LATEST :

Sunday, November 25, 2018

Severus Snape aka The Half-Blood Prince - Part 02



සියළුම දෙනා 1971 වසරේ Hogwartsහි නවක ශිෂ්‍යයන් වුණා. ජේම්ස්,සිරියස් සහ ලිලී ග්‍රිෆින්ඩෝ නිවාසයට තේරුනත් "මැගෝනිගල්" මහාචාර්යවරිය දාපු තේරීමේ තොප්පිය(Sorting Hat) ස්නේප්ව තේරුවේ ස්ලිදරින් නිවාසයටයි. මේ කාලයේදී මායා රසායනය පිළිබඳව මහාචාර්යවරයා වුනේ Horace Slughorn. ටොම් රිඩ්ල් එහෙමත් නැතිනම් Voldemort කපටිකමින් විමසූ විට ආත්මය කොටස් වලට බෙදීම පිළිබඳව පළමු පාඩම කියා දුන්නේත් Horace Slughorn විසිනුයි. මෙතුමා ඒ වකවානුවේ ස්ලිදරින් නිවාස භාර ගුරුවරයාත් වනවා.
ස්ලිදරින් නිවාසයට තේරී පත්වූන ස්නේප්ව එහි සාමාජිකයින් විසින් උණුසුම්ව පිලිගත්තා. පසුකාලීනව වෝල්ඩමෝට්ගේ "ඩෙත් ඊටර්ස්(Death Eaters)" කල්ලියේ සාමාජිකයින් වූ "ඇවේරි", "මල්සිබර්", ඔහුගේ ලඟම මිතුරන් වුණා. වයස අවුරුදු 11ක් තරම් වුණු කුඩා කාලයේ පටන්ම අඳුරු මායාවන් පිළිබඳව විශිෂ්ටත්වයක් පෙන්නුම් කල ස්නේප් එම වයසෙහිදිම හත් වන වසරෙහි සිසුවෙකුටත් වඩා මන්ත්‍ර සහ ශාප විශාල ප්‍රමාණයක් දැනගෙන සිටියා. තවද Levicorpus, Liberacorpus, Muffliato, Langlock, Sectumsempra වගේ ශාප සහ මන්ත්‍ර තනිවම නිර්මාණය කිරීමේ ගෞරවයත් ස්නේප්ට හිමි වෙනවා. ස්ලිදරින් නිවාසයේ තවත් සඳහන් කළ යුතු ඔහුගේ මිතුරන් වන්නේ "එවන් රොසායර්" සහ "විල්කස්" දෙදෙනා.(මොවුනුත් පසු කාලෙක ඩෙත් ඊටර්ස්ලා බවට පත්වෙනවා) සමකාලීන ශිෂ්‍යනායකයෙකු වූ "ලුසියස් මැල්ෆෝයි" තමාට වඩා බාල සෙවරස් හට කරුණාව දැක්වුවා. ඒ ඔහු ස්ලිදරින් නිවාසයට තේරී පත්වූ නිසා වෙන්නට ඕනෑ. මෙම සම්බන්ධය හේතුවෙන් පසුකාලීනව ඔහුගේ පුතු වූ "ඩ්රෙකෝ" මැල්ෆෝයිගේ ආරක්ෂාව සම්බන්ධව ලුසියස් විසින් ස්නේප් කෙරෙහි විශ්වාසය තැබූවා වගේම ස්නේප්ද තමාට කාරුණික වූ මිතුරාගේ පුතුට අනෙකුත් ශිෂ්‍යයන්ට සාපේක්ෂව සැලකිල්ලක් දැක්වුවා.
"රේමුස් ලූපින්" සහ "පීටර් පෙටිගෘවු" දෙපලත් ස්නේප්ගේ ප්‍රතිවාදීන් වුණා. එ්කට හේතුව ඔවුන් ග්‍රිෆින්ඩෝ නිවාසයේ වීමත් ස්නේප් ස්ලිදරින් නිවාසයේ වීමත්. ස්නේප්ගේ කුඩා කාලයේ පාසල් ඉතිහාසයේ තවත් චරිතයක් පිළිබඳව සුලු වශයෙන් සඳහන් වෙනවා. නමින් "පැට්රීශියා රේක්පික්" වන ඇය පස් වන වසරේදී චතුර කථික හැකියාව නිසා පාසල තුල ශිෂ්‍ය අනුගාමිකයන් පිරිසක් නිර්මාණය කරගන්නට සමත් වූන බව සදහන්. පාසල තුල ඇය පෙන්වූ කැරලිකාර චරිත ස්වභාවයට ඇගේ ගුරුවරුන්නම් එතරම් කැමති වෙලා නැහැ. ස්නේප් ඇය කෙරෙහි වඩා අවධානයක් යොමුකරගෙන සිටියත් ඇය ගැන විශ්වාසයක් තැබුවේ නැහැ. ⁣ඇයගේ සගයින් බොහෝ දෙනෙකු පාසලේ ජනප්‍රිය චරිත බව කියවෙනවා. පාසල් කාර්‍යමණ්ඩලය ඇයගේ ක්‍රියාකලාපය පිළිබඳව බොහෝ අවධානයෙන් ගත කල කාල සමයක් බවට ඒ කාලය පත්වුණා. ස්නේප්ද තමාගේ අභිප්‍රායන් හා ඇගේ අභිප්‍රායන් පිළිබඳව ගැඹුරින් සිතා බැලීමේදී ඒවා නොගැලපෙන බව තේරුම් අරන් ඇගේ අනුගාමිකත්වයෙන් වැළකෙනවා. පාසලේ ගුරුවරුනුත් ඇය පාසලට තර්ජනයක් යන මතයේම තමයි පසුවන්නේ. ස්නේප්ගේ මායා හැකියාවට අමතරව ඔහුගේ සහජ බුද්ධිය සහ පුද්ගලයන් තේරුම්ගැනීමේ හැකියාව ගැන පෙන්වන අවස්ථාවක් විදියය මායා ඉතිහාසයේ මේ ගැන සඳහන් වුනා වෙන්න පුලුවන්.
පාසල් කාලයේදී ජේම්ස් පොටර් කඩවසම්, පාසලේ ජනප්‍රිය, ක්‍රීඩාවට දක්ෂ, කෙලිලොල් සෙල්ලක්කාර චරිතයක් වුණා විතරක් නෙමෙයි ඔහු හා ඔහුගේ මිතුරු කණ්ඩායම ස්නේප් සමග නිතර නිතර ගැටුම් හැලහැප්පීම් එහෙමත් ඇතිකරගත්තා. ස්නේප් වැඩි ලෙස ආකර්ෂණීය චරිතයක් නොවීමත්, ඔහුගේ හුදකලා බවත් මෙයට හේතුව වුණා. ජේම්ස්ගේ සිතේ එවක ලිලී ගැන වූ අදහසත්, ස්නේප් හා ලිලී අතර තිබූ දිගුකාලීන මිත්‍රත්වයත් නිසා ජේම්ස් ස්නේප් දෙපළ අතර තිබූ ගැටුම් උග්‍ර වුණා. වරක් ස්නේප් Hogwarts ක්‍රීඩා පිටිය අසල තනිව ගසක් පාමුල පොතක් කියවමින් සිටි ස්නේප් අසලට ජේම්ස් ඇතුළු පිරිස පැමිණෙනවා. සෙල්ලක්කාරී ජේම්ස් විසින් තමන්ගේ මායා යශ්ටිය භාවිතාකර ස්නේප්ව ඔසවා උඩුයටිකුරු කර ගුවනෙහිදිම උඩ ඇඳුම් ගලවන්නට හදනවා. මෙතනදි ලිලී විසින් ජේම්ස්ට විරුද්ධව ස්නේප්ගේ උදව්වට එන්නේ දෙදෙනාම ලිලීගේ යාලුවො නිසයි. නමුත් මේකට ජේම්ස්ගේ වැඩිය කැමති වුණේ නැහැ. මොකද ලිලී කෙරෙහි ඇල්මක් ජේම්ස්ගේ හිතේ තිබුණු නිසා. මේ අවස්ථාවේදී ජේම්ස් ලිලී වෙත යෝජනාවක් කරනවා. ඒ තමන් හා එක්වුණොත් ඔහු ස්නේප්ට යළි කිසිදා කරදර නොකරන බවයි. ලිලී මේ යෝජනාව ප්‍රතික්ශේප කරනවා. නමුත් මේ සිද්ධිය නිසා ස්නේප්ට හිතෙන්නේ තමන්ට අවතක්සේරුවක් වුණු බවයි. ඒ නිසා ලිලී සහ ජේම්ස් අතර තිබූ මිතුදමට ස්නේප් තදින් වෛර කළා. ඒ තරහා දරාගන්න බැරිවුණු ස්නේප් ලිලීට "Mudblood"(මායා නොවන ලේ) යැයි බැන වදිනවා. මේක ලිලීගේ හිතට ගොඩක් දැනෙනවා. ඒ වහාම ලිලීත් ස්නේප්ට පෙරළා අවතක්සේරු කරනවා. ඇය ස්නේප්ට Snivellus ලෙස පවසා මින් මතුව ඇඳුම් පිරිසිදු කර අදින්න පුරුදු වන බවට පවසනවා. තමන්ගේ කේන්තිය නිසා ලිලීගේ හිත බුඳුණු බව තේරුම්ගෙන පසුතැවෙන ස්නේප් විසින් පසුව ග්රිෆින්ඩෝ කුළුණ අසලදී බැගෑපත්ව හඬමින් ලිලීගෙන් සමාව ඉල්ලුවත් ලිලීගේ සිත සෙවරස් කෙරෙහි නැමුනේ නැහැ. මෙය සදාකාලිකවම ස්නේප්ගේ හිතේ රැඳුණු දුක්ඛිතම මතකය බවට පත්වෙනවා.
to be continued..
- Legal Notice -
Wizarding World Publishing and Theatrical Rights © J.K. Rowling. Wizarding World is a trademark of Warner Bros. Entertainment Inc. Wizarding World characters, names and related indicia are ™ and © of Warner Bros. Entertainment Inc. All rights reserved. All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this article are for identification purposes only.
2014 - 2018© CS Corp All Right Reserved

Share this:

1 comment :

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates