LATEST :

Friday, June 24, 2016

Captain Marvel

Captain Marvel aka Carol Danvers


මේ දවස් වල සිවිල් වෝර් II කොමික් ඉවෙන්ට් එක හින්දා Captain Marvel ගේ නම අපිට නිතරම ඇහෙනවා. ඉතින් අපි හිතුවා මෙයා ගැන විස්තර ටිකක් ගේන්න. අපේ යාලුවෝ ගොඩක් දිගට තියන ලිපි කියවන්න වැඩිය කැමති නැති හින්දා අත්‍යවශ්‍යම කරුණු ටික විතරක් කියන්න හදන්නේ. 

මුලින්ම කියන්න ඕනේ Captain Marvel කියන නම ගත්ත ගොඩක් අය ඉන්නවා. ඒ අතරේ DC කොමික් වල අපි Shazam කියලා හදුන්වන චරිතයත් ඉන්නවා. ඒත් අපි කතා කරන්නේ Marvel කොමික් වල දී  මුණ ගැහෙන Captain Marvel ගැන. හැබැයි මාවල් කොමික් වල දී උණත් මේ නම තියන අය කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතරේ Mar-Vell කියන Kree සෙන්පති තමයි ගොඩක් ප්‍රසිද්ද වෙලා හිටියේ. හැබයි Mar-Vell  මේ කතාවට ගොඩක් සම්බන්ධ උනාට අපි කියන්න යන්නේ එයා ගැනත් නෙවෙයි. Mar-Vell ගෙන් පස්සේ Captain Marvel වුනු Carol Danvers ගැන තමයි අපි කතා කරන්නේ. 

කැරොල් කියන්නේ ගොඩක් ලස්සන වගේම ගොඩක් දක්ෂ තරුණියක්. මෙයා සමාජයේ කාන්තාවට අඩු තැනක් හිමිවෙලා තියනවා කියන මතය වෙනස් කරන්න සමත් වුනු කෙනෙක්. එයා අඩු වයසින් හමුදාවට බැදිලා දක්ෂ ගුවන් නියමුවෙක් වෙනවා. ඒ දක්ෂතා හින්දාම මෙයාට පස්සේ කාලෙක NASA ආයතනයේ ප්‍රධාන ආරක්ෂක තනතුරට බඳවා ගන්නවා. ඔය අතර වාරෙදි තමයි කැරොල් ගේ ජිවිතේ සම්පුර්නයෙන්ම වෙනස් කරපු සිදුවීම වෙන්නේ. 


NASA ආයතනය Kree වරුන් එක්ක සම්බන්දකම් පවත්වන කොට තමයි කැරොල් ට Kree සෙන්පතියෙක් වෙන Mar-Vell එහෙමත් නැතිනම් Captain Marvel හදුනා ගන්න ලැබෙන්නේ. කාලයත් එක්ක මේ දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් පවා ඇතිවෙනවා. ඔය අතර වාරයේ සිදුවන පිපිරීමකින් කැරොල් ව බේරා ගන්න Captain Marvel සමත් වෙනවා. හැබැයි මේ සිදුවීමේ දී Captain Marvel ගේ ජාන සංයුතිය කැරොල් ගේ ශරීරයේ ජාන සංයුතිය වෙනස් කරනවා. වෙන විදිහකින් කියනවා නම් කැරොල් භාගයක් Kree - භාගයක් මිනිස් කෙනෙක් වෙනවා. 


මේ සිදුවීම වෙලා ටික කාලෙකින් තමයි කැරොල් දැන ගන්නේ එයාට සුපිරි බලයක් තියනවා කියලා. ඊට පස්සේ තමයි මෙයා Ms Marvel කියලා ප්‍රසිද්ධ වෙන්නේ. Mar-Vell ගේ මරණයෙන් පස්සේ කැරොල් Captain Marvel තනතුර භාරගන්නවා. එයා භාවිතා කරපු Ms Marvel නම වෙන කෙනෙක් ට දෙනවා. (ඒ ගැන ඉදිරි ලිපියකින් කතා කරමු)


කැරොල් Captain Marvel වුනාට පස්සේ එයා පෘථිවියේ ඉන්න අභිතම කෙනා (Earth Mightiest Hero) විදිහට තමයි ප්‍රසිද්ද උනේ. Alpha Flight කියන කණ්ඩායමත් එක්ක තමයි මේ වෙද්දී කැරොල් වැඩ කරන්නේ. ඊට අමතරව පෘථිවිය නියෝජනය කරන තානාපති කෙනෙක් විදිහටත් මෙයා වැඩ කරනවා. මහා පරිමාන අනතුරු වලින් (තානොස්, ගැලක්ටස් වගේ කට්ටියගේ ප්‍රහාර) පෘතුවිය මුදවා ගන්න කටයුතු කරන Ultimates කියන කණ්ඩායමේ සාමාජිකාවක් විදිහටත් කැරොල් වැඩ කරනවා.
ඒ වගේම මෑත කාලයේ  එයා වෝර් මැෂින් එහෙමත් නැතිනම් අපේ රෝඩ්ස් එක්ක ආදර සම්බන්ධයකුත් පටන් ගත්තා.


සිවිල් වෝර් II එකට කැරොල් මැදි වෙන්නේ මේ පරිසරයත් එක්ක. යුලිසීස් කියන ඉන්හියුමන් වරයාට අනාගතයේ වෙන්න පුළුවන් දේවල් කලින් දැනගන්න පුළුවන් හින්දා ඒ අනතුරු වෙන්න කලින් වළක්වාගන්න කටයුතු කරන්න ඕනේ කියන මතයේ තමයි කැරොල් ඉන්නේ. ටෝනි එක්ක මත ගැටුමක් ඇති වෙන්නේ මේ කාරණය මුල් කරගෙන. 


හැබැයි මේ පාර ටෝනි ට ලේසි වෙන්නේ නම් නෑ. මොකද කැරොල් කියන්නේ ගොඩක් බලසම්පන්න කෙනෙක්. එයාගේ හැකියාවන් පුළුල් පරාසයක විහිදිලා තියනවා. ඒ අතර,
  • Superhuman Strength
  • Superhuman Speed
  • Superhuman Stamina
  • Superhuman Durability
  • Superhuman Agility
  • Superhuman Reflexes
  • Flash Precognition - ප්‍රතිවාදියා ගේ ඉරියව් කලින් අනුමානය කිරීමේ හැකියාව
  • Contaminant Immunity - විෂ සහ වෙනස් පරිසර තත්ත්ව වලට ඔරොත්තු දීමේ හැකියාව
  • Photonic Blasts - ෆොටෝනික පිපිරවීම් කිරීමේ හැකියාව
  • Energy Absorption - ශක්තිය උරා ගැනීමේ හැකියාව. 
ඒ අතරින් වැදගත්ම හැකියාව තමයි "Binary" කියන තත්ත්වයට පත්වීම. මේක කරන්නේ Whitehole එකකට සම්බන්ද වෙලා. ඒ තත්ත්වයට ආවම ඕනෑම ශක්තියක් අවශෝෂණය කරන්න, ශක්තිය මුදා හරින්න, ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න, ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ රැඳී සිටින්න කැරොල් ට පුළුවන්. 
ඉතා විශාල ශක්තියක් අවශෝෂණය කරන අවස්ථාවක දී Whitehole එකක් නැතුව උනත් තාවකාලිකව මේ හැකියාවන් ලබා ගන්න කැරොල් ට පුළුවන්. 


මේ හැකියාවන් සේරම තිබුනත් කැරොල් ට පුළුවන් වගකීමක් ඇතිව තමන්ගේ හැකියාවන් පාලනය කරන්න. අපි බලමු ඉස්සරහට සිවිල් වෝර් II එකේ දී කැරොල් කොහොමද අසාමන්‍ය හැකියාවන් එක්ක ටෝනි ට මුහුණ දෙන්නේ කියලා.

#attila_THE_hun

Wednesday, June 22, 2016

Marvel Civil War II Checklist

Updated as at 20 July 2016


Marvel Civil War II කියන්නේ tie-in ගොඩක් තියන කොමික් ක්‍රොස්ඕවර් එකක්. ඒ සේරම මඟහැර ගන්නේ නැතුව කියවන්න අපි හැම සතියකම නිකුත් වෙන කොමික් ගැන මතක් කරන්න හිතුවා.
මේ ලිපිය  කියවලා හිටියොත් මේ කොමික් වලින් කියවන්න ඕනේ ටික හොයා ගන්න පුළුවන්. 

Road To Civil War II

2016 Feb
  • Invincible Iron Man #6 - 03 Feb 2016
2016 Mar
  • Invincible Iron Man #7 - 02 Mar 2016
2016 Apr
  • Invincible Iron Man #8 - 06 Apr 2016
2016 May
  • Invincible Iron Man #9 - 04 May 2016
  • Free Comic Book Day Civil War II - 07 May 2016
  • The Ultimates #7 - 11 May 2016
  • International Iron Man #3 - 18 May 2016
  • Civil War II #0 - 18 May 2016
  • All-New Wolverine #8 - 18 May 2016
  • Civil War II Daily Bugle Newspaper #1 - 25 May 2016
  • Ms. Marvel #7 - 25 May 2016
  • All-New Wolverine #9 - 01 Jun 2016
  • Invincible Iron Man #10 - 01 Jun 2016
Civil War II

2016 Jun
Jun 01
  • Civil War II #1
Jun 08
  • Civil War II: Gods of War #1
  • New Avengers #12
  • Civil War II: Amazing Spider-Man #1
Jun 15
  • Nova #8 
  • International Iron Man #4 
  • Civil War II #2 
  • Civil War II: X-Men #1 
  • Deadpool #14
  • Civil War II: Ulysses #1 


Jun 22 
  • Ms. Marvel #8 
  • Civil War II: Choosing Sides #1 
  • Captain America: Sam Wilson #10 
  • Totally Awesome Hulk #7 
  • The Ultimates #8 

Jun 29
  • Captain Marvel #6 
  • Uncanny Inhumans #11 
July 06
  • The Totally Awesome Hulk #08 
  • Spider-Women #09 
  • Invincible Iron Man #11 
  • Civil War II: X-Men #02 
  • Civil War II: Kingpin #01 
  • Captain America: Sam Wilson #11
July 13
  • Civil War II #03
  • Civil War II : Amazing Spider-Man #02
  • Civil War II : Choosing Sides #02
  • Civil War II : Gods of War #02
  • Power Man and Iron Fist #06
  • New Avengers #13
  • Deadpool #15
  • Agents of S.H.I.E.L.D. #07
July 20
  • Ultimates #09
  • Sqaudron Supreme #09
  • Spider-Man #06
  • Patsy Walker, A.K.A. Hellcat! #08
  • Nova #09
  • All-New Wolvarine #10
July 27

  • Civil War II #04
  • Civil War II : Choosing Sides #03
  • Captain Marvel #07
  • New Avengers #14
  • Ms. Marvel #09
  • The Totally Awesome Hulk #09



#aTh

DC Rebirth Checklist

Updated as at 27 July 2016

DC Rebirth ඉවෙන්ට් එකට අදාලව සේරම කොමික් ටික මඟ හැරගන්නේ නැතුව කියවන්න ඒ ඒ සතියේ නිකුත් වෙන ප්‍රකාශන ගැන විස්තරයක් කරන්න අපි හිතුවා.


මෙතන දී Rebirth ඉවෙන්ට් එකට සෘජුවම සම්බන්ධ උනේ නැති උනත් එකේ බලපෑම තියන කොමික් ගැනත් අපි සඳහන් කෙරුවා. ඒ වගේම Rebirth ඉවෙන්ට් එකෙන් පස්සේ අලුතෙන් පටන් ගන්න කතා මාලාවන් (උදාහරණයක් විදිහට Batman Rebirth 01 එකෙන් පස්සේ Batman #01) ටිකත් අපි මේ යටතේම සඳහන් කරනවා.

2016 May

May 25

  • DC Universe Rebirth Special #01
2016 June
June 01
  • Batman Rebirth #01
  • Green Lanterns Rebirth #01
  • Green Arrow Rebirth #01
  • Superman Rebirth #01
June 08
  • Action Comics #957 (Restarting Action Comics with earlier numbering system)
  • Detective Comics #934 (Restarting Detective Comics with earlier numbering system)
  • Aquaman Rebirth #01
  • The Flash Rebirth #01
  • Justice League #51 (Rebirth ඉවෙන්ට් එකට අදාළ නෑ. ඒත් Justice League #50 Rebirth ඉවෙන්ට් එකට ලොකු බලපෑමක් ඇති කරපු හින්දා මේක ගැන සඳහනක් කෙරුවේ)
  • Wonder Woman Rebirth #01
June 15
  • Batman #01 
  • Green Arrow #01
  • Green Lanterns #01
  • Superman #01
  • Titans Rebirth #01 

June 22
  • Action Comics #958 
  • Detective Comics #935 
  • Aquaman #01 
  • The Flash #01 
  • Wonder Woman #01 
  • Justice League #52 

July 06
  • Justice League : Rebirth #01 
  • Superman #02 
  • Green Lanterns #02 
  • Green Arrow #02 
  • Batman #02 
  • Aquaman #02

July 13
  • Nightwing : Rebirth #01 
  • Wonder Woman #02 
  • New Super-Man #01
  • Hal Jordan and The Green Lantern Corps : Rebirth #01 
  • The Flash #02 
  • Detective Comics #936
  • Action Comics #959



July 20
  • Superman #03
  • Justice League #01
  • The Hellblazer : Rebirth #01
  • Green Lanterns #03
  • Green Arrow #03 
  • Batman #03 
  • Aquaman #03
  • Batgirl and the Birds of Prey : Rebirth #01

July 27

  • Hal Jordan And The Green Lantern Corps #01
  • The Flash #03
  • Detective Comics #937
  • Batgirl #01
  • Action Comics #960
  • Nightwing #01
  • Red Hood And Outlaws : Rebirth #01
  • Titans #01
  • Wonder Woman #03



Pre Readings

01. Justice League Darkseid War සීරිස් එක
• Justice League (Volume 2) #40
• Justice League (Volume 2) #41
• Justice League (Volume 2) #42
• Justice League (Volume 2) #43
• Justice League (Volume 2) #44
• Justice League (Volume 2) #45
• Justice League: Darkseid War: Batman #1
• Justice League: Darkseid War: Superman #1
• Justice League: Darkseid War: The Flash #1
• Justice League: Darkseid War: Green Lantern #1
• Justice League: Darkseid War: Shazam! #1
• Justice League: Darkseid War: Lex Luthor #1
• Justice League (Volume 2) #46
• Justice League (Volume 2) #47
• Justice League (Volume 2) #48
• Justice League: Darkseid War Special #1
• Justice League (Volume 2) #49
• Justice League (Volume 2) #50

02. Final Days of Superman 
• SUPERMAN #51
• BATMAN/SUPERMAN #31
• ACTION COMICS #51
• SUPERMAN/WONDER WOMAN #28
• SUPERMAN #52
• BATMAN/SUPERMAN #32
• ACTION COMICS #51
• SUPERMAN/WONDER WOMAN #29


03. Superman: Lois and Clark (#001 - #008)
04. Titans Hunt (#001 - #008) 

#attila_THE_hun

Friday, June 17, 2016

Marvel's Civil War II


කැප්ටන් ඇමරිකා සිවිල් වෝර් ෆිල්ම් එකත් එක්ක මාවල් සිවිල් වෝර් කොමික් සීරිස් එකට ලොකු අවධානයක් යොමු වුණා. ඒ ජනප්‍රියතාවය පවතින අතරම මාවල් ආයතනය සිවිල් වෝර් II එකක් අලුතෙන් පටන් ගත්තා. මේක කලින් සිවිල් වෝර් එකත් එක්ක සම්බන්ධයක් නෑ. ඒ හින්දා අලුතෙන්ම කෙනෙක් ට මේ කතාව කියවන්න පටන් ගන්න පුළුවන්. DC Rebirth ගැන විස්තරයක් ගෙනාවා වගේ අපි හිතුවා සිවිල් වෝර් II ගැනත් ඔයාලට විස්තරයක් ගේන්න. ඒ වගේම මේක කියවන්නේ කොහොමද කියලා ඔයාලට පොඩි අවබෝධයක් ලබා දෙන්න. 

මේක ක්‍රොස් ඕවර් ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ ප්‍රධාන කතාවට අමතරව තවත් චරිත වල දෘෂ්ටි කෝණයෙන් කතාව ගලාගෙන යනවා. ඒ හින්දා එකපාරටම කෙනෙක් ට කියවන්න පටන් ගන්නේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. ඒ හින්දා මුලින්ම තීරණය කරන්න ඕනේ තමන්ට සිවිල් වෝර් II කතාවේ කොච්චර දුරට කියවන්න ඕනේ ද කියලා. 
ඊට කලින් සිවිල් වෝර් II ඇති වෙන්නේ මොකක් හින්දා ද කියලා පොඩ්ඩක් කතා කරමු. මම මේක පුළුවන් තරම් ස්පොයිලර් නැතුව කතා කරන්න හදන්නේ. මොකද ඒකෙන් කතාවේ රසයට හානියක් වෙන හින්දා. කලින් සිවිල් වෝර් එකේ දී දෙපැත්තේ නායකත්වය ගත්තේ අයන් මෑන් සහ කැප්ටන් ඇමරිකා උණාට මේ සිදුවීමේ දී නායකත්වය ගන්නේ අයන් මෑන් සහ කැප්ටන් මාවල් දෙන්නා. නායකයන් තෝරා ගන්න එකෙන්ම මේක ටිකක් බරපතල තැනකට ගේනවා, මොකද කලින් එක පැත්තක නායකත්වය ගත්තේ කැප්ටන් ඇමරිකා හින්දා සිද්ධ වෙන්න තිබුණු විනාශයන් වැලකුනා කියලා කියන්න පුළුවන්. ඒත් මේ අවස්ථාවේ දී ටෝනි ගැටුම් ඇති කරගන්න යන්නේ පෘතුවියේ ඉන්න බලසම්පන්නම කෙනෙක් වෙන කැප්ටන් මාවල් එක්ක. ඒ වගේම එයා සෘජු තීරණ ගන්න පැකිලීමක් කරන්නෙත් නෑ. ඒ හින්දා මේ සිවිල් වෝර් එක කලින් එකට වඩා බරපතල වෙන්න හොදටම ඉඩ තියනවා.


එතකොට මොකක් වෙනුවෙන් ද මේ සිවිල් වෝර් එක ඇතිවෙන්නේ. මේකට මුල්වෙන්නේ යුලිසීස් කියන ඉන්හියුමන්. එයාට අනාගතයේ වෙන්න තියන සමහර දේවල් ගැන කලින් දැනෙනවා. ඒක හරියට හීනයක් පේනවා වගේ. ඉතින් ඇයි මේක සටනටකට මුල් වෙන්න තරම් හේතු වෙන්නේ. මේ දක්වා සිද්ධිය සරලව කියනවා නම් කල්තියා දැන ගත්ත ආක්‍රමණයක් නවත්වන්න ගිහින් ටෝනි ට සමීප කෙනෙක් නැති වෙනවා. ටෝනි ගේ අදහස වෙන්නේ අනාගතය කියන්නේ අපේ බලපෑමෙන් තොරව සිද්ධ වෙන්න ඕනේ දෙයක් කියලා. ඒත් කැප්ටන් මාවල් ට අනුව නම් අනාගතයේ සිද්ධ වෙන්න තියන විනාශයන් අද දවසේ වළක්වන්න උත්සහ කලාට කමක් නෑ. හැබයි අපි තවම සිවිල් වෝර් ආරම්භයේ ඉන්න හින්දා දෙපාර්ශ්වයේ නිවැරදි මතවාදය ගැන දැනුවත් නෑ. 
සිවිල් වෝර් II කියන්නේ මොකක්ද කියලා මුලික අවබෝධයක් ගත්ත හින්දා අපි බලමු මේක කියවන්න පටන් ගන්නේ කොහොමද කියලා. තමන්ගේ රුචිකත්වය සහ කාල වෙලාව අනුව මේක ආකාර 3 කින් කියවන්න පුළුවන්.
1. ප්‍රධාන කතාව
2. ප්‍රධාන කතාව  + සිවිල් වෝර් II වෙනුවෙන් ප්‍රකාශිත අමතර කතා
3. ප්‍රධාන කතාව + සිවිල් වෝර් II වෙනුවෙන් ප්‍රකාශිත අමතර කතා + අනෙකුත් කතා වල සිවිල් වෝර් II වෙනුවෙන් පළවෙන ප්‍රකාශන.

මෙහෙම කියපුවාම පැටලෙනවා වගේ ද? අපි එකින් එක කතා කරමු. ඒවාට අයිති වෙන්නේ මොනවාද කියලා.

1. ප්‍රධාන කතාව
මේක තමයි සිවිල් වෝර් එකේ ප්‍රධාන හරය. මේ ටික විතරක් කියෙව්ව්වත් කෙනෙක් ට මේක තේරුම් ගන්න පුළුවන්. මේකට අයිති වෙනවා,


Free Comic Book Day Civil War II - සිවිල් වෝර් එක ගැන මුලින්ම නිකුත් වුනු ප්‍රකාශනය
Civil War II (#0 - #7) - ප්‍රධාන කතාව
Civil War II: Ulysses (#1 - #3) - මේක කියෙව්වේ නෑ කියලා ප්‍රධාන කතාව තේරුම් gannබැරි කමක් නෑ. හරි නම් මේක එන්න ඕනේ දෙවෙනි කාන්ඩේ ට. ඒත් සිවිල් වෝර් II ඇතිවෙන්න හේතු වුනු කෙනා ගැන දැන ගෙන ඉන්න එක වටිනවා නේ කොහොමත්.


ඩයි-හාර්ඩ් DC ෆෑන්ස් ලා ගෙන් මම ඉල්ලනවා අඩු ගානේ මේ ටික වත් කියවලා බලන්න කියලා. 

2. ප්‍රධාන කතාව + සිවිල් වෝර් II වෙනුවෙන් ප්‍රකාශිත අමතර කතා
ප්‍රධාන කතාවට අමතරව සමගාමී ව ගොඩක් සිදුවීම් වෙනවා. එක එක කට්ටිය බෙදෙන විදිහ, එයාලගේ අත්දැකීම් විස්තර කිරීම මේ අමතර කතා එහෙමත් නැතිනම් Tie-in වලින් සිද්ධ වෙනවා. ප්‍රධාන කතාව අනවශ්‍ය විදිහට දිග වැඩි එන එක වෙනස් වෙන එක මේකෙන් වැළකෙනවා.


Civil War II: Gods of War (#1-#4) - සිවිල් වෝර් II වලට අදාලව හර්කියුලීස් ගේ කෝණයෙන් විස්තර වෙන කතාවක්
Civil War II: Amazing Spider-Man (#1-#4) - පීටර් පාකර් ස්පයිඩර් මෑන් ගේ කෝණයෙන් සිවිල් වෝර් II විස්තර වෙන විදිහ
Civil War: X-Men (#1-#4) - සිවිල් වෝර් II එකත් එක්ක X-men ලාගේ ඇතිවන ගැටළු කාරී ස්වභාවය විස්තර වෙන කතාව
Civil War II: Choosing Sides (#1-#6) - පාරශව දෙකට කට්ටිය බෙදෙන විදිහ විස්තර වෙන කතාව
Civil War II: Kingpin (#1-#4) - සිවිල් වෝර් එක අතර තුරේ දී කින්ග් පින් තමන්ගේ වාසියට වැඩ කරන එක ගැන කතාව
Civil War II: The Accused - තවම විස්තර හෙළිදරව් කරලා නැති වන් ෂොට් එකක්
Civil War II: The Fallen - මේකත් තවම මොකක්ද කියලා විස්තර වෙලා නැති වන්ෂොට් එකක් 

ප්‍රධාන කතාවට අමතරව කෙනෙක් ට සිවිල් වෝර් II වෙනුවෙන්ම ප්‍රකාශ කරපු මේ කතා ටික කියවන්න පුළුවන් නම් පුළුල් අවබෝධයක් ගන්න පුළුවන්.

3. ප්‍රධාන කතාව + සිවිල් වෝර් II වෙනුවෙන් ප්‍රකාශිත අමතර කතා + අනෙකුත් කතා වල සිවිල් වෝර් II වෙනුවෙන් පළවෙන ප්‍රකාශන 
ඔන්න මේක නම් ඩයි-හාර්ඩ් මාවල් ෆෑන් ලාට විතරක් රෙකමන්ඩ් කරන්නේ. මේකෙන් සිවිල් වෝර් එකට සම්බන්ධව සේරම විස්තර කරනවා. ඒ වගේම මේ දක්වා මාවල් ආයතනය නිකුත් කරන ප්‍රකාශන කිහිපහයක් හැරුනාම අනිත් සේරම වගේ මේකට සම්බන්ධ වෙනවා. ඇත්තටම මේ උපක්‍රමය යොදා ගන්නේ ජනප්‍රිය නැති අනෙක් කොමික් ප්‍රකාශන කට්ටිය අතරට ගෙනියන්න. උදාහරනයක් විදිහට කෙනෙක් Ms Marvel කොමික් සිරිස් එක නිකමට වත් බලලා නෑ. ඒත් සිවිල් වෝර් එකට සම්බන්ධ නිසා Ms Marvel #8 වෙනි කොටස බලනවා. ඒක හිතට ඇල්ලුවොත් එයා දිගටම Ms Marvel කියනවා වගේම මීට කලින් නිකුත් වුනු ඒවාත් කියවනවා. මේ වගේ දේවල් වෙන්න හොදටම ඉඩ තියනවා. මොකද ක්‍රොස් ඕවර් ඉවෙන්ට් එකක දී මේ අමතර කතා වෙනදටත් වඩා නිර්මානශිලිව ඉදිරපත් කරනවා.


මේ කාණ්ඩය විදිහට කියවනවා නම් ටිකක් දිගයි. ඒ හින්දා වැඩේ ටිකක් අමාරුයි. Marvel ෆෑන් ලගෙනුත් ඩයි හාර්ඩ් ෆෑන් ලාට විතරක් මේක කියවන්න කිව්වේ ඒකයි. ඇත්තටම මේ කාලේ එක්කෝ DC විතරක් එහෙමත් Marvel විතරක් ෆෑන් කෙනෙක් වෙන තමයි වඩා හොඳ. මොකද DC Rebirth සේරම ප්‍රකාශන සහ Civil War II සේරම ප්‍රකාශන කියවනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. 
මේකෙදි උඩ කියපු ලිස්ට් දෙකට අමතරව මේ ලිස්ට් එකත් කියවන්න වෙනවා. ආයෙත් සැරයක් කියනවා මේ සේරම කියෙව්වේ නෑ කියලා ප්‍රධාන කතාව තේරුම් ගන්න බැරි වෙන්නේ නෑ. 

Invincible Iron Man (#6,#7,#8,#9,#10,#11,#12) - අයන් මෑන් ගැන තියන ප්‍රධාන කතාව. ටෝනි ගේ අලුත් පෙම්වතිය වෙන අමරා පෙරේරා ගැන කියවෙන්නෙත් මේකේ.
International Iron Man (#3,#4) - ටෝනි එයාගේ ඇත්ත දෙමව්පියෝ හොයාගෙන යන කතාව
All-New Wolverine (#8,#9,#10,#11) - අලුත් වොල්වරින් ගේ කතාව. මෙයා නම් Smart badass girl කෙනෙක්
Ms. Marvel (#7,#8,#9,#10) - නිව් ජර්සි වල ඉන්න අලුත්ම වීරවරිය. අම්මපා මේකිට නම් භාගෙට පිස්සු
The Ultimates (#7,#8,#9,#10) - දැනට පෘථිවියේ පහල වුනු බලසම්පන්නම කණ්ඩායමගේ කතාව. බොරු කියන්න ඕනේ නෑ මේ කට්ටියගේ වැඩ පුංචි අපේ ඔළුවලට බර වැඩි
New Avengers (#12,#13,#14,#15) - භාගෙට භාගයක් දන්නේ නැති කට්ටිය ඉන්නේ. හිතාගන්න බැරි විදිහේ දේවල් වෙන්නේ මේකේ
Captain Marvel (#6,#7,#8) - පාර්ශව දෙකේ එක පැත්තක නායකත්වය දරණ කැප්ටන් මාවල් ගේ කතාව. මෙයා ඇල්ෆා ෆයිට් එකත් එක්ක කරන වැඩ ගැන තියෙන්නේ
Nova (#8,#9) - සෑම් ඇලෙක්සැන්ඩර් එහෙමත් නැතිනම් හියුමන් රොකට් ගේ කතාව. පොරගේ පොඩි ක්‍රෂ් එකක් තියනවා Ms Marvel ගැන
Deadpool (#14,#15,#16,#17) - එක Deadpool කෙනෙක් මදි නම් මේකේ ඉන්නවා Deadpool ලා 7 ක් 8ක්. හැබැයි පුද්ගලිකව මම මේකට ආස නෑ
Captain America: Sam Wilson (#10,#11,#12) - අලුත් කැප්ටන් ඇමෙරිකා ගේ කතාව
Totally Awesome Hulk (#7,#8,#9,#10) - මතකනේ පෘථිවියේ 7 වෙනියට බුද්ධිමත් ආමඩියස් චෝ. දැන් නම් එයා 8 වෙනි තැන ද කොහෙද ඉන්නේ. හැබැයි පෘථිවියේ ඉන්න ශක්තිවන්තම කෙනා දැන්. ඒ අර මොළෙත් එක්කම. චෝ හල්ක් විදිහට නරක නෑ. ඒත් මම නම් පරණ සෙල්ලක්කාර පොඩි එකාට තමයි ගොඩක් කැමති
Uncanny Inhumans (#11,#12,#13) - සිවිල් වෝර් II එක පටන් ගන්නේ ඉන්හියුමන් වරුන් හින්දා නේ. ඒ හින්දා ඒ අයට තැනකුත් දෙන්න ඕනේ. මේ ඒ කට්ටිය ගැන කතාව.
Captain America: Steve Rogers (#4,#5) - ඔව් ඔව් මේ හැමෝම කතාකරපු හේල් හයිද්‍රා සීරිස් එක තමයි
Spider-Woman (#9, #10) - අනේ මන්දා මේක නම්. ස්පයිඩර් වුමන් අම්මා කෙනෙක් වෙන්න යද්දී උණත් අසාදරණයට එරෙහිව සටන් කරනවා
Power Man and Iron First (#6,#7) - මේ දෙන්නා ගැන ඉස්සරහට අපිට ගොඩක් කතා කරන්න වෙයි නේ
Agents of S.H.I.E.L.D. (#7,#8) - නික් ෆියුරි හොදයි කියලා හිතෙනවා ඩිරෙක්ටර හිල් එක්ක බලනකොට
Patsy Walker, A.K.A. Hellcat! (#8) - අපිට මෙයා ජෙසිකා ජෝන්ස් එකේ දී මුණ ගැහුනා
Spider-Man (#6,#7) - මේ පීටර් පාකර් ගැන නෙවේ, මයිල්ස් මොරාලෙස් ගැන කතාව
Squadron Supreme (#9,#10) - ඇවෙන්ර්ස් අසෙම්බල් බලලා තියන අය නම් මේ කට්ටිය ගැන දන්නවා නේ
All New, All-Different Avengers (#13) - අලුත් ම අලුත් වෙනස් ම විදිහේ ඇවෙන්ජර්ස් ලා කණ්ඩායම. සේරම ඉන්නේ දන්න කියන වීරයෝ. හැබයි අලුත් අය ඒ තනතුර දරන්නේ. ටෝනි සහ විෂන් නම් ඉන්නවා පරන විදිහටම
Scarlet Witch (#9) - බලසම්පන්න ම ගැහැණු කෙනාගේ කතාව කිව්වත් වැරැද්දක් නෑ
Mockingbird (#6) - ශිල්ඩ් කතාවේ දී අපිට මුණ ගැහුණු බොබී මෝර්ස් ගේ කතාව
A-Force (#8) - ගෑණු ළමයි විතරක් ඉන්නේ මේකේ
Spider-Man 2099 (#13,#14) - අනාගතයේ ඉන්න ස්පයිඩර් මෑන්, Miguel O'Hara ගේ කතාව
Guardians of the Galaxy (#11,#12) - පරන කණ්ඩායම තමයි, අලුත් කට්ටිය එකතු වෙලා. සමහර අය ඒ කියන්නේ ස්ටාර් ලෝර්ඩ් වගේ පොඩි චරිත (මාවල් ලට පිස්සු කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට) මාරු කරලා.
Venom: Space Knight (#11) - ෆ්ලෑෂ් තොම්සන් ගේ කතාව
Uncanny Avengers (#13,#14) - දැනට ඉන්න ඇවෙන්ජර් කණ්ඩායම් තුනෙන් අපි දන්න කියන අය ගොඩක් ඉන්නේ මේකේ. ඒත් ඉතින් අනිත් කණ්ඩායම් දෙකත් එක්ක බලද්දී නම් මේක පොඩ්ඩක් අවුල් වගේ
The Astonishing Ant-Man (#11) - මේ ස්කොට් ලෑන්ග් ගැන කතාවක්
Rocket Raccoon and Groot (#8) - අපි දන්න කියන දෙන්නෙක් ගැන කතාව

ලේසි නෑ වැඩේ. ලිස්ට් එක දිගයි. හැබයි ඉතින් මේ සේරම කියවන්න ඕනේ නෑ. තමන් ආස කරන කතා ටිකක් තෝරාගෙන කියෙව්වා නම් ඒ ඇති. 

දැන් අපි බලමු මේ ටික කියවන්න ඕනේ පිළිවෙල මොකක්ද කියලා. දැනට කතාව ආරම්භ වුනා විතරයි. මේක සැප්තැම්බර් මාසේ දක්වාම යනවා. ඒ හින්දා අපිට හරියටම දැන්ම මේකේ අවස්ථානුකුල පෙළගැස්මක් හදා ගන්න බෑ. මොකද පස්සේ එන කතාවක මුල් ම අවස්ථාවේ වුනු දෙයක් තියෙන්න පුළුවන්. උදාහරනයක් විදිහට Civil War II: Ulysses කතාව ගොඩක් මුල සිද්ධ වෙන්නේ. ඒත් ඒක ප්‍රකාශයට පත් උනේ සිවිල් වෝර් දෙවෙනි ප්‍රකාශනය ත් එක්ක. ඒ හින්දා හොදම දේ තමයි ප්‍රකාශයට පත්වුණු පිළිවෙලට කියවන එක. 

උඩ තියන කතා වලට අමතරව තවත් කතා කිහිපයක් එකතු වෙන්න තියනවා කියලා ආරංචියක් තියනවා. ඒ හින්දා අපිට තවම නිකුත් වෙන දවස පිළිවෙලට හදාගන්නත් අමාරුයි. අනික මේ මුළු ලිස්ට් එකේ ම එක එක කතාව එලියට එන දවස සඳහන් කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. ඒ හින්දා අපි හිතුවා දැනට ඇවිත් තියන කතා විතරක් මතක් කරන්න. මෙතනින් එහාට සති පතා අපි මතක් කිරීමක් කරන්නම් ඒ ඒ සතියේ නිකුත් වෙන කොමික් ගැන.

සාමාන්‍යයෙන් මේ වගේ ලොකු සිදුවීමක් වෙන්න කලින් ඒකට අදාළ පසුබිම සකස් වෙනවා. Road to Civil War II කියලා තමයි මෙතන දී මේවා හදුන්වලා තියෙන්නේ. මේවගේ සිවිල් වෝර් එකට අදාළ ලොකු විස්තරයක් නෑ. ඒත් මේ සිදුවීම් වල බලාපෑම මත තමයි ප්‍රධාන කතාව ගොඩ නැගෙන්නේ. අපි බලමු ඒවා මොනවාද කියලා.

Road to Civil War II
  • Invincible Iron Man #6 - 03 Feb 2016
  • Invincible Iron Man #7 - 02 Mar 2016
  • Invincible Iron Man #8 - 06 Apr 2016
  • Invincible Iron Man #9 - 04 May 2016
  • Free Comic Book Day Civil War II - 07 May 2016
  • The Ultimates #7 - 11 May 2016
  • International Iron Man #3 - 18 May 2016
  • Civil War II #0 - 18 May 2016
  • All-New Wolverine #8 - 18 May 2016
  • Ms. Marvel #7 - 25 May 2016
  • All-New Wolverine #9 - 01 Jun 2016
  • Invincible Iron Man #10 - 01 Jun 2016

ඔන්න මෙතන ඉදලා තමයි හරිනම් සිවිල් වෝර් II පටන් ගන්නේ. මේකේ මුල් අදියර නම් කරල තියෙන්නේ Civil War II Begins කියලා.

Civil War II Begins


  • Civil War II #1 - 01 Jun 2016
  • Civil War II: Gods of War #1 - 08 Jun 2016
  • New Avengers #12 - 08 Jun 2016
  • Civil War II: Amazing Spider-Man #1 - 08 Jun 2016
  • Nova #8 - 15 Jun 2016
  • International Iron Man #4 - 15 Jun 2016
ඊලඟ කොටස තමයි The Seeds of War කියන්නේ. 

The Seeds of War


  • Civil War II #2 - 15 Jun 2016
  • Civil War II: X-Men #1 - 15 Jun 2016
  • Deadpool #14 - 15 Jun 2016
මීට අමතරව මුලින් කියපු සිවිල් වෝර් Prequel එක නිකුත් වුණා
  • Civil War II: Ulysses #1 - 15 Jun 2016
මෙතනින් එහාට සති පතා අපි අලුතෙන් නිකුත් වෙන සිවිල් වෝර් කොමික් ගැන විස්තර ගේන්න හිතාගෙන ඉන්නේ.
 
#attila_THE_hun

Wednesday, June 15, 2016

DC Rebirth


DC REBIRTH නිකුත් වීමත් එක්ක ගොඩක් අය ඒ ගැන කතාකරන්න ගත්ත හින්දා අපිත් හිතුවා ඒ ගැන පොඩි විස්තරයක් කතා කරන්න. මේ ලිපිය ගේන්නේ කොමික් එක කියවපු අයගේ ගැටළු කිහිපයක් නිරාකරණය කරන්නත් එක්ක හින්දා තවම බලපු නැති අය spoil වීමේ අවධානම අරගෙන කියවන්න වෙයි.

ඇයි ඇත්තටම DC ආයතයනයට මෙහෙම දෙයක් කරන්න සිද්ධ උනේ කියන එක අපි පොඩ්ඩක් මුලින් බලමු. අපි හැමෝටම පිළිගන්න වෙන දෙයක් තමයි මල්ටිවර්ස් සංකල්පයත් එක්ක DC යුනිවර්ස් එක ගොඩ නැගෙන කොට එක එක රචකයෝ අනුගමනය කරපු ක්‍රියා පිළිවෙත් හින්දා සමහරක් චරිත දිගටම කරගෙන යන්න බැරි තැනට පත් වුණා. ඒ හින්දා කාලෙකට සැරයක් DC යුනිවර්ස් එක අලුතෙන්ම සකස් කරන්න වුනා. අපිට Crisis කියන වචනය අහන්න ලැබෙන්නේ මෙතන දී. මේ විදිහට නිර්මාණය වුනු DC යුනිවර්ස් වලින් අපි දැන් ඉන්නේ NEW 52 වල. මේක නිර්මාණය වුනේ ෆ්ලෑෂ් කාලය හරහා ගිහින් අම්මා බෙරාගනිපු ක්‍රියාවත් එක්ක ඇති වුනු සංසිද්ධිය වලක්වන්න ආපහු කාලය හරහා ගිහින් අම්මා බේරා ගන්න එක වැළැක්වීමත් එක්ක. එහෙම නැතිනම් අපි හැමෝම දන්න Flashpoint සිද්ධියත් එක්ක. 

හැබැයි මේ නිර්මාණය වුනු යුනිවර්ස් එකේ විවිධ අඩුපාඩු තිබ්බා. අපිට හුරුපුරුදු චරිත වෙනස් උනා. කලින් තිබ්බ සම්බන්ධතා වෙන්ස් වෙලා. මේ හින්දා NEW 52 යටතේ අලුත් සංකල්ප ගොඩක් ගෙනාවත් පරණ පුරුදු ගතිය නැති එක ගැන ගොඩක් අය විරුද්ධ වුනා. විශේෂයෙන්ම සමහර චරිත අයින් කරලාම දාලා තියන එක ප්‍රධාන චෝදනාවක් උනා. DC ආයතනය Convergence ඉවෙන්ට් එක හරහා මේකට පිළිතුරක් දුන්නා. ඒ ආරම්බයේ ඉදන් අමතක කරලා තිබ්බ ටයිම් ලයින් ආපහු භාවිතයට එකතු කළා. ඒත් මේ එකතු කිරීම ක්‍රමවත් විදිහකට කරන්න මාර්ගයක් අවශ්‍ය උනා. මේ Rebirth ඉවෙන්ට් එක එන්නේ ඒ අවශ්‍යතාවය ඇතුළු තවත් අවශ්‍යතාවයන් වෙනුවෙන්. ඒ හින්දා මේක Reboot එකක් වෙන්නේ නෑ. මේක New 52 යුනිවර්ස් එකම වඩා හොද විදිහට සකස් කිරීමක්.
අපි මේ ගැන සම්පුර්න විස්තරයක් ලිපියකින් ගෙනාවා මතකයි නේ. 


එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. අපිට කතාව කියන්නේ වොලි වෙස්ට්. අපිට New 52 වල හම්බෙන්නේ කළු ජාතික වොලී වෙස්ට් කෙනෙක් නේ. ඒත් මෙතන ඉන්නේ Flashpoint එකට කලින් වොලී. ඒ වගේම එයා ඉන්නේ Kid flash කොස්ටියුම් එකෙන්. මෙතන සිදුවීම පොඩ්ඩක් පැත්තක තියලා අපිට NEW 52 යටතේ පළවුණු වෙන කතාවකට පොඩ්ඩක් අවධානය යොමුකරන්න වෙනවා. ඒ Titan Hunt කියන කාණ්ඩ 8කින් යුක්ත කතාවට. නිව් 52 වල දී අපිට ටයිටන් කියන කණ්ඩායමක් මුණ ගැහෙන්නේ නෑනේ. කලින් හිටිය පොඩි ළමයි දැන් තරුණයෝ වෙලා. ඒ අය එකට මුණ ගැහිලා නෑ. ඒත් මුණ ගැහුනාට පස්සේ මෙයාලට මතකයක් තියනවා එකට වැඩ කෙරුවා වගේ. අවසානේ දී මේ අයගේ මතකය එනවා. ඒත් එයාලට දැනෙනවා එයාලා අතර හිටිය කවුරු හරි අඩුයි නේද කියලා. ඒ අඩුකෙනා කවුද කියලා කියන්න කලින් කතාව ඉවර වෙනවා. 

අන්න එතන ඉදන් තමයි Rebirth කතාව පටන් ගන්නේ. ඉතින් ඒ අඩු කෙනා තමයි වොලී වෙස්ට්. එයා ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙලා ඉදලා තියෙන්නෙ. 


ඇයි ඉතින් එකපාරටම වොලිට මෙතනින් එන්න පුළුවන් වෙන්නේ. වොලී කියන විදිහට නම් අවුරුදු 10ක්. මේක විස්තර කරන්නේ නිව් 52 වල Darkseid War කතා වේ දී. මේක rebirth කතාව කියවන්න කලින් මේක කියවලා හිටියා නම් ගොඩක් ලේසි. මේක අඩංගු වෙන්නේ JL #40 ඉදන් #50 දක්වා සහ ඒ අතර ආපු Darkseid War One Shot ප්‍රකාශන එක්ක. වොලී ට ස්පීඩ් ෆෝර්ස් එකෙන් ඔය විදිහට එන්න ලැබෙන්නෙ ඩාක්සයිඩ් වෝ වලදි ඩාක්සයිඩ් මැරුනම රියලිටි එනට වෙන බලපෑම නිසා.

හැබැයි ඒකත් තාවකාලිකව විතරයි. මොකද ස්පීඩ් ෆෝර්ස් එක උත්සාහ කරනවා මෙයා නිදහස් වෙන එක වලක්වන්න. ඒව වගේම තමයි වොලී ට අවබෝධයක් තියනවා යම්කිසි බලවේගයක් විසින් යථාර්තය වෙනස් කරලා තියනවා කියලා. ඒ හින්දා ඉස්සර තිබුණු සම්බන්ධතා, මතකයන් නැති වෙලා කියලා. ඒ වගේම මේ බලපෑම තවම ඉවර නැති හින්දා එයා උත්සහා කරනවා මේ ගැන අනතුරු හඟවන්න.

මේ වෙද්දී පෘථිවියේ වෙනස් කම් කිහිපයක් ම වෙලා තියෙන්නේ. ඒ අතර ප්‍රධානම දේ තමයි සුපර් මෑන් මිය ගිහින් කියන කාරණය. හැබැයි මේ අඩුව පුරවන්නත් කෙනෙක් ඉදිරිපත් වෙනවා, ඒ වගේම තමයි බැට් මෑන් හොයා ගන්නවා ජෝකර් ලා තුන්දෙනෙක් ඉන්නවා කියලා. මේ ගැන දැන ගන්නේ එයා විශ්වයේ සියලුම දැනුම ලබා ගන්න පුළුවන් මෝබියස් චෙයාර් එකේ ඉදගත්ත වෙලාවේ දී.  ඒ තුන්දෙනා තමයි 

1."Clown prince of crime" ගොල්ඩන් ඒජ් සහ සිල්වර් ඒජ් එකෙ ජෝකර්.
2.Murderous prankskter "Kiliing Joke බ්‍රොන්ස් ඒජ් එකෙ 
3. Creepy Chameleon Joker New52 එකෙ.


වොලී මුලින්ම බැට් මෑන් මුණගැහෙනවා තමන් මුහුණ දීලා තියන ගැටලුව ගැන කියන්න. ඒත් බැට් මෑන් ට එයා ගැන මතකයක් නෑ. ඒ හින්දා වොලී මතක් කරනවා ෆ්ලෑෂ් පොයින්ට් එක අවසානේ දී බැරී ගෙනත් දීපු ලියුම ගැන. 
ඊළඟට වොලි යනවා සාත්තුනිවාසයක ඉන්නෙ වයසක මනුස්සයෙක් හොයාන් . ඒ මනුස්සයා මෙයාව අදුර ගන්නෙ Johnny thunder කියලා ,Johnny කියන්නෙ JSA එහෙමත් නැත්නම් justice society of america එක් මෙම්බර් කෙනෙක්,ඒ කියන්නෙ JSA ගැන අපිට දැනගන්න ලැබෙයි ඉස්සරහට.
නිව් 52 යුනිවර් ස් එකේ බලපෑම හින්දා DC වල Legacy එහෙමත් නැතිනම් එක සුපිරි වීරයෙක් ගේ තැන වෙන කෙනෙක් ගන්න එක (Flash - ගැරික්, බැරී, වොලී, බාර් ට්) ගොඩක් වෙනස් උණා. එතැනදී අපිට හදුන්වා දුන්නේ ගොඩක් වෙලාවට තනි පුද්ගලයෙක් විතරයි. මේ ගැටලුව ට පිළිතුරක් දෙන්න Rebirth හරහා උත්සාහ කරලා තියනවා. 
උදාහරණයක් විදිහට ෆ්ලෑෂ් පොයින්ට් එකට කලින් රේ පාමර් සහ රයන් චෝයි දෙන්නම ඇටොම් වෙලා හිටියට නිව් 52 වලදී අපිට රේ පාමර් විතරයි දැකගන්න පුළුවන් උනේ. ඒත් මෙතන දී අපි දකිනවා රයන් චෝයි, රේ වෙනුවට ඇටොම් වෙනවා. 


ඒ වගේම ෆ්ලෑෂ් පොයින්ට් එකට කලින් ටෙඩ් කොර් ඩ් ගෙන් පස්සේ Blue Beetle වුනු Jaime Reyes ගේ ඔරිජින් එක නිව් 52 වල දී සම්පුර්නයෙන්ම වෙනස් කරලා තිබ්බේ. ටෙඩ් සහ ජේමි දෙන්නා එක තැනකට ගෙනාව හින්දා අපිට විශේෂ පැහැදිලි කිරීමක් බලාගන්න පුළුවන් වෙයි. 
ඒ වගේම නිව් 52 වල දී කතා නොකරපු චරිත ආයෙමත් කතා කරන්න හදන්නේ. හොදම උදාහරණය තමයි Doctor Fate. මේ චරිතය නිව් 52 වල දී අපිට මුණ ගැහෙන්නේ නෑ. ඒත් Rebirth හරහා හදුන්වා දීමත් සමඟ මෙයා ගැන ආපහු දැනගන්න ලැබෙයි.
අපි දකිනවා ඩේමියන් එයාගේ 13 වෙනි උපන් දිනය සමරනවා. ඇයි 13 උපන් දිනය විශේෂ කරලා පෙන්නුවේ, ඉංග්‍රීසි භාෂාවට අනුව කෙනෙක් ගේ වයස 13 උනාට පස්සේ තමයි එයා Teenager කෙනෙක් එහෙමත් නැතිනම් Teen කෙනෙක් වෙන්නේ. එතකොට මේ අලුත්ම Teen Titan එකක් ගැන ඉඟියක් ද?


ඩාර්ක්සයිඩ් වෝර් එක අතර තුරේ දී ජෙසිකා කෘස් කියන කෙනා ගේ තිබුණු පවර් රින්ග් එක වෙනුවට එයාට ග්‍රීන් ලන්ටර්න් රින්ග් එකක් හම්බෙනවා. ඒ හින්දා දැන් එයාත් ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක් විදිහට වැඩ කරනවා. දැනට පෘථිවිය භාරව ඉන්න අනිත් ලැන්ටර්න් Simon Baz, සෙක්ටර් එකක් භාරව ඉන්නවාට වඩා ලොකු දෙයක් කරන Hal සහ අනිත් පෘතුවියෙන් බිහිවුණු ග්‍රීන් ලැන්ටර්න් ලා එක්ක ඉන්න ගාන නම් හොදටම වැඩි වගේ. ඒත් ඉතින් වෙනසකටත් එක්ක ගෑණු ළමයෙක් හොදයි නේ.


Young justice ඇනිමේටඩ් සිරීස් එක බලපු අයට Aqualad ව එහෙමත් නැත්නම් Jackson Hyde ව මතක ඇතිනෙ. අපිට එයාවත් දැකගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ එයා Gay චරිතයක් විදිහට.

ඊලඟට අපිට මුණ ගැහෙනවා නිව් 52 බිහිවීමත් එක්ක කතා බහට ලක්වුණු Pandora. හරි විදිහට කියනවා නම් නිව් 52 එක බිහිවුනේ මෙයා හින්දා. අමරණිය කෙනෙක් විදිහට හිටිය මෙයාව යම්කිසි බලවේගයක් විසින් ඝාතනය කරනවා. හැබැයි එයා තමන්ගේ ඝාතකයා හදුනා ගන්නවා. මේ විශ්වයේ හැම විපර්යාසයක්ම වෙන්නේ මේ බලවේගය හින්දා කියලා තමයි කියවෙන්නේ. ඇත්තමට කවුරු ගැනද මේ කියනවා ඇත්තේ?


ෆ්ලෑෂ් පොයින්ට් එකෙන් පස්සේ යුනිවර්ස් එක ඇතුලේ සිද්ද වුනු වෙනස් වීම් වලින් සමහරක් ඒවා ට පාඨකයෝ පොඩ්ඩක්වත් කැමති උනේ නෑ කියලා කිව්වා නේ. ඒ අතරේ එකක් තමයි ග්‍රීන් ඇරෝ සහ බ්ලැක් කැනරි අතර ආදර සම්බන්ධතාවය ගැන සඳහනක් නැති එක. හැබැයි අපිට මේකෙන් එහෙම දෙයක් වෙන්න තියන ඉඩකඩ ගැන පැහැදිලි කිරීමක් කරනවා. 


ඒ වගේම තමයි ඇක්වාමෑන්, Mera ට විවාහ යෝජනවක් ගේනවා. ඒ වගේ ආදර සම්බන්ධතා ගැන කතා කරන අතරේම තවත් ලස්සන ආදර කතාවක් ගැන අපිට වෙදානාත්මක සටහනක් ඉතිරි කරනවා. ඒ වොලී සහ ලින්ඩා අතරේ සම්බන්ධය. වොලී, ලින්ඩා හම්බෙන්න ආවත් ලින්ඩා ට වොලී කියන්නේ කවුද කියලා මතක නෑ. මේ මතක නැති වීම ගැන පොඩි පැහැදිලි කිරීමක් අපිට ටයිටන් හන්ට් කතා මාලාවේදී කියනවා. ඒත් මගේ පුද්ගලික අදහස නම් ඒක එච්චර සාර්ථක උත්සාහයක් නෙවේ කියන එක. 


මේ කතා කරපු ප්‍රධාන දේවල් වලට අමතරව තව කතා ගොඩකට ආරම්භයක් Rebirth වලින් ලබා දෙනවා. ඒ අතරේ Legion of Superheroes ගේ මුද්ද, සුෆී ගේ අවමංගල උත්සවය, ලුවිස් ඇන්ඩ් ක්ලාක් සුපී සහ එයාගේ පුතා ජොනතන් ගැන, ජෝන් කොන්ස්ටන්ටීන්, කැප්ටන් බූමරැන්ග්, සයිබෝර්ග්, ඩික් ග්‍රේසන් වගේ කට්ටිය ගැන යාන්තමට පෙන්නනවා. ඒ වගේම නිව් 52 වල ඉන්න අනිත් වොලී වෙස්ට් ගැන පැහැදිලි කිරීමක් කරන්නත් Rebirth එකෙන් අමතක කරන්නේ නෑ. හැබැයි මම නම් මේ පැහැදිලි කිරීමට එච්චර සතුටු නෑ. 

Darkseid War එකේ බලපෑම තවම අපිට බලාගන්න පුළුවන්. වොන්ඩර් වුමන් තමන්ට නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා දැන ගන්නවා ඒක අවසානේ දී. එයා ඒ ගැන හොයන්න උත්සාහ කරනවා. ඒ වගේම Darkseid War කියෙව්වා නම් මතක ඇති, Darkseid ආපහු ඉපදෙනවා ක්‍රයිම් සින්ඩිකේට් එකේ Superwomen ගේ දරුවෙක් විදිහට. මේ ගැන පොඩි මතක් කිරීමකුත් අපිට Rebirth එකේ දී හම්බෙනවා. 



සේරම ගාවට ගිහින් අවසානෙට වොලී යනවා බැරී ව මුණගැහෙන්න. ඒත් වොලී කවුද කියල බැරී ටත් හිතාගන්න බැරුව යනවා. ස්පීඩ් ෆොර්ස් එක මඟින් වොලීව ඇතුලට ඇදලා ගන්න හදනවිටම ක්ෂණික සියල්ල මතක් වෙන බැරී සම්පුර්ණයෙන්ම වොලීව ස්පීඩ් ෆොර්ස් එකෙන් මුදා ගන්නවා. ඒ සමගම ෆ්ලෑශ්පොයින්ට් ටයිම් ලයින් එක උන සිද්දි ගැන මතක් වෙන්න ගන්නවා. බැරී තමන්ටම දොස් පවර ගන්නවා ෆ්ලෑශ් පොයින්ට් එක නිසා New52 වෙනස් උනා කියලා. ඒත් වොලී ගේ අදහස නම් මෙතන වෙන බලසම්පන්න කෙනෙක් ගේ මැදිහත් වීමක් තියනවා කියන එක. මේ හැම වෙනසකටම හේතුව ඒ පුද්ගලයා කියලා යි වොලී කියන්නේ. 
ඇත්තමට මේ හැම දේටම මුල් වෙන මේ බලවේගය කවුද? Rebirth එකේ දී ඒ ගැන කෙලින්ම කිව්වේ නැති උනාට මේ සේරම පිටිපස්සේ ඉන්නේ Dr Manhattan කියලා කියන්නේ. Allen Moore ගේ Watchmen අපිට DC යුනිවර්ස් එක ඇතුලේ මෙච්චර කාලයකට අහන්න ලැබුනේ නෑ. ඒත් ඉස්සරහට ඒ අය ගැන කතා කරන්න වගේ යන්නේ. යථාර්තය වෙනස් කරන්න පුළුවන් Dr Manhattan ගැන සඳහනට අමතරව Watchmen එකේ දී අපිට හම්බුනු තවත් අය ගැන අපිට ඉඟි දෙනවා. අඩු ගානේ අපිට සාධාරණ සැකයක් තියනව එහෙමයි කියලා. සුපී ට මුණ ගැහුණු Mr Oz කියන්නේ Ozymandias කියන එක, ඒ වගේම The Question කියන්නේ Rorschach වෙන්න පුළුවන් මතය, ජෝකර් ලා තුන්දෙනාගෙන් එක්කෙනක් The Comedian වෙන්න පුළුවන් එක (අමතක කරන්න එපා අපි දැක්කා ලේ තැවරුණු මුහුණ තියන බොත්තම) සහ ගෝතම් නගරයට එන දෙන්නා Nite Owl, Silk Spectre ට සමාන ස්වරුපයක් තිබීම වගේ දේවල් ඒ අතරේ තියනවා. මේක හොදටම තහවුරු කරන්නේ කතාව ඉවර වෙන දෙබසින්. ඒ “Nothing ends Adiran, Nothing ever ends” කියන එක. මේ දෙබසින් තමයි Watchmen ෆිල්ම් එක ඉවර වෙන්නෙත්. 


මේ වගේ පුදුම හිතෙන දේවල් ගොඩක් මේ Rebirth ඉවෙන්ට් එකෙන් පස්සේ වෙන්න පුලුවන් .... ඒ හැම එකක් ගැනම පුලුවන් විදියට අපි කරුණු බෙදා ගන්නම් ඔයාල එක්ක. තව දෙයක් තමයි මේ කොමික් එක ඇතුල් පවා කාරණා ගොඩක් ගැන කතා කරනවා. ඒ හැම එකක් ගැන අපි කිවේ නෑ. වැදගත් දේවල් වලින් ටිකක් විතරයි කතා කලේ. 
ඒ වගේම ගොඩක් අයට ගැටලුවක් ඇති DC Rebirth කියවන්න කලින් මීට පෙර ආපු කොමික් කියවන්න ඕනේ ද කියලා. ඇත්තටම එහෙම අවශ්‍ය නෑ. කෙනෙක් ට මේකේ ඉදන් පටන් ගන්න පුළුවන්. හැබැයි වැඩි දුර දැනුමක් ඕනේ නම් මේ තියන කොමික් ටික කියෙව්වා නම් හරි. 

01. Justice League Darkseid War සීරිස් එක


• Justice League (Volume 2) #40
• Justice League (Volume 2) #41
• Justice League (Volume 2) #42
• Justice League (Volume 2) #43
• Justice League (Volume 2) #44
• Justice League (Volume 2) #45
• Justice League: Darkseid War: Batman #1
• Justice League: Darkseid War: Superman #1
• Justice League: Darkseid War: The Flash #1
• Justice League: Darkseid War: Green Lantern #1
• Justice League: Darkseid War: Shazam! #1
• Justice League: Darkseid War: Lex Luthor #1
• Justice League (Volume 2) #46
• Justice League (Volume 2) #47
• Justice League (Volume 2) #48
• Justice League: Darkseid War Special #1
• Justice League (Volume 2) #49
• Justice League (Volume 2) #50

02. Final Days of Superman ක්‍රොස් ඕවර් එක


• SUPERMAN #51
• BATMAN/SUPERMAN #31
• ACTION COMICS #51
• SUPERMAN/WONDER WOMAN #28
• SUPERMAN #52
• BATMAN/SUPERMAN #32
• ACTION COMICS #51
• SUPERMAN/WONDER WOMAN #29

03. Superman: Lois and Clark සීරිස් එක. 
04. Titans Hunt සීරිස් එක

මෙතනින් එහාට අපි කියවන්න ඕනේ මොනවාද? ,මේ ලිපිය අවසන් කරන්න හිතුවා ඒ ගැන පොඩි සඳහනක් කරලම. මතක ඇතිව Rebirth වන් ෂොට් ටික කියවන්න ඕනේ. ඒ DC Rebirth එකට අමතරව, 
Batman, Green Arrow, Green Lanterns, Superman, Aquaman, The Flash, Wonderwomen, Titans කියන Rebirth ඉශු ටික කියවන්න ඕනේ. ඊට පස්සේ ඒ හැම එකක්ම අලුත් කතා විදිහට #001 ඉදන් පටන් ගන්නවා. අලුතෙන්ම කොමික් කියවන්න ඉන්න කෙනෙක් ට මිට වඩා සුදුසු අවස්ථාවක් නෑ ඒ වැඩේට අතගහන්න. ඒ වගේම Rebirth ඉවෙන්ට් එකට සෘජුවම සම්බන්ධ වුනු Action Comics, Detective Comics, Batman/Superman, Superman/Wonderwomen කතා දිගටම පලවෙනවා. පොඩි වෙනසක් තියෙන්නේ Batman/Superman #33, Superman/Wonderwomen #29 විදිහට ආවට Action Comics සහ Detective Comics පරන අංක ක්‍රමයට යනවා. ඒ කියන්නේ නිව් 52 පටන් ගන්න කලින් අවසානෙට ආවේ Action Comics #904 සහ  Detective Comics #881. නිව් 52 යටතේ ආපු 52 ට ඉඩ තියලා අලුතෙන් පටන් ගන්නේ Comics #957 සහ  Detective Comics #934 විදිහට. 
එහෙම නම් අපි DC Rebirth ගැන මෙතනින් අවසාන කරනවා. නොපැහැදිලි තැනක් තිබුනොත් අපෙන් අහන්න. ඒ වගේම අපිට මඟ හැරුණු තැනක් තියනවා නම් ඒකත් අපිට පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. 

#attila_THE_hun

Tuesday, June 14, 2016

Things you should know to understand DC Rebirth

Things you should know to understand DC Rebirth 


පහුගිය කාලෙම මාව දැකගන්න ලැබුනේ නැති වෙන්න ඇති. ගෝතම් කතාමාලාවේ අන්තිම කොටස් කිහිපයේ රිවිව් එක ගෙන්න බැරි තරමටම ගොඩක් කාර්යබහුල උනා.. ඉතින් මුලින්ම ඒ ගැන සමාව ඉල්ලන ගමන්ම පහුගිය කාලේ ගොඩක් කතාබහකට ලක්වෙච්ච/තාමත් ලක්වෙන DC රීබර්ත් ඉවෙන්ට් එක ගැන පැහැදිලි කරලා ඉන්න ඕනේ කියල හිතුව..


පේජ් එකෙන් වැටෙන මීම් එකකට තරම් මේ වගේ වැදගත් පොස්ට් එකකට ලයික් කමෙන්ට් වැටෙන්නේ නැති උනත්, අපි මේ දෙය පටන්ගත්තේ හුදෙක් විනෝදය සපයනවට වඩා, කොමික් ගැන දැනුවත් කරන්න හා ඒ තුලින් එන වෙනස්ම විදිහේ රසවින්දනය ගැන හැමෝටම තේරුම් කරන්න නිසා කිහිප දෙනෙක් හරි කියවල තමන්ගේ අදහස්, ගැටළු ගැන අපෙන් අහන්න, අපිට කියන්න පුළුවන් නම් ලොකු දෙයක්..

මේ ගැන අපි තවත් ලිපියක් සුදානම් කරල තියෙන්නේ. එත් ඊට කලින් මේ දේවල් ටික කියල ඉන්න එක හොඳයි කියල හිතුන.. මෙතනදී අත්වෙන සමහර කරුණු ටිකක් සරලව යන්තමින් සඳහන් කරලා තිබුනොත්, ඒ කියන්නේ ඊළඟ ලිපියේදී ඒ ගැන මිට වඩා පැහැදිලි කරලා තියනවා කියන එකත් මතකයේ පොඩ්ඩක් තියාගන්න..



01. New 52 and DC Comics Numbering system 


කලින් කිව්වා වගේ රීබර්ත් ගැන සම්පුර්ණයෙන්ම පැහැදිලි කරන්න ඕනේ නම් නිව් 52 ගැන වගේම නිව් 52 එන්න හේතුවත් පොඩ්ඩක් කියල ඉන්න ඕනේ.. නිව් 52 කියන්නේ මොකක්ද කියල නම් අමුතුවෙන්ම ආයේ පාරක් පැහැදිලි කරන්න ඕනේ නැති වෙයි කියල හිතෙන නිසා මම කෙලින්ම එන්නම් DC ආයතනය ඇයි නිව් 52 ගෙනාවේ කියන එක ගැන කතා කරන්න..


DC සමාගමේ සම නිෂ්පාදක Dan Didio ගේ සහ තවත් කිහිප දෙනෙක්ගේ අදහස වෙලා තිබ්බේ අංක තුනේ කොමික් ප්‍රකාශන නිසා කොමික් වල පෙළගැස්වීම සහ පාඨකයන්ගේ උනන්දුවට බාදා ඇති වෙනවා කියන එක. DC කොමික්ස් වල සුවිශේෂී සන්ධිස්ථානයක් වෙච්ච ක්‍රයිසිස් ඉවෙන්ට් එකෙන් පස්සේ කොමික් වල අනුපිලිවෙල අංක නැවත පටන් ගන්න තිබ්බ කියන මතයේ හිටපු කොමික් විචාරකයිනුත්, Dan Didio ත් නිසා තමයි new 52 එන්න හේතු වෙන්නේ. 2009 වසරේදී jim lee විසින් සුපි වෙනුවෙන් ගේන අලුත් කොස්ටියුම් එකත් මේකට හේතු වෙනවා. මේක දැකපු Dan Didio හිතනවා DC යුනිවර්ස් එකේ හැමෝටම අපහු අලුතෙන්,එක පාර අලුත් ප්‍රවේශයක් පෙනුමක් දෙන්න ඕනේ කියල. ඉතින් මේ සේරමත් එක්ක මේ දේට පාදක කර ගන්නේ මේ කාලේදී ආපු Geoff ගේ  flashpoint. එකෙන් වෙන සංසිද්ධියක් විදිහට හැදෙන (මෙතෙක් කල් අපි හිතන් හිටපු දේ ) අලුත්ම, වඩාත් නිවැරදිව කියනව නම් වෙනස් වෙච්ච යුනිවර්ස් එක තමයි new 52 කියන්නේ.. ඒ අනුව geoff සහ jim දෙන්න එකතු වෙලා the new 52 Justice League 000 ඉදන් මේ අලුත් යුනිවර්ස් එක බිහිවෙන්නේ.. 


02. New 52 Flaws 


DC ආයතනය කොමික් කලාව වෙනුවෙන් අලුත් දේවල් කරන්න පොඩ්ඩක් වත් බය වෙන්නේ නැති උනාට ඒ කරපු හැම දෙයක්ම අතිසාර්ථක වුන කියල නම් කියන්න බෑ. අන්න ඒ වගේ දෙයක් තමයි new 52 කියන්නෙත්.. මේ දේ ගොඩක් ලොකු වෙනසක් උනත් සමහර තැන් හිතුවටත් වඩා හොඳට ආව වගේම සමහර තැන් වලින් ලොකු හානියකුත් සිද්ද උනා..

පලවෙනි දේ තමයි DC කොමික් චරිත අතර තිබුන Relationship සහ Legacy වලට වෙච්ච හානිය.. විශේෂයෙන්ම ආදර සම්බන්ධතා වලට. ආදර සම්බ්නධතා විනාස කිරීම සම්බන්ධයෙන් marvel සමාගම ඉස්සරහින් හිටපු/ ඉන්න නිසාද මන්ද මේ දේ DC සමාගමත් කලේ.. 

දෙවැනි හානිය තමයි අපි ආදරය කරපු චරිත වල ස්වභාවයන් වෙනස් කරපු එක, උදාහරණ වශයෙන් කළු ජාතික වොලී වෙස්ට් කෙනෙක් ගෙනාපු එක, ටයිටන් කණ්ඩායම නැති වෙච්ච එක. ඔලිවර් කුයින් කියන චරිතයේ තිබ්බ පසුගාමිතාවය වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්..

තුන්වන දේ තමයි කැරැක්ටර් ඩිසයින් වල තිබ්බ අඩුපාඩු ( සොරි jim lee,ඒත් ඔයා කරපු සමහර එව්වට නම් මම එකඟ වෙන්නේ නෑ.. හැබැයි මේවට Dan Didio තමා වැඩිපුර වග කියන්න ඕනේ )

හතර වෙනි දේ තමයි චරිත වල තිබ්බ සමහර පෞර්ශත්වයන් වලට වෙච්ච අඩු පාඩු.. හොදම උදාහරණය සුපී..
හැබැයි කියන්න ඕනේ දෙයක් තමයි මේ දේවල් කරපු එක හරියි කියලත් කියන ය ඕනේ තරම් ඉන්නවා කියන එක. අනික new 52 යටතේදී ආපු සමහර කොමික් සීරියස් සහ ටයිටල්ස් මේ සමහර වෙනස්කම් නිසාම ලොකු ජනප්‍රියතාවයක් සහ සාර්ථකත්වයක් ලැබුන කියන එකත් පිලිගන්නම වෙනවා.. 



03. Geoff "Amazing" John


මෑත ඉතිහාසය තුල බිහිවෙච්ච හොඳම කොමික් රචකයා ජෙෆ් කියල අවිවාදයෙන්ම කියන්න පුළුවන් ( matt fraction තරහ වෙන එක්ක නෑ මාත් එක්ක ) ජෙෆ් ජෝන්ස් ගැන දන්නේ නැත්තම් අපිව අන්ලයික් කරලා ගඟක මුහුදක පැන්නට අවුලක් නෑ.. 

නිව් 52 ගේන්න පාදක වෙච්ච flashpoint වගේම එදා මෙදා තුර ඉතිහාසයේ නොමැකෙන සටහනක් තිබ්බ කොමික් කතා ගොඩක්ම මෙයා අතින් ලියවිලා තියෙනවා. ඒ නිසාම ජෙෆ් තේරුම් ගන්නවා නිව් 52 වලදී කරපු දේවල් වැරදියි කියල (අනිත් අයට කලින්) රීබර්ත් සහ ජෙෆ් ඊට කලින් ලියපු කතා කියවගෙන යද්දී හිතෙන්නේ මේ දේ ගැන කලින්ම තේරුණා නිසා flashpoint ලියද්දීම මේ වෙන්න යන වැරැද්දෙන් ගැලවෙන්න විදිහ ගැන හිතාගෙනම ඒ දේවල් ලියල තියෙනවද කියන එක. ඒ තරමටම ජෙෆ් මේ වගේ දේවල් වලට දක්ෂයි.


තමන් කරපු වැරැද්ද ගැන පහුවෙලා හරි තේරුම් ගන්න Dan Didio ජෙෆ් ගාවට ඇවිත් කියනවා කොටස් 52 කින් new 52 ඉවර කරලා ආපහු අලුතෙන් පටන් ගමු කියන එක. රීබුට් කියන සංකල්පයට අකමැති ජෙෆ් මේ කතාව අතරේදී Dan ගේ කටින් පනින Rebirth කියන වචනෙත් එක්ක මේ දේ කරන්න ඕනේ විදිහ ගැන පැහැදිලි කරලා දෙනවා..

Rebirth කියන එකත් එක්ක ජෙෆ් ගේ ලොකු සම්බන්ධයක් තියෙනවා.. ඒ 2005 වසරේදී ජෙෆ් ගේන කලාප හයක Green Lantern Rebirth කතාව සහ ඒ තුලින්ම ආපහු 2009 වසරේදී ගේන the Flash Rebirth කතාව. පොඩ්ඩක් විකාර වගේ උනාද? "දැන් එතකොට rebirth ඉවෙන්ට් එකෙනුත් GL,Flash rebirth one shots වගයක් ආව නේද? එහෙම ගොන් වැඩ කරන,එකම ටයිටල් එකෙන් ම තව කොමික් ගහන්න හදන අයටද මේ සුපිරි වැඩ්ඩො කියන්නේ" කියල හිතල ඉස්සරහට කියවන එක නවත්තන්න නම් හදන්නේ යන්න කලින් මේ කරුණු දෙකත් කියවලම යන්න..

~ මේ රීඉබර්ත් එක ඉවෙන්ට් එකක්. මේකෙන් ආවේ වන් ෂොට්ස් ටිකක්. කලින් එක කොමික් සීරියස් එකක ටයිටල් එක්ක විතරයි, එක යටතේ ආපු කලාප වලට වෙන වෙනම නම් තියෙනවා..

~ මේ වගේ එක වගේ ටයිටල්ස් විතරක් නෙමේ, එකම ටයිටල් එකෙන්ම එකම අංකයන්ම ආපු වෙනස් කොමික් ඉශියුස් ඕනේ තරම් තියෙනවා.. ( marvel now, all new සහ පොස්ට් secret wars වලින් all new hawkeye #1 කියන ටයිටල් එකෙන්ම කොමික් කලාප තුනක් ආව, all new x men #1 කලාප දෙකක් ආව වගේම මේ ලඟදි ගොඩක් කතාබහකට ලක්වෙච්ච Captain America Steve Rogers කියන එකෙන් මේ අවුරුද්ද තුලම #01 කලාප දෙකක් ආව )

මඩ ගැහුවා ඇති, ආපහු ප්‍රධාන මාතෘකාවට බහිමු.. 

2005 දී ජෙෆ් නැති වෙලා හිටපු හැල් ජෝඩන්, කිලවොග්, කයිල් රේනර්, ගැන්තට් වගේ අය, කොටින්ම කිව්වොත් අභාවයට ගිය මුළු green lantern බලකායම ආපහු පරණ තිබ්බ ස්වාභාවයටම ගේනවා. ඒ විතරක් නෙවෙයි, සිනේස්ට්‍රෝ සහ ස්පෙක්ටර් වගේ අයවත් පරණ තත්වෙටම ගේනවා. ඒ දේ කරන්න රීබුට් කිරීමක් නම් ගාව ගන්නෙවත් නෑ.. 

එතනින් පස්සේ අපිට ආපහු ලැබෙන හැල් ලවාම ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙලා ඉන්න එහෙමත් නැත්තම් නැති වෙලා ඉන්න flash ව ආපහු කරලියට ගේනවා විතරක් නෙමෙයි, නැතිවෙච්ච කාලේදී වෙච්ච දේවල් වලින් අලුතින් පන්නරයක් ලැබිච්ච ශක්තිමත් flash කෙනෙක්ව අපිට දෙනවා..

ඉතින් මේ වගේ දක්ෂතාවයක් තියෙන සහ කොමික් ගැන වගේම, කොමික් රසිකයන්ගේ අවශ්‍යතාවයන් හදුනාගත්ත ජෙෆ් රසිකයන්ට පොරොන්දු වෙනවා නැති වෙච්ච දේ ආපහු ගේනවා කියන එක.. falshpoint, GL/Flash rebirth, new 52 JL වලදී චරිත විශාල ප්‍රමාණයක් එක තැනකට ගෙන්නලා ඒ අයව නියම ආකාරයට හසුරවන්න ජෙෆ් ගේ තියන දක්ෂතාව නිසා මේ කරන්න යන දේ ගැන රසිකයන් වගේම DC පාලනාධිකාරයත් තියා ගත්ත විශ්වාසය නිසාම DC ආයතනයේ ලොකු තනතුරකුත් ජෙෆ් ට ලැබෙනවා..



04. DC REBIRTH 


රීබර්ත් ගැන හරියටම පැහැදිලි කරන්නේ වොන්ඩර්කොන් වලදී පවත්වපු ලයිව්ස්ට්‍රීම් එකෙන්. (කොමික් සමාගමක් ලයිව්ස්ට්‍රීම් එකක් කරපු පලවෙනි අවස්තාවත් මේක) එතැනදී geoff,jim සහ dan පැහැදිලි කරනවා මොකක්ද වෙන්නේ කියන එක.. ඒ දේවල් සේරම ගැන පැහැදිලි කරන්න යන්නේ නැති උනත් කියපු විශේෂ දේවල් ටිකක් ගැන සහ ඒවායේ ගුණ දොස් ගැනත් ලාවට වගේ කියන්න ඕනේ කියල හිතුව..

* පළවෙනිම දේ තමයි new 52 වලදී මාසෙකට ආපු කොමික්ස් ටයිටල්ස් ගණන 52 ක් උනත් රීබර්ත් එකෙන් පස්සේ මාසෙකට එන්නේ කොමික් ටයිටල්ස් 32ක් පමණ වෙන එක (one shots නැතුව) කලබල වෙන්න එපා, අඩුවෙන්නේ කොමික් ටයිටල්ස් ගැන විතරයි. එන කොමික් ගාන කලින් වගේම තමයි. මොකද batman,superman,wonder woman,justice league වගේ dc වල ජනප්‍රියම චරිත/ටයිටල්ස් වලින් මාසෙකට කොමික් කලාප දෙකක් එනවා.. 
ඊටත් වඩා පුදුම දේ තමයි ඩොලර් එකකින් ගැනත් අඩු කරලා..

මිල අඩු කළා උනත් ජනප්‍රියම,එහෙමත් නැත්තම් වැඩිපුරම විකිනෙන චරිත වල කොමික් කලාප දෙක ගානේ එන නිසා කොමික් වල අලෙවිය ගැන නම් dc ආයතනයට භයවෙන්න දෙයක් නෑ. කලින්ටත් වඩා සල්ලි හොයන්නත් ඉඩ තියෙනවා.. අනික සුසයිඩ් ස්ක්වාඩ් එක එන්න තියෙද්දී jim lee අදින කොමික් එක මාසෙකට දෙපාරක් එනකොට ඒක කොමික් අලෙවියට වගේම චිත්‍රපටයේ ජනප්‍රියත්වයටත් ලොකු පිටිවහලක් වෙන්න ඉඩ තියෙනවා..

හැබැයි ඉතින් ජනප්‍රිය නැති පොඩි ටයිටල්ස් ආසාවෙන් කියවපු රසිකයන්ට නම් මේ දේ ගැන පොඩි තරහක් තියෙනවා.. අපේ ඇඩ්මින් කෙනෙකුත් මේ ගැන තාම දොස් කියනවා. අනික LGBT චරිත වලට පහරක් එල්ල උනා කියලත් කට්ටිය චෝදනා කරනවා.

* දෙවෙනි එක තමයි ගොඩක් චරිත වලට පරණ තිබුන පෙනුම ආපහු ලැබිල තියෙනවා.. උදාහරණයක් විදිහට ග්‍රීන් ඇරෝ ට රැවුල් කොටේ ආපහු ලැබිච්ච එක සහ කළු-නිල් නයිට්වින්ග් ව ආපහු ලැබෙන එක විශේෂයි.. 
ලයිව් ස්ට්‍රීම් එක අතරදී ග්‍රීන් ඇරෝ ගැන ජෙෆ් කියන්නේ " හැම ජනප්‍රියම සහ සාර්ථකම ග්‍රීන් ඇරෝ කතාවකදීම ඔලිවර් ට රැවුල තිබ්බා.. කතාව එච්චරයි" කියල. එතැනින්ම තේරෙනවා ජෙෆ් ආපහු පරණ කිර්තිය ගොඩනංවන එක කොච්චර බරපතලව අරන්ද කියල..

අනිත් දේ තමයි නයිට්වින්ග් ගේ ඇදුමේ පාට ආපහු නිල් සහ කළු කරන්න dan එක්ක geoff සහ නයිට්වින්ග් කතාවේ අලුත් රචකයා වාද කරන අවස්ථාවේදී "නයිට්වින්ග් කියන  චරිතය හැම වෙලාවේම කළු සහ නිල් වෙලා ඉන්න ඕනේ" කියල ජෙෆ් කියපු බවක් එලියට එන එක.. හම්මේ ජෙෆ් ඒකටනම් ගොඩක් තෑන්ක්ස්..
හැබැයි ඉතින් රැවුල නැති ඔලිවර් ට සහ රතු කළු නයිට්වින්ග් ට කැමති අයගේ හිතේ තාමත් මේ ගැන පොඩි අවුලක් නැත්තෙමත් නෑ ( අදාළ තැනකට වැදියන්)

* තුන්වෙනි එක තමයි අලුතෙන්ම ටයිටල්ස් ටිකක් නිර්මාණය වෙන එක. උදාහරණයක් හැටියට චීන ජාතික සුපර්මෑන් කෙනක් එන එක සහ සුපී ගේ සහ බැටා ගේ පුතාල දෙන්නගේ ටීම් අප් එකකුත් එන එක.. මේ දේ කරන්නේ නම් චීන ජාතික රසිකයන්ව සහ ළමා රසිකයන්ව වැඩිපුර කොමික් පැත්තට නැඹුරු කරගන්න වෙන්න ඕනේ.. ඩේමියන්-ජොනතන් දෙන්නගේ සුපර් සන්ස් එක ගැන නම් ලොකු බලපොරෝතුවක් තියෙනවා..




තව මොනවද කියන්න ඕනේ කියල මතක් වෙන්නෙත් නෑ, අනික තව එව්වා කියන්න ගියොත් මීටත් වඩා ලිපිය කම්මැලි වෙන නිසා මෙතනින් නවත්තනවා.. අතපසු වෙච්ච තැන්, වැරදිච්ච තැන් සඳහන් කරන්න කියල මතක් කරනව..


අපේ තව ඇඩ්මින් සහෝදර වරු දෙන්නෙක් රීබර්ත් ඉවෙන්ට් එක ගැන පැහැදලි කරලා දැනටමත් ලිපියක් සුදානම් කරලා තියෙන්නේ. මගේ පරක්කුව නිසාම තමයි ඒක තාම දැම්මේ නැත්තේ.. අනිවාර්යයෙන්ම එකත් කියවන්න.. දැනගන්න දෙයක් තියෙනවා නම් මැසේජ් කරලා හරි කමෙන්ට් කරලා හරි අහන්න පැකිලෙන්න එපා..

#ClownPrinceOfCrime
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates