LATEST :

Saturday, October 31, 2015

Blackest Night

HALLOWEEN SPECIAL 

Blackest night- The Complete Story 


Blackest night සිද්ද වෙන්නෙ හැම lantern වර්ගයක්ම හොයාගත්තට පස්සෙ. ඒවගේම අනාවැකියක් තියෙනවා Blackest night ලගදීම එනවා කියලා. Guardiansල මේක නවත්තන්න එයාලට කරන්න පුලුවන් හැමදේම කරනවා. ඒත් green lanternලා කිහිපදෙනෙක් Black lantern battery එක ඇතුලට ඇදිලා ගියාම හැම දේකටම පරක්කු වැඩි. ඒක William handව තෝරගන්නවා එයාලගෙ නැංගුරම හැටියට මේ ලෝකෙට. ඒවගේම මේ story line එක සිද්ද වෙන්නෙ Final crisis එකට පස්සෙ. ඒකියන්නෙ හැමෝම හිතන්නෙ Batman darkseid අතින් මැරුන කියලා ඒත් ඇත්තටම Batman කාලයෙ හිරවෙලා හිටියෙ මේ කාලෙ අතර තුර. 
අපේ කතාව පටන් ගන්නෙ Hal සහ Barry එයාල මැරුන කියල හිතන එයාලගෙ යාලුවට අවසන් ගරුත්වය පුද කරනවත් එක්ක. මේ අතරතුර එයාලා කතා වෙනව මේ වෙනකොට නැති උන හැම කෙනෙක් ගැනම. Martian manhunter,Aquaman,Firestorm සහ අනිත් හැම වීරයෙක්ම, ඒවගේම දැන් Batman. Hal සහ barry දෙන්නම මීටකලින් මේ ලෝකෙන් සමුගත්තත් එයාලා ආපහු එන්න මාර්ගයක් හොයාගත්තා. මේ ගැන කතා වෙන ගමන් එයාලා සොහොනෙන් යන්න යනවා. ඒත් මේ දෙන්න ඇරුනම් තව කෙනෙක් සොහොන ඉන්නවා. Black hand( William hand) අන්ධකාරයෙන් එලියට ඇවිත් Bruceගෙ හිස් කබල එයාගෙ වලෙන් එලියට ගන්නවා. 


The blackest night 
Falls from the skies 
The darkness grows 
As all light dies 
We crave your hearts 
And your demise 
Be my black hand 
The dead shall rise. 
නැගිටින්න Bruce wayne නැගිටින්න. 


J'onn J'onzz,Ronnie raymond,Ryan Kendall,Roscoe Dillon,Lisa snart,Digger Harkness,Arthur curry නැගිටින්න. මේ වෙනකොට මැරිල හිටිය හැම superhero සහ supervillain කෙනෙක්ටම Black lantern ring එකක් හම්බෙනවා. ඒත් එක්කම එයාලා එයාලගෙ වලෙන් නැගිටිනවා. J'onn j'onzz Hal සහ barry ඉස්සරහට ඇවිත් අහනවා ඔයාලා කොහොමද ජීවතුන් අතර ඉන්නෙ කියලා. මේ අතරතුර Hawkman සහ Hawkgirl මුලින් පරාද පරාද වෙන්නෙ. දැන් එයාලා මැරුන නිසා, Carter Hall, Kendra Saunders නැගිටින්න. Hal සහ Barryගෙ පැත්තෙ, එයාලා පුදුම වෙලා බලන් ඉන්නවා එයාලගෙ කලින් මැරුන යාලුවා එයාල ඉස්සර හිටගෙන ඉන්නවා දැකලා. හල් එයාගෙ ring එක පාවිච්චි කරලා ටේරුන් ගන්නවා මෙයා කලින් හිටපු j'onn නෙවේ කියලා. මෙතනදි එයාලගෙ සටන පටන් ගන්නවා. 


කොහොමහරි Flash සහ Green lantern මෙතනින් පලායනවා. මේක නිසා Martian manhunter මුලු නගෙරෙම විනාශ කරන්න පටන් ගන්නවා මම superman තරන්ම powerful කියනවත් එක්කම. Flash සහ green lantern ඉක්මනට මෙයාව නවත්තන්න හැදුවන් j'onn මෙයාලගෙ මනසත් එක්ක සෙල්ලම් කරනවා. මෙයාල හිතන්නෙ එයාලා සටන් කරන්නෙ J'onn එක්ක කියලා ඒත් ඇත්තටම එයාල සටන් කරන්නෙ ඒගොල්ලො එක්කමයි. මේ අතර black lantern rings මුලු universe එක හරහම ගමන් කරනවා මල සිරුරු හොය හොය. මෙතනදි තමයි හැම දේම තවත් නරක අතට හැරෙන්නෙ. Aquaman ආපහු ඇවිත් Aquawomanට පහර දෙන්න හදනවා, ඒවගේම Deadman කලබල වෙන්න පටන්ගන්නව මොකද එයාගෙ සිරුර නැගිටින්න හදනව ඒත් ඒක් කොහොමද වෙන්නෙ එයාගෙ ආත්මය එයාගෙ සිරුර ලග ඉන්න කොට. ඒවගේම spirit of vengeance, the spectreත් ආපහු නැගිටිනවා. 


ඒවගේම මැරුන හැම green lantern කෙනෙක්ම ආපහු නැගිටින්න පටන් ගන්නවා. Mogo ඇතුලත්ව. අනිත් lantern corps වල අයත් ආපහු නැගුටින්න පටන් ගන්නවා. ආපහු පෘථිවියෙ barry සහ hal උත්සාහ කරනව මෙයාලව පරද්දන්න ඒත් හරියන පාටක් කොහෙත්ම නෑ. මේ අතර indigo lantern කෙනෙක් ඇවිත් පෙන්නනවා එයාට පුලුන් කියලා black Lanternල පරදන්න emotional spectrum එකට ටැප් වෙලා. එයා ඉක්මනට Flashවයි green lanternවයි අරන් teleport වෙනවා Hall of justice වලට. මෙතනදි එයාලට හම්බෙනවා Mera,Firestorm සහ Atom. හැමෝටම මෙතන මොකද වෙන්නෙ කියලා දැනගන්න ඕනා, එතකොට Indigo 1 පැහැදිලි කරනවා ඒවගේම කියනවා හැම lantern corps එකම එකට එකතු වෙන්න ඕන කියලා එයාව නවත්තන්න. එයා කිව්වෙ Nekron. Black lantern corps එකේ entity. මෙයාල සැලැස්මක් ගැන හිතන්නත් කලින් black lanternල මෙයාලව හොයාගෙ පහර දෙන්න පටන් ගන්නවා. මෙතදි black lantern firestorm දැන් ඉන්න firestormගෙ පෙම්වතියව මරනව මේකෙන් firestormව equation එකෙන් අයින් වෙනවා. 


Black lantern කෙනෙක් කෙනෙක්ව මරන හැම පාරම එයාලගෙ power level එක ඉහල යනවා. Firestormගෙ බාගයක මරනාත් එක්ක එයාලගෙ power level එක 56.56% දක්වා ඉහල යනවා. ආයෙත් indigo lantern ඉක්මනට මෙයාලව අරගෙන teleport වෙනවා. ඒවගේම indigo 1 හැම corps එකෙන්ම එක්කෙනෙක්ව අරන් එනවා මේ අතර තුර. Hal jordan- Green, Larfleeze- orange, Sinestro-Yellow, Saint walker- Blue, Carol ferris- Sapphire, Atrocitus- Red. මෙයාල එකිනෙකාට එච්චර කැමති නැති උනතෙයාලට එකට එකතු වෙලා වැඩ කරනව ඇරෙන්න වෙන දෙයක් ඉතුරු වෙලා නෑ. 


ආපහු පෘථිවියෙ, Flash හැමෝටම අනතුරු අඟවනවා මුලු ලෝකෙටම. මේ අතර තුර black lanternලගෙ power level එක 100% දක්වා ඉහල ගිහින් ඉවරයි. මේ එක්කම Nekronට පුලුවන් වෙනවාමේ ලෝකෙට එන්න. Teen titans සහ justice league එක nekron එක්ක සටනට සූදනම් වෙනවා ඒවගේම අපේ lanternලත් මෙතනට එනවා. ඒත් මේ අතරෙ black ring එකක් batmanව නැගිට්ටනවා. ඊටපස්සෙ එයාගෙ කටෙන් තව black rings වගයක් එලියට එනවා.Diana prince, Kal-El, conner kent,Bart allen, oliver queen. 


මෙතනදි nekron පැහැදිලි කරනවා ගොඩක් superherosල මැරුන එකපාරක් නෙවේ සමහර අය ගොඩක් පාරක්. ඒත් එයාලට මරණයෙන් පලායන්න බෑ, Nekron තමයි එයාලට ආපහු යන්න දුන්නෙ. ඒ මේ දවස වෙනුවෙන්. මොකද මෙයලා තාමත් nekronට සම්බන්ධයි. දැන් එයාලා nekronගෙ black lanternලා. ඒවගේම අමතක කරන්න එපා barryයි halලුයි දෙන්නමත් මේ ලගකදි මැරිලා ආපහු මේ ලෝකෙට ආපු අය. Rings මෙයාල පස්සෙන් ආවත් barry halවත් ඇදගෙන තප්පර දෙකක් අනාගතයට දුවනවා. මේක නිසා මෙයාලාට පුලුවන් වෙනව තාවකාලිකව rings සහ මෙයාල අතර තිබුන සම්බන්ධය බිද දමන්න. ඊට පස්සෙ Ganthetට පුලුවන් වෙනවා හැම lantern ring එකක්ම duplicate කරනන. පිලිගන්න අලුත්ම lanternලා, 
Barry allen- Blue light of hope, The Atom- Indigo light of compassion, Scare crow- Yellow light of fear, Lex luthor- Orange light of greed, Mera(Aquawoman )- Red light of rage, Wonder woman- Violet light of love. 


මේ හැමෝම ආපහු පටන් ගන්නව ඒගොල්ලන්ගෙ සටන, ඒවගේම ආපහු hal parallax එක්ක එකතු වීමෙන් එයාලට පුලුවන් වෙනව black lantern spectreවත් පරාද කරන්න. ඒත් මෙයාල කොච්චර උත්සහා කරත් nekronව පරද්දන්න බැරි වෙනවා. මේ අතර nekron කාව හරි අමතනවා. පිලිගන්න The entity, 


ඒවගේම nekronට ඕනා මේ entityව මරන්න. මොකද ජීවත් වෙලා ඉන්න හැම කෙනෙක්ම මේ entityට සම්බන්ධයි. මේක තමයි nekronගෙ සැලසුම උනේ මුල ඉදන්ම. Entityව මැරීමෙන් හැමදේම මරන එක. ඒත් මේ entityත් අනිත් හැම entity කෙනෙක්ම වගේ තමයි. මෙයා කාත් එක්ක හරි සම්බන්ධ උනොත් මෙයාට පුලුවන් වෙයි සමහරවිට nekronව පරද්දන්න. Sinestro තමයි ඉස්සරහට ඇවිත් හැමෝටම පේන්න entity එක්ක සම්බන්ධ වෙලා පලමු white lantern වෙන්නෙ. 


ඒත් ඒක කොහෙත්ම මදි, මොකද nekron sinestroගෙ ඇග ඇතුලට අත දාල entityව එලියට ඇදල ගන්න උත්සහ කරනවා. මේ වෙලාවෙ hal ඇතුලු හැම lantern කෙනෙක්ම එකතු වෙලා nekronට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒත් එක්කම hal කියනව, nekron ඔයා සමහරවිට අපිට ආපහු මේ ලෝකෙට එන්න දොර අරින්න ඇති, ඒත් අපි තමා තෝරගත්තෙ ආපහු එනවද නැද්ද කියන එක. අපි හැමෝම ආපහු මේ ලෝකෙට ආවෙ අපි මරණය ඉදිරියෙ ජීවිතය තෝරගත්ත නිසා. මේක ඇහුන entity මරණයෙන් නැගිටල ආපු හැමෝටම දෙනව white ring එකක්. මේක තමයි white lantern corps එකේ ආරම්භය. 


මේ ring එකක් william handටත් ලැබෙනව මේකෙන් එයත් ආපහු සාමාන්‍ය අතට හැරෙනවා. ඒකෙන් nekronට මේ ලෝකෙත් එක්ක තිබුණ සම්බන්ධය බිද වැටෙනවා. මේක නිසා nekron පරාද වෙනවා. ඒවගේම aquaman,hawkgirl,hawkman,firestorm වගේ heroesල සහ villainsල ගොඩකට ආපහු පණ ලැබෙනව,ඒකට හේතුව කවුරුත් දන්නෙ නෑ. ඒවගේම Anti-Monitorටත් පණ ලැබෙනවා. ඒවගේම Deadman තවදුරටත් මැරුන කෙනෙක් නෙවේ. ඒවගේම white lantern එකක් කොහෙන්ද මතු වෙලා. මේ සේරම Brightest day storyline එකේදි continue වෙනවා. අපි ඒක ගැන වෙන දවසක කරමු. 


‪Shazam_Wayne‬

Share this:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates