LATEST :

Monday, November 19, 2018

Henry "Hank" Hall aka Hawk


ඔන්න අද අපි කථා කරන්නේ ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලලා තිබුණු Titansලා ගැන. මේ මාසයේ නිකුත්වෙන Titans tv show නිසා Titans team එක සහ කණ්ඩායමේ සාමාජිකයන් ගැන කථා කරන්න මේක තමයි හොඳම වෙලාව. අද අපි කථා කරන්නේ Hawk එහෙමත් නැතිනම් Hank Hall ගැන.
🔹Creation
Hawkව අපිට මුලින්ම comic වලදී දකින්න ලැබෙන්නේ 1968දී නිකුත් වුණු showcase #75 volume එකේ In the Beginning… කියන chapter එකේදීයි. අපි කවුරුත් දන්න Steve Ditko සහ Steve Skeates කියන චිත්රශිල්පීන් දෙදෙනා තමයි Hawk සහ Dove චරිත comic ලෝකයට හඳුන්වා දෙන්නේ. Hawk සහ Dove දෙදෙනාගේ චරිත ඒ තරම් ප්රචලිත නොවූ නිසාම අපිට ගොඩක්ම මේ චරිත හා සම්බන්ධ full issues දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් පසුකාලීනව New 52වලදී Doveගේ identity එක Dawn Granger වෙත ලැබෙනවාත් එක්කම Hawk and Dove චරිත comic රසිකයන් අතර වඩාත් ජනප්රිය වනවා. ඒ නිසාම තමයි අපිට Titans කථාමාලාවේදීත් මේ චරිත දැකබලාගන්න හැකිවන්නේ. තවද Hawk චරිතය දැනට අපිට issues 330කට වඩා ප්රමාණයක දැකගන්න ලැබෙනවා.
🔸 Origin
Irwin Hall කියන්නේ Elmond ප්රාන්ත උසාවියේ විනිශ්චයකරුවෙක්. පසුව Rae Hall සමඟ විවාහයෙන් පසු ඔවුන්ට පුතුන් දෙදෙනෙකු ලැබෙනවා. ඒ Hank Hall සහ Don Hall. කුඩා කාලයේ පටන්ම Hank සහ Don දෙදෙනා අදහස් වලින් සම්පූර්ණයෙන්ම එකිනෙකාට වෙනස් දෙදෙනක්. Hank ශක්තිසම්පන්න, කඩිසර නමුත් ඉක්මනින්ම තීරණ ගන්නා කිපෙනසුළු කෙනෙක්. නමුත් Don ඊට හාත්පසින්ම වෙනස්. ඔහු බුද්ධිමත් සමාදානයෙන් වැඩකටයුතු කරන්න කැමති කෙනෙක්. දෙදෙනාගේ අදහස් එක හා සමාන නොවුනත් ඔවුන් දෙදෙනා ඉතාමත් කිට්ටුවෙන් සිටි සහෝදරයන් දෙදෙනක්. ඒ වගේම Hank තමන්ගේ බාල සහෝදරයා Don ගැන සැමවිටම සොයාබලන්න අමතක කරන්නෙත් නැහැ.
High School senior year එකේදී Hank සහ Don දෙදෙනා වරක් තම පියාව හමුවන්නට උසාවියට පැමිණි විට ඔවුන්ට දැනගන්නට ලැබෙනවා Irwin Hallව මරා දමන්නට Dargoගේ කණ්ඩායමේ පිරිසක් බෝම්බයක් පුපුරවා උත්සහ දරා ඇති බව. මේ වන විට Irwin විසින් Dargoගේ නඩු විභාගය මෙහෙයවමිනුයි සිටින්නේ. බෝම්බ ප්රහාරයෙන් තුවාල ලබන Irwin වහාම රෝහල්ගත කරනු ලබනවා. මේ අතරතුරේ සිය පියා මරා දමන්න්ට සැලසුම් කළ Dargoගේ කල්ලියේ පිරිස හඹා යන Hank සහ Don දෙදෙනාට සිය පියාව රෝහලේදී මරා දමන්නට Dargoගේ කල්ලිය සූදානම් වන බව දැනගන්නට ලැබෙනවා. නමුත් Dargoගේ කල්ලියේ පිරිස් මේ දෙදෙනා හොරෙන් ඔවුන්ගේ සංවාදය අසා සිටි බව දැනගෙන ඔවුන්ව කුටියක සිර කර දමනවා.
සිය පියාව යළිත් මරා දමන්නට යන සැලසුම දැනගත්තත් තමන්ට කිරීමට නොහැකි බව තේරුම්ගෙන Hank සහ Don දෙදෙනා දුක්වනවා. තමන්ට කිසියම් හෝ බලයක්වත් තිබුණානම් මේ දේ වළක්වන්නට හැකිවෙනවා නේද යැයි ඔවුන් මැසිවිලි නගනවා. ඒ අවස්ථාවේ එක්වරම කටහඬවල් දෙකක් Hank සහ Don දෙදෙනාව අමතනු ලබනවා. මේ කටහඬවල් දෙක T'Charr(a Lord of Chaos)ගේ සහ Terataya(a Lord of Order)ගේයි. Forces of Order සහ Forces of Chaos කියන්නේ සදාකාලික සතුරන් වුවත් මේ දෙදෙනා පෙමින් බැඳී සිටි නිසාම අනිත් Lords of Order සහ Lords of Chaosලාට මේ සදාකාලික සතුරුකමින් තේරුමක් නොමැති බවට පෙන්වන්නට Lord T'Charrට සහ Lord Teratayaට වුවමනා වුණා. මේ නිසාම තමයි ඔවුන් Hank සහ Donව තෝරා ගන්නේ.
ඒ අනුව Hankව Hawk ලෙස නම් කර බලයන් ලබා දෙනවා. Hankගේ ආවේගකාරී බව නිසා ඔහුට උකුස්සෙකුගේ මෙන් ප්රවේගකාරී බලයක් හිමිවනවා. අනතුරක් සමීපයේ Hank විසින් "Hawk" යැයි හඬගෑ විටම මායා බලයෙන් ඔහුව Hawk බවට පත්වනවා. අනතුර අවසන් වූ විගසම යළිත් ඔහුව Hank බවට පත්වනවා. Hawkගේ costume එකත් මායා බලයෙන්ම Hankට ලැබෙනවා. පෘථිවියේ මායා බලයෙන් Hawkගේ costume එකඉවත් කරන්නට හෝ විනාශ කර දමන්න්ට නොහැකියි. මේ නිසාම Hawkව සම්පූර්ණයෙන්ම Chaotic energy වලින් සැදුම්ලත් කෙනෙක් හැටියටත් හඳුන්වන්නට පුළුවන්.
🔹Powers & Abilities
Hawk බවට පත්වුණාම Hankට උකුස්සෙකුට හා සමාන බලයන් ලැබෙනවා. ඒ අතරට වැඩිදියුණු වුණු ශක්තිය, දරාගැනීමේ හැකියාව, බුද්ධිමත් බව, ක්රියාශීලී බව යන දේවල් ඇතුළත්. සාමාන්ය මිනිසෙකුට වඩා පෙනීමේ හැකියාව, කඩිසර බව වගේම කාය බලයත් Hawk සතු වනවා. ඒ වගේම Hank සතු සුවිශේෂී හැකියාවන් ඔහු Hawk බවට පත්වූ විට වැඩිදියුණු වනවා. එපමණක් නොව Hawk සතුව healing factor එකකුත් තිබෙනවා. මේ නිසා Hawk බවට පත්වුණු අවස්ථාවේ Hank තුවාල/පීඩා කල නොහැකි(invulnerable) කෙනෙක් ලෙසටත් හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම storylines වලදී Hawk තවත් එක් චරිත බවට පත්වූ අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. ඒ අතුරින් Monarch සහ Extant බවට පත්වූ අවස්ථා සුවිශේෂයි. Monarch බවට පත්වූ අවස්ථාවේදී Hank 21වන සියවසේ තාක්ෂණයෙන් සමන්විත armor එකක් භාවිතා කරනවා. මේ armor එකෙන් energy blasts පවා නිකුත් කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම armor එකට teleportation device එකක් සම්බන්ධ කොට තිබෙනවා. මේ නිසාම ඇසිපිය හෙළන සැනින් Hawkට වෙනත් තැනකට teleport වීමේ හැකියාව තිබෙනවා. Monarch දැනට ඉදිරිපත්වුණු Hawkගේ දරුණුම version එක යැයි පවසන එකේ වරදක් නැහැ. මොකද Monarch කියන්නේ හිත්පිත් නැති ක්රෑර කෙනෙක් විදියටයි comic වලදී අපිට දකින්න ලැබෙන්නේ. Extant බවට පත්වූ අවස්ථාවේදී Hankට අසීමාන්තික ලෙස කාලය පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. මේ නිසා ඕනෑම කාල වකවානුවකට ක්ෂණයකින් Extantට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම Extantට පුද්ගලයන්ගේ වයස අඩු/වැඩි කළ හැකි chronal blasts පවා හිමිව තිබෙනවා.
නමුත් New 52 reboot එකෙන් පස්සේ Hawkගේ powers නැතිකලා. ඒ අනුව Magical powers වෙනුවට Fighting skills Hawkට ලබා දෙනවා.ඒ නිසාම Titans tv show එකේදීත් Hawkට තිබෙන්නේ Fighting skills පමණයි. ඒ වගේම titans show එකේදී Hawk ටිකක් මෝඩ/ඉක්මන්සුළු තීරණ ගන්නා කෙනෙක් හැටියටයි අපිට දකින්න ලැබෙන්නේ.
🔸Major Story Arcs
Teen Titans, Blackest Night, Birds of Prey, Brightest Day යන කථාමාලා බොහොමයක Hawkව අපිට දැකගන්න ලැබෙනවා. මේ එක් එක් කථාමාලාවල විශේෂ කොටස් වලට දායක වන්නත් Hawk සමත් වෙනවා. ඉදිරියට මේ එක් එක් කථාමාලා ගැන ලිපි ගෙන එන්න සූදානම්ව සිටින නිසා ඒ ලිපිවලින් තවදුරටත් Hawk ගැන කථා කරන්න අපි සූදානම්. මීලඟ ලිපියෙන් අපි Hawkගේ partner Dove ගැන විස්තර කථා කරමු.
#Harley

Share this:

1 comment :

  1. Tnx bro lipiyata. Hawkta fighting skill labuna eka loku deyak. Magical skill walata wada eke gathiyak thiyei

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates