LATEST :

Wednesday, September 30, 2015

Agents of S.H.I.E.L.D. - What just happened to Simmons?

What just happened to Simmons?

Marvel's Agents of S.H.I.E.L.D. season 2 end credits scene එක ගැන අන්තර්ජාලයේ ගොඩක් දෙනෙක් කතා වෙනවා අපිට දකින්න ලැබුණා. සමහර අය Marvel Theories එක්ක කතාවේ storyline එක සම්බන්ධ කරලා තිබුණා. තවත් සමහරු වෙනමම Fan Theories හදාගත්තා. ඒ ගොඩක් ඒවා කතාමාලාවට ගැලපෙනවා. ඒත් ඉතින් අපි හැමෝටම හරියටම Simmonsට මොකද උනේ කියලා දැනගන්න නම් තව ටික දවසක් ඉන්න වෙනවා. සැප්තැම්බර් 29 වෙනිදා Season 3 පටන් ගත්තානේ. ඉක්මනටම Simmonsට මොකද වුණේ කියලා දැනගන්න පුළුවන් කියලා තමයි අධ්‍යක්ෂකවරුන් කියන්නේ. ඊට කලින් ඒ ගැන ටිකක් කතා කරලා ඉන්න එක හොඳයි කියලා මට හිතුණා. මුලින්ම කියන්න ඕනේ Agents of S.H.I.E.L.D. Season 3 cast එකට Jemma Simmonsගේ චරිතයට රඟපාන Elizabeth Henstridge ඉන්නවා. ඒ කියන්නේ Simmons මැරිලා නැහැ කියන එකනේ. එහෙනම් අපි Simmonsට වෙච්ච දේ ගැන තියෙන Theories ටිකක් ගැන විස්තර දැනගෙන, මට හිතෙන විදියට ඒවා වෙන්න පුළුවන්ද බැරිද කියලා කථා කරමු.




01 - An Anti-Inhuman Simmons
මේ Theory එක සාර්ථක Fan Theory එකක්. මේ Kree Stone/Monolith එක Inhumansලා විනාශ කරන්න Kreesලා විසින් හදපු දෙයක් කියලා Jiaying විසින් Season 2 වලදී පවසනවා. මේ නිසාම අපිට හිතෙන්න පුළුවන් Simmons අනිවාර්යයෙන්ම Anti-Inhuman කෙනෙක් වේවි කියලා. ඒත් Simmons එහෙම කෙනෙක් වුණොත් ඇයට බාහිර ස්වරූපයක් තියෙන්න ඕනේ. එහෙනම් ඇය යළි භෞතික ශරීරයක් ලබන්න වෙනවා. ඒත් ඒ මොහොතේදී ඇයට එහෙම ශරීර වෙනසක් වෙනවා හෝ ඇය යළි ඒ Monolith එකෙන් ඉවතට ඇවිද එනවා දකින්නට ලැබුණේ නැහැ. නමුත් මේ Theory එක 55%ක පමණ සාර්ථක Theory එකක් වේවි.

02 - Some evil scary alien thing
අපි දැක්කා Mackට Kree Temple එකේදී සිදුවුණු සිදුවීමෙන් පසුව ඔහු හැසිරුණු විදිය. ඔහු Coulsonටත් පහර දුන්නා. එහෙනම් Simmonsටත් එහෙම වෙන්න ඉඩක් තියෙන්න පුළුවන්. සමහරවිට මේ Monolith එක ඒ වගේ ශක්තියක් ලබාදීලා මනුෂ්‍ය සංහාරයක් කරන්න Kreeලා එවපු උපකරණයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ Theory එකට කලින් සඳහන් කරපු හේතුව බලපානවා. ඒ තමයි බාහිර ස්වරූපයක් දැකිය නොහැකි වීම. ඒ වගේම Wardගේ යළි ආගමනයෙන් පස්සේ Simmonsගේ පළිගැනීමේ චේතනාව නිසා ඇය මෙහෙම කෙනෙක් වෙන්නටත් පුළුවන්. නමුත් මං හිතන්නෙ නැහැ Simmons වගේ ලස්සන කෙනෙක්ව බාහිර පෙනුමෙන් රාක්ෂයෙක් කරාවි කියලා. කොහොම උනත් මේ Theory එකට 50%ක වගේ ඉඩක් තියෙනවා.

03 - Kree stone has mind control
මේ Fan Theory එක ගොඩක් දෙනෙක් කියන්නේ Fitzගේ අත වැදිලා Monolith එක තිබුණු කුටියේ දොර විවෘත වුණු නිසායි. එහෙම mind control කරන්න පුළුවන් නම් Simmonsව ඒක ඇතුළට ඇදලා අරගන්නේ නැතුව එලියේ ඉඳලා Mind control කරන්න තිබුණානේ. ඒ නිසා මේ Theory එක අපිට යම්තාක්දුරකට බැහැරකරන්න පුළුවන් Theory එකක් වේවි. හැබැයි මේ Theory එක සිදු වෙන්න 35%ක පමණ ඉඩක් තියෙන්නත් පුළුවන්.

04 - Simmon is Ms. Marvel
මේක නම් Marvel Comic ගැන හොඳට නොදන්න අය මුලින්ම කියපු කතාවක්. දැනට ඉන්න Ms. Marvel(Kamala Khan) කියන්නේ Inhuman කෙනෙක්. කලින් හිටිය දැන් Captain Marvel වෙලා ඉන්න Carol Danvers කියන්නේ මනුෂ්‍ය ජාන Kree ජාන බවට පරිවර්තනය කරවපු කෙනෙක්. නම් වලින් Simmonsමේ දෙදෙනාගෙන් එක් අයෙක්වත් නෙවෙයි. මේ නිසා මේ මතය ඉබේම බැහැරවෙනවා.

05 - the new “villain”
මේ සිදුවීම නම් ගොඩක් දුරට වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසාම මේ ගැනත් අදහසක් කියන්න ඕනෙ නිසා මම මෙතන කරුණක් හැටියට මේක ගෙනාවා. Simmons අපි හිතන අහිංසක කෙනාම නෙවෙයි කියලා හිතන්න අපිට සාධක ගොඩක් තියෙනවා. Agent Trippගේ මිය යෑමෙන් පස්සේ ඇය Inhumanලට සහ Alien සිදුවීම් වලට පොඩ්ඩක්වත් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම Wardව මරන්න Simmons උත්සහ කරපු නිසා මේ දේ වේවි කියන එක මටත් හිතෙනවා. මේ දේ වෙන්න 65%ක පමණ ඉඩක් තියෙනවා.

06 - A time travelling Simmons?
මේ දේ තමයි කතා කරන්න පුළුවන් සහ ගොඩක්ම දෙනෙක් විශ්වාස කරන Theory එක වෙන්නේ. දැනට Tv series එකේ executive producer Jeff Bell කියලා තියෙන හැටියට නම් මේ දේ වෙන්න තරමක ඉඩක් තියෙනවා. ඔහු කියනවා Simmons සමහර විට වැරදි තැන වැරදි වෙලාවේ හිටියා හෝ ඉන්නවා වෙන්නත් පුළුවන් කියලා. මේ ගැන හරියටම confirm වෙලා නැති නිසා ඒක වෙන්න පුළුවන්මයි කියලා කියන්නත් බැහැ. ඒ වගේමයි Simmonsගේ චරිතයට රඟපාන Elizabeth Henstride, Simmons ගැන කියලා තියෙන ප්‍රකාශය නිසා ගොඩ දෙනෙක් මෙහෙම වෙයි කියලා හිතනවා. ''I think I’m somewhere. I think it transports me somewhere. We’ve had so many theories on set.... but I think it’s a transportation device.'' මේ නිසා ගොඩක් දුරට Simmonsව Inhumansලා විනාශ කරන තැනකට Teleport වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැනට කථාමාලාවේ Alien Species ගැන ගොඩක්ම කථාවුණු නිසා Simmons වෙන dimension එකකට Teleport වුණා වෙන්නත් පුළුවන්. එහෙම උනොත් නම් නියමයි. සමහරවිට අපිට Guardian of the Galaxy membersලා ගැන, Thanosගැන එහෙම Easter-eggs හොයාගන්න ලැබේවි. මගේ මතයට අනුව මේ දේ වෙන්න 70%ක පමණ ඉඩක් තියෙනවා.

07 - she goes invisible
මේ දේ ගැනත් Elizabeth Henstridge පොඩි ඉඟියක් දීලා තියෙනවා කොහොම නමුත් මේ විදියේ දෙයක් වෙනවා නම් ඒකට වඩාත් විද්‍යානුකූල තර්කයක් එක්ක ඉදිරිපත් වෙන්න ඕනෙ වේවි. නොපෙනෙන කෙනෙක් එක්ක Tv series එක යන එක ගැන නම් මගේ කැමැත්තක් නැහැ. මොකද Simmons කියන්නේ දැනට තිබ්බ Season දෙකේම හැම episode එකකම වගේ හිටපු කෙනෙක්. එහෙම කෙනෙක්ව Invisible කෙනෙක් කරන එකෙන් fan base එක අඩු වෙන්න පුළුවන්. අනික ඒක ටිකක් තර්කානුකූල නැති දෙය. අනිවාර්යයෙන්ම අපිට mid season finale එක වෙනකොටවත් Simmons ජීවතුන් අතර ඉන්නවා කියලා හෝඩුවාවක් ඕනෙ වෙනවා. ඒත් Invisible කෙනෙක්ගේ කටහඬකින් විතරක් ඒක කරන එක සාර්ථක මදි. ගොඩාක්ම Scientific කළොත් ඒක නොතේරෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුණත් Directorsලා අතේ තමයි අන්තිම තීරණේ තියෙන්නේ. අපි එතකන් බලාගෙන ඉමු. මේ Theory එක වෙන්නත් 50%ක පමණ ඉඩක් තියෙනවා.

08 - she’s just trapped inside the rock
Elizabethගේ ප්‍රකාශය අතරේ මේ දේත් කියවිලා තිබුණා. ''What if she’s just trapped inside the rock? That would be terrible..'' මේ දේ වෙනවා නම් අනිවාර්යයෙන්ම Jemmaව මේ Monolith එකෙන් බේරගන්න කෙනා බවට පත්විය යුත්තේ Fitzයි. දෙන්නාට දෙන්නා ගැන තියෙන හැඟීම එතකොට ගොඩක් ඉස්මතු කරන්න පුළුවන්. අනික Simmonsව මරන එකත් හොඳ නැහැ. මොකද Fitz-Simmons දෙන්නා කණ්ඩායම වෙනුවෙන් සහ SHIELD එක වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරලා තියෙන දෙන්නෙක්. මේ නිසා මෙහෙම දෙයක් වෙන්නවා නම් ඒකෙ වැරැද්දකුත් නැහැ. Fansලා මේ දේට අකමැති වෙන එකකුත් නැහැ. කොහොම උනත් මේ Theory එකටත් 60%ක වගේ ඉඩක් තියෙනවා.

09 - Doctor Minerva
මේකත් එක්තරා Marvel Comic based Theory එකක්. Minn-Erva කියන්නේ Kree Scientist කෙනෙක්. ඇයව Comics වලදී වැඩිය සම්බන්ධ කරගෙන නැති නිසා සමහර විට Simmonsව ඇය බවට පත් කරවන්නත් ඉඩ තියෙනවා. Doctor Minerva කියන්නේ Kree කෙනෙක් නිසා ඇයත් නිල් පැහැතියි. අපිට මීට කලින් නිල් පැහැති Kree කෙනෙක්(Vin-Tak) Season 2 වලදී දකින්න ලැබුණා. ඒ නිසා මේ දේ වෙන්න පුළුවන් කියලා පොඩි විශ්වාසයක් තියාගන්නත් පුළුවන්. මේ දේ වෙන්න 40%ක පමණ ඉඩක් තියෙන්න පුළුවන්.

10 - Symbiotes/Venom
මේ දේ ගැන නම් කථා කරන්න දෙයක් නැහැ. මේකත් සම්පූර්ණ වැරදි මතයක්. Symbiotesලා ප්‍රධානව ඉන්නේ Spiderman සම්බන්ධ දේවල් වලදීයි. SHIELD Season 2 ඉවර වෙන කොටම Marvelලා අලුත් Spiderman හැටියට Tom Hollandව නම් කරපු නිසා comic නොදන්න සමහරු කිව්ව කථාවක් තමයි මේක. Simmons Venom වෙන්න කිසිම ඉඩක් නැහැ.

ඔයාලා හිතන්නේ Simmons Agents of S.H.I.E.L.D. Season 3 එකට කොහොම ඒවිද? සමහර විට ඔයාලා ගාවත් වෙනම Fan Theory එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගෙ අදහස් comment කරන්න. සමහර විට අපි නොහිතන දෙයක් Agents of S.H.I.E.L.D. Season 3 එකේදි වෙන්නත් පුළුවන්. එහෙනම් ඊලඟ ලිපියෙන් අපි Season 3 Episode 1 review එකෙන් හමුවෙමු.

#SmAsHeR


Comic Script ලිපිය

Tuesday, September 29, 2015

Agents of S.H.I.E.L.D. Season 2 : Review 2

Marvel's Agents of S.H.I.E.L.D. Season 2


Review - Part 02




1 - Family Reunion
Skyeගේ දෙමව්පියන් කවුද කියලා අපි දැන් දන්නවා. මේ නිසාමද කොහෙද Season 2 එකේ Mid Credit scene එකෙන් පස්සේ ගොඩක්ම අපිටSkyeගේ පවුලේ(#1 රූපය) එකතුවීම ගැන දැකගන්න පුළුවන්. ඒ වගේම Jiaying සහ Cal තමාගේ දුව තමන් ළඟට වැඩිපුර රඳවාගන්න උත්සහ කරනවා. තිදෙනාගේම චරිත යොමුවෙන පැතිකඩවල් වෙනස් වුවත් පවුලක තිබිය යුතු ගුණාංග ඔවුන් ඉස්මතු කරන්න දැඩි වෙහෙසක් අරගෙන තියෙනෙවා ඒ උනාට මේ පවුලේ අවසානය නම් එච්චර හොඳ අවසානයක් වෙන්නේ නැහැ. තමාගේ කුරිරු සැලැස්මට විරුද්ධ වෙන Skyeව මරා දමන්නට Jiaying අවසන තීරණය කරනවා. ඒ අවස්ථාවේදී Jiaying විසින් Skyeගේ ජීව බලය උරාගන්නා අවස්ථාවේදී Cal පැමිණ සිය දියණිය මවට හානි කිරීම වළකා Jiayingව මරා දමනවා. කවුරුත් හිතපු නැති අවසානයකට යොමුවන කථාමාලාවේ අවසානයේ Daisy/Skyeගේ ඉල්ලීම මත Coulson විසින් Calව TAHITI project එකට යොමු කර ඔහුගේ මතකය මකා දමා ඔහුව නිරවුල් අලුත් පුද්ගලයෙක් බවට පත් කරවනවා.

2 - Avengers: Age of Ultron Movie Tie In
Marvel Universe එකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි හැමදේම එකිනෙක සම්බන්ධ වීම. මේ දේ අපිට Marvel Cinematic Universe එක සහ Marvel Tv Universe එක අතරත් දකින්න ලැබෙනවා. Captain America: The Winter Soldier (2014) film එකත් එක්කම Agents of S.H.I.E.L.D. Season 1 වල වෙනස්වීම සහ එහි සමහර කොටස් film එක හා සම්බන්ධ වීම තුළින් Marvel Universe එකේ අපැහැදිලි තැන් ගොඩක් තේරුම් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පාර Avengers: Age of Ultron Movie Tie In එකත් නියමෙටම තිබ්බා. Avengers: Age of Ultron movie එක release වෙන්න කලින් episode එකේදී Rainaට Sokovia වල වෙන සිදුවීම ගැන සිහිනයක් පෙනෙනවා. Lokiගේ Sceptre එක සහ ලෝහමය මිනිසුන් නගර ආක්‍රමණය කරන ආකාරයයි ඇය දකින්නේ. ඒ වගේම movie එකේදි දකින්න ලැබුණු S.H.I.E.L.D. Helicarrier එක තමයි Agents of S.H.I.E.L.D. එකේදී Director Coulsonගේ Theta Protocol එක කියලා ඔප්පු කිරීමෙන්ම අපිට film එකේදි තියෙන හිස්තැන් පුරවගන්න පුළුවන් වුණා. Marvel සමාගම අනිත් සමාගම් වලට වඩා ඉහළ තැනකින් ඉන්නේ මේ නිසාම තමයි .

3 - The Other S.H.I.E.L.D.
කථාමාලාවේ තිබුණු අනෙක් storyline එක තමයි Colusonගේ SHIELD එක සහ Robert Gonzales(#2 රූපය)ගේ SHIELD එක අතර පැවති ඝට්ඨනයයි. Cap 2 movie එකට පාදක වූ SHIELD එක බිඳවැටුණු දිනයේ Gonzales ඇතුළු පිරිසක් විසින් තනාගන්නා ලද SHIELD එකයි. මෙයාලා SHIELD එකේ හිටපු Director Nick Fury තවම ජීවත්වෙනවා කියලා දන්නෙ නැහැ. ඒ වගේම කණ්ඩායමේ හැමෝම vote එකකින් තමයි තීරණ වලට එන්නේ. මේ හේතුව නිසා මෙයාලගේ සැලසුම්වල හරයක් නැති අවස්ථා බොහොමයි. ඒත් කණ්ඩායමක් හැටියට එකමුතු බව නිසා එයාලගෙ missons ගොඩක් සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. මේ කණ්ඩායමේ මූලික නිලධාරීන් ලෙස Gonzales විසින් පත් කරන්නේ Agent Anne Weaver Weaver(#3 රූපය), Agent Oliver(#4 රූපය), Agent Tomas Calderon(#5 රූපය), Alphonso Mackenzie, Bobbi Morse යන පිරිසයි. Phil Coulsonට GH325 serum එක inject කළාට පස්සේ සිදුවන සිදුවීම් සහ Alien Temple එකේදී සිදුවූ සිදුවීම් පෙළ නිසා මොවුන්ට Coulsonගේ ක්‍රියාකලාප ගැන බොහෝ සැක මතු වෙනවා. ඒ නිසායි ඔවුන් Mackව සහ Bobbyව undercover එකක් හැටියට Coulsonගේ team එකට ඇතුළු කරන්නේ. කෙසේ හෝ ඔවුන් Coulsonගේ base එක වටලන්නට සමත් වෙනවා. පසුව Coulson හොඳ පුද්ගලයෙක් බව තේරුම්ගන්නා ඔවුන් Coulsonට උපදෙස් ලබාදෙමින් එක SHIELD එකක් යටතේ වැඩකරන්නට එකඟ වෙනවා. පසුව Jiaying සමඟ ඇතිකර ගන්නට ගිය ගිවිසුම අතරේදී Jiaying විසින් Terrigen Crystals භාවිතා කර ඔහුව මරා දමනවා(#6 රූපය).

4 - In the time of Evil
Agent 33 එහෙමත් නැතිනම් Kara Palamasගේ උදව් ඇතිව Grant Ward Season 1 අවසානයේදී Kree Temple එකෙන් පැනයනවා. තමන්ට ගැලවීයාමට උදව් කළ නිසාම Wars විසින් Karaගේ මතකයන් සහ සැබෑ මුහුණ යළි සොයාගන්නට උදව් කරනවා(#7 රූපය). ඒ වගේම ඇය කළින් SHIELD agent කෙනෙක් නිසා ඇයව යළි SHIELD එක තුළට ගෙන එමින් ඇයව HYDRA එකට අල්ලා දුන් Bobby Morseව පැහැරගෙන ගොස් වධ දෙමින් ඇයගෙන් සත්‍ය දැනගැනීමට පවා Ward ඇයව පොළඹවනවා. කෙසේ නමුත් Bobbyව සොයා එන Agent May සහ Agent Hunter දෙදෙනාට Kara සහ Wardව හමුවෙනවා. Agent Mayගේ විශිෂ්ඨ සැලසුමක් නිසා Wardගේ අතින් වෙඩි වැදී Kara මිය යනවා. කොහොම උනත් Season 2 එකේ සාර්ථකත්වයට මේ දෙදෙනාගේ රංගන දායකත්වය විශාල ලෙස බලපාන බව නම් නිසැකයෙන්ම පැවසිය යුතුයි.

5 - Mockingbird's fate
Kara Palamasව HYDRA එකට අල්ලා දෙන්නට සිදුවන්නේ Bobby Morseටයි. ඒ ඇය undercover එකකට HYDRA එකේ රැඳී සිටින කාලයේදීයි. Ward සහ Kara විසින් HYDRA නායක Sunil Bakshiව සොයාගෙන ඔහුගෙන් මේ සෑම විස්තරයක්ම දැනගන්නවා. ඉන් පසු Karaව යළි SHIELD එක තුළට ගෙන ගොස් සිටින විට Kara යළි Agent May ලෙස සිය මුහුණ සකසාගෙන Bobbyව රවටා ඇයව Ward වෙත රැගෙන යනවා. එහිදී ඔවුන් Bobbyව වධ හිංසාවලට පමූණුවමින් ඇයට තමන් කළ දේ වරදක් ලෙස පාපෝච්චාරණය කරන්නට යැයි පවසනවා. එහිදී Bobby පැනයන්නට දරණ උත්සාහයේදී Ward,Kara සහ Bobby අතර සිදුවන සටන විශේෂයි. එහිදී Bobyගේ පාදයක අස්ථි Ward විසින් පහරදී කඩා දමනවා(#8 රූපය). ඉන්පසු ඇයව සොයා එන Hunterව ඇය ඉදිරියේම මරාදමන ස්වයංක්‍රීය තුවක්කුවක් සවිකොට ඔවුන් Agent Mayව මරා දමන්නට ඇය සිටිනා පහළ මහලයට යනවා. කෙසේ නමුත් Hunter පැමිණ Bobbyව සිරකොට තිබෙන කාමරය විවෘත කරනවාත් සමඟම Bobby තමන්ව ගැටගසා සිටි පුටුවෙන් තුවක්කුව දෙසට පැන ඒ වෙඩි උණ්ඩය තමන්ටම වද්දවා ගන්නවා. පසුව ඇයව SHIELD base එකට රැගෙන ගොස් ඔවුන් ශල්‍යකර්ම රැසකින් පසු Bobbyගේ ජීවිතය බේරා ගන්නවා(#9 රූපය).

6 - Terrigen Crystals
Terrigen Crystals කියන්නේ Diviner එකෙන් හටගන්නා සොයාගන්නට ඉතාමත් අපහසු පළිඟුවක්. මේ Crystal වලින් හටගන්න Terrigen Mist එකෙන් තමයි Inhumansලාට බලය ලැබෙන්නේ. දැනට Inhumansලා සතුව Deviners 4ක් පමණක් ඇති නිසා Jiaying විසින් මේ Crystals රාශියක් නිපදවනවා. මේවා වලින් එක් පෙට්ටියක් අවසන් සටනේදී මුහුදට වැටෙනවා(#10 රූපය). ඒවා මාලුන් තුළට ගොස්, මාලුන්ගෙන් තනන fish oil වලත් මේවා තැන්පත් වෙනවා. එහෙනම් අපිට තව Inhumanලා ඊලඟ season එකේදිත් දැකගන්න ලැබේවිද? මේ ගැන වැඩි විස්තර Season 3 එකේදි කථාබහ කරමු.

7 - Hail Hydra!!
මේ season එක අවසානය දක්වාම Ward වැඩ කරන්නේ HYDRA එකට නොව තම ස්වාධීන මතයකට අනුවයි. ඒ වගේම තමන්ගේ අලුත් පෙම්වතිය වන Karaගේ මතකයන් සහ ඇගේ සත්‍ය මුහුණ ඇයට ලබාදීමටයි ඔහු උත්සුක වන්නේ. ඒ නිසා Wardව season 2 වලදී සෙසු චරිතයක් හැටියටයි හැදින්විය හැක්කේ. කොහොම උනත් Season 2 එක අවසානයේදී Ward, HYDRA එක යළි පිහිටුවන්නට පිරිස එක් රැස් කරන බවක් දැකගන්න පුළුවන්(#11 රූපය). දැනට HYDRA එකේ ප්‍රධාන නායකයන් යැයි සැලකෙන අය අඩු නිසා Grant Wardගේ උත්සාහය යළි HYDRA එක ලෝක බල තුලනයට සූදානම් කරවීම කියලයි මට හිතෙන්නේ.

8 - Hunting Grounds
අවසන් සටනේදී Daisy සහ Jiaying දෙදෙනා සටන් වදිද්දී Coulson, Mac සහ Fitz තිදෙනා Gordon සමඟ Terrigen Crystals පෙට්ටියක් ආරක්ෂා කරගැනීම සඳහා සටන් වදිනවා. Fitz තමාගේ විද්‍යා දැනුම උපයෝගී කරගෙන Gordonගේ teleportaion එක නවතා එක් තැනකට කොටු කරගන්න පුළුවන් විදියේ උපකරණ කිහිපයක් සවි කරනවා. Mac සහ Coulson දෙදනා සමඟ සටනේ නිරතවන Gordon වහාම Fitzව අල්ලා ගන්න ඔහු පිටුපසින් teleport වනවා. ඒ හා වහාම Fitz තමා අත තිබූ යකඩය පිටුපසට හරවනවා. Gordon teleport වන්නේ මේ යකඩය ඔහුගේ සිරුර හරහා යනවාත් සමඟමයි. මේ හේතුවෙන් Gordon මිය යනවා. නමුත් ඔහු බිම ඇද වැටෙන්නේ එක් Terrigen Crystal එකක් බිම පතිත කරවමිනුයි. වහාම එතැනට පනින Coulson මේ Crystal එක අල්ලාගන්නවා. නමුත් Crystal එක නිසා Coulsonගේ අත ගල් වේගන එනවා. ඒහා වහාම Mac තමා අත තිබූ පොරොවෙන් Coulsonව බේරා ගැනීමට Coulsonගේ අත කපා දමනවා(#12 රූපය). Season 3 එකේදි Coulsonට අතක් ලැබේවිද?

9 - Skye's new project
කථාමාලාවේ අන්තිමට Daisyට අලුත් project එකක් Coulson විසින් ලබා දෙනවා අපිට දකින්න ලැබෙනවා(#13 රූපය). වඩාත් පැහැදිලි zoomකරපු image එකකින් අපිට මේ project එක මොකද්ද කියලා දැනගන්න පුළුවන්. Caterpillars කියන නම Marvel Comics වලදී හුරුපුරුදු නමක්. මේ Caterpillars project එක කියන්නේ ශක්තිසම්පන්න ගුප්ත බලයන් සහිත තරුණ පිරිසක් එකතු කරලා Nick Fury විසින් සකසනු ලබන කණ්ඩායමකටයි. එහෙනම් මෙතැනදී නිසැකයෙන්නලුත් Inhumanලා එකතු කරලා හදන group එකක් ගැන තමයි කථා වෙන්නේ. එහෙම නම් comic වලදී වගේම ඉස්සරහට අපිට Daisy Johnsonව S.H.I.E.L.D. එකේ Director වෙනවා දැකගන්නත් ලැබේවි.

10 - Is Simmons Dead?
Agents Of S.H.I.E.L.D. Season 2 එකේ end credit scene එක තමයි දැනට වැඩිපුරම Comic Based Tv series වලින් කතාබහට ලක්වෙන කොටස වෙන්නේ(#14 රූපය). Season 2 end credit scene එක බලපු ඕනෙම කෙනෙක්ට WTF!! කියලා අනිවාර්යයෙන්ම කියවේවි. අපි හැමෝම ආදරය කරපු Jemma Simonsට අන්තිමට Fitz විසින් Agent Gonzalesගේ නැවේ Cargo එකේ තිබ්බ Kree object එක අසල පර්යේෂණ කරමින් සිටියදී dinner date එකකට ආරාධනා කරනවා. දෙන්නට දෙන්නගෙ හිතේ තියෙන දේවල් කියාගන්න හොදම chance එකක් තමයි මේ නිර්මාණය වෙන්නේ. ඒත් අන්තිමට Fitz එතනින් පිටවෙලා ගියාට පස්සේ ඒ Kree object එක විසින් Jemmaව ඇදලා ගන්නවා. එහෙනම් Jemma ඇත්තටම මැරෙනවාද? නැත්නම් Jemma ඒ object එකේ හිර වෙලාද ඉන්නේ? Season 3 villain වෙන්නේ Jemmaද? කියන ප්‍රශ්න සෙට් එකක්ම අපේ ඔලුවට එනවා. මේ සිදුවීම ගැන Season 3 එකට කලින් ටිකක් වැඩිපුර කථාකරන්න මං හිතුවා. ඒ නිසාම ඊලඟ ලිපියෙන් Jemmaට මොකක් වෙන්න ඇතිද කියන එක ගැන මම කථා කරනවා.

අඳුරු තේමාවක් සහ Actons, fights, Mythical theories, Aliens සහ බැඳීම් ගැන කියැවුණු Marvel's Agents of S.H.I.E.L.D. Season 2 එකට 8.6/10ක පමණ ලකුණු මට්ටමක් ලබා දිය හැකියි. Season 1වලට වඩා චරිතවල, theories වල, concepts වල සාර්ථකත්වයක් තිබෙනවා. නමුත් චරිතවල පසුබිම්, Avengers 2 tie-in, Tripගේ චරිතයේ ඔහුට කිසිදෙයක් කරන්න නොතිබීම යනාදී කරුණු ගැන තවත් අවධානය යොමු වූවා නම් මෙය අති සාර්ථක නිර්මාණක් වන්නට තිබුණා. නමුත් සාර්ථක Fan base එකක් ගොඩනගාගෙන, අලුත් චරිත ඉස්මතු කළ සාර්ථක Tv series එකක් හැටියටයි මම අන්තිමට ප්‍රකාශ කරන්න පුළුවන්.

#SmAsHeR
Comic Script ලිපිය


Saturday, September 26, 2015

Agents of S.H.I.E.L.D. Season 2 : Review 1

Marvel's Agents of S.H.I.E.L.D. Season 2


Review - Part 01



Comics ගැන නොදන්න ගොඩක් අයට Marvel's Agents of S.H.I.E.L.D. කථාමාලාව අසාර්ථක නිර්මාණයක් යැයි සිතුණත් Comics ගැන දන්න ඒ ගැන උනන්දු වෙන Comic Script පාඨක ඔයගොල්ලන්ට නම් Season 1 එකට වඩා සුවිශේශී මට්ටමකට Season 2 එක පවතිනවා කියලා දැනෙන්න ඇති. ඒකට සමහර විට අපි කවුරුවත් නොහිතපු දේවල්, පැතිකඩයන් Season 2 එකේ අඩංගු වීම නිසාම වෙන්න ඇති. සැප්තැම්බර් 29වෙනිදා Season 3 පටන් ගන්න නිසා ඊට කළින් මේ ලිපි පෙළ කියවලා ඉන්න එක හැමෝටම පහසුවක් වේවි. ඒ මොකද කියනවා නම් Season 3 එක දැනට ආපු Season වලට වඩා ආකර්ෂණීය වේවි කියලා හිතෙන sneak peak එකක් දැනටමත් release වෙලා තියෙන නිසායි. එහෙනම් Season 3 එක ගැන වැඩි දේවල් පහුවට තියලා අපි Season 2 Review එකට යොමුවෙමු.

1 - The Villain Club
S.H.I.E.L.D. එක කියන්නේ ලෝක සාමය ආරක්ෂා කරන්න සහ මානව සුභසිද්ධිය උදෙසා කැපවූ සංවිධානයක් කියලා අපි හැමෝම දන්නවනේ. මේ නිසාම S.H.I.E.L.D. එකට Global enemiesලා තමයි නිතරම ඇතිවෙන්නේ. ඒ බව මේ Season එකෙන් අපිට හොඳින්ම දැකගන්න ලැබෙනවා. Season එක පටන්ගන්නකොටම ඉන්න HYDRA නායක Werner Reinhardt එහෙම නැත්නම් Daniel Whitehall(#1 රූපය)ගේ දිහාවටයි හැමෝගෙම අවධානය යොමුවෙන්නේ. Reed Diamondගේ විශිෂ්ඨ රංගනයෙන් ගොඩනැඟි Daniel Whitehallගේ චරිතය මුලදි එතරම් ප්‍රබල දුෂ්ඨයෙකුගේ විලාසයක් නම් ගෙන එන්නේ නැහැ. නමුත් පසුවට HYDRA Lab එක තුළින් කෙරෙන පර්යේෂණ වලින් සහ Diviner එක මගින් ජීව අවි ආයුධ නිපදවමින් ලෝක සංහාරයක යෙදෙන්න පෙරනිමිති බල බව පෙනී යනවා. ඒත් mid season finale එකේදී Phil Coulsonගේ වෙඩි පහරින් Whitehallමිය යන නිසා අපිට වෙන කෙනෙක් මේ Season එකේ villain වේවි කියලා හිතන්න වෙනවා. එහෙනම් ඊලඟට අපිට හිතෙන්නේ Calvin L. Johnson(#2 රූපය) ගැනයි. ඔව් Cal තමන්ගේ චරිතම මුල ඉඳන්ම පිළිවෙළට ගොඩනගාගෙන එනවා. තමන්ගේ දුව කුඩා කාලයේම පැහැර ගැනීම, බිරිඳට සිදුවන ඛේදජනක ඉරණම යනාදී සෑහෙන කරුණු කාරණා මත්තේ ඔහු තමන්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ අතරෙම ඔහු නිපදවන Formula එක නිසාත් mid season finale එකෙන් පස්සේ S.H.I.E.L.D. එකට ප්‍රධානලෙසම එදිරිවාදිකම් කළ තැනැත්තෙක්ට සිටියේ මොහු නිසාත් main villain හැටියට Calව දකින්න ලැබේවි කියලා අපිට හිතේවි.

ඒත් කථාමාලාවේ හොඳම කොටස පටන්ගන්නේ mid season finale එකෙන් පස්සෙයි. අපි හැමෝමව පුදුම කරමින් කථාවේ මේ season එකේ main villain හැටියට පත්වෙන්නේ Skyeගේ අම්මා, එහෙමත් නැත්නම් Jiaying(#3 රූපය)යි. ඒත් ඇත්තටම Jiaying ඇයි එයාගෙ දුවගේ පැත්ත නොගෙන villain කෙනෙක් වෙන්නේ? ඒකට හේතුව තමයි Jiaying Inhumansලාගේ නායිකාව වීම. ඇයගේ පැත්තෙන් ඇය කරන දේ වැරැද්දක් ඇය දකින්නේ නැහැ. S.H.I.E.L.D. එකෙන් බලයන් සහිත අයව වෙනම Index එකකට දාලා ඔවුන්ව කූඩු කරපු සතුන් විදියට පර්යේෂණ වලට යොදාගනීවි කියලයි Jiaying හිතන්නේ. ඒ වගේම තමන්ගේ පරපුර ආරක්ෂා කරගැනීමේ වගකීම ඇය අරගෙනයි කටයුතු කරන්නේ. ඒ සඳහා බාධා කරන පිරිස නිහඬ කර දමන්නට පවා ඇය පැකිලෙන්නේ නැහැ. ඒ වගේම සියළුම Inhumansලා ඇයගේ පැත්ත අරන් වැඩ කරලා මේ පෘථිවියේ වාසය Inhumansලාට විතරක් ලබාදෙන්නයි ඇයට උවමනා වන්නේ. අන්තිම episodes කිහිපය එනකන්ම ඇගේ මේ සැලැස්ම හඳුනාගන්න කාටවත් ඉඩ නොලැබීම නිසාත්, නොහිතන කෙනෙක් main villain බවට පත් වීම නිසාත් කථාවේ කුතුහලය උපරිමයටම ගෙන එන්නට අධ්‍යක්ෂකවරුන් සමත්වෙලා තියෙනවා.

2 - Raina's Destiny
Season 1 වල ඉඳන්ම අපිට Rainaව(#4 රූපය) දැකගන්න ලැබුණා. මෙයා HYDRA එකට වැඩ කළත් ඇත්තටම මෙයා කාටද වැඩකරන්නේ කියලා Season 1 end credits scene එකේදි අපි දැක්කා. මේ නිසාම Raina කියන්නේ අපි හිතනවට වඩා ගුප්ත, බුද්ධිමත් චරිතයක් බවට පත්වෙමින් තියෙද්දී තමයි Season 2 එකට Inhumans concept එක ආවේ. ඒ වගේම Rainaට Diviner එක අල්ලන්න පුළුවන් කියලා season 2 එකේ ආරම්භක episode කිහිපයේදිම අපිට දැනගන්න පුළුවන් වුණු නිසාම Raina Season 2 වලදී විශේෂ කෙනෙක් බවට නිසැකයෙන්ම පත්වුණා. Mid season finale එකේදී Skyeට සහ Rainaට බලයන් ලැබීම සහ ඉන්පසු ඔවුන් දෙදෙනාගේ වෙනස් වීම කථාමාලාව වෙනත් ඉසව්වකට රැගෙන ගියා. ඒ වගේම ඔවුන් දෙදෙනාට ලැබුණු බලයන් නිසා මෙතෙක් අපි දැකපු චරිත දෙක තවත් සංකීර්ණ වුණා කියන එකයි මගේ හැඟීම. Rainaගේ බාහිර ස්වරූපය(#5 රූපය) Terrigenesis කියාවලියෙන් වෙනස් වෙනවා. ඒ වගේම ඇයට සිහින තුළින් අනාගතය දකින්නටත් හැකියාව ලැබෙනවා. මේ නිසාම අපිට Rainaගේ හොඳ පැත්ත ගැනත් කතා කරන්න පුළුවන්. මේ Tv series එකේ චරිතයක කළු-සුදු ලක්ෂණ මනාව ඉස්මතු වෙන්නේ Rainaගෙන් කියලයි මට හිතෙන්නේ. Jiayingගේ කූඨ සැලැස්ම දකින Raina මේ බව Skye ඇතුළු පිරිසට පවසනවා. නමුත් අවසානයේදී Rainaට සිදුවන්නේ Jiayingගේ අතින් මිය යාමටයි.

3 - Daisy 'Skye' Johnson a.k.a Quake
Terrigenesis ක්‍රියාවලියෙන් පස්සේ Rainaට වගේම Skye(#6 රූපය)ටත් බලයක් ලැබෙනවා. ඒ වගේම තමන්ගෙ දෙමව්පියන් ගැන විස්තර දැනගන්නත් එයාට ඉඩ ලැබෙනවා. Terrigenesis ක්‍රියාවලියෙන් පස්සේ Skyeට භෞතික පරිසරය තුළින් කම්පන උත්පාදනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසාම භූචලන ඇතිකිරීම සහ ඒවා පාලනය කිරීමත් ඇයට සිදු කරන්නට පුළුවන්. ඒ නිසාම Season එකේ අවසාන භාගයේදී ඇය තම බලයන් වැඩිදියුණු කර ගනිමින් පාලනය ආකාරය ගැන හොඳ වැටහීමක් අපිට ලබාගන්න පුළුවන්. ඒ වගේම Tv series එකේ main character එක හැටියට තමන්ගේ චරිතයේ ගොඩනගාගැනීම් අති සාර්ථකව Chloe Bennet විසින් ඉදිරිපත්කරනවා. ඒ වගේම Marvel Comics වල එන Quakeගේ චරිතයේ ජීවගුණය ඉතාමත් ඉස්මතු වන විදියට දෙබස්, හැසිරීම් ආදිය Chloe විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම Season 3 වලදී ඇය S.H.I.E.L.D. එකේ ඉහළ තනතුරකටත් යොමු වේවි.

4 - Inhumans
Season 2 එකේ මුළ ඉඳන්ම අපිට කථාව Aliens species ගැන වැඩි අවධානයක් යොමු කරනවා. Diviner එක සහ එය ස්පර්ශ කරන්නට සමත් වෙන පුද්ගලයන් worthy වෙන කථාවක් මුලින් කියවෙන නිසාත් කථා තේමාවේ ගුප්ත බව තවත් වැඩි කරවනවා. Mid season finale එකෙන් පස්සේ අපිට කෙලින්ම Inhuman කියන වචනය කථාමාලාවේදී දකින්න පුළුවන් වෙනවා. Marvel සමාගම Inhumans movie එකක් 2019දී එළිදක්වන්න තීරණය කරලා තියෙන නිසා මේ කථාමාලාව ඒකට හොඳම පෙරදැක්මක් කියලා කියන්න පුළුවන්. ඒ නිසාම සමහර විට අපිට Inhuman Royal Family එක ගැනත් එක් එක් easter-eggs දැකගන්නට ලැබේවි. ඒ වගේම Terrigen Mist එක ගැන, Kreeලා ගැන විස්තරත් අපිට දැනගන්න ලැබුණු නිසාත් Kreeලා මේ Inhumansලාගේ origin එකට සම්බන්ධ වන නිසාත් සමහරවිට අපිට කථාමාලාවේ ඉදිරියට මේ දෙපිරිස අතර ගැටුම් වුණත් දකින්න පුළුවන් වේවි. Teleport powers සහිත Gordon(#7 රූපය), Static electric powers සහිත Lincon(#8 රූපය) වගේ සිත් ඇදගන්නාසුළු චරිත කථාමාලාවට ඇතුළු කිරීමෙන් එන්න එන්නම කථාමාලාව සමඟ එකතුවූ පිරිස වැඩි වන්නට හේතුවක් වූවා.

5 - What really Happened in Bahrain
Agent May සහ Bahrain අතර සම්බන්ධය ගැන කලින් season එක ගැන දිගින් දිගටම කථා කෙරුණා. ඒත් ඒ මොකද්ද කියලා අපිට හරියටම අදහසක් දැනගන්නට මීට කලින් ලැබුණේ නැහැ. ඇත්තටම Bahrainවලදී සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපිට season 2 episode 17න් හරියටම දැනගන්න ලැබෙනවා. ඒ අනුව මෙච්චර කාලයක් හැමෝටම රහසක් වෙලා තිබ්බ ඒ සිදුවීම Skyeගේ අම්මා වන Jiaying විසින් Skyeට පවසනවා. ඒ වගේම Agent Melinda Mayගේ කලින් husband වන Andrew(#9 රූපය) ගැනත් අපිට විස්තර දැනගන්න ලැබෙනවා. ඒ දෙන්නා devorce වෙන්න හේතුවත් අපිට දැනගන්න ලැබෙනවා. ඒකට හේතුව වෙන්නෙත් මේ Bahrain වල සිද්ධියම තමයි. ඇත්තටම Agent Mayගේ ජීවිතය මේ තරමට කඩාකප්පල් වෙන්න Bahrain වලදී වුණු මේ සිද්ධිය ගැන පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ සිද්ධියට ප්‍රධානතවම හේතු වෙන්නෙත් Inhuman කෙනෙක්මයි. එක්තරා Inhuman කාන්තාවක් තමන්ගේ දුවව Terrigenesis ක්‍රියාවලියට පුහුණු කිරීමටත් පෙරම ඇයව Terrigen mist එකට අවතීර්ණ කරවනවා. සාමන්‍යයෙන් කෙනෙක්ව Inhuman Eldersලා විසින් පරීක්ෂා කොට ඔවුන්ව තෝරාගෙන ඒ වෙනසට පුරුදු පුහුණු කිරීමෙන් අනතුරුවයි මේ ක්‍රියාවලියට යොමු කරවන්නේ. මේ කාන්තාවගේ දුවව Jiaying විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයගේ ආකල්ප දරුණු බව තේරුම්ගෙන ඇයට මේ ක්‍රියාවලියට සම්බන්ධ විය නොහැක යැයි තීරණය කරනවා. මේ නිසා මේ දැරියගේ මව Terrigen crystals සොරකම් කොට සිය දියණිය ඒවාට නිරාවරණය කර බලය ලබා දෙනවා. ඒත් මේ දැරිය මිනිසුන්ගේ හැඟීම් පාලනය කරමින් ඔවුන්ට වේදනා ගෙන දෙමින් එයින් යැපෙමින් ජීවත්වන Inhuman කෙනෙක් බවටයි පත්වන්නේ. ඇය S.H.I.E.L.D. භට පිරිසක් රඳවාගෙන ඔවුන්ගේ වේදනාවෙන් බලය වැඩි කරගන්නවා. මේ නිසා ඒ සෙබළුන් බේරාගන්නට යන Agent Mayට ඒ දැරියට වෙඩි තබා ඇයව නවත්වන්නට සිදු වනවා(#10 රූපය). ඒ සිදුවීමෙන් කම්පනයෙන් සහ සිත් පීඩාවෙන් කල් ගෙවන May තනිව සිටින්නට තීරණය කරනවා. කොහොම නමුත් අපිට Marvel Cinematic Universe එකේදී Black Widow සහ Hawkeye දෙදෙනා නිතරම කියන Budapest ගැන දැනගන්න තවමත් ඉඩ නොලැබී තිබියදී මේ විදියට Marvel Tv series එකක නිතරම කතාබහට සිදුවීමක් පසුකාලීනව සම්බන්ධ කරමින් ඉදිරිපත්කිරීම වටිනා දෙයක් බවයි මට නම් හිතෙන්නේ.

to be Continued..

#SmAsHeR

Comic Script ලිපිය

Friday, September 25, 2015

Agents of S.H.I.E.L.D. characters - 10 ,11 : Calvin L. Johnson , Jiaying

Marvel's Agents of S.H.I.E.L.D. characters - 10,11


" Spoilers everywhere.. Read at your own risk..!! "



10 - Calvin L. Johnson / Calvin "Cal" Zabo / Mister Hyde

Season 1 එක ඉවර වෙන්නේ Raina ගිහින් කිසියම් පුද්ගලයෙක්ට Skyeගේ photo එකක් ලබා දෙන දර්ශන පෙළකිනුයි. ඒ නිසා season 2 වලදී අපිට Skyeගේ පවුල ගැනම විස්තර දැනගන්න ලැබෙනවා. Skyeගේ තාත්තා එහෙමත් නැතිනම් Calvin L. Johnson කියන්නේ වෛද්‍යවරයෙක්. ඔහු තමන්ගේ වෛද්‍ය කටයුතු සඳහා චීනය බලා පිටත්වෙන්නේ ඔහු රැකියා කරන සේවා ස්ථාන මාරුවත් සමඟයි. එහිදී ඔහු Skyeගේ මව වන Jiaying සමඟ විවාහ වනවා. Skyeගේ උපත සිදුවූ කාල සමයත් සමඟම තමයි HYDRA නායක Werner Reinhardtගේ පර්යේෂණයක් සඳහා HYDRA සොල්දාදුවන් ඇගේ මව ව අල්ලා ගෙන ගොස් ඇයව මරා දමන්නේ. ඉන් පසුව S.H.I.E.L.D. එක පැමිණ කරන සෝදිසි කිරීම් වලදී ඔවුන්ට මේ දරුවා හමුවනවා. පසුවයි Skyeව ඇමරිකාවට රැගෙන යන්නේ. Calvinගේ බිරිඳ වන Jiayingට healing power එකක් තිබෙනවා. ඇය Inhuman කෙනෙක්. මේ නිසාම HYDRA සොල්දාදුවන් විසින් කැබලිවලට කපා දමන ලද Jiayingගේ සිරුර ඔහු කැබලි එක් කොට මසා යළි එකලස් කරනවා.වයසට නොයෑමේ බලය සහ Healing power එක නිසා ඇය ඉතාම සෙමෙන් සෙමෙන් සුවය ලබනවා. සිය බිරිඳට සිදුකළ අපරාධය සහ කුඩා දියණියගේ අතුරුදහන් වීම නිසා කෝපයට පත්වන ඔහු HYDRA එකෙන් සහ S.H.I.E.L.D. එකෙන් පළිගන්නට සැලසුම් කරනවා. ඒ අනුව ඔහු එක්තරා formula එකක් නිර්මාණය කරනවා. නමුත් මේ formula එකෙන් වෙන දේ ගැන අපිට දැනගන්නේ season 2 වල අන්තිම episode කිහිපයේදීයි. මීට කලින් episodes වලදී පොඩි පොඩි teases මේ ගැන දීලා තිබුණාට මං හිතුවෙවත් නැහැ Skyeගේ තාත්තා කියන්නේ Mr. Hyde කියලා. මේ ලිපිය Skyeගේ අම්මායි, තාත්තායි ගැන හැඳින්වීමේ ලිපියක් නිසා අපේ review ලිපි වලට මේ දෙන්නා ගැන සහ ඔවුන්ගේ බලයන් සහ හැකියාවන් ගැන විස්තර කරන්නම්. ඒත් Mr. Hydes ගැන දන්න අයට නම් මෙයා ගැන season 2 එක මුලදිම hints ගොඩක් හොයාගන්න පුළුවන්. Super formula, Anger issues, Super strength, Inconsistency, Quick rage වගේ වචන ටිකක් කථාවේ කියවෙන කොට අපිට මේ කෙනා ගැන හොඳ අදහසක් ලැබෙනවා.

ඇත්තටම Cal කියන්නේ නරක කෙනෙක් වගේ පෙනුනට තමන්ගේ දුව සහ පවුල රැකගෙන යළි එකතු කරන්නට මහඟු වෙහෙසක් දරන කෙනෙක්. තමන්ගේ පවුලේ එකතුවීමට බාධාගෙනදෙන්නෙක් ලෝකයෙන් තුරන් කර දමන්නට පවා ඔහු පසුබට වෙන්නේ නැහැ. ඔහුට Coulson එක්ක කේන්තියක් තියෙන්නෙත් ඒ නිසායි. Skyeව ඔහුගෙන් ඈත් කරන්නේ Culson සහ S.H.I.E.L.D. එක කියලයි ඔහු හිතන්නේ. අන්තිමට මේ ගැටුම S.H.I.E.L.D. එක සහ Inhumansලා අතර ගැටුමක් බවට පත් වුණාම Cal ක්‍රියා කරන ආකාරයෙන් ඔහු හැඟීම් වලටම පමණක් ඔහු ඉඩ නොදෙන බව පෙනෙනවා. ඒ වගේම ඔහුගේ බිරිඳ ඔහුව මුලාවට පත් කළත් අවසානයේදී අවශ්‍ය තැනදී සුදුසුම තීරණය ගැනීමට ඔහු පැකිළෙන්නේ නැහැ. දුවෙක් වෙනුවෙන් පියෙකු සතු ආදරය අන්තිම episode කිහිපයේදී අපිට දැකගන්න ලැබෙනවා. ගොඩ දෙනෙක් නොසිතූ ආකාරයට මේ අවස්ථාවේදී සැමගේම නෙතඟට කඳුළක් එක් කරාවි. මෙතරම් දරුණු පුද්ගලයෙක් සිය දියණිය වෙනුවෙන් මෙපමණ කැපකිරීම් කරනවාද යන්න අපිට season 2 එක අන්තිමට හිතේවි.

Calvin L. Johnson එහෙමත් නැතිනම් Calvin "Cal" Zaboගේ චරිතය Agents of S.H.I.E.L.D. කථාමාලාවේදී රඟපාන්නේ Kyle MacLachlan විසිනුයි. Twin Peaks (1990), Blue Velvet (1986), The Doors (1991), Desperate Housewives (2004) යනාදී චිත්‍රපට සහ Tv series රැසකට රංගනයෙන් දායක වී ඇති ඔහු Golden Globe සම්මානයකුත් දිනා ඇති විශිෂ්ඨ චරිතාංග නළුවෙක්. ඒ විතරක් නෙවෙයි Justice League: The New Frontier film එකේ Supermanට හඬකවලා තියෙන්නෙත් Kyle MacLachlan විසිනුයි.

11 - Jiaying

Season 2 මුල ඉඳන්ම අපිට Skyeගේ අම්මා කවුද කියන එක ගැන පොඩි පොඩි ඉඟි පළ වෙනවා. Skyeගේ හැඩහුරුකම් තියෙන ආසියානු කාන්තාවක් ගැන කතාවේ කියවෙද්දී අපිට ඒ Skyeගේ අම්මා වෙන්න ඕනෙ කියලා අනිවාර්යයෙන්ම හිතෙනවා. ඒත් mid season finale එක වෙනකන් මෙයා තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා කථාවේදී අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒත් මෙයාව අපිට 8වෙනි episode එකේදී දැකගන්නට ලැබෙනවා. ඒ Werner Reinhardt/Dr.Whitehall විසින් Deviner එකේ බලයන් පරීක්ෂා කිරීම සඳහා රැගෙන එන සිරකරුවන් පිරිස අතර මැයද සිටින නිසායි. එහිදී තමයි Jiaying පවා ඇයට මේ Deviner එක ස්පර්ශ කිරීමට හැකි බව දැනගන්නේ. කෙසේ වෙතත් Red Skullගේ පරාජයේ ආරංචිය Reinhardtට දැනගන්න ලැබෙන්නේ එවිටයි. ඒ නිසාම Reinhardt තමන්ගේ පර්යේෂණ නවතා පැනයන්නට සූදානම් වනවා. එහෙත් ඉන්පසුව එවකට 1945දී S.H.I.E.L.D. එක ලෙස පැවති Agent Carterගේ SSR එක විසින් HYDRA bases අල්ලා ගත් විට ඔවුන් Reinhardtව ජීවිතාන්තය දක්වා සිර කරනවා. ඒ වගේම Reinhardtවිසින් සිර කොට තබන ලද සිරකරුවන් Agent Carter විසින් නිදහස් කරනවා. නමුත් යළිත් හිස ඔසවන ලද HYDRA එක Doctor Reinhardt සිරකොට වසර 44කට පසුව ඔහු සිරකොට ඇති SSR Facility එකෙන්(The Rat) ඔහුව නිදහස් කරගෙන ඔහුගේ පර්යේෂණ යළි ආරම්භ කරනවා. ඒ අතරේ Obelisk එක ගැන Doctor Werner Reinhardtගේ පර්යේෂණ යළි ආරම්භ කරවීමට HYDRA භටයන් චීනයේ සෑම ගමකම eldersලා අල්ලාගෙන Reinhardt ළඟට ගෙන එනවා. ඒ අතරින් එක් තරුණියක් 1945දී Reinhardt දුටු ආකාරයෙන්ම සිටිනවා ඔහුට දැකගන්නට ලැබෙනවා. එතැනදීයි ඔහු Jiayingව පර්යේෂණයට යොදාගනු ලබන්නේ. එහිදී ඇයගේ ශරීර කොටස් ඉවත්කොට ඒවා තමන්ගේ ශරීරයට ඇතුළු කරගෙන ඒ බලයෙන් යළි තමාගේ තරුණ පෙනුම ලබා ගන්නවා. පර්යේෂණයට යොදාගැනීමෙන් අනතුරුව මියගිය Jiayingගේ සිරුර ඔවුන් කසල ගොඩට විසිකර දමනවා. Jiaying සහ තමන්ගේ දියණිය සොයා එන Calට Jiayingගේ සිරුර හමුවන්නේ විටයි. ඉන්පසුව ඔහු ඇයගේ සිරුර මසා එකලස් කර යළි ඇයට ජීවය ලබා දෙනවා.

ඉන්පසුව කථා තේමාව Inhumansලා කෙරෙහි යොමුවන්නට පටන් ගන්නවා. HYDRA එකෙන් සිදුවුණු ඛේදාන්තයෙන් පසුව Jiaying සිය වර්ගයා වන Inhumansලාට උදව් කරන්නටත්, ඔවුන්ට බලයන් ලබා දීමටත්, ඒ බලයන් ඔවුන්ට පාලනය කරන්න උදව් කරන්නටත් ඉදිරිපත් වනවා. Inhumansලාගේ පැවැත්ම සඳහා ඇය සියළුම Inhumansලාට සිටින්නට වෙනම ප්‍රදේශයක් සකසා ගන්නවා. එය හැඳින්වෙන්නේ Afterlife කියායි. මේ නිසාම Afterlife එකේ නායකත්වත් ඇයට හිමිවනවා. Skye තවමත් ජීවතුන් අතර බව Calගෙන් දැනගන්නා Jiaying, Cal සමඟ එකතු වී ඇයව Afterlife වෙත ගෙන්වාගෙන ඇයට බලයන් පාලනය කරන්න කියාදෙනවා. ඉන් පසුවයි Skyeට ඇගේ බලයන් පාලනය කරගන්න හැකියාව ලැබෙන්නේ. කොහොම නමුත් S.H.I.E.L.D. එකේ බලයන් සහිත පුද්ගලයන් සඳහා වන Index එකට විරුද්ධ වන ඇය S.H.I.E.L.D. එක සමඟ යුද්ධ ප්‍රකාශ කරනවා. නමුත් Season 2 එක අවසන් වෙන්නේ එක් පැත්තකට පමණක් වාසියක් ගෙන දෙන අයුරින් නෙවෙයි. ඒ ගැන වැඩි විස්තර අපේ review එකෙන් ඔයාලට කියවන්න පුළුවන්.

Agents of S.H.I.E.L.D. කථාමාලාවේ Jiayingගේ චරිතය රඟපාන්නේ Dichen Lachmanවිසිනුයි. ඇය The 100, Shameless, Last Resort, King & Maxwell, Being Human, Dollhouse, Neighbours, Aquamarine, Sunday Punch යනාදී වූ Tv series සහ චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදී ඇති අතිදක්ෂ ජනප්‍රිය නිළියක්ද වනවා.

#SmAsHeR
Comic Script ලිපිය

Thursday, September 24, 2015

Agents of S.H.I.E.L.D. characters - 09 : Raina

Marvel's Agents of S.H.I.E.L.D. characters - 09


Raina

Spoilers everywhere.. Read at your own risk!!



Marvel's Agents of S.H.I.E.L.D. Season 1 වලදී අපිට Rainaව හමුවූවත් Season 2 වලදී මෙයාගේ චරිතය ගොඩක්ම වැදගත් වෙන නිසා ඒ ගැනලිපිය Season 2 වෙනකන් කල් දැම්මා. ඔන්න එහෙනම් අද අපි Raina ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න ඕනේ Agents of S.H.I.E.L.D. Season 2 දැනට බලලා නැති අය ඉන්නවා නම් එයාලට කථාවේ storyline එක spoil වේවි.

Raina කියන්නේ ටිකක් සංකීර්ණ චරිතයකින් යුතු කෙනෙක්. ඇය තමයි HYDRA වල Super Soldiersලා හදන Centipede Group එකේ වර්තමාන ප්‍රධාන විද්‍යාවේදිනිය. ඒ විතරක් නෙවෙයි ඇය තමයි දැනට මේ භාවිතා කරන Centipede Serum එක නිපදවූ තැනැත්තිය. මේ නිසාම අපිට හිතෙනවා Raina කියන්නේ HYDRA වලට වැඩ කරන කෙනෙක් කියලා. ඒත් ඇත්තටම මෙයා කථාබහ කරන විදියෙන් නම් HYDRAලාගේ අදහස් නැති බවයි පේන්නේ. HYDRAලාගේ උවමනාව තියෙන්නේ Global destruction එකක් උනත් මෙයා හැම වෙලේම හොයන්නේ පුද්ගලයන්ට බලයන් ලබා ගැනීම සහ ඒවා පාලනය කිරීම කියන දේ සම්බන්ධවයි. ඒ ගැන අපිට "Girl in the Flower Dress" කියන episode එකෙන් හොඳටම පැහැදිලි වෙනවා. Rainaගේ බාහිර පෙනුම ගැනත් විශේෂ සඳහනක් කරන්න අපිට සිදුවෙනවා. බොකුටු ගැසුණු කළු පැහැවන් කොණ්ඩය, විශාල ඇස් සහ සිහින් සිරුර නිසා ඇය තුළ තිබෙන්නා වූ ගුප්ත ස්වභාවය කථාමාලාව පුරාම විහිදෙනවා. ඒ වගේම තමයි ඇය තෝරාගන්නා ඇඳුම් විලාශයෙත් වෙනසක් තියෙනවා. ආසියානු මෝස්තරයට හැඩගැන්වුණු මල් වලින් සැඳුම්ලත් මෝස්තරයකින් සමන්විත ගවුම් තමයි ඇය අඳින්නේ. සමහර විට ඇය ආසියානු සම්භවයක් තියෙන කාන්තාවක් වන්නටත් පුළුවන්. මගේ මතය නම් ඇය පුරාතණික ආසියානු මතවාද විශ්වාශ කරන්නියක් බවයි. එහෙමත් නැතිනම් ඇය තමන් ඇතුළත සිටින ගුප්ත චරිතය එළියට නොපෙන්වන්න මේ ඇඳුම් මෝස්තර යොදාගත්තා වන්නටත් පුළුවන්.

සෑමදෙනාම හිතනවාට වඩා Raina කියන්නේ බුද්ධිමත් හැමදෙයක්ම ගැඹුරින් දකින කෙනෙක් හැටියට මට හඳුන්වන්න පුළුවන්. Season 1 වලදී ඇය Coulson සමඟ "Magical Place"(T.A.H.I.T.T.I) ගැන කෙරෙන කථාබහෙන් සහ John Garret සෑම දෙයක්ම දකිනා දිවැස් ඇත්තෙකු(Clairvoyant) නොවන බව දැනගත්තාම හැසිරුණු ආකාරයෙන් ඒ බව මනාව පැහැදිලි වෙනවා. ඒ වගේම Season 2 වලදී ඇයට බලයන් ලැබීමට පෙර ඇය Skyeගේ තාත්තා සමඟ කරන සාකච්ඡා වලින්ද, ඇයට බලයන් ලැබීමෙන් පසුව Jiaying සමඟ කරන සංවාද වලින්ද මේ බව පැහැදිලි වනවා. ඒ වගේම ඇය Skyeගේ පියා, Daniel Whitehall සහ HYDRA එක සමඟ බොහොම ප්‍රවේශමෙන් ගණුදෙනු කරන ආකාරය තුළින් ඇයගේ යම් අරමුණක් කරා ඇය ගමන් මාර්ග තනා ගන්නා බවකුත් පැහැදිලි වෙනවා. මේ නිසාම අර කලින් කියපු ගුප්ත චරිතය ඉස්මතු වනවා. Rainaගේ උප්පත්තිය ගැන සඳහනක් නොමැති නිසා season 2 එක ආරම්භයේදී ඇයගේ පවුල් පසුබිම ගැන වැඩි සඳහනක් කරන්නට අපහසු වුණත් ඇය Obilisk/Deviner එක ස්පර්ශ කිරීමට සමත් වූ නිසාත්, Skyeගේ පියා එය ස්පර්ශ කිරීමට සැමට නොහැකි බව පැවසීම නිසාත් ඇය සුවිශේෂී පරපුරකින් පැවතෙන්නියක් බව සඳහන් කළ යුතුමයි.

Season 2 වල mid season finale එකේදී Skyeට සහ Rainaට බලයන් ලැබෙන Terrigenesis ක්‍රියාවලියේදී ඔවුන් දෙදෙනාම Inhumansලා බවත් එතැනදී Rainaගේ ස්වභාවය වෙනස් වන ආකාරයත් අපිට දැකගන්න ලැබෙනවා. මේ ගැන වැඩි දුරටත් අපේ review එකේදී කථා කරන්න හිතාගෙනයි ඉන්නේ. ඒ වගේම Rainaට ලැබෙන බලයන් මොනවද, ඒවා ඇය නිවැරදි ආකාරයෙන් භාවිතා කරනවාද යන දේවල් ගැනත් ඒ ලිපි පෙළින් කථා කරන්න සූදානම්.

Agents of S.H.I.E.L.D. කථාමාලාවේදී Rainaගේ චරිතය රඟදක්වන්නේ 1982දී ඉතියෝපියාවේදී උපත ලද අයර්ලන්ත සම්භවයක් සහිත නිළියක් වන Ruth Negga විසිනි. 12 Years A Slave, Fury (2012), Breakfast on Pluto (2005), Isolation (2005) සහ World War Z වන චිත්‍රපට වලට රංගනයෙන් දායක වී ඇති Negga,Misfits කියබ බ්‍රිතාන්‍ය Tv series එකේද රංගනයෙන් දායක් වී තිබෙනවා. ඇය චරිතයට ගැලපෙන ලෙස හැඟීම් දනවමින් විශිෂ්ඨ ලෙස චරිතයට හොඳ අවසානයක් ලබා දෙනවා. ඊලඟ ලිපියෙන් අපි Skyeගේ දෙමව්පියන් ගැන විස්තර දැන ගනිමු.

#SmAsHeR

Comic Script ලිපිය

Wednesday, September 23, 2015

Agents of S.H.I.E.L.D. characters - 08 : Lance Hunter

                                            Marvel's Agents of S.H.I.E.L.D. characters - 08


Lance Hunter
 


Marvel's Agents of S.H.I.E.L.D කථාමාලාවේ Season 2 වලට එක්වුණු අලුත්ම සාමාජිකයන්ගෙන් කෙනෙකු තමයි Lance Hunter කියන්නේ. මෙයා comics වලටත් සම්බන්ධ කෙනෙක්. Comics වලදී මෙයාගේ උපන්බිම හැටියට සඳහන් වෙන්නේ එංගලන්තයේ Kent ප්‍රාන්තයයි. Comic වලදීයි Agents of S.H.I.E.L.D. කථාමාලාවේදීයි මෙයාගේ කථාවේ වෙනසක් වෙන්නේ නැහැ ඒ නිසා කෙලින්ම Tv series එක ගැන කථා කරමු.

Lance Hunter කියන්නේ කුලියට මුදල් පතා වැඩකරන පුද්ගලයෙක්. HYDRA ප්‍රහාරයෙන් පසුව බිඳවැටෙන S.H.I.E.L.D එකට පුහුණුවලත් නිළධාරීන් අඩුවක් පවතින විටයි Isabelle Hartley විසින් ඔහුව S.H.I.E.L.D. එක හා සම්බන්ධ කරවන්නේ. කථාමාලාව ආරම්භයේ පටන්ම ඇනුම්පද කියන උපහාසාත්මක ලෙස හැසිරෙන චරිතයක් වුවත් මෙහෙයුම් වලදී තම කාර්යභාරය මනාව ඉටු කරන්නට සමත් පුද්ගලයෙක් හැටියට හඳුන්වන්නට පුළුවන්. Hunter මුලින්ම රාජකාරි වැඩකටයුතු ආරම්භ කරන්නේ British Special Air Service එකේ Lieutenant කෙනෙක් විදියටයි. තම සේවා කාලයේදී දක්ෂ ලෙස සේවාරාජකාරි සිදුකළ Hunter, 2009 වසරේ බ්‍රිතාන්‍ය හමුදා මූලිකත්වයෙන් ඇෆ්ගනිස්ථානයේ සිදුකළ Operation Panther's Claw මෙහෙයුමට සක්‍රීයව දායකත්වය දක්වපු පුද්ගලයෙක් ලෙසට හැඳින්වෙනවා. ඉන්පසුව බ්‍රිතාන්‍යයේ S.H.I.E.L.D. එක ලෙස ක්‍රියාකරන S.T.R.I.K.E. (Special Tactical Reserve for International Key Emergencies)හි සේවය කොට තිබෙන දක්ෂ නිළධාරියෙක්. Obelisk/Diviner එක සොයා කෙරෙන මෙහෙයුමේදී Carl Creelගේ අතින් ඔහුගේ සගයන් දෙදෙනා වන Isabelle Hartley සහ Idahoගේ මිය යාමෙන් පසුව ඔහු Director Phil Coulsonගේ ආරාධනාව සහිතව S.H.I.E.L.D. එකට සම්බන්ධ වනවා. එතැන් පටන් කණ්ඩායමේ මෙහෙයුම්වලදී වැදගත් කාර්යභාරයක් ඉටුකරන්න Hunterට හැකිවෙනවා.

කථාමාලාවේ Lance Hunter කියන්නේ බොහොම විනෝදබර කෙනෙක්. සමහර missions තුළදී පවා ඔහු beer උගුරක් බීලා උපහාසාත්මක විහිලුවක් කරන අවස්ථා බොහොමක් දකින්නට ලැබෙනවා. ඒ වගේම කථා විලාශය ඒ චරිතය මනහාව විදහා දක්වනවා. කථාමාලාවේදී Bobbi Morse තමයි Hunterගේ කලින් බිරිඳ. ඒත් කොමික් වලදී මේ කතාව පොඩ්ඩක් වෙනස්. Comic වලදී Bobbi සහ Hunter අතර තියෙන්නේ ආදර සම්බන්ධයක්. Tv series එකේදී දෙන්නා දෙන්නා ගැන තවමත් ඉස්සර වගේම හොයලා බලනවා කියලා පෙන්වන තැන් කිහිපයක්ම තියෙනවා. ඒ නිසාම දෙන්නා අතරේ වාද විවාද නම් බොහොමයක් සිදු වෙනවා. නියම වැඩේ කියන්නේ දෙන්නම දෙන්නගෙ වැරදි අඩුපාඩු කියාගන්නකොට Hunter හැමවෙලාවෙම "she devil" හෝ ඒ හා සමාන උපහාසයන් යෙදීමයි. මේ නිසාම දෙන්නා අතරේ නොදැනීම ආයෙත් ආදරක් හටගන්නවාද මන්දා. කොහොම හරි Hunter කියන්නේ හොඳ දක්ෂ agent කෙනෙක් කියලා අපි දන්නවානේ, ඒ වගේම තමයි මෙයා දක්ෂ හමුදා නිළඛණ්ඩ මෙහෙයවන්නෙකුත් වෙනවා. ඒ වගේම උපායදක්ෂයෙකුත් වෙනවා. රථවාහන පැදවීම, අවිආයුධ හැසිරවීම, අවිආයුධ අධ්‍යයනය සහ Martial arts ගැනත් හොඳ දැනීමක් සතු වෙනවා.

Marvel's Agents of S.H.I.E.L.Dහි Lance Hunterගේ චරිතය රඟපාන්නේ Nick Blood විසිනුයි. ඔහුත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඒ නිසා බ්‍රිතාන්‍ය උච්චාරණය Hunterගේ චරිතය තුළ ප්‍රධාන ලෙස ඉස්මතු වෙනවා. Trollied (2011) and Brand New-U (2015), Babylon (2014) යන චිත්‍රපට සහ Tv Series වලට Nick Blood දායකත්වල ලබාදී තියෙනවා. Hunterගේ චරිතයේ ඇති පක්ෂපාතීත්වය, නිහඩ ගැඹුරු බව, කුතුහලය සහ ගවේශණාත්මක බව මෙන්ම තියුණු බුද්ධිමත් බවද මොහු මනාව රංගනයේදී ඉස්මතු කරනවා. තම චරිතයට අවශ්‍ය වන පරිදි ඔහු මනාව සෙසු චරිත පවා හැඩගස්වාගනිමින් ඔවුන්ගේ අවධානය දිනාගනිමින් ඉතා විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා.

#SmAsHeR


Comic Script ලිපිය

Tuesday, September 22, 2015

Marvel's Agents of S.H.I.E.L.D. characters - 07 : Bobbi Morse

Marvel's Agents of S.H.I.E.L.D. characters - 07

Barbara "Bobbi" Morse / Mockingbird

   
Marvel's Agents of S.H.I.E.L.D කථාමාලාවේ Season 1 වල අවසාන භාගයේ නොසිතූ ජනප්‍රියතාවයත් සමඟම Marvel සමාගම season 2 එක ටිකක් අඳුරු තේමාවක් සහිත action වැඩි කථාවක් බවට පත් කළා. ඒ වගේම කථාමාලාව සඳහා වඩාත් දක්ෂ නළු නිළි පිරිසක් සම්බන්ධ කරගත්තා. ඒ අනුව Marvel Comics වල සුවිශේෂතම චරිතයක් වන Mockingbird චරිතයත් Season 2 එකේ ප්‍රධාන චරිතයක් බවට පත් වුණා. මේ ලිපියේදී මං වැඩිපුරම Agents of S.H.I.E.L.D.කථාමාලාවේ Mockingbird චරිතය ගැනත්, ඒ චරිතය කථාමාලාවේ හරයට සම්බන්ධ වෙන ආකාරය ගැනත් ප්‍රධාන වශයෙන් කථා කරන්න හිතුවා. Mockingbird ගැන වෙනම comic හා සම්බන්ධ ලිපියක් අපි ගෙන එනවා.

Barbara Morse එහෙම නැත්නම් Bobbi Morse කියන්නේ S.H.I.E.L.D. agentsලාගෙන් ඉතාමත් දක්ෂතම Agentsලා කිහිප දෙනාගෙන් එක්කෙනෙක්. Comic වල කියන හැටියට නම් Bobbi Morse කියන්නේ Georgia Institute of Technology එකෙන් ජීව විද්‍යාව සඳහා වන Ph.D.එක සම්පූර්ණ කරපු විද්‍යාවේදිනියක්. ඒ අතරතුරේම කුඩා කාලයේ ජිම්නාස්ටික්, සහ සටන් කලාව ප්‍රගුණ කළ කෙනෙක්. මේ නිසාම ඇයට පවතින දරා ගැනීමේ හැකියාව අධිකයි. ඉන් පසු S.H.I.E.L.D එකට බඳවා ගන්නා ඇය එහි වැඩිදුර පුහුණුවීම් වලින් පසුව අති දක්ෂ agent කෙනෙක් බවට පත්වෙනවා. Comic වලදී කියවෙන හැටියට වරෙක Nick Fury විසින් Captain Americaගේ ස්ථානයට ළං කළ හැකි එකම තැනැත්තිය Bobbi Morse බවත් පවසා තිබෙනවා. මේ නිසාම ඇයගේ දක්ෂකම් ගැන අමුතුවෙන් වර්ණනා කරන්න ඕනෙ නැහැ කියලයි මට හිතෙන්නේ. Barbara Morse, Bobbi, Roberta Morse, The Huntress, Agent 19, Barbara Barton යනාදී නම් වලින්ද මැයව හඳුන්වා දී ඇති වාර අපමණයි. මෙයින් සුවිශේෂීම නාමය වන්නේ Barton යන නාමයයි. Marvel Comics වල Barton කියන නම තියෙන ප්‍රධානම කෙනා තමයි Hawkeye නොහොත් Clint Barton. මේ දෙදෙනා කලක් විවාහ වෙලා සිටි යුවළක්. නමුත් පසුව දෙදෙනා විරසක වෙලා වෙන් වෙන්න තීරණය කරනවා. ඒකට හේතුවෙන්නේ Bobby එයාගෙ දෙමව්පියන්ට හොරෙන් තමයි Mockingbird හැටියට වැඩ කරන්නේ. එයා එයාගේ අනන්‍යතාව කාටවත් හෙළි කරන්න කැමති වෙන්නෙ නෑ. නමුත් Clint, Bobbiගේ අම්මා ඉන්න තැනක ඇගේ අනන්‍යතාව හෙළි කරනවා. මේකට ඇතිවන විරසකෙන් පස්සේ තමයි දෙන්නා වෙන් වෙන්නේ. මොන දේ උනත් Marvel Comics වල අති සාර්ථකම කාන්තා චරිතයක් හැටියට Mokingbirdව සැලකෙනවා.

Agents of S.H.I.E.L.D කථාමාලාවේදීත් Comics වලට සම්බන්ධ කරුණු මත ප්‍රධානව පදනම් වුණු Mockingbird කෙනෙක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ චරිතයේ ජීව ගුණය පොඩ්ඩක්වත් විනාශ කරලා නැහැ. HYDRA එකේ ආක්‍රමණය සිදුවන කාලරාමුවේදී සහ අද දක්වාම S.H.I.E.L.D.එකේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන කෙනෙක් තමයි Bobbi Morse කියන්නේ. කථාමාලාවේදී මෙයාගේ code name එක(Mockingbird) භාවිතා වෙන්නේ අඩුවෙන්. ඒකට හේතුව කථාමාලාව S.H.I.E.L.D එක පදනම් කරගෙන සිදු කරන නිසායි. කොහොම නමුත් season 2 එකේ කථාවට මෙයාව ඇතුළත් කරන තැන ඉඳන්ම මං ආසා කරපු සහ ආදරය කරපු චරිත 5-6ට මෙයාවත් ඇතුළු වුණා. කලින් Marvel's Agents of S.H.I.E.L.D. characters ලිපියෙන් අපි කථා කරපු Jemma එක්ක තමයි මෙයාට පළවෙනි mission එකට සහභාගී වෙන්න සිදු වෙන්නේ. ඒ HYDRA Laboratory base එකක් ඇතුළේ ඉඳලා ඔවුන්ගේ මීලඟ මෙහෙයුම් ගැන S.H.I.E.L.D. එක දැනුවත් කරන්නයි. Bobbi Morse කියන්නේ කොච්චර දක්ෂ spy කෙනෙක්ද කියලා season 2 episode 05 වලදී බලාගන්න පුළුවන්. ඒ වගේම Bobby සතු සියළුම පාහේ හැකියාවන් මේ season එකෙන් මනාව ඉස්මතු කරනවා. සමහර විට season 2 එක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මේක වෙන්නත් පුළුවන්. තමන් සතු සටන් හැකියාවන් සහ රහස් පරීක්ෂණ හැකියාවන් මනාව ඉදිරිපත් කරමින් කුමන අවස්ථාවක් වුවත් කණ්ඩායම ගැන හිතන කෙනෙක් හැටියට අපිට මෙයාව දැකගන්න පුළුවන්. තව විස්තර අපේ review එකේදී කථාකරමු.

Agents of S.H.I.E.L.D කථාමාලාවේ Bobbi Morseගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ Adrianne Palicki විසිනුයි. Friday Night Lights, Red Dawn (2012) Supernatural and the G.I. Joe: Retaliation(2013), Legion (2010), John Wick(2014) කියන චිත්‍රපටි සහ Tv Series බලපු අයට නම් Adrianneගේ රංගනයන්ගේ විශිෂ්ඨ බව ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැතුව ඇති. කථාමාලාවට guest star කෙනෙක් හැටියට ඇතුළත් වුවත් Season 2, episode 11 වලින් පස්සේ කථාමාලාවේ ප්‍රධාන චරිතයක් බවට Marvel සමාගම මැයව පත් කළා. ඉහළ ජනතා ආකර්ෂණයක් දිනාගැනීම නිසා ඒ වරප්‍රසාදය ඇයට හිමි වුණා. කතාමලාවට එකතුවුණු පළවෙනි episode එකේ ඉඳලා season finalie එක වෙනකන්ම action, Agility පොඩ්ඩක්වත් අඩු නොකරගෙන චරිතය රඟදක්වන්නට Adrianne ලොකු මහන්සියක් ගන්නවා. චරිතයට අවශ්‍ය වන පරිදි ඇය මනාව හැඩගැසෙමින් ඉතා විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා.

#SmAsHeR

Comic Script ලිපිය





Gotham S02E01 - Damned If You Do

Gotham S02E01 - Damned If You Do

************Spoilers***************

කොමික් ස්ක්‍රිප්ට් අපේ පේජ් එක ගොඩක් යාලුවෝ ආදරයෙන් වැළඳ ගත්තේ අපි ආදරය කරන ටීවී සිරිස් වල ගැඹුරට කතා කරන්න සිංහල මාධ්‍යයෙන් තියන හොඳම තැන කිව්වොත් ඒක බොරුවක් නෙවේනේ. ගිය අවුරුද්දේ පටන් ගත්ත ගමන පුරාවටම අපේ යාලුවෝ අපිත් එක්ක ගොඩාක් ආසාවෙන් එකතු උණා ඒ වැඩ පිළිවෙලත් එක්ක. ඒ වැඩ සටහනේ දෙවෙනි පියවර විදිහට මේ අවුරුද්දේ ටීවී සිරිස් වලින් කොමික් සම්බන්ධ කතාවක් විදිහට ආපු කතා අතරින් ගෝතම් කියන්නේ ඉදිරියෙන්ම ඉන්න කතාවක්. මුලින් මුලින් මන්ද ගාමි විදිහට ආපු මේ කතාව පලවෙනි සීසන් එක ඉවර වෙද්දී ලොකුම ලොකු ආන්දෝලනයක් ඇති කරන්න සමත් උණා. ඒ හින්දා හැමෝම මේකේ දෙවෙනි සීසන් එක එනකල් හිටියේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. ඔන්න අන්තිමට ඒ දවස ආවා. හැබැයි අපේ වාසනාවට ගෝතම් නියමිත දිනට කලින් නිකුත් උණා. ඒ කොටස ගැන පුරුදු විදිහට කතා කරන්න හිතුවත් අපේ ඇඩ්මින් එක තීරණය කලා නිල වශෙන්ම ගෝතම් නිකුත් වෙන කල් ඉන්න ඕනේ කියලා. ඒ හින්දා මීට දවස් කිහිපයකට කලින් ගේන්න හිතා ගෙන හිටපු ලිපිය අපි අද තමයි ඔයලා ට ගේන්නේ.

ගිය සැරේ අපි ගෝතම් කතාවේ නතර උනේ කොතන ද කියලා මතකද? ෆැල්කෝනි ගෝතම් වලින් ඉවත්ව යනවාත් එක්ක ඔහුගේ රාජධානිය බිඳ වැටෙනවා. ඊලඟට හිටිය ප්‍රබලයන වෙන සැල් මැරෝනි සහ ෆිෂ් මුනි දෙන්නාම මිය යන හින්දා ගෝතම් වල අණසක පතුරුවන්න ඉතුරු උනේ පෙන්ගුවින් විතරයි. ඔය අතරේ බ්රුස් වේන් එයාගේ තාත්තා සඟවලා තියපු රහස් කුටිය හොයා ගන්නවා. චරිත එකින් එක ගැන කතා කරන්න යන්නේ නෑ මේක ඉවරයක් වෙන්නේ නැති හින්දා. ඒ ඒ චරිත වල වැදගත් කම අනුව අපි ඉස්සරහට වැඩි පුර දේවල් කතා කරමු.

මුලින්ම කියන්න ඕනේ දෙයක් තියනවා මේ කොටස මගින් කරන්නේ ගිය පාර කතාවේ නතර කරපු තැනින් අද වෙද්දී අපි කොච්චරක් දුර ඇවිත් ද කියන එක කියන්න. ඒ හින්දා මේ කොටස තුලින් අපිට දකින්න පුළුවන් උනේ යම් යම් සිද්දි වලට අදාළ මුලික කාරණා වලට පසු බිම වැටෙන එක විතරයි.
   

1.කතාව පටන් ගන්නේ ගියපාර සීසන් එක ඉවර උණු තැනින් මාසෙකට පස්සේ. මේ වෙද්දී ගෝතම් ඇතුලේ ලොකු වෙනස් කම් වෙලා තියනවා. ගෝර්ඩන් සහ ලෙස්ලි දෙන්නා ආදරයෙන් ජිවත් වෙන්න පටන් අරගෙන. හැබැයි එයා ගේ වැඩ හින්දා ගෝතම් නගරයේ දුෂිත පොලිස් ප්‍රධානියෝ එයාව තත්ත්වයෙන් පහත් කරලා දාලා තියනවා. පොලිස් දිවියෙන් විශ්‍රාම ගත්ත බුලොක් ආපන ශාලාවක වැඩ කරනවා. පෙන්ගුවින් නගරයේ ආධිපත්‍ය තමන්ගේ අතට අරගෙන. වික්ටර් සාස් එයාගේ ප්‍රධාන ගෝලයෙක් වෙලා. බාබරා කීන් ආර්කම් සිර මැදිරියට ඇතුල් කරලා. ගිය පාර අපිට හම්බුනු ගොඩක් දෙනෙක් මේකේ නතර වෙලා ඉන්නවා. මේ අය ගැන තව ටිකකින් ම කතා කරමු.

2.අද කතාවේ දකින්න තිබ්බ අනවශ්‍ය චරිතයක් විදිහට තමයි මට නම් Zaardon හෙවත් Soul Reeper. මෙයා ගෙන් කතාවේ තියන වැදගත් කමත් නැති උණා. ඒ වගේම ෆිල්ම් වල දී අපිට නිතරම දකින්න ලැබෙන අභව්‍ය සිද්ධි වලට සමාන සිද්ධියක් (මෙයා අත් අඩංගුවට ගන්නත් ඕනේ, ඊට පස්සේ ආර්කම් සිර ගෙදරට දාන්නත් ඕනේ, එයා දාන තැන ඕන කරන අනිත් සිර කාරයෝ සේරම ඉන්නත් ඕනේ, එතන දී ම මෙයාට කටින් නිල් පාට වායුව මුදා හරින්න පුළුවන් වෙන්නත් ඕනේ). මෙයා ගැන කොමික් වලින් නම් ගැලපෙන චරිතයක් හොයා ගන්න බැරි උණා.

3. ගිය පාර සීසන් එකේ අවසාන වෙද්දී පුදුමාකාර දියුණුවක් ලබපු නිග්මා තමන් ගේ දෙබිඩි පිළිවෙත හින්දා අතර මං වෙලා. අපිට කොමික් වල දී දකින්න හම්බෙන රිඩ්ලර් ව තාම දකින්න බැරි උනත් මේ සීසන් එකේ දී නම් විශේෂ දෙයක් වෙන්න පුළුවන් මෙයා සම්බන්ධයෙන්.

4. බැට් මෑන් ගෝතම් වල සැරිසරන කොට පොලිස් ප්‍රධානියා වෙන්නේ ගෝර්ඩන් නේ. එයාට කලින් තමයි සාරා එසන්ස් ප්‍රධානියා වෙන්නේ. ඒ සේරටම කලින් ලෝබ් ව මේ තනතුරින් ඉවත් කරලා දාන්න ඕනේ. මේ සඳහා ගෝතම් කතා මාලාව යොදා ගන්නේ ටිකක් අඳුරු ක්‍රමයක්. මේකේ දී ලෝබ් ව ඉවත් කිරීමට වඩා දෙයක් වෙනවා. ඒ තමයි ගෝර්ඩන් කියන්නේ පෙන්ගුවින් ට එරෙහිව යන්න බැරි කෙනෙක් බවට පත් කරන එක. බැට් මෑන් කරලියට එනකල්ම අපිට ගෝතම් වල ප්‍රධානියා විදිහට පෙන්ගුවින් දකින්නේ ඒ හින්දා. ඒ වගේම ගෝර්ඩන් කියන්නේ මෙතනින් එහාට සර්ව පාරිශුද්ධ කෙනෙකුත් නෙවේ.

5.බාබරා කීන් ආර්කම් සිර මැදිරියට ගිය සිද්ධිය නම් ඇත්තටම විශේෂ අවස්ථාවක්. කලින් අපි දැකපු ආකර්ශනිය චරිතය වෙනුවට මෙතනින් මතු වෙලා පෙනුනේ කිසිම දෙයක් ගැන බයක් නැති මුරණ්ඩු බාබරා කෙනෙක්. සේරමත් හරි මෙයා ගෝර්ඩන්, ඩොක්ටර් ලෙස්ලි එක්ක කරන්න හදන භයානක සෙල්ලම නම් එච්චර හොඳ දෙයක් වෙන්න බෑ. තව වැදගත් කාරණයක් තමයි බාබරා සිර මැදිරියට එද්දී සීසන් 1 පුරාවට අපිට හම්බුනු ජෙරෝම් (අනාගත ජෝකර්???, මාස්ක්, ආරෝන්) වගේ අයත් මෙතන ඉන්න එක. හැබැයි මේ අය මෙතනට ගෙනාවේ නිකන් ම මුහුණ පෙන්නලා යන්න නෙවේ කියන එක අපිට ඉක්මනටම පැහැදිලි උනා.

6. මේ සේරම පිටිපස්සේ ඉන්න චරිතය තමයි Theo Galavan කියන්නේ. ගෝතම් සීසන් 2 වලට බැට් මෑන් ගේ ප්‍රධානම විලන් කෙනෙක් ගේනවා කියලා ආරංචිය ආවේ අද ඊයේ නෙවේනේ. ඒ වගේම එයා ගොඩාක් පොහොසත් වගේම ලොකු අතීතයක් තියන කෙනෙකුත් වෙනවා. අනිවාර්යෙන් ම මේ කිව්වේ තියෝ ගැලවන් ගැන තමයිනේ. හැබයි මෙහෙම නමක් අපිට කොමික් වල දී හම්බෙන්නේ නම් නෑ.හැබයි දැනට හම්බෙලා තියනවිස්තරයට ගැලපෙන කට්ටිය කවුද කියලා බලපුවාම අපිට තුන් දෙනෙක් තමයි එක පාරටම මතක් වෙන්නේ. ඒ රේශ් අල් ගුල්, වැන්ඩල් සැවේජ් සහ කෝට් ඔෆ් අවුල්. මේ අතරින් රේශ් ව මෑත කාලයේ දී ඇරෝ එකෙන් ගොඩක් ගැඹුරටම කතා කළා. ඒ වගේම වැන්ඩල් සැවේජ් කියන්නේ ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ එකේ ප්‍රධාන සතුරා. ඒ හින්දා මේ දෙන්නාවම අපිට ගෝතම් කතාවේ දකින්න ලැබෙන එකක් නෑ. එහෙනම් අපිට ගන්න තියන නිගමනය තමයි මේ කෝට් ඔෆ් අවුල් වලට තිබ්බ පියවරක් කියන එක. බැට් මෑන් ගැන තියන විශිෂ්ඨම කතාවක් ගෝතම් සීසන් 2 එකට පාදක කර ගන්නවා කියන්නේ නම් මේ සීසන් එක හිතනවා ටත් වඩා ආකර්ශනීය වෙනවා කියන එක නම් සැකයක් නෑ.

7. තියෝ ගැලවන් වගේම එයාගේ සොහොයුරිය කියලා අපිට දකින්න හම්බුනු සරාගී Tabitha Galavan (හම්මේ Jessica Lucas....) ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා. මොකද මෙයාව හදුන්වා දුන්නේ Tigress කියලා. ඉතින් මෙහෙම නමක් තියෙන්නේ කාටද කියලා හොයලා බලපුවාම අපිට dc කොමික් වල අම්මායි දුවයි දෙන්නෙක් ම හම්බෙනවා. ඒ දෙන්නා තමයි Paula Brooks Crock සහ එයාගේ දුව Artemis Crock. මේ දෙන්නටම ගැලවන් කියලා නමක් නැති උනාට නම් මාරු කරන එක ගෝතම් වල ලොකු දෙයක් නොවන හින්දා මේ දෙන්නාට සම්බන්ධයක් තියන කෙනෙක් වෙන්න ඇති කියලා තමයි මුලින් හැමෝම හිතුවේ. එත් ක්‍රොක් පවුලේ දෙන්නා ගේ අතේ තියෙන්නේ පිහියක් නෙවේ ගොඩක් වෙලාවට. ඒ හින්දා තමයි මෙයා වෙන කෙනෙක් කියලා ඔප්පු උනේ. මෙහෙම කෙනෙක් අපිට හම්බෙනවා Action Comics 01 වෙනි කලාපයත් (සුපර් මෑන් මුලින්ම එලියට ආපු කතාව) එක්ක පල වුනු The Mystery of the Freight Train Robberies කතාවේ. මෙයා Zatanna Zatara ඇතුළු Zatara පවුලේ එදිරිවාදිනියක්. ඒ වගේම කොමික් වල දී මෙයාගේ ඇත්ත නම කවුරුත් දන්නේ නෑ. ඒ හින්දා ඕනෑම නමක් මෙයා ගේ නම විදිහට භාවිතා කරන්න පුළුවන්.

8. අන්තිමට කියන්න තියෙන්නේ නම් බ්රුස් වේන් කියන්නේ කලින් හිටිය උද්ධච්ච කොල්ලා මයි. ගෝර්ඩන් හම්බුනු වෙලාවේ හැසිරුණු විදිහ, රහස් කුටිය විවර කරන්න දරපු උත්සාහය ඒවා ගෙන් ඒක හොදට කැපිලා පේනවා. මොනවා උණත් බ්රුස් ට හම්බුනේ රහස් කුටියක් මිස බැට් කේව් එකක් නම් නෙවේ. හැබයි ඉතින් මේක අනාගත බැට් කේව් එක වෙන්න බැරි කමක් නෑනේ. ඒ එක්කම තෝමස් වේන් එයාට ලියලා තියපු ලියුමෙන් ඉල්ලනවා සතුට හෝ සත්‍ය දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා කියලා. බැට්සි ගැන දන්න ඕනෑම කෙනෙක් දන්නවා නේ එයා තෝරා ගත්තේ මොන මාර්ගය ද කියලා. ඒ හින්දා මනේ අපිට ඉතාම කලාතුරකින් විතරක් සතුටින් ඉන්න බැට්මෑන් කෙනෙක් දකින්න පුළුවන් උනේ.

කලින් කිව්වා වගේ මේ සතියේ කොටස පුරාවටම අපිට දකින්න ලැබුනේ ඉදිරි කොටස් වලට අවශ්‍ය අඩිතාලම දා ගන්න විදිහ. අපි බලමු ඉස්සරහට මේ චරිත කොහොමද ගොඩ නැගෙන්නේ කියලා.

‪#‎attila_THE_hun‬


Comic Script ලිපිය

Saturday, September 12, 2015

Marvel's Jessica Jones : Intro

Comic Based TV Series 006

Jessica Jones

 



ඉදිරියට එන්න නියමිත ටීවී සිරිස් ගැන හඳුන්වා දෙන ලිපි පෙලේ තවත් එකක් විදිහට අපි අද කතා කරන්න යන්නේ Jessica Jones ටීවී සිරිස් එක ගැන. අපිට තේරුණු දෙයක් තමයි අපේ යාලුවෝ ගොඩක් දෙනෙකුට මේ කතාවට පාදක වෙන චරිතය ගැන ලොකු අවබෝධයක් නෑ කියලා. ඒ හින්දා අපි මුලින්ම මෙයා ගැන පොඩ්ඩක් විස්තර කතා කරලා ඉමු.

Jessica Campbell පුංචි කාලයේ දී එයාගේ පවුලේ අයත් එක්ක ඩිස්නිලන්තේ බලන්න යද්දී විකිරණ ශීලි රසායනික ද්‍රවය ගෙනියන වාහනයක හැප්පෙනවා. එයාගේ අම්මයි තාත්තයි සහෝදරයායි තුන් දෙනාම මේකෙන් මැරෙනවා. ජෙසිකා විතරක් මේකෙන් බේරෙනවා. හැබයි එයාත් කොමා තත්ත්වයට පත් වෙනවා. ටික දවසකට පස්සේ සිහිය ආවම එයාට තේරුම් යනවා එයාට බලයක් හම්බෙලා කියලා. ඒ තමයි අසාමන්‍ය ශක්තියක් එයාට ලැබෙනවා. ඒ වගේම පියාඹන්න හැකියාවත් එයාට හම්බෙනවා (ටිකක් පිලිගන්න අමාරුයි වගේ නම් තමයි. ඒත් මේ චරිතය 1963 දී මුලින්ම එලියට ඇවිත් තියෙන්නේ. ඒ හින්දා අපිට මේ විදිහටම පිලිගන්න වෙනවා)

දෙමව්පියෝ දෙන්නාම නැති උන හින්දා මෙයා Jones දෙපල ළඟ තමයි හැදුනේ. එයාගේ නමට ජෝන්ස් කෑල්ල එකතු වෙන්නේ ඊට පස්සේ. මෙයා ඉස්කෝලේ ගියේ පීටර් පාකර් ගිය ඉස්කෝලෙටමයි. මුල් කාලේ දී මෙයා තමන්ගේ බලය හංගා ගෙන හිටියත් පස්සේ ස්පයිඩර් මෑන් ගේ ක්‍රියාකාරකම් දැකලා මෙයත් අසාධාරනය වෙනුවෙන් සටන් කරනවා. මුල් කාලේ දී මෙයා Jewel කියන නමින් තමයි පෙනී ඉන්නේ. හැබයි මුල්ම කාලේ මෙයට තමන්ගේ බලය ගැන වැඩිය අවබෝධයක් තිබ්බේ නැති හින්දා ඉක්මනින්ම ම ලොකු විනාශයකට පත් වෙනවා. අන්තිම ප්‍රතිපලය උනේ ජෙසිකා Purple Man කියන කෙනාගේ හිරකාරයෙක් විදිහට මාස 8ක් වගේ ඉන්න වෙනවා.
මේ සිදුවීම් වලින් පස්සේ එයා තමන්ගේ මුල් ජිවිතේ අමතක කරලා අලුතෙන් ජිවිතයක් පටන් ගන්න නිව් යෝර්ක් වලට එනවා. නිව් යෝර්ක් වල පුද්ගලික රහස් පරීක්ෂක වරියක් විදිහට සාමන්‍ය ජිවිතයක් ගත කරන්න හැදුවත් එයාගේ අතීතය සහ එයා ඇතුලේ ඉන්න සුපිරි වීරවරිය මෙයාගේ මේ ජිවන රටාව අවුල් කරනවා.

ටීවී සිරිස් එකේ කතාව පටන් ගන්නේ මෙතනින්. මෙයා තමන්ගේ අතීතය අමතක කරලා අලුතෙන් සුපිරි වීරවරියක් විදිහට කොහොමද ජිවිතේ පටන් ගන්නේ කියන කාරනය අපිට මේකේ දී බලා ගන්න පුළුවන් වෙනවා.
දැනට මේකේ ටීසර් එක ඇවිත් තියෙන්නේ. ගොඩක් අය මේ වෙද්දී මේක බැලුවත් වැඩිය තේරෙන්න නම් නැතුව ඇති. හැබයි උවමනා වෙන් බැලුවොත් අතීත කතාව ගැන පොඩි ඉඟි ටිකක් තමයි මෙතන තියෙන්නේ.

https://www.youtube.com/watch?v=ywZE-NEJ2Ik

අපි බලමු කතාව ගැන අපි දන්න තොරතුරු එක තැනකට ගන්න,
• Marvel කොමික් වල Jessica Jones නමැති චරිතය වටා කතාව ගොඩ නැගී ඇත
• නිෂ්පාදන සමාගම - Marvel Television, ABC Studios, Tall Girl Productions
• විකාශය වෙන නාලිකාව - Netflix
• විකාශය වෙන දිනය - 2015 නොවැම්බර් 20
• නිර්මාණකරණය - Melissa Rosenberg
• විකාශය වීමට නියමිත සීසන් ගණන - 1
• විකාශය වීමට නියමිත කොටස් ගණන - 13 (විනාඩි 50-54)

මුලින්ම මේ කතාව නම් කරලා තිබ්බේ A.K.A. Jessica Jones කියලා. පස්සේ A.K.A. කොටස අයින් වුණා. හැබයි මේ සීසන් එකේ කොටස් 13 ම නම් පටන් ගන්නේ A.K.A. කියන කොටස මුලට ඇවිත්. ඩෙයා ඩෙවිල් වගේම මේකේ කොටස් 13 ත් එක දවසේ එන්න නියමිතයි.

කොමික් වල දී නම් මෙයාගේ කතා ගොඩක් වෙලාවට R වර්ගීකරණයට අයිති වෙන්නේ. ඒ කියන්නේ ලිංගික දර්ශන සහ අසභ්‍ය වචන එහෙමත් තියනවා. ඩෙයා ඩෙවිල් කතාවත් ටිකක් අඳුරු විදිහට ඉදිරිපත් කරපු හින්දා ජෙසිකා ජෝන්ස් කතාවත් කොමික් වල තරම් නැති උණත් අඳුරු විදිහට ඉදිරිපත් වෙන්න තමයි ඉඩ තියෙන්නේ.

ජෙසිකා ජෝන්ස් විවාහ උනේ පවර් මෑන් එහෙමත් නැතිනම් Luke Cage එක්ක. මෙයාට වෙනම කතාවක් පස්සේ හම්බෙනවා නේ. හැබයි එයා මුලින්ම දැක ගන්න පුළුවන් අපිට මේ කතාවේ දී. මීට අමතරව Kilgrave, Trish Walker, Harper කියන කොමික් වල එන චරිතත් මේ කතාවේ ඉන්නවා.

MCU එකේ කොටසක් විදිහට තමයි මේ කතාවත් යන්නේ. ටිසර් පෝස්ටර් එකේ පසුබිමේ දකින්න හම්බුනු ඇවෙන්ජර් ටවර් එකෙන් මේක හොදටම පැහැදිලි වෙනවා. වැදගත්ම දේ තමයි ජෙසිකා ගේ අතීත ජීවිතයත් එක්ක ස්පයිඩර් මෑන් චරිතය ගොඩක් බද්ධ වෙලා තියන්නේ. මෙයා අයුක්තියට එරෙහිව සටන් කරන්න පටන් ගන්නේ ස්පයිඩර් මෑන් හින්දා. ඒ වගේම පීටර් පාකර් කියන්නේ ජෙසිකා හිතෙන් විතරක් ආදරය කරපු පෙම්වතා. ඒ හින්දා අපිට ස්පයිඩර් මෑන් ඉඟි එහෙම දකින්න හම්බුනත් පුදුම වෙන්න දෙයක් නෑ

#attila_THE_hun

Comic Script ලිපිය

Thursday, September 10, 2015

Marvel's Jessica Jones : All the Teasers


All the Teasers for Jessica Jones

 



 

- “It’s Time,” released Sept. 10




- “Good Morning,” released Sept. 26




- “Nightcap,” released Sept. 30






- “Evening Stroll,” released Oct. 6






- “All in a Day’s Work,” released Oct. 8




 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates