LATEST :

Sunday, April 24, 2016

Doctor Strange Teaser Trailer Review

Frame by Frame Trailer Breakdown


මාවල් හි පෘථිවියේ ඉන්න බලවත්ම චරිත අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්න චරිතයක් වෙන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපටයේ වෙනස්ම විදිහේ ට්‍රේලර් එකක් අපිට අළුත් අවුරුද්දට දැකගන්න ලැබුණා.




මේක ට්‍රේලර් එකකට වඩා කෙටි ඔරිජින් චිත්‍රපටයක් කිව්වත් වැරදි නෑ. ඒකත් ටික දවසකින් නිකුත් වීමට නියමිත වසරේ Most Anticipated චිත්‍රපටයක් වන මාවල් ලගෙම එකක් වන කැප්ටන් ඇමරිකා සිවිල් වෝ එකට කලින් වීම තවත් විශේෂත්වයක්. එමෙන්ම මේ චිත්රපටය මගින් තවත් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් සුපර්හිරෝ චරිතයක් ලෙසින් MCU එකට එකතු වෙනවා. ඒ තමයි අපි කවුරුත් ආදරය කරන අවිවාදයෙන්ම සුපිරි නළුවෙක් වන බෙනඩික්ට් කම්බර්බැච් !
එහෙනං අපි frame by frame වැඩේට බහිමු

Stephen Strange !

කවුද මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ? සමහර අය ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගැන කලින්ම දන්නවා ඇති. නොදන්න අය කලබල වෙන්න එපා අපි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගැනත් විස්තරයක් ඉක්මනින්ම දෙනවා. දැනට කෙටියෙන් කියන්නම්. ස්ටිෆන් වින්සන්ට් ස්ට්‍රේන්ජ් කියන්නෙ ලෝකයේ හොඳම ස්නායු ශල්‍යවෛද්‍යවරයෙක්. ඒ කියන්නේ මෙයාට ඉස්සර ඉඳන්ම කියන්නෙ "ඩොක්ටර්" ස්ට්‍රේන්ජ් කියලම තමා. රිය අනතුරක් නිසා ස්ට්‍රෙන්ජ්ගේ අත් දෙකේම අස්ථි බරපතල ලෙසින් හානි සිදුවෙනවා. එනිසා අත් දෙකෙන් යාන්ත්‍රික ක්‍රියාවන් කරන්න බැරි වෙනවා. අපිට මේ රුපරාමුවෙන් පේන්නෙ ඒ රිය අනතුර. ශල්‍ය වෛද්‍යවරයෙක්ට අත් දෙක කොයිතරම් වැදගත්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ අතර පසුබිමින් ඇහෙන කටහඬ ගොඩක් වෙලාවට බැරන් මොර්ඩෝ ගෙ වෙන්න ඕන. ඒ කවුද ඒ ? ඉවසලා ඉන්න.

All Different Marvel Logo ?


සාමාන්‍ය විදියට රෝල් වෙන මාවල් ලෝගෝ එක එකපාර කළුපාටට හැරෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මොකක්හරි අමුත්තක් තියෙනවා. ට්‍රේලරේ පටන් ගන්න හරියේ ඉඳන් පසුබිම් සංගිතයෙනුත් යම් කිසි ගුප්තභාවයක් දැනෙන්න සලස්වලා තියෙනවා. අපි අමතක කරන්න හොඳ නෑ මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නෙ සිනිස්ටර්, එක්සොර්සිසම් ඔෆ් එමලි රෝස් වගේ ප්‍රකට හොරර් ෆිල්ම් ඩිරෙක්ට් කරපු ස්කොට් ඩෙරික්සන් කියලා.

A Stranger On the Streets


ගොඩක් අයට මතක ඇති මේ ඇඳුම අපි සෙට් ෆොටෝස් වල දැක්කා. පේන විදියට ආසියාතික රටක වගේ පේන මේක අපිට සමාන කරන්න පුළුවන් ස්ට්‍රේන්ජ් ගෙ ටිබෙට් ආගමනය.
"You're a man looking through a keyhole"
අපිට ප්‍රථම වතාවට Ancient Oneගෙ කටහඬ අහන්න ලැබෙනවා. එයා ගැනත් අපි කියන්නම් ඊළඟට.

Hands... A Little Strange ?


අපිට මෙතැනදී පෙන්නනවා අනතුරින් ස්ටිෆන්ගෙ අත්. කාර් අනතුරෙන් සහ ශල්‍යකර්ම රැසකට පස්සේ.

Sherlock Meets THE WOMAN !!!


රිය අනතුරෙන් පස්සේ සට්‍රේන්ජ්ව රෝහල් ගත කරද්දී අපිට පෙන්නනවා තවත් විශේෂ කෙනෙක්. මේ තමයි අයිරින් ඇඩ්ලර්. හැබැයි ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් වල. රේචල් මැක්ඇඩම්ස්ගෙ චරිතය මේකෙදි නම් ස්ට්‍රේන්ජ්ගේ ඇසිස්ටන් කෙනෙක් කියලයි කියවෙන්නෙ. ඒ කියන්නේ මෙයා ක්ලියා වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. කොමික් වලදී ක්ලියා තමයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ බිරිඳ වෙන්නෙ. එයත් සෝසරස් කෙනෙක්. හැබැයි මෙයා ෆිල්ම් එකේ හැටියට නම් Dr. ජීනා ඇට්වෝටර් වෙන්න ඉඩ තියෙනවා. earth - 2772හි පමණක් සඳහන් වෙන මෙයා ස්ටිෆන් ස්ට්‍රේන්ජ් ගෙ ආදරවන්තිය වෙනවා. Excecutive Producer වන Stephen Broussard කියන විදියට රේචල් තමයි අපිට කතාව narrate කරන්නෙ. මතකයිනෙ ෂර්ලොක් හෝම්ස් කතාවලදී කතාව අපිට කියන්නේ වොට්සන් කියලා. අන්න ඒ වගේ. එහෙම බලද්දී අයිරින් ඇඩ්ලර් තමයි මේ ෆිල්ම් එකේදී වොට්සන්. හරි ඒක ලොකු ගැටළුවක් නෙවෙයි හැබැයි ප්‍රශ්නයක් කරගන්න එපා.

Started From the Top, Now He's at the Bottom 



කොමික් වලදී ස්ටිෆන් ස්ට්‍රේන්ජ් කියන්නේ තම වෘත්තියේ පරතෙරටම ගිය දක්ෂ පොහොසත් ශල්‍යවෛද්‍ය වරයෙක්. ඒත් රිය අනතුරෙන් පස්සේ අන්ත දුප්පත් තැනටම වැටෙනවා. ඒක අපිට මෙතැනදී ස්ටිෆන් නිව්යෝක් ස්කයිලයින් එක බලන විදිහෙන් ලස්සනට පැහැදිලි කෙරෙනවා.

"Your Work Saved Thousands of People"



මෙතැනදී දකින්න ලැබෙන්නෙත් ඒ එදා සහ අද ගැන. දහස්ගණනකට උදව් කරපු අත් දෙකක් වුණාට අද කාටවත්ම බෑ ඒ අත් දෙකට පිහිටක් වෙන්න.

"What If I Told You, That Reality is One of Many ?"


අපිට මෙතැනදී පැහැදිලිවම පෙන්නනවා අනතුරෙන් පස්සේ ස්ටිෆන්ගෙ අත්වලට වෙච්ච හානිය. ඒ වගේම Ancient One අපිට යථාර්තයන් එකකට වඩා තියෙනවා කියලත් කියනවා. හරියට නියෝට මෝෆියස් මෙට්‍රික්ස් එක ගැන කියලා දෙනවා වගේ. හැබැයි Ancient One මෙතැනදී කියන දේ මාවල් මල්ටි-ඩිමෙන්ශන් ගැන වෙන්නත් පුළුවන්.

Last Resort

මෙතන පෙන්නන මේ ආරාමය Ancient Oneගෙ නවාතැන වෙන්නත් පුළුවන්. හැබැයි කොමික්ස්වල නම් ඒක මිට වැඩිය ගොඩක් වෙනස්. මොකද ඒ හිමාලය කඳුවැටිය නිසා.

A Samurai in the Park ?

මේ තමයි බැරන් මොර්ඩෝ. සමුරායි කෙනෙක් වගේ පෙනුනට ඊට වැඩිය ගොඩක් වෙනස් චරිතයක්. ඔස්කාර් ඇවොර්ඩ් එකක් දිනපු Chiwetel Ejiofor තමයි මේ චරිතය රඟපාන්නේ. මේ වගේ ඇඳුමක් ඇඳගෙන පාරේ යද්දි මිනිස්සුන්ට ගානක්වත් නෑ කියලා හිතෙනවා ඇති. ඒත් ඇත්තවශයෙන්ම කියනවනම් ඒ මිනිස්සුන්ට පෙනුනොත් නෙ, මායාකර්මයක් මඟින් මිනිස්සුන්ට නොපෙනී යන්න මෙයාලට පුළුවන්. හරියට ගැනු ළමයි මැද්දෙන් මං යනවා වගේ.

A Non-Beliver

“I don’t believe in fairy tales about chakras or energy of the power of belief.”
මෙතැනදී අපිට අහන්න ලැබෙනවා බෙනඩික්ට්ගෙ කටහඬ ස්ටිෆන් ස්ට්‍රේන්ජ් විදිහට. ඒකත් ඇමරිකන් ඉංග්‍රීසි උච්චාරණයෙන්.බ්‍රිතාන්‍ය ජාතික නළුවෙක් ඇමරිකන් ඇක්සන්ට් එකෙන් කතා කරනවා කියන්නේ හිතන්නේ නැතිවුනාට අමාරු දෙයක්. ස්ටිෆන් කියනවා එයා සුරංගනා කතා විශ්වාස කරන්නෙ නෑ කියලා. මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ ඉන්න කෙනෙක්, නොර්ස් දෙවියො, පිටසක්වල ජීවින්, වගේ දේවල් යථාර්තයක් වෙච්ච ලෝකෙක ඉඳගෙන මෙහෙම කියන එක නම් පුදුමයි. අපිට පසුබිමින් පේනවා නාම පුවරුවක් එකේ සඳහන් වෙන Dharan කියන්නේ නේපාලයේ ප්‍රධාන නගරයක නමක්.

Morpheus of Doctor Strange

ඒ තමයි Ancient One.

"You Wonder What I See in your Future ?"

කොමික්වල වගේම අපිට දකින්න ලැබෙනවා මොර්ඩෝ සහ ස්ට්‍රේන්ජ් එකට ගමන් කරනවා. මේ දෙන්නට තියෙන්නෙ කිට්ටු සම්බන්ධතාවයක්. ඒ වගේම මොර්ඩෝ කියන්නේ Ancient Oneගෙ හොඳම ශිෂ්‍යයන්ගෙන් කෙනෙක්.

Meet the Ancient One

අවසානයේ අපිට පැහැදිලිවම දකින්න ලැබෙනවා Tilda Swintonගෙ Ancient One දිහා. Ancient One සෝසරර් සුප්‍රීම් කෙනෙක්. මෙයා තමයි තමන්ගේ උරුමය අවසානයේ ස්ටිෆන් ස්ට්‍රේන්ජ්ට බාර දෙන්නෙ. කොමික්වල මෙයා ආසියානු වයසක පිරිමි කෙනෙක් වුනාට ස්කොට් ඩෙරික්සන් හිතාමතාම Tilda Swintonව Ancient One කියලා ගත්තෙ ඒ චරිතය පුද්ගලයෙක්ට වඩා නාමයක් විදිහට අරගෙන.
"You wonder what I see in your future ? possibility"
ටිල්ඩා කියන්නෙත් ඔස්කාර් ඇවොර්ඩ් එකක් ගහපු නිළියක්. අනිවාර්යෙන්ම මෙයා මේ චරිතය නියමෙටම කරාවි. ඒවගේම මෙයා ලේසිපාසු නෑ. මෙයාට පුළුවන්...
Stephen Strange Got Knocked His Soul Out !

සාමාන්යෙන් චිත්‍රපටිවල පවා දකින්න ලැබෙන් නැති දෙයක් තමයි අපි ට්‍රේලරෙන් මේ දැක්කෙ. මනොකය විසිවෙන්න ගහනවා සාමාන්යෙන් දකින්න ලැබෙනවා කොහොමත් අඩුයිනේ. මෙතන ඉඳන් අපිට දකින්න ලැබෙනවා හිත අදහන්න බැරි විෂුවල් එෆෙක්ට්ස් වගයක්.

Guess Who

මේ තමයි Mads Mikkelsen නොහොත් ඔයාලගේ හැනිබල් ලෙක්ටර්. හැනිබල් සීරිස් එක බලලා ඇතිනෙ.

"There Are Other Ways to Save Lives"

හිමාලය කඳුවැටියේ ඉන්න මේ කැල්ල සට්‍රේන්ජ්ගෙ පුහුණුවීම් වලින් එකක් වෙන්න ඕනේ.

Hannibal is the Villain

Madsගෙ චරිතෙ මොකක්ද කියලා තාම නිශ්චිතව කියන්න බෑ. ගොඩක් අය කියනවා මේ Dormammu වෙන්න පුළුවන් කියලා. Marvel's Avengers Allience ගහපු අය ගොඩක් වෙලාවට මෙයාව දන්නවා ඇති. ඩෝර්මාම්මු කියන්නේ මැජික් වලින් නිර්මිත ශක්තියක්. කොමික්ස්වල මෙයා තානොස් තරමේ සුපර්විලන් කෙනෙක්. මම හිතන්නේ නෑ එතරම් බලවත් කෙනෙක්ව ගත්තු ගමන් මේ වගේ ඔරිජින් ෆිල්ම් එකකට දායි කියලා. මට හිතෙන්නේ Madsගෙ චරිතය Mephisto වෙයි කියලා. මෙෆිස්ටෝ කියන්නේ ඩීමන් කෙනෙක්. එයා තමයි මාවල් වල සාතන් චරිතය. Madsට අමතරව අපිට තවත් හුරුපුරුදු කෙනෙක් දකින්න පුළුවන්. ඒ තමයි යූරි බෝයිකා කියලා කවුරුත් දන්නා Undisputed නළු ස්කොට් ඇඩ්කින්ස්. එයාගේ චරිතෙත් තාම කවුද කියලා කියන්න අමාරුයි.

Baron Mordo

මොර්ඩෝ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් තරම්ම පරණ චරිතයක්. මෙයාව මුලින්ම එළිදැක්වුණේ දෙවෙනි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වෙළුම වන Strange Tales ‪#‎111වලින්‬. බැරන් මොර්ඩෝ ස්ටිෆන් ස්ට්‍රේන්ජ්ගෙ යාලුවෙක් වුනත් එයා සදාකාලිකවම යාලුවෙක් නෙවෙයි දවසක පරම හතුරෙක්ද වෙනවා. ඒත් ඒ දවස අද නෙවෙයි. මේ චිත්‍රපටයේදී එතරම් දුර යන එකක් නෑ.
Some Christopher Nolan Stuff By Derrickson

ඉන්සෙප්ෂන් මැට්‍රික්ස් වල වගේ මේ සිදුවීම් අපිට චිත්‍රපටය පුරාවටම දැකගන්න ලැබේවි. කෙවින් ෆෙයිජි කිව්වා MCU වල මැජික් කියන සංකල්පය Matrix, Cosmos (1980) series වගේ ඒවායින් අභාෂය ලැබූ එකක් කියලා. ඒ කියන්නේ මේකෙදි මැජික් කියන්නේ ක්වොන්ටම් භෞතිකයට

"Teach me !"

අපිත් ඒ වගේ දෙයක් හැබැහින් දැක්කොත් කියනේ මේකම තමා.

Behold, The Sorcerer Supreme !!!

ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට උපාධිය ලැබුණු ඒ මොහොත. MBBS කියලා නෙමේ, Sorcerer Supreme විදිහට. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට ඉදිරියෙන් පේන කවුළුවේ ස්වභාවය අනුව හිතාගන්න පුළුවන් ඔහු මේ ඉන්නේ සැන්ටම් සැන්ටෝරම් (sanctum sanctorum) එක කියලා

ස්ටිෆන් ස්ට්‍රේන්ජ් සෝසරර් සුප්‍රීම් වුනාට පස්සේ නවාතැන වෙන්නෙ මේක. ඒ වගේම මේකේ පිහිටීමත් සුවිශේෂී එකක්. ග්‍රින්විච් ගමේ පිහිටලා තියෙන මේක මිස්ටික් ශක්තීන්ගෙ ගලනයන්ගේ මධ්‍යයේද වෙනවා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට අමතරව මේක ඩිෆෙන්ඩරස් මෙන්ම නිව් ඇවෙන්ජර්ස් මධ්‍යස්ථාන ලෙසින්ද ඔවුන්ට නවාතැන් සපයා තියෙනවා.
" So much you don't know"
ඒවට උත්තර ඉදිරියේදී ලැබේවි !!!

Wednesday, April 20, 2016

Arrow S04E17~18 Reviews

ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන අය සීසන් 6 එනකල් බලන් ඉද්දි එකේ කොටසක් කලින් ම බැලුවා වගේ උණා ඇරෝ කතාව බලන කොට. තවමත් යථා තත්ත්වයට පත් වෙන්න බැරි උණා ඒක හින්දා. BvS ෆිල්ම් එකේ හයිප් එක හින්දා අතපහු උණු කලින් සතියේ කතාව ගැන සහ මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරි උණු මේ සතියේ කතාව ගැන එක පාරටම විස්තර කරන්න අපි හිතුවා.

Arrow S04E17 - Beacon of Hope

Bug-Eyed Bandit
ෆ්ලෑෂ් කතාවේ දී අපිට දකින්න හම්බුනු Bug-Eyed Bandit තමයි මේ කොටසේ විලන්. කොමික් වල දී නම් අපිට Bug-Eyed Bandit කියලා මුණ ගැහෙන්නේ පිරිමි කෙනෙක්. ඒ හින්දා කොමික් වල එන Bertram Larvan කියන නම වෙනුවට අපිට Brie Larvan කියන නම තමයි තිබ්බේ. දැනට අරෝවර්ස් එකේ ඉන්න දක්ෂම හැකර් ෆෙලිසිටි උණාට මෙයාත් ඒ මට්ටමට ම ඉන්නවා. ආරක්ෂක උපක්‍රම උපරිම තියන බන්දනාගාර ලේඛනය වෙනස් කරනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවේ නේ.


හැබැයි එයාගේ මී මැස්සෝ ටික එකතු වෙලා හදන ආරක්ෂකයා නම් අපිට කොමික් වල හම්බෙන්නේ නෑ.


Neglected Former Leader 
ඩේමියන් හිටිය විදිහ එක්ක බලද්දී දැන් නම් අසරණ වෙලා වගේ කියලා හිතෙනවා. කලින් හිටිය පරිවාර පිරිස දැන් නෑ. හැබැයි ඇරෝ කතාව පුරාම ඩේමියන් ගේ චරිතය පුදුම විදිහට මතු කරලා අරගෙන තියනවා. මේ වෙලාවේ උණත් ඩේමියන් හැසිරෙන විදිහ හින්දා කොච්චර දුෂ්ට චරිතයක් උණත් එපා වෙන්නේ නෑ.


Extra Attention
අපි දැන් නම් මෙහෙම කරන්න හේතුව දන්නවා. අවසාන කොටස් දෙක තුනේ කවදාවත් නැතුව ලෝරල් ගේ චරිතය ඉස්මතු කරලා පෙන්නුවා. කතාවේ සුළු චරිතයක් වගේ හිටපු කෙනා එකාපාරටම ආපහු ප්‍රධාන චරිතයක් උණා.

Bee Jokes
මේක නම් ගොඩක් ජනප්‍රිය භාවිතයක්. ඉංග්‍රීසි භාෂාවේ තියන be  අකුරු දෙක වෙනුවට bee අකුරු තුන දාලා කතා කරන එක තමි මෙතන දී වෙන්නේ  Because, Behave, Before වගේ වචන Bee-cause, Bee-have, Bee-fore විදිහට භාවිතා වෙන එක.

Newest Member of Team Arrow
ෆෙලිසිටි ගේ ඉවත් වීමත් එක්ක ටීම් ඇරෝ එකට පරිඝනකය පිටිපස්සේ ඉදන් සේරම මෙහෙයවන්න කෙනෙක් ඕන උණා. ඊළඟට ඉන්න හොදම කෙනා තමයි කර්ටිස්. ගොඩක් වේලාවට මෙයා ටීම් ඇරෝ එකේ පුර්ණ කාලින සාමාජිකයෙක් කරයි ඉස්සරහට.

Murmur
අපිට මෙයාව මීට කලින් හම්බුනේ සීසන් 3 වල 16 වෙනි කොටසේ දී.

මෙයාගේ කැපිලා පේන්න තියන විශේෂ දේ තමයි මෙයා කට මහගෙන ඉන්නේ. (කන්නේ බොන්නේ කොහොමද කියලා අහන්න එපා, මම දන්නෙත් නෑ) කොමික් වල දී වගේම ඇරෝ කතාවෙත් මෙයාගේ නම Michael Amar විදිහට තියෙන්නේ.

Ewww Gross
වෙන මොකක් කියන්නද ඉතින් මේ ගැන




Arrow S04E18 - Eleven-Fifty-Nine

මේ කොටස ගැන කතා කරන්න කලින් එක දෙයක් කියන්න තියනවා. ඒ තමයි මේ කොටස තමයි මෑත කාලීනව ඇරෝ කතාවේ ආපු දුර්වලම ප්ලොට් එකක් තියන කොටස. කතාව, දෙබස්, අවස්ථා නිරුපණය විතරක් නෙවේ වෙනදා දකින විදිහේ චරිත නිරුපණයක් වත් අපි දැක්කේ නෑ. ඒ උණත් මේ කොටස ගොඩක් අයගේ අවධානය දිනා ගන්න සමත් උණා. ඒ කතාව අවසානයේ දකින්න ලැබුණු විශේෂ සිදුවීම හින්දා. ඒ වගේම තමයි මේ කොටසේ පසුබිම් සංගීතය ගොඩක් ඉහල මට්ටමක තිබ්බා. 
අපි බලමු කතාවේ සිද්ධ උනේ මොනවාද කියලා.

Awesome Andy
කතාවේ දකින්න තිබුණු ප්‍රධානම දුර්වලතාවය තමයි ඇන්ඩි ගේ ක්‍රියා කලාපය. මෙයා ඩේමියන් ට වැඩ කරනවා කියන එක කතාව ඇතුලේ නිකම් ම ඉස්මතු වෙන එකක්. ඒත් මේ වගේ සුලභ සිදුවීමක් එහෙමත් නැතිනම් cliché එකක්  කතාවේ ප්‍රධාන හරය විදිහට යොදා ගන්න හදපු හින්දා කතාවේ රසවත් භාවය අඩුවෙනවා.

මෙතන දී ජෝන් ගේ හැසිරීම අපිට එක්තරා දුරකට සාධාරණීකරණය කරන්න පුළුවන් උනත් හැමදේම ගැන හොයලා බලන ජෝන් ගේ චරිතය මෙතන දී දකින්න බැරි උණු එක කනගාටුවට කරුණක්.

Idol
ඩේමියන් ට බලය ලැබෙන ප්‍රතිමාව ආරක්ෂා සහිතව තියන්නේ නැතුව හැමෝටම පේන්න විදුරු පෙටියක දාලා තියාගෙන ඉන්නවා. ටිකක් හරි නුවණ තියන වැඩක් විදිහට තිබ්බේ එක කොටසක් අයින් කරපු එක විතරයි. ඒකත් ජෝන් ගේ වැඩේ හින්දා තේරුමක් නැති වෙනවා.

ඒ වගේම දුපතේ ඉන්න කොට ඔලිවර් මේ ප්‍රතිමාව කලින් දැකලා තියනවා කියපු එකට ටීම් ඇරෝ එකේ ප්‍රතිචාරය නම් ගොඩක් වටිනවා.

DA by day Vigilante by night 
ලෝරල් ගේ තිබුණු ආසාවක් තමයි DA තනතුරට පත් වෙන එක. හැබැයි එයා නොහිතපු විදිහට ඒ අවස්ථාව උදා වෙනවා. මේ දෙකෙන් වඩා වටින්නේ කෝකද කියන දෙගිඩියාව එයාට ඇති වෙනවා.


Really?
මේක දැකපු වාම නම් හිනා ගියා. ඔලිවර් මේ ඉන්නේ තමන් ගේම රහස් කුටියේ නේ. ළඟක දී ආරක්ෂාව වැඩි කරපු එකේ. 

Retired Captain
ලාන්ස් තනතුරෙන් ඉවත් කරලා තිබ්බ උණත් තවම සුවිශේෂි වැඩක් කරනවා. අවධානය වෙනස් කරන්න මේ කරපු දේ ත් ඒ වගේ එකක්.

Jackson Pollock's Panting
ඩේමියන් කියනවා ඇන්ඩි ට වෙඩි තියලා බිත්තිය ජැක්සන් පොලොක් ගේ චිත්‍රයක් කරනවා කියලා. ජැක්සන් පොලොක් කියන්නේ 20 වෙනි සියවසේ මුල් භාගයේ ඇමෙරිකාවේ හිටිය චිත්‍ර ශිල්පියෙක්. එයා ගේ විශේෂම හැකියාව උනේ දියර ඉසීමෙන් නිර්මාණ කරන එක. මේ තියෙන්නේ එයාගේ විශිෂ්ටතම නිර්මාණය විදිහට හදුන්වන ඩොලර් මිලියන 140 කට (ලංකා රුපියල් වලින් බිලියන 20.3 ක්) අලෙවි වුනු Number 5 කියන චිත්‍රය.


Greatest Reveal of the Year
ඇති යාන්තම් කෙනෙක් ඔලිවර් සහ ග්‍රීන් ඇරෝ කියන්නේ එක්කෙනක් කියලා හොයා ගත්තා.

I Didn't See This Coming
ඇත්තටම කියනවා නම් මේක බලාපොරොත්තු නොවුණු දෙයක්. විශේෂයෙන්ම ෆෙලිසිටි ගේ ඉවත් වීමත් එක්ක ලෝරල්ගේ චරිත ය ගොඩ නගපු හින්දා ගොඩක් අය සතුටු උණා කොමික් වල විදිහටම කතාව ගෙනියනවා කියලා. ඒත් හිතුවේ නැති මොහොතක ලෝරල් ව කතාවෙන් ඉවත් කළා.

දැනට තියන ආරංචි අනුව නම් මේ මරණය ව්‍යාජ එකක් වෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ මෙතනින් එහාට අපිට ලෝරල් නම් දකින්න බැරි වෙයි. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ චරිතය කතාවෙන් ඉවත් කරනවා කියන එක. කාලය හරහා ගමන් කිරීම, සමාන්තර ග්‍රහලෝක පවතින අරෝවර්ස් එක ඇතුලේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

මෙතන දී අපිට දැක ගන්න පුළුවන් වෙනවා ලෝරල් ගේ හිතේ ඔලිවර් ගැන තියන ආදරය තවම වෙනස් වෙලා නෑ කියලා.
Ollie, I know that I am not the love of your life...
But you will always be the love of mine.
මේ ටික අහලා අවුල් ගහපු නැති කෙනෙක් නම් ඉන්න විදිහක් නෑ. ඒ කොටස ඒ තරමටම හිතට වදිනවා. කතාව පුරාම තිබ්බ අඩු පාඩු සේරම පරදවලා විශේෂ වෙන්න මේ ටික හේතු වෙනවා.
ඒ වගේම තමයි ලෝරල් ගාව තියෙන්නේ ඔලිවර් ගාව දුපතේ ඉන්න කොට තිබුණු ෆොටෝ එක. ඒ තමයි ටයනා ගෙනත් දෙන්නම් කියපු එක. මේ සීසන් 5 ගැන කරන ඉඟියක් වෙන්නත් පුළුවන්.

ඒ වගේම ලෝරල් මෙතන දී කියපු කතාවේ සැඟවුණු තේරුමක් තියනවා කියලා මතයක් තියනවා. ඩේමියන් පරාද කරන්න උපකාරී වෙන ක්‍රමයක් ගැන අදහස් කරා කියන මතය ගොඩක් අයට තියනවා. කාමරයෙන් එළියෙන් ඉදලා බලාගෙන ඉන්නවා වගේ දර්ශනයත් එකපාරටම ලෝරල් ගේ තත්ත්වය නරක අතට හැරුණු එකත් මේකට හේතුවක්.

ඊළඟට කතාව පුරාම අපිට තිබුණු ගැටලුව. පලවෙනි කොටසේ පෙන්නපු සොහොන කාගේද කියන එක. මේ ලෝරල් ගේ සොහොන කියලා තීරණය කලොත් ඒක හැමදේටම ගැලපෙනවා. ඒත් නිල නොවන මට්ටමින් නිකුත් වුනු පසුතල චායාරුප හින්දා මේ මතය ගැන විවිධ මත තියනවා. ඒ අතරින් ප්‍රධානම එකක් තමයි ඔලිවර් ළඟ තියන මේ සොහොන් කොතේ විලියම් ක්ලේටන් කියන නම පැහැදිලිව බලා ගන්න පුළුවන් එක. සමහරක් විට කතාවේ අවසානය රහසක් විදිහට තියාගන්න උපක්‍රමයක් වෙන්නත් පුළුවන් මේ.

ආපහු අපිට ඇරෝ කතාව බලාගන්න පුළුවන් වෙන්නේ 27 වෙනිදා. සමහරක් විට ඒ කොටසින් ගොඩක් ප්‍රශ්න විසදාගන්න පුළුවන් වෙයි.

#attila_THE_hun


Sunday, April 10, 2016

Cloak and Dagger

මාවල් ආයතනය අලුතෙන් ටීවී සිරිස් එකක් කරනවා කියලා ප්‍රකාශ කළා. ඒ Cloak සහ Dagger දෙන්නා ගැන. ඉතින් අපි හිතුවා මේ දෙන්න ගැන පොඩ්ඩක් කතා කරන්න. 

ටැන්ඩි බෝවන් a.k.a Dagger
ටැන්ඩි බෝවන් ඔහයෝවල ශේකර් හයිට්ස්වල කදු බෑවුමක පිහිටලා තිබ්බ බොහෝ පොහොසත් මිනිස්සු ජීවත් වෙච්ච උපනගරයක හැදී වැඩුණ දැරියක්.. ඇගේ මව වන මෙලිස්සා බෝවන් කීර්තිමත් නමුත් තමා ගැනම පමණක් සලකන පොහොසත් නිරූපිකාවක්.. ඇය පොහොසත් වෙන්නේ තමන්ගේ රැකියාවෙන් පමණක් නොව ආත්මීය පුනරුප්පත්තිය සොයාගන්න හිතාගෙන ඉන්දියාවට ගිය ටැන්ඩිගේ තාත්තාගේ දේපළ පවරාගැනීම හරහාය.. 
පසුකාලීනව මෙලිස්සා පිලිප් කාලයිල් සමග විවාහ වෙනවා.. පිලිප් කරුණාවන්ත උනත් තාත්තා තමන්ව හැර ගිය නිසා හිත් රිදීමෙන් හිටපු ටැන්ඩි පිලිප්ව ප්‍රතික්ෂේප කලා.. ඒ නිසාම මෙලිස්සාත් ටැන්ඩි ගැන නොසලකා හැරියා..
වයස අවුරුදු 16ක් වෙනකොට කවුරුත් තමන්ට ආදරේ නැතැයි කියන හැගීම නිසා ටැන්ඩි රොබ් ඩැල්ට්‍රයි නමැති තරුණයෙක් සමග පෙමින් බැදෙනවා.. නමුත් රොබුත් කොලේජ් යන්න ගත්තට පස්සේ කලකිරුණු ටැන්ඩි නිවස අතෑරලා තනියම බස් එකක නැගලා නිව් යෝර්ක් නගරයට පිටත් උනා..

ටයිරෝන් ජොන්සන් a.k.a Cloak
දකුණු බොස්ටන්වල දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණ ටයිරෝන්ට තිබ්බ එකම දුර්වලතාව උනේ උපතින්මා ආපු ගොත ගැසීම.. 
ටයිරෝන්ගේ හොදම යාළුවා උන බිලී සහ ටයිරෝන් ඔවුන්ට වයස අවුරුදු 17දි කඩයක් මංකොල්ල කා එහි සේවකයාට වෙඩි තබා පැන ගිය සිදුවීමක් සියැසින් දකිනවා.. සොරුන් දුවනවාත් සමගම ඒ මංකොල්ලය සදහා වැරදීමකින් තමන් හා ටයිරෝන් අසු වේ යැයි සිතූ බිලීද දුවන්න ගන්නවා.. පොලිස් නිලධාරියෙක් බිලීට නවතින ලෙස නියෝග කලත් ඔහු නවතින්නේ නෑ.. ඒ අතරේ පොලිස් නිලධාරියාට ඔවුන්ගේ නිර්දෝෂීභාවය පැහැදිළි කරන්න උත්සාහ කරපු ටයිරෝන් කියපු දේවල් ටයිරෝන්ගේ ගොතය නිසා පොලිස් නිලධාරියාට පැහැදිළිව ඇහුණේ නෑ.. පොලිස් නිලධාරියාගේ වෙඩි පහරින් බිලී මිය යනවා.. බිලීගේ මරණයට තමා වගකිවයුතුයි යන හැගීමත්, පොලිස් නිලධාරීන්ට ඇති බයත් නිසා ටයිරෝන් නිව් යෝර්ක් නගරයට පලා යනවා..

ටැන්ඩි බෝවන් සහ ටයිරෝන් ජොන්සන්
මෑන්හැටන්වල බස් පර්යන්තයේදී ටැන්ඩි බෝවන්ව මංකොල්ල කන්න හදපු පුද්ගලයෙක්ගෙන් බේරගන්න ටයිරෝන් සමත් වෙනවා.. මේ දෙන්නා ඉක්මනටම හොද මිත්‍රයන් බවට පත් වෙනවා..
ඒ අතරෙදි ආගන්තුක පුද්ගලයෙක් ටැන්ඩිට ආහාර සහ හිසට සෙවණක් ලබාදෙන්න පොරොන්දු වෙලා ඔහු සමග එන්න කියනවා.. මේ ගැන සැකයක් ඇති උන ටයිරෝනුත් ටැන්ඩි එක්කම යනවා.. 
තවත් නිවසෙන් පළා යන තරුණ තරුණියන් කිහිපදෙනෙක් සමග ටැන්ඩි හා ටයිරෝන් රැගෙන යන්නේ දොස්තර සයිමන් මාශල්.. ඔහු පිරිසව සිහි නැති කරවලා ඔවුන්ට ඩී-ලයිට් නම් මත්ද්‍රව්‍යයක් එන්නත් කරනවා.. ටයිරෝන් සහ ටැන්ඩි දෙදෙනා සහ තවත් අයෙක් හැර අනික් අය මේ මත්ද්‍රව්‍යය නිසා මිය යනවා.. ඔවුන් තිදෙනා මාශල්ගෙන් පලා යනවා.. ගග හරහා යන්න ගගට පැන්නාට පසු ටැන්ඩි හා ටයිරෝන්ගේ බලයන් ක්‍රියාක්මක වෙනවා.. ටයිරෝන්ට තමන්ව අදුරෙන් ගිලගත් බවක් හා අමුතු කුසගින්නක් දැනෙන්න ගන්නවා.. නමුත් ඉතාමත් දීප්තිමත් ලෙස ආලෝකමත් වෙමින් සිටි ටැන්ඩි නිසා ටයිරෝන්ට යම් පහසුවක් දැනෙනවා.. තමන්ගේ අළුත් අදුරු, සෙවණැලි ස්වරූපය වසාගන්න ටයිරෝන් තමන්ව දිග ආවරණයකින් ආවරණය කරගන්නවා..
ඔවුන්ව අල්ලා ගැනීමට එන මාශල්ගේ සහයකයන්ව ක්ලෝක් විසින් උරාගන්නවා.. 
ඔවුන් දෙදෙනා පසුව ක්ලෝක් සහ ඩැගර් නම්වලින් තමන් හදුන්වා ගන්නවා..



ක්ලෝක්(ටයිරෝන්)ගේ ශරීරය ඩාක්ෆෝස් ඩිමෙන්ශන් නමැති අදුරු ශක්ති විශේෂයකින් පිරුණු වෙනත් මානයකට ගමන් කරන දොරටුවක්.. මේ මානය යටත් කරගෙන ඉන්න විලෝපිකයා නිසා ක්ලෝක්ට පණ ඇති ජීවීන්ව උරාගැනීමට පාලනය කරගත නොහැකි කුසගින්නක් ඇති වුවත් ඩැගර් ආසන්නයේ සිටින විට ඇගේ ආලෝකය හේතුවෙන් ඔහුට එම අපහසුතාවන් මගහැරෙනවා..
එමෙන්ම ක්ලෝක්ට අදුරු ශක්තිය පාලනය කරලා ඔහු අවට අදුරු ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්.. මේ අදුරු ක්ෂේත්‍රයට හසුවෙන පුද්ගලයන්ට හිරිවැටෙනසුළු සීතලක් හා බියක් ඇති වෙනවා.. 
ඊට අමතරව ක්ලෝක්ට ඩාක්ඩිමෙන්ශන් එක හරහා ටෙලිපෝට් වෙන්න පුළුවන් වගේම ඝන ද්‍රව්‍ය හරහා ගමන් කිරීමේ හකියාවත් තියෙනවා..


ඩැගර්ගේ ජීව ශක්තිය අනෙක් පුද්ගලයන්ට වඩා ගොඩක් වැඩියි.. ඇයට ජීව ශක්තිය හරහා ජීව ආලෝකය නිපදවන්න පුළුවන්.. ඩැගර්ද තමන්ගේ ශක්තිය ලබාගන්නේ අදුරු ශක්තිය හරහා.. 
ඩැගර්ට තමන්ගේ ඇගිලිතුඩු හරහා අගල් 6ක් පමණ දිගැති ජීව ආලෝකයෙන් නිපදවූ කිරිච්චි(ඩැගර්ස්) නිර්මාණය කරන්න පුළුවන්.. මේ ජීව ශක්ති කිරිච්චි පහර වදින පුද්ගලයන්ට තමන් කල වැරදි ක්‍රියා, පව් සිහි වෙනවා.. මේ ඩැගර්ස්වලින් අජීවී වස්තුවලට හානි කරන්න බැහැ.. 
ඩැගර්ට තමන්ගේ ජීව ආලෝකය හරහා මිනිසුන්ගේ සිරුරුවල විශ ඉවත් කිරීමේ හැකියාව තියෙනවා.. 
එමෙන්ම ඩැගර්ට ජීව ශක්තිය, ජීව ආලෝක ශක්තිය පාලනය කිරීමේ හැකියාව තියෙනවා..


 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates