Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

TENET - Movie Of The Month

  A secret agent embarks on a dangerous, time-bending mission to prevent the start of World War III.

Shazam (Captain Marvel)

Shazam (Captain Marvel)
Shazam එහෙමත් නැත්තන් Captain marvel කියන චරිතය මුලින්ම නිර්මාණය කරන්නෙ 1939, C.C. Beck (artist) සහ Bill parker (writer) විසින්. 1940දි තමා මුලින්ම මේ චරිතය අපි අතරට එන්නෙ Whiz comics #2 වලින්. මේ චරිතයෙ මුල් අයිතිය තිබුනෙ Fawcett Comics සමාගමට Captain marvel කියන චරිතය කාලයක් supermanට වඩා ජනප්‍රිය උනා. මේක නිසා captain marvelට පුලුවන් උනා තමන්ගෙම film එකක් ලැබුනු පලමු comic book superhero වෙන්න. adventures of captain marvel තමා මේකෙ නම. කොහොමහරි 1953දි Fawcett captain marvel comics ලියන එක නැවැත්තුවා මොකද captain marvel කියන්නෙ Dc comics වල supermanගෙ කොපියක් නිසා. පස්සෙ මේ චරිතය Dc comics වලට එකතු වෙනව 1972දී. ඒත් මේ වෙනකොට marvel සමාගමෙන් captain marvel කියලා චරිතයක් නිර්මාණය කරලා තිබුන Dc සමාගමට එයාලගෙ comic book එකට වෙන නමක් දාන්න සිද්ද වෙනවා, මෙතනදි තමයි Shazam කියන නම එන්නෙ. පස්සෙ 2011 new 52 relaunch එකේදි captain marvel කියන නම සම්පූර්ණයෙන්ම shazam කියලා මාරු කරනව. 
#H0009 - Shazam
William joseph batson ( billy batson ) කියන්නෙ අවුරුදු 12ක පොඩි කොල්ලෙක්. Billyගෙ අම්මයි තාත්තයි දෙන්නම black adamගෙ අතින් මැරුම් කනව. මේක නිසා billyට සිද්ද වෙනව එයාගෙ මාමත් එක්ක නතරවෙන්න. ඒත් එයාගෙ මාමා හිතුව තරම් හොද කෙනෙක් නෙවේ. එයා billyගෙ දේපල උදුරගෙන billyව ගෙදරින් පන්නනවා. පස්සෙ billy පාරෙ පත්තර විකුණල තමා ජීවත් වෙන්නෙ. එක දවසක් මුලු ඇගම වහගත්ත අමුතු පුද්ගලයෙක් billyව රහසිගත subway එකකට එක්කන් යනව. එතන magical train එකක් මෙයාල එනකන් බලන් ඉන්නවා. කොහොමහරි පස්සෙ මේ කෝච්චිය රහසිගත ගුහාවක නවත්තනව. මෙතන පිළිම හතක් තියෙනව, මේ පිළිම හතට කියන්නෙ මිනිසාගෙ භයානකම හතුරො හත් දෙනා කියලා ( the seven deadly enemies of man ) මේක තමා shazam කියන මායාකාරයගේ ගුහාව. මෙතනදි පටලගන්න එපා මොකද shazam මායාකාරය සහ shazam superhero කියන්නෙ දෙන්නෙක්. මෙතනදි shazam කියනව billyට එයා තමා shazamගෙ අලුත්ම champion සග එයාට දෙනවා Shazamගෙ powers. මෙතන shazam කියන නම හැදෙන්නෙ මෙහෙමයි. 
S- solomon - (wisdom of solomon)
H- hercules - (strength of hercules)
A- atlas - (stamina of atlas)
Z- zeus - (power of zeus)
A- achilles - (courage of achilles)
M- mercury - (speed of mercury)
Billy Shazam කියලා කිව්වම තමා වැඩිහිටි superhero කෙනෙක් වෙන captain marvel වෙන්නෙ. Billyට powers දෙනවත් එක්කම shazam මායාකාරය මැරෙනව ඒත් කොහොමහරි පස්සෙ මෙයාගෙ හොල්මන තමා billyට උදව් කරන්නෙ. 

New 52 ( Shazam ) 
කලින් කිව්වා වගේ 2011දි captain marvel කියන නම shazam කියලා වෙනස් උනා වගේම shazamගෙ අතීත කතාවවත් වෙනස් උනා. ඊට අමතරව එයාගෙ costume එකට අලුතෙන් දිග cloak එකක් සහ hood එකකුත් එකතු උනා. මුලින්ම 2012 මාර්තු වල justice league #7 වල backup story එකක් විදිහට තමා shazam එන්නෙ. Geoff johns සහ Gary frank තමා මෙයාව අලුතෙන් නිර්මාණය කරන්නෙ. 
මේකේ billy batson කියන්නෙ අවුරුදු 15ක, අනාත නිවාසෙක ඉන්න විසේකාර කොල්ලෙක්. පස්සෙ billy bullyල දෙන්නෙක්ගෙන් බේරිලා subway එකකට දුවද්දි ඒ train එක magical train එකකට හැරවිල shazam කියන මායාකාරය ඉන්න තැනට එනව ( the rock of eternity )shazam billyට කතා කරල කියනව එයාට අලුත් champion කෙනෙක් ඕන කියල. ඒකට පිරිසිදු හදවතක් තියෙන්න ඔන කියල. පස්සෙ shazam billyව පරීක්ෂා කරලා කියනව billyත් අනිත් හැම එක්කෙනාම වගේ කියලා. පස්සෙ billy කියනවා පිරිසිදු හදවතක් තියෙන අය තව දුරටත් නෑ කියලා. කොහොමරි පස්සෙ billy මේ පරීක්ෂණය සමත් වෙනවා. පස්සෙ shazam කියනව billyට " shazam " කියන වචනෙ කියන්න කියලා ඒත් ඒක කියන්න ඕනෙ අරමුණක් සහ විශ්වාසය ඇතුව කියලා. පස්සෙ billy shazam කිව්වම billy shazam බවට හැරවෙනව. ඒ එක්කම shazam මායාකාරය අතුරුදන් වෙනව එයාට අනාගත තර්ජන වලට මූන දෙන එක එයාට බාර දීලා. 

Marvel family
  • Captain marvel ( Shazam ) 
  • Captain marvel jr.
  • Mary marvel 
  • Uncle marvel
  • Marvel bunny

Powers
  • Superhuman strength,
  • Speed,
  • Stamina,
  • Courage
  • Flight
  • Magical electric lightning 

Movies 
  • Justice league war-
  • Justice league throne of atlantis-
  • Superman/shazam: the return of Black adam-
  • Shazam ( 2019)

Video games
  • Mortal kombat vs. Dc 
  • Batman: the brave and the bold
  • Lego batman 2: Dc super heroes
  • Injustice: gods among us
  • Lego batman 3: beyond gotham

ඔබ දන්නවද earth 3 වල Shazam Alexander Luthor බව. 

Shazam
H0009

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න