LATEST :

Wednesday, June 5, 2019

MonsterVerse - Introduction of the Kaiju



ඔන්න අද අපි වෙනස්ම විශාලම Universe එකකට පා තබන්නයි ලැහැස්තිවෙන්නේ. ඒ වෙන මොකක්වත් නෙවෙයි හොලිවුඩය පවා ඈත අතීතයේ පටන් ආක්‍රමණය කළ MonsterVerse එක එහෙමත් නැතිනම් Kaijuලා ගැන.මේ දවස් වල Godzilla: King of the Monsters තිරගත වෙන නිසා Kaiju ලා ගැන කථා කරන්න මේක හොදම වෙලාවක්.

කවුද මේ Kaiju කියන්නේ? ජපන් බසින් "අමුතු/බියකරු සත්වයා" යන තේරුමින් හැඳින්වෙන Kaijuලාගේ ඉතිහාසය හතරවන සියවස දක්වා දිවෙන බව මූලාශ්‍ර වල සඳහන්. පුරාණ ජපන් වැසියන් බිය වද්දමින් ගම් නගර වලට පහර දුන් විශාල රාක්ෂයන් වැනි සතුන් ගැන පැරණි ජපන් වැසියන්ගේ පුරාවෘත වලදී අපිට අසන්න ලැබෙනවා. නමුත් අපිට මේ Kaiju සංකල්පය 100%ම සත්‍යදැයි හෝ 100% අසත්‍ය යැයි හරියටම තවමත් තීරණය කරන්නට අපහසුයි. නමුත් විශාල ඩයිනසෝරයන් පවා වෙසුණු මේ පෘථිවියේ එවන්වූ ජීව කොට්ථාශයක් වාසය කරන්නටත් ඉඩ තිබෙනවා. මරියානා ආගාධය වැනි කිලෝමීටර් ගණණාවක් ගැඹුරු මුහුදු පත්ලේ විද්‍යාඥයන්ට පවා සොයා ගන්නට අපහසු මෙගාලඩොන් වැනි ජීවීන්ගේ තොරතුරු වර්තමානයේ ලැබෙන නිසාම මේ Kaijuලා ගේ පැවැත්ම ගැන යම්කිසි සාක්ෂි අපිට ඇතිකරගත හැකියි. ඒ වගේම අති විශාල ෆොසිල කොටස් වැනි දේවල් වලිනුත් මේ ගැන යම්කිසි අනාවරණයන් අපට ලැබෙනවා. නමුත් සිහි තබාගන්න අපි දකිනතෙක් මේ කිසිවක් අප විශ්වාස නොකළ යුතු බව.

ඇත්තටම Kaijuලා අපිට හමුවන්නේ ජපානයෙන් වූවත් කල්පිත ලෝකයට Kaiju කෙනෙක් අපිට මුලින්ම හමුවන්නේ හොලිවුඩයෙනුයි. ඒ 1933දී අපි හැමෝම දන්නා King Kong හැටියටයි. මොකක්? King Kong කොහොමද Kaiju කෙනෙක් වෙන්නේ? එයා ලොකු ගෝරිල්ලෙක් නේද? මේ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරන නිසා දැනට ඒ කරුණ විතරක් සිහියේ තබාගනිමු. අපිට හමුවන පළමු Kaiju හැටියට Gojira එහෙමත් නැතිනම් Godzillaවයි හඳුන්වන්න පුළුවන්. කාලයාගේ ඇවෑමෙන් Kaijuලාත් වර්ධනයේ උපරිම තත්වයට එනු ලබනවා. එවිට අපි ඔවුන්ව dai Kaiju කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා 1954දී මුලින්ම දැකගන්න ලැබුණු Godzillaව මේ වකවානුව වන විට dai Kaiju කෙනෙක් විදියට හඳුන්වන එකේත් වරදක් නැහැ. ඒ කියන්නේ මේ Kaijuලා කාලයට අනුව වර්ධනය වන බවයි.

ඊලඟට අපිට ඇතිවන ප්‍රශ්නය තමයි Kaijuලා කොහෙන්ද එන්නේ? කොහොමද බිහිවන්නේ? එයාලා නිකන්ම විශාල සත්වයන් විතරක්ද? නැතිනම් Kaiju කෙනෙක් කියන්නේ පෘථිවියේ වෙසෙන ජීවීන්ට සමාන අති විශාල මෘගයන්ද? කියන දේ. Pacific Rim චිත්‍රපටයට අනුව මේ Kaijuලා කියන්නේ පිටසක්වල ජීවී කොට්ථාශයක්. ඇත්තටම Kaijuලා පිටසක්වල ජීව කොට්ථාශයක්ද? නැතිනම් නිකන්ම නිකන් ජපන් නමෙන් එන Gojira වගේ එන විශාල මෘගයෙක්ගේ සංකල්පයක් විතරද? මුලින්ම Gojiraව අපිට Tokusatsu studio එකෙන් ගෙන ආ සංකල්පයක් විදියටයි හමුවන්නේ. 1954දී නිකුත්වුණු Godzilla චිත්‍රපටයේදී පවා අපි දකිනවා Godzillaට කිසියම් ආකාරයකට විදුලියක් නිපදවන්න හැකියාවක් තිබෙන බව. නමුත් King Kongට මෙවන්වූ හැකියාවක් අපි දකින්නේ නැහැ. ඒ කියන්නේ සමහර Kaijuලාට බලයන් පිහිටන බවයි. එහෙනම් මේ Kaijuලා කොහෙන්ද මෙහෙට එන්නේ? දැනට ආපු Godzila movies බලපු ඔයාලට මතක ඇති හැම ජීවියෙක්ම මුහුදු වෙරළාසන්නයේදී වැඩිම සිදුවීම් වලට සම්බන්ධ වන බව. එක් වරම වෙරළාසන්නයේදී මතුවනවා කිව්වත් නිවැරදියි. එහෙනම් ගැඹුරු මුහුදු පතුලේද මේ Kaijuලා ඉන්නේ? සමහර විට එක්වරම ජීවී විවරයකින් මොවුන් මතුවනවා වෙන්නත් පුළුවන්. නැතිනම් අර කලින් කිව්ව පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් හරියටම තවමත් චිත්‍රපට වලින්වත් හරියටම මේ Kaijuලාගේ origin එක ගැන සාර්ථක පැහැදිලි කිරීමක් කරලා නැහැ. ඒ නිසාම තවමත් මේ සිදුවීමේදී අපිට උපකල්පන මත යැපෙන්න සිදුවෙලා තිබෙනවා.

ඉතිහාසයට අනුව අපිට Kaijuලා බොහෝමයක් එක් එක් කාලවකවානු වලදී හමුවී තිබෙනවා. Godzillaට අමතරව Anguirus, Meganulon, Rodan, Moguera, Varan, Orochi, Mothra, Maguma, Giant Lizard, Oodako (Giant Octopus), King Kong (Toho), Manda, Dogora, King Ghidorah, Baragon, Gaira, Sanda, Ebirah, Ookondoru Giant Condor), Mechani-Kong, Gorosaurus යනාදී බොහොමයක් Kaijuලා අපට හමුවනවා. එකම ස්ථානයට Kaijuලා කිහිප දෙනෙක් පැමිණීමෙන් ඇතිවෙන දේ ගැන ඔයාලට හිතාගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන් ගැටුමක්. මේ ගැටුම් පදනම් කරගෙන තමයි මෙතෙක් බිහිවුණු බොහෝමයක් MonsterVerse චිත්‍රපට නිර්මාණය වන්නේ. මේ ගැටුම්වලදී තමන්ගේ ශක්තිය වගේම බලයන් පවා Kaijuලා භාවිත කරනවා. සමහරක් පෘථිවිය විනාශ කිරීමට පවා මෙමගින් පෙළඹෙනවා. නමුත් මේ හැම සටනකදීම වගේ the Kaiju King එහෙමත් නැතිනම් පළමු Kaiju Godzilla සමත් වනවා.

Kaijuලා ගැන කතා කරද්දි අපිට Kaijuලා හමුවන මාධ්‍ය ගැනත් කෙටි හෝ සඳහනක් නොකළොත් ඒක අඩු පාඩුවක්. අපිට දැනට Kaijuලා දැකගන්න ලැබෙන්නේ චිත්‍රකතා සහ චිත්‍රපට ඔස්සේ පමණයි. දැනට චිත්‍රපට 50කට වගේම චිත්‍රකතා 300කට අධික සංඛ්‍යාවකට මේ Kaiju චරිත යොදාගෙන තිබෙනවා. චිත්‍රපට අතුරින් වර්තමානයේ Warner Bros. සහ Legendary Pictures සමාගමෙන් නිෂ්පාදනය කරන MonsterVerse එකත්, Oni Press ආයතනය මගින් නිකුත් කරන Kaijumax චිත්‍රකතා මාලාවත් සෑහෙන ජනප්‍රියතාවකට ලක්ව තිබෙනවා.

අද අපි Kaijuලාගේ ඉතිහාසය ගැන කෙටියෙන් කතා කිරීමක් සිදු කළා. නමුත් ඒක හරියටම සම්පූර්ණ වෙන්නේ එක් එක් Kaijuලා ගැන ඔවුන්ගේ ඉතිහාසයත් එක්ක කතා කිරීමත් සමඟයි. ඒ නිසා පිළිවෙළට එකින් එක අපි MonsterVerse එක ගැන කතා කරගෙන යමු. ඒ අතරේ ඉදිරියට MonsterVerse videos කිහිපයකුත් අපි You Tube හරහා නිකුත් කරන්න සූදානමින් ඉන්නේ. ඒ නිසා අපේ You Tube Channel එකටත් subscribe කරලා තියාගන්න කියලත් හැමෝටම මතක් කරනවා. Godzilla, the Kaiju King ගැන මීලඟ ලිපියෙන් යළිත් හමුවෙමු!



You Tube link - https://www.youtube.com/channel/UCg5QkG4LO-abKX8Vyg40SBg?sub_confirmation=1&fbclid=IwAR1NYmjcewtEJjggsPZs9zoOZiVuO4nh_c6JYWXKy1z59TzHzepcPRAWd1E

#SmAsHeR #P1

Share this:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates