LATEST :

Sunday, October 21, 2018

Daredevil Season 03 official trailer breakdown



2018 වසර මාවල් සමාගමට සුවිශේෂී වසරක්. ඒ මේ වසරේ මාවල් චිත්‍රපටි පමණක් නොව මාවල් කොමික් රැසක්ද අතිසාර්ථක වීමත් හේතුවක්. ඒ වගේම නෙට්ෆ්ලික්ස් මඟින් මාවල් ටෙලිවිෂණයේ ජෙසිකා ජෝන්ස්, ලූක් කේජ්, අයන් ෆිස්ට් පමණක් නොව මේ වනවිට ඩෙයාඩෙවිල් පවා දැකගන්න ලැබුණ වසරක්. අපි දැන් කතා කරන්න යන්නේ අපිට දැකගන්න ලැබුණ ඩෙයාඩෙවිල් සීසන් 03 ට්‍රේලරේ සහ ඒ හා සම්බන්ධ විශේෂ අවස්ථා ගැන.
නෙට්ෆ්ලික්ස් වලින් දැකගන්න ලැබුණ මාවල් TV-Shows අතරින් ඩෙයාඩෙවිල් විශේෂ තැනක් ගන්නවා. සීසන් 1 වලින් අපිට සුපර් හීරෝ ඔරිජින් එකකුත්, සීසන් 2 වලින් සුපර් හීරෝ කෙනෙකුගේ හරි වැරදි ගැන දරන ආකල්පය පරික්ෂා කිරීමක් දැකගන්න ලැබුණා වගේම සීසන් 3 වලින් අපිට සුපර් හීරෝ කෙනෙකුගේ බිඳුණු ස්වභාවය ගැන දැකගන්න ලැබේවි.
ඩෙයාඩෙවිල් සිරිස් එක Source Material එකට උපරිම සාධාරණයක් ඉටු කිරීම සම්බන්ධයෙන් කීර්තියක් උසුලනවා. මේ සීසන් එකෙනුත් ඒක අපිට දැකගන්න අනිවාර්යෙන්ම පුළුවන්. මෙවර එය අනුගත කරගන්නේ හොඳම ඩෙයාඩෙවිල් කොමික් එකක් වන Frank Miller විසින් රචිත 1986දී නිකුත් වුනු Born Again Story Arc එක. මේ කතාවේ තියෙන විශේෂම දේ තමයි Kingpin දැනගන්නවා ඩෙයාඩෙවිල් ගෙ සැබෑ අනන්‍යතාවය. මේ ගැන අපිට ඩෙයාඩෙවිල් දෙවන කතාසමයේ සිටම යම් යම් ඉඟි ලැබුණා.
සීසන් 2 වලදී මතක ඇති Matt, Wilson Fiskව හිරගෙදරදී මුණගැහුනට පස්සේ Mattගැන තියෙන වාර්තා ටික ගෙන්න කියලා කියනවා. ඊළඟට Defenders අන්තිම හරියේදී Brett Mahoni කියනවා ඩෙයාඩෙවිල් සම්බන්ධයෙන් තියෙන වාර්තා කවුරුහරි හොයනවා කියලා. Mahoni ඒ වෙලාවේ නමක් කිව්වේ නැතත් අපි දන්නවා ඒ Wilson Fisk කියලා.
හරි එහෙනම් අපි ට්‍රේලර් එකට බහිමු,
(පෝස්ටර්)
ට්‍රේලරේ ආරම්භයේදී පෙන්නනවා ඩෙයාඩෙවිල් Church එකක් උඩ කුරුසය අල්ලගෙන ඉන්නවා. මේක තමයි පළවෙනි ඊස්ටර් එග් එක. මේ වගේම දසුනක් දකින්න පුළුවන් අපිට 1998 නිකුත් වුනු කොමික් කවර් එකක, ඒ තමයි Marvel Knights: Daredevil #3 වලින්. Marvel Knights කොමික් සාමාන්‍ය මාවල් කොමික් වලට වඩා ප්‍රචණ්ඩත්වයෙන් ඉහළයි කියලා කියන්නත් ඕන.
ඊළඟට Matt ඉන්නවා Church එකක් ඇතුලෙ. හැබැයි මේකේ බැක්ග්‍රවුන්ඩ් එකට හා Stained Glass වලට අනුව නම් මේක Father Lantom ඉන්න Church එක නෙවෙයි. ඒක වඩාත් තහවුරු වෙනවා මෙතනදී Rosary එක තියන් ඉන්න පුද්ගලයා nail polish use කරලා තියෙන එකෙන්. මේ Mattගෙ අම්මා Margaret Grace නොහොත් Maggie වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. අනිත් එක හැමෝගෙන්ම රහසක් විදිහට තියාගත්ත තමන්ගේ alter ego එක ප්‍රසිද්ධියේ නාඳුනන කෙනෙකුට කොහෙත්ම කියන්න යන්නෙත් නෑනෙ.මෙතනදී Mattගෙ monologue එකෙන් තේරෙනවා ඔහු සෑහෙන මානසික පසුබෑමකට ලක්වෙලා ඉන්නේ කියලා. "Darkness only responds to Darkness" මේ අවස්ථාව Matt සනීප වුණාට පස්සේ කරන පළවෙනි Confession එක වෙන්න ඕනි. එහෙම නැත්තන් මේක තමයි අයන් ෆිස්ට් සීසන් 2 වල අගදී දකින්න ලැබුණු Daredevil Season 03 Teaser එක තිබ්බ හරිය.
ඊළඟට අපිට හම්බවෙනවා ඩෙයාඩෙවිල්ගෙ ස්වාභාවිකවම අසීරු ජීවිතය තවත් උපරිම කාලකන්ණි කරන්න යන පුද්ගලයා, Wilson Fisk. Season 01 Episode 03: Rabbit in a Snowstorm වල වගේ Fisk බිත්තිය බලන් ඉන්න දසුනෙන් පටන් ගන්න එක නම් Classic. Fisk FBI Agent කෙනෙක් එක්ක ගිවිසුමකට එළඹෙනවා. ඒ ගිවිසුම මොකක් වෙයිද කියල හිතාගන්න පුළුවන් මේ ට්‍රේලරේ ඉවරවෙනකම්ම බැලුවම. Fisk ඒ FBI Agentට ඒත්තු ගන්වනවා ඇති තමන්ටත් වඩා භයානක පුද්ගලයෙක් එළියේ සැරිසරනවා, ඔහුව නවත්තන්න පුළුවන් තමන්ට විතරයි, ඒත් තමන්ව නිදහස් කරන්න ඕන කියලා. නමුත් Wilson Fisk සිරගෙදර තමන්ගේ අණසකට යටත් කරගත්තත් ඒකෙන් එලියට යන්න හදන්නෙ ඔහුගේ අපරාධ වලට Vanessa අහුවෙන්න යන නිසා වෙන්න පුළුවන්. මතක ඇතිනේ Fisk තමන්ගේ අන්තිම සතෙත් වියදම් කරේ Vanessaව රැකගන්න කියලා. Fisk කොහොමහරි එළියට ආවත් ඔහුට සම්පුර්ණ නිදහස ලැබිලා නෑ කියන්න පුළුවන් ඔහු නාන්න යද්දී පෙන්නන කකුලේ සම්බන්ධ කරලා තියෙන උපකරණයෙන්. ඒකෙන් කරන්නේ ඒ පුද්ගලයාට යන්න පුළුවන් වපසරිය සීමා කරන එක. ඒ වගේම මෙතනදී ඔහු ගන්නා ස්නානයෙන් කියවෙනවා ඔහුගේම යළි උත්පත්තිය (Born Again ?). ඒ ඔහුගේ Kingpin of Crime ජීවිතය පටන්ගැන්මක් කියන්න පුළුවන්. Fisk ඔහු වෙනස් වූ මිනිසෙක් කියලා කියන්නේ ඒක වෙන්න ඕනේ ඒ වගේම පළමු සීසන් එකේ කළු ඇඳපු Fisk මෙතනදී ඇඳගෙන ඉන්න සුදු ඇඳුම තමයි අපිට කොමික්වලදී ගොඩක්ම දකින්න ලැබෙන්නේ. ඒ වගේම Matt Vanessa සම්බන්ධයෙන් කරපු තර්ජනය සමාව දෙන්න බැරි දෙයක් කියලත් Fisk කියනවා. ඔව් එතනදී නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා.
ඊළඟට අපිට නිලවශයෙන්ම Fisk කියනවා Matt තමයි ඩෙයාඩෙවිල් කියලා දන්නවා කියලා. හිතලා බලන්න අපරාධ ලෝකයේ දැවැන්තයෙක් ඔබේ හතුරෙක් වෙලා ඔබ ගැන හැම දෙයක්ම දන්නවා කියලා. සරලවම දැන් Mattට සහ ඔහුගේ සමීපතමයින්ට ගොඩ ඒමක් ඇත්තෙම නැති තරම්.
Born Again කොමික් එකේ තියෙන තවත් විශේෂ කාරණාවක් තමයි Fisk මානසිකව අස්ථායී පුද්ගලයෙක්ව යවනවා ඩෙයාඩෙවිල්ගෙ ඇඳුම ඇඳගෙන නම නැති කරන්නම කියලා. එතනට මං තව ටිකකින් එන්නම්.
ඊළඟට ඩෙයාඩෙවිල් තමන්ගේ පරණ තාලේ (Man without Fear) ඇඳුමක් ඇඳගෙන යම් කිසිවක් ගැන Investigate කරනවා ඒකත් එක්කම ඩෙයාඩෙවිල්ගෙ සුපර්හීරෝ ඇඳුම හදලා දීපු Melvin Potter එක්කත් සටනක් යනවා. මේ එක්කෝ Melvin හිතනවා Matt දැන් නරක පුද්ගලයෙක් කියලා. එහෙම නැත්තන් Fisk Melvinවා ඔහුගේ පැත්තට දැනටමත් නම්මගෙන ඉවරයි.
පසුව Fisk විසින් මෙහෙයවන ඩෙයාඩෙවිල් Father Lantomගෙ කියලා අනුමාන කරන්න පුළුවන් Church එකකට සහ Karen Page එහෙමත් ඉන්න තැනකට පහර දෙනවා. හොඳට බැලුවොත් හිතාගන්න් පුළුවන් මේ Karen වැඩ කරන New York Bulletin එක කියලා. මෙතනදී ඩෙයාඩෙවිල් විදිහට ඉන්න පුද්ගලයා තුවක්කුව දික් කරන විදිහ ඒ විදිහටම අපිට 1982දී නිකුත් වුනු Frank Miller විසින් රචිත Klaus Janson විසින් සිත්තම් කෙරුණු Daredevil #184 වලින්. මේ කොමික් එකේදී ඩෙයාඩෙවිල් කියන්නේ Punisher එක්ක එකට වැඩ කරන Anti-Hero කෙනෙක්.
New York Bullein පහරදීමේන් පස්සේ හැම මාධ්‍යයකම වගේ කියවෙනවා මේක සිද්ධ කරන්නේ ඩෙයාඩෙවිල් කියලා. මේක ගෙදර ඉඳන් බලන් ඉන්න Fisk ඔහුගෙ බලාපොරොත්තු ඉෂ්ටවෙලා වගේ හිනාවක් පානවා.
අන්තිමේදී අපිට දකින්න ලැබෙනවා Man Without Fear Costume එකෙන් ඉන්න Matt හම්බවෙනවා ඩෙයාඩෙවිල් Costume එකෙන් ඉන්න පුද්ගලයාව. "I'm Daredevil" කියාගෙන ඩෙයාඩෙවිල් වගේම වැඩ දාන ඒ පුද්ගලයා තමයි Benjamin Poindexter නොහොත් Bullseye. Born Again කොමික් එකේදී ඩෙයාඩෙවිල් විදිහට ඉන්නේ නිකම්ම මිනිහෙක් උනාට මෙතනදී Marvel-Netflixලා Bullseye යොදාගන්න එකෙන් මේ සීසන් එකේ වටිනාකම තවත් ඉහළ යනවා. Bullseye කියන්නේ අති දක්ෂ ඉලක්ක කරුවෙක්. Bullseyeව අපි අවසාන වරට Live-Action එකකින් දැක්කේ 2003දී නිකුත් වුණු Ben Afflek ඉන්න Daredevil ෆිල්ම් එකෙන්. ඒ වුනත් ඒ Bullseyeට වඩා Wilson Bethel විසින් පණපොවන මේ Bullseye, චරිතට උපරිම සාධාරණයක් ඉටුකරයි කියලා මට හොඳටම විශ්වාසයි. ඒ වගේම Bullseye තවත් සුපර්හීරෝ කෙනෙකු වශයෙන් පෙනී හිටින පළවෙනි පාරත් මේක නෙවෙයි. Dark Avengers Storyline එකේදි හෝක් අයි විදිහට නෝමන් ඔස්බෝන් Iron Patriot විදිහට මෙහෙයවන ඇවෙන්ජර්ස් සමඟත් Bullseye කටයුතු කරලා තියෙනවා.Bullseye ගැන කතා කරන්න සෑහෙන දේවල් තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී ලිපියකින් ගෙන්න සුදානම් කරලයි තියෙන්නේ. දැනටමත් සමහර Critic Reviews සෑහෙන ප්‍රශංසා කරලා තියෙන දැනට හොඳම කොමික් බුක් සිරිස් එකේ නවතම කතාසමය අපිට තව දවසකින් දෙකකින් බලාගන්න ලැබේවි. එහෙනම් අපි තවත් ලිපියකින් හම්බවෙමු.
Let the Devil Out !
#Tony

Titans Episode 1 Review





අපි බලන් හිටපු Titans සීරියස් එකෙ පළවෙනි එපිසෝඩ් එක රිලිස් උනා පසුගිය සිකුරාදා.Dc ලා ගේ වෙනමම ස්ට්රීමින් ලයින් එකකින් තමා සීරීයස් එක රිලිස් කරන්නෙ.ලංකාවේ අපිට තාම ඒ ස්ට්රීමින්ග් ලයින් එක පාවිච්චි කරන්න තාම චාන්ස් එකක් ලැබිලා නෑ.(Only On USA).ඉතින් මේ Titans සීරියස් එකෙ පළවෙනි එපිසෝඩ් එකෙ සමහරක් තැන් ගැන අපි ටිකක් කතා කරමු.
දැනටමත් Titans season 2 Confirm කරලා ඉවරයි DC Universe එකෙන් .
1. Raven කියන්නෙ හැමදෙටම උත්තරයක්ද එහෙම නැත්නම් තර්ජනයක්ද ?
අපි හැමෝම දන්නවා පළවෙනි සීසන් එකම Raven ගේ ස්ටෝරිලයින් එක යන්නෙ කියලා.Comic වලට අනුව Raven කියන්නෙ පෘතුවිය ආක්රමණය කරන්න හදන පවර්ෆුල් ඩීමන් කෙනෙක් වෙන Trigon ගෙ දුව.Raven ගේ ඩීමන් සයිඩ් එක පළවෙනි එපිසොඩ් එකෙ ඉදන්ම හොදට බලාගන්න පුලුවන්,ඒ වගේම Raven ඩීමන් වර්ල් එකයි පෘතුවියයි අතර Doorway විදියට ඉන්නෙ ,පෘතුවිය ආක්රමණය කරන්න.ඒ නිසමයි රේවන්ව මරන්න කට්ටිය වෙහෙසෙන්නෙ.
2.කාටද Raven ව ඕනේ ,ඒ ඇයි ?
අපිට ප්රශනක් ඒක ,ස්ටෝරි එක පටන් ගත්තු වෙලාවේ ඉදන් කවුද ඒ රේවන් පස්සෙන් පන්නන සංවිධානය?.පේන විදියට ඒ සංවිධානය Trigon ගේ ප්ලෑන් එක දන්නවා ,එතන ඔප්ශන් දෙකක් අපිට හිතන්න පුලුවන් ,එකක් රේවන් මාර්ගෙන් ඩීමන් වර්ල්ඩ් එකට යන්න ,අනිත් විදියට බැලුවොත් රේවන්ව මරලා doorway එක permanently වහලා දාන එක .
3. Raven ව ආරක්ශා කරන්න හදන්නෙ කවුද ?
අනීවාරෙන්ම අම්මා,ඒත් පැහැදිලි නෑ එයා තනියමද ,එහෙම නැත්නම් කට්ටියක් එක්කද වැඩ කරන්නෙ කියලා රේවන්ව බේරගන්න.උත්සහ කරන්නෙ රේවන් ගේ ඩීමන් සයිඩ් එක පාලනයකරන්න ,හරියට රේවන්ගේ බලාගත්ත අම්මා සහ,ඒ ගෙදර,ඒ වගේම කොන්ත,ඒ ක්රමය සාර්ථක උනා.ඒත් රෙවන් ගෙ අම්මා විතරයි දන්නෙ රේවන්ගෙ ඩීමන් සයිඩ් එක කන්ට්රෝල් කරන්න,අපි බලමු .... Titans ලා ක්රමයක් හොයාගනිවි.
4. Dick ගේ දෙමාපියන් ඝාතනය කලාද ?
පළවෙනි එපිසෝඩ් එක ස්ටාට් වෙන්නෙ රේවන් ඩික් ගේ හීනේකට ඇතුල්වෙන ශොට් එකකින්, ඒ වගේම රේවන්දකින්නෙ ඒ ඩික් ගේ අදුරුතම මතකය ගැන.මුලින් දර්ශනය රසවින්දත් රොප් එක කැඩෙන දර්ශනයෙන් රේවන් කෑගහගෙන් නැගිටිනවා,ඒක ඇක්සිඩන්ට් එකක් ද එහෙම නැත්නම් ඝාතනයක්ද ? .Comic වලදි ඩික් ගේ දෙමාපියන් ඝාතනය කරන්නෙ මාෆියා ලොක්කෙක් වෙන Tony zucco විසින් . සමහරක් විට සීසන් 2 හෝ 3 ට මේ සිද්ධිය මුල් කරගන්නත් පුලුවන් .
5.ඇයි තාමත් රොබින් utility belt එක තියන් ඉන්නෙ
Titans සීරියස් එකේ රොබින් වර්ශන් එක පෙන්නන්න ගොඩක් උත්සහ කරල තියෙන බව අපිට පේනවා,Batrang වෙනුවට R ශේප් එකෙ rangs වගේ,ඒ වගේම Smoke Pellets .සමහරක් විට සීසන්ඩ් ඉන්ඩ් එකේ යුටිලිටි බෙල්ට් එක අයින් කරන්න පුලුවන් ඩික් .
6.ඩික් ගෙ හැසිරීම දරුණු වැඩි ද?
Gotham වල ප්රචණ්ඩතාව තාම detroit වලට අලුත් දෙයක් .වරක් detroit mayor විසින් රොබින්ව හදුන්වා දෙන්නෙ Dangerous psychopath කෙනෙක් විදියට.ඒකට උදාහරණයක් දෙන්න පුලුවන් ඩ්රග් ඩීලර් ට රොබින් පාවිච්චි කරපු ප්රචණ්ඩත්වය.ඒ නිසාම Detroit PD එක රොබින් එක්ක හිත හොදින් නෙමෙ ඉන්නෙ.ඒ වගේම Comic වල උනත් මේ වගේ ප්රචණ්ඩ බවක් ඩික් ගෙන් පෙන්න නෑ.
7.ඇයි Detroit PD එක ඩික්ගෙන් රොබින් ගැන අහන්නෙ නැත්තෙ.
PD eka GCPD තරම් තවම ඇඩ්වාන්ස් වෙලා නෑ vigilante සබ්ජෙක්ට් එක ගැන .DCPD එකට අලුත් ස්මාජිකයෙක් සම්බන්ධවෙලා දෙවනි දවසෙ Robin detroit වල පෙනි ඉන්නවා.අඩුම ගානේ ඩික්ගෙන් අහන්නෙවත් නෑ රොබින් කියන්නෙ කවුද කියල.(ජිම් ගෝර්ඩන් කෙනෙක් නෑ DCPD වලට 😂).DCPD එක හීනෙකින්වත් හිතන්නෙ නෑ Batman's most Notorious Sidekick එක එයාගලේ Detective කෙනෙක් කියලා.
8.Batman Titans සීරියස් එකෙ බලාගන්න පුලුවන් වෙයිද ?
නැහැ . Titans ලා එක්ක බැට්මෑන් කොච්චර කනෙක්ට් උනත් සීරියස් එකෙ අපිට පෙන්නෙ නෑ,ඩික්ගේ ෆ්ලෑශ්බැක් වල විතරයි සීන්ස් වගයක් පෙන්නන්නෙ.නමුත් Batman නැහැ.
9.Titans එකෙ Statfire ගෙ origin එක මොකද්ද ?
ස්ටාෆයර් ගේ ප්ලොට් එක සංකීර්ණ වැඩි,ඒත් පැහැදිලිවම Raven ට සම්බන්ද වෙනවා,ඒකොහොමද කියලා තාම ක්ලූ එකක් නෑ.1ස්ට් එපිසෝඩ් චරිතවල mysterious බව හොදට පෙන්නන එපිසෝඩ් එකක්.ස්ටාෆයර් එයාගෙ බැක්ස්ටෝරි එක දන්නේ නෑ බලන අපි තරම්වත්😂.Titans සීරියස් එක එන්නේ Classic කොමික් එකට වඩා Dark කරලා.ඒ වගේම හිතන්න පුලුවන් ස්ටාෆයර් ගේ ඔරිජින් එල අලුතින් ආයේ ලියලා කියලා.ඒත් ඉක්මන් වැඩි ඒකට තාම අපි.
10. ඩික් කොහාටද රේවන් ව අරන් යන්නෙ
මෙ එපිසෝඩ් එකෙ ඩික් තීරණය කරනවා රේවන්ව ඩෙට්රොයිට් වලින් වඩාත් ආරක්ෂිත තැනකට අරන් යන්න.ඒ ගෝතම් වලට .අපි හිතන්නෙ ගෝතම් ආරක්ෂිත නෑ කියලා,නෑ එක එහෙම නෙමෙ ඩික් යන්නෙ Hawk & Dove හොයාගෙන,ඒවගේම ඩික් ගෙන් පස්සෙ සයිඩ්කික් එක උන Jason Tod වත් අපිට බලන්න පුලුවන් ඊලග එපිසෝඩ් වල .
11. කවුද මේ Amy Rohrbach
ඩික්ta DCPD එකේදී හම්බේන පාට්නර් තමයි Amy කියන්නෙ.Comic වලට අනුව ඩික් ගේ පාට්නර් තමා ඇමී,බ්ලඩ්හේවන් පොලිස් ඩිපාට්මන්ට් එකෙදී ,ඩික්ගේ සික්රට් අයිඩෙන්ටිටි එක ඇමි දන්නවා ,
සීසන් ෆයිනල් වලදී Dethstroke ව අපිට බලාගන්න පුලුවන් වේවි බොහො දුරට.බීස්ට් බෝයි ව අඩුවෙන් පෙන්නුවත් මේ එපිසොඩ් එකෙ ඊලග එකෙ වැඩි ඉඩක් වෙන්වෙයි .
එහෙනම් එපිසෝඩ් 2 එකත් එක්ක ඉක්මනටම අපි ආපහු මුණගැහෙමූ.
MiGhTy_ThOr

History of Iron Fist - 01


Marvel සමාගමෙන් බිහිවුණු සාර්ථකම සහ ගැඹුරු mystical කථාමාලාවන්ට පදනම් වුණු චරිතයක් හැටියට අපිට Iron Fist චරිතය හඳුන්වන්නට පුළුවන්. The Living Weapon, Immortal Weapon of K'un-Lun යනාදී අන්වර්ථ නම් වලිනුත් Iron Fistව හඳුන්වනු ලැබූ වාර අපමණයි. ඒ අතුරින් අද අපි කථා කරන්නේ 66වෙනි Iron Fist එහෙමත් නැතිනම් අපි කවුරුත් දන්න Danny Rand ගැනයි.
Daniel "Danny" Rand
Daniel Thomas Rand එහෙමත් නැත්නම් Danny Rand කියන්නේ ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයෙකු වුණු Wendell Randගේ සහ Heather Duncanගේ පුත්‍රයායි. Wendell Rand තමන්ගේ තරුණ කාලයේදී K'un-Lun කියන mystic city එකට ගමන් කරන්නට අවස්ථාව ලැබෙනවා. K'un-Lun කියන්නේ Seven Capital Cities Of Heaven වලින් එකක්. K'un-Lun නගරයට ඇතුළු වන දොරටුව හිමාලයානු කඳු පන්තිය අසලදී සෑම වසර 10කටම වතාවක් විවර වනවා. Wendell එහිදී K'un-Lunවල පාලකයා වන Lord Tuanගේ පුත්‍රයා වන Yu-Tiගේ ජීවිතය බේරාගන්නට සමත්වනවා. මේ නිසා Lord Tuan විසින් Wendell Randව තමගේ උරුමකරුවෙක් බවට නම්කොට K'un-Lunවල වෙසෙන්නට ඉඩ ලබා දෙනවා. K'un-Lunවල වෙසෙන කාලයේදී Wendell Shakirah නැමති කාන්තාව සමඟ විවාහ වනවා. විවාහයෙන් ඔවුන්ට දියණියක් ලැබෙනවා. ඔවුන් ඇයව Miranda ලෙසින් නම් කරනවා. මේ කාලයේදී Wendall දක්ෂ සටන්කරුවකු බවට පත්වනවා. ඒ නිසාම K'un-Lunවල සම්ප්‍රදායට අනුකූලව Shou-Lao කියන අමරණීය මකරාගෙන් Iron Fist බවට පත්වීමට සුදුස්සා තෝරන ද්වන්ධ සටනට සුදුසුකම් ලබනවා. ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ K'un-Lunවල දක්ෂතම සටන්කරුවා වන Lei Kung the Thundererගේ පුතා වන Davos. මෙහිදී Wendell Davosව පරාජය කරන මුත් Shou-Laoගෙන් බලය ලබා ගන්නට කැමති වන්නේ නැහැ. K'un-Lun වලට පැමිණ වසර දහයකට පසු Wendell Rand සහ Shakirah දෙදෙනා එක්ව K'un-Lun යළි විවර වන දොරටුව නැරඹීමට යන අවස්ථාවේදී Yu-Tiගේ සෙබළු විසින් මොවින් දෙදෙනාට පහර එල්ල කරනවා. මෙහිදී Shakirah අවාසනාවන්ත ලෙස මිය යන අතර Wendellට පෘථිවියට එන්නට සිදුවනවා. ඉන් වසරක් ගතවත්ම Wendell ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත්වනවා. ඉන් පසු ඔහු Heather Duncan සමග විවාහ වනවා. ඔවුන්ට ලැබෙන දරුවා තමයි Daniel Rand.
Daniel Randට වසර නවයක් ගතවත්ම Wendell Rand යළිත් K'un-Lunවෙත යන්නට තීරණය කරනවා. ඒ Heather,Daniel සහ ඔවුන්ගේ ව්‍යාපාර සගයා වන Harold Meachum සමඟයි. ඔවුන් හිමාලයානු කඳු පන්ති අසල ඇති K'un-Lun වෙත විවර වන දොරටුව කරා ගමන් කරනවා. එහිදී සිදුවන අනතුරකින් Wendellව අයිස් කන්දක ප්‍රපාතයකින් ඇද වැටෙනවා. Wendell ඒ අවස්ථාවේදී Haroldගෙන් උදව් ඉල්ලුවත් සම්පූර්ණ ව්‍යාපාරයම තමන් සතු කරගන්නට Harold සිතනවා. ඒ වගේම Heather කෙරෙහි කෙටි කාලයක් පටන් Haroldගේ සිතෙහි ප්‍රේමයක් ඇතිව අවසන්. මේ නිසාම Wendellව බේරා ගන්නවා වෙනුවට Harold Weldellව ප්‍රපාතයෙන් පහළට වැටෙන්නට ඉඩ හරිනවා. Harold කපටිලෙස ඔවුන්ට උදව් කරනට සැරසුණත් සිදුවුණු දෙය වටහා ගන්නා Heather Danny සමඟ K'un-Lun පිවිසුම වෙත ගමන් කරනවා. නමුත් එතැනදී ඔවුන් දෙදෙනාව වෘකයන් රැලකට කොටු වනවා. Dannyගේ ජීවිතය බේරා ගන්නට දොරටුව වෙන යවන Heather වෘක රැලේ ගමන වෙනස් කරනවා. ඒ තම පුතු වෙනුවෙන් වෘකයන් හට සිය දිවි පුදමිනුයි.
මේ අතරවාරයේ K'un-Lunවල පිරිස් හට Dannyව හමුව්නවා. ඔවුන් Dannyව K'un-Lunවල වත්මන් පාලකයා වන Yu-Ti වෙත ගෙන යනවා. එහිදී තම දෙමව්පියන්ගේ මරණයේ පළිය ගැනීමට තමන්ට අවශ්‍ය බව Danny Yu-Tiට පවසනවා. මේ හෙයින් Yu-Ti Dannyව සියළු සටන් පුහුණුව සඳහා Lei Kung the Thunderer වෙත බාර දෙනු ලබනවා. ඉතා දක්ෂ ලෙස සටන් පුහුණුවේ නියතුවන Danny වයස දහසයේදී Fu-Hsi හෙවත් පොළඟුන්ගේ රජු ලෙසින් හඳුන්වන සර්පයාගේ ඔටුන්න ලබා ගැනීමටත්, Shou-Laoව පරදවන්න්ට සුදුසුකම් ලබන සටන් වලදී ඉතා පහසුවෙන් ජයගන්නටත් Danny සමත් වනවා. මේනිසාම Iron Fist බවට පත්වන්නට Danny සුදුසුකම ලබනවා. ඒ අනුව වයස 19දී Danny Shou-Laoව පරදා "Iron Fist" බවට පත් වනවා. Iron Fist බවට පත්වීමෙන් පසු Danny සදාකල්ම K'un-Lun වල වෙසෙන්නට ඇති අවස්ථාව අත්හරිමින් යළි New York වෙත පැමිණෙන්නට තීරණය කරනවා. ඒ Harold Meachumගෙන් පළි ගන්නටයි. නමුත් ඒ වන විට Harold පාද රහිත පුද්ගලයෙක්. මේ නිසා Danny Haroldට අනුකම්පා කොට එතනින් නික්ම යනවා. ඒ හා වහාම නින්ජා කෙනෙක් එතනට පැමිණ Haroldව මරා දමනවා.
Iron Fistගේ බලයන් ගැන කථා කළොත් ප්‍රධාන වශයෙන්ම අපිට ඔහුගේ fists ගැන කථා කරන්න වෙනවා. Shou-Laoගේ හදවතට අත් මිටි මොලවා වැරෙන් එල්ල කරන ලද පහරවල් නිසාම මකරාගේ superhuman energys Iron Fistගේ දෑත් මත රඳාපවතිනවා. ඒ වගේම K'un-Lun වලදී ලද විශේෂ සටන් පුහුණුව නිසාම chi energy එහෙමත් නැතිනම් ජීව ශක්තිය අවශ්‍ය විටෙක අරමුණු කර ගනිමින් තමන්ගේ හැකියාවන් සුවිශේෂී මට්ටමක් දක්වා ගෙන එන්නට Iron Fistට හැකියාව ලැබෙනවා. ඒ අනුව ශක්තිය, වේගය, ඉවසා දරාගැනීමේ හැකියාව, කාර්යශූරත්වය වගේම ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවත් මේ නිසා වැඩි දියුණු කරගන්නට පිළිවන්. ඒ වගේම Shou-Laoගෙන් ලද බලය සහ chi energy යොදාගෙන Iron Fistට තමන්ගේ දෑතින් ආලෝකයක් නිකුත් කරන්නටත් ඒ අවස්ථාවේදී තමන්ගේ fists වලින් කිසිදු හානියක් තමන්ගේ fistsවලට ඇති නොවන සේ වැරෙන් පහට දෙන්නටත්, තියුණු ආයුධ පහරවල් වලකන්නටත් හැකියාව ලැබෙනවා. ඒ පමණක් නොව chi energy භාවිතයෙන් තමන්ව සහ අනිත් අයව සුවපත් කිරීමේ හැකියාවකුත් Iron Fistට සතු වනවා. මේ නිසාම සමහර අවස්ථාවල telepathically අන් පුද්ගලයන් හා සම්බන්ධ වන්නටත් පුළුවන්. ඒ වගේම තියුණු ඇස් පෙනීමක් සහ තියුණු ශ්‍රවණ හැකියාවකුත් Iron Fist සතු වනවා. ඒ වගේම චීන සහ ජපන් බස හොඳින් කථා කරන්නටත් Danny සමත් වනවා. තියුණු ස්නායු පද්ධතියකින් සමන්විත වන නිසාම Iron Fist හට lie detector tests වලින් පහසුවෙන්ම සමත් වන්නට පුළුවන් බවත් සඳහන් වනවා. ඒ වගේම වරෙක Iron Fist Phoenix Force එක Hope Summersව සොයා එන අවස්ථාවේදී අතින් පමණක් පහරදී නික්ම යන්නටත් සමත්ව තිබෙනවා.
දැනට comic issues 1900කට අධික ප්‍රමාණයක පෙනී සිට ඇති Iron Fist හා සම්බන්ධ කතාමාලාවන් බොහොමයක් සම්බන්ධ වනවා. Defenders, Power Man and Iron Fist, The Heroic Age, Thunderbolts, The Last Iron Fist Story, Civil War, Avengers vs. X-Men ඒවායින් කිහිපයක්. ඒ අතුරින් Heroes for Hire කථාමාලාවන් ඔස්සේ Luke Cage හා සම්බන්ධව කටයුතු කල වාර කැපී පෙනෙනවා. ඒ වගේම වරෙක Matt Murdock Daredevil යැයි අනන්‍යතාව හෙළි වූ විට ඒ ඔහු නොවන බව පෙන්වන්නට Daredevil costume එක ඇදගෙන වැඩකල අවස්ථාවන්ද comic වල සඳහන්.
Iron Fist හා සම්බන්ධ කතාමාලාවන් ගොඩක් තිබෙන නිසා ඒ හා අදාල විස්තර විටින් විට ගෙන එන්න අපි තීරණය කළා. ඒ වගේම Marvel Netflix තුළින් අපිට Iron Fist Seasons 2ක් දැකබලාගන්නත් හැකියාව ලැබුණා. ඒ හා සම්බන්ධ කරුණුත් කථා කරන්න අපි සූදානම්. මීලඟ ලිපියෙන් The Seven Capital Cities of Heaven ගැන කථා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම Iron Fist Season 2 අවසන් වුණු ආකාරයත් comic වලට අනුව ඉදිරියට කථාමාලාව ගොඩනැගේවි යැයි සිතෙන ආකාරයත් ඒ ඒ චරිත ගැනත් වෙනමම ලිපි ඔස්සේ කථා කරන්න අපි සූදානම්. මීලඟ ලිපියෙන් නැවත හමුවෙමු!

Monday, October 15, 2018

Nagini's Involvement In Fantastic Beasts to Voldemort's Greatest Servant



කොමික් කියවන අතරෙම අපි කවුරුත් ආසා කරන ආදරය කරන තවත් එක් universe එකක් ගැන කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නේ. පොඩි කාලේ අතට අහුවුණු කොස්සක්/ ඉදලක් කකුල් අතරෙ තියන් මායා කොස්සක් කියලා හිතන් ගෙයි වටේ දුවපු වෙලාවල් අනන්තවත් ඇති. අහුවුණු කෝටු කෑලි මායා යෂ්ඨි වගේ හසුරවපු වෙලාවල් ඕනි තරම් ඇති. ගෙයි වටේ ඇවිද ඇවිද ස්ලිදරින්ගේ රහස් කාමරයක් අපේ ගෙදරත් තියෙන්න ඇති කියලා හිතන් හොයපු වෙලාවල් එහෙමත් ඇති. එහෙමත් නැතිනම් මමයි ස්ලිදරින්ගෙ උරුමක්කාරයා කියලා හිතන් වැඩ කරපු අවස්ථාවල් එහෙමත් ඇති. ඔය ඔක්කොම සුන්දර දේවල් අපේ ජීවිත වලට ගෙනාපු Wizarding World එක එහෙමත් නැත්නම් Harry potter Universe එකේ විශේෂ දේවල් කිහිපයක් ගැන කථා කරන්න අපි හිතුවා. ඒ අතුරින් පහුගිය සැප්තැම්බර් 25 වෙනිදා නිකුත්වුණු Fantastic Beasts: The Crimes of Grindelwald අවසන් trailer එකෙන් Wizarding World එකේ අපි හැමෝම දන්න චරිතයක origin එක ආන්දෝලනාත්මක ආකාරයට ඉදිරිපත් කළා. ඒ අපි කවුරුත් දන්න 'Nagini' එහෙමත් නැතිනම් Voldermortගේ අන්තිම horcrux එක ගැන.
Fantastic Beasts: The Crimes of Grindelwald පළමු trailer එකෙන් සහ ඒත් එක්කම නිකුත් වුණු promo photo එකෙන් අපිට කලින් නිකුත්වුණු Fantastic Beasts And Where To Find Them movie එකේ අපිට දකින්න නොලැබුණු අලුත්ම චරිත කිහිපයක්ම දැකගන්න ලැබෙනවා. ඒ අතුරින් Jude Lawගේ තරුණ Dumbledore චරිතය, Callum Turner රඟ දක්වන Newt Scamanderගේ සහෝදරයා(Theseus)ගේ චරිතය සහ Claudia Kim විසින් රඟපාන චරිතය වඩාත් ඉස්මතු වන චරිත හැටියට ඔවුන් ඉදිරිපත් කරනවා. ආයෙමත් අපිට Credenceවත් බලාගන්නට ලැබෙනවා. අනිත් චරිත ඔක්කොටොම වගේ නම් ඉදිරිපත් කරලා තිබුණාට අපිට Claudia Kimගේ චරිතයට නමක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ඒ චරිතය Maladictus කෙනෙක් විදියටයි ඉදිරිපත් වෙන්නේ. කවුද මේ Maladictus කෙනෙක් කියන්නේ?? Maladictus කෙනෙක් කියන්නේ ජානවලින්ම එන ශාපයක් සහිත කෙනෙක්ට. මේක මවගෙන් දුවට වගේ තමයි ශාපය ගලා යන්නේ. මේ ශාපයට අනුව ශාපලත් කෙනා කවදා හෝ දිනක සම්පූර්ණයෙන්ම සදාකාලිකවම සත්ව ස්වභාවයකට පත්වනවා. ඒ කියන්නේ මේ ශාපය තියෙන කෙනා අමරණීයයිද?
මේ දේට යම්කිසි පිළිතුරක් අපිට ඉන් පසුව නිකුත්වෙන trailer එකෙන් දැනගන්නට ලැබෙනවා. ඒ මේ Claudia Kim රඟපාන චරිතය "Nagini" බව. ඒ විතරක් නෙවෙයි මනු‍ෂ්‍ය ස්වභාවයේ සිට Nagini බවට පත්වන පරිවර්තනයේ කොටසකුත් අපිට trailer එකේදි දකින්න ලැබෙනවා. ඒ කියන්නේ Nagini කියන්නේ ඇත්තටම මනුෂ්‍යයෙක්. අපි හැමෝම දන්නවා Fantastic Beasts කථාමාලාව Harry Potter කථාමාලාවට කලින් සිදුවුණු කථාමාලාවක් බව. Harry Potter කථාමාලාවේදී Naginiගේ අවසානය සිදු වුණේ 1998දී Battle of Hogwarts වලදී. Crimes Of Grindelwald කථාමාලාව සිදුවන්නේ 1926දී. අපිට දැනගන්න ලැබෙනවා Nagini කියන්නේ circus එකක ඉන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ අඩුම වයස අවුරුදු 20ක්වත් වෙන්න ඕනි. ඒ කියන්නේ Battle of Hogwarts එක සහ Crimes Of Grindelwald movie එක වෙන කාල වකවානුව අතර කාල පරතරය අවුරුදු 72ක්. Crimes Of Grindelwald movie එක වෙනකොට Naginiට වයට අවුරුදු 20 නම් Battle of Hogwarts වෙනකොට Naginiගේ ඇත්ත වයස අවුරුදු 92ක්වත් වෙන්න ඕනි. එහෙනම් අපිට තේරෙනවා Maladictus කෙනෙක් කියන්නේ අමරණීය කෙනෙක්.
මේ බව තේරුම්ගන්න පුළුවන් තවත් තැනක් අපිට Harry Potter පොත් තුළින් හොයාගන්න පුළුවන් වෙනවා. අපි දන්නවා Voldemort Godric's Hollow වලදී Harryගේ දෙමව්පියන්ව මරලා Harryව මරන්න උත්සහ කරපු වෙලාවෙන් පස්සෙ ගොඩක් දුර්වල වුණු බව. ඒ නිසා unicorn blood බොමින් සැඟව සිටි බවත් අපි දන්නවා. Voldemortට තමන්ගේ ශරීරය තියා ගන්න නම් අමරණීය කෙනෙක්ගේ හෝ දෙයක් අවශ්‍යව තිබුණා. ඒ නිසයි ඔහු Nicolas Flamelසතුව තිබුණු Philosopher's Stone එක පවා ලබාගන්න උත්සාහ කළේ. නමුත් ඒ සියල්ල අසාර්ථක වුණාට පසුව Voldemort ඇල්බේනියානු වනාන්තරයට පලා ගිය බව අපිට Harry Potter and the Chamber of Secrets පොතෙන් දැනගන්නට ලැබෙනවා. එතෙක් පටන් Goblet of Fire කථාව දක්වාම Voldemort ඉතාමත් දුර්වල ජීවිතයක් ගෙවන්නේ. Goblet of Fire පොතේ එක් තැනක මෙහෙම සඳහන් වෙනවා "… a little help from my dear Nagini’ – Voldemort’s red eyes fell upon the continually circling snake – ‘a potion concocted from unicorn blood, and the snake venom Nagini provided …" කියලා. Voldemortට සාමන්‍ය snake venom අවශ්‍ය වුණා නම් මීට කලින් වෙන සර්පයෙක්ගෙන් විෂ අරන් සැබෑ ස්වරූපයක් ගන්න තිබුණා. නමුත් මෙතනදී සඳහන් වෙනවා "..the snake venom Nagini provided.." කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම Voldemortට Naginiගේ venomම අවශ්‍ය වුණා. හේතුව Nagini immortal නිසා වෙන්න පුළුවන්.
මීලඟට අපිට එන ගැටළුව තමයි කොහොමද trailer එකේ Credence එක්ක ඉන්න Nagini ඊලඟට Newt Scamanderගේ පැත්තට ගිහින් ඉන්න එක. Trailer එකේදි අපිට දකින්න ලැබෙනවා Credence Grindelwaldගේ පැත්තට යන්න හදන බවත් Naginiට Grindelwaldට එකතු වෙන්න අවශ්‍ය නැති බවකුත්. Grindelwald සහ Voldemort ගත්තොත් වැඩිපුරම භයානක Voldemort. එහෙනම් ඇයි Nagini අන්තිමට Voldemortගේ සේවකයෙක් බවට පත්වෙන්නේ? ඒකට හේතුව මට හිතෙන හැටියට Maladictus curse එක. Crimes Of Grindelwald එකට පසුව එන Fantastic Beasts movie එකේදී Nagini සම්පූර්ණයෙන්ම සත්ව ස්වරූපය බවට පත්වේවි. එතැන් පටන් වසර ගණනාවක් ඇය සර්ප ජීවිතයක් ගෙවනුයේ. මනුෂ්‍ය ජීවිතයක් ගෙවපු කෙනෙක්ට යළිත් මනුෂ්‍යයෙක් සමඟ කතා නොකර එපමණ කලක් ඉන්න එක අපහසුයි. ඒ වගේම මේ ලෝකයේ සර්ප භාෂාව දන්න අය ඉන්නේ බොහොම අතලොස්සයි. සියවසකට එක්කෙනෙක් වගේ කිව්වොත් මම වැරදි නැහැ. කොටින්ම කිව්වොත් ස්ලිදරින්ගේ උරුමකරුවන්ට විතරයි ඒ හැකියාව තියෙන්නේ. එහෙනම් මේ කාල වකවානුවේදී ඒ හැකියාව තිබෙන්නේ එක් අයෙක්ට පමණක් ඒ Tom Riddle(Voldemort)ට. මේ නිසාම Nagini Voldemort එක්ක ගොඩක් සමීප වුණා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම Tomට Dumbledoreව මුණ ගැහෙන්න කලින් Naginiව මුණ ගැහුණා වෙන්නත් පුළුවන්. ඒත් ඒ කොහෙදිද? පොත්වල සඳහන් වෙන හැටියට Tomට කුඩා කාලයේ පටන්ම සර්පයන්ට කතා කරන්න පුළුවන් සහ ඔවුන් Tom සොයා එන බව. එංගලන්තයේ නගරයේ සර්පයෙක් සොයාගන්න ඒ තරම් පහසු වෙන එකක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන් විනෝද චාරිකාවකදී වෙන්නට පුළුවන්. පොත්වලදී එක් ස්ථානයක අපිට හමුවෙනවා කුඩා ටොම් ඔහුගේ යහලුවන් වන Amy Benson සහ Dennis Bishopව ගුහාවකදී කුමක් හෝ හේතුවක් නිසා බිය ගන්වා ඇති බව. ඔවුන් ඒ ගැන වචනයක්වත් පවසන්නට බිය වූ වග. එහෙනම් Tomට ඒ ගුහාවේදී Naginiව හමුවූවා වෙන්නත් පුළුවන්. පුංචි කතාබහක් Tomගෙන් ලබාගැනීම උදෙසා Amy Benson සහ Dennis Bishopව Nagini බයකළා වෙන්න බැරිද?
ආයෙත් ඔවුන් දෙදෙනා Tom Riddle Rowena Ravenclawගේ නැතුවුණු හිස් පළඳනාව(Diadem) එක සොයන්නට ඇල්බේනියානු වනාන්තරයට ගිය අවස්ථාවේදී හමුවෙනවා. එවිට Tom Naginiව horcrux එකක් බවට පත්කරන්නට සිතනවා. පසු කාලයක Voldemortට සැඟව සිටින්නට අවශ්‍ය වූ විටෙක Nagini Voldemortට තමන්ගේ ශරීරය මාධ්‍යක් ලෙස යොදාගන්නට ඉඩ දෙනවා. මේ නිසාම අවසානයේ Voldemort විශ්වාස කරන සහ ඔහුට හිතවත්ම එකම කෙනා බවට Nagini පත්වෙනවා. ඒ නිසා Nagini Voldemortගේ අවසන් horcrux එක සහ ප්‍රධානම සේවකයා බවට පත්වනවා. ඔවුන් දෙදෙනාම Harryව මරා දමන්නට උත්සාහ කළත් සාර්ථ වන්නේ නැහැ. අවසන Nagini Neville Longbottom අතින් මිය යනවා. Voldemort Harry අතින් පරාජයට පත්වනවා.

ඉතින් ඔන්න අපි අද Comic වලින් එහාට ගිහින් Wizarding World එක ගැනයි කථා කලේ, ඉතින් ලංකාවේ පලවෙනිම වගේම ප්‍රමුඛතම Comic Base page එක වෙන අපේ Comic Script Page එකට like එකක් දාන්න වගේන තව කෙනෙක් එක්ක දැනුම බෙදාගන්න මේ ලිපිය Share කරන්න කියලා ඉල්ලන්නේ මේ වගේම තවත් ලිපියකින් හමුවෙන බලාපොරොත්තු වෙන්, එහෙනම් තවත් අලුත්ම ලිපියකින් ලගදීම නැවත හමුවෙමු.
#SmAsHeR

Marvel Fresh Start Part II - The Amazing Spider-Man Vol 5 Re-Lunch



අපි කලින් ලිපියෙක් කථා කලා නේ මාවල්ලගේ නැවුම් ආරම්භය ගැන, ඉතින් මම ඒ ලිපිය අවසානේදි කිව්වා මතකනේ මම අලුත් කොමික් සීරිස් ටික ගැන එකින් එක කතා කරනවා කියලා, ඉතින් මේ අද පටන් ගන්න යන්නේ ඒ කාර්‍යය තමයි. හරි ඉතින් මම මුලින්ම ඕගොල්ලන්ට කියන්න හිතුවේ මගේත් ප්‍රියතම චරිතයක් වෙන ස්පයිඩිගේ අලුත් කොමික් සීරීස් එක ගැන. හැබැයි මම එහෙමයි කියලා මුලු කතාවම ඇද බාලා ස්ටෝරිය ස්පොයිල් කරන්නේ නෑ ඉතින්, මම කියන්න යන්නේ මේක කොයි වගේ සීරීස් එකක්ද කියලා විතරයි. මොකද කොමික් එක කියවලාම ඒක රසවිදින්න ඕන නිසා ඉතින්, ඒකත් කියවන්න කියන ගමන් ඔන්න එහනම් යමු මාවල් යුනිවස් එකේ Core Webhead ගේ අලුත්ම කතාව මොකක්ද කියලා හොයලා බලන්න.
පසුගිය අවුරුදු හතර ඇතුලත මාවල්ලා කරපු තුන්වෙනි Amazing Spider-Man Re-Lunch එක තමා මේ, ඉතින් Fresh Start එකේ අනිත් සීරීස් වගේම මේක අලුත්ම නිර්මාණ කණ්ඩායමක් තමා මෙහෙයවන්නේ, ඒක නිසා මුල ඉදලම මේක ගැන ගොඩක් අය බලාපොරොත්තු තියාගත්තා, කොහොම උනත් මේ සීරීස් එකට අදාල පලවෙනි Issue එක විදිහට ආවේ Amazing Spider-Man/Guardians Of The Galaxy Free Comic Book Day (2018) කොමික් එක, ඒකෙන් පීටර්ගේ ජීවිතේ ගෙවෙන හැටි හරි අපූරුවට විස්තර කරලා තිබුනා, ඒ වගේම අපූරු විදිහට පීටර්ගේ දෙවෙනි ජීවිතේ නැත්නම් අපේ ස්පයිඩිගේ ජීවිතේ ගත වෙන හැටි වගේම අපි අන්තිමට දැක්කට වඩා මේ දෙන්නගේම ජීවිත ගොඩාක් වෙනස් වෙලා තියෙනවා වගේම ලොකු කට්ටක් කන්න වෙලා තියෙනවා කියන එක කියවන්නගේ හිතට දැනෙන කොමික් එක කරලා තිබුනා.
ඔන්න ඊට පස්සේ තමා නිල විදිහටම ස්ටොරිලයින් එක පටන් ගන්නේ, ඒ 2018 ජූලි 11 වෙනිදා නිකුත් උන මේ සිරීස් එකේ පලමුවෙනි Issue එකෙන්, එතනින් පටන් ගත්ත මේ කථාව ඔයා මේ ලිපිය කියවන වෙලාව වෙනකොටත් ගලාගෙන යන නිසා මේක කියවන්න කියලා ඔන්න මම නැවත වතාවක් ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. කොහොම නමුත් අපි කතාව පැත්තට හැරුනොත් මම පුද්ගලිකව ගොඩ කාලෙකට පස්සේ තමා Ongoing ස්පයිඩර්-මෑන් කොමික් සීරිස් එකක් කියවන්න ගත්තේ, ඒ හොද කථාවක් බලාපොරොත්තුවෙන්, ඉතින් ඒ බලාපොරොත්තුව සෑහෙන්නම සඵල උනා කියලා කියන්න පුලුවන් විදිහේ කථාවක් මේ පාර අපිට දීලා තියෙනවා. (මම ස්පොයිල් නොවෙන විදිහට තමා කියන්න යන්නේ). පීටර් මේ වෙනකොට ලොකු ආර්ථික අපහසුතාවයටක මුහුන දීලා තමන්ගේ මිත්‍ර රැන්ඩි රොබර්ට්සන් එක්ක නවාතැන් ගන්න කාමරයක් හොයනවා, ඔන්න කොහොමින් කොහොමින් හරි කාමරයක් හම්බුනා කියමුකෝ, ඉතින් මේ කාමරේ පීර්ටයි, රැන්ඩි එක්ක නවතින්න තව හවුල්කරුවෙක් එනවා, අපොයි !! මේ තමන්ගේ අනිත් රූම් මේට් ස්පයිඩිගේ හතුරෙක් කියලා පීටර්ට තේරුම් යන්න මේ රූම්මේට්ව පීටර් දැක්කට පස්සේ. ඔන්න ඒ අතරේ පීටර් ඉන්ඩස්ට්‍රි එක කඩන් වැටිලා ,ඒ උනාට හැම දේමත්ම නරක නෑ අපේ ජුලියට්, මේරි ජේන් එක්ක පීටර්ගේ සම්බන්ධය හරි අපූරුවට අලුත් වෙලා තියෙනවා ආපහු දකින්න පුලුවන් ( දැනට කතාවේ මම ආසම සීන් එක ).
ආන්ට් මේ එක්ක සම්බන්දෙත් නරකම නෑ, ඒ අතරේ ස්පයිඩිට නිව් යොක් වල නපුරු හාදයෝ කිහිපයක්වම නවත්තන්න හම්බෙන අතරේ අපේ තව අනිත් මාවල් වීරයෝ පිටසක්වළ කස්ටිය එක්ක කරන ලොකු සටනකටත් ස්පයිඩි සම්භන්ධ වෙනව, මෙතෙන්දී ස්පයිඩි අනිත් හීරෝස්ලට වඩා ගොඩක් විශේෂ වගේම Unique වෙන්නේ ඇයි කියලා අපිට ලස්සනට පෙන්නලා දිලා තියෙනවා.මම කලින් කිව්වනේ පීටර්ගේ ජීවිතේ යන්නේ ටිකක් අපහසු කාලයක් කියලා, ඉතින් පීටර් තමන්ගේ ජීවිතේ ලබාගත්තු ගොඩක් achiverments මේ වෙනකොට යම් සිද්ධි මාලාවක් නිසා පීටර්ට අහිමි වෙලා තමයි තියෙන්නේ ( පොඩි ඉගියක් දෙන්නම්, මතකද කාළයක් ඔටො ඔක්ටේවියස් පීටර්ගේ ඇගට වැහිලා හිටියා) කොහොම උනත් කතාවේ Game changing point එක සිද්ධ වෙන්නේ මේ අතර, මොකක් හරි වෙලා පීටර් ස්පයිඩි බෙදිලා දෙන්නෙක් උනොත් මොකක් වෙයිද, බලයත් එක්ක අවුරුදු ගානක්ම ජීවත් උන අසාමාන්‍ය ජීවිතයක් තිබ්බ පීටර්ට කිසි බලයක් නැතුව සාමාන්‍ය ජීවිතයක් කොහොම ගෙවයිද ? පීටර්ගේ ඇගේම තිබ්බ බලයක් ස්පයිඩි විදහට වෙනමම ජීවියෙක් උනාම කොයි වගේ තත්වයක් ඇති වෙයිද ? ඉතින් මේ සිද්ධි දාමයන් එක්ක නිව් යොක්වලට එන අලුත් විලන් කවුද ? ඉතින් මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයාගන්න නම් කියවන්න ස්පයිඩිගේ මාවල් නැවුම් ආරම්භය.
ඉතින් මේ රීලන්ච් සීරිස් එකේ නිර්මාණ කණ්ඩායම විදිහට හම්බවෙන්නේ අපිට අලුත් කණ්ඩායමක්. කතාව ලියන්නේ Nick Spencer වගේම මේකේ ගොඩක් සිත්ගන්නා සුලු ලෙස අලුත්ම විදිහකට ඇදලා තියෙන්නේ මාවල් පවුලට අලුතෙන්ම එකතු උන Ryan Ottley විසින් (Image Comics ලගේ ජනප්‍රිය Invacible සීරීස් එක ඇන්දේ මෙතුමා ). ඉතින් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේක ස්පයිඩි ෆෑන් කෙනෙක් කියවන්නම ඕන පීටර්ගේ ජීවිතේ අලුත්ම පරිච්චේදෙකට පාර කියන සීරීස් එකක් විදිහට. හරි එහෙනම් අලුත්ම ලිපියකින් අපි හෙට අනිද්දම හම්බුබෙ. එහෙනම් ජයවේවා !!

The Amazing Spider Man 2015 VOL 5 - COMIC SCRIPT Rating - 8.0

“ Remember, With Great Powers comes with Great Responsibilities “
#Parker

The Predator – Dark Horse Comics


Predator කියන්නෙ අපි අතර වගේම මුලු ලෝකය පුරාම ජනප්රිය උන Fictional character එකක්. මේ දවස්වල අලුතෙන් Release කරපු The Predator movie එකත් එක්කම Predator Fever එක ටිකක් වැඩිවුනා. ඒක හින්දම Comic Script වෙන අපි Predator article series එකක් ගේන්න හිතුවා. Predator article series එකේ 1st article එක මෙතන ඉදන් පටන් ගන්නවා.
Predator Origin

Predator හෙවත් Yautja මුල්ම Appearance එක ගන්නෙ Comic series එකකින්ද? හැමෝම වගේ හිතන්න ඇති එහෙම. ඒත් 1987 දි ආපු Predator movie එකෙන් තමයි Predator character එක කරලියට එන්නෙ. Predator concept එක create කලේ Stan Winston කියන Designer. Predator movie එක develop කරන කාලෙදි Predator Concept / designs ගොඩක් හදලා තියෙනවා. සමහරවිට එ desings වලින් වෙන එකක් approve කලානම් Predator මෙච්චර Famous නොවෙන්න තිබුනා (image 1). Arnold Schwarzenegger තමයි Predator movie එකේ main actor විදියට හිටියෙ. Predator තිබුන Badass look එකයි, Hunting abilities, technologies හින්දම World Famous Fictional Character එකක් වුනා.
Predator Abilities
අඩි 7 ක් පමණ උස වෙන මේ charater එක abilities මොනවද බලමු 
Super Strength
Super Durability
Hunting Skills 
Detective Skills 
Tracking/navigation
Language Translation
Hand to hand combat 
High-end Technology

Bio-Mask
Wrist Gauntlet
Medical/bioanalysis
Utilitarian
Mobility
Power source

Weapons
Blunt instruments
Short / long bladed
Pole arms
Flexible bladed
Thrown
Projectile
Energy Flechette
Plasma Pistol
Burner
Plasmacaster
Blazer
Killscreen Generator 
Mobile sentry guns
Plasma Grenade and More

(High-end Technology and Weapons ගැන වෙනම article කිහිපයක් බලාපොරොත්තු වන්න)
ගොඩක් අය Predator Comic කියවන්නෙ නැති නිසා movies වලින් abilities දකින්න ඇති. ඒවගේම Predatorsලා communicate කරන්නෙ Yautja Language එකෙන්. Predatorsලගෙ මවු ග්රහලොකෙ වෙන්නෙ Yautja Prime කියල Planet එක (image 2). Hunting හෙවත් දඩයමට කුඩාකල ඉදන් පුහුනුවෙන Yautjaලා උපතේ සිට විපත දක්වාම Hunting වලටම කැපවුන ජීවින් පිරිසක්. 
Predatorsලට වෙනම සමාජ ක්රමයක් තියෙනවා. එ කියන්නෙ Yautja සමාජය Clans හෙවත් ගොත්ර අනුව වර්ගවෙලා තියෙනවා (image 3). Clans වර්ග අනුව Clans 20කට වඩා තියෙනවා. ඒ එක එක clans වල Predatorsලගෙ look එක වෙනස් (image 4). ඒ වගේම Yautja society එක ඇතුලත වෙනම ranking system එකක් තියෙනවා. නම් වශයෙන් කිව්වොත්,

Un-Blooded
Young Blood
Blooded
Elite
Leader
Elder
Ancient

(මේ Clans වර්ග වගේම ranking system ගැන ඉදිරි post වල explain කරන්නම්)
Predator Comics
Predator comics ගැන බැලුවොත් Predator: Concrete Jungle #1 (image 5) issue එක තමයි first appearance එක අරන් තියෙන්නෙ. එ Predator movie එකෙන් පස්සෙ අවුරුදු දෙකකට පස්සෙ 1989 දි තමයි Dark horse Comics වලින් publish කලේ. Predator movie එක famous වීමත් එක්කම comics series එකත් famous උනා. 
Predator සාමාන්යෙන් ජීවී ග්රහලෝක වලට ගිහින් Hunting කරලා ඒ මැරුන ජීවින්ගෙ Trophies හෙවත් සිහිවටන එකතු කිරීමක් කරනවා. ඒක Ranking වලටත් බලපාන දෙයක්. ඒක හින්දම තමන් Hunt කරපු Trophies තියගන්න වෙනම room එකක් හැම Hunter කෙනෙක්ටම වගේ තියෙනවා. Predator the Hunter කියලා කියන්නෙ නිකමට නෙවෙයි.

Predator ගැන තව ගොඩාක් කරුනු තියෙනවා කියන්න. හැබැයි ඒක එක post එකකින් කරන්න බැරි හින්දා තමයි අපි post series එකක් ඔය කට්ටියට දෙන්නෙ. ඒක හින්දා අපිත් එක්කම රැදී ඉන්න. Only on Comic Script
Copyright
2018 Dark Horse Characters, Inc.
All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this website are for identification purposes only.
2014 - 2018© CS Corp All Right Reserved
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates