Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

TENET - Movie Of The Month

  A secret agent embarks on a dangerous, time-bending mission to prevent the start of World War III.

Batman Vs Robin (2015) - Trailer Part 01

Batman Vs Robin (2015) - Trailer Part 01

Spoiler Warning

අපි අද කතා කරන්න යන්නෙ dc සමාගමෙන් එන අලුත්ම animated movie එක ගැන.
#A0001 - Batman Vs Robin (2015) - Trailer Part 01

#1 -Damian wayne 
Son of batman film එකේ වගේ මේ film එකෙත් ඉන්නෙ Damian wayne , robin. Damian කියන්නෙ batmanගෙයි taliaගෙයි පුතා සහ මෙයාව පොඩි කාලෙ ඉදලම පුරුදු කරලා තියෙන්නෙ එයාගෙ සීයා Ra's al Ghul වගේ සුපිරී assassin කෙනෙක් වෙන්න. League of assassins එක්ක හිටපු නිසා වෙන්නැති ටිකක් විතර දඩබ්බරයි මෙයා. 
#2- damians babysitter 
මේකට damian හොරෙන් එලියට යන්න හදන සීන් එක සම්බන්ධ වෙන්න පුලුවන්. ඒක නිසා වෙන්න පුලුවන් damianව තියලා batman විතරක් යන්නෙ. ඒත් කවුද damianගෙ babysitter? අපි තාම දන්නෑ ඒත් මගේ අදහස වෙන්නෙ nightwing එහෙමත් නැත්තන් පලමු robin. ඒක නිසා වෙන්න පුලුවන් damian සහ nightwing fight කරන්නෙ. (#3)
#3- nightwing
මේක ඔයාලා දැක්කද දන්නෑ ඒත් son of batman සහ මේ film එකයි දෙකම new 52 universe එකේ තමා සිද්ද වෙන්නෙ. New 52 nightwingගෙ පාට රතු සහ කලු ඒත් son of batman සහ මේකෙයි දෙකේම nightwingගෙ පාට වෙන්නෙ නිල් සහ කලු ඒ වගේම මේ costume එක young justice nightwingගෙ costume එකට ගොඩක් සමානයි. 
#4- Dollmaker 
Court of owls තමයි මේකේ ප්‍රධානම villainsල. ඊට අමතරව ඉන්නෙ dollmaker තමා දෙවැනි villain එකෙන් හැටියට. හරියට son of batman එකේ killer croc වගේ. මේකෙ ඉන්න පොඩි ලමයි ටික මන් හිතන්නෙ dollmakerගෙ රොබෝල ටිකක්. එහෙම උනොත් මුලදි කතාව පටන් ගන්න කලින් වගේ තමා මෙයාලව බලන්න හම්බෙන්නෙ. ( පින්තූරෙ චාටර් සොරි වෙන්න ඕනා ) 
#5- 
මෙයාලට තමා court of owls කියන්නෙ, පේන හැටියට මෙයා තමා ලොක්කා. Court of owls කියන්නෙ එක සංවිධානයක් මුලු නගරෙටම හොරෙන් ගෙනියන. මුලදි batman පවා මෙයාල ගැන දැනන් හිටියෙ නෑ. Comic වලදිනන් මෙයාලට ඕන වෙන්නෙ නගරෙ ඉන්න සල්ලි කාරයො මරලා දාලා මුලු නගරෙම එයාලගෙ අතට ගන්න එක. 
#6- Talon 
මෙයාලා තමා court of owls එකේ අයගෙ ලොකුම ආයුධය. මෙයාල ගැන කෙටියෙන්ම කියනවනන් මෙයාලා undead assassinලා. පින්තූරෙ ඉන්න කෙනා තමා ප්‍රධානම කෙනා. Night of the owls story line එකේ මෙයා තමා thomas wayne jr. එහෙමත් නැත්තන් bruceගෙ අයියා. ඒත් මේ film එකේ එයා කවුද කියලා තාමනන් දන්නෙ නෑ thomas wayne jr. වෙන්න පුලුවන් එහෙමත් නැත්තන් වෙන කෙනෙක් වෙන්න පුලුවන්. 
#7- bruce wayne vs court of owls 
අපි හැමෝම දන්නවනෙ හුග වෙලාවට හැම villain කෙනෙක්ම පහර දෙන්නෙ batmanට මිසක් bruce wayneට නෙවේ කියලා. මෙතනදි අපිට බලන්න පුලුවන් court of owls එකෙ අය bruceට පහර දෙනව. Comic වල මුලදි මෙයාලට තරහා තියෙන්නෙ bruce wayne එක්ක මිසක් batman එක්ක නෙවේ. 
#8- Bat thrasher suit 
Night of the owls story line එකේ talonලා batcave එකට පහර දෙද්දි batman පාවිච්චි කරන්නෙ මේ suit එක තමා. පිටි පස්සෙ තියෙන්නෙ bat thrasher suit එක කියලා ගොඩක් දුරට හිතන්න පුලුවන් 
#9- ඒ වගේම මේක batman ඒ suit එක ඇතුලෙ ඉන්න කොට වෙන්න පුලුවන් කියලා ගොඩක් දුරට හිතන්න පුලුවන් 
10- Batman vs robin 
Film එකේ නම Batman vs robin උනාට මේක කලින් කිව්වා වගේ night of the owls story line එකෙන් තමා නිර්මාණය වෙන්නෙ. මෙතන්දි වෙන්නෙ court of owls එකෙ අය robinව පාවිච්චි කරනව batmanට පහර දෙන්න ඒක නිසා වෙන්න පුලුවන් මේකෙ නම Batman vs robin වෙන්නෙ.

Trailer එක බලන්න




No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න