Latest
Loading...

Knowledge HUB

HOT NEWS

Featured Post

Sonic The Hedgehog - Movie of the Month

Sonic tries to navigate the complexities of life on Earth with his newfound best friend -- a human named Tom Wachowski. They...

Beast Boy

Beast Boy
Beast boy මුලින්ම ඩීසී කොමික්ස් වලට එන්නෙ doom patrol #99 දීය. ඒ 1965 වර්⁣ෂයේදී. චරිතය නිර්මාණය වෙන්නෙ Arnold Drake සහ Bob brown අතින්.

• Main Origin of original beast boy.

ජීව විද්යාඤයන් දෙපලක්⁣ වෙන මාක් ලෝගන් සහ මාරි ලෝගන් තමන්ගෙ අවුරුදු දෙකක් වෙන ගාෆිල්ඩ්වත් රැගෙන ආප්රිකාවට යනවා. ඒ පර්යේෂණ වගයකට. මෙතනදි ගාර්ෆිල්ට රෝගයක් වැලඳෙනවා. මේ වෙලාවේ ගාෆිල්ගෙ තාත්තට තීරණයක් ගන්න වෙනවා තමන්ගෙ පුතාට ජානමය වශයෙන් ප්රතිකාර කරන්න. මේකෙදි සිද්ද වෙන්නෙ මිනිස් සහ සතුන්ගෙ ජාන ගාෆිල්ඩ්ට බෙදාගන්න පුලුවන් වෙන එක. කෙටියෙන්ම කීවොත් ජාන බන්ධනයක්. මේ වැඩේ ඩොක්ට ලෝගන් කරන්නේ යන්ත්රයක් ආධාරයෙන්. කොහොමහරි මේ දේ නිසා ගාෆිල්ඩ්ට අතුරු ආබාධ ඇති වෙනවා. ඒ ගාෆිල්ඩ්ගෙ සම කොළ පාට වීමෙන්.

අවුරුදු ගානකට පස්සෙ ගාෆිල්ඩ්ගෙ අම්මා මොම්බා කියන සර්ප විශේෂයකට අයත් සර්පයෙක්ගෙ දෂ්ට කිරීමකට ලක් වෙනවා. මෙතනදි තමන්ට ලැබුන බලය බාවිතා කරන ගාෆිල්ඩ් තමන්ගෙ අම්මව බේරගන්නවා. ඒත් සමහර සුප හීරෝලගෙ,විලන්ලගෙ දෙමව්පියන් වගෙ ගාෆිල්ඩ් ගෙ දෙමව්පියන් දෙන්නව අවාසනාවන්ත විදියට මිය යනවා. ඒ බෝ⁣ට්ටු අනතුරකින්. ඊට පස්සෙ ගාෆිල්ඩ් හදා වඩා ගන්නවා tawaba නම් රජු විසින්. ඔහු ගාෆිල්ඩ්ගෙ දෙමව්පියන්ගෙ යාලුවෙක්.
ආරවුල් කිහිපයක් ඇති වෙලා ගාෆිල්ඩ්ට නිශ්චිත බාරකාරයෙක් නැති වෙනවා. ඇමරිකානු අධිකරණය මගින් ගාෆිල්ඩ්ට බාරකාරයෙක් පත් කරනවා. ඒ Nicholas Galtry නම් නීතිඥයව. ඔහු පසුව ගාෆිල්ඩ් ව ඝාතනය කරන්න සැලසුම් කරනවා ලෝගන් පවුලෙ ධනය ලබාගන්න. ඒ සැලසුම අසාර්ථක වෙනවා. මේ දේවල් වලින් බේරෙන්න ගාෆිල්ඩ් ට උදව් වෙනවා doom patrol නම් සුප හීරෝස්ලගෙ කන්ඩායමක්. ගාෆිල්ඩ් බීස්ට් බෝයි විදිහට doom patrol හි සාමාජිකයෙක්ද වෙනවා. පස්සෙ කාලෙක බීස්ට් බෝයි ටයිටන්ස් නම් ඩික් ග්රේසන්ගෙ නායකත්වයෙන් යුතු සුප හීරෝ කන්ඩායමට එකතු වෙනවා නපුරට එරෙහිව සටන් කරන්න.

• Abilities

Shapeshifting - බීස්ට් බෝයි හට එයා දන්න නොදන්න හැම සතෙකුගෙ ස්වරූපය ලබාගන්න පුලුවන්. පෘථිවියෙ විතරක් නෙවෙයි, වෙන ග්රහ ලෝක වල වඳ වී ගිය සතුන්ගෙ පවා වේෂය,හැකියාවන් ලබාගන්න පුලුවන්. ගාෆිල්ඩ්ට මේ මාරු කරගන්න සතා තමාට කැමති ප්රමාණයකට කුඩා කර ගැනීමට හා විශාල කරගැනීමට හැකියාව තියෙනවා. ඔහු කෙතරම් ස්වරූප වලට මාරු උනත් මිනිස් බුද්ධිය තියාගෙන වැඩ කිරීමේ හැකියාව තියෙනවා.

Poisons - සතුන් ලඟ තියෙන මාරක විෂ වර්ග එහෙම ලැබෙනවා ගාෆිල්ඩ්ට. උදා - ගාෆිල්ඩ් ⁣උග්ර විෂ මකුලුවෙකුගෙ වෙස් ගත්තහම ඒ මකුලුවට තියෙන විෂ ඒ ආකාරයෙන්ම ලැබෙනවා.

ඉතිං බීස්⁣ට් බෝයි ගැන දැන ගන්න අැති කියලා හිතනවා. මීට අමතරව Titans Series එකෙන් අපිට Beast Boy බලාගන්න පුලුවන්. හැබැයි true power පෙන්නලා නැ. අපි බලන් ඉමු ☺️

#iSuRu @[317280772073559:69:DC Extended Universe Community​ Sri Lanka 🇱🇰]

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න