LATEST :

Friday, July 17, 2015

Batman vs Superman : Trailer Breakdown 2


DC Trailer Breakdown


Batman vs Superman Trailer Breakdown #2


අපේ පේජ් එකේ නම ගිය දේවල් දෙක තමයි tv series වල රිවිව් සහ අලුත් trailers වල breakdown කියන දේවල්.. එත් අපි කනාගාටු වෙනවා මේ පාර sdcc වලදී ආපු ට්‍රේලර් වල බ්රේක්ඩවුන් ටික දෙන එක ටිකක් බ්රේක්-ඩවුන් උන එක ගැන.. ඇත්තටම මොන හේතුවක් නිසාමද මන්දා උසස් පෙළ කරන අපේ ඇඩ්මින්ලා ට විතරක් නෙමෙයි අනිත් ඇඩ්මින්ලටත් මේ දවස් ටිකේදි සෑහෙන්න ප්‍රශ්න වගයකට මුහුණ දෙන්න උනා.. එක නිසා තමයි මේ ලිපි ටික මෙහෙම ප්‍රමාද උනේ.. එක ගැන ඇත්තටම පොඩි දුකක් තියෙනවා.. කොහොම උනත් ඔන්න සුදානම Batman vs Superman පුරව ප්‍රචාරක පටය ඇතුලේ තියෙන දේවල් කතා කරන්න. මේ වගේ දෙයක් මම කරන පලවෙනි වතාව නිසා අඩුපාඩු එහෙම තිබුනොත් එක ගැන එච්චර ගණන් ගන්නේ නැතුව මතක ඇතුව පොඩි සඳහනක් දාල යන්න..

මුලින්ම තව එක පාරක් ට්‍රේලර් එක බලලා ඉමු

https://www.youtube.com/watch?v=0WWzgGyAH6Y

වීඩියෝව පටන් ගන්නේ suparman ට එරිහිව කෙරෙන විරෝධතාවකින් සහ යම්කිසි සෙනෙට් ජුරි සභාවක් ඉදිරියේ MoS වල සිද්දි ගැන සුපි ට කෙරෙන පරික්ෂනෙකින්..

00.00.25 : අපිට පෙන්වනවා බ්රුස් වේන් ලොකු කලබලයකින් දුවන දර්ශනයක්..

00.00.29 : MoS වලදී සුපී සහ සොඩ් අතර වෙන සටනේ අතුරු ප්‍රතිඵල නිසා විනාශ වෙන ගොඩනැගිල්ලක් ඉදිරියේ මේ ඉන්නේ බ්රුස් වෙන්. එයා කතා කරන්නේ කාත් එක්කද? මාවල් ෆිල්ම්ස් වල තිබුන එකිනෙකට සම්බන්ධ බව වෙනත්ම තලයකට ගෙනෙල්ල වගේ කියලත් හිතෙනවා..

00.00.30 : තරහින් කෑගහන බ්රුස්. අපි කවුරුත් දන්නවා බැටා කියන්නේ හැමවෙලාවෙම නිවිලා ඉන්න චරිතයක් නෙමෙයි. නමුත් ක්‍රිස්ටියන් බේල් ගෙන් හෝ මයිකල් කිටන් ගෙන් අපිට මෙච්චර තරහ ගිය බ්රුස් වේන් කෙනෙක් / batman කෙනෙක් දැකගන්න ලැබුනේ නෑ.. ඇත්තටම කොමික් වලදී batman ගේ මේ ගුණාංගය නිසා තමයි එයා අනිත් ය කවුරුවත් නොකරන දේවල් කරන්න පසුබට නොවෙන්නේ.. ඉන්ජස්ටිස් කියවනකොට එක හොඳින්ම තේරෙන්න ඇති..

00.00.32 : ලේසර් ප්‍රහාරයන් නිසා කඩන වැටෙන බිල්ඩිම. බ්රුස් කතා කරන්නේ මේ බිල්ඩිම ඇතුලේ ඉන්න කෙනෙක් එක්ක වගේ..

00.00.33 : බිල්ඩිම කඩාගෙන වැටෙනකොට,අනිත් මිනිස්සු පන බේරගන්න අනිත් පැත්තට දුවන අතරේ බ්රුස් වේන් අනතුර දිහාවට දුවනවා ජිවිත බේරගන්න..

00.00.41 : එතෙනදි වෙන විනශෙන් බේරගන්න පුංචි ගැහැණු ළමයාව බදාගෙන ඉන්න බ්රුස් නැවතත් තරහෙන් බලනවා..

00.00.44. පොඩි දැරයව බදාගෙන ඉන්න බ්රුස්ට් ටිකක් එහාපැත්තෙන් වැටිලා තියෙන සැලකුනේ සඳහන් වෙන්නේ වේන් ෆයිනෑන්ෂල් කියල.එතකොට මේ කඩන් වැටෙන්නේ බ්රුස් වේන් ට අයිති ගොඩනැගිල්ලක්.එතැනදී මැරෙන්නේ එයා යටතේ වැඩකරන,එයා අදුරන අය.ඉතින් තරහ එන එක සාධාරණ නැද්ද? අනික මේ කාරණෙත් එක්ක මට හිතන්නේ බ්රුස් කලින් කතා කලේ මේ බිල්ඩිම ඇතුලේ ඉන්න ලුෂියස් ෆොක්ස් ට කියල.මේ අනතුර නිසා ලුශියස් මැරෙනවා වෙන්න පුළුවන්.. සුපි එක්ක තරහ ගන්න මිට වඩා දෙයක් තව ඕනෙද..

00.00.51 : ගොඩක් දෙනා කියන්නේ මේක වේන් මන්දිරය කියලයි.එක එහෙම නම් ඇයි දැන් මේක අතහැරලා තියෙන්නේ කියල අපිට ලොකු ප්‍රශ්නයක් එනවා..

00.00.52 : බැට් කේව් එක අපිට මුල්ම වතාවට දකින්න ලැබෙන්නේ මෙතැනදී.දකුණු පැත්තේ කෙලවරට වෙන්න රොබින් ඇඳුම තියල තියෙන තැන අපිට පේනවා.. ටිකක් මැදට වෙන්න තියෙන රතු පාට පසුබිම එක්ක තියෙන්නේ බැට් මොබයිල් එක.එතකොට ඒ ඉස්සරහ ඉදන් දිගටම තියෙන මාර්ගය බැට් මොබයිල් එක එලවාගෙන එන පමංතිරුව වෙන්න ඕනේ..

තවත් පෙන්න තියෙන වැදගත්ම දේ තමයි වතුර. ගුහාවකට වඩා new 52 වල batman inc වලදී තියෙන batcave එකට සමාන වෙන්න වගේ තිබුනට මේකට සම්ප්‍රදායික දිය ඇල්ලත් එකතු කරලා තියෙනවා වගේ. එත් ඒක එහෙම නම් අපි කලින් දැක්ක ගොඩනැගිල්ල වේන් මන්දිරයද කියල පොඩි සැකයක් එනවා,මොකද පෙනෙන තෙක් මානේටම තියෙන්නේ තැනිතලාවක් නිසා..



00.00.56 : බ්රුස් බලන පත්තර කෑල්ලේ ලියල තියෙන්නේ "You let your family die" කියල.රතු පාටින් ලියලා තියෙන අකුරු ජෝකර් (ලෙටෝ) ගේ ඇඟේ තියෙන සහ රොබින් ඇඳුමේ ලියලා තියෙන අකුරු වලට (පස්සේ පෙන්නන්නවා) සමානයි.එහෙම බලනකොට මේක එවලා තියෙන්න ජෝකර්ද? batman කියන්නේ බ්රුස් වේන් කියලා ජෝකර් දන්නවද?එක නිසාද වේන් මන්දිරය අත්හැරලා දාලා තියෙන්නේ කියලා එතකොට අපිට ප්‍රශ්න මතු වෙනවා.. එත් මටනම් හිතෙන විදිහට මේක එවන්න ඇත්තේ ජේසන් (අදහසක් විතරයි) අනික් කාරණේ තමයි පත්තරේ නම ඩේලි ප්ලැනට්.ලිපිය ලියල තියෙන කෙනාගේ නම ක්ලාර්ක් කෙන්ට් ද මන්දා..

00.00.58 : ඔන්න නැවතත් වතාවක් අපිට ගොඩාක් තරහ ගිය batman කෙනෙක්ව දැකගන්න පුළුවන්..

00.01.01 : නැවතත් පුහුණුවීම් පටන් ගන්න බ්රුස් ගේ දර්ශනයක් තමයි අපිට ඊළඟට පෙන්නන්නේ..

00.01.07 : මුල්ම වතාවට අපිට අල්ෆ්රෙඩ් ව දැකගන්න ලැබෙනවා.මෙතනදීත් අපිට උඩු රැවුල නැති අල්ෆ්රෙඩ් කෙනෙක් තමයි පෙන්නන්නේ. අල්ෆ්රෙඩ් ඉන්න තැන පිටිපස්සෙන් තියෙන මොනිටර් එකේ පෙන්නන්නේ සුපි ගැනද? batman ගේ prep time සහ තුරාව අධ්‍යනය කිරීම ගැනද මේ පෙන්නන්නේ?

00.01.16 : ඔන්න අපිට පලවෙනි වතාවට ක්ලාර්ක් කෙන්ට් ව පෙන්නන්නේ මතැනදී.. පෙරී එක්ක කතාවක් දානවා තමයි පෙන්නන්නේ.

00.01.50 : මෙතැනදී තමයි අපිට මුලින්ම ලෙක්ස් ලුතර් ව දැකගන්න ලැබෙන්නේ.

00.01.53 : සුපි ඇයි මේ ලෙක්ස් ගාව දන ගහගෙන ඉන්නේ.. මටනම් හිතෙන විදිහට ක්රිප්ටෝනයිට් වල බලපෑමක් තියෙන්න ඕනේ මෙතැනදී. එහෙමනම් අපිට BvS වලදී hush වලදී උනාවගේ මනස පාලනයකට ලක්වෙච්ච සුපි එක්ක ගහගන්න සිද්දියක්ද තියෙන්නේ. තාම නම් හරියටම ඒ ගැන කියන්න මාරුයි..

00.01.58 : ලේක්ස්ගේ පෞද්ගලික ආරක්ෂිකාව තමයි මෙතැනදී අපිට පෙන්නන්නේ.එයාගේ පස්සෙන් හමුදාවට අයිති පෙට්ටියක් තල්ලු කරගෙන සෙබලෝ දෙන්නෙක් එනවා..

00.01.59 : මැරිච්ච සොඩ් ව අපිට මෙතැනදී පෙන්නනවා.එතකොට ඒ සෙබළු දෙන්න තල්ලු කරන ආවේ මෙයාගේ ශරීරයද?කොහොමත් මේ දේ ගැන කතාබහක් තිබුනා.සුපි ගේ දුර්වලතා දැනගන්න ලෙක්ස් සොඩ් ගේ සිරුර අධ්‍යනය කරනවා සහ සොඩ් මේ චිත්‍රපටයේදී ඩූම්ස්ඩේ හෝ වෙනත් විදිහකට ආපහු එනවා කියලා පහුගියකාලේම පොඩි කසු කුසුවක් තිබුනා..

00.02.00 : රොබින් කෙනෙක්ගේ ඇඳුම.මම අර කලින් කියපු විදිහට ජෝකර් ලියන්න ඇති කියල හිතෙන "HAHAH Joke on you BATMAN" කියන වචන ටික අපිට පේනවා.ගොඩක් දුරට මේක ජේසන් ගේ ඇඳුම වෙන්න ඕනේ.නමුත් අතේ තියන් ඉන්න යෂ්ටිය නම් ජේසන් ට වඩා ටිම් ට අයිති දෙයක්. දකුණු පැත්තෙන් බැටා ගේ ඇඳුමයි ඒ එක්කම අනිත් බිත්ති වල නොයෙකුත් ආම්පන්න තියල තියෙනවා පේනවා..
තවත් වැදගත් දෙයක් තමයි මෙතැනදී බ්රුස් අල්ෆ්රෙඩ් ට කියන දේ "twenty years on in gotham.how many good guys are left?" කලින් ලැබුන තොරතුරැ වලට අනුව මේකෙදි batman ට වයස අවුරුදු 40ක් විතර වෙනවා..මේ ප්‍රකාශයෙන් ඒ දේ ඔප්පු වෙනවා..

00.02.02 : රොබින් ඇඳුම ලඟට පෙන්නන්නවා.පිපිරීමකට අහුවෙලා පිළිස්සුන බව හොඳට පේනවා.

00.02.03 : පලවෙනි වතාවට මේකෙදි අපිට ඩයනා ව පෙන්නනවා..

00.02.05 : කලින් එකේදී වගේම මෙතනදීත් අපිට ඉන්ජස්ටිස් මතක්වෙන විදිහට suparman army එක පෙන්නන්නවා.. මටනම් හිතෙන විදිහට ඉන්ජස්ටිස් වලදී වගේම මේකෙදිත් මේ සම්බන්ධයෙන් ලෙක්ස් ලුතර් ගේ ලොකු කාර්යභාරයක් තියෙන්න ඕනේ..
තවත් ලස්සන දෙයක් තමයි මෙතැනදී සුපි ගේ පිටිපස්සෙන් තියෙන දර්ශකය දිහා බැලුවහම එක පාරටම හිතෙන්නේ සුපි ගේ උස ආදී 07ක කිට්ටු වෙන්න තියෙනවා කියල.. අපේ ඇස් රවටන්න ස්නයිඩර් මේ කරල තියෙන දේ නම් ඇත්තටම නියමයි. මෙතැනදී වැලි වලට දර්ශකයෙන් අඩියක් විතර යටවෙලා තියෙන්නේ.. එක නිසා එකපාරටම බලනකොට පෙනෙන්නේ සුපි ගේ උස ආඩි 7ක් විතර කියල..

00.02.29 : පරණ සිදුවීම් ටිකක් පෙන්නනවා.ඒ අතරේ බ්රුස් ගේ දෙමව්පියන් ගේ ඝාතනය ගැනත් පෙන්නනවා..

00.02.31: ගිනි ගන්න සහ විනාශ වෙච්ච නගරයක් අපිට දකින්න ලැබෙනවා. මේ ගොතම්ද? MoS වලදී වගේම විනාහයන්ගෙන් මේකෙත් අඩුවක් නැති වෙයි..

00.02.33 : සුපීට එරිහිව කරන විරෝධතාවක් මැද්දේ ලොයිස් මොනවද කරන්නේ? මේ තරම් පුදුමෙන් සහ බයවෙලා බලන්නේ මොකක් දිහාද?

00.02.34 : කලින් වගේ තරහ ගිය කෙනෙක් වෙනුවට චාර්මින්ග් බ්රුස් කෙනෙක්ව අපිට මෙතැනදී දැකගන්න පුළුවන්.

00.02.35 : ගැල් සාමාන්‍ය ඇඳුමෙන් ඉන්න වෙලාවක් ආයෙත් පෙන්නලා ඔන්න අපි බලාගෙන හිටපු වොන්ඩර් වුමන් ඇඳුමෙනුත් පෙන්නනවා. මටනම් කියන්න තරම් ලොකු වැරද්දක් පෙන්නේ නෑ..

00.02.37 : ඔන්න දැන් තමයි අපිට විශේෂ ඇඳුමකින් සැරසුන batman ව පෙන්නන්නේ.බලු බැල්මට මේක රෙඩ් සන් කොමික් ආර්ක් එකේ ඇඳුම වගේ.. පෙන විදිහට කාන්තාර ප්‍රදේශ වකට ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ..කලින් සුපිව 00.02.05 දී පෙන්නපු තැනට මෙතනත් එක්ක සම්බන්ධයක් තියෙන්න ඕනේ..

00.02.40 : ඔන්න ආපහු s (හෝප්) සලකුණ සහිත සෙබළුන්ව පෙන්නන්නවා.. තවත් සෙබළු ටිකකට වෙඩි තියනවා වගේ තමයි පෙන්න තියෙන්නේ.

00.02.42 : ඊට පස්සේ පෙන්නන්නේ බැට්සි සෙබලුත් එක්ක ගහගන්න දර්ශන දෙකක්.එකක් කාන්තාර ප්‍රදෙහයකදී වගේම අනික් තැන ගෝතම වල.

00.02.43 : මෙතැනදී පෙන්නන දර්ශනෙන් ආකම් නයිට් මතක් උනේ වෙන කාටද?

00.02.44 : සුපි ආපහු හැරිලා බලන තැන.මෙතන පසුබිම හරියට නිකන් වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්න තැන වගේ නේද?

00.02.46 : ගිනි ගන්න ලෙක්ස් කොර්ප් එක අපිට පෙන්නනවා..මේ බයිසිකලෙන් එන්නේ ලෙක්ස් වෙන්න ඕනේ..

00.02.48 : ඔන්න අපිට මෙතැනදී තමයි බලාගන්න ලැබෙන්නේ ලෙක්ස් සහ එයාගේ ක්රිප්ටෝනයිට්..

00.02.49 : බැට් - සුපි වලියේ උච්චතම අවස්තාවක් තමයි අපිට දැකගන්න ලැබෙන්නේ.පෙන විදිහට සුපි දරුණු විදිහට සටන් කරන්නේ නෑ වගේ,එත් batman එහෙම නෑ..

00.02.52 : වොන්ඩර් වුමන්ට විසි වෙන්න පාරක් වදිනවා. මේ පහර ගහන්නේ superman ද කියල පොඩි ප්‍රශ්නයක් එනවා.සමහර විට TDKR වලදී බැට්සි ට ග්‍රීන් ඇරෝ ගේ සහය ලැබුනා වගේ මේකෙදි වොන්ඩර් වුමන්ගේ සහය ලබාගන්නවද දන්නේ නෑ. කලින් පෙන්නපු ගිනිගන්න නගරය තුල තමයි මේ සටනත් යන්නේ කියල හිතන්න පුළුවන්.. අනික් වටිනාම දේ තමයි මේකෙදි වොන්ඩර් වුමන් ගේ හැසිරීම්..පහර කාලා නැවතත් සටනට එන විදිහ ගැන ගැල් මුහුණෙන් දෙන ඒ ඉරියව්ව මගේ හිතට තදින්ම වැදුනා..

00.02.53 : ගින්දර අතරෙන් වේගයෙන් ඉස්සරහට එන සුපි. එහෙම බලනකොට වොන්ඩර් වුමන්ට ඇත්තටම විසික් වෙන්න ගැහුවේ සුපිද?

00.02.54 : සුපි ගේ ලේසර් ප්‍රහාරයන්.හොඳට බලන්නේ මෙතනදී තියෙන්නේ එතරම් විශාල නැති ලේසර් ඉරි දෙකක්..

00.02.55 : frank miler ගේ කොමික් එකේ ඉරියව්වට ගොඩක්ම සමාන දර්ශනය.ගොඩක් දෙනෙක්ගේ කතාවට ලක්වෙච්ච මමත් කැමතිම දර්ශනයක්..

00.02.57 : මෙතනදී අපිට දකින්න ලැබෙන්නේ හොදක් විශාල ලේසර් කදම්භයක්.අන්න එක නිසා ගොඩක් දෙනා හිතනවා මෙතැනදී මේ ප්‍රහාරය එල්ල කරන්නේ ඩුම්ස්ඩේ හෝ සොඩ් (මේ චිත්‍රපටයේදී වෙන දේ අනුව) කියල.. එහෙම නම් මතැනදී සමහර විට වෙන්නේ DC ලගේ ප්‍රධාන ත්‍රිත්වය එකට එකතු වෙලා භයානක පොදු සතුරෙක්ව පරාද කරන්න ගන්න උත්සාහයක්ද? එහෙම බලනකොට මාවල් චිත්‍රපට වල තිබුන එකිනෙකට සම්බන්ධ බව සහ මාවල් චිත්‍රපට වල තුන්වෙනි අදියරේ සැලසුම් වෙනත්ම තලයකට ගෙනාව වගේ දෙයක්දෝ කියලා හිතෙනවා.. එක dc ලගේ හොඳ පියවරක් වගේ..
අනෙක් වැදගත්ම දේ තමයි අපිට මේ තුලින් දැකගන්න ලැබෙනවා කොමික් වල වගේම ක්‍රියාකාරී batman කෙනෙක්ව. අවුරුදු 40ක සීමාවක් හිටියත් එල්ල වෙන ලේසර් ප්‍රහාරයකින් ගැලවෙන්න පුළුවන් ක්‍රියාශීලි batman කෙනෙක්ව දැකගන්න ලැබුන එක අපේ වාසනාවක්. මේ වගේ කෙනෙක්ව තමයි කොමික් රසිකයෝ මෙතෙක් කල් හෙව්වේ..

00.02.59 : ලොයිස් සහ සුපි අතර හාදුවක්ද මේ හුවමාරු වෙන්නේ.. එහෙනම් මේ චිත්‍රපටයේදී ඒ සම්බන්ධය ගැනත් ටිකක් කතා කරයි.මේ වීඩියෝව සහ කලින් ආපු පින්තුරත් එක්ක බලනකොට batman සහ වොන්ඩර් වුමන් අතරත් සම්බන්ධයක් ගැනත් බොහෝදුරට බලාගන්න පුලුවන් වෙයි..

00.03.00 : සාම්ප්‍රදායික batman ජනෙල් වීදුරුව කඩාගෙන එන දර්ශනය තමයි ඊළඟට තියෙන්නේ..

00.03.19 : මෙතැනදී වෙන්නේ මොකක්ද කියලා නම් දැන්මම හරියටම කියන්න අමාරුයි,එත් මට හිතෙන විදිහට මෙතැනදී සටනක් නම් නෙවෙයි සිද්ධ වෙන්නේ.. මොකද 02.43 දී සුපි ආපහු හැරිලා බලන තැන වහේ වටපිටාවක් මෙතැනදී තියෙන්නේ. එහෙනම් මෙතනදි ද දෙන්න තරහා මරහා අමතක කරලා දාන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් මේකෙදි අපිට හම්බුනා.. තවත් එකක් ආපුවහම ඒවාට උත්තර ලැබෙයි කියලා හිත හදාගමු දැනට..

තවත් වටිනාම දෙයක් තමයි මෙතැනදී දෙන්නගේ උස එක සමාන වෙන්න පෙන්නන එක.එතැනදී දෙන්නගෙම තියෙන එකනෙකාට දෙවෙනි නැති ගතිය ස්නයිඩර් හොඳින් පෙන්නලා තියෙනවා.. අනික මෙතැනදී වෙන්නේ සටනක් නම් එකට batman තමන් ළඟ සුපිරි බලයන් නොතිබුනත්,දෙවියෙකුට සමාන කෙනෙක් ඉස්සරහදි වත් සැලෙන්නේ නෑ කියලත් කියවෙනවා.. ඉතින් මේ දේවල් දැක්කහම හිතන්නේ ඉක්මනට 2016 එන්නේ නැත්තේ ඇයි කියල තමයි..

#ClownPrinceOfCrime


Comic Script ලිපිය


Wednesday, July 15, 2015

The Flash : Season 2 Sneak Peak

Flash season 2 එක්ක එකතු වෙන්න ඉන්න අය
 


1- අපි හැමෝම දන්නවනෙ zoom එනවා කියලා. මෙයා comic වල ඉන්න hunter zolomonද නැත්තන් වෙන ලෝකෙකින් ඉදන් එන reverse flash කෙනෙක්ද කියලා තාම දන්නෙ නැ. Comic වලනම් zoom කියන්නෙ wally west ගෙ සතුරෙක්.
2- wally west
ව අපිට ලගදිම දැකගන්න පුලුවන් කියලා තමයි කියන්නෙ. තාම wallyට රගපාන්නෙ කවුද කියලනම් කියලා නෑ.
3- flash season finale
බැලුව අයට මතක ඇතිනෙ jay garrick easter egg එක. මේක ගොඩක් වැදගත් වෙනවා jay මොනවගේ කෙනෙක් වෙයිද කියන එක දැනගන්න. අපි දැනට දන්නව jay ඇත්තටම තරුණ කෙනෙක් කියලා. Comic වල jay ගොඩක් වයසක කෙනෙක් කියලා දන්නවනෙ කට්ටිය. ඒත් දන්න තරමින් තරුණ කෙනෙක්ට ඉන්නෙ earth 2වල විතරයි. ඒවගේම cw universe එකට earth 1 සහ 2 හදුන්වා දෙනවා කියලත් කියලා තියෙනව. ඒකනිසා cw එකේ jay ඇත්තටම earth 2 වලින් එන්නෙ කියලා හිතෙන්න පුලුවන්. ඒවගේම මෙයාලා comic වලට අනුව jayearth 2 costume එක දෙයිද නැත්තන් සාමාන්‍ය costume එක සහ metal helmet එක දෙයිද කියලා අපි තවම දන්නෙ නෑ. කොහොමහරි season finale එකේ metal helmet එක අපිට දැකගන්න ලැබුනනෙ. ඒකනිසා අපිට ගොඩක් දුරට jayගෙ සාමාන්‍ය costume එකට සමාන costume එකක් දැකගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. හැබැයි අමතක කරන්න එපා ඒ helmet එක jayගෙ තාත්තගෙ ඒක නිසා helmet එක jay ඇත්තටම පාවිච්චි නොකරනවා වෙන්නත් පුලුවන්.
4-
ඊලග කෙනා තමයි patty spivot. මෙයත් flash comic වල ලොකු චරිතයක් වගේම මෙයාටත් speed force powers තිබිලා තියෙනව. ඒත් cw universe එකේ මෙයාට powers ලැබෙයිද කියලා තාම හරියටම දන්නෙ නෑ අපි මෙයා ගැන දන්න දේ තමයි මෙයා එන්නෙ eddie වෙනුවට joeගෙ සහයකයා විදිහට කියලා. කොහොමද speedsterලා හතරක් එකතුවෙලා zoom එක්ක fight කරොත් ( Barry/wally /jay සහ patty vs zoom ) කොහොමහරි pattypowers ලැබෙයිද නැද්ද කියලනම් පොඩි සැකයක් තියෙනව.
#Shazam

Comic Script ලිපිය


Friday, July 3, 2015

Star Wars : Episode VII - The Force Awakens Teaser #3

Star Wars: Episode VII - The Force Awakens Official Teaser Trailer #3 (2015)
 

Get your first look at the new Star Wars: The Force Awakens teaser #3! Lucasfilm and visionary director J.J. Abrams join forces to take you back again to a galaxy far, far away as "Star Wars" returns to the big screen with "Star Wars: The Force Awakens."

Wednesday, July 1, 2015

Batwoman

Batwoman 


බැට් ෆැමිලි එක යටතේ ඔන්න තවත් ජනප්‍රියම චරිතයක් ගැන තමයි ඕන අද විස්තර ගේන්නේ.. ඉන්ජස්ටිස් සහ නිව් 52 batman කතා කියවනවා නම් මෙයාව ඔයාලට හොඳටම මතක තියෙන්න ඕනේ. අපි දන්නා දෙයක් තමයි කොමික් වලදී වැඩිපුරම සහායකයින් ඉන්නේ batman ට කියන දේ.. සුපී ගේ ඉදන් ජිම් ගෝර්ඩන් වෙනකම් සහායකයෝ ගොඩක් batman ට හිටියත් batman ගේ ලක්ෂණ වලට ගොඩක් සාමාන වෙන විදිහට කාන්තා චරිතයක් හිටියේ නැති නිසා තමයි බැට්වුමන් චරිතය කොමික් වලට ගෙන්න ඕනේ කියල Bob Kane සහ Sheldon Moldoff දෙන්න Edmond Hamilton සහ Jack Schiff කියන දෙන්නත් එක්ක එකතු වෙලා තීරණය කරන්නේ.. ඒක නිසා 1956 වර්ෂයේ ජුලි මාසෙදි ආපු Detective Comics #233 කලාපයේදී මේ චරිතය මුලින්ම එලියට ආව.. ඒ උනත් 1964 දී dc කතෘ Julius Schwartz විසින් Bat-Mite,Bat-Hound වගේ ගැලපෙන්නේ නැති චරිත batman කතා වලින් ඉවත් කරන්න ගත්ත තීරණයේදී මෙයාවත් ඒ අයින් කරන කට්ටිය අතරට ඇතුලත් උනා..
                                         

 ඒත් 1985 දී ආපු Crisis on Infinite Earths වලදී ආපහු මේ චරිතේ ගැන සඳහනක් කරන්න උනා.ඒත් එතැනදී මෙයාගේ බැට්වුමන් නාමය වෙනුවට සාමාන්‍ය පුද්ගල නාමය උන Katherine Rebecca Kane කියන නම අහුවෙන විදිහට Kate Kane කියල තමයි සඳහන් උනේ.. (1956 දී නම් කැතරිනා කියන නම කැති කියල කෙටි කලේ)

ආපහු බැට්වුමන් චරිතය කලඑළි බහින්නේ 2005 අවුරුද්දෙන් පස්සේ.. ඒ Infinite Crisis ක්‍රොස්ඕවර් එකේදී බැටා නැතිවෙන නිසා ගෝතම වල ආරක්ෂාවට ආපහු මේ චරිතේ ගෙන්න කට්ටිය තීරණය කරනවා.. එක නිසා ආපහු 2006 අවුරුද්දේ ඉදන් Katherine Rebecca Kane එහෙම නැත්තම් Kate Kane විදිහට බැට්වුමන් ආපහු එනවා.

මම කලින් කිව්ව මතක ඇති බැට්වුමන් කියන්නේ බැටා ට සමාන වෙන්න හදපු කාන්තා චරිතයක් කියල. එහෙම වෙන්නේ දෙන්නගෙම සමාජ තත්වය එක වගේ නිසා.. මොකද කේට් ටත් බ්රුස් ට වගේම සල්ලි,පිළිගැනීම,රහස් පරීක්ෂණ දැනුම,තාක්ෂණික සහය වගේ දේවල් තියෙනවා..ඇත්තටම මේ දේවල් එච්චරම batman විදිහටම ගැලපෙනවද කියලා ඔයාලට හිතෙනවා ඇති.. ඒක ඇත්තටම එහෙම වෙන්නේ ඒ කාලේ වෙද්දී හිටපු batman චරිතයේ ප්‍රධාන ලක්ෂණ උනේ මම ඔය කියපු දේවල් නිසයි..

අනික බැට්වුමන් චරිතය හදන්න තවත් හේතුවක් උනේ ඒ කාලේදී සමහරු batman සහ පලවෙනි රොබින් Dick දෙන්න සමලිංගිකයෝ කියල කියන්න පටන් ගත්ත එක.. අන්න ඒ චෝදනාවෙන් ගලවෙන්නත් එක්ක තමයි බැටා ගේ ප්‍රධානම කාන්තා සහයිකාව විදිහට කේට් ව ගෙන්න තීරණය කරන්නේ.. දැන් අපේ යාළුවො බලනවා ඇති එතකොට බෑබ්ස් නෙමෙයිද බැටා ගේ ප්‍රධානම කාන්තා සහයිකාව කියලා.. ඇත්තටම බෑබ්ස් තමයි,එත් එහෙම වෙන්නේ මම අර කලින් කියපු Julius Schwartz 1964 දී ගත්ත තිරනෙන් පස්සේ තමයි බැට්වුමන් කියන චරිතේ වෙනුවට බැට්ගර්ල් ප්‍රධාන තැනට පත්වෙන්නේ.. අනික බෑබ්ස් , dick එක්ක පැටලැවෙන්නෙත් ඔය "හෝමෝ" චෝදනාව ආපහු එන්නේ නැති වෙන්නත් එක්කයි..

බැට්වුමන් කියන නමත් එක්කම එන තවත් ලොකුම දෙයක් තමයි සමලිංගිකත්වය.. ඔව් ඔව්,batman සහ robin දෙන්න gay නෙමේයි කියල පෙන්නන්න ගෙනාපු බැට්වුමන් පස්සේ සමලිංගික කොමික් චරිතයක් බවට පත් උනා.. මේ දේ හරියටම කියනවා නම් වෙන්නේ 2006 ඉදන් ආපු කේට් කේන් එක්ක.මොකද ඒ වෙනකොට බෑබ්ස් සහ අනෙක් බැට්ගර්ල් ල හිටපු නිසා තවදුරටත් batman ට හෝමෝ කියන චෝදනාව එන්නේ නෑ,ඒ උනත් ඒ කාලේ වෙනකොට සමලිංගික අයිතිවාසිකම් සහ සමානාත්මතාව සම්බන්ධව ආපු කතාබහට තමන්ගෙනුත් දෙයක් කරන්න ඕනේ නිසා DC ලා බැට්වුමන් ව යොදාගන්නවා.

විශේෂයෙන්ම කියනවා නම් කේට්/බැට්වුමන් කියන්නේ dc කොමික් ලගේ ඉන්න ලොකුම ප්‍රධාන පෙලේ සමලිංගික චරිතය..(පළමු චරිතය නෙමෙයි) මේ ගැන මේ ලඟදි ලොකු කතා බහක් ගිය නිසා මේ වෙලාව නියමෙටම ගැලපෙනවා කියල හිතුනා මේ ලිපිය ලියන්න..

#ClownPrinceOfCrime

 Comic Script ලිපිය
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates