LATEST :

Friday, January 1, 2016

MCU Intro - Part 01

ComicScript Movie Universe හි ආරම්භය සනිටුහන් කරමින් අපි එහෙනං පටන් ගමු, ලෝකයේ ඉහළම ආදායම් ඉපැයූ Movie Franchize අතර පළමු ස්ථානයේ රැදී සිටින, දැනට ලොව සාර්ථකම චිත්‍රපට මාලාව වන MCU නොහොත් මාවල් මල්ටිවර්ස්හි Earth - 19999 එකෙන්.


Marvel Cinematic Universe

කොමික්ස් ගැන කතා කිරීමේදී අපට මුලින්ම මතකයට නැගෙන සමාගම් අතුරින් ප්‍රධාන තැනක් ගන්නා, ඔබ කැමතිම චරිත වන ස්පයිඩර් මෑන්,අයන් මෑන්, වුල්වරීන්, කැප්ටන් ඇමරිකා වැනි චරිත ලොවට හදුන්වා දුන් 1939 දී Timely comics නමින් පටන් ගත් මාවල් සමාගම අද වනවිට ලෝකයේ දැවැන්ත සමාගමක් බවට පත් වී හමාරයි.


නමුත් මාවල් සමාගම මිට දශක දෙකකට පමණ පෙර බංකොලොත් භාවයට පත් වූ සමාගමක් කිව්වොත් ගොඩක් දෙනෙක්ට විශ්වාස කරන්නත් බැරුව ඇති. එත් මාවල් ලගෙත් ස්වර්ණමය යුගය තාවකාලිකව අවසන් වුනා. මං "තාවකාලිකව" කියලා කිව්වේ අද වෙද්දී මාවල් ලා සල්ලි අච්චු ගහන යන්ත්‍රයක් වගේ ආදායමක් උපයන නිසා. 1996 දී සිදුවුණු බංකොලොත් විම නිසා තමන්ගේ ප්‍රසිද්ධ කොමික් චරිත සදහා ප්‍රකාශන අයිතීන් විවිධ චිත්‍රපට නිෂ්පාදනාගාර සදහා විකුණා දමන්නත් සිදු වුණා. ඒ හේතුවෙන් තමයි අපිට Fox Studios වලින් X-Men, Daredevil, Elektra, Fantastic 4 වැනි චිත්‍රපටත්, Sony Pictures වලින් Spider-Man, The Amazing Spider-Man,Ghost Rider, Men in Black වැනි චිත්‍රපටත්, Universel Studios වලින් The Hulk වැනි චිත්‍රපට නිර්මාණය වුනේ. අපි ඒ නිෂ්පාදන අයිතීන් සහ ඒ නිසා නිර්මාණය වුනු මාවල් නොවන මාවල් චිත්‍රපට ගැන පස්සේ දවසක කතා කරමු.

තමන්ගේ ප්‍රසිද්ධ චරිත විකුණා දැමීමට සිදු වූ නිසාත්, පසුකාලීනව කොමික්ස් වලට තිබූ ඉල්ලුම අඩු වීම නිසාත්, මාවල් ලට ඉදිරියට යාමට අභියෝගයක් නොවුනා කියන්න අමාරුයි. 2005දී Marvel Entertainmentලා හිතුවා Paramount Pictures හරහා ස්වාධීනව තමන්ගේ චිත්‍රපට නිෂ්පාදනය කරන්න.


මොකද Sony, 20th Cenchury Fox වැනි සමාගම් වල ආයෝජනයෙන් Marvelලට ලැබුනේ සාපේක්ෂව අඩු ආදායමක්. එකල හිටපු Marvel Movies අංශ ප්‍රධානියා වුනු Avi Arad මාවල් චරිත අළලා නිර්මාණය වුනු චිත්‍රපට අතුරින් තෘප්තියට පත් වෙලා හිටියේ Sam Raimi ගෙ Spider-Man චිත්‍රපට මගින් විතරයි. අනිත් ඒවයෙ අසාර්ථකත්වය නිසා ඔහු කළකිරීමට පත් වෙලා හිටියා. මෙහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් තීරණය කළා තමන්ගේම චිත්‍රපට ස්ටුඩියෝ එකක් පටන් ගන්න. Marvel Studios ලෙසින් ආරම්භ කළ එය DreamWorksලාගෙන් පසුව හැදුනු පළමු ස්වාධින මෙන්ම ප්‍රධාන Studio එකද වෙනවා.


පසුව Avi Aradගේ තනතුරෙහි උප තනතුර දැරූ Kevin Feige වටහා ගත්තා  තමන් ළග Spider-Man, X-Men චරිත Sony සහ Fox සතු වුනත් තවම මාවල් හි ප්‍රධානම සුපර්හිරෝ ටීම් එක වන ඇවෙන්ජර්ස් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයන් තවමත් ඔවුන්ට යොදාගත හැකි බව. 1960දී Stan Lee සහ Jack Kirby කොමික්ස් මාධ්‍යයෙන් මාවල් ප්‍රාග්ධනය ඉහළ නැංවුවා වගේ Kevin Feige ට ඇවෙන්ජර්ස් මුලික කරගත් චිත්‍රපට මාලාවක් හදන්න අදහසක් ආවා. ඒ තනි තනි සුපර්හිරෝ චිත්‍රපට වලින් අනතුරුව ඒ හැමෝවම එකතු කරලා දැවැන්ත එකක් හදන්න.
Arad  මේ අදහසට එච්චර කැමැත්තක් දැක්කුවේ නෑ. ඒ වගේම ඊලග අවුරුද්දේ එයා තම තනතුරෙනුත් අයින් වුණා. කොහොම වුනත් Arad තම මුදල් මේ සදහා යෙදවීම දිගටම කරා. ඔහුගෙන් පසුව 2007 දී 33 හැවිරිදි Feige මාවල් ස්ටුඩියෝ හි ප්‍රධානියා බවට පත් වෙනවා. ඒ වගේම කොමික්ස් වල ගති ලක්ෂණ එලෙසම පවත්වා ගන්න හය දෙනෙක් සහිත නිර්මාණාත්මක කමිටුවක් ද පිහිටුවනවා. ඒ සදහා ප්‍රධානියා වන Feige ප්‍රමුඛ උප ප්‍රධානියා Louis D'Esposito ද Marvel Comics අංශයේ ප්‍රකාශන ප්‍රධානියා වන Dan Buckley ද Joe Quesada, රචක Brian Michael Bendis සහ Marvel Entertainment අංශ ප්‍රධානී Alan Fine ද අයත් වුණා. Feige එලෙස ඔවුන් හදන්න යන එකිනෙකට සම්බන්ධ චිත්‍රපට මාලාවට නම දැම්මේ Marvel Cinema Universe කියලා. ඒත් එය පසුව Marvel Cinematic Universe නමින් වෙනස් වුණා.එමෙන්ම ඔවුන් එය තම මල්ටිවර්ස් වලම කොටසක් විදිහට සම්බන්ධ කර එයට Earth-19999 යන නම ලබා දුන්නා.


MCU එකට අදාළ වෙන්නේ මොනවද, එහි අන්තර්ගතය කොහොමද කියලා අපි ඊළග ලිපියෙන් කතා කරමු !
එකත් එක්කම ඔයාලගේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

‪Tony‬

Share this:

8 comments :

  1. බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි

    ReplyDelete
  2. patta. digatama liyanna.

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates