LATEST :

Thursday, March 31, 2016

Arrow S04E16 Review

Arrow S04E16 - Broken Hearts

මේ සතියේ ඇරෝ, ෆ්ලෑෂ් ගැන අවධානය යොමු උනේ නැතිම තරම් කිව්වොත් එක හරි. මොකද කාලයක් තිස්සේ බලාගෙන හිටිය bvs ෆිල්ම් එක අනිත් හැම දෙයකම ආකර්ශනය ඉක්මවා ගියපු හින්දා මේ සතියේ ඇරෝ කතාව බලන්න උනෙත් ටිකක් පරක්කු වෙලා.
මේ සතිය කතාව මම නම් පුද්ගලිකව අකැමැති වුනු කොටසක්. ඒ ඔලිසිටි රසිකයෙක් හින්දාම නෙවේ. මේ සතියේ කතාව ඇතුලේ වෙනදා තිබ්බ රිද්මය අඩු වෙලා තිබ්බා වගේ දැනුනා. කමක් නෑ අපි බලමු මේ සතියේ කතාව ගැන.


Hello Stupid.. I am Cupid
සීසන් 3 වල දී අපිට මුණ ගැහුණු ක්යුපිඩ් එහෙමත් නැතිනම් කැරී කටර් ආපහු එනවා කතාවට.

ඒ එන්නේ කලින් හිටියා ටත් වඩා තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගෙන. මම නම් මෙයාගේ ආසම කරන දේ තමයි කොමික් වල දකින්න ලැබෙන විදිහේ ම රතු කොණ්ඩය. මේක ටිටියන් හරි ජින්ජර් රෙඩ් හරි වගේ මට නම් පෙනුනේ. කොමික් වලත් තියෙන්නේ ඒ විදිහේ ම පාටක් නේ.


A Heart for the Cupid
මේ සතියේ කතාවේ ලෝගෝ එකත් වෙනස් වෙලා තිබ්බා

Trial for Damian Dhark
මේ සතියේ වැඩි අවධානයක් යොමු වෙන්න ඕනේ ඇත්තටම ක්යුපිඩ් ට නෙවේ. ඩේමියන් ට එරෙහි නඩු විභාගයට. මොකද කතාවේ ඉදිරියට ඩේමියන් ගේ වැඩ පිළිවෙල ගොඩක් වැදගත් වෙනවා නේ.

How Does American Low Proceed?
මට මතක විදිහට පලවෙනි වතාවට තමයි අපි ඇරෝ කතාව ඇතුලේ දී අපරාධ නඩුවක් ගැන කතා කරනවා දැක්කේ. ඒ හින්දා මෙතන දී ඉතාම සුළු පැහැදිලි කිරීමක් කෙරුවත් හොදයි කියලා හිතුනා කොහොමද ඇමරිකාවේ උසාවි යක වැඩ සිද්ධ වෙන්නේ කියන කාරණය.
අපරාධ කාරෙයෙක් ට එරෙහි නඩු පවරන්නේ DA (District Attorney) විසින්. එයා පෙනී සිටින්නේ මහජනයා නියෝජනය කරමින්. මුලින්ම වෙන්නේ මූලික විභාගය එහෙමත් නැතිනම්  Preliminary Hearing කියන දේ. මෙතන දී වෙන්නේ චුදිතයා ට එරෙහිව සාධාරණ චෝදනා ගොඩ නැගිලා ද කියන එක විභාග කරන එක. චුදිතයට එරෙහිව ප්‍රමාණවත් තරම් කරුණු තිබ්බොත් තමයි නඩු විභාගය දක්වා මේක ගෙනියන්නේ. එහෙම නැති උනොත් මෙතැනින්ම නඩුව අවසන් කරන්නත් පුළුවන්. මේක පැහැදිලිව විසදාගන්න අමාරු උනොත් නඩුව අහනවා වගේම මෙතන දී සාක්ෂි විමසීම කරනවා. මේ ගැන හොද අවබෝධයක් ගන්න පුළුවන් පෙරී මේසන් පොත් මාලාව හරි ටීවී සිරිස් එක හරි බැලුවා නම්. ඒ වගේම ලෝරල් පැමිණිල්ල මෙහෙයවද්දී භාවිතා කරපු පාරිභාෂික වචන පවා පෙරී මේසන් ගැන දන්න කෙනෙක් ට නම් ගොඩක් පුරුදුයි.



Citizen of Markovia 
අපිට දැන ගන්න ලැබුණු විදිහට ඩේමියන් කියන්නේ මාර්කෝවියන් ජාතියකයෙක්. කොමික් කියවපු අයට නම් මේක අමුතු තැනක් නෙවේ. මේ රටේ තමයි Geo Force සහ එයාගේ නංගි Terra ජිවත් උනේ. කොමික් වල හැටියට නම් මේ රාජධානිය තියෙන්නේ බටහිර යුරෝපයේ ප්‍රංශය. බෙල්ජියම සහ ලක්සම්බර්ගය අතර. මාවල් වලදී අපිට මුණ ගැහුණු සර්කෝවියා ව එක්ක මේක පටලවා ගන්න එපා.

Kenneth Bender
Well he is hereafter known as Bender.

Last Stand 
මේක නම් ටිකක් අදහාගන්න බැරි විදිහේ දෙයක් වගේ උනා. ඩේමියන් ට එරෙහිව ලාන්ස් ව ගේනවා අවසාන තුරුම්පුව විදිහට. මේකත් එක්ක ආපහු අර සොහොන ලාන්ස් ගේ සොහොන ද කියන ගැටලුව එනවා.

WTF Marriage
ඇරෝ කතාව ගැන ගොඩක් ම අවුල් යන්න හේතුව උනේ මේ විවාහය. මෙච්චර කාලයක් බලාගෙන ඉදලා දකින්න හම්බුනේ ව්‍යාජ එකක්. හැබැයි මේ වෙලාවේ දී දෙන්නා කියපු දේවල් වලට නම් පොඩි බලාපොරොත්තුවක් ඇතිවුනා. ඒත් ඒක බලාපොරොත්තුවක් විතරක් ම උනා.

Origin of Baron Riter
කොමික් වල දී නම් අපිට බැරන් රයිටර් කියලා මුණ ගැහෙන Baron Blitzkrieg ඔරිජින් එකට වඩා වෙනස් ඔරිජින් එකක් තමයි කොමික් වල දී නම් හම්බුනේ. මේකේ විදිහට නම් මෙයා මේ තැනට ඇවිත් තියෙන්නේ පුංචි කාලයේ එයාගේ ගමට සිද්ධ වුනු විනාශයන් හින්දා.

Power Source
ඩේමියන් ට බලය හම්බුනු අද්බුත වස්තුව අපිට දකින්න පුළුවන් උනා. මේක එතකොට මුලින්ම හම්බෙලා තියෙන්නේ බැරන් රයිටර් ට වගේ.

Blinking Tattoos 
බැරන් රයිටර් ගේ අතේ ටැටූ එකක් මතු වෙනවා. හැබැයි එයා කෙනෙක් මැරුවට පස්සේ ඒක ආවේ. මෙතන තියන ගැටලුව තමයි කොන්ස්ටන්ටීන්, ඔලිවර් ගේ අතේ මේ වගේ දෙයක් ඇති කෙරුවේ නිකම්ම. ඒ කොහොමද කියන එක නම් ගැටලුවක්.

My Precious 
ඩේමියන් ට හම්බෙන මේ මුද්ද මොකක්ද? මේකත් බලය ලබා දෙන එකක් ද? ඩේමියන් ගේ මුහුණෙන් පෙනුන විදිහට නම් මේක එසේ මෙසේ එකක් නෙවේ.

කතාවේ වැදගත් කියලා හිතුනු දේවල් ටික තමයි මේ විදිහට පෙළ ගැස්සුවේ. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනටම මුණ ගැහෙමු.

#attila_THE_hun



Wednesday, March 30, 2016

The Flash S02E16 Review

The Flash S02E16 - Trajectory

BVS උණුසුම ටිකෙන් ටික ගෙවිලා යනවත් එක්කම ආයෙත් අපේ යාළුවන් ගේ අවධානය අනිත් දේවල් වලට යොමු වෙන්න පටන් අරගෙන හින්දා අපිත් හිතුවා පරණ පුරුදු වැඩ පිළිවෙලට ආපහු ගමන් කරන්න. ටිකක් පරක්කු වෙලා හරි ෆ්ලෑෂ් කතාව ගැන කතා කරන්න යන්නේ අපි.


මේ episode එකේ පටන් ගන්නෙ බැරී තමන්ගෙ ස්පීඩ් එක වැඩි කරගන්න කරන canyon jump එකෙන්. ඒවගේම මෙතදි අපිට බලාගන්න පුලුවන් "he's gonna make it, ohh nope he is not", cliché එකක්. කොහොම උනත් සිස්කොට තෑන්ක්ස් කරන්න ඕන බැරී ඩ්‍රෝන්ස්ලව අරන් ආපු එකට.


මේ වෙනකන් දැක්ක ජෙසී සහ හැරී අතර ඇති උන ෆන්ම සීන් තිබුනෙ මේ එපිසෝඩ් එකේ. ජෙසී " can i go? " කියලා ඇහුවම හැරී කට්ටිය ඉස්සරහා ඔලුව වනලා පල්ලෙහාට ආපුවම " over my dead body. " over my rotting corpse " ඒවගේම මේ එපිසෝඩ් එකේ විතරයි හැරී සාමාන්‍ය විදිහට කතා කරනව ඇහෙන්න මට මතක හැටියට. නැත්තන් වෙනදට කතා කරන්නෙ නිකන් රහසින් කතා කරනව වගේ අමුතු විදිහකට. මේකෙන් අපිට දැනගන්න ලැබෙන්නෙ හැරී දැන් ඉන්නෙ සතුටින් කියලා ඒත් අපි හැමෝම දන්නවනෙ මේ සතුට වැඩිකල් තියෙන්නෙ නෑ කියලා. ඒවගේම මේ දෙන්නගෙ ආසම සීන් එක හැරී ජෙසීට ක්ලබ් එකට යන්න අවසර දුන්නම හැරී කියනව " you should take protection ". එතකොට ජෙසී කියනවා " oh dad, I don't need.... I don't know what you thought i was gonna be doing but... " සෙක්ස් ජෝක්ස් ක්ලැසික්.


මෙතනදි ජෙසීට පලවෙනි පාරට වොලීව හම්බෙනවා. ගොඩක් අය දන්නව ඇතිනෙ කොමික් වලනම් මේ දෙන්නම ස්පීඩ්ස්ටර්ස්ල කියලා. කොහොම උනත් ජෙසීගෙ වොච් එක බීප් ගෑව වොලී ලග ඉන්නකොට. ( මන් දන්නව එතා බැරීත් හිටියා කියලා ) ඒත් මේකෙ තේරුම වොලිත් මෙට හියුමන් කෙනෙක්ද. හමහර විට තාම වොලී දන්නෙ නෑ වෙන්න පුලුවන් එයාට පවර්ස් තියෙනවා කියලා. අමතක කරන්න එපා සිස්කොටත් කාලයක් ගියා දැනගන්න එයාට පවර්ස් තියෙනවා කියලා.
ඒවගේම ජෙසීට v-9 ඉන්ජෙක්ට් කරානෙ, ඒවගේම ආරංචියක් තිබුනා ජෙසීගෙ ස්ටෝරි ලයින් එකට v-9වල ලොකු වැදගත් කමක් තියෙනව කියල. එතකොට මේක ගැනද ඒගොල්ලො කතා උනේ නැත්තන් තව ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැනද?


The funniest dance moves you've ever seen


අයිරිස් සහ බැරී එයාලගෙ අර්ත් 2 doppelgangersල ගැන කතා වෙනවා. බැරී අහද්දි " I wonder what our married doppelgangers are doing tonight" එතකොට අරිස් කියනවා " probably Earth 2's equivalent of netflix and chill" wonderful more sex jokes


මෙතනදි අපිට දකින්න ලැබෙනවා Eliza Harmon එහෙමත් නැත්තන් Trajectory. කොහොම හරි මෙයා බැරීට වඩා ගොඩක් වේගවත්. ඒකට හේතුව අපි හැමෝම දන්නවනෙ. ඒවගේම තව දෙයක් මෙයාගෙ සූට් එක ජොනී කුයික්ගෙ සූට් එක වගේ කියල හිතෙන්නෙ මට විතරද. කොහොමහරි කොමික් වලනම් මෙයාට පවර්ස් ලැබෙන්නෙ ලෙක්ස් ලූතොර්ගෙන්. ඒවගේම මෙයා කොමික් වලත් මැරෙනවා ඒ බ්ලොක්බස්ටර්ගෙ අතින්. ඒකට හේතුව වෙන්නෙ ලෙක්ස් මෙයාගෙ පවර්ස් සටන අතර තුර නවත්තන නිසා.


සිස්කොගෙ purely scientific question එක, was she good looking?


ෆ්ලෑශ් එකේ මර්කරි ලැබ්ස් පෙන්නනවා වැඩි කියලා හිතෙන්නෙ මට විතරද? මේ එපිසෝඩ් එකේම මර්කරි ලැබ්ස් සයින් එක කී පාරක් පෙන්නුවද? මේක ඉගියක් වෙන්න බැරිද තව ඉස්සරහට අපිට මැක්ස් මර්කරිවත් බලාගන්න පුලුවන් කියලා? මැක්ස් මර්කරි කියන්නෙත් ස්පීඩ්ස්ටර් කෙනෙක් හැබැයි කාලයක් මෙයා ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙලා හිටියා. ඒක නිසාද අපිට එයාව බලාගන්න බැරි තාම?


මන් මුකුත් කියන්නෑමයි කොහොමහරි තව ඉස්සරහට අපිට මේ දෙන්න අතර පොඩි පොඩි දේවල් බලාගන්න පුලුවන් වෙයි.


Opal city කියන්නෙත් dc universe එකේ fictional city එකක්. මේ නගරෙන් එන ප්‍රසිද්ද superheroesල වෙන්නෙ starman & elongated man. මතක හැටියට elongated man හිටියා සීසන් 1 එකේ මැරුන කියලා හිතන් ඉන්න කට්ටියගෙ ලිස්ට් එකේ. ඉස්සරහට මෙයාව බලාගන්න පුලුවන් වෙයි කියල හිතනවා.


ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙයාට මොකද උනේ කියලා. හැබැයි මන් හිතන්නෙ නෑ මෙයා මැරුන කියලා මොකද මෙහෙම දෙයක් අපිට මීට කලින් දකින්න ලැබිලා තියෙනවා. ඒ crisis on infinite earths storyline එකේ. මේ ස්ටොරිලයින් එකේ බැරී මීටකලින් කවදාවත්ම දුවල නැති වේගෙකින් දුවනව මල්ටිවර්ස් එක බේරගන්න. මෙතනදි තමයි බැරී මැරෙන්නෙ. හැබැයි ෆ්ලෑශ් රීබර්ත් එකේ අපිට දැනගන්න ලැබෙනවා ෆ්ලෑශ් ඇත්තටම ස්පීඩ් ෆෝර්ස් එකේ හිර වෙලා හිටියෙ කියලා. මට හිතෙන්නෙ එලයිසටත් උනේ ඒක කියලා.


Crazy fan theory- මුලින්ම කියන්න ඕනා අපිට සූම්ව පරද්දන්නෙ කොහොමද කියලා හිතාගන්න පුලුවන් කියලා මේ එපිසෝඩ් එක බැලුවම. ඒ කොහොමද? කරන්න තියෙන්නෙ එකම දෙයයි. සූම්ට ඕන දේ දෙන එක. අපි දන්නවනෙ සූම් ලෙඩින් කියලා මේකට හේතුව v-6 ( ගොඩක් දුරට) බැරී තව වේගවත් වෙනවා වෙනුවට සූම්ව තව වේගවත් කෙරුවොත් ඒගොල්ලන්ට පුලුවන් වෙයි එලයිසට උන දේම සූම්ටත් කරන්න. සූම්වත් ස්පීඩ් ෆෝස් එකේ හිර කරතැහැකි. ඕ ඒවගේම මන් තාමත් හිතන්නෙ නෑ සූම් කියන්නෙ ජේ කියලා. ඒවගේම ඒක Speed Mirage එකක් වෙන්නත් බෑ කියලා හිතෙනවා මොකද අපිට ජේ එහෙමත් නැත්තන් බොරු ජේව අර්ත් 1 වල දකින අතරතුරම සූම්ව අර්ත් 2 වල දකින්න ලැබෙනවා. ඒවගේම ඒක Speed Mirage එකක්නම් බොරු ජේගෙ මල සිරුර පෝටල් එක වැහුවට පස්සෙ ස්ටාර් ලැබ්ස් වල ඉදන් සූම්ග ගුහාවට අරන් එන එකේ කිසි තේරුමක් නෑනෙ. මට හිතෙනව විදිහට ඇත්ත ජේ කියන්නෙ යකඩ වෙස්මූනෙ ඉන්න කෙනා. ඒවගේම සූම් කියන්නෙ එඩ්වඩ් ක්ලැරිස් සහ බොරු ජේ කියන්නෙ හන්ටර් සොලමන්.
ඒවගේම අපිට සීසන් 1 එකේදි මේ නිවුස් පේපර් එක දකින්න ලැබෙනවා. මේකෙදි අපිට දැනගන්න ලැබෙනවා ෆ්ලෑශ් අතුරුදහන් වෙනවා කියලා ( in an explosion of light) පස්සෙ පල්ලෙහා දකින්න පුලුවන් රිවර්ස් ෆ්ලෑශුත් ෆ්ලෑශ් එක්ක අතුරුදන් උනා කියලා.( එච්චර වැදගත් දෙයක් නෙවේ නිකන් මෙන්ශන් කරන්න හිතුන) කොහොමහරි මේ පත්තරේ කියන විදිහට ෆ්ලෑශ් අතුරුදන් වෙන්නෙ මේ එපිසෝඩ් එකේ එලයිසා අතුරුදන් උන විදිහට. කොහොමහරි මට හිතෙන විදිහට බැරීට එයාගෙ උපරිම වේගෙට එන්න 2024 වෙනකන්වත් ඉන්න වෙයි වගේ. හරියට ස්මෝල්විල් එකේ ක්ලාක්ට සුපර්මෑන් සූට් එක දාගන්න සීසන් 10ක් ගියා වගේ

#Scarlet_Speedster

Wednesday, March 23, 2016

X-Men: Apocalypse Official Trailer #02 - Trailer Breakdown

ඉදිරි සතිය ඩීසී ෆෑන්ලාට සතුටුදායක සතියක් වෙනවා වගේම පසුගිය සතිය මාවල් ෆෑන් කෙනෙක් වෙන්නත් හොදම සති කිහිපයක්.. සිවිල් වෝර් ට්‍රේලරෙන් ස්පයිඩ මෑන්වත්, ඩෙයාඩෙවිල් දෙවනි සීසන් එකත් වගේම 17 බ්‍රහස්පතින්දා හවස එක්ස් මෙන් ඇපොකලිප්ස් දෙවනි ට්‍රේලර් එක ආවා.. (ඒ එක්කම එදා උදේම තමයි එක්ස්ට්‍රෝඩිනරි එක්ස් මෙන් #8 ඇපොකැලිප්ස් වෝ ආවෙත්)
එහෙනම් මම පුළුවන් උපරිමයෙන් අළුත් එක්ස් මෙන් ඇපොකලිප්ස් දෙවනි ට්‍රේලර් එකෙත් රූපරාමු පැහැදිළි කරන්න උත්සාහ කරනවා..

X-Mansion

එක්ස් මැන්ශන් එක හා ඉඩමේ දර්ශනයකින් ට්‍රේලර් එක පටන් ගන්නේ.. ඇත්තටම එක්ස් මැන්ශන් එක එක්ස් මෙන්ලා සමාජයෙන් කොයිතරම් පිටස්තරද කියලා පෙන්නන්න සිම්බල් එකක්.. 
එක්ස් මැන්ශන් එක පෙන්නන අතරතුර එරික් ඔරිජිනල් එක්ස් මෙන්වල අවසානයෙන් සෘජු ගෙන හැර පෑමක් දක්වනවා..


“Doesn’t it ever wake you up in the middle of the night, the feeling that some day they’ll come for you and your children?”
එරික් ඉන්නේ එක්ස් මැන්ශන් එක ඇතුලේ.. එරික්ගේ කතාව අතරෙම අපි කොණ්ඩෙ තියෙන චාල්ස් එක්සේවියර්ව දකිනවා..


Children of Atom (Charles Children)
ඊළගට දකින මිස්ටීක්ගේ දර්ශනය අපි මුල් ට්‍රේලර් එකෙත්, සුපර්බෝල් ටීවී ස්පොට් එකෙත් දැක්කා.. ඒ ගැන පස්සෙ කතා කරමු..
අපි ස්කොට් සහ කර්ට් දකිනවා..

ස්කොට් ඕල් නිව් එක්ස් මෙන්වල ස්කොට්ට ගොඩක් සමාන ගතියක් පේනවා.. ඒ එක්කම කර්ට්ගේ ඇදුම දැක්කම මොකක් හරි මතක් වෙනවද? මට නම් මයිකල් ජැක්සන්ගේ ත්‍රිලර් ජැකට් එක මතක් උනා..


ට්‍රේලරේ පළවෙනි පාරට අපි ජීන් ග්‍රේ දකිනවා.. ඒත් ජීන් මේ කොහෙද ඉන්නේ?

මේ දර්ශන කිහිපය අතරේ ප්‍රොෆෙසර් එක්ස් “I feel a great swirl of pity for the poor soul that comes to my school looking for trouble” කියලා කියනවා..
ඒක කියන්නේ නම් CIA එක ඇතුලේ ඉදන්.. ඒ නිසා ඒ දෙබස ෆිල්ම් එකේ තැන් දෙකක දෙබස් දෙකක්..

ට්‍රේලරයේ පළවෙනි තත්පර 15 අවසානයේ එක්ස් මැන්ශන් එක ඇතුළේ පඩිපෙළ ළග ළමයි කිහිපදෙනෙක්ට චාල්ස් එක්සේවියර් උගන්නනවා..

 

එතන තියෙන පඩිපෙළ DNA ද්විත්ව හේලික්සීය ආකෘතිය වගේ පෙනුනේ මට විතරක් නම් වෙන්න බෑ.. ඒක මියුටන්ට්ලා අනික් මිනිස්සුන්ගෙන් වෙනස් වෙන හේතුව DNA වලට එකතු වෙච්ච එක්ස් ජානය නිසා කියන එක දක්වන සිම්බල් එකක් වෙන්න පුළුවන්..

The First Mutant
CIA එකේදි මොයිරා මැක්ටැගර්ට් “Some believe that the first mutant was born thousands of years ago” කියලා කියනකොට මොයිරා ඒක මිත්‍යාවක් කියලා ඔප්පු කරන්න හදනවා වගේ හැගීමක් දැනුණේ.. කලින් ට්‍රේලරේ දැකපු ඊජිප්තුවේ දර්ශනයම දකින්න පුළුවන්.. ඊළගට අපි දකින්නේ පිරමීඩයක් ඇතුලේ කෙරෙන චාරිත්‍රමය උත්සවයක්..

ඒක දැක්කම ඇපකැලිප්ස්ව දෙවියෙක් විදියට අදහන්න ඇති කියලා හිතන්න පුළුවන්..

Poe Dameron himself
මෙන්න ඔස්කා අයිසැක්..

 

සාමාන්‍ය මනුශ්‍ය ශරීරයක්? එහා පැත්තේ තියෙන ශරීරය මොකද්ද?


මේක ඇපොකලිප්ස්ගේ ඔරිජින් එක ගැන අතීතාවර්ජනයක් වෙන්න පුළුවන්.. කොමික්වල නම් එන් සබාහ් නුර් උපතින්ම බාහිර ස්වරූපය විකෘති වෙච්ච මියුටන්ට් කෙනෙක්.. ඒත් පේන විදියට සාමාන්‍ය බාහිර මනුශ්‍ය ස්වරූපයක් තියෙන ඇපොකලිප්ස්ගේ විඥානය අමරණීය ශරීරයකට ඇතුල් කරනවා වගේ පේන්නේ.. නිල් දම් පාට ආලෝක දහරාවන් ඇපකැලිප්ස්ගේ ශරීරය වටේට ගමන් කරනවා.. මේ අලුත් ශරීරය ටෙක්නෝ ඕගනික් වෛරසයෙන් හදපු එකක් කියලාවත් හිතහදාගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්.. ඇත්තටම කොමික් සම්බන්ධ ෆිල්ම් එකක් කරනකොට කොමික්වලට අනුවම කරන්න අමාරුයි තමයි.. ඒත් මට නම් Only the strong will survive කියන අදහස එන් සබාහ් නුර්ගේ ඔළුවට ඇතුල් කරලා ඇපකැලිප්ස් නිර්මාණය කරන්න මූලිකව දායක වෙච්ච බාල්ව ෆිල්ම් එකේදි දකින්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.. කේබල් කාලය හරහා ඇවිත් ඇපකැලිප්ස් එක්ක කරන සටනත් දකින්න ලැබෙන එකක් නැති වෙයි.. ඇපකැලිප්ස්ගේ ඔරිජින් එක පිළිබද අපි ලිපියක් දුන්නා..



එන් සබාහ් නුර්ගේ නැවත නැගිටීම වෙනුවෙන් කරන දෙයක් කියලා හිතන්න පුළුවන්..

Recruiting Storm
මේ ට්‍රේලර් එකේදි ඇපකැලිප්ස් හෝර්ස්මන්ලාව එකතු කරගන්න අවස්ථාවන් ගැන ඉගිත් දෙනවා.. 
ස්ටෝර්ම්ව කයිරෝවෙදි රිකෲට් කරගන්න හැටි දකින්න ලැබෙනවා ඊළගට..



ළගම ඉන්න කෙනා නිසා මුලින්ම රිකෲට් කරගන්නේ ස්ටෝර්ම් වෙන්න ඕන..(ස්ටෝර්ම් ප්‍රොෆෙසර් එක්ස්ට හම්බෙනකොට හිටියේ ඊජිප්තුවේ කයිරෝවේ) මේ වෙලාවෙදි ස්ටෝර්ම්ගේ කොණ්ඩය දුඹුරු කළු පැහැයකින් දකින්න පුළුවන්..

එහෙනම් ඇපකැලිප්ස් ස්ටෝර්ම්ගේ බලයන් වැඩිදියුණු කලාට පස්සෙ වෙන්න ඕන කොණ්ඩේ සුදු පාට වෙන්නේ.. ඒත් කොමික්වලට අනුව ඔරෝරෝගේ කෙන්යානු ගෝත්‍රයේ සුදු පාට කොණ්ඩ හා නිල් ඇස් තියෙන පූජකවරියන්ගේ පරම්පරාවකින් පැවතගෙන ආපු නිසා ඔරෝරෝට උපතින්මයි සුදු කොණ්ඩේ ලැබෙන්නේ.. ඔරෝරෝගේ කොණ්ඩේ අව්ල එක්කම තවත් දෙයක් සම්බන්ධයි.. එක්ස් මෙන් ෆස්ට් ක්ලාස් එකේදි චාල්ස් මුලින්ම සෙරීබ්‍රෝ එක ටෙස්ට් කරන වෙලාවෙදි තරුණ මියුටන්ට්ලා කිහිපදෙනෙක්ව පැහැදිලිව පෙන්නනවා.. ඒ අතරේ ස්ටෝර්ම් කියලා ගොඩක් දෙනෙක් විශ්වාස කරපු තරුණ මියුටන්ට් කෙනෙක් ඉන්නවා..


එක්ස් මෙන් ෆස්ට් ක්ලාස් එකේ ඉන්නේ ස්ටෝර්ම් නම් ස්ටෝර්ම්ගේ කොණ්ඩේ සුදු පාටයි කියලා පෙන්නලා ඉවරයි.. ටයිම්ලයින් වෙනස ෆස්ට් ක්ලාස් ෆිල්ම් එකට බලපාන්නේ නෑ.. ඒ හිටියේ ස්ටෝර්ම් නම්(ස්ටෝර්ම් තමා -_- ) RIP Earth 10005


No More False Gods
ස්ටෝර්ම් රිකෲට් කරගන්න අතරේ ඇපකැලිප්ස්ගේ කටහඩ ඇහෙනවා.. "You are all my children and you are lost because you follow blind leaders" ඒ කතාව අතරේ චාල්ස් හෑන්ක් එක්ක සෙරීබ්‍රෝ එක ඇතුළට යනවා..




ඇපකැලිප්ස්ගේ කතාවේ බ්ලයින්ඩ් ලීඩර්ස් කියන කොටසෙදි චාල්ස් එක්ස් මැන්ශන් එක ඇතුළේ ඉන්නවා පෙන්නනවා..
මුල් ට්‍රේලරේදිත් අපි දැක්ක බිං ගෙයකින් පිටතට යන මොයිරාව ආයෙත් දකින්න ලැබෙනවා..
නෝ මෝ ෆෝල්ස් ගෝඩ්ස් කියනකොට ඇපකැලිප්ස්ගේ මූණ..


ඒ මූණේ තියෙන්නේ ලෝකයේ පාලනය අතට ගන්න ඕන කියන එකට අමතරව ලෝකයේ, මිනිස්සුන්ගේ පාලනයේ බලය තමන්ට තියෙනවා කියලා හිතන අයව විනාශ කරන්න ඕන වගේ හැගීමක් ඒ වචනවලයි, මූණෙයි තියෙන්නේ..
ෆෝල්ස් ගෝඩ්ස් කියනකොට මට තවත් දෙයක් මතක් උනා..

ඩී සී ෆෑන්ලා මේ ලිපිය බලන්න ඒතරම් උනන්දු වෙන්නැති වෙයි කියලා හිතන නිසා ඒ ගැන වැඩිය කතා කරන්න නම් බලාපොරොත්තුවක් නෑ..


Recruiting Magneto

ඇපකැලිප්ස් ඉන්නකොට එරික් කොහෙද මේ ඉන්නේ? යකඩ වැඩ කරන කර්මාන්ත ශාලාවක් වෙන්න ඕන ශුවර් එකටම.. එරික්ගේ වැඩපලේ සගයො ඔක්කොම ඇපකැලිප්ස් දිහා බලාගෙන ඉන්නේ එරික්ට මොකක් හරි කලොත් ගහන්න බලාගෙන වගේ.. :v

“I’m here now” කියලා ඇහෙන අතරේ එරික්ගේ සගයන් ඔක්කොම මරලා දානකොට ඇපකැලිප්ස්ගේ ඇස් දෙක.. ඇපකැලිප්ස්ගේ බලයන් ගැන පැහැදිළිව පෙන්නපු අවස්ථාවක්..

ඇපකැලිප්ස් මැග්නීටෝට හෙල්මට් එක දෙනවා.. මැග්නීටෝ හෙල්මට් එක පාවිච්චි කරන මූලික පරමාර්ථය චාල්ස්ගේ මානසික පාලනයෙන් මිදෙන්න කියන එක හැමෝම දන්නවනේ.. එහෙනම් ඇපකැලිප්ස් කරන්න යන වැඩේදි චාල්ස් බාධකයක් කියලා ඇපකැලිප්ස් දන්නවා හෝ චාල්ස්ව යොදාගන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්.. කලින් හෙල්මට්වලට වඩා දිලිසෙන ගතිය වැඩි අළුත් හෙල්මට් එකේ

මැග්නීටෝ ඇන්ටි විලන් කෙනෙක්.. එහෙම කියන්නේ මැග්නීටෝ මනුශ්‍ය වර්ගයා එක්ක සටන් කරන්නේ මියුටන්ට්ලා සහ මියුටන්ට්ලාගේ අයිතිවාසිකම් වෙනුවෙන්.. ඒ නිසා ඇපකැලිප්ස්ගෙන් හෙල්මට් එක ගන්නකොට මැග්නීටෝගේ මූණේ තියෙන හැගීමෙන් පෙන්නන්නේ තමන්ගෙම අදුරු කොටස එක්ක සටන් කරනවා වගේ.. 

The Horsemen 

අපි මුල් ට්‍රේලරේදිත් අහපු මොයිරාගෙයි, හැවොක්ගෙයි දෙබස අතරේ හෝර්ස්මන්ලා 4දෙනා පෙන්නනවා.. 

මුලින්ම සයිලෝකුයි, ඒන්ජලුයි එක්ස් ජෙට් එක එහෙම නැත්තන් එක්ස් මෙන්ලාගේ බ්ලැක්බර්ඩ් ජෙට් එක ඇතුළට කඩාවදිනවා දකින්න පුළුවන්.. 


ඒන්ජල් ආක් ඒන්ජල් උනාට පස්සේ මූණේ තියෙන සළකුණු පැහැදිලිව දකින්න පුළුවන්.. 

ඊළගට සයිලෝක්ව පෙන්නනවා..


මේ දර්ශනය තියෙන්නේ සයිලෝක්ගේ ඔරිජින් එකේ කොටසක හෝ ඇපකැලිප්ස් සයිලෝක්ව රිකෲට් කරගන්න එන කොටසක වෙන්න ඕන.. 
ස්ටෝර්ම්ගේ කොණ්ඩේ ඇති යන්තම් සුදු පාට වෙලා.. :3 



ස්ටෝර්ම් නම් විනාශ කිරීමෙන් සතුටක් ලබනවා වගේ පෙණුනත් මැග්නීටෝ නම් එහෙම නෑ වගේ.. 


Together we will cleanse the Earth, for the strongest


නයිල් ගගයි, ඊජිප්තුවයි ලස්සනට පේන තැනක ඇපකැලිප්ස් හෝර්ස්මන්ලා හතරදෙනා එක්ක එකතු වෙලා අනාගතය සැලසුම් කරනවා වගේ.. 


Another show of power

මේක ඇපකැලිප්ස්ගේ බලය විදහා පෑමක් වෙන්නත් පුළුවන්.. රථවාහන, ගොඩනැගිලි , හැම දෙයක්ම වගේ දූවිලි වගේ විනාශ වෙලා යනවා.. ඇපකැලිප්ස්ගේ බලාපොරොත්තුව නම් මහා පරිමාණයේ සංහාරයක්.. හෙණම ගහලා(ස්ටෝර්ම්) අකුලෝලම යනවා කියන්නේ මේවට වෙන්නැති..


We’ll take everything from them

මැග්නීටෝ කාටද මෙහෙම කියන්නේ? සමහරවිට ඇපකැලිප්ස්ට..


Shocked X-Men
ඊළගට බිදුණු කටහඩකින් චාල්ස් “He means to destroy our world” කියනකොට කම්පනයට පත් වෙච්ච එක්ස් මෙන්ලා කිහිපදෙනෙක් දැකගන්න පුළුවන්.. 

බීස්ට් සහ ක්වික්සිල්වර්ට පිටිපස්සෙන් මිස්ටීක් සහ තවත් ළමයි කිහිපදෙනෙක් ඉන්නවා.. 
මුලින් කියපු මිස්ටීක්ගේ දර්ශනය සම්බන්ධ වෙන්නේ මෙතනට.. 



එක්ස් මැන්ශන් එකේ විනාශයෙන් බේරුණ අය විනාශ වෙච්ච මන්දිරය දිහා බලාගෙන ඉන්නවා.. මිස්ටීක්ගේ මූණේ නම් අනික් අයටත් වඩා ලොකු කම්පනයක් දකින්න පුළුවන්.. අර්ත් 10005දි පොඩි කාලේ ඉදන් රේවන් හැදිලා වැඩුණේ මේ මන්දිරය ඇතුලෙනෙ..

ඊළගට දකින ජීන්, සයික්ලොප්ස් හා නයිට්ක්‍රොව්ලගේ දර්ශනය සමහරවිට එක්ස් මැන්ශන් එකේ බේස්මන්ට් එකේ තියෙන කොරිඩෝවක් දිගේ යන දර්ශනයක් වෙන්න පුළුවන්..


Threat level: Judgement Day

මිනිස්සු අහස දිහා බලන් ඉන්නවා.. මොකක් දිහාද මේ බලන් ඉන්නේ?

මේ ෆිල්ම් එක 80 දශකය පාදක කරගෙන යන ෆිල්ම් එකක්.. සීතල යුද්ධය පවතින කාලය.. ෆස්ට් ක්ලාස් ෆිල්ම් එකේදි සෙබස්තියන් ශෝ පොඩියට කරන්න උත්සාහ කරපු දෙය ඇපකැලිප්ස් මහා පරිමාණයෙන් කරනවා.. න්‍යෂ්ඨික යුද්ධයක්.. ශක්තිමත්ම අයටත් රැකෙන්න පුළුවන් වෙයිද මන්දා..
චාල්සුත් ඒ අතරේ කියනවා “billions of people killed” කියලා..


Don’t Panic
ඩෝන්ට් පැනික් Clairity කවර් එක පටන් ගන්නවා න්‍යෂ්ඨික බෝම්බ අහස පුරා යනකොට.. 



මිස්ටීක් බිත්තියකට මුවාවෙලා බය වෙලා වගේ බලන් ඉන්නවා.. කෝ අපි මිස්ටීක්ගේ කලින් දැක්ක මොරාල් එක?


Ka-BOOM 


එක්ස් මැන්ශන් එකේ පිපිරීම.. මැන්ශන් එකේ හැම තැනක්ම වගේ එකම වෙලාවේ පුපුරලා යනවා.. 

The world needs the X-Men
හෑන්ක් රේවන්ව එක්ස් මෙන් කණ්ඩායමට එකතු කරගන්න උත්සාහ කරනවා.. ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් ෆිල්ම් එකේදි චාල්ස්(අනාගතයේ චාල්ස්) කියනවා රේවන් මිස්ටීක් කියන හතුරා බවට පත් වෙන්නේ ප්‍රංශයේදි ඇය ට්‍රාස්ක්ට වෙඩි තියලා පළවෙනිපාරට කරන ඝාතනය නිසා කියලා.. ඒක නවත්තපු නිසා රේවන් ඇතුළේ තවමත් යහපත් බව, කරුණාව ඉතුරු වෙලා ඇති කියලා අපිට හිතන්න පුළුවන්.. 

ඒ එක්කම රේවනුයි, හෑන්කුයි බ්ලැක්බර්ඩ් ජෙට් එක ළගට යනවා දකින්න පුළුවන්..


You’re going to join them, aren’t you?
එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් එකෙන් අවුරුදු 10කට පස්සේ සිදුවෙන සිදුවීමක් විදියට ඇපකැලිප්ස් කතාව ගලාගෙන යන්නේ.. ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් එකේදි චාල්ස්ලට උදව් කරලත් පීටර් තාමත් අම්මගේ ගෙදරද ජීවත් වෙන්නේ?
 ඒක නිසා අම්මටත් ඕන පුතාව ගෙදරින් පොඩ්ඩක් එළි පහලියට යවන්න වගේ.. 


පීටර්ටත් ඒක තේරිලා අනික් පැත්තට “You wanted me to get out of the house more, right” කියනවා..


The New (Old) X-men

බ්ලැක්බර්ඩ් ජෙට් එක තියෙන තැනට හෝ බීස්ට්ගේ ලැබ් එකට කණ්ඩායම යන්නේ.. වරහන් ඇතුළෙන් ඕල්ඩ් කියලා දැම්මේ මුල්ම එක්ස් මෙන් කණ්ඩායමේ බීස්ට්, සයික්ලොප්ස් සහ ජීන් ඉන්න නිසා..
මේ කණ්ඩායමේ මිස්ටීක්, ජීන්, සයික්ලොප්ස්, ක්වික්සිල්වර්, නයිට්ක්‍රොව්ලර් සහ බීස්ට් ඉන්නවා.. හෑන්ක් මේ වෙලාවේ බීස්ට් ස්වරූපයට ආවේ මොකද කියන හේතුව නම් අපැහැදිළියි.. මෙතන හැවොක්, ප්‍රොෆෙසර් එක්ස්, ජුබිලී නෑ..


Professor X vs. Apocalypse: Mind Battle


චාල්ස් සහ ඇපකැලිප්ස් අතර මේ වෙන්නේ මානසික සටනක් කියන එක බොහෝදෙනෙක් පිළිගන්න මතය.. චාල්ස් ගහන පන්ච් එකක් නවත්තන ඇපකැලිප්ස්ගේ ඇස් කලින් මැග්නීටෝගේ සගයො මරන වෙලාවේ වගේ සුදු වෙලා.. ඇපකැලිප්ස්ගේ ශරීරය ක්‍රමයෙන් විශාල කරගෙන චාල්ස්ව කුරුමිණියෙක් වගේ පොළවට තද කරනවා.. 



මානසික සටනක් උනත් නොවුනත් චාල්ස්ට පෘථිවියේ බලවත්ම මනස තිබ්බත් ඇපකැලිප්ස් චාල්ස්ට මදි නොකියන්න පහර දෙනවා වගේ.. චාල්ස්ව බිත්තියට දමලා ගහන එක දැක්කාම ආපු හැගීම පැහැදිළි කරන්න වචන නෑ මට නම්.. 


It’s all of us against a god

හත්තිලව්වේ The world needs the x-men කියලා කියපු මනුස්සයාම මෙහෙම කියනකොට මල පනිනවා චාමර.. 
හෑන්ක්ගේ මේ වචන නිසාම රේවන් Let’s go to war කියලා නායකත්වය අතට ගන්න ආකාරයක් තමා අපිට පේන්නේ.. 

ඒ වගේම ඒ දර්ශනයෙන්ම අපිට එක්ස් මෙන්ලාගේ අළුත් කොස්ටියුම් කිහිපෙකුත් පෙන්නනවා.. 



ඊළගට බීස්ට්, සයික්ලොප්ස් සහ ජීන් විනාශ වෙච්ච පාරක හිටගෙන මොකක් හරි දිහා බලාගෙන ඉන්නවා සටනට ලෑස්ති වෙලා..



ක්වික්සිල්වර් එක්ස් මැන්ශන් එක හරහා වේගයෙන් දුවගෙන යන දර්ශනය අපි කලින් ට්‍රේලර් එකෙත් දැක්කා.. එක්ස් මැන්ශන් එක පුපුරන අවස්ථාවේ මන්දිරය ඇතුළේ ඉන්න ළමයි බේරගන්න ක්වික්සිල්වර් උපරිම උත්සාහයක් ගන්නවා වගේ පේන්නේ.. මේ දර්ශනයෙදි පීටර් පඩිපෙළේ ඉන්න ළමයෙක්ව බේරගන්න පුපුරාගෙන එන පොළවේ කැඩීගෙන යන කොටස් උඩින් දුවගෙන එනවා..


Angel vs. Nightcrawler : Cage Fight



ට්‍රේලරේ ආසම හිතුන තැන්වලින් එකක් මේක.. මේක වෙන්නේ බොහෝවිට ජර්මනියෙදි වෙන්න ඕන.. මොකද කර්ට් ඉපදුනේ ජර්මනියේ.. ඒත් ඒන්ජල් කොහෙන්ද ජර්මනියට ආවේ? මියුටන්ට්ලා දෙන්නෙක් මිනිස්සු ගොඩක් ඉන්න තැනක පවර්ස් පෙන්නනවා.. ඒක පොඩ්ඩක් පැටලිලි සහගතයි.. සමහරවිට මේ මියුටන්ට්ලා දම්මලා බලෙන් කරවන සටනක් වෙන්නත් පුළුවන්.. බලෙන් කරවන දෙයක් නම් නයිට්ක්‍රොව්ලර්ට ටෙලිපෝට් වෙලා පැනලා යන්නත් පුළුවන්.. ඒත් නයිට්ක්‍රොව්ලර්ගේ ඇදුම දැක්කම වෙන මතයකට එළඹෙන්නත් පුළුවන්.. 

නයිට්ක්‍රොව්ලර්ගේ ඇදුම සර්කස් ඇදුමක් වගේ.. නයිට්ක්‍රොව්ලර්ගේ ඔරිජින් එකට සර්කස් එකක් සම්බන්ධයි.. සමහරවිට නයිට්ක්‍රව්ලර් තමන්ගේ ජීවිකාව විදියට අලුතෙන් අල්ලගන්න මියුටන්ට්ලා එක්ක කූඩුව ඇතුළේ සටන් කරනවා වෙන්න පුළුවන්.. 



මේ කේජ් ෆයිට් එක සිද්ධ වෙනකොට ඇපකැලිප්ස් ඒන්ජල්ව රිකෲට් කරගෙන නෑ.. මොකද තවම ඒන්ජල්ට තියෙන්නේ සාමාන්‍ය තටු යුගලයක්.. මේ කේජ් ෆයිට් එකට ඒන්ජල්ව බලෙන් අල්ලලා ගෙනත් දැම්මා වෙන්න පුළුවන්.. ඇපකැලිප්ස් මේ සටන මැද්දට හෝ සටනෙන් පස්සේ පරාද වෙලා පාරට ඇදලා දාලා(ඒන්ජල් පරාද උනොත්) ඉන්න ඒන්ජල්ව හෝර්ස්මන් කෙනෙක් විදියට රිකෲට් කරගනියි..

Psylocke vs. Beast


සයිලෝක් සහ බීස්ට් අතරේ සටන දරුණුවටම සිද්ධ වෙනවා.. බීස්ට් යන්තන් පණකෙන්ද බේරගෙන ඉන්නවා වගේ පේන්නේ.. සයිලෝක් එක දිගට පහරදෙනකොට උදව් ලැබෙනකන් වෙන මොනා කරන්නද?

Stryker


මෙන්න විලියම් ස්ට්‍රයිකර් හෙලිකොප්ටරයකින් එනවා.. එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් එකේ අන්තිමට අපි විලියම් ස්ට්‍රයිකර් විදියට ශේප් ෂිෆ්ට් කරගෙන හිටපු මිස්ටීක් වුල්වරීන්ගේ ශරීරය ගගෙන් ගොඩගන්නවා දැක්කේ.. මේ එන්නෙත් මිස්ටීක්ම වෙන්නත් පුළුවන්..


Prison Break 
අපි පළවෙනි ට්‍රේලරේ දැක්කා කොළ පාට ආලෝකයක් විහිදෙන බහු අස්‍ර හැඩයකට හදපු කූඩුවක්.. 

ඒක ඇතුළේ හිටියේ ක්වික්සිල්වර්, ජීන්, බීස්ට් හා මිස්ටීක්.. 
අළුත් ට්‍රේලරේදි ඒ කූඩුවේ පැත්තක් විනාශ වෙනවා දකින්න පුළුවන්.. 



ඒ විනාශ වෙන තැන රතු පාට ආලෝකයක් යන්තම් දකින්න පුළුවන්.. ඒ නිසා මේ කූඩුව විනාශ කරලා කට්ටියව බේරගන්නේ සයික්ලොප්ස් වගේ.. කලින් ඒන්ජල් සහ නයිට්ක්‍රොව්ලර් සටන් කල කූඩුවෙත් මේ වගේම කොළ පාට ආලෝකයක් තිබ්බා.. බොහෝවිට ඒ කේජ් ෆයිට් සංවිධානය කරන අය අල්ලගෙන එන මියුටන්ට්ලාව රදවලා තියන්නේ මේ කූඩුවේ වෙන්න පුළුවන්..


You’re not students anymoreYou’re X-men

මිස්ටීක් මෙහෙම කියනකොට සයික්ලොප්ස්ගෙයි, ජීන්ගෙයි මූණු පෙන්නනවා.. තමන් එක්ස් මෙන් කෙනෙක් කිව්වාම එක්ස් ස්ටුඩන්ට් කෙනෙක්ට එන මොරාල් එක මම අන්තිමට දැක්කේ එක්ස්ට්‍රෝඩිනරි එක්ස් මෙන් #3 ග්ලොබ් හර්මන්ගෙන්.. ඒ වගේ මොරාල් එකක් මේ කණ්ඩායමටත් ඇති වෙන්න ඇති කියලා හිතනවා.. 

මිස්ටීක්ගේ කතාව මැද යානයක් වැහි වළාකුළුවලින් අහස වැහුණු ඊජිප්තුවේ පිරමීඩ පැත්තට යනවා.. ඒ වැහි වළාකුළු ඇති කරන්නේ ස්ටෝර්ම් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම හිතන්නේ.. ඇපකැලිප්ස්ගේ වැඩිදියුණු කිරීම් එක්ක ස්ටෝර්ම්ගේ බලය කොයි තරම්ද? 

මේ යානය බ්ලැක්බර්ඩ් එකේ අලුත් වර්ශන් එකක්ද? ඒක එහෙම නම් හෑන්ක් මිස්ටීක්ට පෙන්නන බ්ලැක්බර්ඩ් ජෙට් එකට මොකද උනේ? 

'You're X-Men" කියලා කියනකොට මිස්ටීක්ගේ යුනිෆෝම් එක.. කොමික් ඇදුමට සමාන නොවුනත්, ආසන්නයටවත් ඇවිත් තියෙනවා..


ක්වික්සිල්වර්ගේ ඇදුමේ නම් රිදී ඉරි දෙකක් ගිහින් තියෙනවා..


Round 1
Storm vs. 
ස්ටෝර්ම් ජීන්ටයි, සයික්ලොප්ස්ටයි, බීස්ටයි පහරදෙනවා.. 

මම කලිනුත් කිව්වා ජීන්, සයික්ලොප්ස්, බීස්ට් තුන්දෙනා මුල්ම එක්ස් මෙන් පස්දෙනාගෙන් තුන්දෙනෙක්.. ඒ නිසා ඇපකැලිප්ස්ගේ වැඩි දියුණු කිරීම් එක්ක උනත් ස්ටෝර්ම්ට ලේසි වෙන්නෑ.. 
දෙයිහාන්දුර්වනේ ඒ ඔප්ටික් බ්ලාස්ට් එක.. ^_^ 

සයික්ලොප්ස්ට පිටිපස්සෙන් ජීන් හිටගෙන ඉන්නවා.. ජීන් සයික්ලොප්ස්ගේ ඔළුව අල්ලගෙන ඉන්නේ.. ස්කොට්ට ඔප්ටික් බ්ලාස්ට් එක හසුරුවන්න ජීන් උදව් වෙනවා වගේ..
ඒ ඔප්ටික් බ්ලාස්ට් එක ඉස්සරහට එනකොට ස්ටෝර්ම් සීන් එකෙන් එළියට දුවන්නේ අත් උස්සන් රෙදි කරේ තියාගෙන :3



Round 2
Psylocke 


සයිලෝක් කටානා එකෙන් වාහනයක් දෙකට කපාගෙන පනින එක නම් ගොඩක් දෙනෙක්ගේ කතාබහට ලක් උනා.. සයිලෝකුත් කඩාපාත් වෙන්නේ ජීන්, ස්කොට් සහ හෑන්ක් ඉන්න තැනටමයි 


Round 3
Archangel vs.

මුල් ට්‍රේලර් එකේ ආක් ඒන්ජල්ගේ ඇස්පර්සියෝ එක එල්ල වෙන්නේ ජීන්, ස්කොට් සහ හෑන්ක් සෙට් එකටම තමයි..


ඒන්ජල්ගේ ටෙක්නො ඕගනික් පිහාටුවලින් බේරෙන්න ජීන් ටෙලිකනීසස්වලින් අවට තියෙන දේවල් එකතු කරලා ශීල්ඩ් එකක් හදනවා.. ට්‍රේලරේ ජීන්ගේ පවර්ස් දැකපු පළවෙනි වතාව.. 


Raising Hands

“Everything they’ve built will fall” කියලා මේ පාර කියනකොට නම් කටහඩේ අලුත් වෙනසක් තේරෙන්න අති හැමෝටම.. ඒ කියන ගමන් ඇපකැලිප්ස් අත් විහිදුවනවා.. 


ඒත් අත් විහිදුවන එකම කෙනා ඇපකැලිප්ස් නෙමේ.. ස්ටෝර්මුත් ආදරේ මේ තරම් කියලා පෙන්නන්න වගේ අත් විහිදුවලා පෙන්නනවා..


Havok/ Havoc


ඩෑම්න්.. පොඩ්ඩක්වත් බලාපොරොත්තු නොවිච්ච දෙයක්.. ඇලෙක්ස් මොකක් නිසාද මේ බ්ලාස්ට් එක ඇති කරන්නේ? කොහොම උනත් ඒ බ්ලාස්ට් එක නිසා චාල්ස්ට නම් අමාරුයි වගේ.. අපි මුල් ට්‍රේලරයෙදි සිහි නැති වෙච්ච චාල්ස්ව පුටුව පිටින්ම මැග්නීටෝ ඇදලා ගන්නකොට එතන ඉන්න කට්ටිය අතරේ ඉන්න ඇලෙක්ස්ගේ කමිසයේ ඉස්සරහා පිච්චුණ සළකුණක් දැක්කා.. 

ඒ සළකුණ ඇති උනේ කොහොමද කියන එක නම් දැන් දැනගත්තා..

Prof. X in Trouble


මේ දර්ශනය බොහෝ විට චාල්ස් සහ ඇපකැලිප්ස් අතරේ වෙන මානසික සටනේ අවසානය වෙන්න පුළුවන්..

The Destroyed X-Mansion


ස්ලිම් ඔයා පරක්කු වැඩියි.. ඇත්තටම එක්ස් මැන්ශන් එක බිමට සමතලා වෙනකන් ස්කොට් කොහෙද ගිහින් හිටියේ..

Phoenix

ඇත්තට සොෆී චරිතෙට හොද සාධාරණයක් ඉෂ්ඨ කලොත් අපිට බ්‍රයන් සින්ගර්ගෙන් ඩාක් ෆීනික්ස් සාගා එකක් බලන්නත් පුළුවන් වෙයි

Apocalypse choking Mystique

අපි මේ දර්ශනය සුපර්බෝල් ටීවී ස්පොට් එකෙත් දැක්කා.. චාල්ස් වෙනුවට එක්ස් මෙන් කණ්ඩායමට නායකත්වය දෙන මිස්ටීක්ගේ අවසන් හුස්මද?
ෆිල්ම් එක බලලම තමයි හොයාගන්න වෙන්නේ

එහෙනම් ට්‍රේලරේ දර්ශනයෙන් දර්ශනයට පැහැදිළි කලා..
ට්‍රේලර් අනුකණ්ඩනය ඩෝන්ට් පැනික් එකේ පද කිහිපෙකින් අවසන් කරන්නම්

Bones, sinking like stones,
All that we fought for,
And homes, places we've grown,
All of us are done for.
And we live in a beautiful world,
Yeah we do, yeah we do,
We live in a beautiful world.


ජය වේවා!!


#ආර්කේඩ්
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates