Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

TENET - Movie Of The Month

  A secret agent embarks on a dangerous, time-bending mission to prevent the start of World War III.

Scott Summers - Cyclops

Scott Summers - Cyclops
X-Men Part 02 (1st X-Men)

ඇමරිකාවේ එයාෆෝස් එකේ මේජර් ක්‍රිස්ටෝපර් සමර්ස්(ඒ.කේ.ඒ කෝසාර්) හා ඔහුගේ බිරිද කැතරින් ඈන්ගේ වැඩිමහල් පුතා තමයි ස්කොට් සමර්ස්.. ස්කොට්ගේ බාල සහෝදරයා ඇලෙක්ස් සමර්ස්(ඒ.කේ.ඒ හැවොක්).. 
CX0003 - Cyclop

කැතඉන්ට තව දරුවෙක් ලැබෙන්න ඉන්න කාලේ(ගේබ්‍රියෙල් සමර්ස් ඒ.කේ.ඒ වුල්කෑන්) නිවාඩුවකට ගිහින් ආපහු ක්‍රිස්ටෝපර් සමර්ස්ගේ පෞද්ගලික ගුවන් යානයකින් ආපහු එනකොට පිටසක්වල ජීවීන් වර්ගයක් වන ෂි'යාර් අධිරාජ්‍යයේ ඔත්තු යානාවක් නිසා හදිස්සියෙම සමර්ස්ලාගේ ගුවන් යානයට ගිනි ඇවිලෙනවා.. කැතරීන් සමර්ස් ස්කොට්වයි, ඇලෙක්ස්වයි ප්ලේන් එකේ තිබ්බ එකම පැරශූට් එකත් එක්ක ගුවන් යානයෙන් පිටට තල්ලු කරනවා.. පැරශුට් එකටත් ගිනි ඇවිලෙනවා.. ඒ වෙලාවේ තමයි ස්කොට්ගේ මියුටන්ට් පවර් එක මුලින්ම ක්‍රියාතමක වෙන්නේ.. ස්කොට් ඇස් දෙකෙන් විකම්ප(සංඝාත ) කදම්බයක් (කන්කශන් බීම් එකක්) විහිදුවලා එයාලා පොළවට වැටෙන වේගය අඩු කරගන්නවා.. ගුවන් යානය පුපුරන්න මොහොතකට කලින් ශි'යාර් යානයෙන් කැතරීන්වයි, ක්‍රිස්ටෝපර්වයි එයාලගේ යානයට ටෙලිපෝට් කරගන්නවා..
පොළවට වැටුණාට පස්සේ ස්කොට්ට දරුණු ඔලුවේ වේදනාවක් ඇති වෙනවා.. ස්කොට්ගේ ඔප්ටික් බ්ලාස්ට් එක පාලනය කරන්න ශක්තිය දෙන මොළයේ කොටසට හානි වෙලා.. මේ අනතුර නිසා අවසිහියෙන් ඉන්න ළම්යි දෙන්නාව රෝහලකට යවනවා.. ජාන විද්‍යඥයෙක් විදියට එතනට එන මිස්ටර් සිනිස්ටර් මේ සහෝදරයෝ දෙන්නාගෙන් වැඩි විභවයක් තියෙන්නේ ස්කොට් සමර්ස්ට කියලා තේරුම් අරගෙන ස්කොට්ට දුර්වලතාවයක් ඇති කරන්න, ස්කොට්ව සංවේදීතාවය නිසා අනතුරකට ලක් කිරීමේ හැකියාව වැඩි කරන්න සහෝදරයෝ වෙන් කරලා ඇලෙක්ස්ව දරුකමට හදාගන්න අරන් යනවා.. මේ සිද්ධියෙන් පස්සේ දවසක් රෑ හීනෙන් බය වෙලා ඇහැරෙන ස්කොට් අතින් රෝහලේ වහල සම්පූර්ණයෙන් විනාශ වෙනවා.. ස්කොට් ආයේ ඇහැරෙනකොට අවුරුද්දක් ගෙවිලා ගිහින්..
ඊළගට රොහලෙන් ස්කොට්ව අනාථ නිවාසෙකට යවනවා.. මේ අනාථ නිවාසේ අයිතිකාර මිල්බරි කියන පුද්ගලයා මිස්ටර් සිනිස්ටර්ගේ මිත්‍රයෙක්.. මිල්බරිත් ස්කොට්ව යොදාගෙන නොයෙක් පරීක්ශන කලා.. සිනිස්ටර් ස්කොට්ට මානසික බාධාවන් ඇති කලා.. ඒ වගේම ස්කොට්ගේ රූම් මේට් වන ලෙෆ්ටි විදියට හිටියෙත් මිස්ටර් සිනිස්ටර්.. ලෙෆ්ටි විදියට සිනිස්ටර් ස්කොට්ට නිතරම නොයෙක් හින්සාවන් කලා ස්කොට්ගේ පෞරුෂය බිදවට්ටන්න.. ස්කොට්ව කවුරු හරි අරන් හදාගන්න කැමති උනත් සිනිස්ටර් නිතරම ඒකට මැදිහත් වෙලා ස්කොට්ව අරන් හදාගන්න අරන් යන එක වලක්වනවා.. 
ස්කොට්ට නිතර් නිතර් ඔලුවේ කැක්කුම් ඇති වෙනවා.. ඒ නිසා ඒ ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් ළගට යවනවා.. මේ වෛද්‍යවරයා විදියට ඉන්න්ත් මිස්ටර් සිනිස්ටර්මයි.. එයා ස්කොට්ට රූබි ක්වාට්ස්වලින් හදපු කණ්ණාඩියක් දෙනවා.. ඒත් ස්කොට්ට පාලනය කරගන්න බැරි විදියේ ඉශාල බලයකින් මේ විකම්ප කදම්භ විහිදෙන්න ගන්නවා.. මේ ඔප්ටික් බ්ලාස්ට් එක නිසා ළග තිබ්බ දොඹකරයක් විනාශ වෙලා ඒකෙන් ඔසවමින් තිබ්බ බර භාණ්ඩ ගොඩ ඒ ළග බය වෙලා හිටපු මිනිස්සු ගොඩක් උඩට වැතෙනවා.. ස්කොට් තවත් ඔප්ටික් බ්ලාස්ට් එකකින් ඒ භාණ්ඩ ගොඩ පුපුරවලා එයාලව බේරගන්නවා.. ඒත් බලා හිටපු අය හිතන්නේ ස්කොට් පාතාල කල්ලියක කෙනෙක් වෙලා ත්‍රස්ත ක්‍රියාවක් කලා කියලා.. ස්කොට් බඩු අරන් යන කෝච්චියක නැගලා පැනලා යනවා..
ස්කොට්ව අහුවෙනවා පරාධකාර මියුටන්ට් කෙනෙක්වන ජැක් වින්ටර්ට.. එයාටම තමා ජැක් ඔ'ඩයමන්ඩ්ස් කියන්නෙත්.. ජැක් ස්කොට්ගේ හැකියාව දැකලා ළමයාව අපරාධ ක්‍රියාවලට බලෙන් සහභාගී කරගන්නවා.. ඒ වගේම ළමයාට බලහත්කාරෙන් ශාරීරික අතවර කරනවා..
මේ අතරේ ප්‍රොෆෙසර් එක්සේවියර් මියුටන්ට්ස්ලාව හොයන්න පටන් අරගෙන.. ෆ්‍රෙඩ් ඩනකන් කියන එෆ් බී අයි ඒජන්ට් එක්සේවියර්ට උදව කරනවා වින්ටර්ගෙන් ස්කොට්ව බේරගෙන එන්න.. ප්‍රොෆෙසර් එක්ස් ස්කොට්ගේ උපාය මාර්ග හැසිරවීමේ විශේෂ දක්ශතාවයයි, නායකත්ව හැකියාවයි අදුනගෙන ඒ හැකියාවන් දියුණු කරගන්න උදව් කරනවා.. ප්‍රොෆෙසර් එක්ස් බලයන් පාලනය කරන්න උගන්නන මියුටන්ට්ස්ලාගෙන් එක්ස් මෙන්ලාගේ පළවෙනි සාමාජිකයා වෙන්නේ ස්කොට් සමර්ස්..

ඇපොකලිප්ස්
CX0003

1 comment:

  1. Cyclops ta powers labenne kohomada.? e gana poddak kiyanna puluwanda?

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න