LATEST :

Saturday, October 31, 2015

Blackest Night

HALLOWEEN SPECIAL 

Blackest night- The Complete Story 


Blackest night සිද්ද වෙන්නෙ හැම lantern වර්ගයක්ම හොයාගත්තට පස්සෙ. ඒවගේම අනාවැකියක් තියෙනවා Blackest night ලගදීම එනවා කියලා. Guardiansල මේක නවත්තන්න එයාලට කරන්න පුලුවන් හැමදේම කරනවා. ඒත් green lanternලා කිහිපදෙනෙක් Black lantern battery එක ඇතුලට ඇදිලා ගියාම හැම දේකටම පරක්කු වැඩි. ඒක William handව තෝරගන්නවා එයාලගෙ නැංගුරම හැටියට මේ ලෝකෙට. ඒවගේම මේ story line එක සිද්ද වෙන්නෙ Final crisis එකට පස්සෙ. ඒකියන්නෙ හැමෝම හිතන්නෙ Batman darkseid අතින් මැරුන කියලා ඒත් ඇත්තටම Batman කාලයෙ හිරවෙලා හිටියෙ මේ කාලෙ අතර තුර. 
අපේ කතාව පටන් ගන්නෙ Hal සහ Barry එයාල මැරුන කියල හිතන එයාලගෙ යාලුවට අවසන් ගරුත්වය පුද කරනවත් එක්ක. මේ අතරතුර එයාලා කතා වෙනව මේ වෙනකොට නැති උන හැම කෙනෙක් ගැනම. Martian manhunter,Aquaman,Firestorm සහ අනිත් හැම වීරයෙක්ම, ඒවගේම දැන් Batman. Hal සහ barry දෙන්නම මීටකලින් මේ ලෝකෙන් සමුගත්තත් එයාලා ආපහු එන්න මාර්ගයක් හොයාගත්තා. මේ ගැන කතා වෙන ගමන් එයාලා සොහොනෙන් යන්න යනවා. ඒත් මේ දෙන්න ඇරුනම් තව කෙනෙක් සොහොන ඉන්නවා. Black hand( William hand) අන්ධකාරයෙන් එලියට ඇවිත් Bruceගෙ හිස් කබල එයාගෙ වලෙන් එලියට ගන්නවා. 


The blackest night 
Falls from the skies 
The darkness grows 
As all light dies 
We crave your hearts 
And your demise 
Be my black hand 
The dead shall rise. 
නැගිටින්න Bruce wayne නැගිටින්න. 


J'onn J'onzz,Ronnie raymond,Ryan Kendall,Roscoe Dillon,Lisa snart,Digger Harkness,Arthur curry නැගිටින්න. මේ වෙනකොට මැරිල හිටිය හැම superhero සහ supervillain කෙනෙක්ටම Black lantern ring එකක් හම්බෙනවා. ඒත් එක්කම එයාලා එයාලගෙ වලෙන් නැගිටිනවා. J'onn j'onzz Hal සහ barry ඉස්සරහට ඇවිත් අහනවා ඔයාලා කොහොමද ජීවතුන් අතර ඉන්නෙ කියලා. මේ අතරතුර Hawkman සහ Hawkgirl මුලින් පරාද පරාද වෙන්නෙ. දැන් එයාලා මැරුන නිසා, Carter Hall, Kendra Saunders නැගිටින්න. Hal සහ Barryගෙ පැත්තෙ, එයාලා පුදුම වෙලා බලන් ඉන්නවා එයාලගෙ කලින් මැරුන යාලුවා එයාල ඉස්සර හිටගෙන ඉන්නවා දැකලා. හල් එයාගෙ ring එක පාවිච්චි කරලා ටේරුන් ගන්නවා මෙයා කලින් හිටපු j'onn නෙවේ කියලා. මෙතනදි එයාලගෙ සටන පටන් ගන්නවා. 


කොහොමහරි Flash සහ Green lantern මෙතනින් පලායනවා. මේක නිසා Martian manhunter මුලු නගෙරෙම විනාශ කරන්න පටන් ගන්නවා මම superman තරන්ම powerful කියනවත් එක්කම. Flash සහ green lantern ඉක්මනට මෙයාව නවත්තන්න හැදුවන් j'onn මෙයාලගෙ මනසත් එක්ක සෙල්ලම් කරනවා. මෙයාල හිතන්නෙ එයාලා සටන් කරන්නෙ J'onn එක්ක කියලා ඒත් ඇත්තටම එයාල සටන් කරන්නෙ ඒගොල්ලො එක්කමයි. මේ අතර black lantern rings මුලු universe එක හරහම ගමන් කරනවා මල සිරුරු හොය හොය. මෙතනදි තමයි හැම දේම තවත් නරක අතට හැරෙන්නෙ. Aquaman ආපහු ඇවිත් Aquawomanට පහර දෙන්න හදනවා, ඒවගේම Deadman කලබල වෙන්න පටන්ගන්නව මොකද එයාගෙ සිරුර නැගිටින්න හදනව ඒත් ඒක් කොහොමද වෙන්නෙ එයාගෙ ආත්මය එයාගෙ සිරුර ලග ඉන්න කොට. ඒවගේම spirit of vengeance, the spectreත් ආපහු නැගිටිනවා. 


ඒවගේම මැරුන හැම green lantern කෙනෙක්ම ආපහු නැගිටින්න පටන් ගන්නවා. Mogo ඇතුලත්ව. අනිත් lantern corps වල අයත් ආපහු නැගුටින්න පටන් ගන්නවා. ආපහු පෘථිවියෙ barry සහ hal උත්සාහ කරනව මෙයාලව පරද්දන්න ඒත් හරියන පාටක් කොහෙත්ම නෑ. මේ අතර indigo lantern කෙනෙක් ඇවිත් පෙන්නනවා එයාට පුලුන් කියලා black Lanternල පරදන්න emotional spectrum එකට ටැප් වෙලා. එයා ඉක්මනට Flashවයි green lanternවයි අරන් teleport වෙනවා Hall of justice වලට. මෙතනදි එයාලට හම්බෙනවා Mera,Firestorm සහ Atom. හැමෝටම මෙතන මොකද වෙන්නෙ කියලා දැනගන්න ඕනා, එතකොට Indigo 1 පැහැදිලි කරනවා ඒවගේම කියනවා හැම lantern corps එකම එකට එකතු වෙන්න ඕන කියලා එයාව නවත්තන්න. එයා කිව්වෙ Nekron. Black lantern corps එකේ entity. මෙයාල සැලැස්මක් ගැන හිතන්නත් කලින් black lanternල මෙයාලව හොයාගෙ පහර දෙන්න පටන් ගන්නවා. මෙතදි black lantern firestorm දැන් ඉන්න firestormගෙ පෙම්වතියව මරනව මේකෙන් firestormව equation එකෙන් අයින් වෙනවා. 


Black lantern කෙනෙක් කෙනෙක්ව මරන හැම පාරම එයාලගෙ power level එක ඉහල යනවා. Firestormගෙ බාගයක මරනාත් එක්ක එයාලගෙ power level එක 56.56% දක්වා ඉහල යනවා. ආයෙත් indigo lantern ඉක්මනට මෙයාලව අරගෙන teleport වෙනවා. ඒවගේම indigo 1 හැම corps එකෙන්ම එක්කෙනෙක්ව අරන් එනවා මේ අතර තුර. Hal jordan- Green, Larfleeze- orange, Sinestro-Yellow, Saint walker- Blue, Carol ferris- Sapphire, Atrocitus- Red. මෙයාල එකිනෙකාට එච්චර කැමති නැති උනතෙයාලට එකට එකතු වෙලා වැඩ කරනව ඇරෙන්න වෙන දෙයක් ඉතුරු වෙලා නෑ. 


ආපහු පෘථිවියෙ, Flash හැමෝටම අනතුරු අඟවනවා මුලු ලෝකෙටම. මේ අතර තුර black lanternලගෙ power level එක 100% දක්වා ඉහල ගිහින් ඉවරයි. මේ එක්කම Nekronට පුලුවන් වෙනවාමේ ලෝකෙට එන්න. Teen titans සහ justice league එක nekron එක්ක සටනට සූදනම් වෙනවා ඒවගේම අපේ lanternලත් මෙතනට එනවා. ඒත් මේ අතරෙ black ring එකක් batmanව නැගිට්ටනවා. ඊටපස්සෙ එයාගෙ කටෙන් තව black rings වගයක් එලියට එනවා.Diana prince, Kal-El, conner kent,Bart allen, oliver queen. 


මෙතනදි nekron පැහැදිලි කරනවා ගොඩක් superherosල මැරුන එකපාරක් නෙවේ සමහර අය ගොඩක් පාරක්. ඒත් එයාලට මරණයෙන් පලායන්න බෑ, Nekron තමයි එයාලට ආපහු යන්න දුන්නෙ. ඒ මේ දවස වෙනුවෙන්. මොකද මෙයලා තාමත් nekronට සම්බන්ධයි. දැන් එයාලා nekronගෙ black lanternලා. ඒවගේම අමතක කරන්න එපා barryයි halලුයි දෙන්නමත් මේ ලගකදි මැරිලා ආපහු මේ ලෝකෙට ආපු අය. Rings මෙයාල පස්සෙන් ආවත් barry halවත් ඇදගෙන තප්පර දෙකක් අනාගතයට දුවනවා. මේක නිසා මෙයාලාට පුලුවන් වෙනව තාවකාලිකව rings සහ මෙයාල අතර තිබුන සම්බන්ධය බිද දමන්න. ඊට පස්සෙ Ganthetට පුලුවන් වෙනවා හැම lantern ring එකක්ම duplicate කරනන. පිලිගන්න අලුත්ම lanternලා, 
Barry allen- Blue light of hope, The Atom- Indigo light of compassion, Scare crow- Yellow light of fear, Lex luthor- Orange light of greed, Mera(Aquawoman )- Red light of rage, Wonder woman- Violet light of love. 


මේ හැමෝම ආපහු පටන් ගන්නව ඒගොල්ලන්ගෙ සටන, ඒවගේම ආපහු hal parallax එක්ක එකතු වීමෙන් එයාලට පුලුවන් වෙනව black lantern spectreවත් පරාද කරන්න. ඒත් මෙයාල කොච්චර උත්සහා කරත් nekronව පරද්දන්න බැරි වෙනවා. මේ අතර nekron කාව හරි අමතනවා. පිලිගන්න The entity, 


ඒවගේම nekronට ඕනා මේ entityව මරන්න. මොකද ජීවත් වෙලා ඉන්න හැම කෙනෙක්ම මේ entityට සම්බන්ධයි. මේක තමයි nekronගෙ සැලසුම උනේ මුල ඉදන්ම. Entityව මැරීමෙන් හැමදේම මරන එක. ඒත් මේ entityත් අනිත් හැම entity කෙනෙක්ම වගේ තමයි. මෙයා කාත් එක්ක හරි සම්බන්ධ උනොත් මෙයාට පුලුවන් වෙයි සමහරවිට nekronව පරද්දන්න. Sinestro තමයි ඉස්සරහට ඇවිත් හැමෝටම පේන්න entity එක්ක සම්බන්ධ වෙලා පලමු white lantern වෙන්නෙ. 


ඒත් ඒක කොහෙත්ම මදි, මොකද nekron sinestroගෙ ඇග ඇතුලට අත දාල entityව එලියට ඇදල ගන්න උත්සහ කරනවා. මේ වෙලාවෙ hal ඇතුලු හැම lantern කෙනෙක්ම එකතු වෙලා nekronට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒත් එක්කම hal කියනව, nekron ඔයා සමහරවිට අපිට ආපහු මේ ලෝකෙට එන්න දොර අරින්න ඇති, ඒත් අපි තමා තෝරගත්තෙ ආපහු එනවද නැද්ද කියන එක. අපි හැමෝම ආපහු මේ ලෝකෙට ආවෙ අපි මරණය ඉදිරියෙ ජීවිතය තෝරගත්ත නිසා. මේක ඇහුන entity මරණයෙන් නැගිටල ආපු හැමෝටම දෙනව white ring එකක්. මේක තමයි white lantern corps එකේ ආරම්භය. 


මේ ring එකක් william handටත් ලැබෙනව මේකෙන් එයත් ආපහු සාමාන්‍ය අතට හැරෙනවා. ඒකෙන් nekronට මේ ලෝකෙත් එක්ක තිබුණ සම්බන්ධය බිද වැටෙනවා. මේක නිසා nekron පරාද වෙනවා. ඒවගේම aquaman,hawkgirl,hawkman,firestorm වගේ heroesල සහ villainsල ගොඩකට ආපහු පණ ලැබෙනව,ඒකට හේතුව කවුරුත් දන්නෙ නෑ. ඒවගේම Anti-Monitorටත් පණ ලැබෙනවා. ඒවගේම Deadman තවදුරටත් මැරුන කෙනෙක් නෙවේ. ඒවගේම white lantern එකක් කොහෙන්ද මතු වෙලා. මේ සේරම Brightest day storyline එකේදි continue වෙනවා. අපි ඒක ගැන වෙන දවසක කරමු. 


‪Shazam_Wayne‬

Jack O'Lantern

Halloween Special - Trick or Treat

ජැක් ඕ'ලැන්ටර්න් කියලා හදුන්වන්නේ හැලොවීන් එකට බටහිර රටවල අය වට්ටක්කා ගෙඩියක ඇතුළ මදය ඉවත් කරලා වට්ටක්කා ගෙඩියේ ඉස්සරහින් මූණක් පේන විදියට පොඩි කොටස් ටිකක් කපලා හැලොවීන් දවසේ රෑට ඒ වට්ටක්කා ගෙඩිය ඇතුළේ ඉටිපන්දමක් පත්තු කරලා කරන සැරසිල්ලක්..

මේ සංකල්පය මාවල් කොමික්වල හතුරෙක් විදියට නිර්මාණය කරලා තියෙනවා..


ජේසන් මැකන්ඩේල්

පළවෙනිම ජැක් ඕ'ලැන්ටර්න් ජේසන් මැකන්ඩේල්.. මැකන්ඩේල් අපකීර්තිමත් හිටපු සී අයි ඒ නියෝජිතයෙක්.. මැකන්ඩේල් ස්පයිඩර් මෑන්ගේ හතුරෙක්.. මැකන්ඩේල් හොබ්ගොබ්ලින් එක්ක එකතු වෙලා මුලින් වැඩ කරන්නේ.. 
ස්පයිඩර් මෑන් එක්ක සටනක් අතරතුරේ හොබ්ගොබ්ලින් මැකන්ඩේල්ගේ ජීවිතය අනතුරේ දාලා පැනලා යනවා.. මැකන්ඩේල් එතනින් පැනගන්නේ හොබ්ගොබ්ලින්ගෙන් පළිගන්නවා කියලා දිවුරලා.. විදේශීය කුලී මිනී මරුවෙක් ලවා හොබ්ගොබ්ලින්ව මැරුවත් ඒ මැරෙන්නේ ඇත්ත හොබ්ගොබ්ලින් රොඩ්‍රික් කින්ග්ස්ලි බ්‍රේන් වොශ් කරපු වෙන මනුස්සයෙක්.. ඒ අතරේ මැකන්ඩේල් මැරිච්ච එකාගේ හොබ්ගොබ්ලින් සූට් එක අරගෙන හොබ්ගොබ්ලින් වෙනවා.. පස්සේ කලෙක කින්ග්ස්ලි පෞද්ගලිකවම ඇවිත් මැකන්ඩේල්ව මරනවා..

පළවෙනි ජැක් ඕ'ලැන්ටර්න් පාවිච්චි කලේ වට්ටක්කා ගෙඩියෙන් හදන ජැක් ඕ'ලැන්ටර්න් එකක හැඩයේ හෙල්මට් එකක් සහ හූවර්ක්‍රාෆ්ට් එකක්..



ස්ටීවන් මාක් ලෙවින්ස්

ස්ටීවන් මාක් ලෙවින්ස් තමයි වැඩියෙන්ම ප්‍රසිද්ධ ජැක් ඕ'ලැන්ටර්න්.. වෘත්තීමය අපරාධකාරයෙක් වෙන ලෙවින්ස් ස්පයිඩර් මෑන් වගේම, කැප්ටන් ඇමරිකාගෙත් හතුරෙක්..
සිවිල් වෝ වලදී ලෙවින්ස් තන්ඩර්බෝල්ට්ස් කියන හීරෝලා දඩයම් කරන කණ්ඩායමට එකතු වෙනවා.. ස්පයිඩර් මෑන් අල්ලන්න යන සටනකදී පනිශර් ලෙවින්ස්ගේ ඔළුවටම වෙඩි තියලා මරනවා..

ලෙවින්ස්ගේ ජැක් ඕ'ලැන්ටර්න් සූට් එකේ රාත්තල් හතේ යුධ ටැංකිනාශක බසූකා මිසයිලයක් උනත් දරාගන්න පුළුවන් විදියේ ලෝහ දැල් සහිත කෙව්ලර් ඛණ්ඩ කිහිපයක් සහිත ආරක්ෂක වැස්මක් තියෙනවා.. උණ්ඩ නොවදින පැය තුනක අන්තර් වායු සැපයුමක් දෙන හෙල්මට් එකක් ලෙවින්ස් පාවිච්චි කරන්නේ.. හෙල්මට් එකේ ඉන්ෆාරෙඩ්, ටෙලස්කෝපික් විශන්ස් වගේම අංශක 360ක පෙනීමක් ලබාදෙන ප්‍රතිබිම්බ තිව්‍රකාරකයක් සහිත උපකරණයක් සවි කරලා තියෙන්නේ.. 
ලෙවින්ගේ මැණික් කටුවල මීටර් එකොළහක පරාසයකට විදුළි දහරාවක් විහිදුවන්න පුළුවන් උපකරණ හයි කරලා තිබ්බා.. ඒ වගේම නිර්වින්දක, කදුළු ගෑස්,hallucinogenic gas, regurgitant gas වගේ විවිධාකාර බෝම්බ ලෙවින්ස් පාවිච්චි කලා.. මණික් කටුවල තියෙන උපකරණවලිනුත් පොඩි පොඩි බෝම්බ යවන්න පුළුවන්කම ලෙවින්ස්ට තිබ්බා.. ඊට අමතරව ලෙවින්ස් ගෝස්ට් ග්‍රැබර්ස් කියන හතුරන්ව ඇලවෙන අර්ධ පාරදෘශ්‍ය පටල වර්ගයකුත් පාවිච්චි කරනවා..
ඉහළ ඝනත්වයකින් යුතු ලිතියම් බැට්‍රියක් සහිත ඉලෙක්ට්‍රික් මෝටරයක් සහිත හූවර්ක්‍රාෆ්ට් එකක් යොදාගත්තේ..


මෑඩ් ජැක්

නෝමන් ඔස්බෝන්ගේ උදව් ඇතිව ඩැනියෙල් බර්ක්හාර්ට් (කලින් මිස්ටීරියෝ කෙනෙක්) ජැක් ඕ'ලැන්ටර්න්ගේ ඇදුම, උපකරණ භාවිත කරමින් 'මෑඩ් ජැක්' නමින් ඔස්බෝන්ගේ වැඩවලට උදව් කරනවා.. ග්‍රීන් ගොබ්ලින් මැජික් චාරිත්‍රයක් ඉටු කරන වෙලාවක ඒ චාරිත්‍රය වැරදීමෙන් පිස්සු ස්වභාවයකට පරිවර්තනය වෙන නිසා මෑඩ් ජැක්ට ස්වාමියෙක් නැති වෙනවා.. මේ අතරේ මුල්ම මිස්ටීරියෝ වෙන ක්වින්ටින් බෙක්ගේ ඥාති සහෝදරියක් හම්බෙනවා.. ඇයගේ උදව්වෙන් බර්ක්හාර්ට් ආයෙත් මිස්ටීරියෝ වෙනවා.. 

බර්ක්හාර්ට් ලෙවින්ස්ගේ උපකරණවලට අමතරව මනෝභ්‍රාන්තික වායු බෝම්බ හා මනස පාලනය කරන්න පුළුවන් වායු බෝම්බ පාවිච්චි කරනවා..



ස්ටීවන් ලෙවින්ස්ගේ සහෝදරයා

ගුප්ත රාක්ෂයෙක්ගේ බලයෙන් තමන්ගේ හිස ඇත්තම ජැක් ඕ'ලැන්ටර්න් එකක් කරගන්න පුළුවන් තමාව ලෙවින්ස්ගේ සහෝදරයා කියලා හදුන්වා ගන්න කෙනෙක් පොලීසියෙන් අත් අඩංගුවට ගන්නවා.. පස්සේ නෝමන් ඔස්බෝන් එයාව නිදහස් කරලා තමන්ගේ හමුදාවේ ජැක් ඕ'ලැන්ටර්න් බවට පත් කරගන්නවා..



ක්‍රයිම් මාස්ටර්ගේ ජැක් ඕ'ලැන්ටර්න්

ජැක් කියලා දෙමව්පියන්ට අකීකරු වෙන, සත්තුන්ට හිරිහැර කරන පොඩි ළමයෙක් හැලොවීන් රාත්‍රියේ ජැක් ඕ'ලැන්ටර්න් විදියට ඇදගෙන ට්‍රික් ඕර් ට්‍රීට් කර කර යනකොට ක්‍රයිම් මාස්ටර්ගේ ගෙදරට යනවා.. ක්‍රයිම් මාස්ටර් ජැක්ව තමන්ගේ යටතට අරගෙන ඇසසින් කෙනෙක් කරන්න පුරුදු කරවනවා.. ජැක් ලොකු වෙලා මුලින්ම මරන්නේ එයාගේ දෙමව්පියන්ව.. මේ ජැක් ඕ'ලැන්ටර්න් කලින් ජැක් ඕ'ලැන්ටර්න් කියන නම පාවිච්චි කරපු හැමෝම මරනවා.. මේ ජැක් ඕ'ලැන්ටර්න් තමා මම හිතන්නේ භයානකම ජැක් ඕ'ලැන්ටර්න්.. මොකද මෙයා තමන් මරන අයගේ මොළේ හා ඔළුව ඇතුළේ තියෙන හැමදේම ඉවත් කරලා හිස් කබල ඇතුළේ ඉටිපන්දම් පත්තු කරනවා.. 



කලින් හිටපු හැම ජැක් ඕ'ලැන්ටර්න් කෙනෙක්ගේම උපකරණ මෙයා පාවිච්චි කරනවා.. ඒත් හූවර්ක්‍රාෆ්ට් එකක් වෙනුවට මෙයා පාවිච්චි කරන්නේ ජෙට් බලයෙන් වැඩ කරන ඉදල් මිටක්..


#‎ආර්කේඩ්‬

Friday, October 30, 2015

Arrow S04E04 Review

Arrow S04E04- Beyond Redemption

* Who is that nasty looking Lady Cop
* Arrow Cave 3.0

Bonus
* A savior from the hell

Full of Spoilers. Read at your own risk

ඔන්න පුරුදු විදිහටම අපි අදත් ඇරෝ කතාව අරගෙන ආවා. මේ දක්වා අපි ඇරෝ කතාවේ සීසන් 4 එකේ දී දැක්කේ එක්තරා විදිහක පිවිසීමක් වගේ. හැබයි මේ සතිය වෙද්දී අවශ්‍ය මූලික පාදම දාගෙන ඉවරයි. ඒ මොකද කියනවා නම් මේ සතියේ කොටස සමස්ථයක් විදිහට බලද්දී ලොකු දෙයක් දුන්නේ නැති උණාට මේ දක්වා පෙන්වපු කරුණු වල ගැඹුර ට ගියා. විශේෂයෙන්ම ඔලිවර් සහ ලාන්ස් අතර තියන සම්බන්දය ගැන වැඩිපුර අවධානය යොමු උණා. එහෙනම් අපි බලමු මේ සතියේ කතාවේ දී අපිට දකින්න පුළුවන් උනේ මොනවාද කියලා.

1. Arrowcave 3.0

ගිය සතියේ ඔලිවර් ගේ රහස් කුටිය එහෙමත් නැතිනම් ඇරෝ කේව් එක එළිදරව් උණාට පස්සේ ඔලිවර් අලුත් තැනක් ගැන සඳහනක් කෙරුවා. ඒක හරියටම අපිට දැක ගන්න පුළුවන් උනේ අද. මේ තුන්වෙනි ඇරෝකේව් එක. ඇරෝකේව් කියන වචනය කෙලින්ම කිව්වේ නැතිවට කොමික් වල භාවිතා වෙන වචනයම මෙතන දී භාවිතා කරන්න හිතුවා. කලින් දැකපු දෙකටම වඩා මේකේ පහසුමකම් ගොඩක් තියනවා. ඒ වගේම ටිම් ඇරෝ එක වෙනුවෙන් ඉඩක් වෙන් කරලා තියනවා. ඒ වගේම ඔලිවර් ගේ සැලමන් ලැඩර් එකට පවා තැනක් වෙන් වෙලා තියනවා මේකෙත්. හැබයි මේවා හදන්න අනුන්ගේ සල්ලි වියදම් කරපු එක නම් අනුමත කරන්න බෑ කොහෙත්ම. අර මනුස්සයා ආපහු ආව දවසට මොනවා නොකියයි ද.


ඔලිවර් ගේ මේ රහසිගත නවාතැන් පොළ ගැන අපිට කොමික් වල නිතරම අහන්න ලැබෙනවා. ඉන්ජස්ටිස් කතාවේ දී හාර්ලි හිර කරලා තියන්න ඔලිවර් මෙතන තමයි යොදා ගත්තේ. Arrowcave කියන එකට වඩා Arrow-quiver කියන වචනය හොදයි කියලා හාර්ලි, ඔලිවර් චාටර් කරන්නේ මෙතන. පස්සේ හාර්ලි, බිලිව හිර කරලා තියන්නෙත් මෙතන.



2. Sara is not a white canary yet
සේරා පත්වෙලා ඉන්න තත්ත්වය ඇත්තම කනගාටු දායකයි. ලෝරල් ගැන තියන තරහා තවත් වැඩි වෙන්න මේක හේතුවක් මට නම්. මොකද සත්ත්වයෙක් හිර කරලා තියනවා වගේ මට නම් හිතෙන්නේ. ඇත්තටම අපි මේක ගැන ගැඹුරින් බැලුවොත් ලෝරල් සහ සේරා අතරේ ඒ දවස් වල ඉදන් තරඟයක් තිබ්බා. පස්සේ කාලේක ඒක සමථයකට පත් උණාට ලෝරල් ට හැම වෙලේම හම්බුනේ දෙවෙනි තැන. සේරා තමයි පළවෙනියා උනේ. අඩු ගානේ අයුක්තිය වෙනුවෙන් සටන් කරන එක උණත් සේරා කරපු හින්දා කරන්න ගත්තේ. මෙතන දී පලවෙනි වතාවට ලෝරල් ට සේරා ඉක්මවලා යන්න පුළුවන් උණා. ඒ සේරාව මරණයෙන් නැගිට්ටවන එක. මට නම් පේන්නේ සේරා ඉන්න තත්ත්වය ගැන ලෝරල් දුක් උණාට පොඩි ආඩම්බරයකුත් තියනවා. සේරා ව ආපහු යථා තත්ත්වයට පත් කරන කෙනා වීමේ ආශාව ලෝරල් ට හොදටම තියනවා. 



3. THE father
මේ සතියේ ලාන්ස් වෙනුවෙන් වැඩි අවධානයක් වෙන් උනා. එයා සේරා ඉන්න තත්ත්වය දැකලා ගොඩක් කම්පාවට පත් වෙනවා. ආපහු යථා තත්ත්වයට පත් කරන්නේ කොහොමද කියලා එයා ඩේමියන් ගෙන් පවා උපදෙස් ගන්නවා. අන්තිමේ බැරිම තැන සේරා ගේ ජිවිතේ නැති කරන්න පවා එයා උත්සාහ කරනවා. ඒ තීරණය ට ලාන්ස් එන්නේ ගොඩක් අමාරුවෙන්. එයාට ඒක කරන්න බැරි උණාට එතන දී එයා කියනවා තමන්ගේ දුවලා දෙන්නා වෙනුවන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි කියලා. මෙතන දී මට නම් ලාන්ස් ගැන අනුකම්පාවක් හිතෙන්නේ.



4. Lance and Oliver
තමන්ගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් කරන කැප වීම හින්දාම තමයි ලාන්ස් ට ඩේමියන් ගේ අණට කීකරු වෙන්න සිද්ද වෙන්නේ. ලාන්ස් ගේ රහස දැන ගන්න ඔලිවර් ගොඩක් කලකිරෙනවා. අපිට කලින් තේරුනේ නැති උණාට පහුගිය අවුරුදු වල දී ඔලිවර් ගේ ජිවිතේ වෙනස් කරන්න ලාන්ස් හේතුවෙලා තියනවා. ඔලිවර් වඩා හොඳ වීරයෙක් වෙන්න බලපෑව දේවල් වලින් ඒක ප්‍රධාන එකක්. ඔලිවර් ගේ වචන වලින් ම කියන විදිහට ලාන්ස් ඉදිරියේ පිළිගැනීමක් ගන්න ඔලිවර් ගොඩක් උත්සාහ කරලා තියනවා. ඒ වගේම තමයි ලාන්ස් ට මුලින්ම ඩේමියන් ගේ පිහිට හොයන්න හේතු වෙන්නෙත් ඔලිවර් ගේ ඉවත් ව යාම. 



5. Oliver Queen for Mayer
නගරාධිපති තනතුරට ඔලිවර් ඉදිරිපත් වෙන්න ලාන්ස් හේතු වෙනවා වගේම ලාන්ස් ගේ වෙනස් වීම හින්දා ඔලිවර් ට ඒක ගැන කලකිරෙනවා. ඒත් අවසානයේ ලාන්ස් ව නියම ආකාරයට තේරුම් ගත්ත හින්දා ඔලිවර් තරඟයට ඉදිරිපත් වෙනවා. ඒ වගේම තමයි හිතනවාට වඩා ලොකු උපකාරයක් තියා ගෙන් හම්බෙනවා. මුලින්ම මේ කට්ටිය ගේ ප්‍රතිචාර එක්ක බලද්දී නම් මේක සෑහෙන්න වටිනවා.



6. They are good
මේ සතියේ කතාවේ සතුරු භූමිකාව රඟපාන්නේ ස්ටාර් සිටි පොලිසියේම කොටසක්. මේ අය අපරාධ වලට එරෙහිව සටන් කරනවාට වඩා තමන්ගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් මහන්සි වෙන කණ්ඩායමක්. නවීනතම තාක්ෂනය වගේම ඉහල මට්ටමේ පුහුණුවක් මේ අයට තියනවා. ටීම් ඇරෝ එක මුලින්ම හම්බුනු අවස්තා වේ දී සම්පුර්ණයෙන්ම පරාද කරන්න මේ අයට පුළුවන් වෙනවා.


7. Liza Warner aka Lady Cop
රහසිගත කණ්ඩායමේ නායිකාව තමයි ලීසා වෝනර්. මෙයා කරන්නේ වැරදි වැඩක් උණත් යම්කිසි සීමාවක් තියාගෙන වැඩ කරනවා. ඒ වගේම තමයි නිතිය හා සාධාරණත්වය ගැන මෙයාගේ විශ්වාසය සම්පුර්ණයෙන්ම නැති වෙලා නෑ.


අපිට කොමික් වල දී මේ නම තියන කෙනෙක් හම්බෙනවා. හැබයි මෙයා වැඩ කරන්නේ නම් ස්ටාර් සිටි වල නෙවේ. Ivy Town වල. මෙයාට කියන්නේ ලේඩි කොප් කියලා. කොමික් වල දී නම් මෙයා අවංක වගේම නිර්භීත කෙනෙක්. 


8. Inspiration of Captain. Lance
ලාන්ස් මේ සතිය ඇතුළත ගොඩක් පහලට වැටුණා. එයාගේ එක දුවකගේ ජිවිතේ අනතුරේ. ඒ වගේම අනිත් දුව මරණයෙන් ආපහු නැගිට්ටෙව්වට පස්සේ හැසිරෙන්නේ සතෙක් වගේ. ඒ අතරේ එයා ගේ වැරදි ඔලිවර් ට අහුවෙනවා. මේ කරුණු එක්ක ලාන්ස් හොදටම වැටුණා. ඒත් එයා ආපහු තමන් ගේ මහන්සි යෙන්ම ගොඩ ආවා. ස්ටාර් සිටි කියන්නේ බේරන්න බැරි තැනක් කියලා ඔලිවර් පවා හිතන කොට ලාන්ස් බලාපොරොත්තු අත් හැරියේ නෑ. ලීසා ගේ හිත පවා වෙනස් කරන්න තරම් ලාන්ස් කටයුතු කෙරුවා. ඒ වගේම තමන්ගේ වැරදි වෙනුවෙන් දඩුවම් විදින්න පවා එයා ලෑස්ති උණා. ඩේමියන් ට උදව් කරනවා කියලා පෙන්වන ගමන් රහසිගතව උදව් කරන්නත් මෙයා කටයුතු කරනවා.


අපි කලින් දැන ගෙන හිටියේ නෑ ඔලිවර් සහ ලාන්ස් අතර මේ විදිහේ ගැඹුරු සම්බන්දයක් තියනවා කියලා. ඒ වගේම තමයි ඩේමියන් ගාව දිගටම ඉන්න කියන්නෙත් ඔලිවර්. මේ කාරණායත් එක්ක බලපුවාම අපි කලින් කොටසක දැක්ක සොහොන ලාන්ස් ගේ වෙන්න තියන සම්භාවිතාවයත් ඉහල යනවා. මොකද ලාන්ස් භාර ගත්ත රාජකාරිය ගොඩක් අවදානම්. ඒ වගේම තමයි ලාන්ස් ට කරදරයක් උනොත් ඔලිවර් වරදකාරී හැඟීමක් දැනෙන්න ඉඩක් තියනවා. හැබයි ඉතින් මේකත් අනුමානයක් විතරයි තවම.


9. Old memories
මේ අතර තුරේ දී ෆෙලිසිටි වෙනම අභියෝගයකට මුහුණ දෙනවා. ඒ තමයි රේ පාමර් ගේ පණිවිඩයක් හම්බෙන එක. මේ වෙද්දී ෆෙලිසිටි සහ ඔලිවර් ගොඩක් සතුටින් ඉන්නවා. ෆෙලිසිටි කැමති වෙන්නේ නෑ ඒ පරණ තුවාලය ආපහු පාරවන්න. හැබයි කර්ටිස් ගේ උපදෙස් මත එයා තීරණය කරනවා ඒ පණිවිඩයට සවන් දෙන්න. අපිට මේකෙන් ගන්න තියන දේ තමයි රේ පාමර් ආපහු ගෙන්වන්න අඩිතාලම දාගන්නේ මේ සිද්ධියෙන් වෙන්න පුළුවන් කියන එක.



10. Flashbacks
වෙනදා වගේම අතීත සිදුවීමේ දී අපි දැක්කා ඔලිවර් තමන්ගේ විර චාරිකාවේ තවත් පියවරක් ඉස්සරහට තියනවා කියලා. හැබයි ඔලිවර් ගේ සන්නි වේදන උපකරණය අහු උණු හින්දා ලබන සතියේ කතාවේ නම් විශේෂ දෙයක් වෙන්න හොදටම ඉඩ තියනවා.



11. Honorable mentions
කර්ටිස් එක අවස්තාවක දී අනුමාන කරනවා ග්‍රීන් ඇරෝ කියන්නේ Neal Adams කියලා කෙනෙක් කියලා. නීල් ඇඩම්ස් කියන්නේ DC කොමික් වෙනුවෙන් බැට් මෑන්, ග්‍රීන් ලැන්ටර්න් , ග්‍රීන් ඇරෝ වෙනුවෙන් නිර්මාණ කරනයෙන් දායක වුනු කෙනෙක්. 
ඒ වගේම ඔලිවර් සහ තියා එක තැනක දී කතා වෙනවා Papp Stadium කියලා එකක් ගැන. මේක නම් කරලා තියෙන්නේ පලවෙනි ග්‍රීන් ඇරෝ කොමික් කතාව ඇතුළත් MORE FUN COMICS #73 වලට නිර්මාණකරනයෙන් දායක වුනු George Papp ට ගරු කිරීමක් විදිහට.


Bonus
A savior from the hell
සේරා ව ආපහු පරණ තත්ත්වයට ගෙන්වන එක කරන්න බැරි දෙයක් කියලා ඩේමියන් කිව්වා උණාට ඒක ඇත්තක් නෙවේ. මොකද මැරුණු අයත් එක්ක ගනුදෙනු කරන්න දක්ෂ අය ඕනේ තරම් ඉන්නවා. ඉතින් වෙනසකටත් එක්ක ඒ අය අතරින් කෙනෙක් ගේ උපකාරය හොයන එක හොදයි නේ. ඒ හින්දා තමයි සේරා හොඳ කරන වැඩේ අති දක්ෂයෙක්ට භාර දෙන්නේ. හැබයි මෙයා ගැන වැඩි විස්තර කතා කරන්නේ අපි ලබන සතියේ. එතකල් ඒ පුද්ගලයා ගැන අවබෝධයක් ගන්න ලබන සතියේ ට්‍රේලර් එක බැලුවා නම් හරි.


#attila_THE_hun

Agents of S.H.I.E.L.D. S03 E05

"4,722 HOURS" - Review

*** >> Spoiler Alert << ***

  • Spoilers Evreywhere.. Read at Your own Risk



වැඩ රාජකාරිත් එක්ක පුංචි ප්‍රමාදයකින් පස්සේ Agents of S.H.I.E.L.D. කථාමාලාවේ පස්වැනි කොටසේ review එක ගෙන එන්නයි සූදානම් වෙන්නේ. කලින් episode එකේදි අපිට දකින්න ලැබුණා Simmons තමන්ට මුහුණ දෙන්න වුණු සිදුවීම Fitzට කියනවා. ඒ ගැනයි අද කථාව වෙන්වෙන්නේ.

Episode එක පටන් ගන්නකොටම අපිට Season 2 වල අන්තිමට වෙන දේ flashback එකක් හැටියට දකින්න ලැබෙනවා. ඒ තමයි Simmonsව monolith එක තුළට ඇදිලා යන දර්ශනය. ඊට පස්සේ හැමෝටම තිබුණ ප්‍රශ්නයක් තමයි Simmonsට මොකද වුණේ? Simmons කොහෙටද ගියේ කියන එක ගැන ගොඩක් දේවල් අපි කථා කළා. කලින් episode වලින් අපිට Simmons කොහෙද හිටියෙ කියන එක ගැන පොඩි අදහසක් ලැබුණා. ඔන්න මේ පාර episode එකෙන් අපිට Simmons ඒ ග්‍රහලෝකයේ මොනවද කලේ එහෙදී මොකද වුණේ කියන දේවල් දැනගන්න ලැබෙනවා.


1 - What Really Happened to Simmons




Episode එක පටන් ගන්නකොටම අපිට Season 2 වල අන්තිමට වෙන දේ flashback එකක් හැටියට දකින්න ලැබෙනවා. ඒ තමයි Simmonsව monolith එක තුළට ඇදිලා යන දර්ශනය. ඊට පස්සේ හැමෝටම තිබුණ ප්‍රශ්නයක් තමයි Simmonsට මොකද වුණේ? Simmons කොහෙටද ගියේ කියන එක ගැන ගොඩක් දේවල් අපි කථා කළා. කලින් episode වලින් අපිට Simmons කොහෙද හිටියෙ කියන එක ගැන පොඩි අදහසක් ලැබුණා. ඔන්න මේ පාර episode එකෙන් අපිට Simmons ඒ ග්‍රහලෝකයේ මොනවද කලේ එහෙදී මොකද වුණේ කියන දේවල් දැනගන්න ලැබෙනවා.

ග්‍රහලෝකය තුළට ඇදිලා යන Simmons ක්‍රමක්‍රමයෙන් ග්‍රහලෝකය පරීක්ෂාවට ලක් කරනවා. එහි වායුස්වභාවය, උශ්ණත්වය වගේම ගුරුත්වය කියන හැමදේම ගැම ඇය තමන්ගේ phone එකේ records තබාගන්නවා. ඒ වගේම මේ ග්‍රහලෝකයට සූර්ය ආලෝකට නොලැබෙන බව ඇයට දකින්න ලැබනවා. හරියටම කිව්වොත් මේ ග්‍රහලෝකය විශාල චන්ද්‍රයෙකුගෙන් වැසී පවතිනවා. මේ හේතුවෙන් සූර්යයාගෙන් ලැබෙන ආලෝක කිරණ මේ චන්ද්‍රයා නිසා ග්‍රහලෝකයට ලැබෙන්නේ නැහැ. මේ නිසාම මේ ග්‍රහලෝකයේ ගස්වැල් පවතින්නත් ඉඩක් නැහැ. පැය ගණනාවක් තමන් teleport වුණු portal එක ළඟ සිටි Simmons එයින් පළක් නොවන බව දැනගෙන මේ ග්‍රහලෝකය ගැන වැඩි විස්තර සොයන්නට පිටත් වනවා.

2 - Adventures of Simmons
 


ජීවිතය රැකගන්න නම් තමන්ට වතුර සහ ආහාර සොයාගන්න අවශ්‍ය බව තීරණය කරන Simmons ඒ දේවල් සොයා ඉදිරියට යනවා. නමුත් අනපේක්ෂිත ලෙස වැලි කුණාටුවකට ඇයව හසුවනවා. ඉන් ටික වේලාවකට පසු සිහිය ලබන ඇය දකින්නේ වතුර සහිත කුඩා පොකුණකුයි. ඒ වෙත දිව යන ඈ රිසි පරිදි ජලය පානය කර ඒ පොකුණට බැහැලා නාගන්නවා. නමුත් එකපාරටම වතුරෙන් මතුවන ජීවී ශාකයක් බදුවූ දෙයක් ඇයව අල්ලා ගන්න තැත් කරනවා. කොහොමහරි ගලකින් පහරදීලා ඒ ජීවියාගෙන් බේරෙන්න Jemma සමත්වෙනවා. සෑහෙන දිනකින් හරිහමන් ආහාරයක් නොලැබුණු නිසා ඇයට ඒ ජීවියාගෙන් ඉතිරි වූ කොටස අමුවෙන්ම කා දමන්නට සිදුවෙනවා. ඉන් පසු උපක්‍රමයෙන් ඇය ඒ ජීවියා මරාදමා ගිණි මැලයක් දල්වාගෙන ජීවියා පුළුස්සාගෙන ආහාරයට ගන්නවා.

දැනට ආපු season 3 දීම අපිට Jemmaගේ විවිධාකාර පැති දකින්න ලැබුණා. මේ නිසාම ගොඩක් දුරට අපිට ඇයගේ වෙනස් වීම් හැමදෙයක්ම පැහැදිලිව දකින්න ලැබුණා. මේ පාර season එකේදීත් ඒ දේවල් අපූරුව ඉස්මතුකරවලා තියෙන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි.

3 - The new bionic next-gen iPhone++++


Simmons මේ හැමදේම record කරන්නේ iPhone එකකටයි. සති 3කට වැඩි කාලයක් phone එකේ battry එක තියෙන එක පුදුමයි. ඒත් මෙතනදී Simmons සඳහන් කරනවා මේක Fitz විසින් හදපු විශේෂිත battry එකකින් සමන්විත phone එකක් කියලා. මේ phone battry එක විශේෂිත නිසා phone එකක් සති 3කට වැඩි කාලයක් තියාගන්න බෑ කියලා කියන තර්කය ඉවත්කරන්න අපිට සිදු වෙනවා. සමහර විට මේ වගේ battry නුදුරු අනාගතයේදීම අපිට දකින්න ලැබෙනවා කියන ඉඟියක්ද දන්නෙත් නැහැ.

4 - Fitz.. 
Fitz.. Fitz.. 


ක්‍රියාදාම, නවතාක්ෂණය, නව ජීවී වර්ග වගේම මානුෂීය හැඟීම් විශිෂ්ඨ ඉස්මතු කරමින් ඒවා මනාව ඉදිරිපත් කරන්න Agents of S.H.I.E.L.D. කථාමාලාව සමත් වෙලා තියෙනවා. ඒ බව හොඳටම මේ episode එකේදි අපිට දැකගන්න පුළුවන්. Simmonsගේ හිතේත් Fitz ගැන කැමැත්තක් තියෙන බව අපි දන්නවා. Fitzට Simmons නැති අඩුව දැනෙන ආකාරය කලින් episode වලදී අපිට දැකගන්න ලැබෙනවා. ඒත් Jemmaට මේ දේවල් කොහොම බලපාවිද කියන දේ ගැන අපිට හරිහැටි අදහසක් ලැබුනේ නැහැ. ඒ මේ පාට episode එකෙන් ඒ දේවල් හොඳටම ඉදිරිපත් කරලා තිබුණා. Episode එකේදී Jemma වචන 20ක් කතා කළොත් ඒ වචන 20න් එකකට හෝ දෙකකට Fitz කියන වචනය කියවුණා. මේ නිසාම මේ දෙන්නා අතර සම්බන්ධය ගොඩක් emotional විදියට අපිට දැනෙනවා. තමන් වඩාත්ම ආදරය කරන කෙනාව නිදාගන්න කලින් මතක් වෙනවා කියන දේත් මෙතනදී පෙන්නුම් කරනවා. Jemma නින්දට යන්න කලින් phone එකේ Fitzගේ photo එකක් දිහා බොහොම ආදරයෙන් බලන් ඉන්න දසුන් පෙළ ඒකට හොඳම උදාහරණයයි.

5 - There's someone else here!
 


ග්‍රහලෝකය ගැන වැඩිදුර විස්තර හොයන්න යන Simmonsව එකපාරටම ගුහාවක් තුළට ඇදවැටෙනවා. ඒ ඇදවැටීමට ඇතිවන කම්පනයෙන් Jemmaට සිහි නැති වෙනවා. සිහිය එනවිට ඇය සිටින්නේ කූඩුවක සිරකරලා. නමුත් කන්න කෑම සහ බොන්න වතුර එහි තබා තිබෙනවා. ඒ වගේම කවුරුන් හෝ පුදගලයෙක් ඇය අසලට පැමිණෙන්න හදා ආපසු හැරී යනවා. කවුරුන් වුණත් ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරන්න පුළුවන්. මේ එහෙනම් Inhuman කෙනෙක්ද? නැත්නම් Kree කෙනෙක්ද? නැතිනම් මේ Lashද? 

6 - Will Daniels; the 'Robinson Crusoe'


Jemmaව සිරකොට තැබූ පුද්ගලයා කවුද කියන දේ ගැන කරුණු අපිට දැනගන්න ලැබෙනවා. Will Daniels කියන්නේ NASA එකෙන් monolith එක හරහා එවපු ගඟනගාමීන් 3 දෙනාගෙන් එක් අයෙක්. විශේෂිතම කරුණ තමයි Will ඇතුළු මේ තිදෙනා මේ ග්‍රහලෝකයට ඇවිල්ලා තියෙන්නේ 2001දී වීමයි. ඒ කියන්නේ Will අවුරුදු 14ක්ම මේ ග්‍රහලෝකයේ තමයි ඉඳලා තියෙන්නේ. මෙතනදී Will කියනවා NASA එකෙන් මේ තහතරදෙනාව ආපහු ගෙන්නන්න බෑ කියන එක දැනගෙනම තමයි එව්වේ කියලා. මේ නිසාම අවශ්‍යකරන දේවල් බොහොමයක්ම වගේ මේ තුන්දෙනාත් එක්ක NASA එකෙක් එවලා තියෙනවා. නමුත් මේ හතරදෙනාගෙන් එක් අයෙක් ප්‍රපාතයකින් පහළට පැන මියගොස් තිබෙනවා. තව කෙනෙක් තමන්ටම ගිණිතබාගෙන මියගොස් තිබෙනවා. අනිත් කෙනා Willව මරන්න හදපු නිසා Willට ඔහුට වෙඩි තබන්න සිදුව තිබෙනවා. දැන ඉතිරිව ඉන්නේ Will විතරයි. අවුරුදු 14ක් තිස්සේ ඔහු මේ ග්‍රහලෝකය ගැන ගවේෂණය කරමින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඔහු පෙනුමෙන් අහිංසක ශක්තිමත් පුද්ගලයෙක් නිසාත්, ඔහු ඇත්ත කියූ නිසාත් Jemma Will එක්ක එකතුවෙලා ආපහු ගෙදර යන්න විදියක් හොයන්න උත්සහා කරනවා. මේ නිසා දන්නෙම නැතුව දෙන්නා ගොඩාක් සමීපතමයන් බවට පත්වෙනවා.
7 - No Fly Zone


අවුරුදු 14ක් තිස්සේ මේ ග්‍රහලෝකයේ ඉන්න අතරේ Will තමන්ට හැකි පමණින් මේ ග්‍රහලෝකයේ සිතියමක් අඳින්න සමත්වෙනවා. ඒ නිසා දරුණු විනාශයන්ට මුහුණ නොදෙමින් ජීවිතය බේරාගන්න තමන්ට හැකිවුණු බවයි ඔහු පවසන්නේ. ඒ වගේම ඒ සිතියමේ No Fly Zone ලෙසින් කොටසක් සඳහන් වනවා. Simmons මේ ගැන විමසූ විට Will පවසන්නේ ඒ කොටසට ගියහොත් ජීවිතය පවා අවදානම් බවයි.
කොහොම හරි Simmons අත්වැරදීමකින් ඒ කොටසට යනවා. එහිදී ඇයට මුහුණ දෙන්න වෙන්නේ දරුණු අත්දැකීමකටයි. කිසියම් අද්භූත පුදගලයෙක් එහිදී ඇයට දකින්න ලැබෙනවා. ඒත් එක්කම වැලි කුණාටුවක් පටන් ගන්නවා. වැලි කුණාටුවෙන් අතරමං වන Jemma දකින්නේ තමන් පැමිණ තිබෙන්නේ මිනිස් ඇටසැකිලි සහිත තැනකට බවයි. ඒ වගේම අර කෙනා මතුවනවා. ඒ වහාම Jemma හරි පාර හොයාගෙන Will සිටින ගුහාව වෙත දුවගොස් දෙදෙනාම එහි සැඟවෙනවා. මේ ඇටසැකිලි හමුවන්න කලින් Jemmaට තරු දුරේක්ෂයක් හමුවනවා. ඒ දුරේක්ෂය භාවිතයෙන් Willට සහ තමන්ට ගෙදර යන්න පුළුවන් බව අඑය පවසනවා.



8 - We Found Love In A Hopeless Place
දැන් Simmons සහ Will දෙදෙනා සෑහෙන කාලයක් තිස්සේ මේ ග්‍රහලෝකයෙන් පිටව යන්න වැඩකටයුතු සූදානම් කරනවා. දෙන්නා එකතුවෙලා මේ වැඩ ටික කරන නිසාම දෙන්නා එකිනෙකා ගැන වඩාත් හොඳින් සොයා බලනවා. ඒ නිසාමද නැතිනම් අවුරුදු 14ක් කාන්තාවක් ආශ්‍රය නොකර හිටපු නිසාද මන්දා Will Simmons ගැන තමන්ගේ උපරිමයෙන් හොයා බලනවා. ඒකට ඉතින් වැරැද්දක් කියන්න බැහැනේ. කොහොම හරි දෙන්නා ඊලඟට monolith එක open වෙන තැනට යනවා. ඒ පෘථිවියට පණිවිඩයක් යවන්න හිතාගෙනයි. නමුත් ඒ තැනට ඔවුන්ට ළඟාවන්න ලැබෙන්නේ නැහැ. ඒ ග්‍රහලෝකයේ මතුපිට පෘෂ්ඨයේ විශාල විවරයක් සෑදී තිබීම නිසායි. ඔවුන් රොකට් විදිනයක් හරහා පණිවුඩය සහිත බෝතලය යවන්න උත්සහ කළත් ඒ වහාම portal එක වැසී යනවා. දෙදෙනාම යළි ගුහාව වෙත එන්නේ දැඩි සිත් තැවුලෙනුයි. දුකෙන් හඬා වැලපෙන Jemmaව Will සනසනවා. මේ ග්‍රහලෝකයේ කිසිම බලාපොරොත්තුවක් නැති බව Jemma පවසනවා. ඊට උත්තර දෙන Will ''මමත් කලින් හිතන් හිටියේ එහෙම තමයි. නමුත් ඊට පස්සේ ඔයා ආවා'' යැයි පවසනවා. අපි බලන් හිටපු WTF moment එක ඔන්න ඔතනදීයි වෙන්නේ. එකපාරටම Jemma Willව kiss කරනවා. හත්දෙයියනේ අර අහිංසක Fitzට එතකොට මොකද වෙන්නේ?



9 - 
The Mystery Person 


මේ දේ ගැන විශේෂයෙන්ම කථා කරන්න ඕනේ දෙයක්. අපි දැක්ක මේ කෙනා කවුද කියන දේ ගැන දැනටමත් ගොඩක් අය කථාබහට ලක් කරනවා. මට හිතෙන විදියට නම් මේ කෙනා Wraith, Death, Ebony Maw, Beyonder හෝ Nightmare කියන අයගෙන් එක් අයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේ කෙනා අලුත්ම villain කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා.


10 - 
Fitz; the Ultimate nice Guy


කථාවේ අවසානභාහයේදී Jemma විසින් Fitzට මේ හැමදේම කියලා ඉවර වෙනවා. වෙන කෙනෙක් නම් මේ හැමදේම අහලා කේන්ති ගනීවි. ඒත් Fitz මේ හැමදේම අහගෙන ඉඳලා එකපාරටම නැගිටලා එතනින් යනවා. ඒ පස්සෙන් Jemmaත් යනවා. තමන්ගේ computer එක ගාවට ගිහින් Fitz ඒක on කරලා Simmonsට ඒක පෙන්නනවා. Monolith එක ගැන Fitz කරපු හැම පරීක්ෂණයකම විස්තර එතන තියෙනවා. ඒත් එක්කම Fitz කියනවා අපි Willව ආපහු ගේනවා කියලා. තමන් ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැප කරනවා කියන්නේ අන්න ඒක තමයි.


11 - Will is still Alive!!
 


හැමදාම වගේ මේ පාරත් post credit scene එකෙන් අපේ කුතුහලය වැඩි කරා. ඒ තමයි Will තවම ජීවත් වෙනවා කියන එක. අවුරුදු 18කට පස්සේ එන එකම ඉර උදාවීමට එතන Simmons ඉතුරු වුනේ නැහැ. Simmons දැන් පෘථිවියේ ඉන්නේ. Simmonsව අර පුද්ගලයාගෙන් බේරගන්න තමන් ගාව තිබුණ එකම උණ්ඩයත් වැය කරගත්තු නිසා Will තුවක්කුව විසි කරලා ආපහු හැරිලා යන්න යනවා.

Fitz Simmons දෙන්නට එකතුවෙලා ආපහු Willව ගෙන්නගන්න පුළුවන් වේවිද? නැතිනම් අර දේ/පුද්ගලයා ඊට කලින් Willව අල්ල ගනීවිද? නැතිනම් අර ඉතුරු වෙච්ච එකම උණ්ඩයෙන් මේ දේ/පුද්ගලයා විනාශ වෙලාවත්ද? මේ දේවල් ඔක්කොම ලබන සති කිහිපයේදී අපිට දැනගන්න ලැබේවි.

#SmAsHeR

Thursday, October 29, 2015

The Flash S02E04 Review

The Flash S02E04- The Fury of Firestorm

‪‎Spoilers

මුලින්ම කියන්න ඕනා පරක්කු උනාට සමාවෙන්න කියලා කොහොමරි මේපාර අපිට ගොඩක් දේවල් දැනගන්න ලැබුනා හැබැයි ඒ අතරට සූම් කවුද කියන එකත් ආවනන් තවත් පට්ට හා නැද්ද. ( ඒකන ඉතින් කෝමත් සීසන් එකේ අන්තිම හරියෙ තමා දැනගන්න වෙන්නෙ කෝහෝම හරි අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.




01. The Fury of Firestorm
මේ පාර එපිසෝඩ් එකේ නම තමයි The Fury of Firestorm. ෆයස්ටෝර්ම් කොමික් වල නම තමයි මේක. කලින් සීසන් එකේ මට මතක හැටියට එපිසෝඩ් එකක් තිබුනා The nuclear man කියලා.



02. Jefferson Jackson
මෙයා මීට කලින් firestorm vol. 2 #1 වලින් තමයි මුලින්ම කොමික් වලට එන්නෙ. හැබැයි මෙයා එච්චරම ලොකු චරිතයක් නෙවේ කොමික් වල. කොමික් වල රොනී මැරුනම මාටින් එක්ක එකතු වෙන්නෙ ජේසන් රශ් කියන කෙනා. ඒත් අපිට ජේස්න් රශ් කියන චරිතය කලින් සීසන් එකේ දකින්න ලැබුනනෙ. මොකක් හරි හේතුවක් නිසා ජේසන්ට රගපාන නලුවට ෆ්ලෑශ් අතහරින්නෙ වෙලා ඇති. ඒක නිසා මෙයාව ගත්තට මෙයාට ජේසන් නම දුන්නොත් ලොකු පැටලිල්ලක් ඇති වෙන නිසා වෙන්න ඇති මෙයාට වෙන නමක් දෙන්න හිතුවෙ.


03. Firestorm 2.0
ඔන්න අපෙ අලුත්ම ෆයස්ටෝර්ම්. මෙයාගෙ වැඩ තව ඉස්සරහට ෆ්ලෑශ් එකෙන් විතරක් නෙවේ ලෙජන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ එකෙනුත් බලාගන්න පුලුවන්


04. Tokamak 
මෙයා ලොකු ෆයස්ටෝර්ම් විලන් කෙනෙක්. කොමික් වලට මුලින්ම එන්නෙ Firestorm vol. 2 #15. ඔයාලට ඇහුනද දන්නෑ හැබැයි මෙයාට මේ නම දෙන්නෙ මේපාර කේට්ලින්. සිස්කොට පුදුමයි තරහ ගියෙ නෑ කේට්ලින් එයාගෙ ජොබ් එක කරාට අද.



05. Convergence 
මේක එච්චර ලොකු දෙයක් නොවෙන්න ඇති ඒත් පොඩ්ඩක් මතක් කරන්න හිතුව නොදන්න අයට. කන්වර්ජන්ස් කියලා ලොකු ඉවෙන්ට් එකක් තිබුනා පහුගිය කාලෙ DC වල



06.කේට්ලින්ට තරහ ගියා ජැක්ස් සුපිරි වීරයෙක් වෙන්න ඕන නෑ කිව්වම. මේකට ටිකක් ( ටිකක් නෙවේ ගොඩක් ) හිනා ගියා මොකද කේට්ලින් කියන්නෙ කොමික් වල ලොකු විලන් කෙනෙක්. ශෝ එකේදි ඵිට මෙයා කිලර් ෆ්‍රොස්ට් හැටියට ඉස්සරහට දකින්න පුලුවන් කියලා ආරංචියක් තියෙනවා. කොහොමහරි මේකෙන් එක දෙයක් ඔප්පු උනා. ඒක තමයි කේට්ලින් තාමත් එයාගෙ පවර්ස් ගැන දන්නෙ නෑ කියන එක. කේට්ලින් කිව්ව දේ එයා ඇත්තටමනං කිව්වෙ එයා මේ වෙනකොටත් සුපිරි වීරයෙක් වෙලා ඉවරයි( එහෙමත් නැත්තන් සුපිරි විලන් කෙනෙක් ) කොහොමහරි ඔයගොල්ලන්ට මොකද හිතෙන්නෙ මොකක් නිසාද කේට්ලින් ඉස්සරහට් විලන් කෙනෙක් වෙන්න තීරනය කරන්නෙ? එහෙමත් නැත්තන් කොමික් වලට නටාගන්න කියලා කේට්ලින් සුපිරි වීරයෙක් වෙයිද?



07.Wally west
ඇති යන්තන් එයාලා මේක ස්තීර කරා. දැන් අපි දන්නවා වොලී වෙස්ට් කාගෙ කවුරුද කියලා. ඒවගේම ෆ්‍රැන්සීන් කිව්ව දේ ඇත්ත කියලත් ඔප්පු උනානෙ ඒ කියන්නෙ එයා ලගදිම් මැරෙයි. එතකොට වොලීව වෙස්ට් ෆැමිලි එකට ගනියි බැරීව ගත්තා වගේ.



08.King shark 
කින්ග් ශාර්ක් කියන්නෙ dc වල ලොකු විලන් කෙනෙක්. මෙයාව suicide squad film එකේ දකින්න පුලුවන්. කොහොමහරි තප්පර දෙකෙන් මෙයාව පරද්දපු එක ගැනනන් මගෙ එච්චර කැමැත්තක් නෑ



09. මෙයා එලියට යනවා කවුරුත් දැක්කෙ නැද්ද ?



10. බැරීව හැරිසන් වෙල්ස් බේරගන්නවා. මන් බලන් හිටියෙ පැටී බැරීව බේරගන්නකන් ඒත් මේක ඊට වඩා පට්ට. වෙල්ස්ව දැක්කම බැරීගෙ මූන හම්මේ



Shazam_Wayne
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates