරේදී සතුරන් විසින් මායාකර්ම කරන ලද ආයුධයක් ඇනී Sif මිය යනවා. නමුත් sifගේ ආත්මය වයසක කාන්තාවකගේ ශරීරය තුළ රැඳෙනවා. Dr. Blake සහ Jane විසින් Sifගේ ආත්මය සිරවී සිටින කාන්තාව සොයාගන්නවා. මේ කාන්තාව පිළිකාවකින් මරණාසන්නව සිටින කෙනෙක්. හැකි ඉක්මනින් Thorගේ උදව් සහ Lokiගේ උපදෙස් අනුව ඔවුන් Sifට යළි ජීවිතය ලබා දෙනවා. නමුත් Sifගේ ආත්මය රැඳී තිබුණු කාන්තාව මිය යනවා. නැවතත් Thor ඇතුළු පිරිස Midgard Serpent සමඟ සටන් වැදුනත් මේ අවස්ථාවේදී Thor මිය යන්නේ Thor ‍යුගයක අවසානය සනිටුහන් කරමිනුයි. Thorගේ අවසන් කටයුතු සඳහා Sifද සහභාගී වන බවත් comic පොත් වල සඳහන් වනවා.

දැන් අපි Sifගේ තිබෙන ශක්තීන් සහ හැකියාවන් ගැන සොයා බලමු. Odinට වගේම Sifටත් මිනිසුන් මෙන් දස දහස් ගුණයක් ඉක්මවූ ශක්තියක් (Superhuman Strength), ඉතාමත් කඩිසර බවක් (Superhuman Agility), සුපිරි වේගයක් (Superhuman Speed), දිගු කාලයක් ජීවත්වීමේ හැකියාවත් පමණක් නොවෙයි ප්‍රතිජනක සුවවීමේ හැකියාවක් (Regenerative Healing Factor) එකකුත් පිහිටනවා. ඒ වගේම සිතූ තැනින් තවත් තැනකට teleport වන්නටත්, අනෙක් Asgardian වරුන්ගේ ශක්තියෙන් කෙටි ආරෝපණයක් ලබා ගෙන එමගින් තමාව ශක්තිමත් කරගන්නත් Sifට පුලුවන්. ඇගේ කඩු හරඹ වලට ඇති දක්ෂකම නිසා ඇයට වඩා දක්ෂ රණකාමී කාන්තාවක් ඇස්ගාඩ්හි දැනට නැහැ.

SmAsHeR
CA0004

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න