LATEST :

Monday, October 9, 2017

Spider Man Homecoming Short Movie Review


අපි කවුරුත් ගොඩාක්ම ආස කරන කොමික් චරිතයක් තමා මේ Spider-Man කියන්නේ,ලෝකේ බිහි වුන ප්‍රබන්ධ චරිත අතරේ ජනප්‍රියම වගේම අසමසම චරිථයක් තමා මේ ස්පයිඩ-මෑන් කියන්නේ.කොහොම නමුත් මේ අවුරුද්ද ස්පයිඩි ගේ ෆෑන්ලට වගේම කොමික් රසිකයන්ටත් බොහෝම වැදගත් වසරක් වුනා.ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මේ අවුරුද්දේ තිරගත උන චිත්‍රපටි ඒ ඒ විශ්වයන්ගේ Standalone කොමික් චිත්‍රපට කරලියට පැමිනීම.කොහොම නමුත් මේ ස්පයිඩර් මෑන් චිත්‍රපටිය නිකම්ම නිකම් ස්පයිඩර් මෑන් චිත්‍රපටියක් නෙවේයි.මේක තමා Spidey ගේ පළවෙනි Standalone, Marvel Cinematic Universe Entry එක. 1996 දී මාවල් කොමික් ආයතනය බංකොළොත් උනහම මාවල්ලා තමන්ගේ ජනප්‍රිය චරිථ වල Live Action අයිතිය වෙනත් චිත්‍රපට සමාගම් වලට විකුනපු කථාව අපි හැමෝම දන්නව නේ ඉතින්.මේ අතරින් ස්පයිඩර් මෑන් ගෙ අයිතිය ලබා ගත්තේ Sony Motion Pictures ආයතනේට අයත් වූ Colombia Pictures කියන ජනප්‍රිය ආයතනය. ඉතින් මේ Sony ආයතනය නිර්මාණය කරපූ Spider Man චිත්‍රපටි 5ක් අපිට මීට කලින් දකින්නට හම්බුනාට ඒ අතරින් සාර්ථක උනේ Sam Raimi ගේ Spider man චිත්‍රපට ත්‍රිතවය විතරයි. කෙසේ නමුත් ඔහුගේ චිත්‍රපට ත්‍රිත්වයම ආදායම් අතින් සාර්ථක උනත් ඒ අතරින් රසික ආදරය දිනා ගන්න හැකි උනේ ඔහුගේ මුල් චිත්‍රපට ද්විත්වයට පමණයි.ඒ අතරිනුත් Spider-Man 2 කියන්නේ කොමික් ඉතිහාසය තුල බිහි වුන අති සාර්ථකම චිත්‍රපටයක් වගේම Box Office මෙන්ම විචාරක පැසසුම් නොමදව ලැබුනු චිත්‍රපටියක්. නමුත් මුල් චිත්‍රපටි දෙකෙන් පස්සේ මේ Spider Man හා ඊට අදාල චරිත වල ජනප්‍රියතාවය එන්න එන්න නැතිවෙලා ගියා. පසුව නිර්මාණය උන Amazing Spider Man චිත්‍රපට දේකේ අසාර්ථකත්වය පසුව එම තත්වය වටහා ගත් Amy Pascal ඇතුලු සෝනි ප්‍රධානීන් අවසානයේදී Marvel Studio ව සමග එලබුනු ගිවිසුම නිසා තමයි අපිට Spider-Man ව MCU එකේ දකින්න ලැබෙන්නේ කියලා අපිත් එක්ක හිටපු අපේ මිත්‍රයෝ නම් දන්නවා ඇති.ඉතින් මම මේ චිත්‍රපටිය ගැන කියන්න කලින් මේ පසු කථාව කිව්වේ ඒක කෝකටත් හොද නිසා.ඉතින් අපි දැන් හැරේමු අපේ Movie review එක පැත්තට.
Spider Man නැත්නම් මේ Peter Parker කියන චරිතය අපිට මුලින්ම MCU එකේ දකින්න ලැබේන්නේ Captain America: Civil War චිත්‍රපටියෙන්. මාවල් ආයතනය තමන්ගේ සුපුරුදු චරිත නිර්මාණය යොදාගේන අපි සිනමාව තුල කිහිපවරක් දැකපු මේ චරිතය නැවත වරක් නැවුම් ව සිනමාව තුර ප්‍රථිනිර්මාණය කරලා තිබුනේ අපිට කොමික්වල දකින්න ලැබුනු නියමම Spider Man ව සිනමාව තුලදී දකින්නට සලස්වලා.සාමාන්‍ය Cameo එකකට වඩ වැඩි දෙයක් අපිට Civil War චිත්‍රපටියේන් දකින්න ලැබුනා වගේම ඊට පස්සේ ඔහුව අපි දකින්නේ ඔහුගේම චිත්‍රපටියකින්.


The Review:
මේ පාර අපිට දකින්න හම්බෙන්නේ ටිකක් වෙනස් කෝණයකින් ඉන්න පීටර් කෙනෙක්. Avengers ලා බිහි උනු ලෝකෙකට Radioactive මකුළුවෙක් කාපු කොලුගැටයෙක්ව Set වෙන්නේ කොහොමද කියන එක තමා මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ. මේ චිත්‍රපටිය MCU රසිකයෙක්ට වගේම Spider-Man චිත්‍රපටියක් පලවෙනි පාර බලන කෙනෙකුට උනත් තේරුම්ගන්න පුලුවන් විදිහට නිර්මාණය කරලා තියෙන එක විශේෂත්වයක්.(ඒ වගේම කොමික් කියවන ඒ ගැන දන්න සමහර Point Meter උන අයට ඒක පාරට Geek Out උන එක ගැන ආයේ අහන්න දෙයක් නෑනේ).ඔරිජින් එකක් දීල නොතිබුනත් චරිත නිර්මාණකරනයේ තිබුන උසස් බව නිසා ඊට අදාල චරිත පසුබිම ඉතාමත් හොදට නිර්මාණය කරලා තිබුනා.පාසල් පසුබිම වගේම මිත්‍රත්වය,ආදරය(අපේ පීටර් කොලුවගේ පලවෙනි Crush ඒක) වගේ දේවල් එක්ක හාස්‍ය ගොඩක් හොදට ගොඩනගලා තියෙනවා කියලත් කියන්න ඕනේ.ඒවගේම චිත්‍රපටිය පුරාවට කොමික් පාදක දේවල් බොහෝම යක් දකින්න ලැබුනා වගේම චරිත හැම එකක්ම කොමික් අනුසාරයෙන් මනාවට නිර්මාණය කරලා තිබුනා.අපිට ස්පයිර්-මෑන් කොමික් වල වගේම ස්පයිඩර් වර්ස් එකට අදාල සමහර චරිතත් දකින්න ලැබුන එකනම් ඇත්තටම ලොකු දෙයක්. මේ ස්පයිඩර් මෑන් හා චරිත ගොඩක්ම සමීප වෙන්නේ Marvel Ultimate Universe එකට.ඒ අනුසාරය අපිට ගොඩක්ම බලා අන්න පුලුවන්.ඒ වගේම අපිට මේ චිත්‍රපටියෙදී තමා පීටර්ගේ නියමම චරිත ලක්ශණ දකින්න පුලුවන් වෙන්නේ. චිත්‍රපටිය ගැන ගොඩක් අය මුලින් හිතුවේ මේක නිකන් Iron Man 4 වගේ වෙයි කියලා.ඒ උනාට චිත්‍රපටිය බැලුවනම් ඕගොල්ලන්ට තේරුම් යනවා ඇති ටෝනි මේ චිත්‍රපටියට කොච්චර වැදගත් චරිතයක් ද කියලා වගේම ඔහුට තිබුනේ කොච්චර පොඩි Screen Time එකක්ද කියලා.ඒ වගේම Tony මේ චිත්‍රපටියට Mentor කෙනෙක් වගේම පීටර්ට නිකන් ඔහු පියෙක් වගේ.ඔගොල්ලෝ Iron Man 2 බැලුවනම් මතක ඇති ටෝනි තමන්ගේ පියාට දක්වපු ආකල්ප ගැන,ඒ වගේම හෝම්කමින් වල එක තැනකදී ටෝනි පීටට කියනවා නේද "God, I Sound like my Father කියලා ,පොඩ්ඩක් හිතන්න ටෝනිට මොන වගේ දෙයක් එවලේ තමනුත් තමන්ගේ පියා ගැන වගේම තමන්ගේ පුතා වගේ ඉන්න පීටර් ගැන දැනෙන්න ඇද්ද කියලා.මම ඒ ගැන වැඩිය කියන්නේ නැත්තේ චිත්‍රපටිය නොබලපූ මිත්‍රයන්ට ඒකෙන් රසවින්දනයට බාධාවක් වෙන නිසා.අපිට ස්පයිඩර් මෑන්ගේ Suits කිහිපයක් දැකගන්න පුලුවන්, ඒ හැම එකක්ම කොමික් වලට ඉතාම සමීප ඒව කියලා බැලූ බැල්මටම අපිට කියන්න පුලුවන්. ඒ වගේම ඒ Suits වල අපි අනිත් චිත්‍රපටිවල නොදැකපු ලක්ශණ ගොඩක්ම දැක්කා කියලත් කියන්න ඕනේ.


මේ පාර හිටපු දුශ්ඨ Vulture මාමා ඒ නමේ නියමම අර්ථය ගේන විදිහට නිර්මාණය කරලා තිබුනා විතරක් නෙවෙයි වැදගත්ම දේ උනේ MCU එකට ගැලපෙන විදිහට ඒ චරිතය නිර්මාණය කරලා තිබුන එක.කොහොම නමුත් Spider-Man ඉතිහාසේ Live Action චිත්‍රපටියක බිහි උන අමතක නොවන Villain කෙනෙක් කියලා අනිවාර්‍යයෙන්ම කියන්න ඕනේ. අහා තව දෙයක්, මම නම් පුද්ගලිකව දැකපු හොදම Live-action Spider-Man තමා Tom Holland.ස්පයිඩිගේ කොම්ක් රසිකයෙක් නම් අනිවාර්‍යෙන්ම මාත් එක්ක එකග වෙයි ඕගොල්ලෝ.ඔහු ඉතාමත්ම විශිෂ්ඨ විදිහට තමන්ගේ චරිතය රගපානව විතරක් නෙවෙයි, Tobey, Andrew කියන දෙන්නගෙම ස්පයිඩර් මෑන් වගේම ඔහුගේම ස්පයිඩර් මෑන් චරිත ලක්ශන හරි අපූරුවට අපිට බලන්න පුලුවන්. මෙ චිත්‍රපටයට ටිකක් බැනුම් අහන්න උනා.ඒකට හේතුව උනේ අපිට අපේ භාශාවෙන් කියන "පට්ට ෆයිට්" එකක් බලාගන්න බැරි උන එක.ඒකනම් මටත් ටිකාක් විතර දැනුනා. ඒකට ප්‍රධාන විදිහට බලපාන්න ඇත්තේ චිත්‍රපටියේ Trailer වලින් මේකේ මුලු Fight එකම Spoil වෙලා තිබුන එක බව තමා අපේ මතයනම්.මොකද ගැටලුව උනේ ගොඩාක් Fights ට්‍රලර් එකේ තිබුන නිසා ඒකේ අලුත් කොටසක් රසිකයෝ නොදැකපු එක.


කෙසේ වෙතත් මේතෙක් නිර්මාණය උන ස්පයිඩර් මෑන් චිත්‍රපට අතර කෑපී පෙනෙන වගේම නැවුම් අත්දැකීමක් මෙවර මේ හොම්කමින්ග් චිත්‍රපටයෙන් අපේ කොමික් රසිකයන්ට දුන්න වගේම මේක සාර්ථක සිනමා නිර්මාණයක් කියලා අපිට බය නැතුව කියන්න පුලුවන් . ImbD දර්ශකයේ ලකුණු 7.7/10 ලබා ගෙන වගේම Box Office අදායම් වාර්තාවන්ගේ ලොව පුරා $ 877 ,580 ,061 වැනි ඉහල ආදායමක් ලබාගෙන තියෙන්නේ ස්පයිඩර් මෑන්ට කොමික් අනූසාරයෙන් උපරිම සාධාරනයක් කරපු ස්පයිඩර්-මෑන් චිත්‍රපටිය විදිහට.කොහොම උනත් Avengers Infinity War සහ Untitled Avengers 4 වලින් ස්පයිඩිව බලා ගන්න පුලුවන් කියලා මේ වෙද්දි නිවේදන කරලා තියෙනවා.ඒ වගේම 2019 දී තවත් Standalone ස්පයිඩර් මෑන් චිත්‍රපටියක නිවේදනය කරලා තියෙනවා.කොහොම උනත් මේ වෙද්දි කියලා තියෙන විදිහට 2020 දී මේ Marvel - Sony සුසංයෝගය අවසන් වෙන බව තමා කියන්නේ.ඒත් විචාරකයෝ කියන විදිහට නම් ටොම් ගේ ස්පයිඩි තමා MCU එකේ අනාගතය වෙන්නේ.කොහොම නමුත් අනාගතයේදී අපිට Spidey ගේ තවත් බොහෝම හොද නිර්මාණ බලා ගන්න පුලුවන් වෙයි. මම අද මේ ගෙනාවේ බොහෝම කෙටි රීවිව් එකක්. මට මේ රීවිව් එක ලියද්දී ම් ලිපියේ අඩුපාඩු පෙන්නලා දීලා තවත් කරුනු එක් කරමින් සෑහෙන හොද ලිපියක් කරපු අපේ ඇඩ්මින් #Tony වත් බොහෝම ස්තූතිවන්තව මතක් කරනවා. කෙසේ වෙතත් ඉදිරියේදී CS එකෙන් ඔගොල්ලන්ට නැවුම් අත්දැකීම් කිහිපයක් ලබා දෙන්න අපේ ඇඩ්මින් වරු මේ දවස් වල කටයුතු සම්පාදනය කරමින් ඉන්නවා.ඉතින් තවත් මේ වගේ ලිපියකින් ඔගොල්ලන්ව දකින බලපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.ජය වේවා !

Sunday, June 18, 2017

Ant Man



මන් අද කතා කරන්න යන්නේ තවත් පුංචි ඩෑල් එකක් ගැන.. හැබැයි පුංචි උනත් වැදගත් මාවල් සුපර්හීරෝ කෙනෙක්. ඒ තමා ඈන්ට් මෑන්. මාවෙල් යුනිවර්ස් එකේ ඈන්ට් මෑන් කියන නම භාවිතා කරපු දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ඈන්ට් මෑන් ෆිල්ම් එකේ අපිට දකින්න හම්බෙන දෙවෙනි ඈන්ට් මෑන් වන ස්කොට් ලෑන්ග් සහ මේ ලිපියට පාදක වෙන ඈන්ට් මෑන් චරිතය විදිහට මුලින්ම එලියට ආව හෑන්ක් පිම්. හෑන්ක් පිම් එහෙමත් නැතිනම් Dr. Henry Jonathan "Hank" Pym කියන්නේ. හෑන්ක් පිම් කියන්නේ උපතින්ම දක්ෂයෙක්. විවිධ විෂයයන්ගේ ප්‍රවීණයෙක්. සරලව කියනවා නම් මාවල් යුනිවර්ස් එකේ බුද්ධිමත්ම පුද්ගලයන් අතරින් දෙවෙනියා. (සමහරක් අය කියනවා හැබයි ඩොක්ටර් ඩුම් දෙවෙනියා, හෑන්ක් තුන්වෙනියා කියලත්). පිම්ගේ පලවෙනි බිරිඳ තමා Maria Trovaya. ගොඩක් සුපිරිවීරයන්ගේ බිහිවීමට සමීප කෙනෙක් ගේ අභාවය හේතු වෙනවා වගේ පිම් ගේ ජිවිත කතාව වෙනස් කරන්නේ මාරියා ගේ ඝාතනය.

හෑන්ක් පිම් ගේ පර්යේෂණ අතර වැදගත්ම සොයා ගැනීම වෙන්නේ ප්‍රමාණය කුඩා කරන්න හරි විශාල කරන්න හරි පුළුවන් උප පරමාණුක අංශු ප්‍රභේදයක් සොයා ගන්න එක. එයා මේ අංශු නම් කරනවා “Pym Particle” කියලා. මේ අංශු වලට පුළුවන් ප්‍රමාණය ප්‍රමාණයෙන් කුඩා වෙද්දී පදාර්ථයෙන් කොටසක් “Kosmos” කියන අන්තර් මානයට යවන්නත් ලොකු වෙද්දී ඒ අන්තර් මානයෙන් ම පදාර්ථය උකහා ගන්නත්. මේ අංශු වල ස්වභාවය අනුව කුඩා කරන්න සහ විශාල කරන්න පුළුවන් විදිහේ සේරම් දෙකක් හදාගෙන හෑන්ක් පිම් ශරීරය කුඩා කරන්න සමත් වෙනවා. ඒ අතර වාරයේදී තමයි ඈන්ට් මෑන් ගේ තවත් හැකියාවක් වෙන කුඹි එක්ක සන්නිවේදනය කරන්න හොයා ගන්නේ. ඒ එයා නිපදවන Cybernetic Helmet එක මාර්ගයෙන්. මේ හෙල්මට් එකයි ඇඟ කුඩා වෙද්දී කුඩා කරන්න පුළුවන් ආමර් එකයි හින්දා තමා හෑන්ක් පිම් මුලින්ම සුපිරි වීරයෙක් වෙන්න බලපාන්නේ (#01 පින්තුරය).

මේ අතර වාරයේ දී තමයි හෑන්ක්ට Janet van Dyne මුණ ගැහෙන්නේ. හෑන්ක් එයාගේ ශරීරය කුඩා කිරීමේ රහස ජැනට් දෙනවා විතරක් නෙවෙයි කුඩා උණාට පස්සේ තටු යුගලක් හදන්න පුළුවන් විදිහේ ජෛවරසායනික ක්‍රමයක් හොයා ගන්නවා. ඊට පස්සේ තමයි ජැනට්, Wasp විදිහට ප්‍රසිද්ද වෙන්නේ. මේ දෙන්නාගේ ආදර කතාව ගොඩක් ජනප්‍රිය උණා මේ කුඩා ප්‍රමාණය හින්දාම. ඒ විතරක් නෙවේ මුලින්ම ඇවෙන්ජර්ස්ලා පිහිටවන කොට ආරම්භක සාමාජිකයෝ දෙන්නෙක් විදිහටත් මේ දෙන්නා වැදගත් වෙනවා.

ශරීරය කුඩා කරන උත්සාහයෙන් පස්සේ හෑන්ක් ඊලඟට උත්සාහ කෙරුවේ ශරීරය විශාල කරන්න. ඒ උත්සාහය සාර්ථක උණාට පස්සේ තමයි Giant Man (#02 පින්තුරය) කියන අඩි 10 ක් විතර උස දැවැන්ත චරිතය එලියට එන්නේ. ඊට පස්සේ හෑන්ක් නපුරට එරෙහිව සටන් කරන්නේ ජයන්ට් මෑන් විදිහට. (පස්සේ කාලේක එයා ස්කොට් ලෑන්ග් ට ඈන්ට් මෑන් කියන චරිතය සම්පුර්ණයෙන්ම පවරනවා). හෑන්ක් ට තිබ්බ ලොකුම පිස්සුවක් තමයි මේ උස ප්‍රමාණය වැඩි කරන එක. Ultimate Avengers කියන ඇනිමේෂන් එක බලපු අයට නම් මතක ඇති මෙයාට උස වැඩි කරගන්න එක කොච්චර තදේට තිබ්බ ද කියන එක. වාර්තා වෙලා තියන විදිහට අඩි 100 ක් වගේ උසකටත් එක පාරක් වැඩි කරගෙන තියනවා. හැබයි මෙයාටම තේරුනා එච්චර උසක් ස්ථාවර ව පවත්වාගෙන යන්න බෑ කියලා. ඒ හින්දා මෙයා අන්තිමේ දී අඩි 12 ක වගේ උසකින් නවතිනවා. හැබයි එක පාරක් ජැනට් ව බේරා ගන්න හෑන්ක් පිම් ආපහු අඩි 25 ක් වගේ උසක් හදා ගන්නවා. ඒ Goliath (#03 පින්තුරය) කියන අලුත් අන්‍යන්‍ය තාවයකුත් එක්ක.

මේ අතර වාරයේ දී තමයි හෑන්ක් පිම් එයාගේ රොබෝ පරීක්ෂණ වලින් සාර්ථකම නිර්මාණය කරන්නේ. ඒ තමයි Ultron. එයාගේ පරීක්ෂණය සාර්ථක උණාට මේ නිර්මාණය හින්දා හෑන්ක් ගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. මොකද අල්ට්‍රෝන් තනියම හිතලා වැඩකරන මට්ටමට එනවා. එයා අවසානයේ දී නතර වෙන්නේ ලොකු විනාශයක් කරලා. අපිට මේ කතාව ඉස්සරහට එන අල්ට්‍රෝන් ෆිල්ම් එකෙන් බලා ගන්න පුළුවන්. හැබයි සිනෙමෙට්‍රික් යුනිවර්ස් එකේ දී හෑන්ක් පිම් ගොඩක් වයසක කෙනෙක්. ඒ හින්දා අල්ට්‍රෝන් හදන්නේ ටෝනි ස්ටාර්ක්. කොහොම හරි අල්ට්‍රෝන් කරපු විනාශය හින්දා හෑන්ක් පිම් මානසිකව වැටුනා. එයා ජැනට් ට ආදරේ කලත් එයා බය උණා එයා ජැනට් ට සුදුසු කෙනෙක් නෙවේ කියලා. මෙහෙම හිත හිතා පරීක්ෂණයක් කරන කොට අනතුරක් වෙලා විෂ වායුවකට නිරාවරණය වෙනවා. මේ වායුව හින්දා හෑන්ක් ගේ මනස විකුර්ති වෙනවා. එයා හිතන්නේ එයා අතින් හෑන්ක් පිම් මැරුණා කියලා. මෙයා අලුතෙන් නමකුත් ගන්නවා Yellowjacket (#04 පින්තුරය) කියලා. මෙයා ජැනට් ව පැහැරගෙන ගිහිල්ලා විවාහ වෙන්න කැමතිද කියලා අහනවා. ඇත්ත තේරුණාම ජැනට් මුලින් කැමති වෙන්නේ නෑ මේකට. ඒත් පස්සේ එයා බය උණා අකැමති උනොත් මානසික තත්ත්වය තවත් වැඩි වෙයි කියලා. පස්සේ මේ දෙන්නා විවාහ වෙනවා. හැබයි ඊට ටික කාලෙකට පස්සේ මෙයාට හොඳ සිහිය එනවා. ඊට පස්සේ මෙයා අර Yellowjacket කියන නම දිගටම භාවිතා කරනවා.

හැබයි හෑන්ක් පිම් සම්පුර්නයෙන්ම යතා තත්තවයට පත් උණා කියන්නත් බෑ. මොකද එයා සුපිරි වීරයෙක් විදිහට ජනප්‍රිය උණාට එයාගේ ආශාව තමයි විදයාඥයෙක් විදිහට ඉස්සරහට යන එක. කරන පරීක්ෂණ සාර්ථක උනත් එයාට ඕන උනේ අද්විතීය සොයා ගැනීම්. මේ හින්දාම එයා හැම දෙයක් ගැනම පැත්තකට දාලා පරීක්ෂණ ගැනම තමයි හෙව්වේ. ජැනට් එක්ක තිබ්බ විවාහය ටිකෙන් ටික දෙදරන්න පටන් ගත්තා මේ හින්දා. අනික එයා කරන පරීක්ෂණ වලට සල්ලි දුන්නෙත් ජැනට් ගේ රැකියාවෙන්. මේ අතර වාරයේ ඇවෙන්ජර් ස්ලා එක්ක මෙහයුමක් කරද්දී නියෝග වලට අවනත වෙන්නේ නැතුව මෙයාව ඇවෙන්ජර්ස්ලා ගෙන් අයින් කරනවා. ජැනට් එක්ක දික් කසාද වෙන්නත් සිද්ද වෙනවා. ඔය අතරේ නොකරපු වරදක් හින්දා මෙයා දේශද්‍රෝහියෙක් විදිහටත් හංවඩු ගැහෙනවා. ඊටත් වඩා වේදනාත්මක කාරණය උනේ ජැනට්, ටෝනි ස්ටාක් එක්ක සම්බන්දයක් පටන් ගන්න එක.

කාලයත් එක්ක හෑන්ක් නිර්දෝෂයි කියන කාරණය ඔප්පු වෙනවා. එයා ආපහු ඇවෙන්ජර්ස්ලාට ආරාධනා කරනවා. ඒත් එයා සුපිරි වීරයෙක් විදිහට එකතු වෙන්නේ නැතුව උපදේශකයෙක් විදිහට විතරක් වැඩ කරනවා. පස්සේ කාලේක අවස්ථා කිහිපයක දීම මේ තීරණය වෙනස් වෙලා අතිරේක සාමාජිකයෙක් විදිහට වැඩ කරන අවස්ථාත් අපිට හම්බෙනවා. මෙයා ජැනට් එක්ක තිබ්බ අමනාපය නැති උණාට ආයෙමත් විවාහ යෝජනවක් ගේද්දී ජැනට් එකට කැමති උනේ නෑ. හැබයි දෙන්නා ඊට පස්සේ යාලුවෝ වගේ හිටියා දිගටම. පස්සේ කාලේක හෑන්ක් එයාගේ දැනුම භාවිතා කරනවා තරුණ සුපිරිවිරයන් වෙනුවෙන් ආරම්භ කරපු Avengers Academy එකේ උපදේශකයෙක් විදිහට. ඒ අලුත් අයට එයාලගේ බලය පාලනය කරන්න මඟ පෙන්වලා.

හෑන්ක්ට ශරීරය කුඩා කරන්න සහ විශාල කරන්න තියන හැකියාවට අමතරව එයාගේ සිරුරේ පදාර්ථ ප්‍රමාණයෙන් 99.99 % ක් අන්තර් මානයකට යවලා උපපරමාණුක මානයකට ඇතුල් වෙන්න හැකියාවක් තියනවා. ඒ වගේම කුඹි එක්ක සන්නිවේදනය කරන්න පුළුවන් කමත් විශේෂ දක්ෂ තාවයක්. කලින් කියපු විදිහට මාවෙල් යුනිවර්ස් එකේ බුද්ධිමත්ම චරිතයක් වගේම දක්ෂ සටන් ශිල්පියෙක් මෙයා.

#Percy_Jackson with #Amadeus_chO

Saturday, June 17, 2017

Suicide Squad




DC යුනිවර්ස් එකේ දී අපිට හම්බෙන ගොඩක් ආයතන හෝ සංවිධාන අතරින් සුවිශේෂීම එකක් ගැන කතා කරන්න තමයි අපි යන්නේ. ඒ තමයි මරාගෙන මැරෙන කල්ලිය හෙවත් Suicide Squad එක. ඇමරිකානු රජය විසින් පාලනය කරන මේ සංවිධානය හොර රහසේ පවත්වාගෙන යන එකක්. ඒ කියන්නේ යම්කිසි රහසිගත මෙහෙයුමක් කරන්න ඕන උනාම මේ අයව යොදා ගන්නවා. මෙහෙයුම සාර්ථක උනොත් ගොඩක් වෙලාවට ඒ ගැන සඳහනක් වත් නෑ. අසාර්ථක උනොත් නාදුනන කල්ලියක් විසින් කරපු කඩා කප්පල් ක්‍රියාවක් විදිහට තමයි ආරංචිය පැතිරෙන්නේ. ඒ වගේම මේ මෙහෙයුම් වලට යොදා ගන්නේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හෝ මරණ දඩුවමට නියම වෙලා ඉන්න කට්ටියව. සාර්ථක මෙහෙයුමක් වෙනුවෙන් මේ අයට සිර දඩුවම අඩු වීමක්, තමන්ගේ පවුලේ කෙනෙක් දුරක ඉදන් බලන්න හම්බෙන එක, එහෙමත් නැතිනම් නිදහසේ ටික වෙලාවක් කැමති විදිහට ගත කරන්න වගේ දේවල් හම්බෙනවා. කොටින්ම මේකේ ඉන්න අය ජිවත් වෙලා ඉන්නවා ද නැද්ද කියන කාරණය පවා රහසක් විදිහට තියාගෙන ඉන්නේ. ඒ වගේම අසාර්ථක මෙහෙයුමක දී මේ අයට තමන්ගේ ජිවිතෙන් හරි වන්දි ගෙවන්න සිද්ද වෙනවා. මේ කණ්ඩායමට Suicide Squad කියන නම වැටිලා තියෙන්නේ ඒ හින්දා. හැබයි ආයතනය විසින් නියමිත කාලයේ දී නිදහස් කරන කල් මේ කාටවත් මෙතනින් පැනලා යන්න බෑ. මොකද මේ අයගේ ශරීරයේ තැම්පත් කරලා තියනවා Tracking Device එකක් වගේම දුරස්ථ පාලක කුඩා ප්‍රමාණයේ බෝම්බයක්. කවුරු හරි පැනලා යන්න හැදුවොත් මේක පුපුරවලා හරින්න පුළුවන්. මේ උපකරනය ඔලුවේ කොටසක, කොඳු ඇට පෙලේ වගේ විවිධ තැන්වල සවි කරලා තියනවා.

මේ ආයතනය මුලින්ම පටන් ගෙන තියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ දී. ඒ Rick Flag යටතේ ක්‍රියාත්මක වුනු අසීරු මෙහෙයුම් වලට යවන Squadron S විදිහට. හැබැයි මේ කන්ඩාන්කයේ සෙබළු තමන්ට කියා ගත්තෙ Suicide Squadron කියලා. යුද්ධ කාලයෙන් පස්සේ වෙස්මුහුණු දා ගත්ත කල්ලි (Costumed Villains) වල ප්‍රහාර මර්දනය කරන්න සහ රහසි ගත මෙහයුම් සඳහා Task Force X කියන ආයතනය පිහිටුවනවා. මේකේ වගකීම භාර උනේ Rick Flag ට. එයා යටතේ පරණ සේනාංකයේ සේවය කරපු Jeb Stuart ප්‍රධාන කරගෙන Suicide Squad ආපහු පටන් ගන්නවා. Jeb Stuart ගෙන් පස්සේ Rick Flag ගේ පුතා Rick Flag, Jr මේකේ නායකයා බවට පත්වෙනවා. හැබයි මේ ආයතනය පස්සේ කාලෙක රජය විසින් අත හැරලා දානවා.

මේ සංවිධානය ආපහු පිහිටුවන්නේ Amanda Waller මුල් වෙලා. ඒ Task Force X කියන ආයතනය යටතේ ක්‍රියාතමක වන තවත් එක් උප සංවිධානයක් විදිහට. අමන්ඩා තමයි මේ දෙකේම නායකයා උනේ. පස්සේ කාලේක Task Force X කියන එක සහ Suicide Squad කියන්නේ තනි සංවිධානයක් බවට පත් උනා. දැන් මේ නම් දෙකම භාවිතා කරනවා මේකට. මේ කට්ටියගේ මුලස්ථානය තමයි ලුසියානා ප්‍රාන්තයේ Terrebonne Parish වල පිහිටා තියන Belle Reve ගොඩ නැගිල්ල. ඇත්තමට මේක එක විදිහක හිර ගෙදරක්.

මාවල් යුනිවර්ස් එකේ ශිල්ඩ් ආයතනයත් එක්ක ගොඩක් සුපර් හීරෝ ස් එකතු වෙලා හිටියා වගේම Suicide Squad එකත් එක්කත් ගොඩක් පිරිස එකතු වෙලා හිටියා. හොඳම උදා හරණය තමයි එක පාරක් බැට්සිත් මේ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා තියනවා. හැබයි අමන්ඩාට පස්සේ මේ Suicide Squad එකේ වැදගත් සාමාජිකයෙක් ඉන්නවා. ඒ තමයි Deadshot. අමන්ඩා කියන විදිහට නම් Deadshot නැති Suicide Squad එක තවත් එක කණ්ඩායමක් මිසක් Suicide Squad එක නෙවේ. නිව් 52 වල දැනට ඉන්න සාමාජිකයෝ තමයි Black Manta, Captain Boomerang, Deadshot, Harley Quinn, Joker's Daughter, Reverse-Flash. මේ අතරින් ගොඩක් අයගේ විස්තර අපේ යාලුවෝ දැනටමත් දන්නවා. හැබයි මේ දක්වා හිටපු සේරම කට්ටිය නම් කියලා ඉවරයක් කරන්න බැරි තරම්.

ඒ හින්දා අපි මේ සේරම ගැන කතා කරන්න යන්නේ නැතුව නිව් අර්ත් සහ ප්‍රයිම් අර්ත් වලින් තෝරා ගත්තු කිහිප දෙනෙක් ගැන විතරක් ඉස්සරහට කතා කරමු. මොකද දැනටමත් CW යුනිවර්ස් එකේ දී සහ movie එකේදී අපිට ගොඩක් අයව හමුවුණා. ඒ වගේම movie එකේ sequel එකකුත් ඒවි. ඒ සේරටම අපි ලෑස්තී වෙලා ඉන්න ඕනනේ.


#Amadeus_chO

Friday, May 26, 2017

Darkseid – DC Comics



DC කියන්නේ සුපිරි villainsලගෙන් පිරුණු ලෝකයක්. ඒත් මේ වගේ විශ්වයක ඉන්න ප්‍රධාන සතුරා කවුද? අනිවා ඩාක්සයිඩ් . ඩාක්සයිඩ් කියන්නේ කොමික් වල උණු හොදම නිර්මාණයක්. ඉතින් කවුද මේ ඩාක්සයිඩ්ව නිර්මාණය කරන්නේ? ඩාක්සයිඩ්ව නිර්මාණය කරන්නේ කොමික්වල බිහිවුණු විශිෂ්ටතම නිර්මාණකරුවා. Jack ‘The King’ Kirby ඇදපු , ලියපු චරිත තමා අද ඩොලර් මිලියන බිලියන ගණන් හොයන ෆිල්ම් වල ඉන්නේ. කර්බි ගැන කතා කරනවානම් වෙනම ලිපියක් ලියන්නම ඕනේ, ඒ නිසා ඉල්ලීම් තිබ්බොත් ලියන්නම්. කොහොම හරි අවුරුදු ගාණක් මාවල් සමාගමේ හිටපු කර්බි පුංචි ප්‍රශ්න කිහිපයක් නිසා DC සමාගමට එකතු වෙනවා. ඒ එකතු වෙලා කර්බි ලියනවා The Fourth World කියලා කොමික් එකක්. මේක අද වෙනවකන් DC වලට උණු හොදම දෙයක් විදිහටයි සැලකෙන්නේ. මේකෙන් DC විශ්වය සම්පුර්ණයෙන් වෙනස් වුනා.

මේ The Fourth World එකට සම්බන්ධ කොමික් වලින් තමයි අපිට මුලින්ම Darkseidව දැක ගන්න ලැබෙන්නේ. ඩාක්සයිඩ් කියන්නේ Apokolips කියන ග්‍රහලෝකයේ ඒකාධිපති පාලකයා. ඩාක්සයිඩ් වටේ ලොකු කතාවක් තිබුනත් මන් ඒ ගැන අවධානය යොමු නොකර ඉන්නම්.

Apokolips කියන්නේ නරක සෙට් එක ඉන්න ග්‍රහලෝකයක් කිව්වොත් නිවැරදියි, මොකෝ මේකේ ඉන්නේ විශ්වයේ නපුරුම ජීවින් ටිකෙන් පිරිසක්. ඒ හින්ද මේ කට්ටියව කන්ට්‍රෝල් එකේ තියාගෙන ඉන්න වෙනම හොද සයිඩ් එහෙකුත් ඉන්නවා. මේ කට්ටිය ඉන්නේ New Genisis වල. Apokolips වල අනිත් පැත්ත. මේ දෙකේම ඉන්න පාලකයෝ සහ ඒ අයගේ පවුලේ අය new Godsල. High Father, Darkseid, Mr. Miracle, Big Barda, Orion, Metron, Desaad, Kalibak, Black Racer, Steppenwolf (ජස්ටිස් ලීග් ෆිල්ම් එකේ විලන් ) වගේ අම්බානක සෙට් එකක් ඉන්නවා. Yuga Khanට (ඩාක්සයිඩ්ගේ තාත්තා) පස්සේ බලවත්ව New God විදිහට Darkseidව හදුන්වන්න පුළුවන්.

- ඩාක්සයිඩ් හුගක් ප්‍රසිද්ධයි එයාගේ Omega Beams වලට. ඔමේගා බීම්ස් කියන්නේ හුගක් වේගෙන් ගමන් කරන ලේසර් වගේ Attack එකක්. හැබැයි මේක කොස්මික් ලෙවල් එකේ පවර් එකක්. Supermanව එහෙමත් knockout වෙනවා මේක වැදුනම. මේක වැදිලා ජිවත් වෙන්න පුළුවන් Superman, Doomsday වගේ සෙට් එහෙකට විතරයි. ඒ වගේම මේ Omega Beams වල තියෙන විශේෂත්වය තමා ඉලක්කය ගත්තට පස්සේ දුවල බේරෙන්න අමාරුයි. මොන direction එහෙකට දිව්වත් හබාගෙන එනවා. Flash level speed එකක් තියෙන කෙනෙක්ට තමා දුවල බේරෙන්න පුළුවන්.

- ඩාක්සයිඩ්ට ළමයි කිහිප දෙනෙක් ඉන්නවා. Orion, Kalibak, Grail මේ අතරින් ප්‍රධානයි.
මේ අතරින් Orion හොද කෙනෙක් කියල කියන්න පුළුවන්. මොකද ඔරියොන් ඩාක්සයිඩ්ගේ පුතෙක් උනාට හැදී වැඩෙන්නේ නිව් ජෙනේසිස් වල. කලිබැක් හුගක් powerful උනාට පුර්ණ ළමාවිය සංවර්ධනය උනේ නැති පොරක්. Grail කියන්නේ මේ ලගකදී හදුන්වා දුන් චරිතයක්. Grailගේ අම්මා ඇමේසන් කෙනෙක්. ඒ හින්ද Grail පට්ට පවර්ෆුල්.

- ඩාක්සයිඩ්ගේ තාත්තා Yuga Khan. ඩාක්සයිඩ්ට කලින් විශ්වයේ God of Evil යුගා කාන් කියල කියන්න පුළුවන්. මෙයා Source Wall එකේ හිර උනාම තමා Darkseid අපොකලිප්ස් වල පාලනය භාර ගන්නේ. ඩාක්සයිඩ්ට වඩා පවර්ෆුල් එකම නිව් ගොඩ් Yuga Khan කියල හිතන්න හේතු තියෙනවා.

- ඩාක්සයිඩ්ගේ මුලික පරමාර්ථය විශ්වයේ තියෙන Free Will එක නැති කරන්න. ඒ කියන්නේ කෙනෙක්ට තමන් කැමති විදිහට වැඩ කරන්න තියෙන හැකියාව නැති කරන්න.

- ඩාක්සයිඩ් මේක කරන්න ට්‍රයි කරන්නේ Anti-Life Equation හරහා. Anti-Life Equation එක ගැන කෙටියෙන් කියනවනම් මේකෙන් මිනිස්සුන්ගේ හැගීම් සහ මනස පාලනය කරන්න පුළුවන්. ඩාක්සයිඩ්ගේ අරමුණ ලගා කරගන්න හොදම භාණ්ඩේ මේක. DC universe එකේ අපි ජිවත් වෙන මල්ටිවර්ස් එකට අමතරව Anti-Matter යුනිවර්ස් එක තියෙනවා. සරලව කියනවනම් අපි ජිවත් වෙන්නේ Positive matter යුනිවර්ස් එහෙක.මේකේ විරුද්ධ එක තමා Anti-Matter universe. මේක නිර්මාණය වෙන්නේ Anti-Life Equation එකෙන්. ඩාක්සයිඩ් විශ්වාස කරනවා Anti-Life Equation එක ජිවිතයේ තියෙන හිස් බව පෙන්වන Mathematic Equation එකක් කියල. ඒ වගේම Darkseid විශ්වාස කරනවා පෘතුවියේ මිනිස්සුන්ගේ යටිහිතේ තමයි මේක සැගවිල තියෙන්නේ කියලා. ඒක ලබා ගන්න තමයි ඩාක්සයිඩ් හැමතිස්සෙම පෘතුවිය ආක්‍රමණය කරන්නේ.

- ඒ වගේම කියන්න ඕනේ ඩාක්සයිඩ් ඉන්නේ Multiverse එකටත් පිටින්. ඒ කියන්නේ Crisis, Flashpoint/New52 වගේ ඉවෙන්ට්ස් වලින් ඩාක්සයිඩ්ට බලපෑමක් නැහැ.

- කට්ටිය අහල ඇති Doomsday, Superman එහෙම ඩාක්සයිඩ්ව පැරද්දුව කියල. ඒත් මේක ඇත්තම නෙමේ. මොකද ඒ අය පරද්දන්නේ clone ඩාක්සයිඩ් කෙනෙක්ව. ඇත්ත ඩාක්සයිඩ් කියන්නේ අර ඉස්සෙල්ල කියපු Anti-Monitor එක්ක කරට කර සටන් කරපු කෙනෙක්. Anti-Monitor කියන්නේ DC මල්ටිවර්ස් එකේ එක යුනිවර්ස් එකක් ඇරෙන්න හැම යුනිවර්ස් එකක්ම විනාශ කරපු කෙනෙක්.ඇත්ත Darkseidව මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ New 52 එකෙන්.

- ලගදීම ආපු කොමික් වලදී අර කිව්වා වගේම ඩාක්සයිඩ් Anti-Monitor එක්ක කරට කර සටන් කරනවා. හැබැයි Black Racer (තවත් නිව් ගොඩ කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් මෙයා මරණයේ සලකුණක්. Embodiment of death. ) Anti-Monitorට උදව් කරන නිසා ඩාක්සයිඩ් මේ සටනේ අන්තිමට පරදිනවා. හැබැයි Anti-Monitor වගේ ඉතා පවර්ෆුල් කෙනෙක්ට තනියෙන් පරද්දන්න බැරි උනා කියන එකෙන් තේරෙනවා ඩාක්සයිඩ්ට ලොකු boost එකක් හම්බුනා කියල අන්තිමට ආපු කොමික් වල.

- මේ සටනේ අන්තිමට ඩාක්සයිඩ් මැරුණත් ඩාක්සයිඩ් නැවත ඉපදෙනවා. හැබැයි පුංචි දරුවෙක් විදිහට. ඉතින් Grail (ඩාක්සයිඩ්ගේ දුව) තීරණය කරනවා ඩාක්සයිඩ්ව උපතේ ඉදන් හොද පැත්තට අර ගන්න. හැබැයි මට හිතෙන විදිහට මේක වැඩ කරන එකක් නැහැ. මොකද ඩාක්සයිඩ්ගේ දුෂ්ටත්වය එන්නේ ඩාක්සයිඩ්ගෙන් නෙමේ ඩාක්සයිඩ් පාලනය කරපු Apokolips planet එකෙන්. මේ බව Presenceගේ (DC විශ්වය මැව්වේ මෙයා. DC වල බලවත්ම ජිවියත් මෙයා.) දකුණු අත වගේ ඉන්න Spectreම වරක් මේ බව සදහන් කරනවා.

- ඒ වගේම කියන්න ඕනේ ඩාක්සයිඩ් මැරුණු එකෙන් ලෝකේ හොද සහ නරක කියන දෙකේ බැලන්ස් එක නැති වෙලා මල විකාරයක් වෙනවා. ඒ කියන්නේ Darkseid කියන්නේ දුෂ්ටයෙක් උනත් ලෝකෙට අත්‍යවශ්‍යම කෙනෙක්. මොකද විශ්වයේ Balance එකට Darkseid අත්‍යවශ්‍යයි.

- මොනවා උනත් අපිට ලගදීම රිබර්ත් වලින් ඩාක්සයිඩ්ව ආයේ බලා ගන්න පුළුවන් වෙයි කියල මට හිතෙන්නේ.

-ඒ වගේම ඩාක්සයිඩ්ව අපිට ඉස්සරහට එන DC ෆිල්ම්ස් වලින් බල ගන්න පුළුවන් වෙයි. BvS එකේ අර batman දකින nightmare sequence එකේ ඔමේගා සංකේතේ ඩාක්සයිඩ්ගේ සලකුණ. ඒ වගේම ලෙක්ස් ෆිල්ම් එකේ අන්තිමට සදහන් කරන්නෙත් Darkseid ගැන.

- මේ නොවැම්බර්වල එන Justice League ෆිල්ම් එකේ ප්‍රධාන සතුරා ඩාක්සයිඩ්ගේ General කෙනෙක් වෙන Steppenwolf. එක්කෝ මෙකෙදීම හරි ලගදීම එන ෆිල්ම් එහෙක හරි ඩාක්සයිඩ් අනිවා ඉදි.

- මිට අමතරව Animation series සහ film කිහිපයක් ඩාක්සයිඩ් ඉදල තියෙනවා.

මේ විස්තර ටික දැනට ඇති කියලයි හිතෙන්නේ. ප්‍රශ්න මොනා හරි තියේ නම් අනිවා අහන්න.


#PJ

Thursday, May 25, 2017

What We Need To Know in Spider Verse - Part 1


Spider Verse කථාමාලාව සම්බන්ධ ලිපි මේ සතියේ පටන් පල කරන්න සියල්ල සූදානම් කරලා හමාරයි. කලින් ලිපියේදී අපි මේ Spider Verse එක ගැන සැකෙවින් විස්තරයක් ගෙන ආවා. Spider Verse එකේදී වෙන්න පුලුවන් ගොඩක් දේවල් ගැන පුංචි අදහසක් ඒ ලිපියෙන් ලැබෙන්න ඇති. අද අපි Spider Verse එකේදී අපි දැනගත යුතු කරුණු කිහිපයක් ගැන කථා කරනවා. මේ කථා කරන සමහරක් කරුණු සම්බන්ධයෙන් වැදගත් පුද්ගලයන් සහ දේවල් ගැන වෙන වෙනම පසුවට කථා කරන්නත් සිදු වේවි. ඒ ඒ දේවල්/පුද්ගලයන් ගැන විශේෂ තනි ලිපි අවශ්‍ය ස්ථාන වලදී ගෙන එන්නත් සූදානම්. මේ storyline එකේ අපැහැදිලි තැනක් තිබුණොත් comment කරලා අහන්න. ඒ වගේම මේ වගේ තව ඉස්සරහට ගොඩක් කථාමාලා ගේන්න අපි සූදානම්. ඒකට ඔයගොල්ලන්ගෙ ප්‍රතිචාර ගොඩක් වැදගත්වෙනවා. ඒ නිසා ඔයාලා like එකක් දාලා comment කරලා දක්වන සහයෝගය අපිට ගොඩාක් ලොකු හයියක්. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න. ඉස්සරහට කෙරෙන වැඩ වලට ඒවා ගොඩාක් ලොකු පිටිවහලක් වේවි. එහෙනම් අපි අපේ වැඩේ පටන්ගමු..


1 - What The Hell Is Going On?

 

Spider Verse සහ more Spider Men and Totems කියපු ගමන් ගොඩක් කට්ටියට මේ විදියට හිතෙන්න පුළුවන්. එක දිගටම comics කියවන්නේ නැති අයට නම් මේක එක පාරටම විකාරයක් කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් ඇත්තටම කවුරුත් හිතපු නැති විදියට මේ storyline එක ගොඩක් ජනප්‍රිය වුණා. Marvel විශ්වයේදී Totems ලෙස හඳුන්වන්නේ සත්වයන්ගෙන් බලයන් ලද දෙමුහුන් මනුෂ්‍ය/සත්ව පිරිස් වලටයි. ඔවුන්ව මනුෂ්‍ය සහ සත්ව ලෝක අතර ආධ්‍යාත්මික link එකක් හැටියටත් හඳුන්වන්නට පුළුවන්. අපි දන්නවා Peter Parker එහෙම නැත්නම් Spider Manට බලයන් ලැබුණේ radioactive spider-bite එකකින් කියලා. ඒ වගේ තවත් බලයන් ලැබුණු බොහෝ පිරිස් Marvel විශ්වයේ සිටිනවා. ඒ විතරක් නෙවෙයි තවත් බොහොමයක් totems Marvel විශ්වයේ තිබෙනවා. Black Pantherට බලයන් ලැබෙන්නේත් මේ විදියටමයි. ඒ කියන්නේ Panther Totem එකේ දෙවිවරුන්ගෙනුයි Black Pantherට බලයන් ලැබෙන්නේ. Black Panther ගැන ඉදිරියට ලියැවෙන ලිපි වලින් මේ ගැන විස්තරාත්මකව කථා කරන්න අපි සූදානම්.

Spider Manගේ දිගු කාලීන සතුරෙක් වන සහ මේ කථාමාලාවේ දුෂ්ඨයා වන Morlun කථාවට සම්බන්ධ වන්නේ මේ Spider Totem නිසාමයි. Morlun Marvel multiverse එකේ Spider-Totems සහිත සියල්ලන්ම සොයා යමින් ඔවුන්ව මරා දමමින් ඔවුන්ගේ totemic power එක ලබාගෙන තමන්ගේ ශක්තිය සහ බලය ලබා ගැනීමටයි අරමුණු කරන්නේ. මේ හැමදේම පටන් ගන්නේ Superior Spider Man කථාවේදී පිපිරුමක් වලක්වන්නට යද්දී එක්වරම අතුරුදහන් වුණු Peter Parkerගේ ශරීරය තුළ සිරවුණු Otto Octavius(Doc Ock) එහෙමත් නැතිනම් Superior Spider Man විසින් Time Travell Device එකක් මගින් යළිත් තමන්ගේ timeline එකට පැමිණෙන්නට උත්සහ කිරීමෙන් පසුව දකින සිදුවීම් සමුදායකට පසුවයි. Superior Spide Man පැමිණ තිබෙන්නේ ඔහුගේ timeline එකට නොවෙයි. ඒ වගේම ඒ වන විටත් ඒ timeline එකේ Spider Manව කවුරුන් හෝ මරා දමා තිබෙනවා ඔහු දකිනවා. Otto Octavius(Doc Ock)ගේ බුද්ධිය ගැන අපි හැමෝම දන්නවානේ. මේ නිසාම වෙලා තියෙන දේ ගැන සැක හිතෙන Superior Spider Man මේ අනිත් dimensions ගැන තේරුම් ගන්නවා. වහාම time travel device එකෙන් මේ අනිත් dimensions වලට යන Superior Spider Manට දකින්න ලැබෙන්නේ ඒ ඒ dimensions වල ඉන්න Spider Manලාත් මරා දමා ඇති බවයි. මේ නිසාම අනිත් ඉතිරි dimensions වල ඉන්න Spider-Totemsලා සියල්ලන්ම එකතු වී තමන්ට මේ සිදුවෙන්නට යන විනාශයට එරෙහිව සටන් කරන්නට තීරණය කරනවා. ඒත් මේ අයට Morlunවත් ඔහුගේ පවුලේ පිරිස( The Inheritors)නවතාලන්නට හැකිවේවිද? මේ සියල්ල පිටුපස සිටින්නේ Morlun පමණක්ද? Morlun මුළු multiverse එකේම Spider Totemලා විනාශ කරලා බලය ලබාගනීවිද?


2 - Meet The Inheritors


Morlun මේ Spider-Totems විනාශ කරන්නට පැමිණෙන්නේ තනිව නොවෙයි. ඒකට ඔහුගේ පවුලේ උපකාරයත් ලැබෙනවා. ''The Inheritors''කියන්නේ මූලිකව vampires කොට්ඨාශයක්. අපි හිතන් ඉන්න vampiresලාට වඩා විශේෂ වෙනස් කොට්ඨාශයක්. මොවුන් පැමිණෙන්නේ Earth-001 සිටයි. ඒ කියන්නේ Main Marvel Universe එක වන Earth-616 එකෙන් පරිබාහිරවයි. ඒ නිසාම තමයි මේ කතාමාලාව විශේෂ එකක් වෙන්නේ. මේ Inheritors පවුල ඉතාමත් විශාල පවුලක්. Bora, Brix, Daarroh, Daemos, Jennix, Malos, Morlun, Mortia, Naamurah, Solus, Thanis, Verna කියන ප්‍රබල සාමාජිකයන් රැසක්ම අපිට මේ කථාවේදී හමුවෙනවා. ඉදිරියට මේ හැමෝම ගැන වෙනම ලිපි වලින් වැඩිදුරට කථා කරන්න බලාපොරොත්තු වන නිසා වැඩි විස්තර ඒ ලිපි වලදී කථා කරමු.

ඇත්තටම මේ Inheritorsලාට Spider-Totems විනාශ කරන්නට උවමනා වෙන හේතුව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන එක වටිනවා. Inheritorsලාට ජීවත් වීමට ජීව සාරය අවශ්‍ය වනවා. ඒ නිසාම තමයි ඔවුන් Spider Totem සහිත ජීවීන් සොයාගොස් ඔවුන්ව මරා දමන්නේ. මේ නිසා ඔවුන්ට ශතවර්ෂ ගණනාවකට ආයුෂ ලබාගත හැකියි. මේ Spider Totem පමණක් නෙවෙයි Spider Totem වලටත් වඩා බලවත් Spider Totemic Godලාත් හඹා යනවා. Master Weaver කියන්නේත් ඒ වගේ Spider Totemic God කෙනෙක්. මේ Master Weaverව හඹා යන Morlun ඇතුළු Inheritorsලා පිරිස ඔහුව අල්ලාගෙන Master Weaverගේ බලයෙන් විශ්වයේ සියළු Spider Totems හඹා ගොස් මරා දමන්නට සැලසුම් කරනවා. මේ සැලැස්ම කෙටි සැලැස්මක් නම් නෙවෙයි. 2001 වසරේදී Spider Man comic වලදීත් Morlun Peter Parkerව මරා දමන්නට උත්සහ කරනවා. නමුත් ඒ උත්සහය අසාර්ථක වී Morlun මිය යනවා. නමුත් Inheritorsලා විසින් යළිත් පණ ලබාදෙන Morlun ටික කාලයකට Earth-616 එක මඟ හැර වෙනත් විශ්වයකට යනවා. ඒ අතරේදීයි තමන්ගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ master plan එක Morlun ක්‍රියාත්මක කරන්නේ. නමුත් Inheritorsලාගේ මේ plan එක සාර්ථක වේවිද?

#SmAsHeR

Wednesday, May 24, 2017

Abomination



මාවල් යුනිවර්ස් එකේ දී අපිට හම්බෙන ගැමා විකිරක චරිත ගැන කතා කරන ලිපි මාලාවේ අපි මීලඟට කතා කරන්න හිතුවේ Abomination ගැන. නමේ අර්ථය අනුවම මෙයා පිළිකුල් සහගත පෙනුමක් තියන කෙනෙක්. හැබැයි සාමන්‍ය මනුස්සයෙක් මේ තැනට පත් උනේ කොහොමද කියන එකට අපි මුලින්ම අවධානය යොමු කරමු.

Emil Blonsky කියන්නේ ක්‍රොයේශියානු ජාතික රහස් ඔත්තු කරුවෙක්. මෙයාට භාර උනා ඇමරිකාවේ ප්‍රධාන ආරක්ෂක කඳවුරකට රහසේ පහර දීලා විනාශ කරන්න. මේකේ ප්‍රධානියා උනේ අපි කලින් ලිපියේ කතා කරපු ජෙනරල් රෝස්. ඒ වගේම මේ කඳවුරේ තමයි ඩොක්ටර් බැනර් තමන්ගේ ගැමා කිරණ ගැන පරීක්ෂණ පැවැත්තුවේ. ඩොක්ටර් බැනර් හල්ක් උනාට පස්සේ එයාගේ මනස ගොඩක් ලේසියෙන් අනිත් අයගේ ග්‍රහණයට ලක් උනා. එහෙම එක අවස්ථාවක දී හල්ක් ලොකු විනාශයක් කරනවා. එයා ආපහු බැනර් වුන වෙලාවක තමන්ගේ අතින් සිද්ද වුනු වරද දැකලා සිය දිවි නසා ගන්න යනවා. සාමන්‍ය ක්‍රම වලින් සියදිවි නසා ගන්න බැරි හින්දා එයා කරන්නේ ගැමා බෝම්බයක් භාවිතා කරලා එකෙන් නිකුත් වෙන විකිරණ වලට නිරාවරනය වෙලා මිය යන්න.

බැනර් මේ බෝම්බය ක්‍රියාත්මක කරන්න යනකොට ඒ විද්‍යාගාරයේ බ්ලොන්ස්කි හැංගිලා ගැමා විකිරණ මගින් සුපිරි සොල්දාදුවන් බිහිකිරීම ගැන කරුණු එකතු කර කරා හිටියා. බැනර් ව නවත්වන්න ආරක්ෂක නිලධාරීන් විද්‍යාගාරයට කඩා පනින කොට බේරෙන්න ක්‍රමයක් නැති තැන බ්ලොන්ස්කි කරන්නේ බැනර් භාවිතා කරන්න හිටපු යන්ත්‍රයම ක්‍රියාත්මක කරනවා. මෙතැනදී ඇති වුනු පිපිරිම හින්දා බැනර් ආපහු හල්ක් වෙනවා. ඒ වගේම වැඩි විකිරණ ප්‍රමණයක් අවශෝෂණය කරපු බ්ලොන්ස්කි හල්ක් වගේම දැවැන්තයෙක් වෙනවා. වෙනසකට තියෙන්නේ මනුෂ්‍ය ස්වරුපයට වඩා ටිකක් විකෘති ස්වභාවයක් තමයි තිබ්බේ. මේ හින්දා තමයි මෙයාට Abomination කියන නම වැටුනේ.

මෙයාගේ සිරුරේ තිබ්බ ජාන වල විශේෂ ලක්ෂණයක් හින්දා තමයි මෙයාට ගැමා විකිරණ නිරාවරණයෙන් මැරෙන්නේ නැතුව බේරුනේ. වෙනසකට තියෙන්නේ බැනර්-හල්ක් අතර තියන මාරු වෙන්න පුළුවන් තත්ත්වයට වගේ දෙයක් නොවී සදාකලිකවම බ්ලොන්ස්කි ගේ සිරුර වෙනස් උනා. මුලින්ම මෙයාගේ ශක්තිය හල්ක් ට වඩා ගොඩක් වැඩි උණා. එයා අතින් හල්ක් මැරෙන්නම වගේ ගියා. පස්සේ මේ ශක්තිය ටිකක් අඩු වෙලා ස්ථාවර මට්ටමක නැවතුනා. ඒත් හල්ක් සන්සුන් වෙලාවේ දී තියන ශක්තියට වඩා වැඩි ශක්තියක් මෙයාට තියනවා කියලා කියන්නේ. ඒ හින්දා හල්ක් ට මෙයා පරාද කරන්න නම් ටිකක් තරහා ගන්න වෙනවා.

මෙයාත් හල්ක් ගේ ඉන්න ප්‍රධාන සතුරෙක්. ගොඩක් අවස්තා වල දී මේ දෙන්නා අතරේ ගැටුම් ඇති උණා. එක අවස්තාවක දී රෙඩ් හල්ක් අතින් මැරුණත් ආපහු සැරයක් මෙයාව ආපහු මේ ලෝකෙට ගෙනාවා.

2008 ආපු The Incredible Hulk ෆිල්ම් එකෙන් මෙයා අපිට දැක ගන්න හම්බුනා. පස්සේ කාලේක ඒ ෆිල්ම් එක MCU එකේ කොටසක් විදිහට සලකපු හින්දා හරි විදිහට නම් මෙයා ඉන්නවා වර්තමාන සිනේමැටික් යුනිවර්ස් එකේ. ඒත් අපිට හිතන්න අමාරුයි ඉදිරි කතාවලට මෙයාව භාවිතා කරයි කියලා. වෙනසකට තියෙන්නේ ෆිල්ම් එකේ දී මෙයාව ජෙනරාල් රෝස් ගේ අනු දැනුම මත එකතු කරගත්ත කෙනෙක්. ඒ වගේම එයා Abomination වෙන්නේ තමන්ගේ කැමත්තෙන්. ඒ වගේම බ්ලොන්ස්කි කියන්නේ යුධ වීරයෙක් කියන මතය ඇතිකරන්න යද්දී ශිල්ඩ් එක මැදිහත් වෙලා ඒ කාරනය වැළැක්කුවා.

මෙයාගේ හැකියාවන් ගත්තොත් ගොඩක් දුරට හල්ක් ට සමාන හැකියාවන් තියෙන්නේ. සුපිරි කාය ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව, සිරුර නැවත ප්‍රති නිර්මාණය වීමේ හැකියාව වගේ හල්ක් ගේ හැකියාවන් ගොඩක් ඒ සමාන විදිහටම තියනවා. මෙයාගේ තියනවා හැකියාවක් අධික වේදනාවක් හරි ඔක්සිජන් හිඟ තාවයක් ඇත්තටම හරි වගේ විශේෂ අවස්ථා වල දී කෝමා තත්ත්වයකට පත් වෙලා මැරෙන්නේ නැතුව ඉන්න පුලුවන්. ඒ වගේම මෙයාට ටොන් 200 ක් වගේ මට්ටමක් උස්සන්න පුළුවන්. ඇත්තටම මේක ඉහල මට්ටමේ අගයක්. කොච්චර ශරීරයෙන් විකෘති උණාට මෙයාගේ මනස තාමත් ක්‍රියාතමක වෙන්නේ බ්ලොන්ස්කි ගේ විදිහට. ඒ කියන්නේ අති දක්ෂ ඔත්තුකරුවෙක් විදිහට. උඩින් කියපු සේරමත් එක්ක මේ මානසික මට්ටම එකතු වෙලා බිහිවුණ Abomination ඇත්තටම දරුණු විලන් කෙනෙක්. හල්ක් වගේ කෙනෙක් ට විතරයි මෙයාව නවත්වන්න පුළුවන් උනේ.

#Amadeus_chO

Monday, May 22, 2017

Spider Verse - Introduction


2014 නොවැම්බර් සිට 2015 පෙබරවාරි අතර කාලයේදී Marvel Comics සමාගමෙන් පළ කරන ලද අති සාර්ථක comic කථාමාලාවක් වන ''Spider-Verse'' කථාමාලාව දිගහැරුමක් හැටියට ගෙන එන්නට අපි තීරණය කළා. Dan Slott විසින් ලියන ලද Olivier Coipel, Giuseppe Camuncoli, Wade Von Grawbadger, Cam Smith සහ Justin Ponsor විසින් චිත්‍රණය කොට වර්ණ ගන්වා නිමකරන ලද මේ Spider-Verse කථාමාලාවෙන් Marvel Multiverse එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්.

ඒ වගේම මේ story line එකේදී අපිට Spider Manලා 50කට අධික ප්‍රමාණයක් දකින්නට ලැබෙනවා. මේ Multiverse වල ඉන්න Spider Manලා ගැන දැනගන්න ලොකු ආශාවක් තිබුණ නිසාම තමයි මම මේ story line එක කියවන්න ගත්තේ. මුලදී සිදුවෙන පුංචි පුංචි කරුණු මේ කථාවට පසුව ලොකුවට බලපාන නිසා හැම කරුණක්ම දැනගෙන කථාව කියවන එකයි වටින්නේ. ඒ නිසා මේ Spider-Verse ලිපි පෙළ මාස ගාණක් දිග වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම නමුත් මේ story line එක කියවන්න ගත්තොත් ඒක නවත්තන්නෙ නැතිව දිගටම කියවන්න තරම් ආසා හිතෙනවා. ඒ නිසාම මේ ලිපි පෙළ ගොඩාක් සංකීර්ණ නොවෙන විදියට ලියන්නයි කල්පනා කළේ. ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන Spider Manලා ගැන, කථාමාලාවේ Villainලා ගැන, කථාමාලාවට සම්බන්ධ වෙන වැදගත් දේවල් ගැන මුලින්ම විස්තරාත්මකව ලිපි පෙළකින් කථා කරලා පස්සේ කථාව සම්පූර්ණවම ගෙන එන්නයි සූදානම් කරලා තියෙන්නේ. ලිපි පෙළ සම්පූර්ණයෙන් අවසන් වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ආරාධනා කරනවා. අපි මුලින්ම මේ Spider-Verse කථාවට පාදක වෙන සිදුවීම මොකද්ද කියලා කෙටියෙන් දැනගෙන ඉමු..

මේ story line එක පදනම් වෙන්නේ Inheritorsලා සහ Spider Manලා අතර සිදුවන සිදුවීම් සමුදායක් මතයි. Morlun කියන මේ කථාමාලාවේ දුෂ්ඨයා සහ ඔහුගේ පවුලේ පිරිස( The Inheritors) විසින් බලය ලබා ගැනීම සඳහා Spider Totem එකක්(Spider Manගේ මකුළු සංකේතය) සහිත සියළු දෙනා විනාශ කරන්නට දරණ උත්සාහයක් ගැනයි මේ story arc එකේ කියැවෙන්නේ. Morlun විසින් මේ පපුවේ මකුළුවෙක්ගේ සංකේතයක් සහිත පිරිස් සොයා ගොස් ඔවුන්ව විනාශකොට දමන්න හදන්නේ ඇයි? එවිට මේ Multiverse එකේ අනිත් Spider Totem එකක් සහිත පිරිස් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද?



වරක් Morlun විසින් මරණයට පත්වුණු Peter Parkerට මොහුව නවත්වා Multiverse Spidersලා බේරගන්න පුළුවන් වේවිද? Morlunගේ මේ සංහාරය නවත්වන්නට අනිවාර්යෙන් අනිත් Spidersලාගේ උදව් Peterට අවශ්‍ය වෙනවා. 616 universe එකේ Spider-Man, Spider-Man 2099, Scarlet Spider, Spider-Woman, Spider-Girl යන අයගේ උදව් වලින් පමණක් මේ සංහාරය නවත්වන්නට නොහැකි බව තේරුම් ගන්නා Peter; Marvel Ultimate Universe එකේ Miles Morales සහ Jessica Drewගෙන්ද, Marvel Comics 2 Universe එකේ May "Mayday" Parkerගෙන් පමණක් නොවෙයි Spider-Ham ඇතුළු අමුතුම universe වල Spidersලාගෙන් උදව් ලබා ගන්නවා. මේ අපේ වීරයන්ට Morlun සහ Inheritorsලා නවතාලන්නට හැකිවේවිද? එකම ජාතියේ අය නිසා එකිනෙකාට කියන දේ ඇහුම්කන්දෙන්නට Spider Totemලා කැමති වෙයිද? ආඩි හත්දෙනාගේ කැඳකැලිය වගේ අන්තිමට mission එක අනාගනීවිද? Morlun මුළු multiverse එකේම Spider Totemලා විනාශ කරලා බලය ලබාගනීවිද?? කියලා ප්‍රශ්න ගොඩක් කථාව පටන් ගනිද්දිම අපේ හිත්වලට ඇති වේවි. හැම පුංචි කරුණක්ම වැදගත් වෙන නිසා ඉතාමත් උනන්දුවෙන් මුල සිට අග දක්වාම දැනගත යුතුමයි.

ඔන්න එහෙනම් කථාවේ වෙන්න යන දේ ගැන පුංචි අදහසක් අපි අරගත්තා. ඊළඟ ලිපියේදී Spider Verse එකේ වැදගත් වෙන කරුණු සහ පිරිස් ගැන විස්තර කථා කෙරෙනවා. එතකන් Spider-Verse comic එක කියවන්න ආස අයට download කරගෙන කියවන්න පුළුවන්. ඒ වගේම මේක කථාමාලා ගොඩකට සම්බන්ධ වෙන නිසා කොමික් ගොඩක් කියවන්න වෙනවා. කියවන්න ආස අයට මේ ලිපිය අවසානයේ තියෙන link එකෙන් සම්පූර්ණ collection එකම download කරගන්න පුළුවන්. එහෙනම් What We Need To Know in Spider Verse ලිපියෙන් මුණගැහෙමු..

Spider-Verse Collection Free Download
Language : English | Year : 2014-2015 | Size : 1.5 GB
Link- http://getcomics.info/…/spider-verse-collection-free-downl…/

#SmAsHeR

Friday, May 19, 2017

General "Thunderbolt" Ross aka Red Hulk aka Rulk



කොමික් වල චරිත ගැන කතා කරද්දී අපි මුහුණ පාන ලොකුම ගැටලුවක් උනේ ඉදිරිපත් කරන්න ඕනේ පිළිවෙල මොකක්ද කියලා? ඒ හින්දා අපි ගොඩක් වෙලාවට යම්කිසි කාණ්ඩයක් මුලික කරගෙන කතා කරන්න උත්සාහ කෙරුවා. ඒ වගේ අපි ටික කාලේකට කලින් පටන් ගත්ත කණ්ඩායමක් තමයි ගැමා විකිරක චරිත. මාවල් යුනිවර්ස් එකේ මේ කාණ්ඩයට වැටෙන ගොඩක් අය ඉන්නවා. මේ අතරින් ගොඩක් අය හල්ක් ට සම්බන්ධ කම් කියන අය. අපි අද කතා කරන්නෙත් ඒ වගේ කෙනෙක් ගැන. ඒ තමයි Thaddeus E. Ross. හැබයි ගොඩක් අය මෙයා ගැන දන්නේ General "Thunderbolt" Ross විදිහට. අපි ඉතිහාසයේ ඉදන්ම මෙයා ග ගැන කතා කරමු.

Thaddeus E. Ross කියන්නේ ගෞරවාන්විත හමුදා නිලධාරීන් ලෝකෙට දායාද කරපු පවුලකින් පැවත එන කෙනෙක්. ඒ පුරුද්ද හින්දාම මෙයත් තරුණ කාලේ දීම හමුදාවට එකතු උනා. ඉක්මනින්ම හැකියාවන් පෙන්නපු මෙයා ක්‍රියාන්විත ගොඩක් සඳහා දායක වෙලා හමුදාවේ ඉහලම නිලයන් දක්වා උසස් උණා. කොච්චර දක්ෂ විදිහට කටයුතු කෙරුවාද කියනවා නම් තමන්ගේ ඉහල නිලධාරියාගේ දුවෙක් එක්කත් විවාහ වෙන්න මෙයාට අවස්තාව හම්බෙනවා. මේ දෙන්නට Elizabeth Ross එහෙමත් නැතිනම් "Betty" කියලා දුවෙක් හම්බෙනවා. තරුණ කාලේදීම බිරිඳ මිය ගියපු හින්දා රෝස් ට මේ ලෝකේ ඉතුරු වෙන්නේ බෙටී විතරයි.

මේ අතර කාලේ දී රෝස් හමුදාවේ ජෙනරාල් තනතුර දක්වා උසස් වෙනවා. එයාට Thunderbolt කියන නම වැටෙන්නත් හේතුව මේ අසීමිත කැප කිරීම්. තනතුරෙන් ඉහල ගියාට මෙයා කැමති නෑ එක තැනකට වෙලා පුටු රත් කර කර ඉන්න. ඔය අතර වාරෙයේ දී තමයි මෙයාට ගැමා විකිරණ යොදාගෙන සුපිරි සොල්දාදුවන් නිර්මාණය කරන ව්‍යාපෘතියක ප්‍රධානියා වෙන්න ලැබුනේ. මේ වැඩ සටහනේ මහා මොළකාරයා උනේ තරුණ විද්‍යාඥයෙක් වුනු Bruce Banner. පොඩි කාලේ ඉදන් තාත්තාගෙන් ඈත් වෙලා අධ්‍යාපනය ලබපු බෙටී තාත්තා එක්ක කාලේ ගත කරන්න ඇවිත් හිටියෙත් මේ කාලේ මයි. හමුදා කඳවුරක රළු පරුෂ මිනිස්සු අතරින් වෙනස් වුනු එකම පුද්ගලයා උන Bruce Banner ට බෙටී ගේ හිත ඇදිලා ගියේ නිකම්මයි. පරම්පරා ගත හමුදා නිලදාරීන් ගෙන් පිරුණු පවුලක කෙනෙක් විදිහට ජෙනරාල් රෝස් මේ සම්බන්ධයට පොඩ්ඩක් වත් කැමති උනේ නෑ. එයාට ඕන උනේ තමන්ගේ දුව උසස් හමුදා නිලධාරියෙක් ට විවාහ කරලා දෙන්න. හැබයි පරීක්ෂණය සාර්ථක කරගන්න එයාට බැනර් ගේ සහයෝගය ඕන හින්දා ත් තමන්ගේ දුවට ගොඩක් බල කරන්න කැමති නැති හින්දාත් රෝස් මේකට ලොකුවට විරුද්ධ උනේත් නෑ. මොකද බැනර් ගේ දැනුම ගැන මෙයාට ලොකු ගෞරවයක් තිබ්බා.

ඔය අතරේ තමයි පරීක්ෂණයක් අතර තුරේ දී හල්ක් කියන චරිතය ඇති වෙන්නේ. මේක තමන්ගේ පුද්ගලික වගකීමක් විදිහට සලකපු ජෙනරාල් රෝස් හල්ක් අල්ලන්න උත්සාහ දරනවා. ඇත්තටම පුටු රත් කර කර ඉදලා ඇතිවෙලා තිබ්බ රෝස් ට මේක ලොකු සහනයක් උණා මේ නොනවතින සටන කොච්චර දුරට ගියා ද කියනවා නම් මාවල් යුනිවර්ස් එකේ අසාමාන්‍යම ශක්තිය තියන හල්ක් ගේ ප්‍රධානම ප්‍රතිවාදියා විදිහට සලකන්නේ ජෙනරාල් රෝස්.
මුල්ම කාලේ දී හල්ක් සහ බැනර් කියන්නේ එකම කෙනෙක් කියලා රෝස් දැනගෙන හිටියේ නෑ. ඒත් බැනර් නැති වෙනකොට විතරක් හල්ක් පේන්න ඉන්නවා කියන සාධකය හින්දා මෙයාට සැක හිතෙනවා. පස්සේ ඇත්තම දැන ගත්තට පස්සේ මෙයාගේ පළි ගැනීම තවත් වැඩි වෙනවා. ඒකට හේතුව උනේ මෙච්චර දෙයක් වෙලත් බෙටී, බැනර් ට තිබ්බ ආදරය වෙනස් උනේ නැති හින්දා.

ජෙනරාල් රෝස් කොච්චර උත්සාහ කලත් එයාට හල්ක් ව අල්ලා ගන්න පුළුවන් උනේ නෑ. මේ හින්දාම ජෙනරාල් රෝස් ගේ හිතේ හල්ක් ගැන තරහක් තිබ්බට ගෞරවයකුත් ඇති උණා. මේක තවත් වැඩි උනේ Abomination වගේ රජයට මැදිහත් වෙලා බිහිකරපු සොල්දාදුවන් පවා විනාශයන් කරද්දී හල්ක් ඒවා නවත්වන්න උදව් කරපු හින්දා. මේ අතර වාරයේ දී හල්ක් තමන්ගේ තරහා පාලනය කරන්නත් හල්ක් උනාට පස්සේ විනාශ කාරී ගතිය අඩුකරගන්නත් පුරුදු වෙනවා. මේ හින්දම එයා බැනර් සහ බෙටී අතර විවාහයට අවසර දෙනවා. ඒත් විවාහ උත්සවය දවසේ හල්ක් ගේ සතුරන් එකතු වෙලා ආපහු බැනර් පරන විනාශකාරී සත්වයා බවටම පත් කරනවා. මෙතනින් පස්සේ ජෙනරාල් රෝස් තමන්ගේ සටන ආපහු පටන් ගන්නවා. මේ නොනවතින අරගලය ඉවර උනේ තමන්ගේ වැරදි තේරුම් ගන්න ජෙනරාල් රෝස් බෙටී ගෙන් සමාව ඉල්ලාලා මිය යන තැනින්.

ජෙනරාල් රෝස් මැරිලා ගියත් අපි තාම රෙඩ් හල්ක් කෙනෙක් ගැන කතා කලේ නෑනේ. ඔව් ඒකට හේතුව මාවල් යුනිවර්ස් එකේ සදාකාලිකව මැරිලා ඉන්න අවසර තියෙන්නේ අංකල් බෙන් ට විතරක් හින්දා. මිය ගිය ජෙනරාල් රෝස්ට Leader කියන හල්ක් ගේ තවත් ප්‍රධානම හතුරෙක් පණ දෙනවා. ඒ කෙරුවේ කොහොමද කියන කාරණය අපිට වැදගත් නෑ. හැබයි ප්‍රතිපලය උනේ කලින් හිටියාටත් වඩා දරුණු ජෙනරාල් රෝස් කෙනෙක් බිහිවෙන එක. මොකද Leader මෙයාගේ මනස විකෘති කරනවා. එතනින් පස්සේ ආපහු හල්ක් එක්ක සටන පටන් ගන්නවා. ඔය අතර වාරයේ දී තමයි මෙයා ඩොක්ටර් සැම්සන් එක්ක එකතු වෙලා බැනර් හල්ක් බවට පත් කරපු ක්‍රමයම භාවිතා කරලා රෙඩ් හල්ක් එහෙමත් නැතිනම් රල්ක් වෙන්නේ.

මෙච්චර කාලයක් සතුරාගේ ශක්තිය ට එරෙහිව කරන්න දෙයක් නැතුව හිටපු රෙඩ් හල්ක් ට පුළුවන් වෙනවා හල්ක් විනාශ කිරීමේ ක්‍රියා පිළිවෙත තනිවම කරන්න. හැබයි කාලයක් මේ සටන උනාට පස්සේ එයාම තේරුම් ගන්නවා හල්ක් කියන්නේ හිතන තරම් නරක කෙනෙක් නෙවෙයි කියලා. මෙයා ඊට පස්සේ හල්ක් ට පාඩුවේ ඉන්න දෙනවා. සමහර අවස්ථා වලදී හල්ක් එක්ක එකම පැත්තේ ඉඳගෙන සටන් කරන්නත් ඉදිරිපත් වෙලා තියනවා. ඒ වගේම කාලයක් ඇවෙන්ජර්ස්ලා එක්කත් වැඩ කරලා තියනවා. හැබයි වර්තමානේ දී නම් අපිට රෙඩ් හල්ක් කියන කෙනා දකින්න වෙන්නේ නෑ ඒකට හේතුව තමයි ඩොක් ග්‍රීන් කියලා වර්තමානේ අපි හඳුන්වන හල්ක් විසින් මෙයාව ආපහු යතා තත්ත්වයට පත් කරපු හින්දා. හැබයි ඉතින් ජෙනරාල් රෝස් කියන චරිතය එතනින් ඉවර වෙන්නේ නැති වෙයි. මොකද මෙච්චර කාලෙකට හල්ක් ට හිටපු හොඳම ප්‍රතිවාදියා තමයි ජෙනරාල් රෝස් කියන්නේ.

ජෙනරාල් රෝස් විදිහට ඉන්න කොට නම් මෙයාට තිබ්බේ තීක්ෂණ නුවනක් සහ කාටවත් භය වෙන්නේ නැති ගතියක්. හැබයි රෙඩ් හල්ක් උනාට පස්සේ නම් මෙයාට හල්ක් වගේම අසාමාන්‍ය ශක්තියක් ලැබෙනවා. ඒ වගේම අනිත් ගැමා විකිරක කට්ටිය වගේ නෙවේ. මෙයාට විශාල ප්‍රමාණයක ගැමා විකිරණ නිරාවරනයක දී උනත් ගැටලුවක් වෙන්නේ නෑ. මොකද මෙයට පුළුවන් ඒවා තමන්ගේ ඇඟට අවශෝෂණය කරගන්න.

2008 දී නිකුත් වුනු The Incredible Hulk ෆිල්ම් එකේ දී අපිට ජෙනරාල් රෝස් ගේ චරිතය දැක ගන්න පුළුවන් උණා. ඒ වගේම ලබන අවුරුද්දේ නිකුත් වෙන්න නියමිත සිවිල් වෝර් ෆිල්ම් එකේ දී ත් අපිට මේ චරිතය දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාල Hulk and the Agents of S.M.A.S.H. ඇනිමේෂන් එක බලනවා නම් රෙඩ් හල්ක් ගැන ගොඩක් තොරතුරු දැන ගන්න පුළුවන්.

#Amadeus_chO

Wednesday, May 17, 2017

The Flash Season 2 Recap Reviews



Flash Season 2 එකේ ඉතුරු ටික reviews දාන්න ටිකක් පරක්කු උනා මේකට එකම හේතුව උනේ Comic Script Adminලා දැන් ගොඩක් busy හින්දා. මම (YAUTJA) CS එකට අලුත් හින්දා try එකක් දුන්නා නැවතිලා තියෙන Flash reviews පටන්ගන්න. Flash season 03 එක දැන් යන හින්දා Season 02 එකේ episodes 17-23 ඔක්කොම එක ලිපියකින් Cover කරලා season 3 එක ගැන විශේෂ ලිපි පෙළක් ගේන්න හිතුවා..

  • S02-E17

කලින් Episode එකේදී Barry & team එක දැනගත්තා Zoom කියන්නේ Jay බව. Barry ට පුළුවන්කම තියෙනවා Velocity 09 use කරන්න, එත් ඒක ගොඩක් අනතුරුදායක හින්දා වෙන විසදුමකට යනවා. ඒ Speedforce එක ගැන හොදට දන්න Ebord Thwane ලගට, ඒ කියන්නේ අතීතයට හාර්ට්ලි හිටිය කාලයට. මේ අතරතුරදි තමයි CW universe වල Speed Wraithලගේ First Apearance එක දකින්න හම්බෙන්නේ. Speed Wraiths කියන්නේ timeline එකට හානිකරන ඔනෙකෙනෙක්ව විනාශ කරන්න පුළුවන් speedforce එකේ ආරක්ෂකයන් වර්ගයක්. comic වලින් Speed Wraithලගෙන් විශේෂ තැනක් ගන්නේ Black Flash. Barry කොහොමහරි Speed equation (Tachyon Technoogy)ටික Thwane ගෙන් අරන් වර්තමානය එනවා.


  • S02-E18

මේ episode එකේදී තමයි ZOOMගේ Childhood ගැන කියන්නේ. ZOOM, කලින් Jay වගේ ඉන්නැද්දි දාගෙන හිටිය තොප්පිය අයිති ZOOM තාත්තට. Earth 2 වල soldier ලා මේ තොප්පි දාගෙන හිටියා වෙන්න පුළුවන්. Barry Tachyon Technoogy එකත් use කරලා වේගය වැඩිකරගන්නවා පෙන්නනවා. මේ Technoogy එකම තමයි season 2 වල Reverse-Flash use කලෙත්. මේ අතරෙදි තමයි Cisco ට එක එක vibes පෙන්න ගන්නේ, comic වලට අනුව The Vibe ට Inter Dimensional travel කරන්න පුළුවන් දොරටු/bridges හදන්නපුළුවන්. මේ episode එකේදී තමයි පළමු වතාවට Cisco bridge එකක් හදන්නේ Earth 2 වලට. Wells, ZOOM ගැන කරන අනාවරණයෙන් ZOOM කියන්නේ Earth 2 වල Hunter Zolomon කියලා දැනගන්නවා. Comic වලදීත් ZOOM කියන නම හැදිලා තියෙන්න [Zo]l[om]on කියන නමින්. මේ අතරේදී තමයි Cisco හදපු bridge එකකින් Earth-1 වලට ZOOM එන්නේ. ZOOM, Barry එක්ක fight කරලා Wally වත් අරන් Earth 2 වලට යනවා. Earth 2 වලදී Wally ව හිරකරලා ඉන්න තැන ආයෙත්ම Iron mask එකක් දාගෙන හිටිය කෙනා පෙන්නවා. ඒ කවුද කියන එක තාමත් අබිරහසක්.! Barry, Wally ව බේරගන්න Barry ගේ Speed එක ZOOM ට දෙනවා. ඒ හින්දා Barry ට powers නැතුව යනවා. ඒවගේම ZOOM, Caitlan ව Earth 2 වලට ගෙනියනවා.


  • S02-E19

Barry ට powers නැතිවෙලා දැන්. තවදුරටත් Flash කෙනෙක් Central City එකට නැ. මෙඅතරදී Caitlanට Earth 2 වල තමන්ගේ Doppelganger Killer Frostව හමුවෙන්නේ. ග්‍රීෆින් ග්‍රේ කියන Meta Human තමයි මේ සැරේ එන්නේ. මෙයාගේ Super Strenth Power එකක් ලැබිලා තියෙනවා Partical Accelerator එක පිපිරීමෙන්. මේ අතරදී තමයි Caitlan, Killer Frostව නිදහස් කරන්නේ. Iron mask එකක් දාගෙන හිටිය කෙනා දිගින් දිගට පෙන්නනවා මේ Episode එකේදී. මෙතැනදී Killer Frost, Caitlanව මරන්න හදනවා. මේ වෙලාවේදී ZOOM Caitlanව බේරාගන්නවා. මොකද Caitlan කියන්නේ ZOOM ගේ Crush එක හින්දා. Wells idea එකක් දෙනවා Barry ට ආපහු Powers ගන්න, ඒ තව Partical Accelerator එකක් පිපිරීමක් මගින්.


  • S02-E20

Barry, Wells ඇතුළු team එක Partical Accelerator එකක් නිර්මාණය කර එක ගැන Plan කරනවා. මේ අතරේදී ZOOM, Caitlan & තව meta කෙනෙක් එක්ක Earth 1 වලට එනවා. මේ Earth 2 වල අලුත් meta තමයි Cisco ගේ අයියා Dante ගේ Doppelganger, නමින් Repchure/රෙප්චර්. ZOOM ගොඩක් මිනිස්සු මරනවා, Repchure වත් ඇතුළුව. මේ හින්දම Barry තීරණය කරනවා Partical Accelerator එක මගින් powers ලබාගන්න. හරියට Justice League The Flashpoint Paradox Animated movie වගේ Barry, කෘතිම විදිහට powers ගත්ත විදියට. මේ විදියට Partical Accelerator පිපිරීමෙන් Barry අතුරුදහන් වෙනවා. ඇත්තටම Barry ට මොකද උනේ ??


  • S02-E21

Partical Accelerator පිපිරිමෙන් Barry යනවා Speedforce එක ඇතුලට. Cisco ඒක දැනගන්නේ Barry ගේ ඇදුමෙන් ලැබුන vibe එකකින්. Wally & Jesseට Dark Matter එක වදිනවා Barryට වදිනවෙලේම. DCTV Universe වල Speedforce එකේ First look ඒකතමයි මේක. මෙතැනදී පෙන්නන Speedforce එක හරියට Central City එක වගේ. Barry ලගින් ඉන්න character වල පෙනුම අරගෙන තමයි Speedforce එක Barry එක්ක කතා කරන්නේ. Speedforce එක ගැන විස්තරයක් කියනවා එතැනදී. Cisco ගේ Vibe ability එක use කරලා Iris එක්ක එකතුවෙලා Barry ව Speedforce එකෙන් එලියට ගන්නවා. Partical Accelerator පිපිරිමෙන් S.T.A.R ලැබ් එකේ කලින් හිටිය meta කෙනෙක්ට powers ඇවිත් Zombie meta කෙනෙක් හැදෙනවා. මේ අතරදී ZOOM ගේ master plan එකේ කොටසක් අන්තිමට දකින්න ලැබෙනවා. Earth-2 වලින් meta humans ලා ගොඩක් ඇවිත් ඉන්න බව අන්තිමට පෙන්නනවා.


  • S02-E22

ZOOM ගේ Earth-2 වල Meta humans ලා Central city එකට attack කරනවා. මේකෙදි දකින්න පුළුවන් එක එක powers තියෙන කට්ටිය. Black Lightning, HawkGirl , FireStrom අය දකින්න පුළුවන් (ගොඩක් දුරට Snake Peaks වෙන්න පුළුවන්). මෙතැනදී Cisco vibe දකිනවා මැරිලා ඉන්න කුරුල්ලෙක් ගැන. ඇත්තටම මේ මොකක්ද ? ගොඩක් දුරට ලෝක විනාශයක් වගේ තමයි පෙන්නේ. Arrow වලදී මැරුණ Black Canary දකින්න පුළුවන් Earth-2 වල Doppelganger Black Siren විදියට(Villan කෙනෙක් විදියට තමයි). මෙතැනදී Mercury Lab එකේ head ව දකින්න පුළුවන්, ඒ තමයි 90’ දශකයේ Flash series එකේ Iris. Barry,Wells ඇතුළු team එක metaලව නවත්තනවා. මෙතැනදී ZOOM විතරක් Earth-2 වලට පැනගන්නවා. Episode එකේ අන්තිමට පෙන්නනවා ZOOM, Barry ගේ තාත්තා ව මරනවා Barry ගේ ගෙදර ඉදලම.


  • S02-E23

මේ Flash Season Final Episode එක. Barry, ZOOM ට attack කරනවා. මේ අතරදී තමයි ZOOM, Time Remenant (කාල අවශේෂයක්)හදන්නේ, Time Remenant ability එක පළවෙනියට පෙන්නන්නේ. Nora Allen & Henry Allen ගේ graves දකින්න හම්බෙනවා මෙතැනදී. මේ අතරේදී ZOOM, Barry ට invite කරනවා Race එකකට. මේ සම්බන්ද වෙන්නේ ZOOMගේ master plan එකට. ZOOM, Magnatar එක්ක Pulser එකක් හදලා තියෙන්නේ Earth-1 a.k.a Earth Prime එක විතරක් ඉතුරුවෙන්න Multivers එක ඇතුලේ තියෙන හැම Earth එකක්ම විනාශ වෙන්න Machine එකක් තමයි මේක. මේ plan එක හරියට Justice League Crisis On Two Earths Animated Movie එකේ Earth-2 වල Owl-Man ගේ plan එකට වගේ. ZOOM Iron mask එකක් දාගෙන ඉන්න කෙනා ගැන කියන්නේ මෙතැනදී. ඒ තමයි Earth-3 වල Flash හෙවත් Jay Garrick (The Original One).



 ZOOM timeline වල නීති කඩකරගෙන ඒ කරපු වඩා හින්දා Speed Wraiths ලා තමන්ගේ පස්සෙන් එනබවට කියනවා. Barry අන්තිමට ZOOM එක්ක Race එකක් යනවා. Magnatar එකට බලය ගන්නනේ Barry & ZOOM ගේ powers වලින්. Barry Time Remenant එකක් හදලා Magnatar එක නවත්තනවා. මේ අතරේදී තමයි Speed Wraithsලා ZOOM ව හොයාගෙන එන්නෙ. Speed Wraithsලා ZOOM ට attack කරනවා මෙතැනදී, ZOOMගේ look එක හරියට Black-Flash ගේ look එක වගේ පෙන්නනවා. අන්තිමට Speed Wraithsලා ZOOM ව අරන් යනවා Speedforce එකට. Iron mask එකක් දාගෙන ඉන්න Jay Garrick ගේ First look එකත් මෙතැනදී පෙන්නනවා. අන්තිමට Jay,Wells & Jesse Earth-2 වලට යනවා. Episode එකේ අන්තිමට Barry, Reverse-Flash තමංගේ අම්මව මරපු අතීතයට යනවා අම්මව බේරගන්න. මේතැනදී තමයි Flashpoint එක සිද්දවෙන්නේ.

Season-3 Title the Flashpoint

Season-2 වල අවසානය මේක තමයි ඊලගට Season-3 වලින් හමුවෙමු.

#Yautja

Batman Armor - Part 1



1 - Justice Buster

නමෙන්ම තේරෙනවා වගේ මේක හදලා තියෙන්නෙ ජස්ටිස් ලීග් එකට විරුද්ධව පාවිච්චි කරන්න.. ඒත් කව්ද මේක හදන්නේ?? වෙන කව්රුත් නෙමේ බෲස්ම තමා මේක හදන්නේ.. එක වෙලාවකට හිතෙනවා ජස්ටිස් ලීග් එකට ඉන්න ප්‍රධානම විලන්ලා ඩාක්සයිඩ්, ඇමේසෝ වගේ කට්ටිය නෙමේ බෲස්මයි කියලා.. ජස්ටිස් ලීග් ඩූම් ෆිල්ම් එක එහෙම බැලුවා නම් මේක හොදට පැහැදිලි වෙන්නැති.. මන් අද කතා කරන්න යන්නේ ඒ වගේම බෲස්ගේ ප්ලෑන් එකක් ඇතුලේ තියෙන ප්ලෑන් වලින් එකක් වෙන ජස්ටිස් ලීග් එක පරද්දන්න පුලුවන් විදිහට හදපු ජස්ටිස් බස්ටර් එක ගැන..

බෲස් කියන විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආරක්ෂාව වෙනුවෙන් යොදන මුදලට සාපේක්ෂව බෲස් මේ ආමර් එක හදන්න ඒ මුදලින් 60%ක් යොදවනවා.. බෲස් කොච්චර සල්ලි කාරයෙක්ද කියලත් මේකන් පැහැදිලි වෙනවා.. මේ ආමර් එක හදලා තියෙන්නේ ලෝකයේ ඉන්න බලවත්ම සුපර් හීරෝස්ලා කණ්ඩායම පරද්දන්න.. ඒ වගේම බෲස් මේක හදද්දි අවධානය යොමු කරපු දෙයක් තමයි ඉක්මනින්ම එක හීරෝ කෙනෙක්ව ඉවර කරල ඊලග විරුද්ධ වාදියා එක්ක සටනට යන්න පුලුවන් විදිහට හදන එක..

බැට්සි මුලින්ම මේක යොදා ගන්නේ එයාට මුලින්ම ඩයනාගෙන් ප්‍රහාරයක් එල්ල වෙච්ච අවස්ථාවෙදි.. බැට්මෑන් ඊජිප්තු යුධ දෙවියාව සහ මරණයේ දෙවියව අපායෙදි පරාජය කරපු ඩයනාව පරාජය කරන්න යොදා ගන්නේ "Bind of Veils".. මේක හින්දා ඩයනා විශ්වාස කරනවා තමන් බෘස්ව පරාජය කරා කියල එහෙම නොවුනත්.. ෆ්ලෑශ් බෲස්ව අටෑක් කලාම බෲස් යොදා ගන්නවා ෆ්ලෑශ්ගේ ස්පීඩ් එකට අනුව වැඩ කරන්න පුලුවන් ආමර් එකේ වෙපන් සිස්ටම් එක.. ඇක්වාමෑන්ව පරාජය කරන්න යොදාගන්නේ එයා නිෂ්පාදනය කරන උගුලක්.. ඒකෙන් බේරිලා යන්න ආතර් උත්සහ කරන හැම අවස්ථාවකම ආතර්ගේ ශරීරයේ තෙතමනය ඒක උරා ගන්නවා.. ඒ වගෙම ආමර් එකෙ සයිබෝග්ට විරුද්ධව කටයුතු කරන්න පුලුවන් තාක්ෂණයකුත් GLට විරුද්ධව සටන් කරන්න පුලුවන් වෙපන් සිස්ටම් එහෙකුත් පිහිටලා තියෙනවා.. වැදගත්ම දේ තමයි මේ ආමර් එකට සුපර්මෑන්ගේ සුපර් පන්ච් වලින්වත් හානියක් කරන්න බෑ.. ඒ වගේම මේ ආමර් එක හීට් විෂන් එකට සහ කෝල්ඩ් බ්‍රෙත් එකට උනත් ප්‍රතිරෝධතාවයක් දක්වනවා.. ඊට අමතරව මිය යන සූර්යකින් ලබා ගත් රෙඩ් සන් කිරණ මගින් නිපදවෞ කිරණ පවා ජස්ටිස් බස්ටර් එකේ වෙපන් සිස්ටම් එකේ තියෙනවා..

අපි හැමෝටම මතකයි JL Doom එකේ අන්තිමට සුපී ඇහුවම බෲස් කියනවා බැට්මෑන්ව නවත්තන්න තියෙන ප්ලෑන් එක ජස්ටිස් ලීග් එකලු.. මට නම් හිතෙන්නේ ඒ වෙලාවේ බෲස් පුන්චි විහිලුවක් කරලා තියෙන්නේ ක්ලාක්ට.. ඒත් එක ස්ටෝරි එහෙක එහෙම උනත් ඉන්ජස්ටිස් කියවන, ගේම් එක ගහපු අය දන්නවා බෲස්ට තනියෙන් සුපීවවත් පරද්දන්න අමාරුයි කියලා.. මේක කතාව ලියන රචකයාගෙන් රචකයාට වෙනස් වෙනවා.. ඒත් කියන්න ඕනේ බෲස් මගේ ආසම චරිතය උනත් බෲස්ට තනියෙන් ජස්ටිස් ලීග් එක පරද්දන්න අමාරුයි.. ඊට වඩා මම කැමතිම ටීම් එකම එකට වැඩ කරන කතා කියවන්න.. එතකොට ජස්ටිස් ලීග් කියන්නේ ඕනම යුනිවර්ස් එහෙක තියෙන සුපර්හීරෝ කණ්ඩායම් අතරින් බලවත්ම කණ්ඩායම අවිවාදයකින් තොරව..


2 - Hellbat Armour

බෲස් විසින් නිෂ්පාදනය කරන හොදම වගේම බලවත්ම ආයුධය එහෙමත් නැත්තම් ආමර් එක විදිහට හදුන්වන්න පුලුවන් දෙයක් තමයි බැට්මෑන්ගේ හෙල්බැට් ආමර් එක.. මේක අවිවාදයකින් තොරවම හොදම ආමර් එක..

බැට්මෑන් මේක නිර්මාණය කරන්නේ දෙවිවරු වගේ කස්ටිය 6 දෙනෙක් එක්ක ඉද්දි තමන් ගැන ඇති වන හීන මානය වලක්වා ගන්න වෙන්නැති.. මේක හදන්න JL ටීම් එක ෆුල් සප් එක දෙනවා.. කෙටින්ම කියනවා නම් මේකේ පෑස්සුම් කටයුතු එහෙම කරලා තියෙන්නේ සුපර්මෑන් විසින් සූර්යයා මධ්‍යයේ..

බැට්මෑන් Batman and Robin කතා මාලාවෙදි ඩේමියන්ගේ මල සිරුර ලබා ගන්න අපෝකිලිප්ස් වලට ගිහින් මේ ඇදුම ඇදගෙන තනියෙන් ඩීසීලගේ බලවත්ම චරිතයක් වන ඩාක්සයිඩ්ව පරද්දනවා..

ඒත් මේ ඇදුමේ තියෙන ප්‍රධානතම දුර්වලතාවය තමා මෙකේ තියෙන ශක්තිය සහ බලය වැඩිකමටම මේක වැඩි වෙලා ඇදන් හිටියොත් බෲස්ව මැරෙනවා.. ඒත් වොයිස් කමාන්ඩ් මගින් ඇදුමේ කෑලි ඉවත් කිරීමේ හැකියාව තියෙන නිසා ආමර් එකේ කෑල්ලෙන් කෑල්ල ඉවත් කිරීමෙන් ආයුෂ දීර්ඝ කර ගන්න පුලුවන්..

ඒත් අවාසනාවකට වගේ තවමත් අපිට මෙ හෙල්බැට් ආමර් එක ආයෙත් දැක ගන්න ලැබුන්නෑ..

#PJ

Tuesday, May 16, 2017

Infinity Gems In Marvel Comics - Part 3



දැනටමත් අපි Infinity Gems 6න් 3ක් ගැන වැඩි විස්තර දැනගෙන අවසන්. අද එහෙනම් අනිත් Gems 3 ගැන දැනගනිමු.

04 - Mind Gem 

නිල් පැහැති Mind Gem එක මඟින් එහි වර්තමාන අයිතිකරුවාට අවශ්‍ය පරිදි මනස හැසිරවීමේ හැකියාව ලබා දෙනවා. ඒ කියන්නේ telepathy සහ telekinesis යන බලයන් එහි අයිතිකරුට ලබා දෙන බවයි. එමෙන්ම gem එකේ වර්තමාන අයිතිකරුගේ මානසික බලයන් ක්ෂණයකින් වැඩි කරවීමටත්, මානසික ෂක්තීන් ඉහළෑ දැමීමටත් මෙම gem එකට පුළුවන්. අනෙක් Infinity Gems 6 සමඟ මේ Mind Gem එක භාවිතා කරන අයෙකුට ඒවායේ බලයන්ද උපරිම වූ අවස්ථාවලදී මුළු විශ්වයේම සිටිනා පුද්ගලයන්ගේ මනසවල් පාලනය කළ හැකි වනවා.

1972 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු Marvel Premiere #1 එකේදි මෙම Space Gem එක හඳුන්වාදුන් අතර එහි මුල් අයිතිකරුවා වන්නේ The Grandmaster නැමැත්තායි. ඉන්පසු මෙම gem එක Thanos ලබාගන්නා අතර Thanosගෙන් පසු Professor X, Beast (Hank McCoy), The Hood, Moondragon, Nebula සහ Adam Warlock යන අය හිමිකාරීත්වය දරා තිබෙනවා. 2013 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු New Avengers Vol 3 #3 දී මෙම Mind Gem එක විනාශ කරනු ලබනවා.


05 - Soul Gem 

කොළ පැහැති Soul Gem එක මඟින් එහි වර්තමාන අයිතිකරුවාට අවශ්‍ය පරිදි ආත්ම හැසිරවීමේ හැකියාව ලබා දෙනවා. ඒ අනුව තමන්ට අවශ්‍ය මොහොතක තව කෙනෙක්ගේ ආත්මයක් විනාශ කර දැමීමටත්, තවකෙකුගේ ආත්මයට විවිධ ආකාරවලට පහර දීමටත්, තවකෙකුගේ ආත්මයකට සම්බන්ධ වී ඔහු සතු තොරතුරු ලබා ගැනීමටත්, තවකෙකුගේ ආත්මය වෙනත් ස්ථානයක සිර කොට තැබීමටත් පුළුවන්. මේ නිසාම නපුරු කෙනෙක් අතර මේ Soul Gem එක යොමුවුවහොත් ඇතිවන විනාශය හිතාගන්න පුළුවන් නේද? එමෙන්ම මේ මැණික අනෙක් Infinity Gems 6ත් සමඟ භාවිතා කිරීමේදී ඒවායේ බලයන්ද උපරිම වූ විට විශ්වයේම ආත්ම විනාශ කිරීමටද හැකි බලගතුම Infinity Gem එකක් වනවා.

මෙම Soul Gem එක 1972 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු Marvel Premiere #1 එකේදි හඳුන්වාදුන් අතර එහි මුල් අයිතිකරුවා වන්නේ In-Betweenerයි. ඔහුගෙන් පසුව Thanos මෙම Gem එක ලබාගන්නා අතරම Doctor Strange, Nebula (Space Pirate) සහ Adam Warlock යන අය හිමිකාරීත්වය දරා තිබෙනවා. එමෙන්ම Soul Gem එක 2013 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු New Avengers Vol 3 #3 දී විනාශ කරනු ලබනවා.


06 - Reality Gem 

කහ පැහැති Reality Gem එක මඟින් එහි වර්තමාන අයිතිකරුවාට අවශ්‍ය පරිදි යථාර්ථය හැසිරවීමේ හැකියාව ලබා දෙනවා. යථාර්ථය වෙනස් කරනවා කියන්නේ ඕනෑම න්‍යායක් සහ නීතියක් වෙනස් කරන්නට පුළුවන්වීමයි. මේ අනුව මරණින් යළි ඉපදවීම, පදාර්ථ වෙනස් කිරීම, භෞතික විද්‍යානුකූල නියම වලට පටහැනිව යෑම, කළ නොහැකි දේවල් සිදුකිරීම, විය නොහැකි දේවල් සිදුකිරීම මෙන්ම බලය වැඩි පුද්ගලයෙකුට සමාන්තර ලොවක් වුවත් ක්ෂණයකින් නිර්මාණය කළ හැකියි. අනෙක් Infinity Gems 6 සමඟ මේ Mind Gem එක භාවිතා කරන අයෙකුට ඒවායේ බලයන්ද උපරිම වූ අවස්ථාවලදී සම්පූර්ණ විශ්වයේම හැඩය සහ භෞතික ස්වභාවය වෙනස් කළ හැකියි.

1972 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු Marvel Premiere #1 එකේදි මෙම Reality Gem එක හඳුන්වාදුන් අතර එහි මුල් අයිතිකරුවා වන්නේ The Collector නැමැත්තායි. ඉන්පසු මෙම gem එක Thanos ලබාගන්නා අතර Thanosගෙන් පසු s Stranger, Mr. Fantastic, The Hood, Iron Man, Nebula සහ Adam Warlock යන අය හිමිකාරීත්වය දරා තිබෙනවා. 2013 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු New Avengers Vol 3 #3 දී මෙම Reality Gem එක විනාශ කරනු ලබනවා.

ඔන්න මේ ලිපියේ අවසානයත් එක්කම ඔයාලට තව වැදගත් ආරංචියක් කියන්නත් තියෙනවා. ඒ තමයි Marvel Infinity War comic series එක අපි සම්පූර්ණම ඔයාලට කථාමාලාවක් හැටියට ගෙන එන්නත් අපි තීරණය කළා. හැබැයි ඉතින් ටික කාලයක් ඒකට ඉන්න වේවි. Marvel Comic Universe එකේ ගොඩක් කරුණු ඒකට කලින් දැනගෙන ඉන්න ඕනෙ නිසා ඒ දේවල් දැනගන්නෙ නැතුව එක පාරම Infinity War series එකට යන්න අමාරුයි. කොහොම හරි ඊළඟ මාස 5 ඇතුළත අපි ඒක පටන්ගන්නවා. ඒ නිසා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලත් ආරාධනා කරනවා.

ඒ වගේම Marvel Cinematic Universe එකේ Infinity Stones ගැනත් වෙනම ලිපියකින් විස්තරාත්මකව කථා කරන්න සූදානම්.

#SmAsHeR

Monday, May 15, 2017

Infinity Gems In Marvel Comics - Part 2



කලින් ලිපියේදී අපි Infinity Gems කියන්නේ මොනවද කියලා දැනගත්තා. ඒ වගේම Marvel Infinity War comic series එක දක්වා මේ Infinity Gems තිබ්බේ කොහෙද, කා ගාවද, ඒ පුද්ගලයන් මොන මොන දේවල්වලටද මේ gems භාවිතා කළේ කියන දේ ගැනත් කෙටියෙන් කථා කළා. ඒ විතරක් නෙවෙයි අපේ Thanos ගැන ලියවුණු ලිපි පෙළ කියවලාත් තව Infinity Gems ගැන විස්තර දැනගන්න පුළුවන්.

පසුගිය ලිපියෙන් අපි පළවෙනි Infinity Gem එක ගැන දැනගත්තා. අද අපි තව Infinity Gems 3ක් ගැන දැනගමු.


02 - Space Gem 

දම් පැහැති Space Gem එක මඟින් එහි වර්තමාන අයිතිකරුවාට අවශ්‍ය පරිදි අවකාශය හැසිරවීමේ හැකියාව ලබා දෙනවා. එනම් ඔහුට හෝ ඇයට අවශ්‍ය විටෙක ඕනෑම අවකාශයක් මැවිය හැකි වීමයි. අපි හැමෝම දන්න Teleporting powers සියල්ලක්ම මේ මැණිකේ මූලික බලයන්ගෙන් එකක් වනවා. ඒ වගේම මේ gem එකේ බලය නිසා එහි අයිතිකරුවාට අවශ්‍ය තැනකට ඕනෑම මොහොතක teleport වීමේ හැකියාව මෙන්ම අනෙක් පුද්ගලයන්ව විවිධ ස්ථාන වලට teleport කිරීමේ හැකියාවද එවිට ඔවුන්ව බාධක වලින් සහිත දේවල් වලින් සිර කොට තබන්නටත් (උදා:- බිත්ති, සිරගෙවල්, අගාධ) හැකියි. තවද වර්තමාන අයිතිකරුවාගේ ජවය, කාර්යක්ෂමතාවය වැඩිකරන්නටද මේ Space Gem එකට හැකියාව තිබෙනවා. මේ gem එකේ උපරිම හැකියාව වන්නේ විවිධ විවිධ තැන්වල එකවර පෙනී සිටීමේ හැකියාව ලැබීමයි. අනෙක් gems 6ත් තමා සතුව තිබෙනවා නම් මේ gem එකේ සම්පූර්ණ බලයත් සමඟ විශ්වයේ ඕනෑම තැනක එකවර පෙනී සිටීමට හැකියාව ලැබෙනවා.

1972 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු Marvel Premiere #1 එකේදි මෙම Space Gem එක හඳුන්වාදුන් අතර එහි මුල් අයිතිකරුවා වන්නේ The Runner නැමැත්තායි. ඉන්පසු මෙම gem එක Thanos ලබාගන්නා අතර Thanosගෙන් පසු The Hood, Black Bolt, Nebula, Adam Warlock, Pip the Troll, සහ Iron Man යන අය හිමිකාරීත්වය දරා තිබෙනවා. 2013 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු New Avengers Vol 3 #3 දී මෙම Space Gem එක විනාශ කරනු ලබනවා.


03 - Time Gem 

තැඹිලි පැහැති Time Gem එක මඟින් එහි වර්තමාන අයිතිකරුවාට අවශ්‍ය පරිදි කාලය හැසිරවීමේ හැකියාව ලබා දෙනවා.ලැනම් අතීතය, වර්තමානය සහ අනාගතය යස සියල්ලේම තීරණයන් ඔහුට ගන්නට පිළිවන්. අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ සිදුවන ඕනෑම සිදුවීමක් එලෙසම සිදු කරන්නට සහ වෙනස් කරන්නටත් මේ gem එක මගින් හැකියාව ලැබෙනවා. ඒ සඳහා කාල තරණය(Time Travelling) සිදු කරන්නට හැකිවීම මෙහි ප්‍රධානම හැකියාවයි. එමෙන්ම අනෙක් Infinity Gems 6ත් සමඟ භාවිතා කිරීමේදී විශ්වයේ ඕනෑම කාල පරාස කිහිපයක ජීවත් වීමට හැකියාව ලැබෙනවා.

මෙම Time Gem එක 1972 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු Marvel Premiere #1 එකේදි හඳුන්වාදුන් අතර එහි මුල් අයිතිකරුවා වන්නේ The Gardenerයි. ඔහුගෙන් පසුව Thanos මෙම Gem එක ලබාගන්නා Captain America, Thor, Nebula, Adam Warlock, Gamora, Maxam, Hardcase, Loki, Mr. Fantastic(Reed Richards), Namor යන අය හිමිකාරීත්වය දරා තිබෙනවා. එමෙන්ම Time Gem එක 2013 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු New Avengers Vol 3 #3 දී අනෙක් gems 5 විනාශ වීමත් සමඟම අතුරුදහන් වනවා.

to be continued...


#SmAsHeR

Sunday, May 14, 2017

Infinity Gems In Marvel Comics - Part 1



Marvel Comics කියවන, කියවපු ඔයාලට නම් Infinity Gems ගැන හොඳට මතක ඇති. විශ්වයේම පාලනය තමන් යටතට ගන්න තියෙන එක හොඳම විදියක් තමයි මේ ප්‍රබලම Infinity Gems 6 තමන් සතු කරගන්න එක. කලින් අපි දාපු Thanos ගැන ලිපි පෙළේත් Infinity Gems ගැන සඳහන් වුණා. ඒ නිසාමත් ගොඩක් දෙනෙක් Infinity Gems ගැන විස්තර කරන්න කියලා ඉල්ලපු නිසාත් පුළුවන් තරම් ඉක්මනට ඔන්න මං Infinity Gems ගැන විස්තරයක් ගෙනාවා. මුලින්ම අපි මේ Infinity Gems කියන්නෙ මොනවද කියලා දැනගෙන ඉමු.

Infinity Gemsවල මුල්ම Gem එක වන්නේ High Evolutionary විසින් Adam Warlockට ලබා දුන් Soul Gem එකයි. පළමුවෙන්ම මේ Infinity Gems 6ම එකවර භාවිතයට ගනු ලැබුවේ Thanos විසිනුයි. Thanosගේ උවමනාව වූයේ මුළු තාරකා සහ ග්‍රහලෝක සමූහයම විනාශ කිරීමටයි. නමුත් ඔහුව Avengersලා, Adam Warlock සහ Captain Marvel විසින් නවතනු ලබනවා. Thanosට අමතරව මෙලෙස Infinity Gems 6 එකවර භාවිතා කරනු ලබන්නේ විශ්වයේ වැඩිහිටියන් සමූහය වන Elders of the Universe එකේ පිරිස විසිනුයි. මොවුන් තමයි මේ බලගතුම Infinity Gems 6හි මුල් අයිතිකරුවන් වන්නේ. ඔවුන් Galactusගේ විනාශය නැවැත්වීම සඳහා කිසියම් යන්ත්‍රයකට මේ Gems 6 සවිකර Galactus විසින් යොමු කරන ජීව බල කදම්භයන් ජීවී ග්‍රහලෝක වලින් ඉවතට ප්‍රක්ශේපණය කරමින් ජීවය රහිත ග්‍රහලෝකවලට ජීවය ලබාදීමට කටයුතු කරනවා. කොහොම නමුත් මේ ක්‍රියාවලියට Silver Surfer විසින් බාධා කිරීම නිසා යන්ත්‍රය විනාශ වී මේ Gems 6 black hole එකක සිරවනවා.

Thanosගේ යළි පුනරුත්ථානයෙන් පසු ඔහු ප්‍රබලම Infinity Gems 6 සොයන්නට පටන් ගන්නවා. ඒ සෙවීම අතරතුරේදී ඔහු මේ Infinity Gems කියන්නේ විශ්වයේ මූලාරම්භයේදී කුඩා කොටස්වලට කැඩී ගිය ප්‍රභවයන් බව යැයි සොයාගන්නවා. ඒවා කාලාන්තරයත් සමඟ බලයන්ගෙන් ආරෝපණය වෙලා දැනට විශ්වයේ තිබෙන්නා වූ බලගතුම දේවල් බවට පත්ව තිබෙන බවත් ඔහු සොයාගන්නවා. මේ බලයන් වන්නේ power(බලශක්තිය), space(අභ්‍යවකාශය), time(කාලය), mind(මනස), soul(ආත්මය) සහ reality(යථාර්ථය) යන්නයි.

දැන් අපි පලමු Infinity Gem එක ගැන කරුණු සොයා බලමු.


01 - Power Gem 

රතු පැහැති Power Gem එක මඟින් එහි වර්තමාන අයිතිකරුවාට විශ්වයේ තිබෙන්නාවූ මුළු ශක්තියම සහ බලය හෝ ඊටත් වැඩි අප්‍රමාණ ගක්තියක් සහ බලයක් ලැබෙන අතර කෙනෙක් Gems තමන් සතු නම් ඒවායේ උපරිම ශක්තිය සහ බලයටත් වඩා උපරිම ශක්තියක් සහ බලයක් ලැබෙන සේ ක්‍රියා කරන්නටත් පුළුවන්. ඒ කියන්නෙ මේ Gem එක හරියට අසීමාන්තික බල සැපයුමක්(unlimited power supply) වගේයි ක්‍රියා කරන්නේ. Gem එකේ හිමිකරුට තමන් සතුව බලයක් තිබේ නම් එය පරාජය කළ නොහැකි තත්වයක් දක්වාම වැඩි දියුණු කරගන්නටත් මෙම Power Gem එක මගින් හැකියාව තිබෙනවා.

මෙම Power Gem එක 1972 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු Marvel Premiere #1 එකේදි හඳුන්වාදුන් අතර එහි මුල් අයිතිකරුවා වන්නේ The Championයි. ඔහුගෙන් පසුව Thanos මෙම Gem එක ලබාගන්නා අතරම Namor, The Hood, Reed Richards, Drax the Destroyer, Champion, Galactus, Nebula, Adam Warlock, Titania, Red Hulk, She-Hulk යන අය හිමිකාරීත්වය දරා තිබෙනවා. එමෙන්ම Power Gem එක 2013 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු New Avengers Vol 3 #3 දී විනාශ කරනු ලබනවා.

to be continued...

#SmAsHeR

Saturday, May 13, 2017

Top 5 Young Justice moments



Animated series එහෙමත් නැත්තම් අපේ අයියල කියන විදිහට කාටුන් එකක් වෙන Young Justice කියන්නේ කොමික් වලට ආස, ආස නැති ඕනම කෙනෙක්ට කිසි කරදරයක් නැතුව බලන්න පුළුවන් සීරිස් එකක්. අපේ අවාසනාවකට YJ සීසන්ස් දෙකකින් කැන්සල් උනත් තවත් කොහෙන්දෝ වාසනාවක් පෑදිලා අලුත් 3න් වෙනි සීසන් එහෙක production දැනටමත් ආරම්භ වෙලා කියලයි කියන්නේ. තුන් වෙනි සීසන් එක නම් කරලා තියෙන්නේ Young Justice : Outsiders කියලා. කලින් සීසන් දෙක හුගක් සාර්ථක උනේ එකේ තිබ්බ Mature ගතිය, වෙන වචන වලින් කියනවනම් මල් කතා සින් නැති නිසා. ඒ හින්ද ඊලග සීසන් එකෙත් ඒ ගතිය එහෙම්ම තියෙයි කියල ප්‍රාර්ථනා කරමු.
මන් දැනට මතක් කරන්න යන්නේ මේ අමතක නොවන කතාවේ අමතක නොවෙන අවස්ථා 5ක් ගැන.මතක තියාගන්න මේක මගේ පෞද්ගලික මතය විතරයි.

  • Shrine of the Fallen



Season 1 එකෙන් 2 එකට එනකොට 5 year jump එකක් තියෙනවා. මේ කාලය ඇතුලේදී මියගිය විරුවන්ගේ සොහොන කිව්වොත් නිවැරදියි. සොහොනක්ම නෙමේ උනත් මිය ගිය විරුවන්ගේ holographs වලින් හැදිච්ච තැනක් මේක. Artemis,Tula වගේ සීරිස් එකට canon අය විතරක් නෙමේ සීරිස් එකේදී දැක ගන්න නොලැබිච්ච Ted Kord (කලින් Blue Beetle) වගේම අවුරුදු පහේ ස්කිප් එක අතුලේදී මැරුණු ජේසන් ටොඩ්ගේ (පස්සේ කාලෙක Red Hood) පින්තුරෙකුත් බලාගන්න පුළුවන්. ලොකු රෙඩ් හුඩ් ෆෑන් කෙනෙක් නිසාමද මන්ද මේක මගේ කැමතිම දර්ශනයක් මුළු සීරිස් එකෙන්ම. මේක පහලින් තියෙන අවස්ථා 5ට අමතරව තියෙන තවත් වැදගත් අවස්ථාවක්.
  • 05) Aqualad betraying his friends. - පාවා දීම.


Aqualad කියන්නේ YJ බලන අය හුගක් කැමති තවත් චරිතයක්. Tulaගේ මරණින් පස්සේ තමන්ගේ තාත්තා (Black Manta) යටතේ aqualad වැඩ කරනවා කියල season 2 එකේදී පෙන්නනවා, ඒත් ඕක හුගක් උන් විස්වාස කරන්නේ නැහැ, ඒ හින්දමද කොහෙද Aqualad ආටිමිස්ව මැරුවම ඒක ෆෑන්සලට හුගක් තදින් දැනෙන්නේ. ඒ වගේම සතුටක් දැනෙන්නේ ඒක බොරුවක් කියල දැනගත්තම. ආයෙත් ඒ වගේම දුකක් දැනෙන්නේ Miss Martian, Aqualadව mind rape කරලා මනස විනාශ කරහම. සමහර විට YJ එකේ ගතියත් මේකම වෙන්න ඇති, YJ creatorsල අපේ emotions එක්ක සෙල්ලම් කරන්නේ සෙල්ලන් බඩු වගේ.

  • 04) Not Sidekicks Anymore - පුංචි උසස්වීමක්..




Season 2 finale එකේ අන්තිමේදි Batman කියනවා, කණ්ඩායම Watchtower එකෙන් පිටත තමන්ගේ මෙහෙයුම් කටයුතු කරන්න සුදානම් කියල. ඒ වගේම Justice League එකත් එක්ක එකට වැඩ කරන්න සුදානම් කියල."The team will now operate out of the watchtower, Side by side with the Justice league. Not because mount justice was destroyed but because you earned it. " මේක show එකේ finale එකට හොදට ගැලපෙනවා මොකද පලවෙනි episode එකේ ඉදලම මෙයාලගෙ ටාගට් එක උනේ justice league එකේ මෙම්බර්ස්ලා වෙන එක වගේම එයාලව sidekicksලට වගේ සලකන එක නවත්තන එක. කොහොමහරි අවසානයේ මෙයාල league එකේ මෙම්බර්ස්ලා වෙනවා විතරක් නෙවේ එයාලගෙ respect එකත් ලබා ගන්නවා.
  • 03) Speedy, Red Arrow and Arsenal - රෙඩ් ඇරෝගේ චරිතය

මුළු සීරිස් එකෙන්ම මගේ කැමතිම sub plot එක මේක කිව්වොත් නිවැරදියි. Roy Harper ස්පිඩි විදිහට මුලින්ම කණ්ඩායමට ඇතුළු උනත් අනිත් අය වගේ නැතුව ප්‍රධාන League සාමාජිකයන්ට නැවෙනවා අඩුයි. ඒ නිසාම මට මතක විදිහ හරි නම් කතාවේ මුලින්ම කණ්ඩායමෙන් ඉල්ලා අස් වෙන්නේ රෝයි. අස් වෙලා තමන්ගේ ස්පීඩි වෙන එක අත හැරලා Red Arrow වෙන්න පටන් ගන්නවා. ඒ උනත් පස්සේ පැහැදිලි වෙන විදිහට ඇත්ත රෝයිව කෝමා තත්වයකට පත් කරලා රෝයි වගේ clone එකක් CADMUS එකෙන් එලියට එවනවා, මේ රෝයි තමා ස්පිඩි විදිහට quit කරන්නේ. අන්තිමට හැබැයි ඇත්ත රෝයිව බේරගන්න සිද්ද වෙන්නෙත් clone රෝයීට තමා. මොන උනත් රෝයි ඊට පස්සේ ඇවිත් තනි අතින් දාන වැඩකිඩ ටික සුපර් පවර්ස් තියෙන උන්ටවත් දන්නා බෑ. ඔන්න ඔය නිසාම තමා රෝයි ඔය සීරිස් එකේදී හුගක් උන්ගේ කැමතිම චරිතයක් වෙන්නේ.


  • 02) Partnership between Savage and Lord Darkseid - සැවේජ්ගේ සහ ඩාක්සයිඩ්ගේ පාට්නශිප් එක


Animated series එහෙක දැකපු සුපිරිම ගේමක් ගහල (heroes, villains හැම එකාවම කොටවල) අන්තිමට War World එකේ පාලනයත් අරගෙන අන්තිමට පොර ගිහින් ඩාක්සයිඩ් එක්ක shake hand කරන සින් එක මම කැමතිම තැනක්. සීසන් 2 එක ඉවර වෙන්නේ මෙතනින්.සීරිස් එක කැන්සල් වෙච්ච එකෙන් උනේ මේ සින් එකේ වටිනාකම තවත් වැඩි උන එක. පෘථිවියේ ඉන්න කපටිම විලන් කෙනෙක් මුලු විශ්වයේම ඉන්න කපටිම හා දරුණුතම විලන් කෙනෙක් එක්ක එකතු වෙච්ච එක පෘතුවියේ ඉන්න heroesලට තියා villainsලටවත් හොද නිව්ස් එකක් කියල මන් හිතන් නෑ. අලුතෙන් එන YJ S03 එකෙන් මේක බලාගන්න පුළුවන් වෙයි.
  • 01) Death of Wally - වොලීගෙ මරණය


අනිවාර්යෙන් මේ ලිස්ට් එකේ පළමු තැන හිමි වෙන්නේ මේකට. Superhero කෙනෙක් උනත් හුගක් මානුෂිය ලක්ෂන පෙන්නපු චරිතයක් තමා වොලී වෙස්ට් නොහොත් Kid Flash. සීරිස් එක අන්තිමේ ෆ්ලෑෂ්ල තුන් දෙනා තමන්ගේ kinetic energy එක පාවිචිචි කරලා ලෝකය බේර ගන්නවා, ඒත් Impulseගේ හෝ Flashගේ තරම් ස්පීඩ් එකක් වොලීට නැති නිසා වොලිව speedforce එකේ හිරවෙනවා. එතන අන්තිමට artemis 'where is wally?' කියල අහන තැනදී වෙන්න ඕන මට animated series එහෙක වැඩිම දුකක් දැනිච්ච තැන.

Young Justice බලපු කට්ටිය මොකද හිතන්නේ? මේකේ වෙනස් වෙන්න ඕනේ කරන තැන් තියෙනවද? ඒවා ටික එහෙනම් කමෙන්ට් කරන් යන්න.. YJ බලපු නැති සෙට් එක නම් මේක කියව කියව මොනා කරනවද කියල හිත ගන්න බැරි උනත් Young Justice අනිවා බලන්න කියල පුංචි ඔවදනක් දෙනවා. ඒ වගේම කමන්ට් එකක් දාල පුංචි සැප එකක් දෙන්නත් අමතක කරන්න එපා.

Friday, May 12, 2017

SPIDER-MAN : Homecoming Official Trailer No 2 - Breakdown





සිවිල් යුද්ධයකට පැටලුනොත් කොහොම වෙයිද? ඔන්න ඉතින් අපේ මිත්‍ර Peter කොලුවටනම් මේ අපූරු සිදුවීමට මුහුන දෙන්න වෙච්ච වග Captain America : Civil War බලපු අපි දන්නවනේ.ඉතින් මේ සිවිල් යුද්ධෙන් පස්සේ අපිට මේ මකුලු කොළුවගේ වැඩ බලාගන්න පුලුවන් වෙන්නේ මේ Marvel/Sony සුසංයොගයෙන් නිර්මාණය කරන Spider Man: Homecoming චිත්‍රපටියේන්.ඉතින් අපි මේ ලැහැස්ති වෙන්නේ මේ චිත්‍රපටියේ දෙවැනි පූර්ව ප්‍රචාරක පටිය තුලින් ඒ සදහා පෙරමග බලන්නයි.ඉතින් වැඩි කතා නැතුව අපි යමු මකුණු දැලක පැටලේන්න Let’s Break it Down !!









1.) Power of New Suit

අපිට Trailer එක මුලදිම පෙන්නනේ කලබලෙන් වගේ දුවගෙන යන Pete තමන්ගේ School Bag එකෙන් ගන්න Suit එක ඇද ගන්න දර්ශනයක්.Civil war චිත්‍රපටයෙදි දකින්න ලැබුනු Suit එකම තමා මෙතනදිත් අපිට දකින්න හම්බෙන්නෙ,එත් තව පොඩි පොඩි Upgrades ටිකක් Tony කරල කියලත් අපිට හිතන්න පුලුවන්.මටනම් හිතෙන්නේ මේක චිත්‍රපටියේ මුල් කොටසකදි සිද්ධවෙන දෙයක් කියලා.කොහොම හරි මෙතනදි අපිට දකින්න ලැබෙන විශේෂම දෙයක් තමා මේ Suit එක Peterගේ ඇගට ගැලපේන විදිහට හැඩගැහිලා Fitවෙන විදිහ.මේ ඇදුම තමා මෙච්චර කාලෙකට ආපු Spider-Man චිත්‍රපටි වලින් මම දැකපු Comic වලට ලගින්ම යන ඇදුම.මේ සිද්දියෙන් පස්සේ අපිට New York වල ගොඩනැගිලි උඩින් යන Spidey ව දැක බලා ගන්න පුලුවන්.(මේක Breakdown එකක් නිසා මම හිතුවේ වැදගත්ම කොටස්වලට අවදානය දෙන්න.ඒ නිසා අපි මේ වගේ කොටස් ගැන ලොකු පැහැදිලි කිරීමක් නොකර ඉමු)



2.) Great Powers

ඔන්න ඊට පස්සේ අපිට දකින්න හම්බෙනවා ටොනිගෙන් උපදෙස් ගන්න පීටර්ව.සිවිල් වෝ එකෙන් පස්සේ ටෝනිගෙයි පීටර්ගේයි යාළුකම ගොඩක් දුරදිග ගිය එකක් වෙලා වගේ.කොහොම හරි මේ දර්ශණයෙදි පීටර් ටොනිගේ උපදෙස් තමන්ගේ Phone එකෙන් Record කරගන්නවා දැකගන්න පුලුවන්.මෙතෙන්දි ටෝනි හරි අපූරු කතාවක් කියනවා; "Can be a just friendly neighborhood Spider-man" කියලා.කොමික් ෆෑන්ස් ලට නම් මේ Friendly Neighborhood Spider-Man" කියන කොටස අමුත්තක් නෑ,මොකද ස්පයිඩර් මෑන් කොමික් වලදි ස්පයිඩිව බොහෝ තැන් වලදි මෙහෙම හදුන්වනවා වගේම කොමික් සීරීස්ත් ඇවිල්ල තියෙනව මේ නමින්ම.


3.) Stay Close to the Ground

ටොනි පීටර්ට "Stay close to the Ground" කියනව පසුබිමෙන් ඇහෙනවත් එක්කම තමන් මෙච්චර කාළයක් හංගගෙන හිටපු රහස තමන්ගේ මිත්‍රයා උන Ned leeds ට අහුවෙනවා.මෙතෙන්දි විශේශයෙන්ම කියන්න ඔන දෙයක් තමයි මේ Ned Leeds කියන චරිතය ගැන.කොමික් වලදි පරණ Character එකක් වෙන මේ චරිතය මුලින්ම දකින්න ලැබෙන්නේ 1964 ආපු The Amazing Spider-Man #18 Issue එකෙදී වගේම මේයා පසු කාලේක Hobgoblin බවට පරිවර්ථනය වෙනවා.පොඩි පරහකට තියෙන්නේ MCU එකේදී මේ චරිතයේ හැඩහුරුකම් වගේම ගතිලක්ශණත් ගොඩක් සමාන වෙන්නේ "Ultimate Spider-Man Comic Series" ඉන්න "Ganke Lee" කියන චරිතයට. ඒ වගේම තවත් අපූරු රිෆරන්ස් ගොඩක් දකින්න හම්බෙනවා මේ හැම “Trailers ,Movie Clip" වලදිම.ඒ තමා මේ කොලුගැටව් "Star wars" ෆෑන්ස්ලා කියන එක.පීටර්ගේ කාමරය පුරාවට මේ එක එක ස්ටාර් වෝස් ටෝයිස් ,පොස්ටර්ස් දකින්න හම්බෙන එකෙන් අපිට පැහැදිලිවම කියන්න පුලුවන් MCU එකේ Star Wars විශ්වය පවතින බවට.LucaFilms එකේ අයිතියත් තියෙන්නේ මාවල් මව් සමාගම වෙන ඩිස්නේ ලට හින්ද ඒකේ පුදුමෙකුත් නෑ



4.) He is Thief

Chris Evens තමන්ට ස්පයිඩර් මෑන් චිත්‍රපටියේ Cameo එකක් කරන්න ඔනේ කියල ඉල්ල තිබ්බ ඉල්ලීම ඉශ්ඨ වෙලා තියෙනවා අපිට දැක ගන්න පුලුවන්. මෙතෙන්දි කියන්න ඕන විශේශම දෙයක් තමා මේතෙන්දි කැප්ගේ ඇදුම සමාන වෙන්නේ Avengers පලවෙනි චිත්‍රපටේ ඇදුමට.ඒ වගේම මතක තියා ගන්න මේ වෙද්දි කැප් කියන්නේ Criminal case එකකට සම්බන්ද පුදගලයෙක් විදිහට හදුන්වනව වගේම දැන් වකන්ඩා වල හැන්ගිලා ඉන්නේ කියන එකත්.



5.) They Don’t care about us

ඔන්න අපිට ඇවෙන්ජර්ස් කුළුන වගේම Adrian Toomes නැත්නම් අපි කවුරුත් දන්න Vulture අයන් මෑන්ගේ හෙල්මට් ෆේස් එක අල්ලගෙන ඉන්නව දකින්න ලැබෙනවා.හෑ ඒ කොහොමද! අන්න එතෙන්දි මට හිතෙන්නේ මෙයා ස්ටාක් මහත්තයගේ ආමරි එකට හොරෙන් පැනලද , නැත්නම් Stark Industry එකේ වැඩ කරන එකේනෙක්ද,කොහොම නමුත් අපිට මේ පුද්ගලයා Electronics Engineer කෙනෙක් කියලා අමතක කරන්නත් බෑ.
ඔන්න අපිත තවත් වැදගත්ම Easter Egg එකක් තියෙන තැනක් හම්බෙනවා.ඒ තමා Damage Control කියන එක.කොමික් වලදි ඩැමේජ් කන්ට්‍රොල් කියන්නේ සුපිරි වීරයන් හා සුපිටි දුශ්ඨයන් අතින් වෙන විනාශයන් හරි ගස්සන කන්ඩායමක්.ඒ වගේම මේක පටන් ගන්නේ Tony Stark හා Willison Fisk කියන දෙපල.කොහොම නමුත් MCUඑකේ ‍ෆිස්ක් මේකට සම්බන්ද උනොත් ඒක ලොකු දෙයක්.මම හිතන්නේ මෙතන TV එකේ කියන්නේ ටෝනි තමන්ගේ මුදලින් Damage Control එක පටන් ගත්ත කියලද?,නත්නම් උන විනාශයක් D:Control" එකෙන් හරි ගස්සනවා කියලද.කොහොම නමුත් ශීල්ඩ් කතා මලාවෙදි එක කොටසකදී මේ Damage Control එක ගැන කියන නිසා අපිට හරියටම මේ මොකක්ද කියල දැනගන්න චිත්‍රපටිය එනකන්ම ඉන්න වෙන්නේ නැතිවෙයි කියල තමා මට හිතෙන්නේ


6.) He’s Weapons are crazy Dangerous

අපිට මේ චිත්‍රපටියේ දකින්න ලැබෙන එකම Villain න් Vulture විතරක්ම නෙවෙයි.අපිට Shocker වත් මේකෙදි දකින්න පුලුවන් වෙනවා.



7.) Batman become Vulture

මේතන සටනේදී ඔය ඉස්සරහම තියෙන කාර් එකේ නම්බර්ප්ලේට් එකේත් තියෙන්නේ Reference එකක්.ඒ ප්ලේට් එකේ තියෙන්නේ SM2-0563 කියලා.අපිට වොල්චව මුලින්ම දකින්න ලැබෙන්නේ 1963 මැයි වල ප්‍රකාශයට පත් කටපු Amazing Spider-Man #2 Issue එකේදී. ඒ කියන්නේ SM2 05/63 දී :D.මේ ච්ත්‍රපටිය් Creative Control එක තියෙන්නේ මාවල්ලට හින්දා අපිට තව හොද හොද දේවල් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි.ඒ වගේම මේ සටනෙදි නැව දෙබෑ කරන ශක්තියක් මුදා හරින වොල්චර් ගේ පැමිනීම සප්‍රයිස් එකක් වෙගේ පෙන්නේ කලින් සටන වෙන නැවේ කාර් පාක් එකේම පිටි පස්සේ කියල අපිට් පෙන්න තියෙනනේ




8.) He is Ultimate

ඔන්න අපේ ඊලග කථා නායකයා අහස් කුසේ සිට පැමින නැවට තල්ලුවක් දානව පෙන්නනවා.මේ සීන් එක අයන් මෑන් ෆෑන්ලටනම් අමතක වෙන එකක් නෑ.තව දෙයක්, MCU ස්පයිඩිව ගොඩක් නිරමාණය කරල තියෙන්නේ "Marvel Ultimate" Universe එකට අනුව කියල මම කිව්වනේ.මේතෙන්දි දකින්න ලැබේන අයන් මෑන් ගේ ආමර් එක Mark XLVI වගේම උනත් වර්ණ සංකලනය ගොඩක් සමාන වෙන්නේ අල්ටිමේට් උනිවර්ස් එකේ අයන් මෑන් ආමර් එකට.කෝම හරි මේ වැඩේ නිසා අපේ පීටර් කොලුවට ඇදුම නැති වෙනවා.මේතනදි වෙන සංවාදයට සමාන දෙයක් Avengers පලවෙනි චිත්‍රපටියෙදි ටොනීයි කැපුයි අතරෙත් සිද්දවෙනවා.කොහොම නමුත් ටෝනිගේ වදන් වලට පීටර්ගේ මූන කජු ලෙල්ලක් වගේ වෙනව.මේ සිදුවීමෙන් මොනා නැතත් මාවල්ලගේ නිරමාණශීලී හස්තයේ තේජසනම් හොදට පේනවා



9.) Stop carrying weight

ඊලගට අපිට ස්පයිඩිගේ සිවිල් වෝ එකට කලින් Suit එකෙන් වොල්චර් එක්ක කරන සටන් දකින්න පුලුවන්.මේ සිදුවීම වලදී වොලච්ගේ armor එක හොදට දැක බලා ගන්න පුලුවන්.මේ ඇදුම නිර්මාණයට Stark Tech එක ගොඩක් පාවිච්චි කරලා තියෙනවා මට හිතෙන විදිහට.ඒ වගේම තව ශොකර් කෙනෙක් පෙන්නනවා වගේම මේ ශොකර්ලත් ස්ටාක් ටෙක්නොලජි එක වගේම ක්‍රොස්බොන්ස්ගේ තාක්ශනයත් භාවිතාකරල තියෙනවා කියලා කියන්න පුලුවන්.ඒ වගේම අපිට Washington D.C. වල ස්පයිඩි වගේම පාසලේ මිත්‍රයො ඉන්නවත් පෙන්නන නිසා මේක School Trip එකක් කියල හිතන්න පුලුවන්.



10.) Don’t do anything Stupid

අපිට අන්තිමටම පේන්නන දර්ශන වලින් පෙන්නනේ චිත්‍රපටියේ අවසන් සටන වෙන්න ඔනේ.මොක්ද මේක හරිම තිරණාත්මට සටනක් ගුවන් යානයක් උඩ වෙන මේ සටන සිද්ද වෙන්නේ නිව් යොර්ක් වලම තමා.



කොහොම නමුත් මේ MCU ස්පයිඩර්මෑන් ගේ දස්කම් බලාගන්න අපිට ජූලි 7 වෙනිද වෙනකම් ඉන්න වෙනවා.තවත් වැදගත් කාරණයක් වෙන්නේ මේ ච්ත්‍රපටියට කලින් Sony Spider-Man චිත්‍රපටිවල තිබුනු කිසිම දෙයක් ගන්නේ නෑ කියල Kevin Feig සහතික කරපු එක.කොහොම නමුත් දැනට දන්න තොරතුරු වලට අනුව අපිට මෙයාව Avengers :Infinity War චිත්‍රපටියෙදි දැක ගන්න හම්බේවි.මේ Sony/Marvel සුසංයෝගය 2019 දී අවසන් වෙන බවත් දැනගන්න ලැබිලා තියෙනවා.අවසාන වශයෙන් මේක තමා මගේ පලවෙනි ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එක.මෙකට සහය දක්වපු සියලු දෙනාට ස්තූති කරන ගමන් තියෙන වැරදි අඩුපාඩු මොනවද කියන්නත් අමතක කරන්න එපා.තවත් නැවුම් ලිපියකින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා!

#Parker
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates