LATEST :

Thursday, April 12, 2018

Marvel's Spider-Man PS4 Videogame

Spider-Man Swing in New York. (Image by GAMEINFORMER)

මේ දවස් කිහිපය මාවල්ලට බොහෝම සරු කාලයක් නේ, මාවල් ෆෑන්ස්ලා උජාරුවට කතා කරනකොට කවුරු හරි මාවල් ගේම් ගැන ඇහුවාවනම් ඔන්න මාවල් ෆෑන්ස්ලගේ මූණ ඇඹුල් වෙනවා.හැබැයි ඔන්න ඒ තත්වේ වෙනස් වෙන්නයි යන්නේ.ඒ වෙන මුකුත් නිසාවත් නෙවෙයි මේ අවුරුද්දේ සැප්තැම්බර් 8 වෙනිදා Release වෙන්න තියෙන Marvel’s Spider-Man PS4 Video game එක නිසා.මීට කලිනුත් අතේ ඇගිලි ගානටත් වඩා ස්පයිඩිගේ ගේම්ස් ඇවිල්ලා තියෙනවනේ.ඒ ආතරින් සාර්ථක් වෙන්න පුලුවන් උනේ ගේම්ස් කිහිපයකට විතරයි ඒත් ඒකට හේතු කිහිපයක්ම තිබුනා.මේ ආපු ගොඩක් ගේම්ස් ඩිවර්ලොප් ( විනාස ) කලේ Activation ලා.හැබැයි 2014 දී මේ ගිවිසුම අවසන් උනත් එක්කම මාවල්ලට ආයෙත් තමන්ට ස්වාධීනව තමන්ගේ චරිත යොදාගන්න අවස්ථාව හම්බවෙනවා.කොහොම නමුත් මේකේ ප්‍රථිපලය තමා මේ වෙනකොට මාවල් ලා සුප්‍රසිද්ධ ඩිවලොපස්ලා එක්ක තමන්ගේ ගේමින් පැත්ත ඩිවලොප් කරන්න පටන් ගත්ත එක.හරි අපි හැරෙමු අපේ කථාව පැත්තට, කොහොමින් කොහොමින් හරි ඔන්න මේ වෙනකොට Marvel Entertainment, Sony Interactive Entertainment සහ Insomniac ලා එකතු වෙලා මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා අතිශයින්ම සුපිරි ගේම් එකක්.නිකන් නෙවෙයි ස්පයිඩර් මෑන් ෆෑන් කෙනෙක් (මම වගේ ) කෙනෙක්ට ඇත්ත ජීවිතය තුල ස්පයිඩි කෙනෙක් වෙන්න පුලුවන් මට්ට්මේ ගේම් එකක් තමා මේ පාර අපිට Play කරන්න ලැබෙන්නේ 
මෙහෙමයි Game play Footage එකක් විතරයි අපිට තාම දකින්න ලැබුනේ, ඒ වගේම මීට දවස් කිහිපයකට කලින් Gameinformer ලා තව පොඩි ගේම්ප්ලේ එකක් දාල තිබුනා, ඉතින් මේක Open-World කැටගරි එකට වැටෙන ගේම් එකක් වගේම අපිට අනිත් කිසිම ගේම් එකක දකින්න නොලැබුන තරන් ලොකු Details එක්ක New York වල ලොකු මැප් එකක් දකින්න ලැබේවි ( ගේම් එකේ Sandbox Mode එකක් ඇති කියලා නිල වශයෙන් ආරංචියක් තාම නං නෑ, හැබැයි මේ වගේ ගේම් වල බොහො විට Sandbox Mode තියෙන නිසා මේකේත් තියෙයි කියලා හිතාගන්න පුලුවන් බොහෝ විට ) කියලා තමයි කියන්නේ දැනට.තාම අපිට ගේම් එකේ Story line එක යන්නේ කොහොමද කියලා තක්කෙටම කියන්න බෑ, ඒ උනාට අපිට ගේම් එකේ Main- Villain විදිහට මීට කලින් ගේම් එකකදිවත් (චිත්‍රපටියකදිවත්) දකින්න නොලැබුන් අපූරු වගේම පට්ටම විලන් කෙනෙක්ට විරුද්ධව තමා සටන් විදින්න වෙන්නේ.ඒ ඉතින් වෙන කවුරුවත් නෙවෙයි Martin li නැත්නම් Mister Negative තමා දකින්න ලැබෙන්නේ.ඒ වගේම අපිට අපේ Kingpin නැත්නම් Wilson Fisk දකින්න ලැබෙන්යි.කොහොම උනත් මීට අමතරව අපිට Mary Jane ගේම් එකේ ප්‍රධානම කැරැක්ටර් එකක් විදිහට දකින්න හම්බෙනවා විතරක් නෙවෙයි අලුත්ම තොරතුරු වලට අනුව MJ Playable Character එකක් විදිහට ගේම් එක ඇතුලේ.
Peter Parker and Mary Jane Watson (Image by Official PS Web Site) 
මීට අමතරව සුපුරුදු විදිහට Aunt May වත් අනිවාර්‍යයේන්ම දකින්න හම්බෙනවා.ඊට අමතරව තවත් වැදගත් චරිතයක් අපිට දකින්න ලැබුනා. ඒ තමා Mils Morals, ඒත් වැඩේ තියෙන්නේ තාම අපිට මයිල්ස්ට මේ ගේම් එක ඇතුලේ තියෙන්නේ කොයි වගේ පසුබිමක්ද කියන එක නම් පැහැදිලි නෑමේ ගේම් එකේදි අපිට මීට කලින් ස්පයිඩ මෑන් ගේම් එකකදි දකින්න නොලැබුන ගේම්ප්ලේ එකක් දකින්න ලැබෙන්නේ කියලා මම මුලදිම කිව්ව මතක ඇති.ඒ කිව්ව වගේම මේකේදි අපිට කලින් නොලබපු අත්දැකීමක් මේ ගේම් එකෙන් ගන්න පුලුවන් වෙයි.මොකද කලින් ගේම් වල තිබුන ලොකුම අවුලක් තමා ස්පයිඩිගේ Web Controlling අවුල් කියන එක (Ultimate Spider-Man Video game එක ගහපු අය දන්නවා කන්න උන කට්ට ගේම් එක ප්ලේ කරන කොට ) ඒත් මේකෙදි අලුත්ම වගේම වෙනස්ම Webbing System එකක් වගේම අපිට ස්පයිඩිගේ අලුත්ම Skills දකින්න ලැබෙයි.Insomniac ලා කියන විදිහට මේකේ ඉන්න වයස 23 ක් උන අත්දැකීම් බහුල Peter කෙනෙක් තමා ඉන්නේ කියන එක.ඒ නිසා අපිට පීටර්ගේ පුලුල් Knowladge එකත් මේකෙදි දකින්න ලැබෙයි.Costume ගැන නම් සෑහෙන්න සතුටු ආරංච් දැනටම දැනගන්න ලැබිලා තියෙනවා. ඒ තමා Movie Inspired/Classical Kits ඇරුනහම තවත් ගේම් එකටම Exclusive Costumes අපිට දකින්න ලැබෙයි.
හරි අපිට දැනගන්න ලැබුන ආරංචි වලට අනුව ගේම්ප්ලේ එකේදී Avengers Tower එක, Sanctum Sanctorum එක වගේම Wakandian Embassy / එකත් දකින්න ලැබුනා කියලා තමා කියන්නේ, ඊට අමතරව Taskmaster ඉන්න Side Mission වගේම Black Cat DLC එකකුත් රිලීස් වෙයි කියලා නිල නොවුන තොරතුරු කියන්නේ.කොහොම උනත් මේක PS4 ගේම් එකක් නිසා අපිට අනිත් System වල මේක ප්ලේ කරන්න බැරි වෙයි.මේක PS4 Pro සිස්ටම් වලදි 4K Up scaling Support කරනවා වගේම 30fps Lock කියලා සොනිලා කියලා තියෙනවා.ඒක අවුලක් වගේ දැනුනට ඉදිරියේදි එන්න තියෙන PS5 සිස්ටම් එකෙදී Natural 4K වගේම 60fps එකට ගේම අප්ග්‍රඩ් එකක් දෙයි කියලා අපිට හිතාගන්න පුලුවන්
ඒ වගේම 2019 දී මාවල්ලා තවත් ගේම් එකක් රිලීස් කරන්න් බලා පොරොත්තුවෙන් ඉන්නවා Square Enix (Final Fantasy, Tomb Raider, Deus Ex, Hitman, Just Cause) ලත් එක්ක.මෙන්න මෙතෙන්දී අපිට පොඩි ගැටලුවක් එනවා, ඒ තමා මේ Spider-Man ගේම් එකේ ඇවෙන්ජස්ලා ඉන්නවනම් (මොකද ඇවෙන්ජස් ටවර් එකේත් ඇතුලු තමත් වැදගත් තැන් තියෙනවනම්) මේ මාවල්ලා 2019 රිලීස් කරන ගේම් එතක් එකම් Universe එකකද, ඒ කියන්නේ මාවල්ලා Marvel Cinamatic Universe එක වගේම තමන්ටම කියලා Gameing Universe එකකුත් හදන්නද යන්නේ, ඔගොල්ලන්ට මොකක්ද හිතෙන්නේ ? මම ඊලග ලිපියෙන් මේ ගැන තමා ලියන්න බලාපොරොත්තු වෙන්නේ.ඉතින් ඊලග ලිපියෙන් හම්බෙනකන් ඔබට ජය!!.

#Parker

© 2018 MARVEL.© Sony Interactive Entertainment Europe LLC. Developed by Insomniac Games.All Marvel Characters and the distinctive likeness(es) thereof are Trademarks & Copyright © 1941 - 2018 Marvel Characters, Inc.2014 - 2018 © CS Corp
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates