LATEST :

Saturday, February 27, 2016

Arrow S04E15 Review

Arrow S04E15 - Taken

Full of Spoilers. Read at our own risk




කලින් දවසේ ෆ්ලෑෂ් බලලා ඔලුව විකාර වුනු අයට තවත් පිස්සු හදාගන්න පුළුවන් උනා මේ සතියේ ඇරෝ කතාව බලලා. මොකද ගොඩක් දේවල් උණා මේ සතියේ දී.

Taken
මේ සතියේ එපිසෝඩ් එකේ නම Taken. ඒ නම ආවේ කොහොමද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ලියම් නීසන් රඟපාපු තමන් ගේ දුව බේරගන්න කතාව ඇතුලත් ෆිල්ම් එක අනුව තමයි මේක නම් කරලා තියෙන්නේ.



Get over from Oracle
ඇත්තටම මේ සිදුවීම නම් ගොඩක් කනගාටු දායකයි. ඇරෝ නිෂ්පාදක වරු ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි ෆෙලිසිටිව ඔරකල් කරන්න ගියේ. ඒත් ඒ උත්සාහය හරි ගියේ නැති හින්දා ඒ අයට තව දුරටත් ෆෙලිසිටිව රෝද පුටුවේ ඉන්දවලා තියන්න ඕනේ නෑ. මේ උත්සාහ කරන්නේ ආපහු එයාව ඇවිද්දවන්න.


මෙතන දී අපිට කර්ටිස් ගේ ඔලිම්පික් දක්ෂතා ගැන මතක් කරනවා. මොකද කොමික් වල දී මිස්ටර් ටෙරිෆික් කියන්නේ ඔලිම්පික් පදක්කම් ලාභියෙක්.

The forth time is the charm
ඩේමියන්, විලියම් ගේ පැහැරගැනීම ගැන දැනුම් දෙන්න ආපු වෙලේ කියනවා 4 වෙනි අවස්තාව තමයි ආකර්ශනීය කියලා. මේ ඇත්තටම ඇරෝ සීසන් 4 ගැන කරපු ඉඟියක්. මොකද මේ දක්වා විකාශය වුනු සීසන් සේරගෙන් ම 4 වෙනි සීසන් එක තමයි සාර්ථකම.


The truth is out there
ඇරෝ කතාවේ ඔලිවර් ගේ චරිතය හැම වෙලේම බොරුවක් මත ගොඩ නැගුනා. ඒ හින්දා තමයි ඔලිවර් ට ගොඩක් ම ප්‍රශ්න වල‍ට මුහුණ දෙන්න උනේ. මේ සිද්ධියත් එහෙමයි. හැබයි කලින් කොටසේ දී ෆෙලිසිටි ම කියනවා කෙනෙක් ආරක්ෂා කරන්න බොරුවක් කිව්වට කමක් නෑ කියලා. ඒක මේ වෙද්දී වෙනස් වෙලා වගේ.


I am the Green Arrow
So much for a secret identity. මම හිතන්නේ සුපර් හීරෝ කෙනෙක් තමන් ගේ රහස් අනන්‍යතාවය ගැන හෙලිකරපු අවස්ථා වලින් හොදම එකක් මේක. මොනවත් නෑ, කෙලින්ම කියලා දැම්මා.


Constantine in the Hell
කොන්සටන්ටින් ට අපාය කියන්නේ අමුතු දෙයක් නෙවේ. අවස්තා කිහිපයක දීම අපායට ගිහින් ආපහු ඇවිත් තියනවා.


Vixen
මෙයා කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මොකද මෙයාගේ අනිමෙටඩ් සිරිස් එක එන්න කලින් අපි පැහැදිලි කිරීමක් කළා මතක ඇතිනේ. වැඩි විස්තර බලාගන්න පුළුවන් මේ ලිපියෙන් ගිහිල්ලා. අපි ඇනිමේෂන් එකේ දැකපු වික්සන් ට වඩා මෙයා පොඩ්ඩක් වගේ වෙනස් වෙලා හැබැයි.


ටීවී සිරිස් එකේ දී මෙයාගේ කොස්ටියුම් එක ටිකක් බම්බල් බී ගේ කොස්ටියුම් එක වගේ. කොමික් වල දී නම් මෙයාගේ කොස්ටියුම් එක මීට වඩා වෙනස්.


ඔලිවර් විහිළුවට වගේ සඳහන් කරනවා මේ කට්ටිය කලින් හමුවීම ගැන.
වික්සන් ඉන්නේ Detroit වල කියලා තමයි පෙන්නුවේ. කොමික් වල නම් වික්සන් ඇතුළු කණ්ඩායමක් මේ නගරයේ කේන්ද්‍ර කරගෙන වෙනම ජස්ටිස් ලීග් එකකුත් හදා ගන්නවා.

So much for secret identity of Flash
අනේ මන්දා ඇරෝවර්ස් එක ඇතුලේ රහස් අනන්‍යතාවය දැන් විහිළුවක් වෙලා. වික්සන් ෆ්ලෑෂ් ගේ ඇක්ෂන් ෆිගර් එක අතේ තියාගෙන කියනවා මේ ගැන බැරි ට කියන්න එපා කියලා. සමන්තා එක දවසක් ඇතුලත ඇරෝවර්ස් එකේ සේරම කට්ටිය ගේ රහස් අනන්‍යතාවයන් දැන ගන්නවා වගේ.


Busted
කොහොමද තමන්ගේ බිරිඳ වෙන්න ඉන්න එක්කෙනා, කලින් යාළුවෙලා හිටිය කෙල්ල සහ තමන්ගේ දරුවා ගේ අම්මා එකම තැන මුණ ගැහෙන කොට. අවුලක් නෑ ඉතින්, ඔලිවර් මේවා පුරුදු වෙන්න කරනවා නෙවේ නේ. එකම පාර අක්කයි, නංගියි දෙන්නත් එක්කම යාළුවෙලා ඉද්දි තව සමන්තා එක්කත් හිටිය කෙනා නේ.


After all, Laural you really deserve a hug to get over this


DC really needs DC
නෑ මම කල්පනා කෙරුවේ මේ වෙද්දී ස්ටාර් සිටි වල ගොඩ නැගිලි ගන්න දෙයක් නැතුව ඇති මේ විදිහට ඊතල සිදුරු වලින්. ඒ කියද්දී මතක් උනේ ගෝතම් නගරයේ තත්ත්වය මීට වඩා තවත් දරුණු ඇති. මොකද එහෙ ඉන්නවා නේ මේ විදිහට තැනින් තැනට යන සෙට් එකක් ම. මාවල් වල ඉන්නවා වගේ Damage Control ටීම් එකක් ඕනේ DC වලටත් මේවා සුද්ධ කරන්න.


Black instead of Green
ෆෑන්ස් ලා යාන්තමට ග්‍රීන් ඇරෝ කියන්නේ බැට් මෑන් ගේ කොපියක් කියන එක නතර කලා විතරයි. ඒ පාර ඩේමියන් පටන් ගත්තා චාටර් කරන්න, කළු පාට හොදයි කොළ පාටට වඩා කියලා.
ඇත්තටම තවම ඩේමියන්, ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියලා හොයාගෙන නැති එක නම් පුදුමයි. අර හැමදේම කියන මර්ලින් පවා ඒක කිව්වේ නැද්ද එතකොට.

Anansi Totem
වික්සන් ට පවර් එක දෙන්නේ මේ ටොටම් එක හරහා නේ. කොමික් වල නම් මේකේ නම තියෙන්නේ Tantu Totem කියලා. ඩේමියන් එක පාරටම මේක හදුනා ගන්නවා. එයා මේක M'changa වලින් ආපු එකක් කියලා දන්නවා වගේම මීට කාලෙකට කලින් දැකලත් තියනවා.



Bye Bye Mayor
ඔලිවර් කරන්න දෙයක් නැති තැන නගරාධිපති තරඟයට ඉදිරිපත් වෙන එක අත් හරිනවා. මට තියන ගැටලුව තමයි ඇයි මේ සේරම ඉවර උනාට පස්සේ එයාට ඇත්ත කතාව කියන්න බැරි, ආපහු තරගයට එන්න බැරි.
ඇලෙක්ස් ගැන නම් පව් කියලා හිතෙනවා. පව් අසරණයා, මොකද හැමෝටම වඩා ඔලිවර් නගරාධිපති කරන්න ඕන උනේ ඇලෙක්ස් ට.



Is that it?
මේ දක්වා ඇරෝ කතාවේ හිටිය හොදම දුෂ්ට චරිතය ඉවර කරන්න යන්නේ මේ විදිහට ද? පිළිමය විනාශ කරපු ගමන් ඩේමියන් ගේ බලය ඉවර ද? මගේ නම් අදහස මේකෙන් ඩේමියන් ගේ තාවකාලික පසුබෑමක් විතරක් පෙන්නයි කියලා. ඩේමියන් ව පරාද කරන්න මීට වඩා දෙයක් කරන්න වෙයි.



Flashback
අතීත කතාවේ දී යම්කිසි දෙයක් වෙන්න හදනවා වගේ. ඒත් තවම අපි බලාපොරොත්තු වුනු දේ තිබ්බේ නෑ.


Hi facebook, I am Stephen Amell
ඔලිවර් අනාගතයේ දී විලියම් ට ලැබෙන විදිහට පණිවුඩයක් හදනවා. මේක දැක්කාම මතක් උනේ ස්ටීවන් අමෙල් ගේ ෆේස්බුක් Q & A වීඩියෝ.


Is this a fairy tale?
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ, ග්‍රීම් සහෝදරයන්ගේ සුරංගනා කතා මතක ද? ෆෙලිසිටි නැගිටපු විදිහ හරියටම ඒ සුරංගනා කතාවක් වගේ. නෑ එහෙම කිව්වොත් ඒක සුරංගනා කතා වලට කරන අපහාසයක්. මේක හින්දි ෆිල්ම් එකක් වගේ කියන්නත් බෑ. මේක නිකන් දකුණු ඉන්දියාවේ දෙමළ ෆිල්ම් එකක විතරක් දකින්න පුළුවන් බොළඳ සිදුවීමක්. එදා මෙදා තුර ඇරෝ කතාවේ දකින්න හම්බුනු දුවර්ලම අවස්ථාව මේක වෙන්න ඕනේ. සීසන් 4 වල දී දකින්න තිබ්බ ආකර්ශනය එහෙම් පිටින්ම නැති කෙරුවා.


බලමු අපි ඊලඟ සතියේ දී වත් ආපහු පරන පුරුදු විදිහට කතාව දකින්න පුළුවන් වෙයිද කියලා.

#attila_THE_hun






Friday, February 26, 2016

The Flash S02E14~15

Flash Season 2 Episode 14/15 Best Moments / Explanation

අපි මෙදාපාර වෙනද කරනවා වගේ recap/review එකක් කරනවට වඩා explanation එකක් කරන එක හොදයි කියලා හිතුවා මොකද මේ එපිසෝඩ් දෙක අපි හැමෝවම පුදුම කරමින් සූම්ගෙ ඇත්ත මූන පෙන්නුව. එක ප්‍රශ්නයක් විසදෙද්දි තව ප්‍රශ්න ගානක් මතු උනා.


මේ වෙලාවෙදි Dark knight film එක මතක් උනේ මට විතරද?



මේ සතියෙ එපිසෝඩ් එකේ තීම් එක jaws කිව්වොත් වැරදි නෑ කියලා හිතනව මොකද මේකෙ වැඩිපුරම කතා කරේ මේ ෆිල්ම් එක ගැන. '' මට ඕන quint වෙන්න, ඔයා දන්නවනෙ quint ඒ ෆිල්ම් එකේදි මැරෙනව කියලා සිස්කො '' ඒවගේම මේ එපිසෝඩ් එකේ කින්ග් ශාර්ක්ගෙ cg වල ලොකු දියුණුවක් තියෙන්ව. කින්ග් ශාක්ගෙ විතරක් නෙවේ මුලු එපිසෝඩ් එකේම.



velocity 9 අපිට දකින්න ලැබුන ගිය සතියෙ එපිසෝඩ් එකේ. velocity 9 නිර්මාණය කරන්නෙ ජේ ගැරික්ගෙ රිවර්ස් ෆ්ලෑශ් වෙන රයිවල් විසින්. (ඒවගේම වෙන වර්ශන් එකක වැන්ඩල් සැවේජුත් මේක නිර්මාණය කරනවා. ) කොහොමහරි මේ velocity 9 එක ඉස්සරහට ගොඩක් වැදගත් දෙයක් වෙයි කියල තමයි ආරංචි.



ගිය සතියෙ ඇති උන ලොකුම ප්‍රශ්නය තමයි ජේ ඇත්තටම මැරුනද කියන එක. මම පුද්ගලිකව හිතන්නෙ නැ ජේ මරුන කියලා මොකද ජේව මැරුවනම ආපහු අර්ත් 2 එකට ඇදල ගන්න එකෙන් කිසි තේරුමක් නැති නිසා අනික ජේ කියන්නෙ ගොඩක් ලොකු/ප්‍රසිද්ද චරිතයක් එයාව එච්චර ඉක්මනට මරයි කියලා හිතන්න බෑ.



මෙතනදිනම් අපිට පේන්නෙ ජේ මැරිල කියලා. හැබැයි තාමත් මට විශ්වාසයි මෙයා තාම ජීවතුන් අතර කියලා. සමහර විට සිහි නැති වෙලා ඉන්නව වෙන්නත් පුලුවන්නෙ. ජේ තාමත් ජීවතුන් අතර කියලා මට පොඩි විකාර තියරියක් තියෙනවා. දැන් මෙහෙමනෙ ජේට එයාගෙ ස්පීඩ් එක නැති උනේ velocity 6 නිසානෙ. velocity 9 කියන්නෙ ඒකෙ හරි version එක. කොහොමද velocity 9 වලින් ජේගෙ ඇගේ ක්‍රියා විරහිතව තිබුන speed force එක ආපහු වැඩ කරන්න ගත්තොත්. super speed වගේම එයාට super healing ability එකකුත් තියෙනවනෙ. කොහොමහරි මම සත පනහක ඔට්ටුවක් අල්ලනවා ජේ තාම ජීවතුන් අතර කියලා.



oooooh i did not see that coming. මේ සීන් එකේදි සිරාවටම මාව ඇදෙන් වැටෙන්න ගියා. කොහොමහරි කවුද මේ සූම් ඇත්තටම. අපිට අද දැනගන්න ලැබුනා මෙයාට ජේගෙ මූන කියලා. ඒත් අපි තාම හරියටම දන්නෙ නෑ මෙයාගෙ ඇත්ත නම. අපි තාම හරියටම දන්නෙ නෑ මේ එයාගෙ ඇත්ත මූන්ද කියලවත්. අපි දන්නෙ එයාට ජේගෙ මූන තියෙනව කියලා විතරයි ස්මහර විට කවුද දන්නෙ මෙයා කලින් සීසන් එකේ තෝන් හැරිසන්ගෙ මූන ගත්තවගේ ජේගෙ මූන ගත්තද කියලා. කොහොමහරි අපි තියරි ටිකක් දාමු කවුද සූම් කියන්නෙ කියලා ඇත්තටම.

1- හන්ටර් සලමන්
ජේගෙ පෙනුම තීන කෙනෙක්ට ඉන්නෙ එයාගෙ අර්ත් 1 doppelganger හන්ටර් සලමන්.
මේක තමයි දැනට තියෙන හොදම තියරිය. සූම් කියන්නෙ හන්ටර් සලමන්. ෆ්ලෑශ් ලියන අය කොමික් වලට ගොඩක් සමීපව තමයි කතාව ගෙනියන්නෙ. ඒවගේම කොමික් ගැන පොඩි දැනුමක් තීන කෙනෙක් උනත් දන්නවනෙ සූම් කියන්නෙ කොමික් වල හන්ටර් සලමන් කියලා. ඒක නිසා සූම් කියන්නෙ හන්ටර් සලමන් confirmed. The end. ඒවගේම ඔයගොල්ලන්ගෙ අදහස් පල්ලෙහා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒනන් ඊලග ලිපියෙන් හම්බෙමු,



හෝව් හොව් හෝව් මේක මෙතනින් ඉවර කරන්න බෑ. සූම් කොමික් වල හන්ටර් කියන එක ඇත්ත. ෆ්ලෑශ් රයිටර්ස්ලා කොමික් වලට සමීපව යන එකත් ඇත්ත හැබැයි මේ තියරියට පොඩි පොඩි road blocks ටිකක් එනවා. මුලින්ම හන්ටර් සලමන් කියන්නෙ අර්ත් 1 වල කෙනෙක්. සූම් එන්නෙ අර්ත් 2 වල ඉදන්. අනික සූම්ව අපිට දකින්න ලැබෙනව අර්ත් 2 වල ,singularity එකෙන් එයාව අර්ත් 1 වලට ඇදල ගන්න කලින්. සූම්ට පුලුවන්නම් පෝටල් එකක් නැතුව වෙන යුනිවර්ස් එකකට යන්න අපිට හිතන්න පුලුවන් සූම් කියන්නෙ
හන්ටර් කියලා. ඒත් අපි දන්නවා සූම්ට එහෙම කරන්න බෑ කියලා මොකද අපිට දකින්න ලැබෙනවා කිහිප පාරක්ම එයා මේ පෝටල් පාවිච්චි කරනවා අර්ත් 2 සහ අර්ත් 1 හරහා ගමන් කරන්න. අපි නිකමට හිතමු සූම් කියන්නෙ අර්ත් 1 හන්ටර් කියලා ඒවගේම එයාට පුලුවන් පෝටල් එකක් නැතුව වෙන යුනිවර්ස් එකකට යන්න ( මේක සමහර speedsterලට පුලුවන් කරන්න තමන්ගෙ ශරීරය වයිබ්‍රේට් කරලා) ඒත් එහෙමනන් සූම් මොකටද අර්ත් 2 වලට ගිහින් ජේ එක්ක සටන් කරලා ආපහු අර්ත් 1 වලට ඇවිල්ලා බැර්‍රිගෙන් ස්පීඩ් එක උස්සන්න දගලන්නෙ. කිසි තේරුමක් නෑනෙ. අනික වෙල්ස්ම කියනව එයා නිසා තමයි සූම් නිර්මානය උනේ කියලා. ඒක නිසා සූම් අනිවාරයෙන්ම අර්ත් 2 කෙනෙක් වෙන්න ඕනා. 

2- edward Clariss
මතකද කලින් කිව්වා රයිවල් කියලා කෙනෙක් ගැන ,ජේ ගැරික්ගෙ රිවර්ස් ෆ්ලෑශ්. සූම් කියන්නෙ එඩ්වඩ් වෙන්න පුලුවන්. මේ දෙන්න අතර පොඩි පොඩි සමාන දේවල් තියෙනව. විශේෂහෙන්ම දුවන කොට එන නිල් පාට ලයිට්නින්ග් එක. සමහර විට මෙතන cobalt blue වගේ සීන් එකක් යනවා වෙන්න පුලුවන්. (කොබල්ට් ගැන දන්නෙ නැති අයට- කොබල්ට් කියන්නෙ බැරීගෙ නිවුන් සහෝදරය එහෙමත් නැත්තන් evil twin.මෙයාව හදාවඩා ගන්නෙ තෝන් පවුලෙ අය. තෝන් පවුල ගැන දන්නවනෙ කට්ටියම. ) එඩ්වඩ් සමහර විට ජේගෙ නිවුන් සහෝදරය වෙන්න පුලුවන්. ඒක එහෙම උනොත් අපිට සූම්ට ජේගෙ මූන ලැබුනෙ කෝමද කියන එකට උත්තරේ ලැබෙනවා.



එතකොට මේ කවුද. ගොඩක් අයගෙ මතය මෙයා තමයි ඇත්ත අර්ත් 1 හන්ට සලමන් කියලා. ඒවගේම අපිට අර්ත් 1 වල දකින්න ලැබුනේ සූම් හන්ටර් සලමන් විදිහට කියලා. ඒත් මෙතනදි පොඩි ප්‍රශ්නයක් එනවා. ගිය සතියෙ එපිසෝඩ් එකේදි මෙයා කියනව ජේගෙ නම. මෙයා අර්ත් 1 හන්ටර්නම් එයාට ජේගෙ නම දැනගන්න විදිහක් නෑ. හැබැයි මෙකට තවත් විකාර තියරියක් තියෙනවා ඒතමයි අද අපිට දකින්න ලැබුනනෙ සූම් එයාගෙ වෙස්මූන ගලවනවා මෙයා ඉස්සරහා. මට හිතෙන්නෙ මෙයා ඉස්සරහා මේ වෙස් මූන ගැලෙව්වෙ පලවෙනි පාරට නෙවේ කියලා. සූම් එයාව මේ පුද්ගලයට හදුන්වල දෙන්න ඇත්තෙ ජේ විදිහට කියලා. ඒක නිසා වෙන්න ඇති මෙයා ජේ කියලා වීදුරුවට තට්ටු කරලා කිව්වෙ. එයා කියන්න හැදුවෙ බැරීට සූම් කියන්නෙ ජේ ගැරික් කියලා ඒවගේම සූම් ජේගෙ සිරුර(තාමත් හිතන්නෙ ජේ මැරුනෙ නෑ කියලා -_-) අරගෙන එනකොට එයා පුදුම වෙලා වගේ බලන් ඉන්නෙ. ඒවගේම සූම් කියනවා, මොකද්ද සූම් කියන්නෙ. well this is a complication. ඉතිරිය ඔයගොල්ලන්ට බාරයි. ඕ තව දෙයක් මෙයා සමහර විට අර්ත් 1 හෙන්රි වෙන්නත් පුලුවන් ඒත් කලින් එපිසෝඩ් එකේ ෆ්ලෑශ්ව දැක්කම එයාගෙ කිසි වෙනසක් දකින්න ලැබුනෙ නෑ ඒක නිසා මට තාමත් හිතෙන්නෙ මේ හන්ටර් සලමන් කියලා.
#Scarlet_Speedster

Thursday, February 25, 2016

Magik / Illyana Nikolievna Rasputina


Illyana Nikolievna Rasputina සෝවියට් සමූහාණ්ඩුවේ සයිබීරියාවේ බයිකාල් විල ළග තියෙන සමූහ ගොවිපළක ඉපදුනේ.. Illyana පියොට්‍ර රස්පුටින්(කොලෝසස්) හා අජටාකාශගාමියෙක් වෙන මිකායිල් රස්පුටින් කියලා මියුටන්ට් අයියලා දෙන්නෙක් ඉන්නවා.. අයියලා දෙන්නා වගේම Illyana ත් මියුටන්ට් කෙනෙක්.. මෙයා ඔමේගා ලෙවල් එකේ මියුටන්ට් කෙනෙක් විදිහට තමයි හදුනාගෙන තියෙන්නේ. 


Illyana පොඩි කාලයේදී පියොට්‍ර ඉලියානාව පාලනයකින් තොරව ගමන් කල ට්‍රැක්ටරයකින් බේරගත්තා.. ඒ වෙලාවෙම ප්‍රොෆෙසර් එක්ස් ඇවිත් පියොට්‍රව එක්ස් මෙන් කණ්ඩායමට බදවාගෙන පියොට්‍රව ඇමරිකාවට එක්කගෙන ගියා.. 

ඩොක්ටර් ඩූම්ගෙන් ආර්කේඩ්ව බේරගන්න එක්ස් මෙන්ලාව යොදවාගන්න හිතාගෙන මිස් ලොකෙ Illyana ඇතුළුව එක්ස් මෙන්ලා කිහිපදෙනෙක්ගේ ආදරණීයයන්ව පැහැරගත්තා.. 


ඔවුන්ව නිදහස් කලාට පස්සේ කොලෝසස්ට තමන්ගේ නංගිව ඇමරිකාවේ තියාගන්න අවසර ලැබුණා.. 
ප්‍රොෆෙසර් චාල්ස් එක්සේවියර් Illyana ගේ ඔළුව අල්ලලා ඇයට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා දුන්නා..
Illyana වයස අවුරුදු 6දි බෙලාස්කො කියන මායාකාරයා Illyana ලිම්බෝ කියන ඩිමෙන්ශන් එකට පැහැරගෙන යනවා.. එක්ස් මෙන් කණ්ඩායම ඒ පස්සෙන් යනවා.. එක්ස් මෙන්ලා එක්ක Illyana පැනලා එන්න හදනකොට බෙලාස්කො Illyana අල්ලගන්නවා.. කිටී ප්‍රයිඩ් Illyana ගේ අතින් අල්ලගෙන හිටියත් බෙලාස්කොගෙ ග්‍රහණය නිසා කිටීට Illyana ව අතෑරෙනවා..

ඒ සිද්ධියෙන් පස්සේ බෙලාස්කො Illyana ගේ ආත්මයේ කොටසක් බ්ලඩ්ස්ටෝන් එකක් බවට හරවනවා.. ඒ නිසා Illyana ට මායා බලය පාලනය කරන්න පුළුවන් විභවයකුත්, බෙලාස්කොට Illyana ව පාලනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.. 


මේ අතරෙදි තමන්ගේ ඩිමෙන්ශන් එකට යන්න බැරිව ලිම්බෝ එකේ හිර උන ඔරෝරො මුන්‍රෝගේ හා කිටී ප්‍රයිඩ්ගේ ඕල්ටනේට් වර්ශන් දෙකක් වෙන ස්ටෝම් හා කැට් දෙන්නා Illyana ව බේරගන්නවා.. තමන් එක්ක ඉන්න කාලයේදි ස්ටෝර්ම් Illyana ට තමන් දන්න මායාවන් ඔක්කොම කියලා දෙනවා.. ඒ වගේම කැට් Illyana ට සටන් ක්‍රම උගන්නනනවා.. ඒ වගේම තුන්දෙනා එකතු වෙලා ලිම්බෝ එක ඇතුලෙදි තමන්ගේ ජීවිතය රැක ගන්න ලිම්බෝ එකේ ඉන්න යක්ෂයන් සමග සටන් කරනවා.. කර්ට් වැග්නර්ගේ ඕල්ටනේට් වර්ශන් එකක් වෙන බෙලාස්කොගේ සේවකයෙක් විදියට වැඩ කරන නයිට්ක්‍රොව්ලර් සමග සටන් කරනවා.. 


තමන්ගේ යථාර්ථයට යන්න ගන්න උත්සාහයකදි Illyana ව ආයෙත් බෙලාස්කොට අහු වෙනවා.. බෙලාස්කො Illyana ව තමන්ගේ ශිෂ්‍යාවක් විදියට අරගෙන උගන්නන්නවා.. ඒත් බෙලාස්කොට ඇත්තටම උවමනා වෙන්නේ Illyana යොදාගෙන එල්ඩර් ගෝඩ්ස්ලාව ගෙන්නන්න.. ඒ වෙලාවේම Illyana ගේ ටෙලිපෝට් වෙන්න පුළුවන් තැටි නිර්මාණය කිරීමේ මියුටන්ට් බලය ක්‍රියාත්මක වෙනවා.. Illyana ක්ෂණයෙන් ලිම්බෝ එකේ ඉදන් රුසියාවේ තමන්ගේ දෙමව්පියෝ ඉන්න ගොවිපළට ටෙලිපෝට් වෙනවා.. ඒත් ලිම්බෝ එක ඇතුළෙදි Illyana වයසට ගියත් , ලිම්බෝ එකෙන් පිටත Illyana හිටපු යථාර්ථයේ කාලය ගෙවිලා තිබ්බේ නෑ.. ඒ නිසා Illyana ගේ දෙමව්පියන්ට Illyana ව අදුරගන්න බැරි උනා..
 


ආයෙත් ලිම්බෝ එකටම ටෙලිපෝට් වුන Illyana තමන්ගේ ජීව ශක්තියෙන් සෝල්ස්වෝඩ් එක නිර්මාණය කරනවා.. සෝල්ස්වෝඩ් එක පාවිච්චි කරන්න කරන්න සෝල්ස්වෝඩ් එකේ බලය වැඩි වෙනවා.. ඒක මුල් කාලයේ සාමාන්‍ය කඩුවක හැඩය ගත්තත් කඩුවේ බලය වැඩි වෙන්න වැඩි වෙන්න සෝල්ස්වෝඩ් එක සංකීර්ණ හැඩ ගත්තා..


සෝල්ස්වෝඩ් එකෙන් බෙලාස්කොව පරාද කරන Illyana ලිම්බෝ එකේ සෝසරස් සුප්‍රීම් බවට පත් වෙනවා.. ඒ වගේම ලිම්බෝ එකේ පාලකයා බවටත් පත් වෙනවා.. ඒත් Illyana ආපහු තමන්ගේ යථාර්ථයේ එක්ස් මෙන්ලා ළගට එනවා.. ඒ එන්නේ හරියටම කිටී ප්‍රයිඩ් අතින් Illyana ගේ අත අතෑරෙන අවස්ථාවේ..(යථාර්ථයේ කාලය ගමන් කලේ නෑ..) ඒ වෙනකොට Illyana ට වයස අවුරුදු 13ක් වෙලා.. කිටීටත් ඒ වෙනකොට වයස අවුරුදු 13යි.. කිටී, Illyana දෙන්නා එක්ස් මැන්ශන් එකේ කාමර සගයන් උනා වගේම දෙන්නම ඉතාම ළගින් ආශ්‍රය කළ යාළුවන් බවට පත් උනා..

මැගික්ගේ මූලික බලය ටෙලිපෝට් වෙන්න පුළුවන් තැටි නිර්මාණය.. ඒවා හරහා Illyana ට වෙනත් මානවලටත් යන්න පුළුවන් වෙනවා.. 

ඊළගට Illyana ලිම්බෝ එක ඇතුලේ සෝසරස් සුප්‍රීම් වෙන්න තරම් මායාවන් දන්නවා.. ඒත් යථාර්ථයේ ඒ ගොඩක් මායාවන් වැඩ කරන්නේ නෑ.. නමුත් ඩොක්ටර් වූඩූ තරමටම ආසන්නයට එන්න තරම් මැගික්ට මායාවන් පුළුවන්.. 

ඒ වගේම ලිම්බෝ එකේ පාලනයත් මැගික්ට තියෙනවා.. 
ලිම්බෝ එක ඇතුලේ ගොඩක් කල් ගත කරපු නිසා චාල්ස් එක්සේවියර්ටවත් Illyana ගේ හිත කියවන්න බැරි තරම් ශක්තිමත් මානසික ආවරණයක් Illyana ට තියෙනවා.. 
ලිම්බෝ එකේ පාලකයාට ඉබේම ලැබෙන මායා ආවරණයකුත් මැගික්ට තියෙනවා..
ඒ වගේම සෝල්ස්වෝඩ් එකෙන් මායාම වස්තූන්ට විරුද්ධව ලොකු හානියක් කරන්න පුළුවන්.. 
කිටී ප්‍රයිඩ්ටත් සෝල්ස්වෝඩ් එක හරහා යන්න බැරි උනා..


පෘථිවියේදි මැගික්ගේ මායා බලයන්වලට සීමා තියෙනවා වගේම අදුරු මායාවන් යොදාගත්තොත් මැගික්ගේ අදුරු, නපුරු පෞරුෂයක් වෙන ඩාක්චයිල්ඩ් අවදි වෙනවා..
ඊට අමතරව ස්ටෙපින් ඩිස්ක් යොදාගෙන මැගික් යන දුර වැඩි වෙන්න වැඩි වෙන්න ස්ටෙපින් ඩිස්ක්වල පාලනයත් මැගික්ගේ ග්‍රහණයෙන් මිදෙනවා..


‪#‎ආර්කේඩ්‬

Justice Leauge BTS Photo Breakdown

Behind the Scene Photo breakdown of Justice League
පහුගිය දවස් ටිකේ ම අපිට JL ෆිල්ම් එකේ BTS ෆොටෝ වගයක් බලා ගන්න පුළුවන් උණා. ඒ අතරින් Zack Snyder, tweet කරලා තිබුන මේ පොටෝ එකේ ගොඩක් දේවල් අපිට දකින්න ලැබෙනවා.




මුලින්ම පැහැදිලිවම දකින්න පුලුවන් දේවල් ගැන බලමු. දැක්ක ගමන් හැමෝටම පේනවනෙ පිටිපස්සෙන් තියෙන Aquaman සූට් එක. පේන හැටියටනම් අපිට කලින් අවුරුද්දෙ දකින්න ලැබුන concept art එකට වඩා වෙනස්.



Aquamanගෙ සූට් එකට පිටිපස්සෙ අපිට දකින්න පුලුවන් Flashගෙ සූට් එක. පොටෝ එකා filter එක නිසා හරි lighting නිසාද කියල දන්නෑ හැබැයි සූට් එක ටිකක් දිලිසෙනවා වගේ කියලා තමයි මටනම් හිතෙන්නෙ. Flash series එකේ මට අල්ලන් නැය්හි එකම දේ තමයි සූට් එක. හැබැයි මේ සූට් එක පේන හැටියට ටිකක් හොදයි වගේ * fingers crossed * ඒවගේම අපිට අක්වාමෑන්ගෙ අත යටින් බලාගන්න පුලුවන් සූට් එකේ ගෝල්ඩ් පාට lighting bolt එක.



මේ සූට් දෙකට පල්ලෙහා අපිට බලාගන්න පුලුවන් ගෑනු කෙනෙක්ගෙ පින්තූරයක්. ගොඩක් දුරට මේ Aquamanගෙ wife mera වෙන්න පුලුවන්. ඒවගේම දකුනු පැත්තට වෙන්න බැට්මෑගෙ කවුල් එකට උඩට වෙන්නෙ ගෑණු කෙනෙක්ගෙ සූට් එකක් දකින්න පුලුවන්. මේක Wonder Womanගෙ සූට් එක වෙන්න පුලුවන් හැබැයි පෙනුමෙන්නම් wwගෙ සූට් එකට සමාන නෑ කියලා තමයි බැලූ බැල්මටම පේන්නෙ. මේක ගොඩක් දුරට meraගෙ සූට් එක වෙන්න ඉඩ තියෙනවා.



ඒ සූට් එකට ටිකක් මෙහාට වෙන්න අපිට හෙල්මට් එකක් දකින්න පුලුවන්. මේ හෙල්මට් එක ඇමසෝනියන් හෙල්මට් එකක් වෙන්න ඉඩ තියෙනවා හැබැයි මවෙ මතය තමයි මේ ඇට්ලැන්ටියන් හෙල්මට් එකක් මොකද මෙතන අක්වමෑන්ට සම්බන්ද ගොඩක් දේවල් දකින්න ලැබුන වගේම මුහුදු රජුට තමගෙ අර්මි එකක් අනිවා ඉන්න එපැයි.



සැක්ට පිටි පස්සෙන් අපිට ලාවට වගේ පේනව තවත් සූට් එකක්. මේ සූට් එකේ විශේෂය වෙන්නෙ රෙද්දකින් කට වැහිලා තියෙන එක්. මෙහෙම අපිට දකින්න ලැබැන්නෙ ma'alefa'akව. හැබැයි ඉතින් මාශන් මෑන්හන්ටර් නැතිව මෙයාව ෆිල්ම් එකට දැම්මට වැඩක් නෑනෙ ඒක නිසා මේ සූට් එක හරියටම කාගෙද කියන්න අමාරුයි අපිට. මාශන්ව ජස්ටිස් ලීග් ෆිල්ම් එකට ගෙනාවොත් කෝමට තියෙයිද ඈ



හොදම දේ අන්තිමට තියාගත්තා. කොහොමහරි බැලූ බැල්මට මේ සූට් එක පේන්නෙ බැට්සිම්බල් එක නැති බැට් සූට් එකක් කියලා. හැබැයි ටිකක් හොදට බැලුවොත් පේනවා මේක nightwingගෙ සූට් එකට ගොඩක් සමානයි කියලා. මේකෙ තේරුම අපිට නයිට්වින්ග්ව දකින්න දැබෙයි කියලද JL එකේ. one can only hope ඔයගොල්ලන්ට මොකද හිතෙන්නෙ? අපිට මොනවහරි මිස් උනානනම් පල්ලෙහැන් කමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

Saturday, February 20, 2016

Daredevil Season 2 Trailer Breakdown


Daredevil Season 2 Official Trailer 01 Breakdown


ටිසරයකින් කාලෙකට පස්සේ ලෝකයේ හොදම කොමික්බුක් ටීවී ෂෝ එක විදියට නම් දරපු ඩෙයාඩෙවිල් සීසන් 2 එකේ නිල ට්‍රේලරයක් පසුගියදා දකින්න ලැබුණා. ඔබත් නිරෝගී, වයසට ගැලපෙන මනසක් තියෙන 18+ අයෙක් නම් අනිවාර්යෙන්ම මේක එනකන් ඉවසිල්ලක් නැතුව ඇති. මේ ට්‍රේලරෙත් මෑතකදී ආපු කොමික්බුක් මුවිස්වල ට්‍රේලර් තරම්ම සුපිරියට ගහපු ට්‍රේලර් එකක් කිව්වනං ඇත්තටම මදිපුංචිකමක්. මොකද මේක ඊටත් වැඩිය සුවිශේෂයි. අපි එහෙනං මේකේ සුවිශේෂී අවස්ථා ගැන කතා කරමු.
ඩෙයාඩෙවිල්ගේ ඔරිජින් එක මුලික කරගත් පලවෙනි සීසන් එකෙන් පස්සේ දෙවෙනි සීසන් එකෙන් අපිට අපිට හදුන්වා දෙනවා තවත් විශේෂ චරිත දෙකක්. ඒ තමයි පනිෂර් සහ ඉලෙක්ට්‍රා. එකෙනුත් මේ ට්‍රේලරෙන් වැඩි අවධානයක් දීලා තිබ්බේ ද වෝකින් ඩෙඩ් නළු Jon Bernthalගේ පනිෂර් චරිතයට. ඒ වගේම මේ සීසන් එක කලින් සීසන් එකටත් වැඩිය අදුරු තේමාවක් ගනියි කියලයි කියන්නේ. එහෙනං ට්‍රේලරේ ආයේ පාරක් බලලම ඉමු.


පලවෙනි සීසන් එකේ විල්සන් ෆිස්ක් සහ ද හෑන්ඩ් ක්ලැන් එක පැහැදිලිවම ඩෙයාඩෙවිල්ගේ හතුරාගේ භූමිකාව නිරුපණය වුනාට මේකෙදි ඒ භූමිකාවට ඉන්නේ ට්‍රේලරේ විදියට නම් පනිෂර් වගේ. ඒ නිසා හොද සහ නරක අතර පැහැදිලි වෙන් කර හදුනා ගන්න මැට් ට වගේම අපිටත් සමහරවිට ටිකක් අමාරු වේවි.


Meet the Punisher...... Hero of the second season ?


ෆ්‍රෑන්ක් කාසල් නොහොත් පනිෂර්, අපේ ඩෙයාඩෙවිල්ගේ හතුරා වගේ පෙනුනට ඔහුගේ ප්‍රතිපත්ති සහ තර්ක අනුව නම් පනිෂර් කරන දේ හරි වගේ, ඒත් ඒක ඇත්තටම හරිද ? අපේ ලෝයර් උන්නැහේගේ අදහස මොකක්ද ? මේ ගැන කතා කරද්දී ඉලෙක්ට්රා ගැනයි කිංපින් ගැනයි අමතක කරන්නත් හොද නෑ. ඒ දෙන්නත් ඉන්නවනේ සීසන් 2 එකේ.

Origin of a Game-ender


අනිවාර්යෙන්ම අපිට පනිෂර්ගේ ඔරිජින් එක දකින්න ලැබෙනවා. එත් ප්‍රශ්නේ කියන්නේ එක කතාවේම කොටසක්ද නැත්තම් (ඩෙයාඩෙවිල්, ජෙසිකා ජෝන්ස් ඔරිජින් වගේ) අතීතාවර්ජනයක්ද කියන එක. මිලිටරි ට්‍රේනිං එකක් තියෙන ෆ්‍රෑන්ක් කාසල් පනිෂර් වෙන්නෙ තමන්ගේ පවුල අමු අමුවේ මරලා දාපු නිසා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. අපි ඒ ගැන වැඩිදුර කතා කරමු පනිෂර්ගේ ලිපියකින්.

The White-Skull


මේක ටිසර් එකෙත් පෙන්නුවා මතක ඇති. පේන විදියට කැරන් පනිෂර්ගේ පරණ වාර්තා ගැන අවුස්සලා බලනවා වගේ. ඒ X-Ray පින්තුරෙන් පෙන්නන්නෙ සාමාන්‍ය හිස් කබලක් වගේ නං නෙවෙයි. මේක පනිෂර්ගේ ක්ලැසික් ස්කල් එක වෙන්න පුළුවන්. කැරන් බලන වාර්තා ගැන කියනවනං ඒක අනිවාර්යයෙන් අපරාධයක් ගැන වෙන්න ඕනේ. ඒ ෆ්‍රෑන්ක්ගෙ ජිවිතේ අවාසනාවන්ත ඉරණම ගැන වෙන්නත් පුළුවන්.

Daredevil on Action
සීසන් 2 එක ඇක්ෂන් වලින් නම් අඩුවක් නැතිවෙයි. ඒ වගේම සීසන් 1 එකේ හොදම සටන් ජවනිකාව වුන hallway fight එක වගේ එකක් මේකෙත් තියෙනවා.

Punisher's War Journal


"You hit'em and they get back up, I hit'em and they stay down" 
පනිෂර් එකම කෙනෙක් එක්ක සටනට යන්නෙ ගොඩක් කලාතුරකින් කියන්නේ ඇයි කියලා තේරෙනවා ඇතිනෙ.

Daredevil vs Punisher


මේ සිදුවීමේ එක්තරා අවස්ථාවක පෙන්නනවා ෆ්‍රෑන්ක්ටත් නිල ඇදුමක් වගේ එකක් දාන් ඉන්න එකක්. සමහර විට ඒක පනිෂර්ගෙ ස්කල් පින්තුරේ තියෙන ලෙදර් සන්නාහය වෙන්නත් ඉඩ තියෙනවා. මේකෙදි ඩෙයාඩෙවිල් ඇදුම දිහා අවධානයෙන් යුතුව බැලුවොත් පෙනෙයි මේක සීසන් 1 වල අන්තිම එපිසෝඩ් එකේ පෙන්නන ඇදුම කියලා. ඒ ඇදුමම සමහර තැන්වල පෙන්නද්දී අපිට පේනවා ඒකෙ මුහුණට මැහුම් දාලා තියෙනවා වගේ. ඒ මැහුම දාන්නත් හේතු වෙන්නෙ පනිෂර් ද දන්නෑ. ඊට අමතරව අළුත් ඇදුමකුත් මේකෙදි හදුන්වා දේවි. කොමික් වලදී නම් පනිෂර් අගය කරන ඉතාම සුළු චරිත අතුරින් ඩෙයාඩෙවිලුත් කෙනෙක්. අපි බලමු මෙතැනදී ඔවුන්ගේ සම්බන්ධය ගොඩ නැගෙන්නේ කොහොමද කියලා.

The Bible of Shawshank Redemption


මේකේ දි ඉන්නෙත් පනිෂර් වෙන්න ඕනි. ඒ අත දැක්කම කියන්න පුළුවන් අර කලින් කියපු ලෙදර් ආමර් එක දාගෙනයි ඉන්නේ කියලා. ඒත් තවත් සමහරු කියන විදියට මේ ඉන්නේ බුල්ස් අයි වෙන්නත් පුළුවන්. මතක ඇතිනෙ ඊ සීසන් 1 එකේ දැක්ක බුල්ස් අයි ඊස්ටර් එග් එක...


එත් මේ බුල්ස් අයි ම තමයි කියලා තහවුරු කරලා කියන්න නම් බෑ මොකද මාවල්/නෙට්ෆ්ලික්ස් ලා කිසිම ප්‍රකාශයක් කරේ නෑ බුල්ස් අයිත් මේ සීසන් එකට ඉන්නවා කියලා.

Well that's brutal !


මේ ඉන්නේ පනිෂර්ගෙන් පනිෂ්මන්ට් එක ලබපු අය. වැරදි කරපු අයට පනිෂර්ගෙන් සමාවක් ලැබෙන්නේ හොද කොල්ලෙක්ට හොද කෙල්ලෙක් සෙට් වෙනවා වගේ කලාතුරකින්. (ඒ කියන්නේ මේ කපේදී නෑ කියන එක) වැරදි කරපු එවුන්ව මරන සිරියල් කිලර් කෙනෙක් වගේ පනිෂර් ව මේකෙන් නිරුපණය කෙරෙනවා.

Punisher's Arsenal


90' ගණන්වල වගේ පනිෂර් ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ හිටියේ. ඒ කොච්චරද කියනවනං මාවල්වල නිකුත්වෙන හැම කොමික් එකකම වගේ පනිෂර්ව දැම්මා (The Punisher, Punisher: War Journal, and Punisher: War Zone කියන ඔහුගේම කොමික් සීරිස් වලට අමතරව). මාවල් ලට කොමික් එකක් හිට් කරන්න ඕනේ වුනු වෙලාවක, අළුත් කොමික් එකක් මාකට් කරන්න ඕන වුනහම කරෙත් පනිෂර්ව ඒ අස්සට දාපු එක. ඒත් මාවල් ලට එකත් මදි වුනහම කරේ...


ඔව්, මාවල් ලා පනිෂර්ගේ ආයුධ ගබඩාව ගැන විශේෂ සංස්කරණයකුත් නිකුත් කරා.

Best damn Avocados at law


මැට්ගෙයි ෆොගීගෙයි මිත්‍රත්වය ගැනත් වචනයක් කතා නොකරොත් ඒක ලොකු අඩුවක්. මොකද මේ දෙන්නගේ මිත්‍රත්වය MCU එකේ හොඳම bromance වලින් එකක්. හෙල්ස් කිචන් එක වෙනුවෙන් මැට් සියදිවි හානිකරගන්න තරම් දුරකට යන එක ගැන ෆොගී ඉන්නේ එච්චර කැමැත්තකින් නෙවෙයි වගේ.

Matt's Catholicism


සීසන් 1 වල දැක්කා වගේම සීසන් 2ත් මැට්ගෙයි පල්ලියයි අතර සම්බන්ධය මේකෙනුත් බලාගන්න පුළුවන්. ඒ වගේම Father Lantom සීසන් 2ත් ඉන්නවා මැට්ගෙ අධ්‍යාත්මික සෙවීම් සම්බන්ධ උපකාර වෙනුවෙන්. ගොඩක් වෙලාවට අපිට මැට් හිටපු අනාථ නිවාසය St. Agnes ගැන ගොඩක් දේවල් දැනගන්න හැකි වෙයි. මොකද සීසන් 1 වල Father Lantom මැට් නොදන්න මොකක් හරි දන්නවා වගේ තේරෙන නිසා.

Secrets of St. Agnes


මේ කුරුසය දාපු කන්‍යා සොයුරිය මැට් ගේ ලොකු රහසක් රකිනවා කියලා නං ඕන ඔට්ටුවක් අල්ලන්න පුළුවන්. 'nuff said. ඒ මොකක්ද කියලා ආපුවහම බලන්න පුළුවනි.

Claire is back !


ජෙසික ජෝන්ස් වලින් පස්සේ නයිට් නර්ස් සුපුරුදු වැඩසටහනට බැහැලා වගේ. මෙතැනදී ක්ලෙයාර් කියනවා "This city needs him" කියලා. ඒත් ප්‍රශ්නේ වෙන්නෙ මෙයා කියන්නේ ඩෙයාඩෙවිල් ගැනමද ?

Green-Wood Cemetery in Brooklyn


මේක නිව් යෝක් කොමික් කොන් ටිසරෙත් තිබ්බා. සීසන් 1 වල වගේම සීසන් 2 එකෙත් ගොඩක් කිට්ටු කෙනෙක් මැරෙවිද කියන්නත් බෑ

Last encounter ?


පනිෂර් කී දෙනෙක්ව මැරුවත් ඒ වෙලාවල්වල නොදුටු වෙනසක් පේනවා මේ මොහොතේ. ඒ හරියට අකමැත්තෙන් වුනත් කරන්න යන මිනීමැරුමක් වගේ. ඒ කවුරු වෙන්න පුලුවන්ද ? අපොයි මැට් ??

That line !


Jon Bernthal කලින් ෆිල්ම් වල පනිෂර්ට හිටපු දෙන්නටමත් වැඩිය පනිෂර් චරිතයට නියමෙටම ගැලපෙනවා වගේම ඒ වොයිස් එක, ඒ ඇක්ටින් එක එහෙම සුපිරියටම කරනවා කියලා ට්‍රේලරෙන්ම කියන්න පුළුවන්. ඒ නිසාමද දන්නෑ ඉස්සරහට පනිෂර් සීරිස් එකකුත් මාවල්-නෙට්ෆ්ලික්සලා කරන්න යන්නෙ. කොහොම වුනත් අදාළ චරිත වලට නළුවෝ තෝරන එකට මාවල් ලා දක්වන්නේ පුදුම දක්ෂතාවය කවදත් රසිකයන් අමන්දානන්දයට පත් කරනවා

An old friend...


"Hellow, Mathew" 
මෙන්න මේ ඇක්සන්ට් එක, මේ ඉලෙක්ට්‍රා එනකං තමයි පෙරුම් පුරා බලන් ඉදියේ. මේ මාසේ 25 එන ට්‍රේලරේදී මෙයාගේ තවත් දර්ශන දකින්න ලැබේවි. එතකොට අපි වැඩිදුර කතා කරමු.
"No Gooddeed, Goes Unpunished"

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates