LATEST :

Saturday, October 29, 2016

All New Wolverine

All New Wolverine aka X-23 aka Laura Kinney


වෙපන් එක්ස් ව්‍යාපෘතිය මගින් ලෝගන් නමැති මියුටන්ට්ගේ අස්ථි පද්ධතිය ඇඩමැන්ටියම් ලෝහ අස්ථි පද්ධතියක් බවට පත් කලාට පසුව ඔවුන්ට ඔහුව රදවා ගැනීමට නොහැකි උනා.. 
එහෙත් වෙනත් රහස් ව්‍යාපෘතියක් මගින් ලෝගන්ගේ ඉතිරි වී තිබූ එකම ජාන සාම්පලය යොදාගෙන ඔහුගේ ක්ලෝනයක් නිපදවීමට උත්සාහ කලා.. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියා වූ ඩොක්ටර් මාටින් සටර්, සාරා කිනෙයි නමැති කීර්තිමත් මියුටන්ට් ජාන වෛද්‍යවරියට ලෝගන්ගේ ක්ලෝනයක් නිපදවීමේ කාර්‍යය භාර දුන්නා..

නමුත් ලෝගන්ගේ ඉතිරි වී තිබූ එකම ජාන සාම්පලයත් පළුදු වෙලා තිබ්බේ.. 22වරක් උත්සාහ කිරීමෙනුත් ඔවුන්ට Y ක්‍රොමසෝම ලබාගැනීමට නොහැකි වූ නිසා, කිනෙයි කාන්තා ක්ලෝනයක් හදන්න යෝජනා කරනවා.. ඒත් ඒ යෝජනාව ප්‍රතික්ෂේප වෙනවා..
නමුත් ඇය ජීව්‍ය කාන්තා ක්ලෝනයක් නිර්මාණය කරනවා.. නමුත් සටර් යටතේ හැදී වැඩුණු ඩොක්ට සැන්ඩර් රයිස් මෙයට විරුද්ධ වෙනවා.. මන්ද සැන්ඩර් රයිස්ගේ පියාව වෙපන් එක්ස් ව්‍යාපෘථියේදී වුල්වරීන් විසින් මරා දමා තිබූ පළිග ගැනීමට නොහැකි වේ යැයි සිතූ නිසාවෙනි.. 
සටර්, කිනෙයිට අවසරය දුන්නත්, රයිස්ගේ බලපෑම යටතේ කිනෙයිගෙන් අනාගතයේදි පළි ගැනීමට කිනෙයිව ක්ලෝනයේ මව ලෙස පත් කරනවා..


අවුරුදු 7ක් පුරාවට එක්ස් 23ව රදවාගෙන ඇයව ආයුධයක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඵුණු කලත්, ඩොක්ට කිනෙයි නිතරම එක්ස් 23ගේ හිතේ මනුස්සකම තියාගන්න උත්සාහ කලා.. 
රයිස් එක්ස් 23 ළදරු අවධියෙදිම ඇයගේ මියුටේශන් බලෙන් ක්‍රියාත්මක කෙරෙව්වා.. එමෙන්ම ඇගේ ක්ලෝව්වල ඇඩමැන්ටියම් ආලේප කලා.. 
එක්ස් 23 මෘදු විදියට හැදෙනවා කියලා දැනගත්තාම රයිස් ඒ වරද පැටෙව්වේ එක්ස් 23ට කරුණාවන්තව සලකපු ඇගේ සෙන්සේට.. ඒ නිසාම එක්ස් 23ට නිපදවපු ට්‍රිගර් සෙන්ට් නම් රසායන සෙන්සේ මත යොදවලා පරික්ෂා කරන්න තීරණය කරනවා.. එක්ස් 23ට ට්‍රිගර් සෙන්ට් එක දැණුනු විගස ඇයව පාලනයකින් තොරව ගොස් සෙන්සේව මරා දමනවා.. ඔහු වෙනුවට කිමුරා නමැති ඝනැති සමක් හා තමන්ගේ සිරුරේ ඇනුවල තරමක පාලනයක් ඇති කාන්තාවක් යොදවනවා.. කලින් සෙන්සේගේ මරණය හේතුවෙන් කිමුරා එක්ස් 23ට තදින් හා දරුණු විදියට සලකනවා..


අවුරුදු කිහිපයකට පසුව එක්ස් 23ගේ පළමු මෙහෙයුම වෙන්නේ ජනාධිපති අපේක්ෂකයෙක්ව මරා දැමීම.. මේ විදියට නොයෙකුත් මෙහෙම්යුම් සදහා ඇයට ලෝකය පුරා තැන් තැන්වලට යාමට සිදු වෙනවා..
සාරා කිනෙයි වරක් එක්ස් 23ව ආයතනයෙන් පිටතට යවනවා ඇයගේ ඥාති දියණියක් වූ මෙගන්ව පැහැරගත් තැනින් බේරාගැනීමට. 
රයිස්, සටර්ගෙන් එක්ස් 23ගේ පාලනය ඉල්ලගන්නවා. ඊට පස්සේ එක්ස් 23ට සටර් සහ ඔහුගේ පවුල මරා දමන්න රහසෙන් නියෝග කරනවා.. එක්ස් 23 සටර් සහ ඔහුගෙ බිරිදව මරා දැමුවත් සටර්ගේ පුතාව මරන්නේ නෑ..

ටික කලකට පස්සේ, රයිස් සාරා කිනෙයිව සේවයෙන් පහ කරනවා.. ඒ මොහොතේ රයිස් තමා සතුව ඇති තවත් ලෝගන්ගේ කාන්තා ක්ලෝන වර්ධනය කරමින් පවතින කුටීර කිහිපයක් පෙන්නනවා.. ෆැසිලිටි එකෙන් පිට වීමට පෙර සාරා එක්ස් 23ගේ අවසන් මෙහෙයුම ලබා දෙනවා.. ක්ලෝන කුටීර විනාශ කර රයිස්ව මරා දමන්න.. 
එක්ස් 23 මෙහෙයුම සාර්ථකව සිදු කලත්, රයිස් මැරෙන්න මොහොතකට පෙර සාරා ට්‍රිගර් සෙන්ට් එකට නිරාවරණය කරනවා.. පාලනයකින් තොරව එක්ස් 23, සාරා කිනෙයිව මරා දමනවා.. මරණාසන්න මොහොතෙදි සාරා, එක්ස් 23ට ලෝරා කිනෙයි නම ලබා දෙනවා.. 


ලෝරා සැන් ෆ්‍රැන්සිස්කෝවට ගිහින් සාරාගේ ඥාති දියණිය මෙගන්ගේ නිවසට යන්නේ තමන් සාරාගේ දියණිය ලෙස හදුන්වා දෙමින්..
පසුව මෙගන්ගේ නිවසේදි කිමුරා සමග සටනකට පසු ලෝරා වුල්වරීන් සොයාගෙන එක්ස් මැන්ශන් එකට එනවා.. 
ඔහු සමග සටනට එළැඹෙන ඇය උපාය මාර්ගවලින් ඔහුව පරද්දනවා.. ඉන්පසු ඇයට එහි ඒමට සිදු වීමට හේතු පැහැදිළි කරනවා.. 


එක්ස් ෆෝර්ස් එක සමග දීර්ඝ ඉතිහාසයක් තියෙන ලෝරා ඇවෙන්ජර්ස් ඇරීනා එකේ දිවිගලවාගත් අයගෙන් කෙනෙක්..
වුල්වරීන්ගේ මරණයෙන් පසුව ඇය දැන් ඕල් නිව් වුල්වරීන් ලෙස අපරාධවලට එරෙහිව සටන් වදිනවා..


බලයන්:
අස්ථි නියපහුරු - එක අතක දෙක බැගින් හා පාදයක එකක් බැගින් ක්ලෝව් 6ක් ඇයට තියෙනවා..
තවරණයෙන් සිදුවන සුව වීම
සුපිරි සංවේදනාවන් - ඇසීම, පෙනීම, ගද සුවද දැනීම ආදි..
වයසට යෑමේ වේගය අඩු වීම

හැකියාවන්-
නොයෙක් සටන් කලාවන් ප්‍රගුණ කර තිබීම
නොයෙක් භාෂාවන් උගෙන තිබීම

දුර්වලතාවයන්-
ට්‍රිගර් සෙන්ට් එකට නිරාවරණය වූ පසු ඇයට තමාව පාලනය කරගත නොහැකි කෝපයක් ඇති වෙනවා.


Saturday, October 22, 2016

Logan Trailer Break Down

Logan Official Trailer Break Down


ඔන්න ගොඩක් අය, එනකන් බලාගෙන හිටපු ට්‍රේලර් දෙකක් ආවා.. ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි වොල්යුම් 2 සහ ලෝගන්.. අපි ලෝගන් ට්‍රේලර් එකේ නොපැහැදිළි තැන් පැහැදිළි කරගමු..
ට්‍රේලරේ බැලුවේ නැත්නම් මෙන්න ට්‍රේලර් එක බලන්න


මේ තියෙන්නේ රෙඩ් බෑන්ඩ් ට්‍රේලර් එක

ට්‍රේලර් එකේ පළවෙනි දර්ශනයෙම පෙන්නන්නේ ලෝගන්ගේ අත වෙවුලනවා.. ලෝගන් වයසට ගිහින් කියන එක ගැන පළවෙනි ඉගිය..



ඒ දර්ශනය ඇතුළෙම ප්‍රොෆෙසර් එක්ස්ගේ කටහඩ ඇහෙනවා.. 'වට් ඩිඩ් යූ ඩූ?'

ලෝගන් ෆිල්ම් එකේ ප්ලොට් එක ඕල්ඩ් මෑන් ලෝගන් කොමික් සීරීස් එකට අනුව යනවා නම්, ලෝගන් විසින් එක්ස් මෙන් ටීම් එක මරා දැමීම සම්බන්ධවද දන්නෙ නෑ ප්‍රොෆෙසර් මේ අහන්නේ..

මේ කතාව සිද්ධ වෙන කාල රාමුව 2024 කියලා සදහන් වෙලා තියෙන නිසා මේ කාල සීමාව ඇතුළේ මොනාද ලෝගන් කලේ?



මුඩුබිම් ප්‍රදේශයක ගරාවැටුණු තැනක ලෝගන් තනියම වාඩි වෙලා ඉන්න දර්ශනයක් දකින්න ලැබෙනවා..



මෙන්න අපිට ට්‍රේලර් එකේ මුල්ම වතාවට ලෝගන්ගේ ක්ලොස් අප් එකක් දකින්න ලැබෙනවා.. ඕල්ඩ් මෑන් ලෝගන් කොමික් එකේ පෙනුමට හුගාක් ආසන්නයි.. හැබැයි කොමික් එකේ කතාව ගලාගෙන යන්නේ ලෝගන් එක්ස් මෙන් කණ්ඩායම මරා දලා අවුරුදු 50කට පස්සේ..



වනාන්තරයක් ඇතුළේ කවුරු හරි(බොහෝ විට ලෝගන්) අපහසුවෙන් දිව යන දර්ශනයකට පසු ලෝගන් කනත්තකට වෙලා බොන දර්ශනයක් පෙන්නනවා.. කනත්තේ භූමදානයක් සිද්ධ වෙනවාත් අපිට දකින්න පුළුවන්.. බොහෝ විට මියුටන්ට් කෙනෙක්ගේ මරණයක් වෙන්න ඉඩ තියෙනවා..



පසුබිමින් 'ද වර්ල්ඩ් ඊස් නොට් ද සේම් ඈස් ඉට් වෝස්.. මියුටන්ට්ස් ආ ගෝන්' යනුවෙන් ලෝගන් ප්‍රොෆෙසර් එක්සේවියර්ට පිළිතුරු දෙනවා ඇහෙනවා..



ලෝගන් වයසට ගිහින් නිසා(ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් අන්තිමටත් ලෝගන්ගේ හිස කෙස් තරමක් සුදු වෙලා තියෙනවා දකින්න පුළුවන්) හෝ 2013 වුල්වරීන් ෆිල්ම් එකේ සිල්වර් සමුරායි ලෝගන්ගේ හීලින් ෆැක්ටර් එකෙන් තරුණ වීමට උත්සාහ කල එකේ අතුරු ඵලයක් විදියට හෝ ලෝගන්ගේ හීලින් ෆැක්ටර් එක දුර්වල වෙලා.. ක්ලෝව්ස් පිටතට එනකොට සිදු වෙන තුවාළ සුව වෙලා නෑ.. කොමික් එකේ නම් ලෝගන් දිවුරනවා ආයෙත් ක්ලෝව් පාවිච්චි කරන්නෙ නෑ කියලා.. ඒ නිසාම ලෝගන් හුදකලාව ජීවත් වෙන්න උත්සාහ කරනවා වගේ පෙන්නේ..



ලෝගන්ගේ පිටේ තියෙන තුවාල සහ සුව උන තුවාලවල කැළැල් අනුව ලෝගන්ගේ හීලින් ෆැක්ටර් එක සාමාන්‍ය මිනිසෙක්ගේ තරමට ඇවිත් කියලා දකින්න පුළුවන්..



අනික් මියුටන්ට්ලා මිය ගිහින් නම් ප්‍රොෆෙසර් එක්ස් කොහොමද බේරුණේ? ගොඩාක් වයස්ගත සහ දුර්වල් ශරීරයක් ඇති ප්‍රොෆෙසර් එක්ස්ව අපිට දකින්න ලැබෙනවා..
ප්‍රොෆෙසර් ඉන්නේ මේ ලෝගන් ඇතුළට යන කඩා වැටිච්ච වතුර ටැංකිය ඇතුළෙ කියලා තීරණය කරන්න වෙන්නේ ටැංකිය පිටත තියෙන සිදුරුත්, ඇතුළෙ තියෙන සිදුරුත් සමානයි වගේ පෙනෙන නිසයි..


සමහර විට ප්‍රොෆෙසර් එක්ස් මේක ඇතුළේ ජීවත් වෙන අතරේ සෙරීබ්‍රෝ එකක් විදියට පාවිච්චි කරනවා වෙන්නත් බැරි නැහැ.. ලෝගනුත් ජීවත් වෙන්නේ ඒ අහළ පහළම වගෙයි..



ගොඩනැගිල්ලක් ඇතුළේ ගැහැණු ළමයෙක් වාඩි වෙලා ඉන්නවා දකින්න ලැබෙනවා.. මේ ඉන්නේ ලෝරා වෙන්න ඕන..

ඒ එක්කම ලෝගන් අහනවා 'වට් ඊස් ශී?' කියලා..



ලෝරාගේ මුහුණ ට්‍රේලර් එකේ පළවෙනි පාරට පෙන්නන අතරේ, පසුබිමින් ප්‍රොෆෙසර් එක්ස් කියනවා 'ශී ඊස් ලයික් යූ.. වෙරි මච් ලයික් යූ' කියලා.. ඇත්තෙන්ම ලෝරා කිනෙයි හෙවත් එක්ස් 23 ලෝගන්ගේ කාන්තා ක්ලෝනයක්.. එක්ස් මෙන් ඒජ් ඔෆ් ඇපකැලිප්ස් ෆිල්ම් එකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේ පෙන්නපු විදියට මිස්ටර් සිනිස්ටර්ගේ එසෙක්ස් කෝපරේශන් එකෙන් ලෝගන්ගේ ලේ සාම්පලයක් ලබා ගන්නවා.. ඒ ලේ සාමපලයෙන් ලෝරා නිර්මාණය කරන්නේ.. මම ලෝරා ගැන වෙනම ලිපියකින් හදුන්වලා දෙන්නම්..



ආයුධ සන්නද්ධ පිරිසක් වාහන පේලියකින් එන දර්ශනයක් පෙන්නනවා.. මේ එන්නේ ලෝරා පස්සේ වෙන්න පුළුවන්..



ඊළගට මුහුණ රෙදිකඩකින් වසාගත්ත කෙනෙක් දකින්න පුළුවන්.. මේ ට්‍රේලරේ කැලිබන්ගේ ඵලමු දර්ශනය.. කැලිබන්ව අපිට එක්ස් මෙන් ඇපොකැලිප්ස් එකේදිත් මුණගැහුණානෙ.. අවට ඉන්න මියුටන්ට්ලාව හදුනාගන්න පුළුවන් මියුටන්ට්.. නළුවා නම් වෙනස්..



'ශී නීඩ් අවර් හෙල්ප්' ප්‍රොෆෙසර්ගේ කීමට බැහැ කියන්න බැරිකමට ලෝගන් මේකට මැදිහත් වෙනවා වගෙයි ඊළග දෙබස්වලට අනුව හිතෙන්නේ..



ලෝගන්ගේ පරණ ටැග් එක දිහා බලාගෙන ඉන්නවා දකින්න පුළුවන්.. ලෝගන් තමන් කලින් ජීවිතය ගතකල විදිය පිළිබද සිහිපත් කරනවා වගෙයි..



සෙබළු තැනකට කඩා වදින දර්ශනයක් දකින්න ලැබෙනවා.. මේ සබළු එසෙක්ස් එකෙන් එවපු සබළු වෙන්නත් පුළුවන්.. 



වෝ.. ඩොනල්ඩ් පියර්ස්ගේ පළමු දර්ශනය.. දැනටමත් සයිබර්නෙටික් අතක් සවි කරගෙන ඉන්නේ.. පේන විදියට පියර්ස් එන්නේ පොලිසියත් එක්ක..



ලෝරා හෙළවෙන කාමරයක බිම දිගේ අපහසුවෙන් බඩගාගෙන යන්න උත්සාහ කරන දර්ශනයක් එක්ක ආයුධ සන්නද්ධ සෙබළු චාල්ස් දිහාවට තුවක්කු එල්ල කරගෙන ඉන්නවා.. චාල්ස් ඉන්න තැනත් හෙලවෙන නිසා ලෝරා චාල්ස් දෙන්නම මේ ඉන්නේ එකම තැනක වෙන්න පුළුවන්..



වතුර ටැංකිය ඇතුළේ තියෙන ඇද මතට ප්‍රොෆෙසර් එක්ස්ව ඔසවාගෙන යන ලෝගනව දකින්න ලැබෙනවා.



ඒ වගේම ලෝගන්, ලෝරා සහ චාල්ස් සතුටෙන් ඉන්න මීඩියම් ක්ලෝස් අප් ශොට් තුනක් දකින්න ලැබෙනවා.. ඒත් ඊළගට දකින දර්ශනයෙන් මේක මේ දර්ශන තුන වගේ සතුටුදායක අවසානයක් නොවේවි කියලා හිතන්න වෙනවා..



ලෝගන් සහ ලෝරා මොකකින් හෝ(පියර්ස්ගේ කණ්ඩායමෙන්) පළා යනවා වගේ පේන්නේ.. වාහනයෙම නිදාගන්න වෙන හේතුවක් තියෙනවද?



ඊළග දර්ශනයේ ලෝරාව යටත් කරගෙන ඇයට මාංචු දාන්න හදනවා දකින්න ලැබෙනවා..



ඩෑම්න්.. ඩොනල්ඩ් පියර්ස්ගේ රීවර්ස්ලාවත් අපිට දකින්න ලැබෙනවා.. රීවර්ස්ලා කියන්නේ පියර්ස්ගේ සයිබෝර්ග් හමුදාව..



ලෝරාගේ අත් සහ බෙල්ල එකට සම්බන්ධ වෙන විශේෂ මාංචුවකින් ඇය සිර කරලා තියෙන එකෙන් ඇය කොයිතරම් භයානකද යන්න ඉස්මතු කරලා පෙන්නනවා..



තුවාල වේදනාව ගැනවත් නොහිතා ක්ලෝව්ස් පිටතත ගන්න තරම් ලෝගනව කේන්ති ගස්සවන දේ මොකද්ද?



වුල්වරීන් ඊස් බැක්.. වුල්වරීන් සුපුරුදු විදියට සටනට එළඹෙන විදිය දකිනකොට එන මෙව්වා එක.. :'(



ලෝරා තවම ළාබාල ගැහැණු දැරිවියක් උනත් ඇය මේ වෙනකොට ගොඩක් සටන් ක්‍රම සහ උපක්‍රම දන්න ආයුධයක්.. ඒ වගේම මෙතන ඇගෙන් පහර කන පොලිස් සෙබළුන්ගේ කමිස අත්වල තියෙන මෙක්සිකෝවේ කොඩිය දැක්කාම ඇය ඉන්නේ (බොහෝ විට ලෝගන් සහ චාල්ස් ඉන්නෙත් මෙතනම වෙන්න පුළුවන්) මෙක්සිකෝවේ කියලා නිගමනයකට එන්න පුළුවන්..



මේ ඔළුව පිටිපස්සෙන් අල්ලගෙන ඉන්නේ කැලිබන්වද? සමහර විට ලෝරාව හොයන්න, කැලිබන්ව බලෙන් යොදවලා වෙන්නත් පුළුවන්..



ලෝගනුත් කලින් චාල්ස් සහ ලෝරා හිටපු සෙළවෙන කුටියේ හෝ ගොඩනැගිල්ල ඇතුළේ ඉන්නවා දකින්න පුළුවන්..



ලෝරා ගොඩනැගිල්ලක උඩම තට්ටුවෙ ඉදන් පනිනවා දකින්න ලැබෙනවා.. මේ ඇය මුලින්ම එසෙක්ස් එකෙන් පළා ආපු විදිය වෙන්න පුළුවන්.. බය වෙන්න එපා.. මැරෙන්නෑ.. :3

වෙපන් එක්ස් වර්සස් එක්ස් 23



ලෝරාගේ එක අතක ක්ලෝව්ස් දෙකක් සහ පාදයක එක ක්ලෝව් එකක් බැගින් තියෙන්නේ..
මෙතන ලෝගන් එක්ක සටන් කරන කෙනාගෙ අතේ තියෙන්නෙත් ක්ලෝව් දෙකක් නිසා මේ ලෝරා කියලා නිගමනයකට එළඹෙන්න පුළුවන්..
මෙතන ක්ලෝව් 3ක් වගෙත් පේනවා හැබැයි.. ක්ලෝව්වල පිහිටීමට අනුව මේ ලෝගන්ගේ පුතෙක් වෙන ඩේකන් අකිහිරෝ වෙන්නත් බැරි නෑ.. ඒත් කාස්ට් ලිස්ට් එකේ නම් ඩේකන් නෑ.. 



ඒත් ලෝරා ඇයි ලෝගන් එක්ක සටන් කරන්නේ? දෙන්නගෙම ක්ලෝව්වල මේ වෙනකොටත් ගොඩක් ලේ ගෑවිලා තියෙන්නේ.. කොමික්වලදී ලෝරාව නිර්මාණය කරන වැඩසටහනේදි ඇය ළවා කෙනෙක් මැරවීමට අවශ්‍ය වුනොත් ට්‍රිගර් සෙන්ට් නමැති රසායනයක් නිපදවනවා.. මේ රසායනයෙන් ලෝරාට තමාව පාලනය කරගැනීමට නොහැකිව ගිහින් අවට ඉන්න හැම කෙනෙක්ම මරනවා.. බොහෝ විට මේ ට්‍රිගර් සෙන්ට් එකේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්..

මෙන්න ලෝගන් පෝස්ටරේ අභිරහස විසදුණා.. ලෝරාගේ අත..


දරුණු විදියට තුවාළ ලබලා තවම සුව වෙලා නැති ලෝගන් සහ තුවාළ ලබලා සුව වෙලා ඉන්න ලෝරා..



'ලෝගන්.. යූ ස්ටිල් හෑව් ටයිම්..' ප්‍රොෆෙසර් එක්සේවියර් මේ කියන්නේ ලෝරාව ආරක්ෂා කරගෙන, ඇයව හදාවඩා ගන්න ලෝගන්ට තවමත් පුළුවන් කියන එකද? නැත්තන් තමන්ගේ කාලය ඉවරයි කියන එකද? :/

මාර්තු 3 වෙනිදට බලමු..


#ආර්කේඩ්

Agents of S.H.I.E.L.D. S04 E02


''Meet the New Boss'' - Recap & Review

*** >> Spoiler Alert << ***



  • Spoilers Everywhere.. Read at Your own Risk


මුලින්ම පහුගිය දවස් ටිකේ අසනීපෙන් හිටපු නිසා review වැඩේ පරක්කු වුණාට සමාව ඉල්ලනවා. Ghost Riderගේ ආගමනයත් එක්ක Agents of S.H.I.E.L.D. කථාමාලාව දැන් දැන් හොඳ ජනප්‍රියතාවයකින් යුතුව විකාශනය වෙන්නට පටන් අරන් තියෙන්නේ. ඒ වගේම ඔන්න අද ඉදන් review එක පොඩ්ඩක් වෙනස් විදියට ගේන්න හිතුවා. දිගටම මේ අලුත් විදියට review එක ගේන එක හොදයිද නැද්ද කියලා අදහස් පළකරන්න කියලා ඉල්ලන ගමන්ම කෙලින්ම කථාවේ සිදුවීම් වලට යමු...

The Good


1 - The opening scene

මේ පාර season එක ටිකක් dark theme එකට බරවෙලා තමයි පටන් ගත්තේ. ඒ ගතිය මේ episode එකෙත් අපිට දකින්න ලැබෙනවා. කථාව පටන් ගන්න මිනිත්තු කිහිපය නිකන් horror movie එකක් වගේ කියලයි මට නම් දැනුනේ. අපි ගිය පාර episode එකෙ දැක්ක ghost තමයි මේ පාර episode එකේ ආරම්භක අවස්ථාවෙන් දකින්නේ. පේන විදියට නම් මෙයා මොනවා හරි/කාව හරි හොයනවා වගේ. මේ ghostගේ සිද්ධියෙන් පස්සේ Robbie Reyes Hell Charger එක සූදානම් කරගෙන වැඩට යන්න ලෑස්ති වෙන රූප පෙල දක්වා යන කොටස දකිද්දී Supernatural කථාව මතක් වුණේ කාටද?

2 -
The big Doctor Strange connection

Agents of S.H.I.E.L.D. කථාමාලාව Marvel Cinematic Universe එකේ movies එක්ක සම්බන්ධ වෙනවා කියන එක Marvel රසිකයෝ හැමෝම දන්නවානේ. ඔන්න මේ පාර November 4 වෙනිදා ලොව පුරා ප්‍රචාරය වීමට නියමිත Doctor Strange movie එකත් එක්ක AOS කථාව සම්බන්ධ වෙන්නයි හදන්නේ. ඒකට ලොකුම ඉඟිය මේ episode එකේදී අපිට අහන්න ලැබෙනවා. ඒ තමයි Drakhold කියන පොත. මේ ගැන මේ ලිපියේම ඉදිරියට විස්තරාත්මකව කරුණු සඳහන් වෙනවා.

3 - 
Daisy is Using her Powers




ගියපාර season එකේ අපි දැක්කා Daisy තමන්ගේ powers use කරලා පියාඹන විදිය. ඒක පියෑඹීමකට වඩා මතුපිට පෘෂ්ඨයෙන් ඉහළට පැනීමක් හැටියටයි සඳහන් කරන්න වෙන්නේ. ඔන්න මේ season එකෙත් අපිට Daisy powers use කරන විදිය හොඳින් බලාගන්න පුළුවන්. Powers use කරනකොට Daisyගේ අතේ ඇතිවන ආබාධයත් එක්ක comic වලදී අපිට දකින්න ලැබෙන Quakeගේ ලොකු gauntlet බලාගන්න ලැබේවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.

4 - Team Fitz and Mack


Season 2 වලදී Fitz මානසිකව අවුල් ගිහින් ඉද්දී Fitzව යථා තත්වයට ගන්න උදව් කරපු කෙනා තමයි Mack කියන්නේ. ඔන්න සෑහෙන කාලෙකට පස්සේ Mack සහ Fitz දෙන්නට එකතුවෙලා වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා. මේ වගේම Bobby Hunter දෙන්නාවවත් ආයෙ ගෙන්නුවානම් තමයි වටින්නේ.

5 - Shotgun-Axe is back!!


Agents of S.H.I.E.L.D. Season 2 වලදී ජනප්‍රිය වෙච්ච දෙයක් තමයි Mackගේ Shotgun-Axe එක. ගිය Season එකෙත් අපි Shotgun-Axe එක දැක්කා. මේ පාරත් Mackගේ signature weapon එක වෙලා තියෙන්නේ මේ Shotgun-Axe එක තමයි. පේන විදියට නම් Shotgun-Axe එකට upgrade එකක් ලැබිලා වගේ. ඒ කියන්නේ දිගටම මේ Season එකේ අපිට Mack Shotgun-Axe එක use කරනවා බලාගන්න පුළුවන් වේවි.

6 - The new director is Inhuman




මෙන්න මේක තමයි episode එකේ කාටවත්ම හිතාගන්න බැරිවෙච්ච සිද්ධිය. කවුද හිතුවේ SHIELD එකේ Director Inhuman කෙනෙක් වේවි කියලා. ඒ වගේම අපිට මේ කෙනාගෙ බලයන් ගැන අදහසක් ලබා දෙන්නත් මේ episode එක සමත් වෙනවා. ඒ වගේම මෙයාගේ නමේ කොටසක් [Jeffrey] අහන්නත් ලැබෙනවා. Agent May අපේ අලුත් Directorට අසිහියෙන් පහර දෙද්දී ඒ පහරවල් එකකින්වත් Jeffreyට රිදෙන බවක් නම් පෙණුනේ නැහැ. අසීමාන්තික කාය ශක්තියක් සහ දරාගැනීමේ හැකියාවක් මොහුට තිබෙන බවයි පෙනෙන්නේ. ඒ වගේම මෙතනදී අපිට දැනගන්න ලැබෙන තවත් වැදගත් කරුණක් වන්නේ Coulson Director තනතුරෙන් උවමනාවෙන්ම ඉවත්වී ඒ සඳහා බලයන් සහිත කෙනෙක් යෙදවිය යුතුයි යැයි තීරණය කළ බවයි. ඒ කියන්නේ Sokovia Accords එක තවදුරටත් SHIELD එක තුළ බල ගැන්විය යුතුයි කියන මතය ඔහු තුළ පවතිනවා කියන එකද?

7 - The Badass Ghost Rider



AOS කථාමාලාවේ දැනට ජනප්‍රියම චරිතය සහ දැනට බලගතුම චරිතය තමයි 
Robbie Reyes aka Ghost Rider. මෙයාගෙ වැඩ කිඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඔන්න මේ පාර අර ඉන්න Ghostලා එක්කෙනෙක් එක පාරින්ම අළු කරලා දානවා. මේ නිසාම අලුත් Ghost Rider series එකක් හැදෙන්නත් ලොකු ඉඩක් තියෙනවා.

 

The Bad


1 - Jemma is giving tours


මම නම් හිතන්නේ මේක නොසිදුවිය යුතු දෙයක් කියලයි. SHIELD එකේ හොඳම විද්‍යාඥවරියක් මේ විදියේ guide කෙනෙක් කරන එක මෝඩ වැඩක්. ගිය season එකේ අපි දැකපු adventurous Simmonsව මේ Season එකේත් දකින්න ලැබෙන එකයි හොඳ. කොහොම හරි ඊලඟ episode වලදිවත් Simmonsට සුදුසු විදියේ රාජකාරි ලැබේවි කියලා අපි හිතමු.

2 - Agent May's situation


මට හිතෙන හැටියට නම් Agent May කියන්නේ ලේසියෙන් ග්‍රහණයට ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ storyline එක Agent Mayට ගැලපෙන්නෙ නැති අවස්ථා ගොඩයි. කොහොම හරි මේ දේ ඉවර කරලා Mayව යථා තත්වයට ඉක්මනටම අරගෙන කලින් season වල අපි දැක්ක badass Mayව ඉස්මතු කරාවි කියලා. ඒ වගේම අන්තිමට අපිට දකින්න ලැබෙන්නේ politiciansලා පිරිසක් සමඟ එකම jet එකේ Agent Mayව ගැටගසා යවන බවයි. SHIELD එක ආයෙත් නමක් හදාගෙන එන්න යනවා නම් ඇයි මේ වගේ risk එකක් ගන්නේ?

The Questions


1 - Will Quake and Ghost Rider help each other?



Episode එක අන්තිමට අපි දකිනවා Robbie Daisyට මේ වෙන දේවල් ගැන කියන්න තීරණය කරන බව. මේ හැමදේම සම්බන්ධවෙන හැටි ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒත් මේ දෙන්නා ගන්න actions අතින් දෙන්නා මාවත් දෙකක ඉන්න නිසා දෙන්නාගේ එකතුවීම කොච්චර සාර්ථක වෙයිද කියලා කියන්න අමාරුයි. ඒත් Season එක ඉවර වෙනකන්ම Ghost Riderව බලන්න ආස නිසා Robbie SHIELD එකත් එක්ක එකතු වෙනකන් බලන් ඉන්නේ මං විතරද?

2 - Who is “he?”


අර Ghostලා තුන්දෙනා එකතුවෙලා කතා කරන වෙලාවේ හැමවෙලේම ''he'' කියලා කථා වෙනවා. ''What did he do to us?'', ''He has to pay'' මෙහෙම කියන්නේ කා ගැනද? Ghost Rider ගැනද? නැත්නම් වෙන කෙනෙක් ගැනද?

3 - They’re going to save May, right?





Ghostලාගේ ඊලඟ ගොදුර වුණේ Agent Mayයි. දැනට තියෙන තත්වයන් එක්ක Mayගේ තත්වය බරපතලයි වගේ. මේ season එකේදී Agent May කියන්නේ peak character එකක් නෙවෙයි වගේ. ඒත් Mayගේ අත්දැකීම් සහ හැකියාවන් එක්ක බලද්දි ඒ වගේ කෙනෙක් නැති කරගන්න එක SHIELD එකට ලොකු පාඩුවක් වේවි.

The Marvel-ous Connections


1 - Canelo’s Auto Body


කලින් episode එකෙත් අපිට Canelo’s Auto and Body service එක ගැන දකින්න ලැබුණා. මේ පාර අපිට කෙලින්ම නමම අහන්න ලැබෙනවා. All-New Ghost Rider comic series එකේදීත් Robbie Reyes වැඩ කරන්නේ මේ ගරාජ් එකේයි.

2 - Till your Uncle will pick you up


මෙතනදී කියවෙන්නේ Robbie Reyesගේ මාමා නොහොත් Elias Morrow ගැනයි. Comic වලදී Robbie Reyesගේ Dodge Charger එකට අරක්ගත් හොල්මන බවට පත්වන්නේ මියගිය Elias Morrowයි. ඒත් SHIELD කථාමාලාවේදී මේක කොයි ආකාරයට වේවිද කියලා කියන්න අමාරුයි. ඒත් මෙතනදී Elias Morrow ගැන Daisy කියපු එකත් වටිනවා.

3 - Jeffrey



අපිට මේ Jeffrey කියන නම Marvel Comics වලදී හම්බෙන්නේ තැන් කිහිපයකදීයි. එතනින් විශේෂම කෙනා තමයි Jeffrey Mace කියන නම. Jeffrey Mace කියන්නේ Patriot කියලා comic වල හමුවෙන කෙනාටයි. මේ කෙනා Captain Americaට ගරු කරා නිසාම දෙවන ලෝක යුද්ධයේදී vigilante කෙඑක් විදියට නාසි හමුදාව සමඟ සටන් කර තිබෙනවා. ඒ වගේම කිහිප වරකම Captain Americaව බේරා ගන්නටද සමත් වනවා. මේ නිසාම සමහර අවස්ථාවලදී මෙයාව Captain America ලෙසද හදුන්වාගෙන දී තිබෙනවා. AOS කථාමාලාවේදී නම් අපිට මෙයා දැන්ම Patriot වේවි කියලා හිතන්න අමරුයි ඒත් ඉස්සරහට ඒ දේවල් සිදු වෙන්නත් පුළුවන්.

4 - Tobias Ford




Thor: The Dark World චිත්‍රපටියට අනුරූපව විකාශනය වුණු Agents of S.H.I.E.L.D. Season1 වලදී අපිට මේ Tobias Fordව හමුවෙනවා. Thor: The Dark World චිත්‍රපටියේදී dimensions මාරු වෙන සිදුවීමේදී බලපෑමක් වෙලා මෙයාව dimensions දෙක අතර සිරවෙනවා. මේ නිසා මෙයාව පේන්නෙ නෑ. මේ season එකේදී ghostsලා හමුවුණු විට Jemma, Tobiasව මතක් කරන්නේ මේ අය හොල්මන් නෙවෙයි කියලා පවසන්නයි.

5 - Peggy Carter


අපි හැමෝම දන්නවා Agent Carter series එක cancel වුණා කියලා. මේ නිසාමද දන්නෙ නෑ Coulson එක තැනකදී කියනවා “there’s so many stories that were never recorded” කියලා. ඒ කියන්නේ Marvelලා Agent Carter series එක තව ගෙනියන්න හිතන් හිටියත් fan base එක අඩු නිසා ඒක නවත්තන්න වුණු බව කියන්න මේ වාක්‍යය යොදාගත්තා කියලයි මට නම් හිතෙන්නේ.


6 - The Darkhold



මේ හැම සිදුවීමකටම මුල මේ පොත කියලයි මට හිතෙන්නේ. මේ Darkhold කියන පොත නිර්මාපණය කරන්නේ Chthon කියන Archdemon විසිනුයි. මේ පොත විනාශ කළෑ නොහැකි කඩදාසි වර්ගයකිනුයි තනා තිබෙන්නේ. තමන් දන්නා magic සියල්ලම Chthon විසින් මේ පොතේ අඩංගු කර තිබෙනවා. Chthonගේ කථා පුවතේදී ඔහු විසින් මායාකාරියන්, werewolves වගේ මායාවන් හා සම්බන්ධ ජීවීන් නිර්මාණය කොට තිබෙනවා. මේ නිසාම මේ පොතේ අඩංගු වෙන මායා බලයන් භාවිතා කරන ඕනෑම කෙනෙක් Chthonට පාලනය කරන්නටද හැකියාව ලැබෙනවා. මේ නිසාම Doctor Strange සමඟ ආරවුල් කිහිපයකටම Chthon පැටලී තිබෙනවා. ඒ හේතුවෙන් comic වලදී Chthonව මරා දමන්නට ආසන්න වන අවස්ථාද බොහොමයි.

මේ පොත භාවිතා කරන කෙනෙක්ට Doctor Strangeගේ තරම් බලයක් ලබාගන්නටත් පුළුවන්. තමන්ගේ ආත්මය Chthonට ඇපයට තියලා තමයි ඒ තත්වයට පත්වන්න සිදුවන්නේ. වරක් Mephisto විසින් මේ පොත භාවිතයෙන් සියළුම අඳුරු ආත්මයන් සහ ජීවීන්ව සිරකර දමා තිබෙනවා. මේ පොත යොදාගෙන ඉදිරි episodes නිර්මාණය වෙනවා නම් මේ පාර AOS කථාමාලාව අපි නොහිතන විදියට අඳුරු කතා තේමාවක් දක්වා ගෙනයන්නත් හැකියාව තියෙනවා.



7 - Steve Rogers went AWOL



SHIELD එකේ අලුත් Director Jeffrey කියනවා Steve Rogers went AWOL කියලා. මේ කියන්නේ Captain America: Civil War Movie එකෙන් පස්සේ Cap ගැන විස්තර හොයාගන්න නැති එක ගැනයි. ඒ වගේම දැන් Captain America අතුරුදහන් නිසා සමහරවිට Jeffrey Patriot වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් මේ දෙබස Coulson එක්ක වෙන නිසා මට හිතෙන්නේ Coulson තමන්ට පස්සේ SHIELD එකේ Director බවට Capව පත්කරන්න හිතන් හිටියා කියලයි. දැන් Cap Wakandaවේ හැංගිලා ඉන්න නිසා අපේ අලුත් Directorව පත් කරන්න ඇති.


Comic reference ගොඩක් එක්ක ආපු නිසාද මන්දා මේ episode එක ගැන ගොඩක් කතා කරන්න සිදු වුණා. කොහොම නමුත් හොඳ සාර්ථක episode එකක් හැටියටයි මම මේක දකින්නේ.


Episode Score:



  4/5




#SmAsHeR


 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates