LATEST :

Wednesday, September 18, 2019

🦉- Owlman -🦉

මුලින්ම කියන්න ඕනෙ මෙතන විස්තර කරන්නෙ Owlman කියන කොමික් කැරැක්ට එකේ කොමික්ස් වල සිද්දීන්. ඒ හින්දා අර ඇනිමේටඩ් එකේ මෙහෙමයි අරහෙමයි කියලා කියන්න ගන්න එපා.
Owlman කියන චරිතය මුලින්ම ඩීසී චිත්රකතා විශ්වයට එන්නේ 1964 අගෝස්තු මස Justice League of America #29 කියන කොමික් ඉෂූ එකෙන්. චරිතය නිර්මාණය කරන්නේ Gardner Fox සහ Mike Sekowsky කියන කොමික් රයිටලා දෙන්නා..



Owlman හඳුන්වන්නෙ බැට්මෑන්ගෙ එවිල් වර්ෂන් එක විදියට. හිතාගන්න බැට්මෑන් සුපහීරෝ කෙනෙක් නැතුව විලන් කෙනෙක් එහෙම නැත්නම් දුෂ්ටයෙක් විදියට ඉපදුනානම් කොහොම තියෙයිද.. Owlman අයත් වෙන්නෙ අපේ පෘථිවියටනම් ⁣නෙමේ.. Earth 3 වලට අයත් විශ්වයේ තමා Owlmanගෙ උපත සිද්ද වෙන්නේ.. Earth 3වලදී owlman හඳුන්වන්නෙ අපරාධ ලෝකේ රජු විදියට. ඉතාමත් දරුණු ඝණයේ අපරාධකාරයන් අතර රජු තමා Owlman කියන්නෙ. ඒ වගේම සුපවිලන්ලගෙන් සැඳුම්ලත් Crime Syndicate කණ්ඩායමේ ප්රධාන සාමාජිකයෙක්.
Earth 3 වල owlman ගෙ ඔරිජින් එක මතක විදියට කෙටියෙන් දෙන්නම්.

තෝමස් වේන්ට සහ මාර්තා වේන්ට දාව ළමයි දෙන්නෙක් ඉපදෙනවා වැඩිමල් දරුවට එයාලා නම දාන්නේ තෝමස් වේන් ජූනිය(Thomas Wayne Jr.) කියලා. දෙවනි දරුවට මෙයාලා නම දෙන්නේ බෘස් වේන්(Bruce Wayne) කියලා. තෝමස් වේන් ජූනිය කියන්නෙ උපතින්ම දරුණු ඝණයේ කෙනෙක්. ඒත් බෘස් වේන් එහෙම කෙනෙක් නෙමේ. බෘස් මුලු පවුලටම ලොකු ආදරයක් දක්වනවා. ටිකක් කල් ගියාට පස්සෙ ජූනිය තෝමස්ට තමන්ගෙ පවුල එපා වෙනවා. ඒ එක්කම තෝමස් වේන් ජූනිය තමන්ගෙ මුලු පවුලම ඝාතනය කරනවා එයාලගේ පවුලේ සේවකයා වෙන ඇල්ෆ්රඩ් එක්ක එකතු වෙලා. එදයින් පස්සෙ තමා ලෝකෙට අපරාධ ලෝකේ රජු බිහිවෙන්නේ.. ඒ Thomas Wayne Jr. හෙවත් Owlman විදියට. Owlman ට තව සයිඩ් කික් එහෙම නැත්නම් සහයකයෙක් හම්බෙනවා. ඒ ඩික් ග්රේසන්. ඩික් ඔහුගෙ පාට්න වෙන්නෙ ටැලොන් කෙනෙක් විදියට.
මේක තමා කෙටියෙන්ම Owlmanගෙ කතාව.

Owlman ගෙ පවස් & ඇබිලිටි ටික ගැන කතාකරනවනම් Owlman කියන්නෙ සාමාන්යය මනුස්සයෙක් කිසිම බලයක් නැති. ඔහු මාෂල් ආට්ස්වල මාස්ට කෙනෙක් කොච්චර දක්ෂද කියනවනං Hand to Hand ෆයිට් එකකදී බැට්මෑන් ට Owlman එක්ක හැප්පෙන්න බැහැ. ඒ වගේම ජීනියස් ලෙවල් ඉහළ කෙනෙක්. ඒ වගේම ටෙක්නොලොජි එක අතින් ඉහළ ටෙක්නොලොජි එකක් Owlman සතුයි.
කොටින්ම කියනවනං අපේ පෘථිවියෙ බැට්මෑන් ට වඩා හැම අතින්ම ඉහළින් ඉන්නෙ. ටෙක්නොලොජි එක ගත්තත්,මාෂල් ආට්ස් ගත්තත්,ජීනියස් ලෙවල් ගත්තත් ඒ හැම එකක්ම බැට්මෑන් ගාව තියෙන දේවල් වලට වඩා ඉහළ මට්ටමක තියෙනවා. අවසාන වශයෙන් කට්ටියට ප්රශ්නයක් එනවනං බැට්මෑන්ට Prep Time එකක් තිබුනොත් කොහොම වෙයිද කියලා..ඒකට උත්තරෙත් Owlman දිනනවා. කවුරුහරි කියනවනං Prep time යූස් කරලා බැටාට පුලුවන් Owlman ඩිෆීට් කරන්න කියලා ඒ Owlman ගැන තියෙන නොදැනුවත්කමයි.
ඒ වගේම Owlman ලඟ තව ඇබිලිටි එකක් තියෙනවා බැට්මෑන් ලඟ නැති.. ඒ මිනිස්සුන්ගෙ මනස පාලනය කරන එක.. තවමත් හරියට එළිදරව් කරලා නෑ මේ දේ කොහොමද ⁣Owlman කරන්නෙ කියලා.



Post By,
#iSuRu
|

Spider-Man : Miles Morales


Hello Comic Peeps ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ ගොඩක් කට්ටිය ළගදි අදුරගත්ත Spider Univers AKA Spider Verse එකේ සාමාජිකයෙක් ගැන විස්තර ටිකක් මේ තමයි Miles Morales...
ඉතින් කවුද මේ Miles (කළු කොල්ලා 📷)?ඇත්තටම මෙයට අපේ Peter අයියට වගේ ලොකු History එකක්නම් නෑ.මෙයාව නිර්මාණය කරන්නේ 2011 වගේ මෑතකදී ඒ writer Brian Michael Bendis & artist Sara Pichelli කියන දෙන්නා.ඒ අපේ Peter Parkerගේ successor විධියට.මෙයාගේ Full Name එක තමයි Miles Gonzalo Morales.ජීවත්වෙන්නේ Brooklyn ,New York.මෙයාගේ තාත්තගේ නම Jefferson Davis එයා දැන් Police Officer කෙනෙක් වගේම හිටපු SHIELD සාමාජිකයෙක්📷 .මෙයාගේ අම්මා Rio Morales.Nurse කෙනෙක්(ඉතිරි විස්තර Spider Man into the spider verse movie එකෙන් බලාගන්න පුළුවන්📷) .හරි එහෙනම් අපි බලමු මෙයාගෙයි අපේ Peterගෙයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා.මෙයාව අපිට මුලින්ම හම්බෙන්නේ 2011 අගෝස්තු මාසේ නිකුත් කරපු Ultimate Fallout #4 කොමික් එකෙන්.මේකෙදි තමයි අපේ Peter Parkerගේ මරණය සිද්ද වෙන්නේ.ඊට පස්සේ Peterගේ position එක replace කරන්නේ Miles තමයි.(මෙයා lead character එකක් නොවුනට Ultimate Spider man TV series එකේ සමහර episodes වලදී එහෙන් මෙහෙන් ඉන්නවා).ඊට පස්සේ අපිට මෙයාව Ultimate comics:Spider man කියන comic series එකෙන් දැකගන්න පුළුවන්.ඒ වගේම 2018 දී release කරපු Spider man PS4 game එකෙනුත් දැකගන්න පුළුවන්(Spidey costume එකෙන්නම් නෙවෙයි හැබැයි📷) .
එතකොට මොනාද මෙයාගේ powers & Abilities?
1.𝐒𝐩𝐢𝐝𝐞𝐲 𝐏𝐨𝐰𝐞𝐫𝐬-අපේ Peterගේ powers ඔක්කොම තියෙනවා(ඒවා
හැමෝම දන්නවනේ?📷)
2.𝐕𝐞𝐧𝐨𝐦 𝐁𝐥𝐚𝐬𝐭- මෙයාට කව හරි අල්ලලා ලොකු Electric Blast එකක්
දෙන්න පුළුවන්(මේකට Venom කිසිම සම්බන්දයක්
නෑ 📷).අර Spider verse movie එකේදී අන්තිමට
Kingpinට කරන්නේ මේක තමයි.
3.𝐂𝐚𝐦𝐨𝐮𝐟𝐥𝐚𝐠𝐞 𝐏𝐨𝐰𝐞𝐫-මේක තමයි නොපෙනීයාමේ හැකියාව.
4.𝐄𝐧𝐞𝐫𝐠𝐲 𝐁𝐮𝐫𝐬𝐭-ලොකු electric blast එකක් ඇතිකරන්න පුළුවන්(The
Ultimate Spider-Man,#12දී මේක බලාගන්න
පුළුවන්)
5.𝐑𝐞𝐠𝐞𝐧𝐞𝐫𝐚𝐭𝐞-Accelerated rate එකකින් heal වෙන්න පුළුවන්.
6.𝐐𝐮𝐢𝐜𝐤 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠
(තව මෙයට 𝐒𝐩𝐚𝐧𝐢𝐬𝐡 කථා කරන්නත් පුළුවන් 📷)
මෙයා ඉදිරියට movie field එකේ ලොකු role එකක් play කරයි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් (Spideyta දැනට තියෙන threat එකත් එක්ක හැබැයි මොනවා වෙයිද දන්නේ නෑ ඉතින් 📷)
 
#Spidey_The_Mighty

Friday, September 6, 2019

GhostRecon - Breakpoint - CSGAMERVERSE Exclusive


පසුගිය වතාවේ අපි කතා කළේ Cyberpunk 2077 Game එක ගැන.ඉතිං අද අපි ඔබට ඇරගෙන ආවෙ සුපිරි ගේම් සීරීස් එකක අලුත්ම ගේම් එක ගැන විස්තර ටිකක්.අපි අද කතා කරන්නේ Ghost recon - Breakpoint ගේම් එක ගැන..

Tom clancy's ගේ පොත් පෙළක් පාදක කර ගෙන හැදුනා මේ ගේම් series එකේ සුපිරි ගේම් කිහිපයක්ම තියෙනවා.මේ වෙනකොට නිකුත් වෙලා තියන අවසාන Ghost recon game ඒක තමයි Ghost recon - wildlands කියන්නේ.ඉතින් ඒ ගේම් එක play කරල නැත්නම් අනිවාර්යයෙන් play කරන්න. මොකද wildlands ගේම් එකේ ප්රධාන character එකක් වන Nomad ඒ විදිහට තමයි අපිට ghost recon breakpoint එකේදි play කරන්න ලැබෙන්නේ..

ඉතින් අපි ගේම් එකේ විස්තර පොඩ්ඩක් බැලුවොත් පැසිෆික් සාගරයේ තියෙන Auroa කියන මනාකල්පිත දූපතක තමයි Breakpoint ගේම් එකේ කතාව ගොඩනැගෙන්නේ.කලින් ආපු wildlands game එක වගේම Breakpoint game එකත් open world විදිහට Play කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා.ඒ වගේම Map එක ඒ විවිධාකාර එකිනෙකට ආවේනික location ගොඩක් බලාගන්න පුළුවන් කමකුත් හම්බෙයි.හිම කඳු ,අත්හැර දාපු ග්රාමීය ප්රදේශ,වැසි වනාන්තර වගේම කඳු වැටි වැනි ඉතා පුළුල් පුළුල් ඉතා පුළුල් පරාසයක විහිදුණු ගේම් Environment එකක් අපිට බලාගන්න පුළුවන්.
Skell Technology කියන ආයතනය මේ දූපත ප්රධාන කර ගනිමින් AI develop සහ drone නිෂ්පාදන කටයුතු සිදුකරනවා.Nomad ඇතුලු කණ්ඩායම යවන්නේ මේ සමාගම ඩ්රෝන තාක්ෂණය මගින් සිදුකරන කටයුතු සොයන්න.

✨️ Release Date -

අපිට මේ සැප්තැම්බර් 7 වෙනිදා Ghost recon breakpoint වල Beta version එක Play කිරීමේ හැකියාව තියෙනවා. 2019 ඔක්තෝබර් 4 වෙනිදා Full Game එක release කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා 😍.( ඊට කලින් දැන්ම Wildlands play කරලා ඉවර කරන්න මොකද Breakpoint එකේ ප්රධාන හතුරා වෙන Cole D. Walker අපිට wildlands එකේ DLC එකකින් බලා ගන්න පුලුවන්. ) ඕගොල්ලන්ට මේ ගේම් එක Ubisoft store , Epic games store එකෙන් pre - order කිරීමේ පහසුකම් ලබාදීලා තියෙනවා.ගේම් එක Standard , Gold සහ Ultimate Edition වලින් ලබා ගන්න පුලුවන්.ගේම් එක PC , X-Box , PS4 අදීයේ play කරන්නත් පුලුවන්...

✨️ Gameplay -

Single Play , CO - OP සහ Player vs Player ( PVP ) ලෙස ගේම් එක play කීරීමේ හැකියාව ලැබෙනවා.Wildlands single play කරද්දි ලැබුන AI teammates ලා complain ලැබුන නිසා Ubisoft එකෙන් මේ පාර Single play කරද්දි AI teammates ලා අයින් කරලා ඒ වෙනුවට ඩ්රෝන් එකක සහය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.මේ පාර ගේම් එක රියලිස්ටික් කරන්න Injuries System එකට ලොකු අවධානයක් දීලා තියෙනවා.සටනකදි සිදුවන තුවාල ආදිය Character එකට විවිධ ආකාරයට බලපාන්න පුලුවන්.Character එකේ වේගය අඩාල වීම , Guns හැසිරවීම අමාරු වීම වගේ දේවල් මේකට ඇතුලත්.
අපිට ගේම් එකේදි Main base camp කියලා කියන්න එකක් නෑ..පොඩි පොඩි කෑම්ප්ස් තමයි අපි හදා ගන්න ඕනි.ඒවගෙ ඉදන් Weapons repair, Crafting ආදිය වගේම ඊලග mission plan කිරීමත් සිදු කරන්න පුලුවන්.

✨️Enemies -

ghost recon wildland game එකේදී අපේ Ghost team එකේ සාමාජිකයකු උන Cole D. Walker තමයි Breakpoint game එකේ ප්රධාන හතුරා විදියට අපිට හමු වෙන්නෙ.Cole D. Walker ගේ චරිතයට පණ පොවන්නේ Jon Bernthal (The Punisher, The Walking Dead) විසින්.ගේම් එකේ Enemy ලා විදිහට හම්බෙන කණ්ඩායම ' The Wolves ' කියලා තමයි හදුන්වන්නේ.ඔවුන්ගේ නායකයා වෙන්නෙත් Cole D. Walker තමයි.මේගොල්ලො ඉතාම දියුණු තාක්ෂණයකින් යුතු අවි ආයුධ වගේම ඩ්රෝන් භාවිතා කරනවා.

✨️ weapons -

ගේම් එකේ අපිට Assault , Sharpshooter , panther වගේ විවිධ Category වලට අයිති වෙපන් පාවිච්චි කරන්න පුලුවන් වෙයි.ඒ වගේම Armed vehicles සහ drones පාවිච්චි කරන්නත් පුලුවන්.

Dick Grayson ( First Robin/Nightwing )

Nickname: Dick
Gender: Male
Height: 5'10"
Weight: 170 lbs.
Eyes: Blue
Hair: Black
Place(s) of Work: Blüdhaven (as of Rebirth), Gotham City, Wayne Tower, New York City, the Batcave, Chicago
Date Of Birth: 3/20/1991 (March 20,1991)
Place of Birth: On the road with Haly's Circus.
Occupation : Vigilante, detective; circus acrobat, ex-police officer

• Family •
John Grayson [Father, deceased]
Mary Grayson [Mother, deceased]
Bruce Wayne [Father - Adopted]
Alfred Pennyworth [Surrogate Grandfather/Butler - Adopted]
Jason Todd [Brother - Adopted]
Timothy Wayne [Brother - Adopted]
Damian Wayne [Brother - Adopted]
Cassandra Cain [Sister - Adopted]

ටික ටික ටයිටන්ස් මෙම්බස්ලා ගැන මන් විස්තර දාගෙන ආවනෙ. ඒත් ටීම් එකේ විශේෂම කෙ⁣නා ගැන දෙන්න බැරි උනානෙ. ඒ ටීම් එකේ ලීඩ. හුඟක් තැන් වල ලීඩගෙ තැන ගන්නෙ ඉතින් බැට් ෆැමිලි එකේ අයනෙ  දන්නවනෙ ඉතින් ඒ මොකද කියලා නේ. මන් අද කියන්න යන්නේ ටයිටන්ස් එකේ ලීඩ වන ඩික් ග්රේසන් ගැන. කොමික් කියවන නොකියවන ඕනෙ කෙනෙක් ඩික් ගැන දන්නවා ඇති. නොකියවන කෙනෙක්නම් අනිවා ඩීසී ඇනිමේටඩ් ෆිල්ම්,සීරිස් එහෙම බලනවා ඇති නෙ. ඩික් ග්රේසන් මග හැරෙන්න විදියක් නෑ ඒ නිසා. ඩික් ග්රේසන් කියන්නෙ කෙතරම් විශිෂ්ට චරිතයක්ද කියලනං හැබැයි දැන ගන්න ලැබෙන එකක් නෑ ඇනිමේටඩ් ටිකක් බැලුවා කියලා. ඒකට කොමික්ස් කියවන්නම වෙනවා. මන් කෙටියෙන් මෙහෙම කියන්නම්, කවදාහරි world greatest comic heroe(Batman) ගෙ තැන ගන්නවනම් ගන්න පුලුවන් එක්කෙනයි ඒ ඩික් ග්රේසන්.  ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ එතකොට නේද.. 
හරි අපි ඩික්ගෙ කතාව පැත්තට හැරෙමු,

හුඟක් සුප හීරොලගෙ,විලන්ලගෙ වගේ ඩික්ගෙ ජීවිත කතාව එච්චර සුන්දර නැහැ.
ඩික් පොඩි කාලේ ඉඳන් හැදී වැඩෙන්නෙ සර්කස් එකක. ඒ එයාගෙ මුලු පවුලත් එක්කම. මේ අය සර්කස් එකේ ඉදිරිපත් කරන්නේ අර ලනුවල එල්ලිලලා කරන සන්දර්ශන. මේ අංගය නිසා ග්රේසන් ෆැමිලි එකට #Flying_Graysons යන නාමය ලැබුනා. ඒ අය හුඟක් ප්රසිද්ධියට පත් උනා මේ අංගය නිසා. ඩික්ගෙ අම්මගෙයි තාත්තගෙයි නම් පිලිවෙලින් මේරී හා ජෝන් ග්රේසන්. මොවුන් ඉතාමත් සතුටෙන් ජීවත් වෙන පවුලක්. හැබැයි ඒ සතුටට වැඩි කාලයක් ගියෙ නෑ. සර්කස් එකේ අයිතිකරුට තර්ජනයක් එනවා මැර කල්ලියකින්. මේක පැනනැගෙන්නෙ අයිතිකරු කප්පම් මුදල් ලබා දීම ප්රතික්ෂේප කිරීම නිසා. ඔවුන් අයිතිකරුට තර්ජනය කරනවා සර්කස් එක නවත්තන්න කියලා. ඒත් එය අයිතිකරු ඒ තරම් ගනන් ගන්නෙ නැහැ. සර්කස් එක සුපුරුදු පරිදි පටන් ගන්නවා වෙනදා වගේම. ඒ ගෝතම් වල. අර කලින් මන් සඳහන් කරපු මැර කල්ලියෙ අය විසින් ග්රේසන් පවුලෙ අය ඉදිරිපත් කරන අංගයට අදාල කඹ කපා දමනවා. එතනදි ඩික් බේරුනත් එයාගෙ අම්මයි තාත්තටයි එතනදි බේරෙන්න බැරි වෙනවා. ග්රේසන් දෙපල කඹය කඩාගෙන වැටෙන අවස්ථාවෙ සර්කස් එකේ සෑහෙන්න පිරිසක් බිය ගැන්විලා ඒ දිහා බලා ඉන්නවා. ඒ සෙනඟ ඇතුලෙ ගෝතම් වල ප්රසිද්ධම පුද්ගලයෙක් වන බෘස් වේනුත් ඉන්නවා. ඩික්ට දෙමව්පියන් නැතිවෙනකොට අවුරුදු අටක් පමන වෙනවා. බෘස් මේ අවස්ථාවෙදි තීරණය කරනවා නීතිමය වශයෙන් ඩික් ග්රේසන්ව හදාවඩා ගන්න. බෘස් එදා ඉඳලා ඩික් ග්රේසන්ට සලකන්නෙ තමන්ගෙම පුතෙක්ට වගේ. ( කොටින්ම කීවොත් ඩේමියන්ටත් වඩා ආදරයක් තියෙනවා ඩික් ගැන ) කොමික්ස් කියවන අය දන්නවා ඇති ඩාක්සයිඩ් ගෙ බලගතුම ක්ලෝන් එකක් ( බලගතුකම කොච්චරද කියනවනං ඔයාලා අර යුනිවස් එකේ දන්න thanosටත් වඩා බලගතුයි  ) ඩේමියන්ව මැරුවා කියලා. පස්සෙ හෙල් බැට් යූස් කරලා ඒ ක්ලෝන් එක විනාස කරනවනෙ බෘස් නේ . එතකොට හිතාගන්න පුලුවන්නෙ කවුරුහරි ඩික්ට අත තිබ්බොත් මොනා වෙයිද කියලා නේ . හරි එතනින් පස්සෙ ග්රේසන්ට යුක්තිය ඕනෙ වෙනවා. ඒකට බෘස් උදව් කරන්නෙ ඔහුට තමා දන්න දේවල් ඉගැන්වීමෙන්. පස්සෙ කාලයක් ගියාම ඩික් බැට්මෑන් ගෙ සහයකයා වෙනවා. ඒ බැට්මෑන්ගෙ පලවෙනි රොබින් ලෙස.

පස්සෙ කාලෙක තරුණ වියට එන ඩික් තීරණය කරනවා බැට්මෑන්ගෙන් වෙන් වෙන්න. ඔහු හිතනවා තමාට තවමත් බැට්මෑන්ගෙ රැක වරණය අවශ්යය නොවන බව. ( වෙන් වෙනවා කියලා අදහස් කරේ සදහටම බෘස්වයි ඇල්ෆ්රඩ්වයි අතහැරලා යාමක් නෙවෙයි ආ. ) ඔහු පස්සෙ කාලෙක ටීන් ටයිටන්ස් කියන සුප හීරොලගෙන් සැදුම්ලත් කන්ඩායමක් හදනවා. ඒ අයුක්තියකට එරෙහිව සටන් කරන්න. තවත් කාලය ගත උනාම ඔහු තීරණය කරනවා රොබින් කියන තනතුරෙන් අයින් වෙලා නයිට්වින්ග් වෙන්න. ඊට පස්සෙ ඔහු ටයිටන්ස් කන්ඩායමත් එක්ක එකතුවෙලා නපුරට එරෙහිව සටන් කරනවා. ඔහු තමන් හදා වඩා ගත්ත බෘස්වයි ඇල්ෆ්රඩ්වයි කොහොමවත් අමතක කරන්නෙ නෑ.. නිතර නිතර ඔහු සම්බන්ධ වෙනවා බැට් මෑන්ගෙ වැඩ වලටත්.

Powers abilities ගැන කීවොත් ඩික් කියන්නෙත් සාමාන්යය මනුස්සයෙක් කිසිම අසාමාන්ය බලයක් නැති. ඩික් සටන් කලාවල අති දක්ෂයෙක්. ඔහු සටන් කලා කිහිපයකම ප්රවීණයෙක්. කොතරම් දක්ෂයෙක්ද කියනවනං මන් කලිනුත් කීවා වගෙ බැට්මෑන්ගෙ තැන දරන්න පුලුවන් කෙනෙක්. ඩික්, ඩීසී යුනිවස් එකේ ටොප් මාෂල් ආටිස්ට්ලා විස්ස අතරත් ඉන්නවා. ඔහු පරිගණක වැඩ වලටත් ඉතාමත් දක්ෂයෙක්. විශේෂයෙන් හැකින් වලට එහෙම.( හැකින් වලට අති දක්ෂයෙක් )
ආ මට ඉහලින් කියන්න බැරි උනා. ඩික් බෘස්ගෙන් වෙන්වෙලා පොලිසියටත් බැඳෙනවා හොඳේ 

ඔන්න ඕක තමා ඩික් ග්රේසන්ගෙ කතාව #කෙටියෙන්ම හොඳේ .

ලබන මාසෙ තිරගත වීමට නියමිත ටයිටන්ස් කතාමාලාවෙන් ඔයාලට ඩික්ව ලයිව් ඇක්ෂන් දැක ගන්න ලැබේවී.

Post By
#iSuRu from DC Extended Universe Community​ Sri Lanka

Copyright
2019©️ DC Characters
All product names, logos, and brands are property of their respective owners. Including all company, product and service names used.
2014 - 2019©️CS Corp all right reserved.

Monday, July 1, 2019

🌟 Blue Beetle (Reyes ) 🌟

බ්ලූ බීට්ල් ගැන පෝස්ට් එකක් දෙන්න හිතුනා. බ්ලූ බීට්ල් කියන්නෙත් හරියට ෆ්ලෑෂ් කියන පදවිය වගේ පදවියක්. මම කියන්න යන්නෙ Reyes නොහොත් වර්තමාන බ්ලූ බීට්ල් ගැන. බ්ලූ බීට්ල් තවම ලයිව් ඇක්ෂන් බලාගන්න ලැබිලා නෑ අපිට. බ්ලූ බීට්ල් ටයිටන්ස් ටීම් එකේ මෙම්බ කෙනෙක්.(ඔව් ඔව් අපේ ඩික් ග්රේසන් නොහොත් නයිට්වින් කොල්ලගෙ ටීමි එක).Titans ලඟ එන ලයිව් ඇක්ෂන් ටීවී සීරිස් එකේ ඉඳීද කියන්නත් බෑ මෙයා. කොමික් කියවන්නෙ නැති කෙනෙක්නම් Young Justice Animated Series එක බලන්න. බිට්ල් ගැන ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වේවි.


බ්ලූ බිට්ල් කියන චරිතය මුලින්ම Dc චිත්රකතා ලෝකෙට එන්නෙ 1939 අගෝස්තු පලවෙනිදා. චරිතය නිර්මාණය කරන්නෙ Charles Nicholas Wojtkoski.
අපි බලමු මෙයාගෙ කතාව,

scarab කියන්නෙ කුරුමිණියටනෙ. මේක ඒලියන් ටෙක්නොලොජි එකකින් නිපදවුන ඉතාමත් බලවත් උපකරණයක්. ටෙඩ් කෝඩ්ගෙ(දෙවනි බ්ලූ බීට්ල්) මරණයත් එක්ක Scarab කියන උපකරණය ටෙඩ්ගෙ ශරීරයෙන් වෙන් වෙලා rock of eternity ( සදාකාලිත්වයෙ පර්වතය ) කියන ප්ලේස් එකේ රැඳෙනවා. Spectre(විශ්වයෙ ඉතාමත් බලවත් චරිතයක්) විසින් අර සදාකාලිත්වයෙ පර්වතය විනාස කරනවත් එක්කම Scarab එක පෘථිවියට විසි වෙනවා. මේක වැටෙන්නෙ ටෙක්සාස් කියන ප්රාන්තයට. පස්සෙ මේ Scarab කියන උපකරණය jaime reyesට හම්බෙනවා. ජෙමී පාසල් ශිෂ්යයෙක්. Scarab එක ජෙමීගෙ ශරීරයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ භාණ්ඩෙ කෙනෙක්ගෙ පිට මතට ගිහින් කනෙක්ට් වෙන්නෙ. හරියට කින්තුල්ලෙක් පිටට ගිහින් ඉන්නවා වගෙ කියලා හිතහල්ලකො. ජේමිට මේ Scarab එක කනෙට් වෙනවත් එක්ක බලවත් ආමර් එකක් මුළු ඇඟම කවර් කරගන්නවා. ඒ වගේම බලවත් ආයුධ,අලුත් අලුත් ගැජට් ගොඩක් ජෙමීට හම්බෙනවා. මෙයා මේ දේ රහසක් විදියට තියන් තමයි ජීවත් වෙන්නෙ. පස්සෙ ටයිටන් කණ්ඩායමත් එක්ක නපුරට එරෙහිව සටන් කරනවා.
ඔන්න ඕකයි බ්ලූ බිට්ල්ගෙ(ජේම්) කතාව.


බලමු මෙයාගෙ වැඩ කෑලි මොනවද කියලා.
- Abilities -
•Tracking Systems - සූට් එකට පුලුවන් ඕනෑම ජෛව විද්යාත්මක දෙයක්,මැජික් බලයක් ඇති දෙයක්,විශාල බලශක්තියක් ඇති දෙයක් ට්රැක් කරන්න.
•Scarab Sight - Scarab එක මගින් පුලුවන් වෙනත් මානයන්ගෙ දේවල් නිරීක්ෂණය කරන්න,ඉතාමත් තියුණු දේවල් නිරීක්ෂණය කරන්න. ඒ වගේම මේ හැකියාව නිසා ඕනෙනම් කෙනෙක් ගර්බනීද නැද්ද කියලත් බලාගන්න පුලුවන්.ඒ වගේම පුද්ගලයෙක්ගෙ ජෛව පද්දතිය වගේ සංකීර්ණ දේවල් එහෙම බලාගන්න පුලුවන්.
(මේක ටිකක් විස්තර කරන්න අමාරු ඉතාමත් බලවත් ඇබිලිටි එකකි)
•Symbiotic Telepathic Communication - ජේමිට Scarab එකත් එක්ක සන්නිවේදනය කරගන්න පුලුවන්. හැබැයි Scarab එක යූස් කරන්නෙ තමන්ට ආවේණික භාෂාවක්.
•Wireless Network Connection - මේ ඇබිලිටි එක නිසා ජේමිට අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙන්න පුලුවන් කිසිම අපහසුවක් නැතුව.
•Superhuman Strength - ටොන් තුනත් හතරත් අතර ප්රමාණයක් එසවීමේ හැකියාවක් තියෙනවා.
•Strength Augmentation - ශක්තිය තව දුරටත් වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා ඇඳුම මගින්.
•Partial Armor Manifestation/ShapeShift - ආමර් එක මගින් හැඩයන් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයකට මෙහෙම හිතමු, බ්ලූ බිට්ල්ගෙ අත් දෙක විශාල පලිහක් නැත්නම් තියුණු ආයුධයක් කරගන්න පුලුවන්.
•Dual-Purpose Wings - බීට්ල්ගෙ පිහාටු දෙක පියාසර කිරීමට වගේම පලිහක් විදියටත් යොදාගන්න පුලුවන්.
•Flight Mode - පියාසර කිරීමේ හැකියාව.
•Battle Analysis Adaptation - සටන් අනුකරණය කිරීමේ හැකියාව.
(දැන් මේක කියනකොට අයන් මෑන්ගෙ සූට් එක මතක් වෙනවා ඇති කට්ටියට. මොකද ටෝනිගෙ සූට් එකට කැපාගෙ සටන් අනුකරණය කරලා පහර දෙන්න පුලුවන් නිසා. සමහරු කියයි මේක අහලා අයන්මෑන්ගෙ ඇබිලිටියක් කොපි කරලා කියලා. හැබැයි බීට්ල් අයන්මෑන්ට වඩා අවුරුදු ගානක් පැරණි චරිතයක්)
•Vibrational Frequency Manipulation - චුම්බක සංඛ්යාත හැසිරවීමෙි හැකියාවක් තියෙනවා. මේ දේ භාවිතා කරලා සතුරාව පරාද කිරීමේ හැකියාවක් බ්ලූ බිට්ල්ට තියෙනවා.
•Weapons Array - Scarab නිසා ආයුධ සිය ගණනක් බිට්ල් සතුයි. අවශ්යයතාවය අනුව ඒ ඒ ආයුධය බිට්ල්ට ලබා ගන්න පුලුවන්.
ඉතාමත් තියුණු තල,ඉතාමත් දියුණු ගිනි අවි,ඉතාමත් දියුණු සොනික් බ්ලාස්ට මේ අතර තියෙනවා.
•Translation - විශ්වයෙ භාෂා රැසක් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා.
•Waste Disposal - අපද්රව්ය බැහැර කිරීමේ හැකියාව. කොටින්ම කීවොත් ජෙමි කොල්ලට බාත් රූම් ඕනෙ නෑ සූට් එකත් එක්ක ඉන්නකොට.

•Healing factor - ඉතාමත් දියුණු සුව වීමේ හැකියාව.
( මේ බිට්ල්ගෙ ප්රධාන හැකියාවන් කිහිපයක් විතරයි. තව හුඟක් දේවල් බිට්ල් සතුව තියෙන්න පුලුවන්. මොකද Dc විශ්වයෙ බලගතුම උපකරණයක් මේ Scarab කියන්නෙ )

Monday, June 24, 2019

Swamp Thing



මන් කාලෙකට කලින් ST(swamp thing)ගෙ පින්තූරයක් දාලා පෝස්ට් එකක් දැම්මා කට්ටියට මතක ඇතිනෙ. ඒ " සුපමෑන් ව ඩිෆීට් කරන්න පුලුවන් පෘථිවියෙ අතලොස්සක් චරිත අතරින් එක් අයෙක් කියලා " කට්ටිය අහලා තිබුනා ඇත්තටම සුපමෑන්ව ඩිෆීට් කරන්න පුලුවන් ද STට කියලා. ඔව් STට පුලුවන්. මොකද හුඟක් පවෆුල් චරිතයක් තමා මේ Swamp thing කියන්නෙ. ඔන්න අද තමා මේ ඩීසී චරිතය ගැන පෝස්ට් එකක් දාන්න පුලුවන් වෙන්නේ..
ST කියන්නෙත් එක්තරා ආකාරයක තනතුරක්. හරියට Flash,Green Lantern වගේ. ඉතින් මන් දෙන්න යන්නෙ Alec holland ගැන. මෙයා දෙවනි ST හැටියටයි ගණන් ගන්නේ. ඒ වගේම වර්තමාන ST මෙයා තමා. ඒ වගේම දැන් කට්ටිය දන්නවා ඇතිනෙ අලුතෙන් පටන් ගත්ත DC Universe Stream එක ගැන. දැන් DC Universe's Titans , DC Universe's Doom Patrolකියන ලයිව් ඇක්ෂන් සීරිස් දෙක සාර්ථකව යනවනෙ. Dc Universe එකේ ඉස්සරහට එන්න තියෙන තවත් ලයිව් ඇක්ෂන් සීරිස් එකක් තමා Swamp thing කියන්නෙ. ඒ එන්න තියෙන සීරිස් එකේ ST තනතුර දරන්නෙ Alec Holland කියලයි ආරංචිය. ඒකත් ලොකු හේතුවක් මන් Alec Holland ගැන විස්තරයක් දෙන්න. 
ST මුලින්ම ඩීසී කොමික්ස් ලෝකෙට එන්නේ 1971 in House of Secrets #92 කියන කොමික් ඉෂූ එකෙන්. චරිතය නිර්මාණය වෙන්නේ Len Wein සහ Bernie Wrightson යන කොමික් රයිටලා දෙන්නා අතින්.
මේකයි ඇලෙක් හෝලන්ඩ්ගෙ කතාව..,
ඇලෙක් කියන්නේ විද්යාඤයෙක්. ඇලෙක් රහසිගතව ප්රොජෙක්ට් එකක් කරනවා කැලයක. රහසිගත සූත්රයක් හොයාගන්න තමා ඇලෙක් මේ වැඩේට අත ගහන්නෙ. ඒ ලුසියානා ප්රදේශයේ මඩ වගුරු බිම් වනාන්තර බවට හරවන සූත්රයක් හොයාගන්න. ඇලෙක් ලැබ් එකට වෙලා මේ පරීක්ෂණ කරන අතරතුර අනතුරකට භාජනය වෙනවා. ඒ බෝම්බ පිපිරුමකට. මේ බෝම්බ පිපිරුම කරන්නෙ Nathan Ellery කියන රහස් එ්ජන්ට්. ඔහුගේ අරමුණ වෙන්නෙ ඇලෙක්ගෙන් අර ෆෝමියුලා එක අර ගන්න එක. මේ පිපිරුමත් එක්ක ඇලෙක්ගේ ඇඟ ගිනිගන්නවා කෙමිකල් එකක් එක්කම. ගිනිගන්නවත් එක්කම ඇලෙක් ලැබ් එකෙන් එළියට දුවගෙන ඇවිල්ලා පනිනවා ලඟම තියෙන මඩ වගුරකට. මේ වගුරට වැටිලා ටික කාලෙකට පස්සේ මිනිස් පැලයක් එහෙම නැත්නම් Swamp Thing නිර්මාණය වෙන්නේ.
ඕකයි ඇලෙක් හෝලන්ඩ් එහෙම නැත්නම් දෙවනි STගේ කතාව. පස්සේ කාලෙක බැට්මෑන් අඳුරු බලවේග එක්ක සටන් කරන්න ටීම් එකක් හදනවා Justice League Dark කියලා. JL dark එකේ සාමාජිකයෙක්ද වෙනවා ST. ST කොමික්ස් යන්නෙ හොරර් විදියට. ඉතිං ඉස්සරහට එන ST ටීවී සීරිස් එක සුපිරියටම තියේවි.
- Powers & Abilities -
ST ගේ Powers පැත්තට හැරෙමු..
• Elemental Control - මේ ඇබිලිටි එකෙන් STට හැකියාව තියෙනවා මුළු ග්රහ ලෝකෙම ඇති හරිත වනාන්තර එහෙම නැත්නම් හැම ගසකටම කනෙක්ට් වෙන්න. මේ හින්දා ST⁣ට හැම දෙයක්ම දැන ගන්න පුලුවන් ලෝකේ කොතන හිටියත්. ඒ වගේම මේ හැකියාවෙන් STට ශාක වලට අණ දීලා තමන්ට අවශ්යය විදියට පාලනය කරන්නත් පුලුවන්. කෙටියෙන්ම කියනවනං මේ ශාක ඔක්කොම කනෙක්ට් වෙලා තියෙන බල මූලාශ්රය ST. දෙවනි ST එහෙම නැත්නම් ඇලෙක් හෝලන්ඩ්ට හැකිවෙනවා එකවර මුළු පෘථිවියම,ජලය,ගින්දර හා වාතය යන මූල ද්රව්යය පාලනය කරන්න.
• Superhuman Strength - STගෙ ශක්තිය පෘථිවියට කනෙක්ට් වෙලා තියෙන්නෙ. ST සෑහෙන්න ශක්තිමත්.. තවමත් හරියටම ඔහුට උස්සන්න පුලුවන් බර ප්රමාණයේ සීමාවක් දීලා නෑ.
• Immortality - ST අමරණීය කෙනෙක්. පෘථිවියෙ ජීවය පවතින තාක්කල් STට කිසිම හානියක් සිද්දෙ වෙන්නෙ නෑ.
• Resurrection - STගෙ ශරීරය පේනවා නේද කට්ටියටම.. ඔය ගහක් වගේ තියෙන්නෙ.. අන්න එ් ශරීරයට කියන්නෙ ඇවටාර් එක කියලා. ඇවටාර් එක විනාශ උනා කියමුකො..ඒත් ST එහෙම නැත්නම් ඇලෙක්ගේ මනස/ආත්මය විනාශ වෙන්නෙ නෑ. ඔහුට පුලුවන් වෙනවා ආයෙත් ඕනෙනං ඒ තිබ්බ විදියට නැත්නම් වෙනත් ස්ටයිල් එකකට ඇවටාර් එක නිර්මාණය කරගන්න. මේ ඇබිලිටි එකෙන් වෙන්නෙ අන්න ඒකයි.
• Chlorokinesis - මේ ඇබිලිටි එක නිසා STට හැකියාව තියෙනවා ඇල්ගී වර්ග පාලනය කරන්න. ඒවා පාලනය කරලා පහර දීමේ හැකියාව STට තියෙනවා. උදාහරණයක් විදියට කාගේ හරි ඇඟේ මෙහෙම ඇල්ගී තියෙනවා කියලා හිතමු. ඒවා පාලනය කරලා ඒ පුද්ගලයට හානි කරන්න පුලුවන් මේ ඇබිලිටි එකෙන්.
• Self-Sustenance - ප්රභාසංස්ලේෂණය වගේ පැල වලට අදාල භාහිර බලශක්ති ප්රභවයන්ගෙන් බලය වැඩි කරගන්න හැකියාව තියෙනවා STට.
• Flight - අැලෙක්ට පුලුවන්කම තියෙනවා එයාගේ ඇවටාර් එක මොඩිෆයි කරගන්න. මන් ඉහලින් ඒ ගැන කීවා මතක ඇතිනෙ.👆 ඉතිං මේ ක්රමේට STට පුලුවන් පියාපත් සහිත ඇවටාර් කෙනෙක්( පිංතූරයක් ඇති.ඒක බලන්න ) නිර්මාණය කරගන්න. ඒ නිසා STට පියාසර කිරීමේ හැකියාවත් තියෙනවා.

ඔන්න ඕවා තමා STගේ පවස්. මන් පුලුවන් තරම් කෙටි කරලා තමා විස්තර කරේ. සෑහෙන දිග,සංකීර්ණ පවස්,ඇබිලිටි STට තියෙන්නේ.
දැන් දැනගන්න ඇතිනෙ Swamp Thing ගැන. වැඩි විස්තර දැනගන්න ඕනේනම් ඔයාලට DC Comics කියවන්නම වෙනවා. මන් පෞද්ගලිකව මාරම ආසයි ST කොමික්ස් වලට ❤️

Wednesday, June 5, 2019

MonsterVerse - Introduction of the Kaiju





ඔන්න අද අපි වෙනස්ම විශාලම Universe එකකට පා තබන්නයි ලැහැස්තිවෙන්නේ. ඒ වෙන මොකක්වත් නෙවෙයි හොලිවුඩය පවා ඈත අතීතයේ පටන් ආක්‍රමණය කළ MonsterVerse එක එහෙමත් නැතිනම් Kaijuලා ගැන.මේ දවස් වල Godzilla: King of the Monsters තිරගත වෙන නිසා Kaiju ලා ගැන කථා කරන්න මේක හොදම වෙලාවක්.

කවුද මේ Kaiju කියන්නේ? ජපන් බසින් "අමුතු/බියකරු සත්වයා" යන තේරුමින් හැඳින්වෙන Kaijuලාගේ ඉතිහාසය හතරවන සියවස දක්වා දිවෙන බව මූලාශ්‍ර වල සඳහන්. පුරාණ ජපන් වැසියන් බිය වද්දමින් ගම් නගර වලට පහර දුන් විශාල රාක්ෂයන් වැනි සතුන් ගැන පැරණි ජපන් වැසියන්ගේ පුරාවෘත වලදී අපිට අසන්න ලැබෙනවා. නමුත් අපිට මේ Kaiju සංකල්පය 100%ම සත්‍යදැයි හෝ 100% අසත්‍ය යැයි හරියටම තවමත් තීරණය කරන්නට අපහසුයි. නමුත් විශාල ඩයිනසෝරයන් පවා වෙසුණු මේ පෘථිවියේ එවන්වූ ජීව කොට්ථාශයක් වාසය කරන්නටත් ඉඩ තිබෙනවා. මරියානා ආගාධය වැනි කිලෝමීටර් ගණණාවක් ගැඹුරු මුහුදු පත්ලේ විද්‍යාඥයන්ට පවා සොයා ගන්නට අපහසු මෙගාලඩොන් වැනි ජීවීන්ගේ තොරතුරු වර්තමානයේ ලැබෙන නිසාම මේ Kaijuලා ගේ පැවැත්ම ගැන යම්කිසි සාක්ෂි අපිට ඇතිකරගත හැකියි. ඒ වගේම අති විශාල ෆොසිල කොටස් වැනි දේවල් වලිනුත් මේ ගැන යම්කිසි අනාවරණයන් අපට ලැබෙනවා. නමුත් සිහි තබාගන්න අපි දකිනතෙක් මේ කිසිවක් අප විශ්වාස නොකළ යුතු බව.

ඇත්තටම Kaijuලා අපිට හමුවන්නේ ජපානයෙන් වූවත් කල්පිත ලෝකයට Kaiju කෙනෙක් අපිට මුලින්ම හමුවන්නේ හොලිවුඩයෙනුයි. ඒ 1933දී අපි හැමෝම දන්නා King Kong හැටියටයි. මොකක්? King Kong කොහොමද Kaiju කෙනෙක් වෙන්නේ? එයා ලොකු ගෝරිල්ලෙක් නේද? මේ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරන නිසා දැනට ඒ කරුණ විතරක් සිහියේ තබාගනිමු. අපිට හමුවන පළමු Kaiju හැටියට Gojira එහෙමත් නැතිනම් Godzillaවයි හඳුන්වන්න පුළුවන්. කාලයාගේ ඇවෑමෙන් Kaijuලාත් වර්ධනයේ උපරිම තත්වයට එනු ලබනවා. එවිට අපි ඔවුන්ව dai Kaiju කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා 1954දී මුලින්ම දැකගන්න ලැබුණු Godzillaව මේ වකවානුව වන විට dai Kaiju කෙනෙක් විදියට හඳුන්වන එකේත් වරදක් නැහැ. ඒ කියන්නේ මේ Kaijuලා කාලයට අනුව වර්ධනය වන බවයි.

ඊලඟට අපිට ඇතිවන ප්‍රශ්නය තමයි Kaijuලා කොහෙන්ද එන්නේ? කොහොමද බිහිවන්නේ? එයාලා නිකන්ම විශාල සත්වයන් විතරක්ද? නැතිනම් Kaiju කෙනෙක් කියන්නේ පෘථිවියේ වෙසෙන ජීවීන්ට සමාන අති විශාල මෘගයන්ද? කියන දේ. Pacific Rim චිත්‍රපටයට අනුව මේ Kaijuලා කියන්නේ පිටසක්වල ජීවී කොට්ථාශයක්. ඇත්තටම Kaijuලා පිටසක්වල ජීව කොට්ථාශයක්ද? නැතිනම් නිකන්ම නිකන් ජපන් නමෙන් එන Gojira වගේ එන විශාල මෘගයෙක්ගේ සංකල්පයක් විතරද? මුලින්ම Gojiraව අපිට Tokusatsu studio එකෙන් ගෙන ආ සංකල්පයක් විදියටයි හමුවන්නේ. 1954දී නිකුත්වුණු Godzilla චිත්‍රපටයේදී පවා අපි දකිනවා Godzillaට කිසියම් ආකාරයකට විදුලියක් නිපදවන්න හැකියාවක් තිබෙන බව. නමුත් King Kongට මෙවන්වූ හැකියාවක් අපි දකින්නේ නැහැ. ඒ කියන්නේ සමහර Kaijuලාට බලයන් පිහිටන බවයි. එහෙනම් මේ Kaijuලා කොහෙන්ද මෙහෙට එන්නේ? දැනට ආපු Godzila movies බලපු ඔයාලට මතක ඇති හැම ජීවියෙක්ම මුහුදු වෙරළාසන්නයේදී වැඩිම සිදුවීම් වලට සම්බන්ධ වන බව. එක් වරම වෙරළාසන්නයේදී මතුවනවා කිව්වත් නිවැරදියි. එහෙනම් ගැඹුරු මුහුදු පතුලේද මේ Kaijuලා ඉන්නේ? සමහර විට එක්වරම ජීවී විවරයකින් මොවුන් මතුවනවා වෙන්නත් පුළුවන්. නැතිනම් අර කලින් කිව්ව පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් හරියටම තවමත් චිත්‍රපට වලින්වත් හරියටම මේ Kaijuලාගේ origin එක ගැන සාර්ථක පැහැදිලි කිරීමක් කරලා නැහැ. ඒ නිසාම තවමත් මේ සිදුවීමේදී අපිට උපකල්පන මත යැපෙන්න සිදුවෙලා තිබෙනවා.

ඉතිහාසයට අනුව අපිට Kaijuලා බොහෝමයක් එක් එක් කාලවකවානු වලදී හමුවී තිබෙනවා. Godzillaට අමතරව Anguirus, Meganulon, Rodan, Moguera, Varan, Orochi, Mothra, Maguma, Giant Lizard, Oodako (Giant Octopus), King Kong (Toho), Manda, Dogora, King Ghidorah, Baragon, Gaira, Sanda, Ebirah, Ookondoru Giant Condor), Mechani-Kong, Gorosaurus යනාදී බොහොමයක් Kaijuලා අපට හමුවනවා. එකම ස්ථානයට Kaijuලා කිහිප දෙනෙක් පැමිණීමෙන් ඇතිවෙන දේ ගැන ඔයාලට හිතාගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන් ගැටුමක්. මේ ගැටුම් පදනම් කරගෙන තමයි මෙතෙක් බිහිවුණු බොහෝමයක් MonsterVerse චිත්‍රපට නිර්මාණය වන්නේ. මේ ගැටුම්වලදී තමන්ගේ ශක්තිය වගේම බලයන් පවා Kaijuලා භාවිත කරනවා. සමහරක් පෘථිවිය විනාශ කිරීමට පවා මෙමගින් පෙළඹෙනවා. නමුත් මේ හැම සටනකදීම වගේ the Kaiju King එහෙමත් නැතිනම් පළමු Kaiju Godzilla සමත් වනවා.

Kaijuලා ගැන කතා කරද්දි අපිට Kaijuලා හමුවන මාධ්‍ය ගැනත් කෙටි හෝ සඳහනක් නොකළොත් ඒක අඩු පාඩුවක්. අපිට දැනට Kaijuලා දැකගන්න ලැබෙන්නේ චිත්‍රකතා සහ චිත්‍රපට ඔස්සේ පමණයි. දැනට චිත්‍රපට 50කට වගේම චිත්‍රකතා 300කට අධික සංඛ්‍යාවකට මේ Kaiju චරිත යොදාගෙන තිබෙනවා. චිත්‍රපට අතුරින් වර්තමානයේ Warner Bros. සහ Legendary Pictures සමාගමෙන් නිෂ්පාදනය කරන MonsterVerse එකත්, Oni Press ආයතනය මගින් නිකුත් කරන Kaijumax චිත්‍රකතා මාලාවත් සෑහෙන ජනප්‍රියතාවකට ලක්ව තිබෙනවා.

අද අපි Kaijuලාගේ ඉතිහාසය ගැන කෙටියෙන් කතා කිරීමක් සිදු කළා. නමුත් ඒක හරියටම සම්පූර්ණ වෙන්නේ එක් එක් Kaijuලා ගැන ඔවුන්ගේ ඉතිහාසයත් එක්ක කතා කිරීමත් සමඟයි. ඒ නිසා පිළිවෙළට එකින් එක අපි MonsterVerse එක ගැන කතා කරගෙන යමු. ඒ අතරේ ඉදිරියට MonsterVerse videos කිහිපයකුත් අපි You Tube හරහා නිකුත් කරන්න සූදානමින් ඉන්නේ. ඒ නිසා අපේ You Tube Channel එකටත් subscribe කරලා තියාගන්න කියලත් හැමෝටම මතක් කරනවා. Godzilla, the Kaiju King ගැන මීලඟ ලිපියෙන් යළිත් හමුවෙමු!



You Tube link - https://www.youtube.com/channel/UCg5QkG4LO-abKX8Vyg40SBg?sub_confirmation=1&fbclid=IwAR1NYmjcewtEJjggsPZs9zoOZiVuO4nh_c6JYWXKy1z59TzHzepcPRAWd1E

#SmAsHeR #P1
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates