LATEST :

Wednesday, September 18, 2019

🦉- Owlman -🦉

මුලින්ම කියන්න ඕනෙ මෙතන විස්තර කරන්නෙ Owlman කියන කොමික් කැරැක්ට එකේ කොමික්ස් වල සිද්දීන්. ඒ හින්දා අර ඇනිමේටඩ් එකේ මෙහෙමයි අරහෙමයි කියලා කියන්න ගන්න එපා.
Owlman කියන චරිතය මුලින්ම ඩීසී චිත්රකතා විශ්වයට එන්නේ 1964 අගෝස්තු මස Justice League of America #29 කියන කොමික් ඉෂූ එකෙන්. චරිතය නිර්මාණය කරන්නේ Gardner Fox සහ Mike Sekowsky කියන කොමික් රයිටලා දෙන්නා..



Owlman හඳුන්වන්නෙ බැට්මෑන්ගෙ එවිල් වර්ෂන් එක විදියට. හිතාගන්න බැට්මෑන් සුපහීරෝ කෙනෙක් නැතුව විලන් කෙනෙක් එහෙම නැත්නම් දුෂ්ටයෙක් විදියට ඉපදුනානම් කොහොම තියෙයිද.. Owlman අයත් වෙන්නෙ අපේ පෘථිවියටනම් ⁣නෙමේ.. Earth 3 වලට අයත් විශ්වයේ තමා Owlmanගෙ උපත සිද්ද වෙන්නේ.. Earth 3වලදී owlman හඳුන්වන්නෙ අපරාධ ලෝකේ රජු විදියට. ඉතාමත් දරුණු ඝණයේ අපරාධකාරයන් අතර රජු තමා Owlman කියන්නෙ. ඒ වගේම සුපවිලන්ලගෙන් සැඳුම්ලත් Crime Syndicate කණ්ඩායමේ ප්රධාන සාමාජිකයෙක්.
Earth 3 වල owlman ගෙ ඔරිජින් එක මතක විදියට කෙටියෙන් දෙන්නම්.

තෝමස් වේන්ට සහ මාර්තා වේන්ට දාව ළමයි දෙන්නෙක් ඉපදෙනවා වැඩිමල් දරුවට එයාලා නම දාන්නේ තෝමස් වේන් ජූනිය(Thomas Wayne Jr.) කියලා. දෙවනි දරුවට මෙයාලා නම දෙන්නේ බෘස් වේන්(Bruce Wayne) කියලා. තෝමස් වේන් ජූනිය කියන්නෙ උපතින්ම දරුණු ඝණයේ කෙනෙක්. ඒත් බෘස් වේන් එහෙම කෙනෙක් නෙමේ. බෘස් මුලු පවුලටම ලොකු ආදරයක් දක්වනවා. ටිකක් කල් ගියාට පස්සෙ ජූනිය තෝමස්ට තමන්ගෙ පවුල එපා වෙනවා. ඒ එක්කම තෝමස් වේන් ජූනිය තමන්ගෙ මුලු පවුලම ඝාතනය කරනවා එයාලගේ පවුලේ සේවකයා වෙන ඇල්ෆ්රඩ් එක්ක එකතු වෙලා. එදයින් පස්සෙ තමා ලෝකෙට අපරාධ ලෝකේ රජු බිහිවෙන්නේ.. ඒ Thomas Wayne Jr. හෙවත් Owlman විදියට. Owlman ට තව සයිඩ් කික් එහෙම නැත්නම් සහයකයෙක් හම්බෙනවා. ඒ ඩික් ග්රේසන්. ඩික් ඔහුගෙ පාට්න වෙන්නෙ ටැලොන් කෙනෙක් විදියට.
මේක තමා කෙටියෙන්ම Owlmanගෙ කතාව.

Owlman ගෙ පවස් & ඇබිලිටි ටික ගැන කතාකරනවනම් Owlman කියන්නෙ සාමාන්යය මනුස්සයෙක් කිසිම බලයක් නැති. ඔහු මාෂල් ආට්ස්වල මාස්ට කෙනෙක් කොච්චර දක්ෂද කියනවනං Hand to Hand ෆයිට් එකකදී බැට්මෑන් ට Owlman එක්ක හැප්පෙන්න බැහැ. ඒ වගේම ජීනියස් ලෙවල් ඉහළ කෙනෙක්. ඒ වගේම ටෙක්නොලොජි එක අතින් ඉහළ ටෙක්නොලොජි එකක් Owlman සතුයි.
කොටින්ම කියනවනං අපේ පෘථිවියෙ බැට්මෑන් ට වඩා හැම අතින්ම ඉහළින් ඉන්නෙ. ටෙක්නොලොජි එක ගත්තත්,මාෂල් ආට්ස් ගත්තත්,ජීනියස් ලෙවල් ගත්තත් ඒ හැම එකක්ම බැට්මෑන් ගාව තියෙන දේවල් වලට වඩා ඉහළ මට්ටමක තියෙනවා. අවසාන වශයෙන් කට්ටියට ප්රශ්නයක් එනවනං බැට්මෑන්ට Prep Time එකක් තිබුනොත් කොහොම වෙයිද කියලා..ඒකට උත්තරෙත් Owlman දිනනවා. කවුරුහරි කියනවනං Prep time යූස් කරලා බැටාට පුලුවන් Owlman ඩිෆීට් කරන්න කියලා ඒ Owlman ගැන තියෙන නොදැනුවත්කමයි.
ඒ වගේම Owlman ලඟ තව ඇබිලිටි එකක් තියෙනවා බැට්මෑන් ලඟ නැති.. ඒ මිනිස්සුන්ගෙ මනස පාලනය කරන එක.. තවමත් හරියට එළිදරව් කරලා නෑ මේ දේ කොහොමද ⁣Owlman කරන්නෙ කියලා.



Post By,
#iSuRu
|

Spider-Man : Miles Morales


Hello Comic Peeps ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ ගොඩක් කට්ටිය ළගදි අදුරගත්ත Spider Univers AKA Spider Verse එකේ සාමාජිකයෙක් ගැන විස්තර ටිකක් මේ තමයි Miles Morales...
ඉතින් කවුද මේ Miles (කළු කොල්ලා 📷)?ඇත්තටම මෙයට අපේ Peter අයියට වගේ ලොකු History එකක්නම් නෑ.මෙයාව නිර්මාණය කරන්නේ 2011 වගේ මෑතකදී ඒ writer Brian Michael Bendis & artist Sara Pichelli කියන දෙන්නා.ඒ අපේ Peter Parkerගේ successor විධියට.මෙයාගේ Full Name එක තමයි Miles Gonzalo Morales.ජීවත්වෙන්නේ Brooklyn ,New York.මෙයාගේ තාත්තගේ නම Jefferson Davis එයා දැන් Police Officer කෙනෙක් වගේම හිටපු SHIELD සාමාජිකයෙක්📷 .මෙයාගේ අම්මා Rio Morales.Nurse කෙනෙක්(ඉතිරි විස්තර Spider Man into the spider verse movie එකෙන් බලාගන්න පුළුවන්📷) .හරි එහෙනම් අපි බලමු මෙයාගෙයි අපේ Peterගෙයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා.මෙයාව අපිට මුලින්ම හම්බෙන්නේ 2011 අගෝස්තු මාසේ නිකුත් කරපු Ultimate Fallout #4 කොමික් එකෙන්.මේකෙදි තමයි අපේ Peter Parkerගේ මරණය සිද්ද වෙන්නේ.ඊට පස්සේ Peterගේ position එක replace කරන්නේ Miles තමයි.(මෙයා lead character එකක් නොවුනට Ultimate Spider man TV series එකේ සමහර episodes වලදී එහෙන් මෙහෙන් ඉන්නවා).ඊට පස්සේ අපිට මෙයාව Ultimate comics:Spider man කියන comic series එකෙන් දැකගන්න පුළුවන්.ඒ වගේම 2018 දී release කරපු Spider man PS4 game එකෙනුත් දැකගන්න පුළුවන්(Spidey costume එකෙන්නම් නෙවෙයි හැබැයි📷) .
එතකොට මොනාද මෙයාගේ powers & Abilities?
1.𝐒𝐩𝐢𝐝𝐞𝐲 𝐏𝐨𝐰𝐞𝐫𝐬-අපේ Peterගේ powers ඔක්කොම තියෙනවා(ඒවා
හැමෝම දන්නවනේ?📷)
2.𝐕𝐞𝐧𝐨𝐦 𝐁𝐥𝐚𝐬𝐭- මෙයාට කව හරි අල්ලලා ලොකු Electric Blast එකක්
දෙන්න පුළුවන්(මේකට Venom කිසිම සම්බන්දයක්
නෑ 📷).අර Spider verse movie එකේදී අන්තිමට
Kingpinට කරන්නේ මේක තමයි.
3.𝐂𝐚𝐦𝐨𝐮𝐟𝐥𝐚𝐠𝐞 𝐏𝐨𝐰𝐞𝐫-මේක තමයි නොපෙනීයාමේ හැකියාව.
4.𝐄𝐧𝐞𝐫𝐠𝐲 𝐁𝐮𝐫𝐬𝐭-ලොකු electric blast එකක් ඇතිකරන්න පුළුවන්(The
Ultimate Spider-Man,#12දී මේක බලාගන්න
පුළුවන්)
5.𝐑𝐞𝐠𝐞𝐧𝐞𝐫𝐚𝐭𝐞-Accelerated rate එකකින් heal වෙන්න පුළුවන්.
6.𝐐𝐮𝐢𝐜𝐤 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠
(තව මෙයට 𝐒𝐩𝐚𝐧𝐢𝐬𝐡 කථා කරන්නත් පුළුවන් 📷)
මෙයා ඉදිරියට movie field එකේ ලොකු role එකක් play කරයි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් (Spideyta දැනට තියෙන threat එකත් එක්ක හැබැයි මොනවා වෙයිද දන්නේ නෑ ඉතින් 📷)
 
#Spidey_The_Mighty

Friday, September 6, 2019

GhostRecon - Breakpoint - CSGAMERVERSE Exclusive


පසුගිය වතාවේ අපි කතා කළේ Cyberpunk 2077 Game එක ගැන.ඉතිං අද අපි ඔබට ඇරගෙන ආවෙ සුපිරි ගේම් සීරීස් එකක අලුත්ම ගේම් එක ගැන විස්තර ටිකක්.අපි අද කතා කරන්නේ Ghost recon - Breakpoint ගේම් එක ගැන..

Tom clancy's ගේ පොත් පෙළක් පාදක කර ගෙන හැදුනා මේ ගේම් series එකේ සුපිරි ගේම් කිහිපයක්ම තියෙනවා.මේ වෙනකොට නිකුත් වෙලා තියන අවසාන Ghost recon game ඒක තමයි Ghost recon - wildlands කියන්නේ.ඉතින් ඒ ගේම් එක play කරල නැත්නම් අනිවාර්යයෙන් play කරන්න. මොකද wildlands ගේම් එකේ ප්රධාන character එකක් වන Nomad ඒ විදිහට තමයි අපිට ghost recon breakpoint එකේදි play කරන්න ලැබෙන්නේ..

ඉතින් අපි ගේම් එකේ විස්තර පොඩ්ඩක් බැලුවොත් පැසිෆික් සාගරයේ තියෙන Auroa කියන මනාකල්පිත දූපතක තමයි Breakpoint ගේම් එකේ කතාව ගොඩනැගෙන්නේ.කලින් ආපු wildlands game එක වගේම Breakpoint game එකත් open world විදිහට Play කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා.ඒ වගේම Map එක ඒ විවිධාකාර එකිනෙකට ආවේනික location ගොඩක් බලාගන්න පුළුවන් කමකුත් හම්බෙයි.හිම කඳු ,අත්හැර දාපු ග්රාමීය ප්රදේශ,වැසි වනාන්තර වගේම කඳු වැටි වැනි ඉතා පුළුල් පුළුල් ඉතා පුළුල් පරාසයක විහිදුණු ගේම් Environment එකක් අපිට බලාගන්න පුළුවන්.
Skell Technology කියන ආයතනය මේ දූපත ප්රධාන කර ගනිමින් AI develop සහ drone නිෂ්පාදන කටයුතු සිදුකරනවා.Nomad ඇතුලු කණ්ඩායම යවන්නේ මේ සමාගම ඩ්රෝන තාක්ෂණය මගින් සිදුකරන කටයුතු සොයන්න.

✨️ Release Date -

අපිට මේ සැප්තැම්බර් 7 වෙනිදා Ghost recon breakpoint වල Beta version එක Play කිරීමේ හැකියාව තියෙනවා. 2019 ඔක්තෝබර් 4 වෙනිදා Full Game එක release කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා 😍.( ඊට කලින් දැන්ම Wildlands play කරලා ඉවර කරන්න මොකද Breakpoint එකේ ප්රධාන හතුරා වෙන Cole D. Walker අපිට wildlands එකේ DLC එකකින් බලා ගන්න පුලුවන්. ) ඕගොල්ලන්ට මේ ගේම් එක Ubisoft store , Epic games store එකෙන් pre - order කිරීමේ පහසුකම් ලබාදීලා තියෙනවා.ගේම් එක Standard , Gold සහ Ultimate Edition වලින් ලබා ගන්න පුලුවන්.ගේම් එක PC , X-Box , PS4 අදීයේ play කරන්නත් පුලුවන්...

✨️ Gameplay -

Single Play , CO - OP සහ Player vs Player ( PVP ) ලෙස ගේම් එක play කීරීමේ හැකියාව ලැබෙනවා.Wildlands single play කරද්දි ලැබුන AI teammates ලා complain ලැබුන නිසා Ubisoft එකෙන් මේ පාර Single play කරද්දි AI teammates ලා අයින් කරලා ඒ වෙනුවට ඩ්රෝන් එකක සහය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.මේ පාර ගේම් එක රියලිස්ටික් කරන්න Injuries System එකට ලොකු අවධානයක් දීලා තියෙනවා.සටනකදි සිදුවන තුවාල ආදිය Character එකට විවිධ ආකාරයට බලපාන්න පුලුවන්.Character එකේ වේගය අඩාල වීම , Guns හැසිරවීම අමාරු වීම වගේ දේවල් මේකට ඇතුලත්.
අපිට ගේම් එකේදි Main base camp කියලා කියන්න එකක් නෑ..පොඩි පොඩි කෑම්ප්ස් තමයි අපි හදා ගන්න ඕනි.ඒවගෙ ඉදන් Weapons repair, Crafting ආදිය වගේම ඊලග mission plan කිරීමත් සිදු කරන්න පුලුවන්.

✨️Enemies -

ghost recon wildland game එකේදී අපේ Ghost team එකේ සාමාජිකයකු උන Cole D. Walker තමයි Breakpoint game එකේ ප්රධාන හතුරා විදියට අපිට හමු වෙන්නෙ.Cole D. Walker ගේ චරිතයට පණ පොවන්නේ Jon Bernthal (The Punisher, The Walking Dead) විසින්.ගේම් එකේ Enemy ලා විදිහට හම්බෙන කණ්ඩායම ' The Wolves ' කියලා තමයි හදුන්වන්නේ.ඔවුන්ගේ නායකයා වෙන්නෙත් Cole D. Walker තමයි.මේගොල්ලො ඉතාම දියුණු තාක්ෂණයකින් යුතු අවි ආයුධ වගේම ඩ්රෝන් භාවිතා කරනවා.

✨️ weapons -

ගේම් එකේ අපිට Assault , Sharpshooter , panther වගේ විවිධ Category වලට අයිති වෙපන් පාවිච්චි කරන්න පුලුවන් වෙයි.ඒ වගේම Armed vehicles සහ drones පාවිච්චි කරන්නත් පුලුවන්.

Dick Grayson ( First Robin/Nightwing )

Nickname: Dick
Gender: Male
Height: 5'10"
Weight: 170 lbs.
Eyes: Blue
Hair: Black
Place(s) of Work: Blüdhaven (as of Rebirth), Gotham City, Wayne Tower, New York City, the Batcave, Chicago
Date Of Birth: 3/20/1991 (March 20,1991)
Place of Birth: On the road with Haly's Circus.
Occupation : Vigilante, detective; circus acrobat, ex-police officer

• Family •
John Grayson [Father, deceased]
Mary Grayson [Mother, deceased]
Bruce Wayne [Father - Adopted]
Alfred Pennyworth [Surrogate Grandfather/Butler - Adopted]
Jason Todd [Brother - Adopted]
Timothy Wayne [Brother - Adopted]
Damian Wayne [Brother - Adopted]
Cassandra Cain [Sister - Adopted]

ටික ටික ටයිටන්ස් මෙම්බස්ලා ගැන මන් විස්තර දාගෙන ආවනෙ. ඒත් ටීම් එකේ විශේෂම කෙ⁣නා ගැන දෙන්න බැරි උනානෙ. ඒ ටීම් එකේ ලීඩ. හුඟක් තැන් වල ලීඩගෙ තැන ගන්නෙ ඉතින් බැට් ෆැමිලි එකේ අයනෙ  දන්නවනෙ ඉතින් ඒ මොකද කියලා නේ. මන් අද කියන්න යන්නේ ටයිටන්ස් එකේ ලීඩ වන ඩික් ග්රේසන් ගැන. කොමික් කියවන නොකියවන ඕනෙ කෙනෙක් ඩික් ගැන දන්නවා ඇති. නොකියවන කෙනෙක්නම් අනිවා ඩීසී ඇනිමේටඩ් ෆිල්ම්,සීරිස් එහෙම බලනවා ඇති නෙ. ඩික් ග්රේසන් මග හැරෙන්න විදියක් නෑ ඒ නිසා. ඩික් ග්රේසන් කියන්නෙ කෙතරම් විශිෂ්ට චරිතයක්ද කියලනං හැබැයි දැන ගන්න ලැබෙන එකක් නෑ ඇනිමේටඩ් ටිකක් බැලුවා කියලා. ඒකට කොමික්ස් කියවන්නම වෙනවා. මන් කෙටියෙන් මෙහෙම කියන්නම්, කවදාහරි world greatest comic heroe(Batman) ගෙ තැන ගන්නවනම් ගන්න පුලුවන් එක්කෙනයි ඒ ඩික් ග්රේසන්.  ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ එතකොට නේද.. 
හරි අපි ඩික්ගෙ කතාව පැත්තට හැරෙමු,

හුඟක් සුප හීරොලගෙ,විලන්ලගෙ වගේ ඩික්ගෙ ජීවිත කතාව එච්චර සුන්දර නැහැ.
ඩික් පොඩි කාලේ ඉඳන් හැදී වැඩෙන්නෙ සර්කස් එකක. ඒ එයාගෙ මුලු පවුලත් එක්කම. මේ අය සර්කස් එකේ ඉදිරිපත් කරන්නේ අර ලනුවල එල්ලිලලා කරන සන්දර්ශන. මේ අංගය නිසා ග්රේසන් ෆැමිලි එකට #Flying_Graysons යන නාමය ලැබුනා. ඒ අය හුඟක් ප්රසිද්ධියට පත් උනා මේ අංගය නිසා. ඩික්ගෙ අම්මගෙයි තාත්තගෙයි නම් පිලිවෙලින් මේරී හා ජෝන් ග්රේසන්. මොවුන් ඉතාමත් සතුටෙන් ජීවත් වෙන පවුලක්. හැබැයි ඒ සතුටට වැඩි කාලයක් ගියෙ නෑ. සර්කස් එකේ අයිතිකරුට තර්ජනයක් එනවා මැර කල්ලියකින්. මේක පැනනැගෙන්නෙ අයිතිකරු කප්පම් මුදල් ලබා දීම ප්රතික්ෂේප කිරීම නිසා. ඔවුන් අයිතිකරුට තර්ජනය කරනවා සර්කස් එක නවත්තන්න කියලා. ඒත් එය අයිතිකරු ඒ තරම් ගනන් ගන්නෙ නැහැ. සර්කස් එක සුපුරුදු පරිදි පටන් ගන්නවා වෙනදා වගේම. ඒ ගෝතම් වල. අර කලින් මන් සඳහන් කරපු මැර කල්ලියෙ අය විසින් ග්රේසන් පවුලෙ අය ඉදිරිපත් කරන අංගයට අදාල කඹ කපා දමනවා. එතනදි ඩික් බේරුනත් එයාගෙ අම්මයි තාත්තටයි එතනදි බේරෙන්න බැරි වෙනවා. ග්රේසන් දෙපල කඹය කඩාගෙන වැටෙන අවස්ථාවෙ සර්කස් එකේ සෑහෙන්න පිරිසක් බිය ගැන්විලා ඒ දිහා බලා ඉන්නවා. ඒ සෙනඟ ඇතුලෙ ගෝතම් වල ප්රසිද්ධම පුද්ගලයෙක් වන බෘස් වේනුත් ඉන්නවා. ඩික්ට දෙමව්පියන් නැතිවෙනකොට අවුරුදු අටක් පමන වෙනවා. බෘස් මේ අවස්ථාවෙදි තීරණය කරනවා නීතිමය වශයෙන් ඩික් ග්රේසන්ව හදාවඩා ගන්න. බෘස් එදා ඉඳලා ඩික් ග්රේසන්ට සලකන්නෙ තමන්ගෙම පුතෙක්ට වගේ. ( කොටින්ම කීවොත් ඩේමියන්ටත් වඩා ආදරයක් තියෙනවා ඩික් ගැන ) කොමික්ස් කියවන අය දන්නවා ඇති ඩාක්සයිඩ් ගෙ බලගතුම ක්ලෝන් එකක් ( බලගතුකම කොච්චරද කියනවනං ඔයාලා අර යුනිවස් එකේ දන්න thanosටත් වඩා බලගතුයි  ) ඩේමියන්ව මැරුවා කියලා. පස්සෙ හෙල් බැට් යූස් කරලා ඒ ක්ලෝන් එක විනාස කරනවනෙ බෘස් නේ . එතකොට හිතාගන්න පුලුවන්නෙ කවුරුහරි ඩික්ට අත තිබ්බොත් මොනා වෙයිද කියලා නේ . හරි එතනින් පස්සෙ ග්රේසන්ට යුක්තිය ඕනෙ වෙනවා. ඒකට බෘස් උදව් කරන්නෙ ඔහුට තමා දන්න දේවල් ඉගැන්වීමෙන්. පස්සෙ කාලයක් ගියාම ඩික් බැට්මෑන් ගෙ සහයකයා වෙනවා. ඒ බැට්මෑන්ගෙ පලවෙනි රොබින් ලෙස.

පස්සෙ කාලෙක තරුණ වියට එන ඩික් තීරණය කරනවා බැට්මෑන්ගෙන් වෙන් වෙන්න. ඔහු හිතනවා තමාට තවමත් බැට්මෑන්ගෙ රැක වරණය අවශ්යය නොවන බව. ( වෙන් වෙනවා කියලා අදහස් කරේ සදහටම බෘස්වයි ඇල්ෆ්රඩ්වයි අතහැරලා යාමක් නෙවෙයි ආ. ) ඔහු පස්සෙ කාලෙක ටීන් ටයිටන්ස් කියන සුප හීරොලගෙන් සැදුම්ලත් කන්ඩායමක් හදනවා. ඒ අයුක්තියකට එරෙහිව සටන් කරන්න. තවත් කාලය ගත උනාම ඔහු තීරණය කරනවා රොබින් කියන තනතුරෙන් අයින් වෙලා නයිට්වින්ග් වෙන්න. ඊට පස්සෙ ඔහු ටයිටන්ස් කන්ඩායමත් එක්ක එකතුවෙලා නපුරට එරෙහිව සටන් කරනවා. ඔහු තමන් හදා වඩා ගත්ත බෘස්වයි ඇල්ෆ්රඩ්වයි කොහොමවත් අමතක කරන්නෙ නෑ.. නිතර නිතර ඔහු සම්බන්ධ වෙනවා බැට් මෑන්ගෙ වැඩ වලටත්.

Powers abilities ගැන කීවොත් ඩික් කියන්නෙත් සාමාන්යය මනුස්සයෙක් කිසිම අසාමාන්ය බලයක් නැති. ඩික් සටන් කලාවල අති දක්ෂයෙක්. ඔහු සටන් කලා කිහිපයකම ප්රවීණයෙක්. කොතරම් දක්ෂයෙක්ද කියනවනං මන් කලිනුත් කීවා වගෙ බැට්මෑන්ගෙ තැන දරන්න පුලුවන් කෙනෙක්. ඩික්, ඩීසී යුනිවස් එකේ ටොප් මාෂල් ආටිස්ට්ලා විස්ස අතරත් ඉන්නවා. ඔහු පරිගණක වැඩ වලටත් ඉතාමත් දක්ෂයෙක්. විශේෂයෙන් හැකින් වලට එහෙම.( හැකින් වලට අති දක්ෂයෙක් )
ආ මට ඉහලින් කියන්න බැරි උනා. ඩික් බෘස්ගෙන් වෙන්වෙලා පොලිසියටත් බැඳෙනවා හොඳේ 

ඔන්න ඕක තමා ඩික් ග්රේසන්ගෙ කතාව #කෙටියෙන්ම හොඳේ .

ලබන මාසෙ තිරගත වීමට නියමිත ටයිටන්ස් කතාමාලාවෙන් ඔයාලට ඩික්ව ලයිව් ඇක්ෂන් දැක ගන්න ලැබේවී.

Post By
#iSuRu from DC Extended Universe Community​ Sri Lanka

Copyright
2019©️ DC Characters
All product names, logos, and brands are property of their respective owners. Including all company, product and service names used.
2014 - 2019©️CS Corp all right reserved.

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates