LATEST :

Wednesday, January 6, 2016

MCU Intro - Part 02

කලින් ලිපියෙදි අපි මාවල් සිනෙමැටික් යුනිවර්ස් ගැන කතා කරා මතක ඇතිනේ. අද අපි ඒ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලමු.
මාවල් ස්ටුඩියෝස් වලින් පටන් ගන්නා MCU එක නිල වශයෙන් ආරම්භ වෙන්නෙ 2008දී තිරගත වුනු අයන් මෑන් (Iron Man) චිත්‍රපටයෙන්. එතැන් සිට අද වනවිට වසර 8ක් ගත වෙද්දී ඔවුන් චිත්‍රපට 12 කොටස් දෙකක් ලෙසින් එළි දක්වා අවසන්. ඒ Phase - 1 සහ Phase - 2 ලෙසින්. 2016 කැප්ටන් ඇමරිකා චිත්‍රපට මාලාවේ තුන්වැන්න ලෙසින් තිරගත වන කැප්ටන් ඇමරිකා: සිවිල් වෝ (Captain America: Civil War) චිත්‍රපටයෙන් MCUහි Phase - 3 ආරම්භ කිරීමටත් දැන් කටයුතු යොදලයි තියෙන්නේ. ඒ නිසා අපිට Phase - 3 පටන් ගන්න කල් අපිට ආයෙත් චිත්‍රපට එකින් එක බලලා ගැටළු සහගත තැන්, නොතේරුණ තැන් විස්තර වශයෙන් කතා කරන්න පුළුවන්. 


Marvel Cinematic Universe කිව්වම කවුරුත් දන්නේ චිත්‍රපට මාලාවක් පමණක් කියලා. ඒ අදහසත් වැරදි නෑ. එත් මේක සාම්ප්‍රදායික චිත්‍රපට මාලාවකට එහා ගිය දෙයක්. ඒ මොකද කිව්වොත් මේකට අයිති වෙන්නෙ හුදෙක් චිත්‍රපට පමණක් නොවන නිසා.
MCU එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මාවල් චිත්‍රපට හා ටෙලිවිෂන් සීරිස් අතර පවතින සම්බන්ධතාවය. MCU එකටම අනන්‍ය වෙන මේ ලක්ෂණය නිසා අපිට හැමදාම වගේ MCU එක යාවත්කාලීන වීමක් වෙනවා. ඒ නිසා හැමදාම චිත්‍රපට නිකුත් වෙන්නෙ නැති නිසා මේකෙන් අපිට එදිනෙදා MCU එකත් එක්ක සම්බන්ධ වෙන ක්‍රමයක්ද වෙනවා. MCU එක පුළුල් කිරීමේ අරමුණින් සහ පුංචි තිරයත් අණසකට ගනිමින් දැනට ABC සහ Netflix එකමුතුවෙන් ටීවී සීරිස් 4ක් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ හතරම විචාරාත්මක පැසසුමට ලක් වුනු ඒවා වගේම රසිකයන්ගේත් ආදරය ආකර්ෂණය දිනාගන්න සමත් වුණා. ඒ වගේම දැනටමත් තවත් අළුත් ටීවී සීරිස් ටිකකුත් දැනටමත් නිෂ්පාදනය වෙමින් පවතිනවා. අපි දැනටමත් ටීවී සීරිස් ගැන රිවිව්ස් ගෙනෙන නිසා කෙටියන් විතරක් සදහන් කරන්නම්.

1. Marve'ls Agents of S.H.I.E.L.D.


The Avengers ෆිල්ම් එකෙන් පසුව ශිල්ඩ් එකට මොකක්ද වුනේ, එකේ කර්තව්‍ය මොනවාද කියන එක මේකෙන් ආවරණය කෙරෙනවා. මේ චිත්‍රපටයේ ගොඩක් දෙනෙක්ගේ දෝෂාරෝපණය එල්ල වුණු තැනක් තමයි කවුරුත් ආදරය කරපු ඒජන්ට් කොල්සන්ගේ මරණය. එත් අන්තිමේදී ඒජන්ට් කොල්සන් වෙනුවෙන් මාවල් ලා ටීවී සීරිස් එකක්ම දුන්නා. මේකෙන් MCU එකේ ගොඩක් හිස්තැන් පිරවුනා වගේම MCU එකට Inhumans ලත් හදුන්වා දෙනු ලැබුවා. පලවෙනි සීසන් එක බලපොරොත්තු වුණා තරම් ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත්තේ නැතත් වැරදි හදාගෙන දිනෙන් දින තිබුනටත් වඩා හොදින් වැඩිදියුණු වෙලා අද ඉහළම ප්‍රතිචාර තියෙන ටීවී සීරිස් සමග කරට කර තරග කරන තත්වයකට ඇවිත් තිබෙනවා.

2. Marvel's Agent Carter 


ශිල්ඩ් එකෙන් පස්සේ ආපු මාවල් ටීවී සීරිස් එක වෙන්නෙ ඒජන්ට් කාටර්. කැප්ටන් ඇමරිකා පළමු චිත්‍රපටයෙන් පසුව සිදුවුණා සිදුවීම් මෙන්ම ශිල්ඩ් එකේ මුලාරම්බය ගැන මේකෙන් කියවෙනවා. ඒ නිසා මේක අතීතයේ විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. .MCU චිත්‍රපටවල රගපාපු Clark Greggම නැවත කොල්සන් විදිහට ශිල්ඩ් සීරිස් එකට ආවා වගේ පෙගී කාටර් විදිහට රගපාපු Hailey Atwellම මේකෙත් ඉන්නවා. මේකේ දෙවන සීසන් එක ජනවාරි 19 ඉදන් බලන්න පුළුවන්.

3. Marvel's Daredevil 


මාවල් සහ Netflix එකතුවෙන් සැදුම්ලත් මේක ලෝකයේ හොදම කොමික් ගනයේ සීරිස් එක මෙන්ම ලෝකයේ හොදම ටීවී සීරිස් පිළිබද IMDB ranking අතර 60 වන ස්ථානය රැක ගැනීමටත් සමත් වෙලා තියෙනවා. අනෙක් සීරිස් TV-PG රේටිං ලබද්දී TV-MA රේටිං එකක් ලැබු මේකේ දෙවන සීසන් එක එන වසරේ අප්‍රේල් වලදී බලාගන්න පුළුවන්.

4. Marvel's Jessica Jones 


නෙට්ෆ්ලික්ස් දෙවන ආයෝජනය ලෙසින් නිකුත් වුන මෙය මාවල් ලගේ සුපර්හිරෝ චරිතයක් වටා ගෙතුණු දෙවන සීරිස් එකද වෙනවා. Daredevil වගේම TV-MA rated සහ ඊටත් වැඩිය අදුරු තේමාවක් රැගත් මෙයද IMDB හි ඉහළ ප්‍රතිචාර ලබපු එකක්. මෙමගින් ජෙසිකා ජෝන්ස්ට අමතරව තවත් සුපර්හිරෝ චරිතයකුත් හදුන්වා දෙනවා. ඔහු මේ දවස්වල තමන්ගේම ටීවී සීරිස් එකේ කටයුතු කරගෙන යනවා.

මේ දක්වා අපිට දකින්න හම්බුනු ටීවී සිරිස් වලට අමතරව ඉදිරියේ දී විකාශය වීමට නියමිත ටීවී සිරිස් මොනවාද කියලා අපි ටිකක් හොයලා බලමු.

5. Marvel's Luke Cage 


ජෙසිකා ජෝන්ස් වලින් මුල් වරට live-action චරිතයක් ලෙස හදුන්වා දුන් මොහුගේ කතාවත් අපිට එන අවුරුද්දේ බලාගන්න පුළුවන් වෙයි.

6. Marvel's Iron Fist 


තවත් සුවිශේෂී සුපර්හිරෝ චරිතයක් වන අයන් ෆිස්ට් ටීවී සීරිස් එක අපිට නුදුරු අනාගතයේ දැකගන්න පුළුවන් එකක්. ඒ හා මේ සම්බන්ධයෙන් අනෙක් නෙට්ෆ්ලික්ස් සීරිස් වල තිබ්බ ඊස්ටර් එග්ස් ඇරෙන්න වෙනත් තහවුරු වුනු තොරතුරක් දැනට නම් නෑ.

7. Marvel's Defenders 


අයන් මෑන්, කැප්ටන් ඇමරිකා, තෝර්,හල්ක්ලා එකතු කරලා ඇවෙන්ජර්ස් හැදුවා වගේ මේක තමයි එකේ ටීවී සීරිස් වර්ෂන් එක. කොමික් වල ඩිෆෙන්ඩරස් ටීම් එක ටිකක් මිට වැඩිය වෙනස් වුනත් නෙට්ෆ්ලික්ස් වලින් ඉදිරිපත් කරපු මාවල් සුපර්හිරෝස් එකතු කරලා කරන්න යන mini-series එකක් තමයි මේක. මේකත් අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.

8. Marvel's Most Wanted


Marve'ls Agents of S.H.I.E.L.D. වල දී අපිට මුණ ගැහෙන ලාන්ස් හන්ටර් සහ බොබී මෝර්ස් (මොකින් බර්ඩ්) දෙන්නා වටා ගොඩ නැගෙන මේ කතාව ගොඩක් වෙලාවට East Coast Avengers බිහිවෙන්න පසුබිම සකස් කරයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. අපිට මේ කතාව දැක ගන්න හම්බෙන්නේ කොයි කාලේද කියලා තවම හරියට කියන්න බෑ. දැනට මේ කතාවේ පලවෙනි කොටස ABC ආයතනයෙන් ඉල්ලුම් කරලා තියනවා.

8. Marvel's Damage Control 


ඩැමේජ් කන්ට්‍රෝල් කියන්නේ සුපර්විලන්ලා නිසා හෝ සුපර්හීරෝස්ලා නිසා සිදුවුණු අතුරු හානි පිළිබද තත්වයන් සමනය කිරීම සදහා ශිල්ඩ් එකෙන් පටන් ගත්තු ඒකකයක්. ඒ වගේම මේක comedy ගණයට අයත් සීරිස් එකක් වෙනවා කියලා තමයි කියවෙන්නෙ. ABC ස්ටුඩියෝ එකෙන්ම නිර්මාණය වෙන මේක නිකුත් වෙන දිනයක් නම් තවම කියලා නෑ. 

MCU එකේ ප්‍රධාන චිත්‍රපට හා ටීවී සීරිස් වලට අමතරව කෙටි චිත්‍රපටත් අඩංගු වෙනෙවා. විනාඩි 4 සිට 14ක් දක්වා කාලයක් දිවෙන මේවා හදුන්වන්නේ Marvel One-Shots නමින්. හැම චිත්රපටයකටම එකක් නිකුත් නොවුනත්, පසුබිම් කතාව සහ අන්තර් සම්බන්ධය තවදුරටත් ගෙනයාම සදහා මේක උදව් වෙනවා. ඒ ඒ චිත්‍රපටවල බ්ලූ රේ තැටියෙන් තමයි මේවත් නිකුත් වුණේ. ටිකක් දිග post-credit scene කියලා කියන්නත් පුළුවන්.

1. The Consultant (2011) 


Thor Blu-ray තැටිය සමග නිල වශයෙන් නිකුත් වුනු මේකේ සිදුවීම වෙන්නෙ Iron Man 2 හා The Incredible Hulk සිදුවීම් වලින් පස්සේ වෙන එකක් විදිහට.

2. A Funny Thing Happened on the Way to Thor's Hammer (2011) 


Captain America: The First Avenger Blu-ray තැටිය එක්ක ආපු මේක Thor ෆිල්ම් එකේදී තොර්ගේ ම්යෝල්නියර් (මිටිය) තියෙන තැනට කොල්සන් යද්දි ඒ අතර මඟදී සිදුවෙන සිදුවීමක් තමයි තියෙන්නෙ.

3. Item 47 (2012) 


The Avengers Blu-ray එකෙන් ආපු මේක චිටාවුරි ආයුධයක් අරගත්තු දෙන්නෙක් ගැන කියවෙන එකක්.

4. Agent Carter (2013) 


මේක ආවේ Iron Man 3 Blu-ray එකෙන්. කැප්ටන් ඇමරිකා අයිස්වල මිදුනාට වුනාට පස්සේ වෙන ඒජන්ට් කාටර් මුහුණ දෙන සිදුවීමක් තමයි මේකේ තියෙන්නෙ. මේක සම්බන්ධ වෙනවා ඒජන්ට් කාටර් TV සීරිස් එකට.

5. All Hail the King (2014) 


Iron Man 3 ෆිල්ම් එකේදී ටෝනි ස්ටාක්ගේ පරම හතුරා වන මැන්ඩරීන්ට කරපු දේට ගොඩක් කොමික් ෆෑන්ස්ලා කැමති නොවුණු නිසා ඒ අයට "දුක් වෙන්න එපා" කියලා මාවල් ස්ටුඩියෝස් වලින් දීපු අස්වැසිල්ල තමයි මේක. ඒ නියම මැන්ඩරීන් කෙනෙක් ඉන්නවා කියන පණිවිඩය. මේක ආවේ Thor: The Dark World Blu-ray එකෙන්.

MCU එකේ චිත්‍රපට මෙන්ම ටීවී සීරිස් සියල්ලක්ම එකිනෙකට සම්බන්ධයි කියලා කවුරුත් දන්නවා. ඒ අන්තර් සම්බන්ධය පවත්වා ගෙන යාම සදහා ඒකටම විශේෂිත වුනු කොමික්සුත් තියෙනවා කිව්වොත් පුදුම හිතෙයි නේද. ඒවා හදුන්වන්නේ Marvel Cinematic Universe tie-in comics කියලා. සෑම චිත්‍රපටයකම ඉන් නොකියවුණු පැත්ත මේකෙන් ආවරණය කෙරෙනවා. ඒ නිසා MCU එකේ වෙන්නෙ මොකක්ද කියන කුතුහලය තියෙන ඕනෙම කෙනෙක් අනිවාර්යයෙන් කියවන්න වටින කොමික් සීරිස් එකක්. ඒ වගේම MCU විශේෂඥයකේ වෙන්න ඕනේ නම් මේක කියවන්නම වෙනවා. කෙටි කොමික් සීරිස් එකක් වෙන මේවා ගොඩක් වෙලාවට වෙළුම් 1 සිට 4ක් දක්වා පරාසයක තමයි තියෙන්නෙ. ඒ කොමික් සීරිස් එකේ නමයි වෙළුම් ගානයි පහත පින්තුරෙන් බලාගන්න පුළුවන්.


මේ tie-in comics හදුනා ගැනීමේ පහසුව සදහා විශේෂ ලෝගෝ එකක් තියෙනවා. පහත රූපයෙන් දැක්වෙන්නේ එක.


මේ විතරක් නෙවේ අපිට MCU එකේ දී මුණ ගැහෙන කොමික්. ෆිල්ම් එකක කතාව සාරාංශ කරලා තියන Movie Adaptions, MCU එකට අදාලව විවිධ සමාගම් වෙළඳ ප්‍රචාර විදිහට එළිදක්වපු Exclusives, MCU එකට සෘජු සම්බන්ධයක් නැති එහෙත් MCU එක තුළ සිද්ධ වුණු කොමික් එහෙමත් අපිට මේ අතර තියනවා.

මාවල් සමාගම මගින් හදුන්වා දීපු Official Handbook of the Marvel Cinematic Universe නමින් හදුන්වන අත්පොත් මාලාවේ චිත්‍රපටයයි කොමික්සුයි අතර පවතින සම්බන්ධතා, නිෂ්පාදනය කළ ආකාරයන් සදහන් වෙනවා. ඒ හින්ද වඩා හොඳ අවබෝධයක් ලබා ගන්න නම් මේකත් කියවලා තියෙන්න ඕනේ.

මතුපිටින් දකිනවාට වඩා ගැඹුරු දෙයක් MCU එක ඇතුලේ තියනවා. අපි මේ සේරම ගැනම පිළිවෙලකට කතා කරමු ඉදිරි ලිපි වලින්.

Tony_Stark

Share this:

5 comments :

  1. supiri ahhhh patta bro..thnxxx

    ReplyDelete
  2. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය


    සුබපැතුම්

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates