Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

TENET - Movie Of The Month

  A secret agent embarks on a dangerous, time-bending mission to prevent the start of World War III.

Odin Borson

Odin Borson
The God of Wisdom
Asgardiansලා ගැන පළ කරන අපේ 3වන ලිපියෙන් අපි Odin Borson ගැන කථා කරන්න තීරණය කළා. Odinගේ උත්පත්තිය සම්බන්ධව හරි හැටි විස්තරයක් හොයාගන්නට අමාරුයි. Comic වල සඳහන් වන හැටියට Odinගේ පියා ඇස්ගාඩියන්වරුන්ගෙන් ප්‍රථමයෙකු වන Bor ලෙසටත්, මව mountai giantess කෙනෙකු වන Bestla ලෙසටත් සැලකෙනවා. ඒ විතරක් නෙවෙයි Odinට තවත් සහෝදරයන් දෙදෙනෙකු සිටිනවා. ඔවුන් නමින් Vill Borson සහ Ve Borson වනවා. කුඩා කාලයේදී මොවුන් තිදෙනා Surtur නැමති ගිණි රාක්ෂයාගේ බල ප්‍රදේශයක සංචාරය කරද්දී Vill සහ Ve Surturගේ ප්‍රහාරයකින් මිය යනවා. Odinගේ දිව්‍යමය ශක්තියශාසීමිත ලෙස වැඩිවන්නටද හේතුව මෙය ලෙස හඳුන්වන්නට පුලුවන්. ඒ කියන්නේ මියගිය සහෝදරයන්ගේ ශක්තියත් Odin තුළට ඇවිල්ලා කියන එකයි.
#CA0003 - Odin

Odin කියන්නේ අපි හැමෝම දන්න Thorගේ සහ හදාවඩාගත් පුත් Lokiගේ පියා. වරෙක තම පියා Storm Frost Giantsලා එක්ක කරන සටනකදී frost Giant කෙනෙක් විසින් Borව අයිස් වලින් මුදවනවා. එතැනට පැමිණෙන Odin හිතාමතාම තම පියාව අයිස්හි මිදෙන්නට හැර ජයග්‍රහණය තනිව ලබාගත්තා යැයිද සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී Bor විසින් කරන ලද ශාපයක් නිසා පසුකාලෙක Odinට Lokiව හදාවඩා ගන්නට වුණා කියලයි Lokiගේ Comic පොත්වල සඳහන් වෙන්නේ.

Odin විසින් Asgard වල විශේෂිත සටන් කිහිපයකටම දායක වෙලා තියෙනවා. Rimthursar නැමති මායා දෙවිඳුන් සමඟ කළ සටනේ ප්‍රතිඵලයක් ලෙසට Thorගේ සැබෑ මව හමුවූ බවටත් එයින් පසු Thorගේ උපතට එය බලපෑ බවත් සඳහන් වෙනවා. තවද Kryllik සහ ඔහුගේ හමුදාව සමඟ කළ සටනද, Millennius සමඟ කළ සටනද, Mangog නැමති Snow Giant සමඟ කළ සටන සහ Laufey නැමති Frost Giant සමඟ කළ සටනද කැපී පෙනෙනවා. මේ සටන්වලට Odin තමන්ගේ කළු කපුටන් කිහිපදෙනාද රැගෙන යන අවස්ථාද බොහොම බව Earth 616 series එකේ සඳහන්. ඔවුන් පිළිවෙලින් සිතිවිලි, මතකය, ලොල් බව සහ මහත් කෑදරකම පිළිඹිඹු කළා කියලා සටහන් වෙනවා.

දැන් අපි Odin සතු ශක්තීන් සහ හැකියාවන් ගැන කතා කරන්නට ගනිමු. අපි දන්නවනේ Odin කියන්නේ දෙවියන්ගේත් විශිෂ්ඨයෙක් කියලා. ඒ නිසාම Odinට මිනිසුන් මෙන් දස දහස් ගුණයක් ඉක්මවූ ශක්තියක් (Superhuman Strength) පිහිටා තිබෙනවා. එලෙසම ඉතාමත් කඩිසර බවක් (Superhuman Agility), සුපිරි වේගයක් (Superhuman Speed), විශාල ප්‍රත්‍යාවර්තිත හැකියාවක් (Superhuman Reflexes), සුපිරි සවිබලයක් (Superhuman Stamina) සහ අධික දරාගැනීමේ හැකියාවක් (Superhuman Durability) රඳා පවතිනවා. ඒ පමණක් නොවෙයි ප්‍රතිජනක සුවවීමේ හැකියාවක් (Regenerative Healing Factor) එකකුත් පිහිටනවා. ඒ වගේම අනෙක් ඇස්ගාඩියන්ස්ලාට වගේම දිගු කාලයක් ජීවත්වීමේ හැකියාවත් තිබෙනවා.

Odin සති ප්‍රධානම හැකියාව වන්නේ Odin Force එකයි. Odin Force කියන්නේ අධික මායා ශක්තියක් අඩංගු දෙයකටයි. මෙමගින් Odinට මිනිසුන් විශාල ප්‍රමාණයක් එක් සිතිවිල්ලකින් විශ්වයේ කොහේ හෝ ස්ථානයකට යොමුකිරීමේ හැකියාවත්, එලෙස යොමුකරන්නවුන්ගේ සිත් කියවීමටත්, ශක්ති කදම්භ මගින් පහර දීමටත්, පදාර්ථය විවිධ විවිධ අරමුණු වලට යොමු කරවීමටත්, විනිවිද යා නොහැකි ස්ථර ක්ෂේත්‍ර මැවීමටත්, නරගක්ම පුරා අහසින් ආරක්ෂා කිරීමට ආරක්ෂා පලිහක් ක්ෂණයකින් මැවීමටත්, වස්තූන් වෙතට බලය ලබාදීමටත්, සම්පූර්ණ ග්‍රහ ලොවකම ජනාවාසය එක් අයෙකු බවට පත්කිරීමටත්තරම් හැකියාවක් ලැබෙනවා. මේ නිසාම Marvel Comics වල ප්‍රබලම චරිත දෙකක් වන Silver Surferව සහ Thanosව එක් ආලෝක කදම්භ පහරකින් බිම දැමීමටත් Odin සමත් වෙනවා. මේ නිසාම ඔහුව God of Wisdom ලෙසිනුත් Comic පොත් වල නම් කර තිබෙනවා.

මෙච්චර වෙලා Odin සතු ශක්තීන් සහ හැකියාවන් ගැන කථා කළානේ. එහෙනම් අපි බලමු Odin සතු දුර්වලතා මොනවද කියලා. Odin සතු ප්‍රධානම දුර්වලකම තමයි Odin Sleep එක. හැම අවුරුද්දටම එක පාරක් Odin මේ තත්වයට පත්විය යුතු වනවා. සරලව කිව්වොත් Odin Force එක නැවත ආරෝපණය කරගන්නට(recharge) යම් ආකාරයක නින්දක් ලබාගත යුතු වනවා. ඒ නින්ද සමහර විට දිනයක්, දෙකක් හෝ සතියකට වැඩි කාලයක් වන්නටත් පුලුවන්. මේ වකවානුවේදී Odin සාමාන්‍ය මනුෂ්‍යයෙකු හා සමාන වනවා. ඒ කියන්නේ මේ Odin Sleep එක අතරතුරදී ඔහුව මරා දමන්නටත් පුළුවන්. Film එකේදි Loki විසින් Odinව මරන්න එන්නේත් මේ Odin Sleep එක අතරදි කියලා හැමෝටම මතකයිනේ.

SmAsHeR
CA-0003

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න