LATEST :

Sunday, November 25, 2018

Predator #2



Predator fansලා වෙනුවෙන්ම ගේන දෙවැනි ලිපිය තමයි මේක. මේ ලිපියෙන් ඔවුන්ගෙ සමාජක්රම, සංස්කෘතීන් ගැන වගේම Yautjaලා ගැන නොදත් ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි.


💀Yautja දඩයම් සංස්කෘතිය

මම කලින් ලිපියේ කිව්ව වගේම Yautja Prime තමයි Predatorsලගෙ Home Planet එක. ඔවුන් ගොත්රයක් විදියට ගත්තම විවිධ පුජාවිධි දකින්න ලැබෙනවා. ඒ වගේම මොවුන් ඒ පුජාවිධි අබාශයෙන් ඔවුන්ගෙ ජීවත කටයුතු වලට වගේම සමාජයේ හැසිරෙන්න උපයෝගි කරගන්නවා. සාමාන්යයෙන් Predatorsලා ජීවය තියෙන ග්රහලෝකවලට ගිහින් දඩයම් කරනවා. ඒ ගමන තමන්ට ලගම ග්රහලෝක වලට පමනක් නොවේ මන්දාකිනි ගනනාවක් ඈතින් පවතින ග්රහලෝකයක් වෙන්න පුලුවන්. එත් මොවුන් තියෙන උපරිම තාක්ශනය බාවිතා කරලා තමන්ට අවශය දඩයම සම්පූර්ණ කරගන්නවා. ඒක තමයි Yautjaලගෙ සාමන්ය ක්රමය. ඔවුන් දඩයමට තෝරගන්නෙ සාමාන්ය ජීවීන් කොට්ටාසයක් නෙවෙයි. දඩයමට ඉතාම අමාරු ඔවුන්ටත් තරගයක්, අභියෝගයක් කරන්න පුලුවන් වර්ගයක් එක්ක පමණයි. Xenomorphs හෙවත් Aliensලා කියන්නෙ එහෙම වර්ගයක් තමයි. (Xenomorphsලා ගැන මේවගේම ලිපි කිහිපයක් බලාපොරොත්තුවන්න) ඔවුන්ට ඒ ජීවින් එක්ක දඩයම් කරන්න අමාරුනම්, ඒ අවස්තාවෙදි ස්වයං-විනාශ වීමේ පද්ධතියක් ද ක්රියාත්මක වෙනවා. මොවුන් කරන දඩයම් ගනන, දඩයම් කරන ජීවින් වර්ගය අනුව මොවුන්ව උසස් කිරීමකට ලක්කරනවා (Ranking System) ඒ වගේම ගෝත්ර වලටද වෙන් කිරීමක් කරනවා. අපි බලමු ඒ මොනවද කියලා.

💀Yautja සමාජක්රම සහ ගෝත්ර ක්රම

Un-Blooded- Hunter Ranking System එකේහි මූලික අවදිය විදියට Un-Blooded Category ගන්න පුලුවන්. ඉදිරියට Huntersලා වෙන්න නියමිත මේ අය මූලික පුහුණු අවධියවත් සම්පූර්ණ කර නැත. Yautja සමාජයේ තරුණ අවධිය වෙන Un-Blooded ගැහැණු හා පිරිමි දෙපාර්ශවයෙන්ම දකින්න ලැබෙනවා. 

Young Blood- පුහුණු අවධිය ඉතා හොදින් සම්පූර්ණ කර ඇති මේ අවධිය කුමන වෙලේහෝ දඩයමකට යාමට සූදනම් විය යුතුය. ඒ ඔවුන්ගේ පලමු දඩයමයි. හොද පුහුණුවත් නිසාම Skills, durability අතින් overpowered. යම් අවස්තාවක මොවුන් Xenomorphs (Alien)දඩයම් කලොත් Xenomorphs blood වලින් Yautja mark එකක් තමන් විසින්ම එකතු කරගන්නවා. (Movies වල එහෙම දැකලා ඇති) 

Blooded- පලමු Xenomorphsව දඩයම් කලාට පස්සෙ මේ ranking category එකට තමයි අයිති වෙන්නෙ. Females Predatorsලගේ ආකර්ශනය දිනාගන්නත් මේ ranking වලදි පුලුවන් වෙනවා. ඒ වගේම තමන්ගෙ ඉල්ලකය කරා යන්න අවශ්ය ranking ප්රමානයක් ගැනීමෙ මුලික පියවර මෙතනින් පටන්ගන්නවා. 

Elite – දැනට තියෙන ranking system එකට අනුව දරුනුතම, Brutalම, skills අතින් ඉහලම Predatorsලා විදියට Elite categoryය හදුන්වන්න පුලුවන්. මොවුන්ට එකවර Xenomorphsලා එකෙක් නොවේ ගනනාවක් එකවර දඩයම් කිරිමේ හැකියාවක් තියෙනවා, ඒවගේම Xenomorphs Queenවත් කරදරයක් නැතුව දඩයම් කරගන්න පුලුවන්. මීට අමතර Praetorians, Predaliens වගේම සාමන්ය Blooded කෙනෙක්ට දඩයම් කිරීමට අපහසු හැම ජීවෙයෙක් වගේම දඩයම් කරලා තියෙනවා. දඩයමට අමාරු මෙහෙයුම් වලට යවන්නෙ මොවුන්ව තමයි. Eliteලා එක්කෙනෙක් එක මෙහෙයුමකට හොදටම ඇති. Wolf කියලා හදුන්වන්නෙත් මේ category එකම තමයි (Movie - AvP:R) 

Leader- Leader category එක ගත්තම mission එකක් lead කරන්න යන්නෙ Leaderලා තමයි. Leader category එකත් ජාති දෙකක් ඉන්නවා, 

Clan Leader – Clan එකක් Lead කරන්නෙ මොවුන් විසින් 
Hunting Captain – Misson එකක් Lead කරන්නෙ මොවුන් විසින් 

Elder – Yautja සමාජයේ වයසම වගේම ප්රඥාවන්තම වර්ගය කිව්වොත් නිවැරදියි. හුගක් Elderලා Clan Leader වශයෙන් කටයුතු කරනවා. Comic වලට අමතරව movies වල Eldersලා වාර දෙකක දකින්න ලැබෙනවා. මොවුන් තමයි Predator නොවන අය හොද දඩයමක් කලාම Gift එකක් ලබාදෙන්නෙ. (Movie-Predator 2, AvP) 

Ancient – මොවුන් තමයි Predators වර්ගයේ මූලික පුරුක. සමාජයේ නීති හදන්නත් මූලික ශිශ්ඨාචාරය හදන්නත් මොවුන් කැපවෙලා තියෙනවා. ඉන් කිහිප දෙනක් එම සමාජයේ ජීවත් වෙනවා.

💀Predator Clans හෙවත් ගෝත්ර වර්ග

Jungle Hunter Clan — අපි හුගක් දන්න ගෝත්රය තමයි මේක. (Movie-Predator) 
Widow Clan —female Predatorsලා ගොඩදෙනෙක් අයිති වෙන්නෙ මේ Clan එකට. 
Super Predator Clan — Bad blood clan එකේම higher version එකකි 
Dark Blade Clan — මේ clan එකට අයිති Predatorsලා තමයි advanced technology හා superior weaponry use කරන්නෙ. තාක්ශනය අතින් ඉහලටම මොවුන් ඇවිත් තියෙනවා. 
Council of Ancients — Yautja සමාජයේ නීති හා පැවැත්ම ගැන බලාගන්න ඉහලින්ම ඉන්නෙ මොවුන්ය. 
Elite Clan —Council of Ancients පස්සෙ නිල තල දරන්නෙ මොවුන්. කලින් අපි කිවුව Elite ranking category එකටම මොවුන් අයිති වෙනවා. 
Gotham City hunting party – Batman vs Predator comic series එකේදි Gotham වලට land කලේ මේ Clan එක. 
The Killers– Brutalම Predatorsලා ඉන්න Clan එක කිව්වොත් නිවැරදියි 
Los Angeles hunting party 
Ryushi Hunters
Bosu's clan
Vk'leita's clan
A'ni-de's clan
Nat'ka'pu's/Lar'nix'va's clan
Hornhead's/Ahab's clan
Smiley's Clan 
Young Bloods
මීට අමතරව Unknown Clans 10ටත් වැඩි ගනනක් තියෙනවා. 

Predator Trophy Room 
Yautjaලා දඩයමින් පස්සෙ කරන තවත් දෙයක් තමයි තමන් දඩයම් කරන ජීවියාගෙ හිස / හිස් කබල කදින් වෙන් කරලා තමන්ගෙ Trophy Room එකේ ගබඩා කරන එක Young Bloodලා ගේ ඉදලම Elders ලා දක්වා ඉටු කරන සම්ප්රදායක් විදියට කියන්න පුලුවන්. ඒ වගේම ඒක Ranking System එකටත් බලපාන දෙයක්. (Comics/Movies-Predator 2, AvP:R) 

වැදගත්ම ප්රශ්නෙ අපි කොහොමද Clan එකක් අදුන ගන්නෙ? 
Clan වලට වෙන වෙනම හිමි ලක්ශන කිහිපයක් තියෙනවා. මුලින්ම ගත්තොත් Predator Helmet එක හෙවත් Bio-Mask. විවිධ වර්ගයේ Bio-Mask Comic වල වගේම Movies වලත් අපි දැකලා තියෙනවා. ඒ එක එක හැඩ වලින් ඒ ඒ Yautjaලට අයත් Clan එක නිරූපනය වෙනවා. 
ඒ වගේම Suit එක හා සලකුණු වලින්ද අදුගන්න පුලුවන්.

ඉතින් මේ වගේ කෙටි විස්තරක් තමයි අපිට Yautja දඩයම් සංස්කෘතිය වගේම ගෝත්ර වර්ග ගැන අපි ගෙනාවෙ. කලින් ලිපිය මගහැරුනනම් මේ link එකෙන් කියවන්න --

ඉතින් මීලග ලිපිය වෙන්නෙ Predatorsලගෙ Technology හා Weapons පිලිබද විස්තරක්. Weapons එකින් එක ගැන විස්තර කරන්න බලා පොරොත්තු වෙනවා. දිගටම Comic Script Page එකත් එක්ක රැදී ඉන්න මේ වගේ ලිපි පෙලක් ඉදිරියට බලාපොරොත්තුවන්න. 
ඒ වගේම Predators ලා ගැන දැනගන්න අවශ්ය දේවල් තියෙනවනම් Comment එකක් දාන්න, Predator Fansලා ඉන්නවනම් Mention කරන්න අමතක කරන්න එපා.

පළමු ලිපිය : http://www.comicscriptsl.com/2018/10/the-predator-dark-horse-comics.html

#Yautja
#comicscript #predatorverse #predator

-Legal Notice-
2018 Dark Horse and 20th Century Fox Characters, Inc. 
All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this article are for identification purposes only.
2014 - 2018© CS Corp All Right Reserved

Severus Snape aka The Half-Blood Prince - Part 02



සියළුම දෙනා 1971 වසරේ Hogwartsහි නවක ශිෂ්‍යයන් වුණා. ජේම්ස්,සිරියස් සහ ලිලී ග්‍රිෆින්ඩෝ නිවාසයට තේරුනත් "මැගෝනිගල්" මහාචාර්යවරිය දාපු තේරීමේ තොප්පිය(Sorting Hat) ස්නේප්ව තේරුවේ ස්ලිදරින් නිවාසයටයි. මේ කාලයේදී මායා රසායනය පිළිබඳව මහාචාර්යවරයා වුනේ Horace Slughorn. ටොම් රිඩ්ල් එහෙමත් නැතිනම් Voldemort කපටිකමින් විමසූ විට ආත්මය කොටස් වලට බෙදීම පිළිබඳව පළමු පාඩම කියා දුන්නේත් Horace Slughorn විසිනුයි. මෙතුමා ඒ වකවානුවේ ස්ලිදරින් නිවාස භාර ගුරුවරයාත් වනවා.
ස්ලිදරින් නිවාසයට තේරී පත්වූන ස්නේප්ව එහි සාමාජිකයින් විසින් උණුසුම්ව පිලිගත්තා. පසුකාලීනව වෝල්ඩමෝට්ගේ "ඩෙත් ඊටර්ස්(Death Eaters)" කල්ලියේ සාමාජිකයින් වූ "ඇවේරි", "මල්සිබර්", ඔහුගේ ලඟම මිතුරන් වුණා. වයස අවුරුදු 11ක් තරම් වුණු කුඩා කාලයේ පටන්ම අඳුරු මායාවන් පිළිබඳව විශිෂ්ටත්වයක් පෙන්නුම් කල ස්නේප් එම වයසෙහිදිම හත් වන වසරෙහි සිසුවෙකුටත් වඩා මන්ත්‍ර සහ ශාප විශාල ප්‍රමාණයක් දැනගෙන සිටියා. තවද Levicorpus, Liberacorpus, Muffliato, Langlock, Sectumsempra වගේ ශාප සහ මන්ත්‍ර තනිවම නිර්මාණය කිරීමේ ගෞරවයත් ස්නේප්ට හිමි වෙනවා. ස්ලිදරින් නිවාසයේ තවත් සඳහන් කළ යුතු ඔහුගේ මිතුරන් වන්නේ "එවන් රොසායර්" සහ "විල්කස්" දෙදෙනා.(මොවුනුත් පසු කාලෙක ඩෙත් ඊටර්ස්ලා බවට පත්වෙනවා) සමකාලීන ශිෂ්‍යනායකයෙකු වූ "ලුසියස් මැල්ෆෝයි" තමාට වඩා බාල සෙවරස් හට කරුණාව දැක්වුවා. ඒ ඔහු ස්ලිදරින් නිවාසයට තේරී පත්වූ නිසා වෙන්නට ඕනෑ. මෙම සම්බන්ධය හේතුවෙන් පසුකාලීනව ඔහුගේ පුතු වූ "ඩ්රෙකෝ" මැල්ෆෝයිගේ ආරක්ෂාව සම්බන්ධව ලුසියස් විසින් ස්නේප් කෙරෙහි විශ්වාසය තැබූවා වගේම ස්නේප්ද තමාට කාරුණික වූ මිතුරාගේ පුතුට අනෙකුත් ශිෂ්‍යයන්ට සාපේක්ෂව සැලකිල්ලක් දැක්වුවා.
"රේමුස් ලූපින්" සහ "පීටර් පෙටිගෘවු" දෙපලත් ස්නේප්ගේ ප්‍රතිවාදීන් වුණා. එ්කට හේතුව ඔවුන් ග්‍රිෆින්ඩෝ නිවාසයේ වීමත් ස්නේප් ස්ලිදරින් නිවාසයේ වීමත්. ස්නේප්ගේ කුඩා කාලයේ පාසල් ඉතිහාසයේ තවත් චරිතයක් පිළිබඳව සුලු වශයෙන් සඳහන් වෙනවා. නමින් "පැට්රීශියා රේක්පික්" වන ඇය පස් වන වසරේදී චතුර කථික හැකියාව නිසා පාසල තුල ශිෂ්‍ය අනුගාමිකයන් පිරිසක් නිර්මාණය කරගන්නට සමත් වූන බව සදහන්. පාසල තුල ඇය පෙන්වූ කැරලිකාර චරිත ස්වභාවයට ඇගේ ගුරුවරුන්නම් එතරම් කැමති වෙලා නැහැ. ස්නේප් ඇය කෙරෙහි වඩා අවධානයක් යොමුකරගෙන සිටියත් ඇය ගැන විශ්වාසයක් තැබුවේ නැහැ. ⁣ඇයගේ සගයින් බොහෝ දෙනෙකු පාසලේ ජනප්‍රිය චරිත බව කියවෙනවා. පාසල් කාර්‍යමණ්ඩලය ඇයගේ ක්‍රියාකලාපය පිළිබඳව බොහෝ අවධානයෙන් ගත කල කාල සමයක් බවට ඒ කාලය පත්වුණා. ස්නේප්ද තමාගේ අභිප්‍රායන් හා ඇගේ අභිප්‍රායන් පිළිබඳව ගැඹුරින් සිතා බැලීමේදී ඒවා නොගැලපෙන බව තේරුම් අරන් ඇගේ අනුගාමිකත්වයෙන් වැළකෙනවා. පාසලේ ගුරුවරුනුත් ඇය පාසලට තර්ජනයක් යන මතයේම තමයි පසුවන්නේ. ස්නේප්ගේ මායා හැකියාවට අමතරව ඔහුගේ සහජ බුද්ධිය සහ පුද්ගලයන් තේරුම්ගැනීමේ හැකියාව ගැන පෙන්වන අවස්ථාවක් විදියය මායා ඉතිහාසයේ මේ ගැන සඳහන් වුනා වෙන්න පුලුවන්.
පාසල් කාලයේදී ජේම්ස් පොටර් කඩවසම්, පාසලේ ජනප්‍රිය, ක්‍රීඩාවට දක්ෂ, කෙලිලොල් සෙල්ලක්කාර චරිතයක් වුණා විතරක් නෙමෙයි ඔහු හා ඔහුගේ මිතුරු කණ්ඩායම ස්නේප් සමග නිතර නිතර ගැටුම් හැලහැප්පීම් එහෙමත් ඇතිකරගත්තා. ස්නේප් වැඩි ලෙස ආකර්ෂණීය චරිතයක් නොවීමත්, ඔහුගේ හුදකලා බවත් මෙයට හේතුව වුණා. ජේම්ස්ගේ සිතේ එවක ලිලී ගැන වූ අදහසත්, ස්නේප් හා ලිලී අතර තිබූ දිගුකාලීන මිත්‍රත්වයත් නිසා ජේම්ස් ස්නේප් දෙපළ අතර තිබූ ගැටුම් උග්‍ර වුණා. වරක් ස්නේප් Hogwarts ක්‍රීඩා පිටිය අසල තනිව ගසක් පාමුල පොතක් කියවමින් සිටි ස්නේප් අසලට ජේම්ස් ඇතුළු පිරිස පැමිණෙනවා. සෙල්ලක්කාරී ජේම්ස් විසින් තමන්ගේ මායා යශ්ටිය භාවිතාකර ස්නේප්ව ඔසවා උඩුයටිකුරු කර ගුවනෙහිදිම උඩ ඇඳුම් ගලවන්නට හදනවා. මෙතනදි ලිලී විසින් ජේම්ස්ට විරුද්ධව ස්නේප්ගේ උදව්වට එන්නේ දෙදෙනාම ලිලීගේ යාලුවො නිසයි. නමුත් මේකට ජේම්ස්ගේ වැඩිය කැමති වුණේ නැහැ. මොකද ලිලී කෙරෙහි ඇල්මක් ජේම්ස්ගේ හිතේ තිබුණු නිසා. මේ අවස්ථාවේදී ජේම්ස් ලිලී වෙත යෝජනාවක් කරනවා. ඒ තමන් හා එක්වුණොත් ඔහු ස්නේප්ට යළි කිසිදා කරදර නොකරන බවයි. ලිලී මේ යෝජනාව ප්‍රතික්ශේප කරනවා. නමුත් මේ සිද්ධිය නිසා ස්නේප්ට හිතෙන්නේ තමන්ට අවතක්සේරුවක් වුණු බවයි. ඒ නිසා ලිලී සහ ජේම්ස් අතර තිබූ මිතුදමට ස්නේප් තදින් වෛර කළා. ඒ තරහා දරාගන්න බැරිවුණු ස්නේප් ලිලීට "Mudblood"(මායා නොවන ලේ) යැයි බැන වදිනවා. මේක ලිලීගේ හිතට ගොඩක් දැනෙනවා. ඒ වහාම ලිලීත් ස්නේප්ට පෙරළා අවතක්සේරු කරනවා. ඇය ස්නේප්ට Snivellus ලෙස පවසා මින් මතුව ඇඳුම් පිරිසිදු කර අදින්න පුරුදු වන බවට පවසනවා. තමන්ගේ කේන්තිය නිසා ලිලීගේ හිත බුඳුණු බව තේරුම්ගෙන පසුතැවෙන ස්නේප් විසින් පසුව ග්රිෆින්ඩෝ කුළුණ අසලදී බැගෑපත්ව හඬමින් ලිලීගෙන් සමාව ඉල්ලුවත් ලිලීගේ සිත සෙවරස් කෙරෙහි නැමුනේ නැහැ. මෙය සදාකාලිකවම ස්නේප්ගේ හිතේ රැඳුණු දුක්ඛිතම මතකය බවට පත්වෙනවා.
to be continued..
- Legal Notice -
Wizarding World Publishing and Theatrical Rights © J.K. Rowling. Wizarding World is a trademark of Warner Bros. Entertainment Inc. Wizarding World characters, names and related indicia are ™ and © of Warner Bros. Entertainment Inc. All rights reserved. All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this article are for identification purposes only.
2014 - 2018© CS Corp All Right Reserved

Monday, November 19, 2018

Fantastic Beasts: The Crimes of Grindelwald Movie Review



Wizarding World එකේ දහවන චිත්‍රපටය. අපි පොඩි කාලේ ඉදන් බැලුව හැරි පොටර් සිරිස් එක කතාවේ තත්වය අතින් මෙන්ම අදායම් වාර්තා අතිනුත් අතිසාර්ථකයි කියල අපි දන්නවා. ඉතින් මේ දැන් එන Fantastic Beasts සිරිස් එකත් ඒ වගේ සාර්ථක වෙයිද? Fantastic Beasts 1 චිත්‍රපටය නම් ඉතාමත් සාර්තකයි මට හිතෙන විදිහට. මිලියන 814ක box office එකෙන් අපිට හිතා ගන්න පුලුවන් ලොව වටා ඉන්න රසිකයෝ පලවන චිත්‍රපටයට ආදරය කලා කියලා. දෙවන චිත්‍රපටයත් එතරම් සාර්ථක වෙයිද? මට හිතෙන විදිහට Box Office පැත්තෙන් අනවාර්යෙන් සාර්ථක වේවි. නමුත් චිත්‍රපටයක් විදිහට එය අසාර්ථක බවයි මගේ පෞද්ගලික හැගිම. අඩු තරමේ අනෙක් Wizarding World චිත්‍රපටවලට සාපෙක්ශව.
මෙම චිත්‍රපටය සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය වන්නේ David Yates විසින්. තිර රචනය J.K.Rowling මහත්මිය විසින්. මැය කවුද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. පළමුවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය කරන Eddie Redmayne මෙහිදිත් ප්‍රදාන චරිතය රගපානවා. Katherine Waterston, Ezra Miller, Dan Fogler, Alison Sudol ඇතුළු පිරිස සහය රංගනයෙන් දායක වෙනවා. ඒත් අපි හැමෝම දන්නවා මෙම කතා පෙළ ගෙතිලා තියෙන්නේ Dumbledore සහ Grindelwald කියන චරිත දෙක වටා කියලා. මෙම චරිත දෙක රගපාන්නේ අති දක්ෂ නළුවන් දෙදෙනෙක් වන Jude Law සහ Johnny Depp විසින්. කියන්න වරදක් නැහැ මේ ෆිල්ම් එකේ ඉන්න සැම නළුවෙක් වගේම තමන්ගේ උපරිමයෙන් මෙම ෆිල්ම් එකට දායක වෙලා තියෙනවා. රගපෑම පැත්තෙන් මම කිසිම අඩුවක් දැක්කෙ නැහැ. ෆිල්ම් එකේ අධ්‍යක්ෂණයත් David Yates හොදට කරල තිබුන කියන එකයි මගේ මතය. ඒ වගේම ෆිල්ම් එකේ ඕපනින් ජවනිකාවත් සුවිශේෂී එකක් කියලා සඳහන් කරන්න ඕනි. ඊට වඩා දෙයක් කිව්වොත් ඒකත් ස්පොයිල් වෙයි. ෆිල්ම් එකේ music කලේ James Newton Howard විසින්.
ෆිල්ම් එකේ මට දැනුනු ප්‍රධානතම අවුල වුනේ ෆිල්ම් එකේ editing සහ screenplay එකේ තිබුනු පොඩි පොඩි ප්‍රෂ්ණ කිහිපයක්. ෆිල්ම් එක කිසිම ප්‍රශ්නයක් නැතුව තව විනාඩි විස්සක් විතර කෙටි කරන්න හැකියාවක් තිබුණා. චිත්‍රපටය ඇතුලත තිබුනු sub plots සහ Characters ප්‍රමාණය තව දුරටත් ටිකක් අඩු කල යුතු බවක් දැනුනා. මට හිතෙන විදිහට ඉතා දරුණු Harry Potter geek කෙනෙක් වෙන මට ඒක දෑනුනා නම් සාමාන්‍ය පුද්ගලයෙකුට ඊටත් වඩා දරුණුවට ඒක දැනෙන්න පුලුවන්. හැබැයි මේ ප්‍රශ්නයට හේතුව නම් ඉතා සරලයි. J.K.Rowling ට තියෙන අත්දැකීම් රහිතකම තමා මේකට හේතුව විදිහට මම දකින්නේ. J.K.R. kiyanne ලෝක ප්‍රකට කතුවරියක්. හැබැයි ඇය තිර රචනයට අලුත්. අර චරිත කිහිපයක් වැඩිකම, sub plots කිහිපයක ප්‍රධාන Story-line එකට ඇති නොගැළපීම Harry Potter සිරිස් එක වගේ පොත් වලදි ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඒත් ඒක පැය දෙකක වගේ ගුවන් කාලයකට සීමා වන චිත්‍රපටයකදී ප්‍රශ්නයක් වනවා.
හැබැයි ඇය චිත්‍රපටයේ අවසානයට වන්න සුපුරුදු පරිදි ප්‍රේක්ෂකයාව මවිත කලා කිව්වොත් නිවැරදි. මොකද අන්තිමට එන plot twists ටික මුරලි දාන දග පන්දුවකට සමයි. Spoil කිරිමේ ආසාවක් නැති නිසා නොකිව්වත් මට හිතෙන විදිහට හැම Harry Potter රසිකයෙක්ටම පුන්චි සතුටක් ගෙන දෙයි. මේකේ තියෙන අනිත් අඩු පාඩුව තමා Jude Lawගේ (Dumbledore) තිබිච්ච අඩුව. ඉතාමත් අඩු කතා කාලයක් හිමි උනත් පහසුවෙන්ම චිත්‍රපටයේ හොදම චරිතය ලෙස මා දැක්කේ Dumbledoreගේ චරිතය. Johnny Deppට (Grindelwald) ලොකු කතා කාලයක් හිමි උනත් චරිතයේ ගොඩ නැගිම මදි බවක් දුටුවා. කෙටියෙන්ම “Crimes of Grindelwald” යන නම චිත්‍රපටයට නොගැලපෙන බවක් හැගුණා. නමුත් ලබාදුන් තිර පිටපතට Depp සාදාරණය ඉෂ්ට කර තිබුණා. උදාහරණයක් විදිහට පුර්ව ප්‍රචාරක පටවල පෙන්වන Grindelwald කතාව Depp සුපිරියටම කරල තිබ්බ කිව්වොත් නිවැරදි. Depp සහ Jude Law සුසන්යෝගයට Foglerගේ Jacod Kowalski එකතු වූ විට මේ ෆිල්ම් එක තවත් සුන්දර වෙන්න තිබුනා කියන එකයි මගේ අදහස.
කෙසේ නමුත්, පළමුවන ෆිල්ම් එකට ආදරය කලා නම් ලොකු ප්‍රශ්නයක් නැතුව මෙම චිත්‍රපටය බැලිය හැකි බවයි මගේ මතය. නමුත් පළවන චිත්‍රපටයට ලොකු කැමැත්තක් නැත්නම් මේක සිනමාහල් වල බැලීමෙන් වැලකී සිටියත් හොදයි කියන එකයි මගේ අදහස.
Rating : 6.5/10
- Legal Notice -
Wizarding World Publishing and Theatrical Rights © J.K. Rowling. Wizarding World is a trademark of Warner Bros. Entertainment Inc. Wizarding World characters, names and related indicia are ™ and © of Warner Bros. Entertainment Inc. All rights reserved. All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this article are for identification purposes only.
2014 - 2018© CS Corp All Right Reserved

Fantastic beasts : Crimes of the Grindanwald - Before The Movie


Fantastic Beasts: The Crimes of Grindelwald චිත්රපටිය ඔන්න අද ලොව පුරා තිරගත වීම ආරම්භ කලා. මිට අවුරුදු හතකට පෙර අවසන් වූ Harry potter කතා මාලාවේ ඇති රසිකයින් කවුරුත් නිරුත්තර වූ ප්රශ්න කිහිපයකටම පිළිතුරු මේ කතාවේ තිරගතවීමත් සමග දැනගන්නට ලැබේවි.
Voldemortගේ අත්මයේ කොටසක් එහෙමත් නැතිනම් Horcrux එකක් වු Nagini නම් සර්පයා පිලිබදව Harry Potter කතාමාලවේ අපිට සොයාගැනිමට හැකි වන්නේ ඉතාමත් සුළු තොරතුරු කිහිපයක් පමණයි. නමුත් Fantastic Beasts: The Crimes of Grindelwald චිත්රපටයේ පුර්ව ප්රචාරක පට නිකුත් වනවාත් සමගම රසිකයින්ගේ අවධානය මේ Nagini නම් වූ සර්පයා වෙත යොමු වුනා. 2018 සැප්තැම්බර් 25 වන දින Warner Bros. Pictures විසින් නිකුත් කල අවසන් පුර්ව ප්රචාරක පටයෙන් පසුව බොහෝ දෙනෙක්ගේ නිගමනය වුනේ Nagini යනු Animagus කෙනෙකු වන්නට ඉඩ තිබෙන බවයි. නමුත් J.K.Rowling මහත්මිය ඇගේ twitter ගිණුමේ සදහන් කරන්නේ Nagini යනු Animagus කෙනෙකු නොව ඇය Maledictus කෙනකු බවයි. ඉතින් කාටද මේ Maledictus කෙනෙක් කියන්නේ? Maledictus කෙනෙක් කියන්නේ ලේ වලට ශාප වූ කන්තාවකටයි. මේ ශාපය නිසාම ඇයව ටිකෙන් ටික කාලයත් සමග මෘගයෙක් බවට පත් වෙනවා (සදහටම). මේම ශාපය උපතේදී මවගෙන් දුවට උරුම වෙනවා. මේ 'Maledictus" යන්න ලතින් භාෂාවේ mal සහ dictus යන වචනයන් එකතු කොට නිර්මාණය කර තිබෙනවා. ලතින් භාෂාවේන් mal යනු "නරක\අසනීප" යන්න හැගවිමට භාවිතා කල මුල් පදයකි (prefix). dictus යන්නෙන් "spoken" යන අදහස ලබා දෙනවා. ඒ අනුව මෙහි සරල පරිවර්තනයෙන් "කතාකිරීමෙන් අසනීප කරවූ" (cursed) වැනි අදහසක් ලබා දෙනවා. Wizarding World එක තුල මෙවැනි "Maledictus" කෙනකු වන පළමු වැන්නා වන්නේ Nagini නම් සර්පයාගේ මිනිස් ස්වරුපය අයිති කාන්තාවයි. නමුත් මිට අමතරව Draco Malfoyගේ බිරිද එහෙමත් නැතිනම් Astoria Malfoy මිය ගොස් ඇත්තේද ලේ ශාපයක් නිසා බව සදහන් වෙනවා.එතකොට Astoria Malfoy කියන්නෙත් Maledictus කෙනෙක්ද?🤔 කොහොම නමුත් Werewolfලව මේ "Maledictus" කියන ගණයට අයිති වෙන්නේ නැහැ. J.K.Rowling මහත්මිය ඇගේ twitter පණිවුඩ වල තව දුරටත් පවසන්නේ මේ Maledictus කෙනෙකු අනිවාර්යෙන්ම නපුරු කෙනෙකු වෙනවා යැයි පැවසිය නොහැකි බවයි. සමහර විට Astoria Malfoy එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්.... harry potter and the philosopher's stone චිත්රපටයේ Harry dursleyලා සමග සත්තු වත්ත බලන්නට ගිය අවස්ථාවේ ඔහු සර්පයෙකු සමග කතා කරන දර්ශනයක් ඇතුලත් වෙනවා. එක් fan theory එකකට අනුව ඔවුන් පවසන්නේ harry potter and the philosopher's stone චිත්රපටයේ harry සමග කතා කල සර්පයා කතාමාලවේ අවසානයේ හමුවන Nagini වීමට හැකි බවයි. නමුත් J.K.Rowling මහත්මිය twitter පණිවුඩයකින් පවසන්නේ එම theory එක පිළිගත නොහැකි බවයි. (J.K.Rowling මහත්මියම කියන්න ඕනේ නැහැ එක. ඕනේ මෝඩයෙකුට තේරෙනවා philosopher's stone එකේ සර්පයාට තියෙන්නේ පිරිමි කටහඩක්. ඒ උනාට nagini කියන්නේ ගැහැණු කෙනෙක් කියල 😂) Harry Potter and the Half-Blood Prince කතාවේ Albus Dumbledore විශ්වාස කරන්නේ Voldemort මේ naginiව නිර්මාණය කිරීමට Frank Bryceව ඝාතනය කරන්නට ඇති බවයි. නමුත් J.K.Rowling මහත්මිය සම්මුක සාකච්චාවකදී පවසන්නේ Voldemort මේ naginiව නිර්මාණය කිරීමට ඝාතනය කර ඇත්තේ Bertha Jorkinsව බවයි. Albus Dumbledore සහ Gellert Grindelwaldට අමතරව Harry Potter සහ Fantastic Beasts කියන series දෙකේම ඉන්න අනිත් චරිතය තමයි මේ nagini කියන්නේ. (Newt Scamander සහ Nicholus Flamel කියන අයගේ නම් විතරයි Harry Potter series එකේ සදහන් වෙන්නේ) මේ නිසාම Fantastic Beasts: The Crimes of Grindelwald චිත්රපටයේ nagini කියන චරිතයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. මේ චරිතයට Claudia Kim රංගනයෙන් දායකත්වය සපයනවා.
- Legal Notice -
Wizarding World Publishing and Theatrical Rights © J.K. Rowling. Wizarding World is a trademark of Warner Bros. Entertainment Inc. Wizarding World characters, names and related indicia are ™ and © of Warner Bros. Entertainment Inc. All rights reserved. All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this article are for identification purposes only.
A article by Sameera Madushan©
2014 - 2018© CS Corp All Right Reserved

Excelsior!: The Amazing Life of Stan Lee


1922 දෙසැම්බර් මාසයේ 28වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ පදිංචිව සිටි Jack Lieber සහ Celia Lieber යුවලට දාව උපන් Stanley Martin Lieber දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දරුවා වූවා. රුමේනියාවේ සිට අමෙරිකාවට සංක්‍රමණය වූ නිසා Jack Lieberට ලොකු රැකියාවක් හමුවුණේ නැහැ. මේ නිසා Jackට වෘත්තීය ඇඳුම් මසන්නෙක් ලෙස වැඩ කරන්නට සිදුවුණා. Celia සිය දරු දෙදෙනාව රැකබලා ගනිමින් කාලය ගත කළා. Lieber පවුල එකිනෙකාත් සමඟ බොහොම සුහදශීලීව ගතකළ පවුලක්. මේ නිසාම අසල්වාසීන්ගේ සහ ප්‍රජාවගේ ප්‍රසාදය ඔවුන්ට හිමිවුණා. Jack රැකියාවේ නිරතවන අතරතුර Celia සිය දරුවන් දෙදෙනාගේ අනාගතයට අවශ්‍ය අඩිතාලම සකසන්නට වෙහෙසුණා. කුඩා කාලයේ පටන්ම ඇය සිය දරු දෙදෙනාට උසස් අධ්‍යාපනයක් ලබාදෙන්නට තීරණය කළා. ඒ නිසාම කුඩා Stanleyට සහ Larryට උපන්දින වලටත් බොහෝවිට ලැබුණේ පොත්පත්. මේ නිසාම කුඩා කල පටන්ම Stanගේ අරමුණ වූයේ දක්ශ ලේඛකයෙකු වීමටයි. ඒ අනුව Bronx හි පිහිටි DeWitt Clinton උසස් පාසලට ඇතුළත් වන Stan හොදීන් සිය අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා. ලේඛන සාහිත්‍යය සහ අමෙරිකානු ඉතිහාසය ගැන කුඩා කාලයේ පටන්ම Stanගේ සිතේ ඇල්මක් හටගන්නේ අනාගතයේ ‘The Great American Novel’ ලෙස ග්‍රන්ථයක් රචනා කිරීමට සිහින දකිමිනුයි. උසස් පාසලේ අධ්‍යාපනය හදාරන කාල සීමාවේදී තරුණ Stan අතිරේක රැකියාවන් කිහිපයකම නිරත වනවා. පුවත්පත් වලට වාර්තා සපයමින්, Rockefeller Center එකේ බෙහෙත් අලෙවිසැල් වලට ආහාර ගෙන යමින් වගේම Rivoli සිනමාහල අසල ඇඳුම් නිශ්පාදන කම්හලක කාර්යාලීය සේවකයකු වශයෙන්ද කටයුතු කරමින් ඔහු එදිනෙදා අවශ්‍ය මුදල් සොයා ගන්නවා. අධ්‍යාපනයට දැක්වූ දක්ෂතාව හේතුවෙන්ම වයස අවුරුදු 16½ක් වත්ම Stan උසස් පාසලෙන් ඉහළින්ම සමත් වී WPA Federal Theater Project එකට සම්බන්ධ වනවා.
තරුණ Stanගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂය වන්නේ 1939 වසරයි. තම මාමා කෙනෙක් වූ Robbie Solomonගේ උදව්වෙන් 1939දී Timely Comics ආයතනයට බැඳෙන Stan තමන්ගේ වෘතීමය ජීවිතය එතනින් අරඹනවා. පළමුව Timely Comics ආයතනයේ කොමික් චිත්‍ර ශිල්පීන්ට අවශ්‍ය පෑන්, පැන්සල්, තීන්ත, කඩදාසි ගෙනවිත් දෙමින් සහ ඔවුන්ගේ ආහාර ළඟට ගෙනවිත්දෙමින් කුඩා සේවකයකු ලෙස රාජකාරි කළත් තමන්ගේ උත්සාහය නිසාම Stan පසුව Timely Comics මගින් නිකුත් කරනු ලබන Comic පොත්වලට සෘජු දායකත්වයක් දක්වන්නට ඔහුට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව 1941දී Stanley Martin Lieber සිය පළමු කොමික් පොත් රචනාව සිදු කරනු ලබනවා. ඒ Captain America Foils the Traitor's Revenge පොතයි. Mystic Comics #6හිදීඑළිදැක්වෙන Destroyer චරිතය Stanගේ පළමු superhero co-creation එක ලෙස නම් කරන්නට පුළුවන්. මීට අමතරව U.S.A. Comics #1 හිදී හඳුන්වාදුන් Jack Frost චරිතයත්, Captain America Comics #6හි Father Time චරිතත් Stanගේ පළමු superhero co-creations ලෙසින් නම් කළ හැකියි. Stanley Martin Lieber ලෙසින් පැවති සිය නම Stan Lee ලෙසින් කෙටි කර භාවිතා කරන්නටත් මේ කාලයේදී ඔහු පෙළඹෙනවා. පසුකාලීනව Stanley Martin Lieber නාමය වෙනුවට නීතිමය ලෙසම Stan Lee යන්න සිය නම ලෙස ඔහු යොදාගන්නවා.
1941 වසර අග භාගයේදී Joe Simon සහ Jack Kirby දෙදෙනා Timely Comics ආයතනයෙන් ඉවත්වීමත් සමඟම ආයතනයේ ප්‍රධානී Martin Goodman දැඩි ගැටළුවකට මුහුණ දෙනවා. Stanගේ වැඩකටයුතු ගැන ඒ වන විටත් සෑහීමකට පත්ව සිටින Goodman 19 හැවිරිදි Stanව ආයතනයේ සහය සංස්කාරකවරයෙක් හැටියටත් Comic අංශයේ ප්‍රධානියා බවටත් පත් කරනු ලබනවා. ඒ අනුව ඒ වකවානුවේදී එවන් තනතුරක් ලද තරුණම පුද්ගලයා බවට Stan Lee පත් වනවා. මෙලෙස ඇරඹි ඒ තනතුර 1972 දක්වාම දරන්නට Stan සමත්වනවා.
1939 සිට 1945 දක්වා කාලය කියන්නේ මුළු ලෝකයම සලලිත කළ කාල වකවානුවක්. මානව ඉතිහාසය තුල සිදු වූ විශාලතම සංග්‍රාමය කුමක්දැයි ඔබෙන් කෙනෙකු ඇසුවොත් දෙවන ලෝක යුද්ධය ඔබගේ මතකයට පැමිණෙන්නේ නිතැතින්මයි. මිලියන 50ත් 80ත් අතර මහා ජන සංහාරයක් වනසා දැමුනු ඒ යුද්ධය මුළු මහත් ලෝකයාගේම ජීවිත අවිනිශ්චිත කරන්නක් වූවා. Timely Comics ආයතනයේ සංස්කාරකවරයෙකු ලෙස ක්‍රියා කරමින් සිටි Stan Lee සිය රට වෙනුවෙන් මේ යුද්ධයට සේවය ලබා දෙන්නට තීරණය කරන්නේ මේ කාල සීමාවේදීයි. ඒ අනුව වර්ෂ 1942දී අමෙරිකානු යුධ හමුදාවට බැඳෙන Stan Lee එහි තොරතුරු සහ පණිවිඩ හුවමාරු ඒකකයේ සේවය කරනවා. යුධ පණිවුඩ ගෙනයමින් සහ පණිවුඩ උපාංග ආරක්ෂා කරගමින් ඒවා අලුත්වැඩියා කරමින් ඔහු සිය සේවය සිදුකරනු ලබනවා. ඒ පමණක් නොව යුධ සොල්දාදුවන්ට යුද්ධය ගැන උනන්දුව ඇතිවන ලෙස සටන්පාඨ, කෙටි පුහුණු සැසි පවා ඔහු ඉදිරිපත්කොට ඇති බව සඳහන්. සොල්දාදුවන් අතර ඉක්මනින්ම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්වන Stanව යුධ සොල්දාදුවන් 'playwright' යන අන්වර්ථ නාමයෙන්ද අමතා ඇති බව සඳහන්. 1945දී ජපානයට පරමාණු බෝම්බ හෙළීමත් සමඟම දෙවන ලෝක යුද්ධය අවසන් වනවා. ඉන් පසු හමුදා සේවයෙන් ඉවත්වන Stan කෙටි විවේකයකින් අනතුරුව යළිත් සිය ආයතනයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.
1947 වසරේදී Stan Lee තමන්ගේ ජීවන ගමනේ සහකාරිය බවට Joan Boocock Leeව පත්කරගනු ලබනවා. දෙදෙනාගේ හමුවීමත් බොහොම රසවත් කතා පුවතක්. Joan Boocock කියන්නේ වෘත්තියෙන් model කෙනෙක්. ඇය මීට පෙර විවාහව සිටි කාන්තාවක්. නමුත් ඇයගේ පෙර විවාහයේ සාර්ථකත්වයක් නොතිබූ නිසා කලකිරීමෙනුයි ඇය පසුවන්නේ. ඔය අතරෙදි Joanගේ මිතුරියක් ඇයට Stanව blind date එකකින් මුණගස්වනවා. Stan Joanව හමුවන්නට ගොස් මුලින්ම ඇයව දුටු විගසම ඇයට ආදරය ප්‍රකාශ කරනවා. 1947 දෙසැම්බර් 5වන දින ඔවුන් දෙදෙනා විවාහ වනවා. වරක් Stan Joanගේ මුණ ගැසීම ගැන මේ අයුරින් පවසා තිබුණා. "ඇය තමයි මම කුඩා කල පටන් චිත්‍රණය කළ යුවතිය. ඒ නිසා ඇයව දුටු වහාම මම ඇයට ආදරය ප්‍රකාශ කළා". ඒ පටන් Joan මියයන තුරුම ඔවුන් දෙදෙනා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා.
1950 වන විට Timely Comic ආයතනය Atlas Comics ලෙසින් නව ස්වරූපයක් ගෙන අවසන්. ආයතන ප්‍රධානී Martin Goodman සමඟ එක්ව කතිකා කොට Stan Lee; romantic, sci-fi, horror, humorous stories යනාදී ලෙස වෙනස්ම ආකාරවලින් අඩංගු කොමික් පොත් කිහිපයක්ම නිකුත්කොට අත්හදා බැලීමක් සිදු කරනවා. 1950 වසරේ මැද භාගයේදී සිය සගයෙකු වන Dan DeCarlo සමඟ එක්ව එවක ජනප්‍රිය රේඩියෝ කොමඩි වැඩසටහනක් වූ 'My Friend Irma' වැඩසටහන හා සම්බන්ධ පුවත්පත් තීරුලිපි/චිත්‍රකතා කිහිපයක් පළ කරන්නට යොමු වූවත් පසුව කලකිරීමට පත්වී එයින් ඉවත්වන්නට තීරණය කරනවා.
මේ කාල වකවානුවේදී Martin Goodman විසින් DC සමාගමට තරඟයක් එල්ල කළ හැකි තරඟකාරී සුපිරිවීරයන්ගේ කණ්ඩායමක් නිර්මාණය කරන ලෙස Stan Leeට යෝජනා කරනවා. Joan විසින් මේ වකවානුවේදී Stanට ගොඩක් උදව් කරනවා. Stanගේ දිරිමත් කරවන්නා බවට පත්වන්නේත් Joanයි. ඒ අනුව Stanගේ අත්හදාබැලීම් ඔස්සේ අලුත් චරිත බිහි කරවන්නට ඇය ඔහුව උනන්දු කරවනවා. ඒ අනුව Jack Kirby සමඟ එක්ව Stan ප්‍රථම සුපිරි වීර පවුල හඳුන්වාදෙනු ලබනවා. ඒ Fantastic Four කණ්ඩායමයි. මීට අමතරව Bill Everett සමඟ එක්ව Hulk, Thor, Iron Man සහ X-Men යනාදී චරිතත් පසුව කොමික් ලෝකට හඳුන්වා දෙනු ලබනවා. ඒ වගේම Steve Ditko සමඟ එක්ව Doctor Strange සහ මාවල් සමාගමේ ජනප්‍රියම චරිතය වන Spider-Manව හඳුන්වා දෙන්නටත් Stan Lee සමත් වනවා. මේ චරිත සියල්ලක්ම එක් තැනකට ගෙන The Avengers ලෙසින් කණ්ඩායමක් බිහි කරන්නටත් Stan Lee සහ Jack Kirbyට හැකියාව ලැබෙනවා. මේ නිසාම Stan Lee ඉක්මනින් පාඨකයන් සහ රසිකයන් අතර ජනප්‍රිය කෙනෙක් බවට පත් වනවා. ඒ අනුව 1961දී Marvel Comics සමාගම යටතේ මේ චරිත සියල්ලම ලියාපදිංචි වනවා. මීට අමතරව Captain America, Namor the Sub-Mariner යනාදී චරිතත් යළි මේ වීරයන් අතරට සම්බන්ධ වනවා. එතැන් පටන් මිය යන තුරුම Marvel සමාගම හා ඒකාබද්ධව Stan Lee වැඩකටයුතු කළා.
ඒ වගේම 2000 වසරේදී DC Comics සමාගම හා එක්ව DC Comic ප්‍රධාන මුලස්ථානයේ සිට ඔහුගේ සහාය DC Comic සඳහා සහාය ලබා දී ඇති අතර ඔහු විසින් DC Comic සඳහා නිර්මාණය කරන ලද “Just Imagine” හරහා DC Comic නිර්මාණකරුවන් සඳහා ඔවුන්ගේ චරිත ප්‍රති-නිර්මාණය කිරීමට පිටිවහලක් වී ඇති බව ද සඳහන් වෙනවා.
පක්ෂ, පැති නොගෙන හොදදේ අගය කරමින් සැමටම අවවාද, පැසසුම් ලබාදෙමින් සාර්ථක ජීවිතයක් ගතකළ Stan Lee පසුගිය නොවැම්බර් 12 වෙනිදා එකී මෙකී කොමික් රසිකයන් සියල්ලක්ම හඬවා මෙලොවින් සමුගන්නවා. මියයන විස 95 වැනි වියෙහි පසුවන මෙතුමා දැමට movie cameos 57ට අධික ප්‍රමාණයකට දායක වී තිබෙනවා. එමෙන්ම National Medal of Arts, Saturn Awards, Scream Awards, Hollywood Walk of Fame, Producers Guild of America, Visual Effects Society Awards යනාදී සම්මාන රැසකින්ම මෙතුමා පිදුම් ලදුව තිබෙනවා.
May be we will forget many Heroes, but we will always remember the man who created the Heroes!!
COMIC SCRIPT Remembers Stan "The Man" Lee and his Legacy forever
Legal Notice
All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this article are for identification purposes only.
2014 - 2018© CS Corp All Right Reserved

Severus Snape aka The Half-Blood Prince - Part 01



"ඔයාගෙ තාත්තා මායාවන්ට අකමැතිද ??"
"එයා කිසිම දේකට කැමති නැහැ .."
ලිලී පොටර් සහ සෙවරස් ස්නේප් දෙදෙනා මුලින්ම හමුවූ දිනයේ මෙලෙස ඇරඹුණු සංවාදය අවසානයේ මායා ලෝකයේ සුවිශේෂීම සහ සැමගේම නෙතඟට කඳුලක් නැංවූ කතා පුවත බවට පත්වේවි යැයි Harry Potter පළමු පොත නිකුත්වූ සමයේදී කවුරුත් නොසිතන්නට ඇති.
මායා විශ්වයේ ඉතිහාසයට අනුව 1960 ජනවාරි 9 වන දින එංගලන්තයේ "මිඩ්ලන්ඩ්හි" සාමාන්‍ය පවුලක කෙනෙක් වූ ටොබියස් ස්නේප් සහ මායාකාරියක් වූ අයිලීන් ස්නේප් යුවලට දාව උපදින "අර්ධ ලේ ඇති කුමරු" යන අන්වර්ථ නමින් හඳුන්වන සෙවරස් ස්නේප් කියන්නේ , හැරී පොටර් පොත් මාලාව කියවූ, චිත්‍රපට පෙළ නැරඹූ, අහපු හැම කෙනෙක්ගෙම හිත්වල රැඳුණු චරිතයක්.
කුඩා කල තම මායාකාරී මවගේ ආදරය ලැබුනත් පියාගේ රෟද්‍ර චරිතස්වභාවය සෙවරස්ගේ සිතෙහි යහපත් හැඟීමක් ඇති කළේ නැහැ. ස්නේප්ගේ හැසිරීම පියාගේ ජාන වලින් උරුම වී ඇති බව ඒ අනුව අපිට හිතන්න පුලුවන්. සිය පවුලේ භාවිතය සඳහා අයිලීන් ස්නේප් ⁣කුඩා ස්නේප් හට "අර්ධ ලේ කුමරු"(Half Blood Prince) නම් සුරතල් අනවර්ථ නාමය යොදාගන්නවා. අපවිත්‍ර වූ ඟගක් ලඟ මුඩුක්කු නිවාස පිහිටි පාලු බිම් කොටසක ජීවත් වුන නිසා හුදකලා ජීවිතයකට පුංචි ස්නේප් හුරු වුණා.
ටොබියස් සහ අයිලීන් දෙදෙනා අතර ඇතිවූ නිතර අඬදබර නිසා කුඩා ස්නේප් කෙරෙහි ඔවුන්ගේ අවධානය අඩු වූවා. ස්නේප්ගේ හුදකලා ජීවිතයට මෙය ප්‍රධාන වශයෙන්ම බලපෑ හේතුවක් වුණා. දුක්ඛිත ජීවිතයක් ගතකළ ස්නේප්ට කුඩා කළ අඳින්නට ලැබුනේත් නොගැලපෙන කිලිටි ඇඳුම් සහ පරණ පොත්පත්.
කුඩා ස්නේප්ට සම වයස් ලිලී එවන්ස් මිතුරිය මුණගැහෙන්නෙ මේ කාල වකවානුවේදීයි. සාමාන්‍ය ලේ ඇති එවන්ස් පවුලත් ස්නේප් පදිංචි ප්‍රදේශට නුදුරින් ජීවත් වුණු අතරම ලිලීත් එයාගේ සහෝදරියගේ ගැරහුමට නිතර පාත්‍ර උනේ තමන්ට උරුම වුණු තියන මායා හැකියාවන් තමාගේ සහෝදරියට උරුම නැති නිසායි. මේ හේතුව නිසා ලිලී සහ ස්නේප්ගේ සිතුවිලි සමාන වූවා. ඒ වගේම ඔවුන් දෙදෙනා අතර හොඳ මිතුරුකමක් ඇති වන්නට වැඩි කාලයක් ගත්වූයේ නැහැ. නමුත් මේ මිතුරුකමට ලිලීගෙ සහෝදරිය, පෙටෘනියා කැමැත්තක් දැක්වූයේ නැහැ. ස්නේප්ගේ ඇඳුම් පිළිබඳව නිතරම අපහාස කිරීමටත් දෙදෙනාට ඇනුම්පද කීමටත් ඇය පෙළඹුණා. තමන්ට මායා හැකියාවන් උරුම නැති නිසා පෙටෘනියා ලිලී කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවකින් පෙලුණා. ඒත් ලිලීගේ සහ සෙවරස් දෙදෙනාගෙ මිතුදම බිඳින්නටනම් පෙටෘනියාට නොහැකි වුණා. මේ කාලය අතරතුර මාලා ලෝකය ගැනත්, Hogwarts ගැනත් මවගෙන් දැනගත් විස්තර ස්නේප් විසින් සාමාන්‍ය පවුලක උපන් මායා හැකියාවක් උරුම ලිලීට කියා දුන්නා.
දෙදෙනාගේම නිසි වයස් සීමාවේදී Hogwartsහි ලිපි මගින් අධ්‍යාපනය ලැබීම සඳහා ආරාධනා කර ඔවුන්ට ලිපි ලැබුනා. ස්නේප් ඔහුගේ මව, අයිලීන් ප්‍රින්ස්(විවාහයට පෙර නම) සමගයි King's Cross Station වෙත පැමිණ තිබුණේ. ඔහු සහ ලිලී පළමුවරට 9 3/4 වේදිකාවෙන් හොග්වෝර්ට්ස් බලා පිටත්වන දුම්රියේ අසුන්ගත්තේත් එකම කුටියක. දුම්රියේ අනෙක් මැදිරිවල කුටිවල ඉඩ නැති නිසා ලිලී සහ සෙවරස් සිටි කුටියට තවත් නවක සිසුන් දෙදෙනෙක් එකතුවනවා. ඒ සිරියස් බ්ලැක් හා ජේම්ස් පොටර් සම වයස් මිතුරන් දෙදෙනා. සැවොම Hogwarts වෙත ඇතුලත් වන මුල්ම දිනය එදායි. කිසිකෙනෙක් ඒ වනවිට නිවාස වලට වෙන්කරලා නැහැ. චොකලට් ගෙම්බන් රස විඳිමින් එකිනෙකාගේ තොරතුරු කතාබහ කරමින් ඔවුන් Hogwarts Express දුම්රියේ ගමන් කළා. සිවු මිතුරු කතාබහ අතර Hogwarts පාසල ගැනත් ඔවුන් අදහස් පළ කළා. Hogwartsවල හොඳම නිවාසය ග්‍රිෆින්ඩෝ බව ජේම්ස් සහ සිරියස් කියුවත් ස්නේප් මේ අදහසට එකඟ වූයේ නැහැ. හමුවූ මුල් දිනයේ ඇති වූ මෙම පරස්පර විරෝධී සිතුවිල්ල ජේම්ස්,සිරියස් හා ස්නේප් අතර ඉදිරි ජීවිත කාලයේ ගැටුම් නිර්මානය කිරීමේ ආරම්භය වුනා.
ඉතින් ලිපියේ මීලග කොටස තව දවස් කිහිපයකින් ගේන්න බලාපොරොත්තු වෙනවා වගේම අපේ රටේ පළවෙනිම කොමික් පේජ් එක වෙන Comic Script අපි ඔන්න ඕගොල්ලන්ගේ වැඩි ඉල්ලීම පරිදි Wizarding World එක ගැන ලිපි මාලා කිහිපයක්ම ගේන්නයි සූදානම් වෙන්නේ, මීට අමතරව අපි ගොඩක් ආදරය කරන විශ්වයන් කිහිපයක් ගැන ලගදීම ලිපි මාලාවවන් බොහෝමයක් ගේන්න බලාපොරොත්තු වෙන නිසා දිගටම රැදිලා ඉන්නයි කියලා මතක් කරනවා අපේ Facebook Page එක, Web Site එක හා YouTube Channel එකත් එක්ක. එහෙනම් මීලග ලිපියෙන් හමුවෙමු.

Henry "Hank" Hall aka Hawk


ඔන්න අද අපි කථා කරන්නේ ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලලා තිබුණු Titansලා ගැන. මේ මාසයේ නිකුත්වෙන Titans tv show නිසා Titans team එක සහ කණ්ඩායමේ සාමාජිකයන් ගැන කථා කරන්න මේක තමයි හොඳම වෙලාව. අද අපි කථා කරන්නේ Hawk එහෙමත් නැතිනම් Hank Hall ගැන.
🔹Creation
Hawkව අපිට මුලින්ම comic වලදී දකින්න ලැබෙන්නේ 1968දී නිකුත් වුණු showcase #75 volume එකේ In the Beginning… කියන chapter එකේදීයි. අපි කවුරුත් දන්න Steve Ditko සහ Steve Skeates කියන චිත්රශිල්පීන් දෙදෙනා තමයි Hawk සහ Dove චරිත comic ලෝකයට හඳුන්වා දෙන්නේ. Hawk සහ Dove දෙදෙනාගේ චරිත ඒ තරම් ප්රචලිත නොවූ නිසාම අපිට ගොඩක්ම මේ චරිත හා සම්බන්ධ full issues දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් පසුකාලීනව New 52වලදී Doveගේ identity එක Dawn Granger වෙත ලැබෙනවාත් එක්කම Hawk and Dove චරිත comic රසිකයන් අතර වඩාත් ජනප්රිය වනවා. ඒ නිසාම තමයි අපිට Titans කථාමාලාවේදීත් මේ චරිත දැකබලාගන්න හැකිවන්නේ. තවද Hawk චරිතය දැනට අපිට issues 330කට වඩා ප්රමාණයක දැකගන්න ලැබෙනවා.
🔸 Origin
Irwin Hall කියන්නේ Elmond ප්රාන්ත උසාවියේ විනිශ්චයකරුවෙක්. පසුව Rae Hall සමඟ විවාහයෙන් පසු ඔවුන්ට පුතුන් දෙදෙනෙකු ලැබෙනවා. ඒ Hank Hall සහ Don Hall. කුඩා කාලයේ පටන්ම Hank සහ Don දෙදෙනා අදහස් වලින් සම්පූර්ණයෙන්ම එකිනෙකාට වෙනස් දෙදෙනක්. Hank ශක්තිසම්පන්න, කඩිසර නමුත් ඉක්මනින්ම තීරණ ගන්නා කිපෙනසුළු කෙනෙක්. නමුත් Don ඊට හාත්පසින්ම වෙනස්. ඔහු බුද්ධිමත් සමාදානයෙන් වැඩකටයුතු කරන්න කැමති කෙනෙක්. දෙදෙනාගේ අදහස් එක හා සමාන නොවුනත් ඔවුන් දෙදෙනා ඉතාමත් කිට්ටුවෙන් සිටි සහෝදරයන් දෙදෙනක්. ඒ වගේම Hank තමන්ගේ බාල සහෝදරයා Don ගැන සැමවිටම සොයාබලන්න අමතක කරන්නෙත් නැහැ.
High School senior year එකේදී Hank සහ Don දෙදෙනා වරක් තම පියාව හමුවන්නට උසාවියට පැමිණි විට ඔවුන්ට දැනගන්නට ලැබෙනවා Irwin Hallව මරා දමන්නට Dargoගේ කණ්ඩායමේ පිරිසක් බෝම්බයක් පුපුරවා උත්සහ දරා ඇති බව. මේ වන විට Irwin විසින් Dargoගේ නඩු විභාගය මෙහෙයවමිනුයි සිටින්නේ. බෝම්බ ප්රහාරයෙන් තුවාල ලබන Irwin වහාම රෝහල්ගත කරනු ලබනවා. මේ අතරතුරේ සිය පියා මරා දමන්න්ට සැලසුම් කළ Dargoගේ කල්ලියේ පිරිස හඹා යන Hank සහ Don දෙදෙනාට සිය පියාව රෝහලේදී මරා දමන්නට Dargoගේ කල්ලිය සූදානම් වන බව දැනගන්නට ලැබෙනවා. නමුත් Dargoගේ කල්ලියේ පිරිස් මේ දෙදෙනා හොරෙන් ඔවුන්ගේ සංවාදය අසා සිටි බව දැනගෙන ඔවුන්ව කුටියක සිර කර දමනවා.
සිය පියාව යළිත් මරා දමන්නට යන සැලසුම දැනගත්තත් තමන්ට කිරීමට නොහැකි බව තේරුම්ගෙන Hank සහ Don දෙදෙනා දුක්වනවා. තමන්ට කිසියම් හෝ බලයක්වත් තිබුණානම් මේ දේ වළක්වන්නට හැකිවෙනවා නේද යැයි ඔවුන් මැසිවිලි නගනවා. ඒ අවස්ථාවේ එක්වරම කටහඬවල් දෙකක් Hank සහ Don දෙදෙනාව අමතනු ලබනවා. මේ කටහඬවල් දෙක T'Charr(a Lord of Chaos)ගේ සහ Terataya(a Lord of Order)ගේයි. Forces of Order සහ Forces of Chaos කියන්නේ සදාකාලික සතුරන් වුවත් මේ දෙදෙනා පෙමින් බැඳී සිටි නිසාම අනිත් Lords of Order සහ Lords of Chaosලාට මේ සදාකාලික සතුරුකමින් තේරුමක් නොමැති බවට පෙන්වන්නට Lord T'Charrට සහ Lord Teratayaට වුවමනා වුණා. මේ නිසාම තමයි ඔවුන් Hank සහ Donව තෝරා ගන්නේ.
ඒ අනුව Hankව Hawk ලෙස නම් කර බලයන් ලබා දෙනවා. Hankගේ ආවේගකාරී බව නිසා ඔහුට උකුස්සෙකුගේ මෙන් ප්රවේගකාරී බලයක් හිමිවනවා. අනතුරක් සමීපයේ Hank විසින් "Hawk" යැයි හඬගෑ විටම මායා බලයෙන් ඔහුව Hawk බවට පත්වනවා. අනතුර අවසන් වූ විගසම යළිත් ඔහුව Hank බවට පත්වනවා. Hawkගේ costume එකත් මායා බලයෙන්ම Hankට ලැබෙනවා. පෘථිවියේ මායා බලයෙන් Hawkගේ costume එකඉවත් කරන්නට හෝ විනාශ කර දමන්න්ට නොහැකියි. මේ නිසාම Hawkව සම්පූර්ණයෙන්ම Chaotic energy වලින් සැදුම්ලත් කෙනෙක් හැටියටත් හඳුන්වන්නට පුළුවන්.
🔹Powers & Abilities
Hawk බවට පත්වුණාම Hankට උකුස්සෙකුට හා සමාන බලයන් ලැබෙනවා. ඒ අතරට වැඩිදියුණු වුණු ශක්තිය, දරාගැනීමේ හැකියාව, බුද්ධිමත් බව, ක්රියාශීලී බව යන දේවල් ඇතුළත්. සාමාන්ය මිනිසෙකුට වඩා පෙනීමේ හැකියාව, කඩිසර බව වගේම කාය බලයත් Hawk සතු වනවා. ඒ වගේම Hank සතු සුවිශේෂී හැකියාවන් ඔහු Hawk බවට පත්වූ විට වැඩිදියුණු වනවා. එපමණක් නොව Hawk සතුව healing factor එකකුත් තිබෙනවා. මේ නිසා Hawk බවට පත්වුණු අවස්ථාවේ Hank තුවාල/පීඩා කල නොහැකි(invulnerable) කෙනෙක් ලෙසටත් හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම storylines වලදී Hawk තවත් එක් චරිත බවට පත්වූ අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. ඒ අතුරින් Monarch සහ Extant බවට පත්වූ අවස්ථා සුවිශේෂයි. Monarch බවට පත්වූ අවස්ථාවේදී Hank 21වන සියවසේ තාක්ෂණයෙන් සමන්විත armor එකක් භාවිතා කරනවා. මේ armor එකෙන් energy blasts පවා නිකුත් කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම armor එකට teleportation device එකක් සම්බන්ධ කොට තිබෙනවා. මේ නිසාම ඇසිපිය හෙළන සැනින් Hawkට වෙනත් තැනකට teleport වීමේ හැකියාව තිබෙනවා. Monarch දැනට ඉදිරිපත්වුණු Hawkගේ දරුණුම version එක යැයි පවසන එකේ වරදක් නැහැ. මොකද Monarch කියන්නේ හිත්පිත් නැති ක්රෑර කෙනෙක් විදියටයි comic වලදී අපිට දකින්න ලැබෙන්නේ. Extant බවට පත්වූ අවස්ථාවේදී Hankට අසීමාන්තික ලෙස කාලය පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. මේ නිසා ඕනෑම කාල වකවානුවකට ක්ෂණයකින් Extantට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම Extantට පුද්ගලයන්ගේ වයස අඩු/වැඩි කළ හැකි chronal blasts පවා හිමිව තිබෙනවා.
නමුත් New 52 reboot එකෙන් පස්සේ Hawkගේ powers නැතිකලා. ඒ අනුව Magical powers වෙනුවට Fighting skills Hawkට ලබා දෙනවා.ඒ නිසාම Titans tv show එකේදීත් Hawkට තිබෙන්නේ Fighting skills පමණයි. ඒ වගේම titans show එකේදී Hawk ටිකක් මෝඩ/ඉක්මන්සුළු තීරණ ගන්නා කෙනෙක් හැටියටයි අපිට දකින්න ලැබෙන්නේ.
🔸Major Story Arcs
Teen Titans, Blackest Night, Birds of Prey, Brightest Day යන කථාමාලා බොහොමයක Hawkව අපිට දැකගන්න ලැබෙනවා. මේ එක් එක් කථාමාලාවල විශේෂ කොටස් වලට දායක වන්නත් Hawk සමත් වෙනවා. ඉදිරියට මේ එක් එක් කථාමාලා ගැන ලිපි ගෙන එන්න සූදානම්ව සිටින නිසා ඒ ලිපිවලින් තවදුරටත් Hawk ගැන කථා කරන්න අපි සූදානම්. මීලඟ ලිපියෙන් අපි Hawkගේ partner Dove ගැන විස්තර කථා කරමු.
#Harley

Bullseye a.k.a Lester Poindexter



"Daredevil Season 03 දැන් නිකුත් වෙලයි තියෙන්නෙ ඒකෙ සුපුරුදු චරිත වලට අමතරව අපිට හඳුන්වලා දෙනවා තවත් චරිතයක් ඒ තමයි බෙන්ජමින් පොයින්ඩෙක්ස්ටර් නොහොත් ගොඩක් දෙනා දන්න විදිහට බුල්ස්අයි.. අද අපි කතා කරන්න යන්නෙ මොහුගේ මාවල් යුනිවර්ස් (කොමික්) පසුබිම ගැන.. මොහු මාවල් යුනිවර්ස් එකේ ඉන්න මිලේච්ඡතම සහ උමතු චරිතයක්.. මේ මාරාන්තික ඝාතකයාට පුළුවන් ඕනම දෙයක් නොවරදින ඉලක්කයකට විසිකරලා හෝ විදලා ඒ දෙය මාරක ආයුධයක් විදියට යොදාගන්න..

ලෙස්ටර් පොයින්ඩෙක්ස්ටර් එහෙමත් නැත්නම් බුල්ස්අයි සහ ඔහුගේ සහෝදරයා හැදී වැඩුනේ ඔවුන්ව අපයෝජනයට ලක් කරපු ඔවුන්ගේ තාත්තා කින්ග්මේකර් යටතෙ.. බුල්ස්අයිට කුඩා අවධියේ ඉදන්ම නිවැරදි ඉලක්කයක් තිබ්බා.. ඔහු කුඩා කාලයේදි යෝ යෝ එකක් විසි කර පරවියෙක් මරා දමා තිබෙනවා..

කුඩා ලෙස්ටර් සහ ඔහුගේ සහෝදරයා ඔවුන්ගේ පියා මරාදැමීමට ඔවුන්ගේ නිවසට ගිනි තියනවා.. ඉන්පසු ඔවුන් දෙදෙනාව අරන් හදාගන්න කැමති වෙන නිවාස දෙකකට යවනවා..
ලෙස්ටර් උසස් පාසල් යන අවදියේදි දක්ශ බේස්බෝල් පන්දු යොමු කරන්නෙක් වෙනවා.. ඒ නිසා ඔහුට ලැබෙන ශිෂ්යත්වය අතහැර ඔහු මයිනර් ලීග් බේස්බෝල්වලට එකතු වෙනවා.. ඔහුගේ විශිෂ්ට පන්දු යොමු කිරීම් වාර්තාවන් එක්ක ඔහුට මේජර් ලීග් දක්වා යාමට මාවත විවර වෙනවා.. නමුත් ඔහු දිනක් ඔහුට විසුළු කල පිතිකරුවෙක්ව බෝලයෙන් පහර දී මරා දමනවා.. බේස්බෝල් එපා වෙන ලෙස්ටර් ඒ මොහොතෙදිම වෙනකෙක් මරා දැමීමෙන් ඔහු ලබන සතුට හදුනාගන්නවා..
බේස්බෝල්වලට සමුදෙන ලෙස්ටර් කාලයක් NSA එකට එකතු වෙනවා..
වැඩිකල් නොගොස්ම ලෙස්ටර් එයිනුත් ඉවත් වෙලා කුලී මිනීමරුවෙක් බවට පත් වෙනවා..
බුල්ස්අයි නිව් යෝක් නගරයට පැමිණි මුල් අවදියේම කප්පම් ගැනීම් සහ මිනීමැරුමක් හේතුවෙන් ඩෙයාඩෙවිල්ගේ අවධානය ලබා ගන්නවා.. බුල්ස්අයි ඩෙයාඩෙවිල්ව දෙවතාවක් පරදවනවා.. නමුත් ඩෙයාඩෙවිල් බුල්ස්අයිව යටත් කරගෙන ඔහුව පොලීසියට යොමු කරනවා..
පසුව බුල්ස්අයිට මැට් මර්ඩොක්ව කුලියට මරා දැමීමට යෙදවෙනවා.. නමුත් ඔහුව ඩෙයාඩෙවිල් විසින් පරාජයට පත් කරනවා.. මේ නිසාම ඩෙයාඩෙවිල් කෙරෙහි දැඩි වෛරයක් ඇති කරගන්න බුල්ස්අයි ඔහුට ලැබෙන සෑම අවස්ථාවකදිම ඩෙයාඩෙවිල් සමග සටන් කරනවා..
කින්ග්පින්ව කුලියට මරාදැමීමට ගිය අවස්ථාවකදී බුල්ස්අයිට කින්ග්පින් ඒ කුලියට වඩා හොද යෝජනාවක් ඉදිරිපත් කර, කින්ග්පින් බුල්ස්අයිව තමන්ගේ යටතේ සේවයට ගන්නවා..
ඩෙයාඩෙවිල් සමග ඇති වූ ගැටුම් කිහිපයකින් පසුව සිරගතව සිට නිදහස් වී පැමිණෙන බුල්ස්අයි, කින්ග්පින් විසින් තමා වෙනුවට ඉලෙක්ට්‍රාව යොදාගෙන ඇති බව දැනගන්නවා.. එයින් කෝපයට පත් වෙන බුල්ස්අයි ඉලෙක්ට්‍රාව ඇයගේම සායි එකකින් මරා දමනවා.. ඇය වෙනුවෙන් බුල්ස්අයි සමග සටන් කරන ඩෙයාඩෙවිල් බුල්ස් අයිව ඉහලක සිට වැටීමට ඉඩහරිනවා.. බුල්ස්අයි එයින් දිවි ගලවා ගන්නවා.. නමුත් ඔහුගේ කොන්ද කැඩී ඔහුව අංශබාග තත්වෙට පත් වෙනවා..
පසුව ජපන් පාතාල නායකයෙක් වෙන ලෝඩ් ඩාක් වින්ඩ් විසින් බුල්ස්අයිව තමන් යටතේ සේවයට යොදාගැනීමේ පරමාර්ථයෙන් බුල්ස්අයිගේ අස්ථි සියල්ල ඇඩමැන්ටියම්වලින් ආවරණය කරනවා..
නමුත් නැවත නිව්යෝක්වලට එන බුල්ස්අයි නැවත කින්ග්පින් යටතේ සේවයේ යෙදෙනවා..
මේ අතරේ ඩෙයාඩෙවිල් කෙටි කාලයකට නිව්යෝක්වලින් යනවා.. ඒ කාලය අතරතුර ලෙස්ටර් ඩෙයාඩෙවිල් වගේ ඇදගෙන මුලින් ඩෙයාඩෙවිල්ගේ චරිතයට කැළැල් ඇති වෙන විදියට අපරාධවල නියැලෙනවා.. නමුත් ටික කාලෙකින් තමන් ඩෙයාඩෙවිල් කියන වීරයා කියලා ලෙස්ටර් හිතන්න ගන්නවා.. ඒ අතරේ නැවත නිව්යෝක්වලට එන මැට් බුල්ස්අයිගේ ඇදුම ඇදගෙන ලෙස්ටර්ගේ ඩෙයාඩෙවිල් එක්ක සටන් වදිනවා.. එයින් පරාජයට පත් වෙන ලෙස්ටර් තමා කවුද කියා වටහාගෙන, නැවත බුල්ස්අයි බවට පත් වෙනවා..
ලෙස්ටර් මේ විදියට වෙනත් වීරයෙක්ගේ නමින් සහ ඇදුමින් පෙනී සිටි එකම අවථාව මෙය නොවේ.. ස්ක්‍රල් ආක්‍රමණයේදි බුල්ස්අයිගේ දායකත්වය හේතුවෙන් නෝමන් ඔස්බෝන්, ඔහුගේ ඩාක් ඇවෙන්ජර්ස් කණ්ඩායමට හෝක් අයිගේ නම සහ ඇදුමින් එකතු වෙන්න අවස්ථාව දෙනවා..
බුල්ස්අයි සුපිරි ඉලක්කකරුවෙක් වගේම දක්ශ කරණම්කරුවෙක් සහ සටන් ශිල්පියෙක්..

මේ විස්තර තවත් රසවත්ව කියවන්න පුළුවන් ඩෙයාඩෙවිල් 131-290 වෙනකන් කියෙව්වොත්..
ඒ වගේම Bullseye: Greatest Hits සීරීස් එක, Bullseye: Running with the devil සහ ඩාක් ඇවෙන්ජර්ස් කියෙව්වොත් බුල්ස් අයි කියන චරිතය පිළිබද හොද වටහාගැනීමක් ලබාගන්න පුළුවන්..

#ආර්කේඩ්
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates