LATEST :

Friday, September 30, 2016

Luke Cage


මේ දවස් වල ආපහු ටීවි සීරිස් එන්න පටන් ගෙන තියෙන්නේ. ඒ අතර හැමෝගෙම අවධානය දිනා ගන්න සමත් වුනු එකක් තමයි නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ මේ මාසයේ 30 වෙනිදා විකාශය වීමට නියමිත Luke Cage කතාව. අපිට මේ වෙද්දී මෙයාව ජෙසිකා ජෝන්ස් කතාව හරහා මුණ ගැහිලා තියන හින්දා අපේ යාළුවන් ට පොඩි අදහසක් ඇති කියලා හිතනවා. ඒ හින්දා ටීවී සීරිස් එකේ දී අපිට මුණ ගැහෙන චරිතය ගැන අපි කතා කරන එක පොඩ්ඩක් අමතක කරලා කොමික් වල දී අපිට මුණ ගැහෙන චරිතේ ගැන තමයි කතා කරන්න හදන්නේ. 
Carl Lucas එහෙමත් නැතිනම් පස්සේ කාලේක හැමෝම දන්න Luke Cage විදිහට නම මාරු කරපු Luke ඉපදුනේ නිව් යෝර්ක් වල Harlem වල. පුංචි කාලේ ඉදන්ම නිව් යෝර්ක් වල විදී වල සෙල්ලම් කරපු Luke දන්නෙම නැතුව නරක ආශ්‍රයට වැටුනා.  මේ හින්දාම එයාට නොකළ වරදකට සිර දඩුවම් විදින්නත් සිද්ද උනා.

සිරගත වෙලා ඉන්න කොට තමයි එයාට අසාමාන්‍ය හැකියාවන් හම්බෙන්නේ. ඒ රහසිගතව රැඳවියන් යොදාගෙන කරන සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකට Luke ව යොදා ගත්තු හින්දා. මෙතන දී වෙන අනතුරක් හින්දා  Luke ගේ සිරුරේ සෛල ඝන වීමක් වෙනවා.  ඒ ඝන වීමෙන් තමයි එයාට මේ විශේෂ හැකියාව ලැබෙන්නේ.
ඊට පස්සේ තමයි Luke Cage, Power Man විදිහට ප්‍රසිද්ධ වෙන්නේ. ඇත්තම කියනවා නම් Power Man කියන නමට ත් වඩා Luke Cage කියලාම ගොඩක් අය හදුන්වනවා. මොකද ගොඩක් සුපිරි වීරයෝ වගේ නෙවේ, Luke Cage ට රහසිගත අනන්‍යතාවයක් නෑ. කහපාට ටී ෂර්ට් එකයි ඒක  උඩින් අදින ලෙදර් ජැකට් එකයි තමා මෙයාගේ ඇඳුම උනේ. පොඩි කාලයේ ඉදන්ම විදි වල ගැවසිලා පුරුදු හින්දා මෙයා සුපිරි වීරයෙක් විදිහටත් කෙරුවේ නිව්යෝර්ක් නගරයේ විදි වල වැඩ පටන් ගත්ත එක. ඒ කියන්නේ එයා ඉල්ලන ගාණ ගෙවන්න සුදානම් Luke Cage ලෑස්තියි ඕන දෙයක් කරලා දෙන්න. පස්සේ කාලේක Heroes for Hire කියන කණ්ඩායම හැදෙන්නත් හේතු උනේ Luke Cage ගේ මේ වැඩ පිළිවෙල.
සාමාන්‍ය මිනිසුන් අතරේම ඉදන් කටයුතු කරන හින්දා ගොඩක් වෙලාවට Daredevil, Spider-Man, Misty Knight, Iron Fist වගේ කට්ටියත් එක්ක Luke Cage නිතරම කටයුතු කළා.

Luke ගේ හොඳම යාලුවා උනේ Iron Fist. මේ හින්දාම Luke ගේ නමත් එක්කම Iron Fist ගේ නමත් නිතරම කියවෙනවා වගේම මේ දෙන්නා එකම කණ්ඩායමක වැඩ කරපු අවස්ථා තමයි ගොඩක් තියෙන්නේ. ඒ අතරින් Defenders විශේෂ තැනක් ගන්නවා. කළු ජාතියකයෙක් වන Luke මාවල් යුනිවර්ස් එකේ ඉන්න ප්‍රධාන කළු ජාතික සුපිරි වීරයන්ගෙන් කෙනෙකුත් වෙනවා. වෝර් මැෂින් ගේ අවමංගල උත්සවය අවස්ථාවේ මුල් තැන අරගෙන කටයුතු කරපු කළු ජාතික සුපිරි වීරයන් අතරින් කෙනෙක් තමයි Luke කියන්නෙත්.


Luke ගේ ජිවිතේ  වැදගත්ම සංධිස්ථානයක් තමයි එයාට ජෙසිකා ජෝන්ස් ව මුණ ගැහීම. පර්පල් මෑන් ගේ බලපෑම හින්දා අසරණ වෙලා හිටිය ජෙසිකා ව යතා තත්ත්වයට එන්න උදව් කෙරුවේ Luke. මේ සම්බන්ධය පස්සේ කාලේක ආදරයක් බවට හැරුනා වගේම කොමික් වල දකින්න ලැබෙන අසාමාන්‍ය විදිහේ ආදරයක් මේ දෙන්නා අතරේ තියනවා. මේ දෙන්නාගේ විවාහ ජිවිතේ ගොඩක් සාර්ථක වගේම Danielle Cage කියලා දුවෙකුත් ඉන්නවා. විවාහය සාර්ථක වෙන්න හේතුව නම් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මොකද ලෝකයටම බය නැති විදිහට හිටියත් Luke ගෙදරදී සද්දයක් නැතුව ඉන්නේ.

දැනට අපිට Luke ගැන කියවන්න පුළුවන් වෙන්නේ All New All Different Marvel යටතේ නිකුත් වෙන Power Man and Iron Fist කියන කොමික් කතා මාලාවෙන්. කාලයක් ඈත්වෙලා හිටිය මේ දෙන්නා ආයෙමත් එකට වැඩ කරද්දී මුහුණ දෙන්න වෙන සිදුවීම් තමයි අපිට මේකේ දී කියවන්න පුළුවන් වෙන්නේ.


Luke ගේ තියන ප්‍රධානම විශේෂත්වය තමයි එයාගේ සම ලේසියෙන් කෙනෙක් ට හානි කරන්න බෑ. ටයිටේනියම් ලෝහය දක්වන ප්‍රතිරෝධ තාවයට සමාන ප්‍රතිරෝධයක් එයාගේ සමට දරාගන්න පුළුවන්. ඒ හින්දා ආයුධයකින් හානි කරන්න බෑ වගේම වෙඩි උණ්ඩයකින් මෙයාට හානියක් කරන්න අමාරුයි. හැබයි මේ හින්දාම එයාට අවාසි දායක දේවලුත් වෙනවා. ඒ තමයි හදිසි ශෛල්‍ය කර්මයක් හරි එන්නත් කිරීමක් හරි කරන්න සිද්ධ වෙන අවස්ථාවක ගොඩක් මහන්සියක් දරන්න වෙන එක. සාමානයෙන් නම් කරන්නේ අධි බල ලේසර් කිරණයක් යොදා ගන්න එක. ඒත් හදිසි අවස්ථාවක දී මේ වැඩේ කරන්න විදිහක් නෑ.


මීට අමතරව Luke ට සාමාන්‍ය මනුෂ්‍යයෙක් අභිබවා ගියපු ශක්තියක්, දාරගැනිමේ හැකියාවක් වගේම සැලකිය යුතු මට්ටමක වේගයකුත් තියනවා. මෙතන දී අපි මතක තියා ගන්න ඕනේ සුපිරි වීරයෙක් වෙන්න කලින් ඉදන්ම Luke කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. එයාගේ හැකියාවන් වැඩි දියුණු උණා සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේ පරීක්ෂාව හින්දා.

මේ තොරතුරු වලින් ගොඩක් දේවල් අපිට විකාශය වෙන්න නියමිත Luke Cage කතාවෙන් බලාගන්න පුලුවන් කමක් ලැබෙයි. කතාව විකාශය උනාට පස්සේ දවසක අපි ආයෙම දවසක මේ ගැන කතා කරමු.

#aTh



Wednesday, September 21, 2016

Ghost Rider

අවුරුදු 20000කට පෙර සිට පෘථිවියේ විසූ බ්ලඩ් නමැති මනුශ්‍යරූපී අමරණීය ජීවීන් විශේෂයක් මුල්ම පළිගැනීමේ ආත්මවල සහය පතනවා සරතෝස් නමැති ආත්ම සොරකම් කරන යක්ෂයෙක් සමග යුද්ධයට.. යුද්ධය ජයග්‍රහණය කරන්න බ්ලඩ්ලා පළිගැනීමේ ආත්ම එකතු වෙලා ළබා දුන් සාරය ඇතුළත්, බලයේ පදක්කම නමැති ගුප්ත මෙවලමක් නිර්මාණය කරනවා.. මේ පදක්කමට සරතෝස්ගෙත් කුඩා කොටසක් එකතු වෙනවා.. ඒ නිසා බ්ලඩ්ලා තීරණය කරනවා මේ පදක්කම කොටස්වලට කඩලා, පවුල් දෙකක ආධ්‍යාත්මික ලේවලට එකතු කලා.. 


ඒ අතරේ මෙෆිස්ටෝ සමග සටනකට එළඹෙනවා. මෙෆිස්ටෝ සරතෝස්ව රවට්ටලා තමන්ගේ යටතට අරගෙන මෙෆිස්ටෝගේ වහලෙක් කරගන්නවා..
18 වෙනි සියවසේදි පළවෙනිම ජීවත්වෙන පළිගැනීමේ ආත්මය එහෙම නැත්නම් පළවෙනි ගෝස්ට් රයිඩර් වෙන්නේ නෝබල් කේල්.. කේල් කියන්නේ බ්ලඩ් වර්ගයා බලයේ පදක්කමේ කොටසක් ලෙයට එකතු කරපු පරම්පරාවන් දෙකෙන් එකක්.. 

නෝබල් කේල්


නෝබල් මග්ඩලෙනා නමැති කාන්තාවක් සමග පෙමින් බැදෙනවා.. 
ඒත් පාදිලිවරයෙක් වෙච්ච නෝබල්ගේ දරුණු පියාට බයෙන් නෝබල් මේ ආදර කතාව රහසක් විදියට තියාගන්නවා.. නොබල්ට සහ මැග්ඩලෙනාට දරුවෙකුත් ලැබිලා ටික කාලෙකට පස්සේ, මැග්ඩලෙනා හොයාගන්නවා නෝබල්ගේ පියා පාදිලි කේල් මෙෆිස්ටෝගේ සේවකයෙක් කියලා.. තමන්ගේ රහස පවත්වා ගන්න ඕන නිසා පාදිලි කේල් මැග්ඩලෙනා මායාකාරියක් කියලා නම් කරලා ඇයව දර සෑයක පණපිටින් දවලා මරනවා.. මැරෙන්න මොහොතකට කලින් ඇඑ වෙනුවෙන් පළිගන්නා ලෙස ෆියුරි නම් පුරාණ ආත්මයන්ගෙන් ඉල්ලමින් පාදිලි කේල්ට ශාප කරනවා.. මේ පෞරාණික ආත්මයන් ඇවිත් විනාශකාරී කලබලයක් ඇති කරනවා.. 
නෝබල්ගේ ආත්මය ගෙවීමක් වශයෙන් ඉදිරිපත් කරලා, පාදිලි කේල් මෙෆිස්ටෝගෙන් උදව් ඉල්ලනවා මේ විනාශකාරී ආත්මයන්ගෙන් බේරෙන්න.. 
නෝබල්ගේ ලේවල තියෙන බලයේ පදක්කමේ කොටස් හදුනා ගන්න මෙෆිස්ටෝ වහාම ඒක ක්‍රියාත්මක කරලා නෝබල්ව ජීවමාන පළි ගැනීමේ ආත්මයක් නොහොත් ගෝස්ට් රයිඩර් බවට පරිවර්තනය කරනවා.. නෝබල් ෆියුරීස්ලාව පන්නනවා..
පාදිලි කේල් ගෝස්ට් රයිඩර්ට පූජාවක් විදියට නෝබල්ගේ පුතාව බිලි දෙනවා..
ඒකෙන් ඇති වෙච්ච කම්පනයට නෝබල් සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා. නෝබල්ගේ ආත්මයේ තමන්ට තියෙන අයිතිය පෙන්නමින් මෙෆිස්ටෝ එතනට ඇවිත් නෝබල්ගේ මරණය වළක්වනවා.. 
නෝබල්ගෙන් පසුව ඉපදෙන කේල් පවුලේ හැම අලුත් පරම්පරාවකම පළවෙනි දරුවාට ගෝස්ට් රයිඩර් වෙන්න ශාපයක් වදිනවා..

ජොනතන් 'ජොනී' බ්ලේස්


ජොනී බ්ලේස් තමයි අපි බොහොම දෙනෙක් හොදින්ම දන්න ගෝස්ට් රයිඩර්.. 
බාටන් බ්ලේස් සහ නයෝමි කේල්ගේ වැඩිමහල් පුතා තමයි ජොනී.. ඩැනියෙල් සහ බාබරා නමින් සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා.. ජොනීගේ මුල් කාලය ගෙවුණේ ක්වින්ටින් කානිවල් එකේ.. බාටන් සහ නයෝමි , ග්‍රේග් 'ක්‍රෑෂ්' සිම්ප්සන් එක්ක ක්වින්ටින් කානිවල් එකේ ස්ටන්ට් ෂෝ කරනවා.. ඒත් ජොනී පොඩි කාලෙම නයෝමි දැනියෙල් සහ බාබරා අරගෙන ජොනීව තාත්තා එක්ක දාලා යනවා.. නයෝමි මෙහෙම ජොනීව දාලා යන්නේ කේල් පවුලේ ශාපයේ හැටියට ඇය විදින ශාපයම ඇගේ පළමු දරුවාටත් විදින්න වෙන එක වළක්වන්න හිතාගෙන ජොනී අතහැර යන නයෝමි , ඩැනියෙල් සහ බාබරාව ෆ්‍රැන්සිස් කෙච් නමැති කාන්තාවකගේ භාරයේ තියලා යනවා..
ඊට ටික කාලයකට පස්සේ ක්‍රෑෂ් සහ මෝනා සිම්ප්සන් ජොනීව තමන්ගේ භාරයට අරන් හදාගන්නවා.. වයසින් වැඩෙනකොට තමන්ගේ අම්මා 'ක්ලාරා බ්ලේස්' මියගියා කියලා සිම්ප්සන්ලා හදපු කතාවක් තමන්ගේ ඇත්ත අතීතය කියලා හිතාගෙන ජොනී වැඩෙන්නේ..
සිම්ප්සන්ලාගේ දුව රොක්සෑන් සහ ජොනී අතර සම්බන්ධයක් ඇති වෙනවා.. 
නයෝමි ජොනී තරුණ කාලෙදි ආයෙත් එනවා ජොනීව හොරෙන් බලලා යන්න.. ජොනී තවමත් පවුලේ ශාපයට යටත් වෙයි කියලා බයෙන් ඇය ජොනීව ශාපයෙන් මුදවන්න් මෙෆිස්ටෝගෙන් ඉල්ලනවා.. ඒත් නයෝමිගේ අවසාන මොහොතෙදි ජොනී ඇත්ත ගෝස්ට් රයිඩර් නොවුනත් ජොනීට ගෝස්ට් රයිඩර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා කියනවා..
මේ කාලය අතරතුර ජොනී සිම්ප්සන්ලාගේ ස්ටන්ට් ශෝ එකක් වන ද ක්‍රෑශ් සිම්ප්සන් ස්ටන්ට් සයිකල් එක්ස්ට්‍රැවගැන්සා සමග රට වටේ යමින් හිටියේ.. ක්‍රෑශ් තාත්තා කෙනෙක් වගේ ජොනීට මෝටර් සයිකල් එකෙන් ස්ටන්ට් කරන්න ඉගැන්නුවේ තමාගෙන් පසුව මෝටර් සයිකල් ස්ටන්ට් තරුවක් කිරීමේ බලාපොරොත්තුවෙන්.. 
ඒත් ජොනීට වයස අවුරුදු 15දි භයානක ස්ටන්ට් එකක් පුහුණු වෙනකොට වෙච්ච අනතුරකින් ජොනී යන්තමින් නොමැරී බේරුණා වගේම, මෝනා මරණීය තුවාල ලැබුවා..
තමන්ගේ මරණාසන්න මොහොතේදි මෝනා ජොනී ලව්වා මෝටසයිකල් පදින එක නවත්තන්න ශපථ කරවගත්තා.. 
ඊළග අවුරුදු පහ ඇතුළත, ජොනී මෝනාගේ වචනය මත මෝටර් සයිකල් ධාවනය ප්‍රතික්ෂේප කල නිසා ජොනී නිවටයෙක් කියලා හිතන තරමට ක්‍රෑෂ් ජොනී කෙරෙහි කලකිරුණා.. 
ඒ නිසා ජොනී රාත්‍රී කාලයේදී ක්‍රෑෂ්ට වඩා හොදින් ධාවනය කරන්න හිතාගෙන නැවත ඵුණු වෙන්න ගත්තා.. 
මේ අතරේ ක්‍රෑෂ් තමන්ට වැළදිලා තියෙන පිළිකාව ගැන පවුලේ අයට කියනවා.. ක්‍රෑෂ් ජොනීගෙන් ආයෙත් ස්ටන්ට් ශෝ එක භාරගන්න කියලා ඉල්ලනවා.. ඒත් ජොනී ඒ පාරත් අකමැති වෙනවා.. 
ශෝ එක භාරගන්න අකමැති උනත්, ක්‍රෑෂ්ව බේරගන්න ජොනී ගුප්ත දේවල් හරහා ක්‍රෑෂ්ව බේරගන්න පුළුවන්ද කියලා හොයනවා.. එතකොට ජොනීට ලැබෙනවා සාතන්ව ගෙන්නන්න පුළුවන් මන්ත්‍රයක්.. ජොනී සාතන්ව කැදවනවා.. ඒත් ඒ එන්නේ මෙෆිස්ටෝ.. 
ජොනී මෙෆිස්ටෝගේ වහලෙක් වෙන්න පොරොන්දු වෙනවා මෙෆිස්ටෝ ක්‍රෑෂ්ගේ පිළිකාව සුව කලොත්.. මෙෆිස්ටෝ ක්‍රෑෂ්ගේ පිළිකාව සුව කරනවා.. 
ඒත් වැඩි කල් යාමට පෙර ක්‍රෑෂ් මෝටර් රථ 22 උඩින් මෝටර් සයිකලයෙන් පැන ලෝක වාර්ථාවක් තැබීමට කරන උත්සාහයේදී මිය යනවා..
ක්‍රෑෂ්ගේ මතකයන් වෙනුවෙන් ජොනී මෝටර් රථ 22 උඩින් පිම්ම පැනලා ලෝක වාර්ථාව පිහිටුවනවා.. 
මෙෆිස්ටෝ ක්‍රෑෂ්ගේ පිළිකාව සුව කිරීම වෙනුවෙන් ජොනී කැපකරපු ජොනීගේ ආත්මය ලබාගන්න එනවා.. ඒත් රොක්සෑන් ජොනීගේ පොත්වලින් හොයාගත්ත පළවා හැරීමේ මන්ත්‍රයකින් මෙෆිස්ටෝව එළවනවා.. 
මෙෆිස්ටෝ පළා යන්න පෙර, ජොනීගේ ශරීරයට මෙෆිස්ටෝ අවුරුදු දහස් ගණනකට කලින් යටත් කරගත්ත සරතෝස්ගේ ජීවයේ කොටසක් ඇතුළ් කරනවා.. 
සරතෝස් වහලෙක් විදියට උනත් බලවත් නිසා, මෙෆිස්ටෝ සියවස් ගණනක් පුරාවට සරතෝස්ව මිනිස් ශරීරවල හිර කරලා තැබීමෙන් විනෝද උනා.. ඒත් ජොනීගේ ලේවල තියෙන තමන්ගෙම සාරය සහ බලයේ පදක්කමේ කොටස හේතුවෙන් සරතෝස් ජොනීගේ ශරීරය එක්ක බද්ධ උනාම බිහි වුන සංයුක්ත භූතාත්මය ගෝස්ට් රයිඩර් බවට පත් උනා..


ගෝස්ට් රයිඩර් ස්වරූපයට සිතන සැනෙන් පරිවර්තනය වීමේ හැකියාව
මේ ස්වරූපයේදී,
සුපිරි ශක්තිය 
සුපිරි දරාගැනීමේ හැකියාව 
ත්වරණයෙන් සිදුවන ප්‍රතිජනන සුවවීමේ හැකියාව..
හෙල්ෆයර් නමින් හැදින්වෙන ගුප්ත ගින්දර පාලනය කිරීමේ හැකියාව.. 
ගුප්ත දම්වැල් ප්‍රක්ෂේපණය(ගෝස්ට් රයිඩර්ගේ මුවෙන් හෝ පපුවෙන් ක්ෂණිකව නිකුත් කල හැකි මේ දම්වැල් ඕනෑම දෙයක් හරහා යන අතර, ඕනෑම දිගකට විහිදුවිය හැකියි.. එමෙන්ම මේ දම්වැල් විවිධ ආයුධ ලෙස වෙනස් කරගැනීමටත් පුළුවන්..) 
පෙනන්ස් ස්ටෙයර්(ගෝස්ට් රයිඩර්ට තවත් කෙනෙකුගේ දෑස් දෙස සෘජුව බලා ඔහු හෝ ඇය ජීවිත කාලය පුරා අනෙක් අයට දුන් වේදනාවන් සියල්ල ඔහු හෝ ඇය වෙත එකවර දැනීමට සැලැස්වීමට ඇති හැකියාව )
ශරීර ප්‍රමාණය විශාල කරගැනීමේ හැකියාවන් ඇත..


ඩැනියෙල් 'ඩැනී' කෙච්


ඩැනීට සහ බාබරාට තමන්ගේ තාත්තාව මතක තිබ්බේ නෑ.. ඔවුන්ගේ මව කෙච් මහත්මිය බව විතරයි ඔවුන්ට මතක තිබුණේ.. බාබරාගේ 10වෙනි උපන්දිනය දවසේ නන්නාදුනන කාන්තාවක් ඔවුන් දෙස බලන් ඉන්නවා ඩැනී දකිනවා.. ඒ කාන්තාව නයෝමි කේල්.. කෙච් පවුලේ මිත්‍රයෙක් වෙන පොලිස් නිලධාරියෙක්ට ඇය ගැන සැක සිතී ඇයට එතනින් පිටව යන ලෙස පවසනවා.. මේ පොලිස් නිලධාරියාගේ දුව වන ස්ටේසි සහ ඩැනී අතර ආදර සබදතාවක් තියෙනවා..

දවසක් බාබරා සහ ඩැනී, හැරී හවුඩිනීගේ සොහොන්කොත සොයමින් ඉන්න අතරේ කල්ලි දෙකක වෙඩි තබා ගැනීමකට මැදි වෙනවා.. 
තමන්ගේ සහෝදරියවත් අරගෙන යන අතරේ ඔහුගේ මෝටර් සයිකලේ තිබ්බ එතරම් නුපුරුදු පදක්කමක් ඔහුට කතා කරන බවක් ඩැනීට හැගෙනවා.. ඩැනී ඒ පදක්කම අල්ලපු ගමන් ගෝස්ට් රයිඩර් බවට පත් වෙනවා.. ඔහු කල්ලි දෙකෙන් පළි අරගත්තට පස්සේ බාබරාව රෝහලට ගෙන යනවා.. 
ඒත් තමන්ගේ මුහුණ පිළිස්සීමට ගෝස්ට් රයිඩර්ගෙන් පළි ගන්න බ්ලැක් අවුට් බාබරාව මරණවා.. 
පසු කාලීනව ෆැන්ටෑස්ටික් ෆෝර් කණ්ඩායමේ අභිරහස් අතුරුදහන් වීමත් සමග වුල්වරීන්, හල්ක් සහ ස්පයිඩර් මෑන් සමග ඩැනී එකතු වෙලා ස්කෘල්ලාගේ සැලැස්ම ව්‍යවාර්ත කරලා, ෆැන්ටෑස්ටික් ෆෝර් කණ්ඩායම නැවත බේරාගන්න තුරු ෆැන්ටෑස්ටික් ෆෝර් කණ්ඩායම විදියට ක්‍රියාත්මක වෙනවා.. 
මේ අළුත් ගෝස්ට් රයිඩර් දකින ජොනී බ්ලේස් හිතන්නේ සරතෝස් නැවත ක්‍රියාත්මක වෙලා කියලා.. ඒ පිළිබද සොයා බලනකොට බ්ලේස් සොයාගන්නවා මේ ඔහුගේ සහෝදරයා කියලා..


ඔහුගේ සහෝදරයාට සමාන බලයන් ඩැනීට ඇත..
එමෙන්ම ඩැනීගේ මෝටර් සයිකලයේ ගෑස් කප් එක ලෙස ඇති පදක්කම ඇල්ලීමෙන්ද ඩැනීට ගෝස්ට් රයිඩර් ස්වරූපයට පත්වීමට හැකියාව ඇත..

රොබර්ටෝ 'රොබී' රීයස්


රොබී රීයස් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්වල කාර්මික ශිල්පියෙක් වශයෙන් රැකියාවේ යෙදෙන තරුණයෙක්.. රොබීගේ දෙපා පණ නැති සහෝදරයා ගේබ් සහ රොබී ජීවත් උන පරිසරය මැර කල්ලිවල පාලනය යටතේ තිබ්බේ.. ආරක්ෂිත බව අඩු නිසා තමන්ගේ මල්ලි එක්ක වෙන තැනකට යන්න, ඩොලර් 50,000ක් හොයාගන්න රොබී නීතියෙන් තහනම් ස්ට්‍රීට් රේස්වලට ඉදිරිපත් වෙනවා.. 
රොබී නොදැන සිටියත්, ඔහුගේ මෝටර් රථයට අරක් ගත් හොල්මනක් හිටියා..
දවසක් රොබී පොලීසිය කියලා හිතපු මෝටර් රථයක් රොබීගේ මෝටර් රථය ලුහු බදින්න පටන් ගත්තා.. තමා නැතුව ගේබ්ට කුමක් වේදැයි සිතා රොබී ඔවුන්ගෙන් පළා යන්න උත්සාහ කලා.. නමුත් අවධානයෙන් තොර වීම නිසා ඔහුගේ මාර්ගය අවසන් උනා.. 
පොලීසියේ අයට හේතු පැහැදිළි කරලා බේරෙන්න උත්සාහ කරනවා කියල හිතාගෙන රොබී මෝටර් රථයෙන් එළියට බැස්සත් ඒ පැමිණ්න්නේ පොලීසිය නෙමෙයි.. ඔවුන් සාහසික ලෙස රොබීට වෙඩි තබා ඝාතනය කරනවා.. 
රොබීගේ මෝටර් රථයේ හංගලා තිබ්බ දෙයක් අරගෙන රොබීගේ ශරීරය ඇතුළු සාක්ෂි ගිනි තියනවා..
ඔවුන් එතැනින් පිටවෙන විගසම රොබීව අලුත් ගෝස්ට් රයිඩර් බවට පත් කරමින්, මෝටර් රථයේ හිටපු හොල්මන රොබීගේ ශරීරයට ආවේශ වෙනවා.. 
ගෝස්ට් රයිඩර් රොබීට පහර දුන් අය පසුපස හඹා ගිහින් ඔවුන් අල්ලාගන්නවා.. නමුත් ඔවුන්ගෙන් කිහිපදෙනෙක් එතනින් පළා යන්න සමත් වෙනවා.. 
පසුදින අවදිවෙන රොබීට පෙරදින රාත්‍රියේ වූ සිදු වීම් නරක සිහිනයක් වගෙයි මතක.. තමන්ගේ වැඩපළට යන රොබී මෝටර් රථය තවත් රේස් එකකට යන්න එළියට ගන්නකොට මෝටර් රථයේ ඇත්ත හිමිකරුගේ මැරයන් දෙදෙනෙක්ට මුහුණදෙන්න වෙනවා.. නැවත වරක් ගෝස්ට් රයිඩර් බවට පත්වෙලා ඔවුන්ට පහර දෙනවා..


රොබීව ගෝස්ට් රයිඩර් බවට පත් කරන හොල්මන තමන්ව ඊලායි ලෙස හදුන්වා දෙනවා.. 
මේ අළුත් ගෝස්ට් රයිඩර්ගේ ප්‍රසිද්ධිය නිසා ජොනී බ්ලේස්ටත් මේ ගැන අහන්න ලැබෙනවා.. ජොනී ලොස් ඇන්ජලීස්වලට එනවා අළුත් ගෝස්ට් රයිඩර් හොයාගෙන.. ඒ මැදිහත් වීමෙදි ඊලායිගේ බලපෑම නිසා ඔහු අතින් අහම්බෙන් ස්ට්‍රීට් රේසර් කෙනෙක් මිය යනවා.. ඊලායි රොබීගේ ශරීරයේ සම්පූර්ණ පාලනය අරගෙන එතනින් පළා යනවා.. 
පසුව, ඊලායි පළිගැනීමේ ආත්මයක් නොව, රොබී සහ ගේබ් ඔවුන් සිටින නිවසේ ඔවුන්ට පෙර පදිංචි වී සිටි, 1999දී පොලීසියේ මරණීය වෙඩි පහරක් හේතුවෙන් මිය ගිය, ආගමික වතාවත්වලදී මිනිසුන් 37දෙනෙකුට වඩා කපා කොටා ඝාතනය කල ඉතා දරුණු මිනීමරුවෙක් බව සොයාගැනෙනවා.. 
ජොනී ඔහුගේ පෙනන්ස් ස්ටෙයර් එක මගින් ඊලායි යටත් කරගත් පසු, ජොනී රොබීට අවවාද කරනවා ඊලායිට නැවත පාලනය ගැනීමට ඉඩ නොදෙන ලෙස..

පෙනන්ස් ස්ටෙයර් එක හැර අනික් ගෝස්ට් රයිඩර්ලාට සමාන බලයන් රොබී රීයස් ගෝස්ට් රයිඩර්ට තියෙනවා..
මෝටර් රථය ඇතුළේදී හෝ ආසන්නයේදී තමාගේ අනුපිටපත්(ඩුප්ලිකේට්) සෑදීමේ හැකියාවක් ඔහුට තියෙනවා..

අනික් බොහොමයක් ගෝස්ට් රයිඩර්ලා මෝටර් සයිකල් ධාවනය කලත්, රොබී ධාවනය කරන්නේ හෙල් චාජර් නමින් හදුන්වන 1969 ඩොජ් චාජර් මෝටර් රථයක්.. හෙල් සයිකල් වගේම හෙල් චාජර් එකත් ක්ෂණිකව ස්වයං අළුත්වැඩියාවක් සිද්ධවෙනවා.. හෙල්ෆයර් ප්‍රතිරූපයත්, ඝන ද්‍රව්‍ය හරහා ගමන් කිරීමේ හැකියාවත් හෙල් චාජර් එකට තියෙනවා..




Monday, September 19, 2016

Before you watch S.H.I.E.L.D. Season 04

2016/2017 වසරේ ටීවී සීරිස් සමය එහෙමත් නැතිනම් Fall එක පටන් ගන්න හදන්නේ. ඒ අතරින් අපිට වැදගත් වෙන්නේ කොමික් වලට සම්බන්ධ කතා ටික විතරනේ. ඉතින් පරණ මතකය අලුත් වෙන්නත් එක්ක අපි හිතුවා පොඩ්ඩක් කතා කලොත් හොදයි කියලා. මුලින්ම අපි කතා කරන්න යන්නේ Agents of S.H.I.E.L.D. ගැන. පහුගිය  සීසන් එකේ දී අපි නතර උනේ කොතන ද සහ මේ සීසන් එකේ දී අපිට බලාගන්න පුළුවන් මොනවාද කියන කාරණය ගැන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.



Civil War and Sokovia Accords


අපි දන්නවා මේ  වෙද්දී මාවල් සිනමැටික් යුනිවර්ස් එකේ සිවිල් වෝර් එක සිදුවෙලා තියන්නේ කියලා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඒ බලපෑම ශිල්ඩ් එක ඇතුලේ දකින්න පුළුවන්. ඒ අතරේ ප්‍රධානම කාරණයක් තමයි enhanced individuals එහෙමත් නැතිනම් විශේෂිත හැකියාවන් සහිත පුද්ගලයන් නිශ්චය කිරීම. අපි මේ ගැන තව ටික වෙලාවකින් කතා කරමු ටිකක් දීර්ඝ වශයෙන්. ඒ කාරණයට අමතරව වැදගත්ම කාරණය තමයි සිවිල් වෝර් එකෙන් පස්සේ ශිල්ඩ් ආයතනය නැවතත් නීතිගත කරපු එක. වින්ටර් සොල්ජර් ෆිල්ම් එකේ ඉදන් මේ දක්වා කාලය තුළ ශිල්ඩ් ආයතනය ක්‍රියාත්මක උනේ නීතියට පිටින්. ඒත් දැන් ආයෙමත් ශිල්ඩ් ආයතනයට පුළුවන් එළිපිට වැඩ කරන්න.
හැබැයි මේකත් එක්ක පොඩි ගැටලුවක් මතු වෙනවා. ඒ තමයි මෙච්චර දවසක් ශිල්ඩ් එකේ ප්‍රධානියා විදිහට කටයුතු කලේ කෝල්සන්. ඒත් ලෝකේ ගොඩක් අයට අනුව එයා මිය ගිය කෙනෙක්. එතකොට ශිල්ඩ් ආයතනයට බෑ කෝල්සන් ප්‍රධානියා විදිහට එළියට යන්න. ඒ අඩුව පුරවන්න තමයි, අලුතෙන් ප්‍රධානියෙක් එකතු කරගන්නේ. මෙයා ගැන සඳහන් කරන්නේ ශිල්ඩ් එකේ මුල්ම අවධියට සමබන්ධ කෙනෙක් විදිහට. හැබයි හරියටම විස්තර බලාගන්න නම් ඉවසගෙන ඉන්න වෙනවා.


ඒ එක්කම කෝල්සන් ආයෙමත් ෆීල්ඩ් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා අපිට බලාගන්න පුළුවන් වෙයි. 

Enhanced Individuals 
Sokovia එකඟතාවය හින්දා සියලුම විශේෂ හැකියාවන් තියන අය ගැන අවධානය වැඩි උණා. මේ කාරණය හින්දා ඉන්හියුමන් වරුන් ගැන විශේෂයෙන් කතා කරන්න පටන් ගන්නවා. කලින් සීසන් එක අවසානේ දී අපි දැක්කා ඩේසි පස්සේ ශිල්ඩ් එක පන්නනවා. 


දැනට දැනගන්න තියන කරුණු වලට අනුව නම් සීසන් 4 එකේ දී අපි දකින්නේ නාහෙට අහන්නේ නැති ඩේසි කෙනෙක්. සීසන් 3 වල දී  ඩේසි ගේ ජිවිතේ ට බලපෑම් ගොඩක් එල්ල උණා. ඒ වගේ ප්‍රතිපලයක් විදිහට අපිට මේ ඉන්න තත්ත්වයේ කෙනෙක් නිර්මාණය වුණා කියන දේ පිළිගන්න පුළුවන්. මෙතන දී ඩේසි විතරක් නෙවේ හැකියාවන් තියන වෙනත් අය ගැනත් අපිට කතා බලාගන්න පුළුවන් වෙයි.

LMD
LMD එහෙමත් නැතිනම් Life Model Decoy කියන්නේ මාවල් කොමික් කියවන අයට නම් අලුත් දෙයක් නෙවේ. පුහුණු වීම් වලට වගේම ආරක්‍ෂිත පියවරක් විදිහටත් මාවල් කොමික් වල LMD බහුලව භාවිතා වෙනවා. ඒ අතරින් නික් ෆියුරි ගේ ස්වරුපය තියන LMD ගොඩක් ජනප්‍රිය යි. 


සීසන් 3 අවසානය වෙද්දී Dr. Radcliffe ශිල්ඩ් ආයතනය එක්ක එකතු වෙලා ඉන්නේ. සීසන් 3 අවසානෙට දකින්න ලැබුණු විදිහට නම් LMD යථාර්තයක් බවට පත්වෙන්න වැඩි කාලයක් යන්නේ නැති වෙයි වගේ.

Good Old Villains
ශිල්ඩ් කතාවේ මුල ඉදන්ම ඒජන්ට් ග්‍රාන්ට් වෝර්ඩ් ආකර්ශනයක් දිනාගන්න සමත් වුනු චරිතයක් වුණා. එයාගේ ජනප්‍රියතාවය හින්දාම සීසන් 2 වලදී මිය ගිය වෝර්ඩ් හයිව් විදිහට සීසන් 3 වල දී ආපහු ගෙන්නුවා. හැබැයි මෙතනින් එහාට නම් අපිට වෝර්ඩ් ව දැක ගන්න පුළුවන් කමක් නෑ. 


මෙතනින් එහාට කතාවේ ජිවය පවත්වාගෙන යන්න මේ වගේ ආකර්ශනිය චරිතයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ උනත් වෝර්ඩ් ගේ අඩු පාඩුව නම් අපිට දිගටම දැනෙන එක නම් වලක්වන්න බෑ.

Ghost Rider
සීසන් 4 එකේ දී අපිට මුණ ගැහෙන වැදගත්ම චරිතය වගේම මේ දක්වා ශිල්ඩ් එකට සම්බන්ධ වුණු කොමික් චරිත අතරින් වැදගත්ම චරිතය වෙන්නෙත් ගෝස්ට් රයිඩර්. හැමෝම මේ වෙද්දී දන්නවා ඇති ශිල්ඩ් කතාවට සමබන්ධ වෙන්නේ Johnny Blaze නෙවේ Robbie Reyes කියලා.


මේ දක්වා නිකුත් වුනු පුර්ව ප්‍රචාරක වලිනුත් ගොඩක් අයගේ අවධානය දිනා ගත්තෙත් මේ ගෝස්ට් රයිඩර් චරිතයම තමයි. 


අපි මේ ගැන වෙනම ලිපියකින් කතා කරන්න හිතාගෙන ඉන්න හින්දා ගෝස්ට් රයිඩර් ගැන වැඩිය විස්තර කතා කරන්න අදහසක් නෑ. ඒත් ශිල්ඩ් කතාවට වෙනසක් අවශ්‍යම වේලාවක ගෝස්ට් රයිඩර් චරිතය එකතු කිරීම ගොඩක් සුභවාදී දෙයක් වෙයි කියන එක නම් හොදටම පැහැදිලියි.

අපි මේ කතා කෙරුවේ වැදගත් කාරණා කිහිපයක් විතරයි. මීට අමතරව ෆිට්ස් සහ සිමන්ස් දෙන්නා ගේ සම්බන්ධය, බොබී සහ හන්ටර් දෙන්නා ගේ නික්ම යාම, දැනට දිනයක් නියම කරලා නැති ඉන්හියුමන් ෆිල්ම් එකට ආරම්භයක් ගැනීම, සීසන් 4 අතර මැද දී තිර ගත වීමට නියමිත Dr Strange සහ The Guardians of the Galaxy Vol. 02 ෆිල්ම් දෙක ට දක්වන සම්බන්ධ කම වගේ ගොඩක් දේවල් සීසන් 4 එකේ දී අපිට බලාගන්න පුළුවන්. ඒ හින්දා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

#aTh

Sunday, September 11, 2016

Moon Girl

Lunella Lafayette aka Moon Girl

පසුගිය සැන් ඩියාගෝ කොමික් කොන් එකේදි මාවල් සමාගමෙන් දැන් අර්ත් 616 බුද්ධිමත්ම පුද්ගලයා සහ GLYPH කොමික් අවෝඩ්ස්වල හොදම කොමික් කාන්තා චරිතයට සම්මානය හිමි කරගත්ත චරිතය ගැන හැදින්වීමක් කරන්න හිතුවා.

 

Lunella Lafayette මෑන්හැට්න්වල නැගෙනහිර ප්‍රදේශයේ ජීවත් වෙන 9 හැවිරිදි කුඩා කළු ජාතික දැරිවියක්. ඇය ඉගෙනගන්නේ Public School 20 Anna Silverහි. මේ පන්තියේ ලමයි ඇයගේ සුපිරි බුද්ධියත්, ඇයගේ නමත් නිසා ඇයට මූන් ගර්ල් නමින් කතා කරන්නේ. 
වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව ඇයට ඉන්හියුමන් ජාන ඇති බව සොයාගෙන තිබ්බේ. එසේම ලෝකය පුරා පැතිර යන Terrigen වලාකුළෙන් ආරක්ෂා වීමට ඇය නිතර පරිස්සම් උනා. ඒ වගේම ඒකෙන් ආරක්ෂා වෙන්න ඇය kree තාක්ෂණය ගැන හෙව්වා. ඒ අතරේ ඇගේ බුද්ධියෙන් ඇය kree තාක්ෂණයෙන් හදපු උපකරණ සොයාගන්න උපකරණයක් නිපදවනවා.
එය මගින් ඇය බ්‍රෝක්ලින් පාලම යට තිබ්බ ඔම්නි වේව් ප්‍රොජෙක්ටර් නම් kree උපකරණයක් සොයාගන්නවා.

මේ අතරවාරයේ, 
අවුරුදු දහස් ගණනකට පෙර ඩයිනසෝර් යුගයේ විසූ මානවයන්ගෙන් කිලර් ෆෝක් නම් කණ්ඩායමේ තෝර්න් ටීත්ද ඇතුළු පිරිස එම කාලයේදි ඔම්නි වේව් ප්‍රොජෙක්ටර් එකට වන්දනාමාන කලා. ඔවුන් එය හදුන්වන්නේ නයිට්ස්ටෝන් යනුවෙන්. කිලර් ෆෝක්ස්ලාගේ මේ වන්දනාමාන කටයුත්ත මැද්දට මූන් බෝයි(එම යුගයේ මානවයන්ගෙන් පරිණාමය වූ පළමුවැනියා) සහ ඩෙවිල් ඩයිනසෝර් කඩාපනිනවා. කිලර් ෆෝක්ස්ලාගේ පහරදීමෙන් මූන් බෝයි මරණාසන්න තුවාල ලබනවා.

මේ අතරේ,
වර්ථමානයේ ඔම්නි වේව් ප්‍රොජෙක්ටර් එක සොයාගත් ලූනෙල්ලා පාසලේ ඩොජ්බෝල් ක්‍රීඩා කරන අතර එය පරික්ෂා කරනවා. එතනට එන කෝච් ඔම්නි වේව් ප්‍රොජෙක්ටර් එක ඇගිල්ලෙන් ගෙන එය ඇගිල්ලෙන් කරකවමින් ඇයට සරදම් කරන විට කිලර් ෆෝක්ස්ලා සිටින අතීතයත්, මූන් ගර්ල් සිටින වර්ථමාන්යත් යාකරමින් දොරටුවක් විවෘත වෙනවා.

අතීතයේ,
මූන් බෝයි තමාගේ පළිය ගන්නා ලෙස ඩෙවිල් ඩයිනසෝර්ගෙන් ඉල්ලාහිටිමින් මිය යනවා. ඩෙවිල්ගෙන් බේරෙන්න කිලර්ෆෝක්ස්ලා නයිට්ස්ටෝන් එකෙන් ඇති කරන දොරටුව හරහා යනවා. ඩෙවිලුත් ඔවුන් පසුපස පන්නාගෙන අනාගතයට එනවා.


මේ විදියට තමයි මූන් ගර්ල් සහ ඩෙවිල් ඩයිනසෝර් එකතු වෙන්නේ. 
මූන් ගර්ල් නිවසේදි හා ඇගේ පාසල යට ඇති ඇගේ රහස් විද්‍යාගාරයේ නිපදවන නොයෙක් උපකරණ යොදාගෙන ඩෙවිල් ඩයිනසෝර් සමග අපරාධ හා අනතුරු වළක්වනවා. 
ඇයව දිනක් ටෙරිජින් මිස්ට් එකට අසු වෙනවා. දින කිහිපෙකින් කෝෂයෙන් පිටතට එන ඇයගේ කිසිදු බාහිර වෙනසක් හෝ බලයක් ඇයට හදුනාගන්න බැරි වෙනවා. 
නමුත් ඇය කෝපයට පත් වූ අවස්ථාවක ඇයගේ සහ ඩෙවිල් ඩයිනසෝර්ගේ විඥාන මාරු වෙනවා. ඊට පස්සේ ඇය හදුනාගන්නවා ඇගේ බලය ඩෙවිල් සමග විඥාන හුවමාරු වීම බව.


හැකියාවන්-
සුපිරි බුද්ධිය - ඉන්හියුමන් ජාන හේතුවෙන් ඇයව ටෙරිජින් මිස්ට් එකට හසු වීමටත් පෙර සිටම ඇයට සුපිරි බුද්ධියක් ලැබී තිබෙනවා. කැප්ටන් ක්‍රීගේ දත්ත ගොනුවට අනුව ඇගේ බුද්ධ්මත්බව ක්‍රී වර්ගයාට 100%ක තර්ජනයක්. එමෙන්ම සැන් ඩියාගෝ කොමික් කොන්හිදී මාවල් සමාගමෙන් දැන්වූ පරිදි ඇය තමා අර්ත් 616 බුද්ධිමත්ම පුද්ගලයා. රීඩ් රිචඩ්ස්ටත් වඩා ඇය බුද්ධිමත්.

දක්ෂ නව නිශ්පාදන නිපදවන්නියක් - 
ඔම්නි වේව් ප්‍රොජෙක්ටර් එක සොයාගත් ක්‍රී තාක්ෂණය අනාවරකය, 4 ඩී ප්‍රින්ටරය, ප්‍රති පිටසක්වල ජීවී උපකරණය වැනි නේක උපකරණ ඇය නිපදවා තිබෙනවා.

බලයන් - 
විඥාන හුවමාරුව

දුර්වලතා - 
ලූනෙලා අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙළෙනවා. එනිසා ඇයට කණ්ණාඩි දැමීමට සිදු වෙනවා.

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates