LATEST :

Friday, September 7, 2018

මාවල් විශ්වයේ නැවුම් ආරම්භය


මාවල් විශ්වයේ නැවුම් ආරම්භය
ගොඩ දවසකින් ලිපියක් ලිව්වේ නැති නිසා ඔන්න ලියන්න ගත්තා, හැබැයි මේක ලිපි මාලවක පලවෙනි ලිපිය. ඉතින් කට්ටිය කොමික් කියවනවනම් ඔයගොල්ලෝ දන්නවා ඇති මාවල්ලා 2015 දී තමන්ගේ ප්‍රධාන යුනිවර්ස් එක රීබූට් කලා All-New, All-Different කියලා, කොහොම නමුත් ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් විදිහට ඉදිරිපත් කරන්න මාවල් කොමික්ලා කටයුතු කළා. උදාහරණයක් විදිහට සිවිල් වො ඓඓ එකේ අන්තිමට ටෝනිට කෝමා එකක් නිසා රිරී විලියම් අයන් හාට් උනා, ඩොක්ටර් ඩූම් ඉන්වසිබල් අයන් මෑන් උනා. ඒ වගේම ජේන් ෆොරස්ට් තෝර් උනා වගේම X-23 වුල්වරින් බවට පත් උනා, ඔය වගේ මාවල්ලා තමන්ගේ ප්‍රධානම චරිත කිහිපයකගේම චරිත ලක්ෂණ වෙනස් කලා.ඉතින් ඔන්න ඕකට සමහර ෆෑන්ස්ලා වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. කොහොම නමුත් ඔන්න මාවල්ලා ආයේමත් තමන්ගේ කොම්ක් වලට Fresh Start (නැවුම් ආරම්භයක්) එකක් දීලා වැඩේ ආයෙමත් පටන් අරගෙන තියෙනවා



මේ අවුරුද්දේ මැයි මාසේ ඉදලා තමා මේ relaunch එක පටන් ගත්තේ, ඉතින් මේ relaunch එකෙන් පස්සේ මම දැකපු දෙයක් තමා මාවල්ලා තමන්ගේ සුපුරුදු ප්‍රධාන චරිත උන අයන් මෑන්, කැප්ටන් ඇමරිකා, තෝර්, හල්ක්, ස්පයිඩර්-මෑන් වගේ චරිත වලට සුපුරුදු Classic චරිත ලක්ෂණ දීලා තියෙනවා කියන එක. ඒ වගේම අලුත් සීරීස් වලින් මීට කලින් නොකියපු හරි අපූරු Storyline කිහිපයක්ම තියෙනවා. ඒ වගේම මාවල්ලා ගොඩ කාලේක ඉදන් කුඩම්මගේ සැලකිලි දක්වපු Fantastic Four ලට අලුත්ම සීරීස් එකක් දීලා ආපහු ගෙනල්ලා තියෙන එක. ඒ වගේම අපේ ඇවෙන්ජර්ස්ලට (බයවෙන්න එපා මම කථාව Spoil කරන්නේ නෑ) අමුතුම සිදු වීම් වලට මුහුණ දෙන්න වෙනවා. ආ ඔයගොල්ලන්ට මාවල් විශ්වයේ ඉතිහාසය ගැන අලුත්ම තොරතුරු ටිකකුත්, විශේෂයෙන්ම ඇයි Earth-616 යේ විකිරණශීලී බවින් වැඩි වීරයෝ ඉන්නේ කියලා හොයාගන්න ඕනෙනම් අලුත් ඇවෙන්ජර්ස් සිරීස් එක කියවන්නම වෙනවා. ඊට අමතරව අපේ පීටර් පාකර්ගේ ජීවිතේ එයාට අමාරුම කාලයක් තමා මේ ගෙවිලා යන්නේ. ඉතින් ඔන්න ඔය වගේ හරි අපූරු Storyline ටිකක් කියවන්න පුලුවන් අලුත් කොම්ක් සිරීස් ටික කියෙව්වොත්. ඔය වගේ ප්‍රධාන ඒවට අමතරව Ant-Man and Wasp, Black panther vs Deadpool, Iceman, Spider-Geddon, Infinity Wars වගේ Limited සීරීස් කිහිපයකුත් Annouce කරලා තියෙනවා Marvel ලා. ඒ වගේම One-Shot කොමික් කිහිපයකුත් ඉදිරියට එන්න තියෙනවා. ඉතින් මම අද ගෙනාවේ මේ ලිපි මාලාවේ හදුන්වාදීමේ ලිපිය, ඉස්සරහට අපි මේ සීරීස් ටිකේ ස්ටොරිලයින්ස් ගැන වෙනවෙනම කතාකරමු, ඊට කලින් දැනට මේවගෙන් ඇවිල්ලා තියෙන්නේ බොහෝම පොඩි Issues ටිකක් විතරක් නිසා අනිවාර්‍යයෙන්ම හොයාගේන කියවන්න බලන්න. ඒ වගේම මේ Post එක ඔයාගේ කොමික් වලට කැමති අනිත් යාලුවන්ටත් පේන්න Share කරන්න. මේ වගේ අලුත්ම කොමික් සම්භන්ධ දේවල් ගැන හරියටම දැනගන්න එකතු වෙන්න Comic Script එකත් එක්ක එහෙනම්. එහෙනම් මේ වගේ තවත් ලිපියකින් හමුවෙනතුරු ජයවේවා !!
All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this article is for identification purposes only.
2014 - 2018© CS Corp All Right Reserved

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates