LATEST :

Thursday, May 28, 2015

BatGirl - Barbara Gordan

Barbara Gordan 

                             

නම දැකපු ගමන් ඔයාලට හොඳින්ම මතක් වෙන්න ඇති කවුද කියල.ඔව් අද විස්තර ගේන්නේ පලවෙනි batgirl වගේම වැඩිපුරම ජනප්‍රිය batgirl ගැන.(පලවෙනි batgirl බෙටි කේන් උනත් එයා batfamily එකේ නැති නිසා බාර්බරා පලවෙනි batgirl විදිහට තමයි ජනප්‍රිය වෙලා ඉන්නේ.)මුලින්ම බාර්බරා ව අපිට කොමික් එකකින් දැකගන්න ලැබෙන්නේ 1967 වර්ෂයේදී ආපු Detective Comics #359 කාලපයෙන්. කෙලින්ම batgirl විදිහට පෙන්නලා තමයි පසුබිම් කතාවක් ගේන්නේ. Gardner Fox සහ Carmine Infantino කයන දෙන්න තමයි බෑබ්ස්/batgirl චරිතය කොමික් වලට ගේන්නේ..
එතනත් රසවත් කතාවක් තියෙනවා,මේ චරිතය හැදෙන්නේ රුපවාහිනි නාලිකාවකින් කරන ඉල්ලීමක් අනුව. ඒ 1960 batman Tv Series එකේ නිෂ්පාදකවරුන් එයාලගේ කතා මාලාවේ තුන්වෙනි සීසන් එකට ඇතුලත් කරන්න batman පවුලට ගැහැණු සයිඩ්කික් කෙනෙක් නිර්මාණය කරන්න කියල DC ආයතනයෙන් කරපු ඉල්ලීමට. අන්න ඒ නිසා තමයි "The Million Dollar Debut of Batgirl!" කියන Detective Comics 359 කතාවට බාර්බරා batgirl විදිහට එන්නේ..

බෑබ්ස් කියන්නේ batgirl විතරක් නෙමෙයි,කිලින් ජෝක් වල සිද්දියෙන් පස්සේ එයා ඔරකල් වෙනවා,ඒවා ගැනත් ඉස්සරහට කතා කරමු. ඊට කලින් බෑබ් ගේ සම්පුර්ණ හැකියාවන් ගැන කතා කරලා ඉමු..

~ Highly skilled martial artist and detective : අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ නෑනේ. බැටා ගේ පවුලේ හැමෝගෙම ඔය දෙකෙන් එකක් අඩු නැතුව පිහිටලා තියෙනව.. බෑබ්, batgirl ප්‍රසෝනා එකට එන්න කලිනුත් දක්ෂ මාෂල් ආටිස්ට් කෙනෙක්,එත් සටන් ශිල්පය සමහර තැන වල වෙනස් වෙලා තියෙනව.. මොකද එක ස්ටෝරිලයින් එකක එයා කාරාතේ කළුපටි ශුරියක්,පොස්ට් ක්‍රයිසිස් වලදී එයා ජුඩෝ වල දුඹුරු පටි ශුරියක්..

~ Genius-level intellect : batgirl ල අතරින් හොඳම බුද්දිය තිබුනේ බෑබ් ට කියල තමා මගේ මතය..

~ Superb computer hacker : මේක batgirl කාලයේදී වඩා ඔරකල් වෙලා ඉන්න කාලේදී හොඳින්ම පෙන්නපු හැකියාවක්.ගොඩක් තැන්වලදී සඳහන් වෙලා තියෙනවා කොමික් ලෝකයේ ඉන්න දක්ෂම පරිඝනක හැකර් වරියක් කියලත්.

~ Eidetic memory

බාර්බරා ව මුලින්ම කොමික් වලට හඳුන්වා දෙන්නේ නම් ජේම්ස් ගෝර්ඩන් ගේ දුව විදිහට. එත් පස්සේ කාලෙක ගෝර්ඩන් ගේ ඥාති දුවෙක් විදිහටත් හඳුන්වා දෙනවා. DC ඩේටාබේස් එකයි අපි බෑබ් ව දැකල තියෙන ආකම් ගේම් සිරිස් එකයි,tv සිරිස් වලයි අතර පොඩි පරස්පර විරෝධී බවක් වගේ දන්නෙන්නේ එකයි.

කිලින් ජෝක් කියන කතාව බෑබ් ගේ චරිතයේත් ලොකු වෙනසක් කරන කතාවක්. එතැනදී ජෝකර් බෑබ් ගේ ගෙදරටම ඇවිත් වෙඩි තියෙනවා. එකෙන් කශේරුකාවට හානි වෙලා ශරීරයේ පහල කොටස පන නැතිව යනවා. එතනින් පස්සේ තමයි බෑබ්,ඔරකල් බවට පත් වෙන්නේ.
මුලින්ම ඔරකල් ව කොමික් වලට ගේන්නේ Kim YaleසහJohn Ostrander කියන දෙන්න,ඒ 1989 දී ආපු Suicide Squad No #23 වන කතාවේදී.

බෑබ් කියපුවම තවත් මතකෙට එන දෙයක් තමයි බර්ඩ්ස් ඔෆ් ප්‍රේ. බර්ඩ්ස් ඔෆ් ප්‍රේ මුලින්ම පටන් ගන්නේ බාර්බර බ්ලැක් කැනරි එක්ක එකතු වෙලා. ඒ එයාගේ අනතුර උනාට පස්සෙම තමයි. මුලින්ම මේක පටන් ගන්නේ කැනරි මෙහෙයුමකට යනකොට බාර්බරා එයාගේ උපදේශකයා/තොරතුරු සපයන්න සහ සැලසුම් කරන කෙනා වෙලා.පස්සේ මේකට කටානා,පොයිසන් අයිවී වගේ අයත් එකතු වෙනවා.
නමුත් new52 වලදී නම් අපිට බෑබ්,batgirl විදිහටත් බර්ඩ්ස් ඔෆ් ප්‍රේ වලදී දැකගන්න පුළුවන්. එකට හේතුව new 52 වලදී ලබා දුන්න අලුත් පටන්ගැනීම් සහ කිලින් ජෝක් වලට කාන්තා හිංසනය වෙනුවෙන් ආපු බලපෑම් නිසා වෙන්නත් පුළුවන්.

මොකද කිලින් ජෝක් වලදී ජෝකර් වෙඩි වැදුණු බාර්බරා ගේ නිරුවත් චායරුප ගෝර්ඩන් ට පෙන්නනවා.එතරම් ලොකුවට නෙමේ උනත් කාන්තා හිංසනය සහ කොමික් වලට සරාගී දර්ශන පෙන්නන එක ගැන කතාකරන අයගේ බලපෑම් මේකට එල්ල උනා විතරක් නෙමෙයි new 52 batgirl joker වෙරියන්ට් කවර එකටත් බලපෑම් එල්ල කරපු නිසා ඒක අන්දපු ශිල්පියා dc ආයතනයට කියල ඒක අයින් කළා. මොනවා උනත් ඉතින් කිලින් ජෝක් කියන්නේ මම කියවපු හොඳම කොමික් කතාවලින් එකක්,මොකද එකෙන් ගොඩක් චරිත වලට බලාපෑමක් එල්ල වෙනවා.

උදාහරණයක් විදිහට බෑබ් සහ ඩික් අතර ඒ කාලේ ඉඳන්ම සම්බන්ධයක් තිබුනට,සටාර්ෆයර් සමග තිබුන සම්බන්දය පවා නවත්තල ඩික්,බාර්බරා ගාවට නැවත එන්න කිලින් ජෝක් හේතුවක් වෙනවා.

කිලින් ජෝක් වලින් පස්සේ ආභාදිතයෙක් උනත් දිගටම වීර ක්‍රියාවල දීම හෝ වීරයන්ට උදව් කිරීම ගැනත් ගොඩක් අය හොඳ කියනවා. ආභාදිත අය දුර්වලයෝ නෙමෙයි සහ ආභාදිත උනත් පරාජිතයෙක් නෙමෙයි කියල ලෝකයට පණිවිඩයක් දෙන්න තමයිලු එහෙම කලේ. මම දන්නා තරමින් නම් ඒ විදිහට මුලින්ම ආභාදිත අය වෙනුවෙන් හදපු මුල්ම චරිතය ඔරකල්..

බාර්බරා කියන චරිතය කොමික් වලට අමතරව වෙනත් ගොඩක් මාද්‍ය වලින් අපිට දැකගන්න ලැබුන චරිතයක්. ඉදිරියේදී එන්න තියෙන ටයිටන් කතා මාලාවටත් බෑබ් ඔරකල් විදිහට ගනී කියල තමයි ආරංචි වෙලා තියෙන්නේ..

#ClownPrinceOfCrime

Comic Script ලිපිය

Monday, May 25, 2015

Avatar Articles No:12

Avatar Articles No:12


Avatar Kyoshi- ඇවටර් කියෝෂි

ඇවටර් කියෝෂි උත්තර ජල ගෝත්‍රික ඇවටර් වරයෙකු වූ ඇවටර් කුරුක් ට පසුව හා අග්නි ජාතික ඇවටර් වරයෙකු වූ ඇවටර් රෝකු ට පෙර පහල වූ භූමි වංශික ඇවටර් වරියකි.
                    

 ඇය මියගියේ වයස 230 ක්ව තිබියදීය.එමෙන්ම ඇය එදා මෙදා තුර වැඩිම කාලයක් ජීවත් වූ මනුෂ්‍යයා ද වේ. ඇය ඉතා විශාල ශරීරයකට හිමිකම් කියූ අතර ඇය එදා මෙදා තුර ජීවත් වූ විශාලතම සිරුර හිමි ඇවටර් වරයාද වේ.ඇගේ නිතරම භාවිත කල ආයුධ වූයේ රන්වන් ලෝහමය අවාන් දෙකකි.තවද ඇය නිතරම සැරසී සිටියේද සටන් කිරීමටම උචිත ඇදුමකිනි.(පසුව මෙය ඇවටර් කියෝෂි විසින් ඇති කල කියෝෂි රණකාමිනියන්ගේ 'Kiyoshi Worriers' නිල ඇදුම බවට පත් විය.) (1 රූපය)
ඇගේ අනුප්‍රාප්තිකයන් වන රෝකු හා ඈන්ග් මෙන් නොව ඇගේ දැක්ම වූයේ 'සමතුලිතතාව හා සාමය ඇති කිරීමට යුක්තිය ඇති කල යුතුය' යන්නයි.ඇය ඇගේ එම දැක්ම සාර්ථක කර ගැනීමට සතුරන් මර දැමීමට සිදුවීම ගැන කිසිදු පැකිලීමක් නොදැක් වූවාය.මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නිසා ඇය ඉතා සාර්ථක වූ ඇවටර් වරයෙක් විය.කෙසේ වෙතත් ඇගේ යම් යම් ක්‍රියාමාර්ග භූමි රාජධානියේ දිගු කාලීන ගැටළු ඇති කිරීමට සමත් විය.ඇය ඒකාධිපති පාලකයෙකු වූ චින් නමැති ආක්‍රමණිකයා (Chin the Conqueror) (2 රූපය) මරා දමා ලෝකය නැවත වර්ෂ 233ක සාමකාමී යුගයකට ගෙන ආවත්, ඈ විසින් නිර්මාපිත ඩයි ලී නියෝජිත කණ්ඩායම (Dai Li agents) නිසා පසුව භූමි රාජධානියේ අල්ලස්,දූෂණ,දුබලයන් තලා පෙලීම, වැනි විවිධ සමාජ විරෝධී ක්‍රියා පැතිරී යාම ආරම්භ විය. එමනිසා පසුකලෙකදී ඇවටර් කියෝෂි, ඩයි ලී නියෝජිත කණ්ඩායම නිර්මාණය කිරීම පිළිබද දැඩිව කනගාටු වූවාය.

කියෝෂි 312 BG හිදී (පසුව කියෝෂි දිවයින බවට පත් වූ) නිරිත දිග භූමි රාජධානියේ අර්ධද්වීපයක උපත ලැබීය.සියලු ඇවටර් වරු මෙන් ඇය ද සතර මූලධාතු මෙන්ම ඇවටර් සමාධියද ප්‍රගුණ කර නැවත තම මව් රටට පැමිණි විට ඇයට එහි අහිංසක කාන්තාවන්ට හිරිහැර කරනා බේබදු මිනිසුන් සමූහයක් සිටිනා බවට ආරන්චි විය.ඔවුන් සමග ඇය සිදු කල සටනකින් පසු, ගැටුමක දී ස්වයන් ආරක්ෂාව සලසා ගැනීමට ගම්වැසි කාන්තාවන් පුහුණු කිරීමට ඇවටර් කියෝෂි කටයුතු කලාය. (3 රූපය) පසු කලෙක ඔවුන් කියෝෂි රණකාමිණියන් නමින් හැදින්වනු ලැබිණි.

ඇවටර් කියෝෂි, චින් ආක්‍රමණිකයා පරාද කොට 270 BG හිදී 'කියෝෂි දිවයින’ ඇති කලාය. කියෝෂි ගේ කාලයේදී, එවකට තිබූ 46 වන භූමි රජු (46th Earth King) ගේ පාලනය එතරම් බලවත් නොවීය.මෙය තම වාසියට හරවා ගෙන චින් නම් යුධනායකයෙකු එම මහාද්වීපය අල්ලා ගැනීමට ආක්‍රමණයක් මෙහෙයවීය.ඔහු කියෝෂි ජීවත් වූ අර්ධද්වීපයට පැමිණෙන තුරු සාර්ථක විය. එහිදී ඔහු කියෝශි ට සවන් දීම ප්‍රතික්ෂේප කල විට ඇය ඇවටර් සමාධියට ඇතුල් වී භූමිබන්ධනය හා වායුබන්ධනය මිශ්‍ර වූ ශිල්පක්රමයක් තුලින් එම අර්ධද්වීපය ප්‍රධාන භූමියෙන් වෙන් කලාය. ඉන්පසු ඇය එම භූමිය ඈත මුහුද දෙසට ගෙන ගියාය.එදායින් පසු එම අර්ධද්වීපය දූපතක් බවට පත් විය.කියෝෂි චින් සිටගෙන සිටි ස්ථානය දක්වා භූමිය ඇදගෙන ගිය නිසා,ඔහුගේ බර දරා ගැනීමට නොහැකිව එම ගැට්ටේ සිටි චින් මුහුදට වැටී මරුමුවට පත් විය.ඔහුගේ මරණයෙන් පසු ලොව ඉතා දිගු සාමකාමී යුගයකට ඇතුළු විය.

චින් විසින් ඇති කල අර්බුධයට හේතුව භූමි රජුගේ දුර්වල පාලනය බව දැනගත් ඇවටර් කියෝෂි ඔහුව හමු වීමට බා සින් සේ නගරය වෙත ගියාය.කියෝෂි තමන් මුණ ගැසීමට පැමිණෙන බව දැනගෙන බියට පත් භූමි රජු අයව අත්අඩංගුවට ගැනීමට තම හමුදාවන්ට අණ දුන්නේය.නමුත් කියෝෂි තම ඇවටර් සමාධිය භාවිතයෙන් ඔවුන් ඉතා පහසුවෙන් පරාද කර (4 රූපය) භූමි රජුට තර්ජනය කොට (5 රූපය) නැවත ඔහුගේ බලය ප්‍රතිෂ්ටාපනය කිරීමට ඇයට සිදු වන බව දන්වා සිටියාය.ඉන්පසු ඇය ඔහුගේ පාලනය බලවත් පරිදි භූමි රාජධානිය පුරා නැවත ඇති කර (මැයගේ මතකයට ගරු කිරීමක් වශයෙන් පසුව භූමි රාජධානියේ හමුදා නායකයෙකුට ලැබිය හැකි උසස්ම සම්මානය කියෝෂි සාමයේ සම්මානය 'The Kyoshi Medal of Freedom' නමින් නම් කරන ලදී.) බා සින් සේ නගරයේ නීතිය නැවත බලාත්මක කිරීමට දක්ෂ භූමි බන්ධකයන් කාණ්ඩයක් පුහුණු කලාය. (6 රූපය) (ඔවුන් පසුව ඩයි-ලී නියෝජිතයන් බවට පත් විය.නමුත් මොවුන් පසුව තම බලයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට පෙළබුනහ.)

කියෝෂි මිනිස් ඉතිහාසයේ මෙන්ම ඇවටර් වරුන් අතරින්ද වයස්ගතම පුද්ගලයා බවට පත් වෙමින් වයස අවුරුදු 230ක් ව තිබියදී 82 BG හිදී මිය ගියාය.ඇගෙන් පසු ඇගේ දියණිය කොකෝ (Koko) කියෝෂි දිවයිනේ පාලකයා බවට පත් විය.කියෝශිට ගෞරවයක් ලෙස කියෝෂි දිවයිනේ ඇගේ ප්‍රතිමාවක් ඉදි විය. ඇවටර් කියෝෂි ද එදා මෙදා තුර ජීවත් ව සිටි ලාවා බන්ධනය කළහැකි වූ පුද්ගලයන් කිහිපදෙනාගෙන් කෙනෙකි. (7 රූපය)

***Avatar Kyoshi***

__Biographical information__
Nationality-Kyoshi Island, Earth Kingdom
Ethnicity-Earth Kingdom
Age-230 at death
Born-312 BG
Died-82 BG
Predecessor-Kuruk (as the Avatar)
Successor-Roku (as the Avatar)

__Physical description__
Gender-Female
Hair color-Brown

__Personal information__
Allies-Koko, 46th Earth King, Dai Li, all Avatars….
Enemies-Chin the Conqueror, Chin's sympathizers
Weapon of choice-The elements, war fans
Fighting style(s) -earthbending, firebending, airbending, waterbending, tessenjutsu

__Chronological and political information__
Profession-Avatar, Earthbending instructor
Position-Fully Realized Avatar, Governor of Kyoshi Island (formerly)
………………………………………………………………………………………………………………………………………………………………....
<Guy Buddhima>

Comic Script ලිපිය


Sunday, May 24, 2015

Robin - Damian Wayne

Robin - Damian Wayne


Batman: Son of the Demon කියන 1987දී ප්‍රකාශයට පත් වෙන කොමික් පොත් කතා මාලාවෙන් අපිට මුලින්ම දැක ගන්න පුලුවන් වෙන ඩේමියන් වේන් කියන්නේ මම හිතන විදිහට හුගක් අය දෙවෙනියට වැඩිපුරම දන්න රොබින් වෙන්න ඇති.. මොකද අන්තිමට ආපු Son of Batman, Batman vs Robin ඇනිමේශන් ෆිල්ම් දෙකේම එක ප්‍රධාන චරිතයක් උනේ ඩේමියන් නිසා.. ඒත් මන් හිතන විදිහට ඩේමියන් කියන්නේ ලෝකය පුරා ඩීසී ෆෑන්ස්ලගේ කැමැත්තෙන් අඩුම චරිත වලින් එකක් වෙන්න පුලුවන්.. මොකද හුගක් අය ඩේමියන්ට කැමති නැහැ.. මේකට හේතු ගැන හිතද්දි මට කාරණා දෙකක් තේරුණා.. එකක් ඉන්ජස්ටිස් කොමික් කතාව සහ ඉන්ජස්ටිස් ගොඩ්ස් අමන්ග් අස් ගේම් එක.. අනික තමා ඩේමියන්ගේ හැසිරීම සහ ක්‍රියාවන්.. මේ ඔක්කොටම කලින් කියන්න ඕනා මම පෞද්ගලිකව ඩේමියන්ට හුගක් කැමතියි.. දැන් මම කියන්නම් ලෝකයේ අනිත් හැමෝටම ඩේමියන් ගැන ප්‍රශ්නයක් උනු කරුණු දෙක මට ප්‍රශ්නයක් නොවුනේ ඇයි කියලා.. ඉන්ජස්ටිස් කතා මාලාව ගැන මට තියෙන සිම්පල්ම උත්තරේ ඒක සිද්ධ වෙන්නේ අල්ටනේටිව් යුනිවර්ස් එකක්.. සුපර්හීරොස්ලගේ ඇල්ෆා වගේ ඉන්න සුපර්මෑන් විලන් කෙනෙක් වෙලා ලෙක්ස් ලූතෝර් හීරෝ කෙනෙක් වෙච්ච යුනිවර්ස් එකක.. ඒ වගේම ගේම් එකේදි අපිට දැකගන්න පුලුවන් වෙන විදිහට එතනදි ඩේමියන් වෙතින් වෙන්නේ අත් වැරැද්දක් වෙන්න පුලුවන්.. ඒ වගේම එතනදි ඩේමියන් සුපර්මෑන්ගේ පැත්ත ගැනිම නම් හුගක් සාධාරණයි.. මොකද ඩේමියන් පුන්චි කාලේ ඉදන් වර්ධනය වෙච්ච පිළිවෙතට ඉන්ජස්ටිස් සුපර්මෑන්ගේ ක්‍රියා පිළිවෙත හුගක් සමානයි.. ඊට පස්සේ ඩේමියන්ගේ මුරණ්ඩු ස්වාභාවය.. මට නම් මේක ප්‍රශ්නයක් නෙමේ.. මොකද ඇල්ෆ්‍රඩ්ම කියන විදිහට ඩේමියන් කියන්නේ එයාගේ තාත්තගෙම පුතා.. බෲස් පුන්චි කාලෙදි හැසිරුණු විදිහට ඩේමියන්ගේ හැසිර්ම හුගක් සමානයිලු.. අනික මට හිතෙන විදිහට රොබින්ලා හතර දෙනාගෙන්ම බෲස්ගේ පෞර්ෂයේ පැතිකඩ හතරක් නිරූපනය වෙනවා.. මෙතනින් ඩේමියන්ගෙන් බෲස්ගේ තියෙන මුරණ්ඩු ගතිය, වැඩකට බැස්සහම ඒ දේ කොහොම හරි කර ගන්න ඕනේ කියන දේ හොදට පිලිඹිඹු වෙනවා..

1987දී අපි හමුවට ඩේමියන් මුලින්ම පැමිණෙද්දි රොබින් වෙලා ඉන්නේ ටිම් ඩ්‍රේක්.. ටිම් ගැන නම් අපේ තවත් ඇඩ්මින්වරයෙක් ලියපු ලිපියෙන් අපේ යාලුවෝ ටිම් ගැන නම් දන්නවා ඇති.. ඩේමියන් කියන්නෙ හදාගන්න ගත්තු වේන්ලා රොත්තක් අතරේ වේන් පරපුරේ ලේ තියෙන දුර්ලභ ගණයේ චරිතයක්.. වේන් පරපුරේ ලේ වලට අමතර රේශ් අල් ගුල්ගේ පරම්පරාවේ ලේත් ඩේමියන්ගේ ඇගේ තියෙනවා.. මොකද රේශ් කියන්නේ ඩේමියන්ගේ සීයා.. ඩේමියන්ගේ අම්මා ටාලියා අල් ගුල්.. ඒ වගේම ඩේමියන් වර්ධනය වෙන්නේ ඇසසින් කෙනෙක් විදිහට.. පුරුදු වෙන්නේ ඩීසී යුනි එකේ අසාහය මාෂල් ආටිස්ට් කෙනෙක් වෙන රේශ්ගෙන්.. පුහුණු කරන්නේ රේශ්ගෙන් පස්සේ ලීග් ඔෆ් ඇසසින්ස් එකේ නායකත්වය ගන්න.. ඩේමියන් ඊලගට පුහුණු වෙන්නේ දැනට කොමික්වල ඉන්න හොදම මාෂල් ආටිස්ට් කෙනෙක්ගෙන්.. බෲස් වේන් නොහොත් බැට්මෑන්.. ඔය පුහුණු වීම් වලින් සහ ලේ වලින්ම තේරෙනවා ඩේමියන් හුගක් වැඩකාරයෙක් කියලා.. ඒ වගේම ඩේමියන් බැට් ට්‍රේනින් එකටත් කලින්ම ඒ වෙනකොට ඉන්න රොබින් වෙන ටිම්ව පරද්දනවා.. මන් මේ ගැන වැඩිපුර කතා කරන්න යන්නැත්තේ මේ විස්තර හැම දෙයක්ම සරලව සන් ඔෆ් බැට්මෑන් ෆිල්ම් එකේ තියෙන නිසා..

ඒ වගේම එක කතා මාලාවක ඩේමියන් මරණයට පත් වෙනවා.. ඒත් ඩේමියන් වෙනුවෙන් ඇපාක්ලිප්ස් වලටම යන බැට්මෑන් ලෝඩ් ඩාක්සයිඩ්ව පරාජය කරනවා හෙල්බැට් ආමර් එක යූස් කරලා.නීට පස්සේ ඩේමියන්ගේ ශරීරයත් රැගෙන ඩූම් ටියුබ් එකක් හරහා පෘතුවියට එන බැට්මෑන් Chaos Shard එක භාවිතයෙන් ඩේමියන්ට නැවත පණ ලබා දෙනවා.. හැබැයි නැවතත් පණ එන ඩේමියන්ට සුපර් පවර්සුත් තියෙනවා..

#PJ

Comic Script ලිපිය

Friday, May 22, 2015

The Flash : What happened in Flash season finale - Part 02


What happened in Flash season finale? Part 02

උදේ දාපු පෝස්ට් එක හින්දා මොලේ විකාර උනේ නෑ කියලා හිතනවා. අපි ඒ ලිපියෙන් කතා කලානේ ඕල්ටර්නේට් යුනිවර්ස් එකක් හැදෙන විදිහ ගැන. අපි දැන් එතනින් එහාට කතා කරන්න යන්නේ. කලින් ලිපිය බලලා එන්න මේක කියෙව්වේ නැතිනම්. ඒක බලලාත් අවුල් වගේ තියෙද්දී බැලුවේ නැතිනම් මොකද වෙන්නේ කියන්න ඕනේ නැනේ 


දැන් අපිට තියෙන්නේ මෙතනින් එහාට දේවල් කතා කරන්න.

අපි මේ දක්වා දන්න දේ තමයි Eobard Thawne අතීතය වෙනස් කරපු හින්දා A කියන යුනිවර්ස් එකේ පැවැත්ම නැති වෙලා B කියන යුනිවර්ස් එක ඇති උනා කියන දේ.


කතාවේ දී අපිට Eobard Thawne ආපහු අනාගතයට යනවා දකින්න ලැබෙන්නේ නෑනේ. එයා මේ ටයිම් ලයින් එකේ හිරවුනා කියලා තමයි කිව්වේ. එයා වර්තමාන කාලයේ නතර වෙලා හිටපු එක භාවිතයට ගත්තා බැරී ඉක්මනින් ම ෆ්ලෑෂ් බවට පත් කරන්න.
දැන් අපි බලමු මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා. තමන්ගේ අම්මා මැරුවේ රිවර්ස් ෆ්ලෑෂ් කියලා දැන ගන්න බැරීට ඕනේ වෙනවා ඒක නවත්වන්න. ෆ්ලෑෂ්පොයින්ට් කතාවේ දී සිද්ධ උනේ මේ දෙය. එයා කෙරුවේ අතීතයට ගිහින් රිවර්ස් ෆ්ලෑෂ් නෝරා ඇලන් මරණ එක නැවැත්තුවා. ඔන්න දැන් ආපහු වෙනසක් උනා. අපි දන්නවා එහෙනම් අලුතෙන් යුනිවර්ස් එකක් ඇති වෙන්න ඕනේ කියලා. මේ තියෙන්නේ අපි මුලින් කතා කරපු A කියන යුනිවර්ස් එකම නෙවේ ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබයි මගේ පුද්ගලික අදහස නම් (මේක මගේ පුද්ගලික අදහසක් විතරයි. එකඟ නැති නම් ඒ ගැන අදහස් දක්වන්න පුළුවන්) වෙනස් උණු ටයිම් ලයින් එකක ඉදගෙන අපිට ආපහු කලින් තියන යුනිවර්ස් එකකට යන්න බෑ. මොකද අපි එක සිද්දියක් වෙනස් කෙරුවා කියලා A කියන යුනිවර්ස් එකේ සිදුවීම් වෙන අනුපිලිවෙලටම අලුතෙන් නිර්මාණය වෙන යුනිවර්ස් එකේ දී වෙනවා කියන්න බෑනේ. ඒ හින්දා මේ නිර්මාණය වෙන්නේ වෙනස්ම යුනිවර්ස් එකක්. අපි ඒක C කියලා ගමු. ෆ්ලෑෂ්පොයින්ට් කතාව කියවපු අයට මතක ඇති (අඩු ගානේ ඇනිමේෂන් එක බැලුවානම් ඇති) මේ C කියන යුනිවර්ස් එක අවුල් ජාලයක් කියලා. වෙන එකක් තියා බැරී, ෆ්ලෑෂ් වුනෙත් සෑහෙන දුකක් විදලා. අපි මෙතන දී ෆ්ලෑෂ් පොයින්ට් කතාව ගැන කතා කරන්න යන්නේ නෑ. ඉස්සරහට ඒ කතාව ගේන්න බලාපොරොත්තු වෙන හින්දා.




මෙතන දී සිද්ද උණු වැදගත් දෙයක් තමයි ෆ්ලෑෂ් කාලය හරහා ගමන් කරලා B කියන යුනිවර්ස් එක C කියන යුනිවර්ස් එකට හරවනකොට රිවර්ස් ෆ්ලෑෂ් හිටියේ speedforce එකේ. ඒ කියන්නේ අපි මුලින්ම කියපු සියලුම යුනිවර්ස් වලට පිටතින් තියන එකේ. එයා එළියේ හිටපු හින්දා බැරී කරන කිසිම දෙයකින් එයාගේ අනාගතය තීරණය වෙන්නේ නෑ. මොකද එයාට පුළුවන් ඕනෑම තැනකට යන්න. ඒ හින්දා එයාට පුළුවන් ඕනෑම වෙලාවක බැරීව මරන්න. හැබැයි කොහොම හරි ෆ්ලෑෂ් පොයින්ට් කතාව අන්තිමේ දී රිවර්ස් ෆ්ලෑෂ් පරාද කරනවා. ඊට පස්සේ බැරී ආපහු එනවා මීට කලින් ආපු බැරී නවත්වන්න.



හැබයි දැන් එන්නේ C කියන යුනිවර්ස් එකේ ඉන්න බැරී. කලින් තර්කයට අනුව C කියන යුනිවර්ස් එකේ ඉදන් එන බැරීට හැකියාවක් නෑ ප්‍රධාන යුනිවර්ස් එක වෙනස් කරන්න. (බැරි ට සාපේක්ෂව ප්‍රධාන යුනිවර්ස් එක තමයි B කියන්නේ.) ඒ හින්දා වෙන්නේ අලුතෙන් D කියලා යුනිවර්ස් එකක් හැදෙන එක. එතකොට බැරී ගේ වැඩ හින්දා මුලින්ම තිබ්බ B යුනිවර්ස් එක C උණා. ආයෙම සැරයක් D උණා. ෆ්ලෑෂ් පොයින්ට් කතාවේ දී speedforce එක හරහා යන ෆ්ලෑෂ් දකින්නේ මේ ටයිම් ලයින් තුන.



ෆ්ලෑෂ් පොයින්ට් කතාව කියවපු නැති කෙනෙක්ට මේ විස්තරය තේරුනේ නැතිව ඇති. ඒකට කමක් නෑ. කතාවේ සිද්ද වුනු දේ තේරුම් ගන්න ඒ ටික ඕනේ නෑ. එහෙනම් අදාළ නැති විස්තරයක් ගැන කියලා පැටලවීම වැඩි කෙරුවේ ඇයි කියලා අහන්න එපා. මොකද මේ කතාව වෙන වැඩකට ඉස්සරහට ඕන වෙනවා.

ආපහු මුලට ආවොත් අපි ඉන්නේ A කියන යුනිවර්ස් එකෙන් වෙනස් උණු B කියන යුනිවර්ස් එකේ. මේ වෙනස ඇති කෙරුවේ රිවර්ස් ෆ්ලෑෂ්. වර්තමානයේ ඒ කියන්නේ 2015 මැයි 20 (ලංකාවේ අපි ෆ්ලෑෂ් ෆිනාලේ බලපු දවස) ඉන්න බැරී යනවා අතීතයට. එයා ගිහින් අම්මා මැරෙන්න දෙන්නේ නැතුව බේරා ගත්තා නම් පැහැදිලිවම වෙන්නේ අපි කලින් කියපු ෆ්ලෑෂ් පොයින්ට් කතාව. සීසන් එක පුරාවටම මේ කතාව සිදුවෙයිද නැද්ද කියන සැකය තිබ්බා. හැබයි බැරී ඒ දෙය කරන්නේ නෑ. (හරි හරි අනිත් ෆ්ලෑෂ් කවුද කියන එකට පස්සේ එමු). එයා කරන්නේ අවසන් හුස්ම හෙලන නෝරා ඇලන්ට කතා කරලා ආපහු එන එක. ඒ කියන්නේ බැරි ගේ අතින් කිසිම වෙනසක් සිද්ද උනේ නෑ. එහෙනම් තවම දිගටම තියෙන්නේ B කියන යුනිවර්ස් එක. ඔන්න ඔතන දී තමයි රිවර්ස් ෆ්ලෑෂ් ගේ අසාමාන්‍ය සැලසුම ක්‍රියාතමක වෙන්නේ. එයා බලාපොරොත්තු උනේ බැරී අම්මා බේරා ගනිද්දී කාලය හරහා යන්න. ඒ කියන්නේ ෆ්ලෑෂ් පොයින්ට් කතාවේ දී ෆ්ලෑෂ් මත රදා පවතින්නේ නැති කෙනෙක් රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් බිහි උනා වගේම කෙනෙක් වෙන්න. බැරී අම්මා බේරා ගන්නේ නැතිව ආපහු ආව එකට එයාට ගොඩක් තරහා ගියේ ඒකයි. මොකද එයා ගේ හැම සැලසුමක් ම ඒකෙන් බිඳ වැටුනා.

ඔන්න ඊට පස්සේ තමයි ගොඩක් අයට තියන ප්‍රශ්නය. එඩී එහෙමත් නැතිනම් 2401 දී බිහිවෙන (කලින් කියපු විදිහටම අවුරුදු 136 ක සහ ශත වර්ෂ 5 ක් කියන එක වෙනසක් නෑ මෙතන දී) Eobard Thawne ගේ මුතුන් මිත්තා සිය දිවි හානි කර ගන්නවා. මුලින්ම A කියන යුනිවර්ස් එකට අයිති රිවර්ස් ෆ්ලෑෂ් නෝරා ඇලන් මැරුවට පස්සේ B කියන යුනිවර්ස් එක එකේ ඉන්න රිවර්ස් ෆ්ලෑෂ් උනානේ. එතකොට අපි ඉන්න B යුනිවර්ස් එකේ දී එඩි සියදිවි නසා ගත්තාම අනාගතයේ රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් ඉන්නේ නෑ. ඉතින් එයා මේ යුනිවර්ස් එකෙන් මැකිලා ගියා. ඊට පස්සේ තමයි හැමෝම අහන ප්‍රශ්නය. රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් නැතිනම් පාර්ටිකල් ඇක්සලරේටර එක හදන්නේ කවුද? බැරී කොහොමද ෆ්ලෑෂ් වෙන්නේ? මෙතන දී තියන ගැටලුව තමයි මේ ප්‍රශ්නය ඇති කරන්නේ Eobard Thawne නෙවේ. එඩී තමයි මේ paradox එක නිර්මාණය කරන්නේ.

මේක වෙනස් අවස්තා වලට වඩා වෙනස් ගැටලුවක් වෙන්නේ මේ හේතුව හින්දා. මේකට මගේ අදහස අනුව පැහැදිලි කිරීම් දෙකක් තියනවා. පලවෙනි එක තමයි ගොඩක් සරල එක. ඒ කියන්නේ එඩී ඇති කරපු paradox එක හින්දා මේ විශ්වයට පැවැත්මක් නෑ. කතාව අවසානයට දැක්කා වගේ මේක විනාශ වෙන්න ඕනේ. එතකොට ෆ්ලෑෂ් ඒ ක්‍රියාව වලක්වන්න ආපහු කාලය හරහා ගිහින් හරි වෙනස් දෙයක් කරලා හරි මේ paradox එක නැති කරන්න ඕනේ.

මම කැමති පැහැදිලි කිරීම නම් මේකට වඩා ටිකක් වෙනස්. එඩී කියන්නේ B කියන යුනිවර්ස් එකේ ඉන්න කෙනෙක්. B කියන යුනිවර්ස් එක නිර්මාණය කෙරුවේ එඩී නෙවේ හින්දා එයා කරන දෙයකින් B කියන යුනිවර්ස් එක විනාශ වෙන්න බෑ. එයාට කරන්න පුළුවන් එකම දේ අනාගතයේ B කියන යුනිවර්ස් එකේ Eobard Thawne ව නැති කරන එක විතරයි. හැබයි මේ වෙද්දී A කියන යුනිවර්ස් එකෙන් ආපු රිවර්ස් ෆ්ලෑෂ් ට මොකද වෙන්නේ. අපි කලින් කතා කරපු විදිහටම A කියන යුනිවර්ස් එක විනාශ වෙලා ගිහින්. හැබයි A යුනිවර්ස් එකේ හිටපු රිවර්ස් ෆ්ලෑෂ් තමයි B කියන යුනිවර්ස් එකේ රිවර්ස් ෆ්ලෑෂ් බවට පත් වෙන්නේ. අපි A කියන යුනිවර්ස් එකට පැවැත්මක් නෑ කියලා කතා කෙරුවේ එතනින් එහාට B කියන යුනිවර්ස් එක පවතින හින්දා. එහෙම උනාට A කියන යුනිවර්ස් එකෙන් ඇති කරපු ඵලය නැති වෙන්නේ නෑ. ඒ හින්ද වෙන්න පුළුවන් දේ තමයි බැරී දිගටම ෆ්ලෑෂ් විදිහට ඉන්නවා. එයාලට රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් ගැන මතකය තියනවා. හැබයි අනාගතයේ දවසක රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් නම් දකින්න වෙන්නේ නෑ.

ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නට පස්සේ කට්ටියට තියන ගැටලුව තමයි 2001 අවුරුද්දට බැරී කාලය හරහා ගියාට පස්සේ නෝරා බේරා ගන්න එපා කියලා කියපු ෆ්ලෑෂ් කවුද කියන එක. මම කලින් ෆ්ලෑෂ් පොයින්ට් කතාව ඉවර වෙලා මේක ඉස්සරහට ඕන කිව්වේ මේ හින්දා. මගේ අදහස නම් ඒ එන්නේ ෆ්ලෑෂ් පොයින්ට් එකෙන් පස්සේ බිහිවුණු යුනිවර්ස් එකේ (ලිපියේ කතා කරපු විදිහට නම් C කියන යුනිවර්ස් එක) ඉන්න ෆ්ලෑෂ්. ඒ කියන්නේ අනාගතයේ දවසක ෆ්ලෑෂ් පොයින්ට් කතාවත් දකින්න පුළුවන් වෙන්නත් ඉඩ තියනවා.
මේ පැහැදිලි කිරීම කෙරුවේ මගේ පුද්ගලික මතයට සහ දැනුම් ප්‍රමණය අනුව. සමහරක් විට මම වැරදි දෙයක් තේරුම් අරන් තියනවා වෙන්නත් පුළුවන්. මීට වඩා වෙනස් මතයක් තියනවා නම් අපි ඒ ගැන කතා කරමු.
අපේ යාලුවෙක් මතු කරලා තිබ්බා බැරි සුනාමිය නවත්වන්න කාලය හරහා ආපස්සට ගිය හින්දා මේ යුනිවර්ස් එක වෙනස් උනා නේද කියලා. ඇත්තටම ඔව්. ඒත් ඒ සිද්දිය කතාවේ දී විස්තර කරපු හින්දා මම මෙතන දී ඒ වෙනස් වීම සැලකුවේ නෑ. මොකද අනිත් ඒවත් එක්ක බලද්දී ඒක තේරුම් ගන්න ලේසි හින්දා

අවසාන වශෙයන් අපේ යාළුවන් ගෙන් ලොකු උදව්වක් ඉල්ලනවා. ඒ තමයි ෆ්ලෑෂ් බලපු හැමෝම අතරේ මේ ලිපිය ෂෙයාර් කරන්න කියලා. බොරු ඕන නෑ. අපේ පේජ් එකට ඒකෙන් වාසියක් වෙනවා. ඒත් අපි මේ පේජ් එක පටන් ගන්න මුලික හේතුව උනේ ලංකාවේ අපිට කොමික් ගැන කතා කරන්න තැනක් හදන්න. ඒ වගේම අපි ආසාවෙන් බලන කතාවක කොමික් පසුබිම බලන්න. මේ විස්තර මේ විදිහට සිංහලෙන් වෙන කවුරුත් දෙන්න හිටියා නම් අපිත් මේ පේජ් එක පටන් ගන්නේ නැති වෙයි. අපිට ඒ අවශ්‍යතාවය තිබ්බ හින්දා තමයි අපි අන්තර්ජාලය භාවිතා කරලා කරුණු හෙව්වේ. එතකොට ඉගෙන ගත්ත දේවල් අනිත් අයටත් කියන්න ඕනේ හින්දා තමයි මේ පේජ් එක පටන් ගත්තේ. අපිට දැන් මේ පේජ් එක තියනවා මේ දේවල් ගැන කතා කරන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ වගකීම තමයි ඒ අවස්තාව අනිත් අයටත් දෙන එක. මේ ලිපිය ගැන විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. මේ කරුණු මේ විදිහට හොයා ගන්න බෑ. ලොකු කමකට කියනවා නෙවේ. මේ ගැන පැහැදිලි කිරීමක් හොයා ගන්න අද දවසම අන්තර්ජාලයේ හෙව්වට ප්‍රමාණවත් කරුණු හම්බුනේ නෑ. ඊට පස්සේ තමයි මේ දක්වා ඉගෙන දේවල් පාදක කරගෙන මේ ලිපිය ලිව්වේ. ඒ හින්දා මේ ලිපියේ අන්තර් ගතයේ වැරද්දක් තිබ්බොත් එකේ සම්පුර්ණ වගකීම මට භාර ගන්න වෙනවා. මේ ලිපියෙන් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතෙනවා. කලින් තිබ්බටත් වඩා පැටලුනා නම් අපිට කියන්න. අපි බලමු විසදා ගන්න ඒ කරුණු.

#attila_THE_hun


Comic Script ලිපිය

The Flash : What happened in Flash season finale - Part 01

What happened in Flash season finale? Part 01

  

හැමෝටම පැටලිලි සහගත දෙයක් ගැන කතා කරන්න යන්නේ. ඒ තමයි එඩි තමන්ටම වෙඩි තියා ගත්ත එකෙන් රිවර්ස් ෆ්ලෑෂ් කාල රාමුවෙන් මැකිලා යද්දී කොහොමද බැරි තව දුරටත් ෆ්ලෑෂ් වෙන්නේ කියන එක. ඇත්තටම මේක ගොඩක් සංකීර්ණයි. බොරු කියන්න ඕනේ නෑ. මේක ගැන හිතන කොට ඔලුවත් විකාර වෙනවා. ඒ හින්දා ඒ තනි සිද්දිය ගැන කතා නොකර අපි වෙන විදිහකින් මේ ගැන කතා කරමු. අවසානෙට කතාවේ මොකද වෙන්නේ කියලා බලන එක පස්සට කල් දාමු.

මේක ගැන කතා කරන්න නම් අපිට මල්ටිවර්ස් ගැන පොඩ්ඩක් මතකය අලුත් කරගන්න වෙනවා. අපි DC සහ මාවල් මල්ටිවර්ස් ගැන පැහැදිලි කිරීමක් කෙරුවා. මුලින්ම ඒ ලිපි කියවලා ඉන්න ඕන. නැතිනම් මේ ලිපිය තේරුම් ගන්න බෑ.

සරලව කිව්වොත් අපි ගන්න හැම තීරණයක් හින්දාම වෙනම යුනිවර්ස් එකක් හැදෙනවා න්‍යායාත්මකව. සරල උදාහරනයක් ගත්තොත් ආරම්බයේ ඉදන් මේ දක්වා තිබ්බේ එක යුනිවර්ස් කියලා හිතන්න. දැන් ඔයා ඉන්නවා. ඔයාට ආදරය කරන ගෑණු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔයා එතනින් තෝරා ගන්න කෙනා එක්ක එතනින් එහාට මේ යුනිවර්ස් එක දෙපැත්තකට ගමන් කරනවා. ඒක තීරණය වෙන්නේ ඔයා ගේ එක තීරණයක් හින්දා. එතකොට ආරම්බයේ ඉදන් තිබ්බ තනි යුනිවර්ස් එකට මෙතනින් එහාට පැවතීම් දෙකක් තියනවා. අපි හිතමු ඔයා තීරණය කරනවා ගෑණු ළමයි දෙන්නාගෙන් ලස්සන සෙක්සි කෙල්ල බදින්න. ඒක තමයි එහෙනම් මෙතනින් එහාට යුනිවර්ස් එකේ පැවැත්ම. හැබයි ඒ වෙනුවට ඔයා අහිංසක හිත හොඳ කෙල්ල බැන්දොත් ඇතිවන තත්ත්වයට අනුරුප යුනිවර්ස් එකක් ඇති වෙනවා. මේක න්‍යායාත්මක සංකල්පයක් විතරයි. එතකොට මේ යුනිවර්ස් එකේ ඉන්නේ අපි විතරද? අපි ගන්නේ ඔය තීරණය විතරද? ඒ කියන්නේ මේ යුනිවර්ස් එක පහල වුණු දවසේ ඉදන් අපි ගත්ත තීරණ අනුව මේ ප්‍රමාණය වැඩි වෙනවා. මේ වෙද්දී අනන්ත ගණන් විශ්වීය පැවැත්මක් පවතින්න හැකියාව තියනවා. Justice League: Crisis on Two Earths ඇනිමේෂන් එක බලලා තියන අයට නම් මේක අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. අපි ඒ අවබෝධය මත ඉස්සරහට කතා කරගෙන යමු.

දැන් හිතන්න එක යුනිවර්ස් එකක් තියනවා. මම ඒක පැහැදිලි වෙන්න A කියන යුනිවර්ස් එක කියලා කියන්නම්. එකේ ඉන්නවා නෝරා ඇලන්, හෙන්රි ඇලන් සහ බැරි ඇලන්. බැරි ලොකු වෙද්දී එයාට අනතුරක් වෙලා එයාට වේගෙන් දුවන්න හැකියාව හම්බෙනවා. ඊට පස්සේ එයා ෆ්ලෑෂ් කියලා නමක් අරගෙන යහපත් දේවල් කරලා මැරිලා යනවා. අනාගතයේ දවසක පහල වෙනවා Eobard Thawne කෙනෙක්. මෙයා හරි ආසයි ෆ්ලෑෂ් ට. එයාගේ වීරයා තමයි ෆ්ලෑෂ් කියන්නේ. එයාට ඕනේ වෙනවා අතීතයට ගිහිල්ලා ෆ්ලෑෂ් ව හම්බෙන්න. මේ ගැන අපි කතා කෙරුවා නේ ලිපියකින්.

හැබයි මේකෙන් වෙන්නේ මෙයා බැරි ගැන තරහක් ඇතිවෙන එක. එයා තීරණය කරනවා කාලය හරහා ගිහිල්ලා බැරිව මරන්න. ඔන්න ඔතන දී තමයි පැටලීම පටන් ගන්නේ. speedster කෙනෙක් කාලය හරහා යන්නේ speedforce එක හරහා. මේක තියෙන්නේ අපි උඩින් කතා කරපු යුනිවර්ස් වලට පිටතින්. හරියටම කියනවා නම් මේ යුනිවර්ස් සේරම speedforce කියන මාධ්‍ය ඇතුලේ ගිලිලා තියනවා වගේ. කාට හරි මේ speedforce එකට ඇතුල් වෙන්න පුළුවන් නම් එයාට පුළුවන් උඩ කියපු ඕනම යුනිවර්ස් එකකට යන්න. ඒ වගේම ඕනම කාලයකට උණත්. speedster කෙනෙක් කාලය හරහා යනවා කියන එක සිද්ද වෙන්නේ ඒ විදිහට.

දැන් ඔය විදිහට රිවර්ස් ෆ්ලෑෂ් කාලය හරහා ගිහින් බැරිව මරන්න උත්සාහ කරනවා. එතන දී තමයි එයාට තේරුම් යන්නේ බැරි මැරුනොත් ෆ්ලෑෂ් කෙනෙක් නෑ කියන එක. එතකොට අනාගතයේ දවසක රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් බිහිවෙන්නේ නෑ. ඒ හින්දා එයාට මොනවා කලත් බැරිව මරන්න බෑ. ඒ වගේම බැරි ෆ්ලෑෂ් කරන්න ත් ඕනේ.

අපි නිකමට හිතමු මෙතන දී රිවර්ස් ෆ්ලෑෂ් විසින් බැරිව මරනවා කියලා. එතකොට මොකද වෙන්නේ. සිද්දිය තේරුම් යන්න අපි දින ටිකක් දා ගමු. රිවර්ස් ෆ්ලෑෂ් 25 වෙනි සියවසින් එන්නේ 2401 ජනවාරි 01 කියලා ගමු. (ටීවී සිරිස් එකේ නම් එන්නේ අවුරුදු 136 අනාගතේ ඉදන්. මේ වෙනස අපිට වැදගත් නෑ. මම ඒ හින්දා කොමික් එකේ කාලයම ගන්නවා.) එතකොට එයා බැරිව මරන්න උත්සාහ කරන දවස 2001 ජනවාරි 01 කියලා ගමු. දැන් රිවර්ස් ෆ්ලෑෂ් 2001 දී බැරි මැරුවොත් බැරි ෆ්ලෑෂ් වෙන්නෙත් නෑ. අනාගතයේ පහළ වෙන Eobard Thawne ට ෆ්ලෑෂ් ගැන අහන්න වෙන්නෙත් නෑ. එයාට කාලය හරහා එන්නත් බෑ. ඒ කියන්නේ 2001 දී රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් ඉන්න බෑ. එයා ඒ කාල රාමුවෙන් අයින් වෙන්න ඕනේ. ඒ ටික පැහැදිලි නේ හොදටම.

මෙතන දී තව දෙයක් ගැන අපි හිතන්න ඕනේ. ඒ තමයි Grandfather paradox කියලා හදුන්වන සංසිද්ධිය. ඒකෙන් කියන්නේ මම අතීතයට ගිහිල්ලා මගේ ආච්චිව හම්බෙන්න කලින් සියා මැරුවොත් අනාගතයේ දවසක මම කියන පුද්ගලයා බිහි වෙන්නේ නෑ. එතකොට ආපහු අතීතයට යන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනේ. කොමික් වල දී මේ විරුද්ධාභාශය මඟ හරවා ගන්නේ ඕල්ටර්නේට් යුනිවර්ස් සංකල්පයෙන්. එතකොට වෙන්නේ අපි අතීතයේ දෙයක් වෙනස් කලොත් අපිට ආපහු එන්න වෙන්නේ වෙනස් යුනිවර්ස් එකට. දෙවෙනියට නිර්මාණය වෙන්නේ අපි ඇති කරපු වෙනසට අනුව යන යුනිවර්ස් එකක්. ඒ දෙවෙනියට නිර්මාණය වෙන යුනිවර්ස් එක හින්දා අර කියපු ගැටලුව ඇති වෙන්නේ නෑ. මෙතනින් එහාට මුලින්ම තිබ්බ යුනිවර්ස් එකට පැවැත්මක් නෑ. කොමික් වල දී නම් කියන්නේ ඒ යුනිවර්ස් එක විනාශ වෙලා යනවා කියලා.

අපේ උදාහරණයේ දී මේක සිද්ද වෙන්නේ කොහොමද කියලා බලමු. 2001 දී රිවර්ස් ෆ්ලෑෂ් බැරීව මරපු හින්දා ෆ්ලෑෂ් කෙනෙක් බිහි වෙන්නෙත් නෑ. එතකොට 2401 දී රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් බිහිවෙන්නෙත් නෑ. දැන් එතකොට 2001 දී රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් ආවේ කියන ප්‍රශ්නයට ආපහු යන්න ඕනේ නෑ. මොකද මෙතන දී හැදෙනවා අලුත් යුනිවර්ස් එකක්, ඒ කේ රිවර්ස් ෆ්ලෑෂ් කියන සාධකය නෑ. හැබයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ 2401 දී Eobard Thawne කියලා කෙනෙක් නෑ කියන එක. එහෙම කෙනෙක් ඉන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. බැරිවෙලා හරි හිටියොත් එයා ෆ්ලෑෂ් කියලා කෙනෙක් ගැන දන්නේ නෑ. ඔහේ ජිවත් වෙලා මැරිලා යනවා. මේක අපි කලින් කතා කරපු A කියන යුනිවර්ස් එකට වඩා වෙනස් හින්දා වෙන් කරලා හදුනා ගන්න A1 යුනිවර්ස් එක කියලා කියමු.

අනාගතයේ දවසක (මේ කියන්නේ A1 යුනිවර්ස් එක) Eobard Thawne බලයක් නැතුව නිකම්ම ඉන්න නෙවෙයි මේ සේරම දේවල් කරන්නේ. එයාට ඕනේ 2401 දී රිවර්ස් ෆ්ලෑෂ් වෙන්න. එහෙනම් මොන දේ උනත් බැරි මැරෙන්න බෑ. බැරී මැරෙන්නේ නෑ කියන්නේ අපිට A1 යුනිවර්ස් එක අමතක කරන්න පුළුවන්. මොකද බැරී ජිවත් වෙනවා නම් දිගටම පවතින්නේ A යුනිවර්ස් එක.



රිවර්ස් ෆ්ලෑෂ්ට බැරීව මරන්න බැරි උණත් එයාට ඕන කරනවා බැරිගේ ජිවිතේ අපායක් කරන්න. ඒ හින්දා එයා කරන්නේ බැරි ගේ අම්මා මරණ එක. රිවර්ස් ෆ්ලෑෂ් බැරි ගේ අම්මා මරපු එකෙන් ආපහු කාල රාමුව වෙනස් වෙනවා. කලින් තිබ්බේ A කියන යුනිවර්ස් එක. එකේ දී හැමෝම ඉන්නවා නේ. හැබයි නෝරා ඇලන් නැති උනාට පස්සේ ඇතිවනවා වෙනස් යුනිවර්ස් එකක්. මේ යුනිවර්ස් එකේ දී බැරි ජිවත් වෙනවා. හැබයි එයා අම්මා නැති උන කම්පනයෙන් ජිවත් වෙන්නේ. ඒ උනත් එයාට ඒ කියන්නේ අනාගතේ දවසක එයාට ෆ්ලෑෂ් වෙන්න පුලුවන්. එතකොට Eobard Thawneට රිවර්ස් ෆ්ලෑෂ් වෙන්නත් පුළුවන්. අපි මේ යුනිවර්ස් එක B කියලා ගමු. ඇත්තම කියනවා නම් මේ B කියන යුනිවර්ස් එක තමයි අපි ජිවත් වෙන යුනිවර්ස් එක. මොකද අපි දන්නේ පොඩි කාලේ දී බැරි ගේ අම්මා මැරෙනවා කියලා. ඒක උනේ අනාගතෙන් ආව කෙනෙක් අතින් ද කියන එක මේ යුනිවර්ස් එකට අදාළ නෑ. මොකද මේ යුනිවර්ස් එක A කියන යුනිවර්ස් එකෙන් වෙනස් උනේ නෝරා ඇලන් මිය ගියපු හින්දා.
රිවර්ස් ෆ්ලෑෂ් නෝරා වෙනුවට හෙන්රි මැරුවොත් එහෙම අපිට දකින්න හම්බෙන්නේ වෙනම විදිහේ යුනිවර්ස් එකක්. අපිට ඕනේ නම් ඒක B1 කියලා නම් කරන්නත් පුළුවන්.
මේ දක්වා සිද්ධිය පැහැදිලි කියලා හිතනවා. අපි දැන් ජිවත් වෙන්නේ වෙනස් උණු යුනිවර්ස් එකක. ඒක තමයි B කියන්නේ. මේක වෙනස් වෙලා හින්දා A කියන යුනිවර්ස් එක තව දුරටත් පවතින්නේ නෑ. එතකොට රිවර්ස් ෆ්ලෑෂ් ආපහු යන්නේ B යුනිවර්ස් එකේ 2401 ට. හැබයි බැරී ෆ්ලෑෂ් වෙන හින්දා 2401 දී රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් ඉන්නවා. හැබයි ඒ රිවර්ස් ෆ්ලෑෂ් ට අනුව එයා දන්නේ 2001 දී බැරීගේ අම්මා මැරුණා. එයා ෆ්ලෑෂ් උනා. පස්සේ කාලෙක තමන් රිවර්ස් ෆ්ලෑෂ් උනා කියලා. කලින් යුනිවර්ස් එක විනාශ උනාම ඒ යුනිවර්ස් එකේ මතකය මෙතනට බලපෑමක් වෙන්නේ නෑ. මොකද දැන් තියන යුනිවර්ස් එකේ දී වෙනම මතකයක් එයාට තියන හින්දා.



තවම මම ෆ්ලෑෂ් කතාවේ සිද්ද වුණු තැනට ආවේ නෑ. මේ සම්පුර්ණ ලිපිය තනි එකක් විදිහට ලිව්වේ. ඒත් අපේ ඇඩ්මින් වරු සේරම එක මතයකට ආවා මේ කරුණු ටිකක් සංකීර්ණ වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ටික ටික කතා කරමු කියලා. දැනට මේ ලිපියේ විස්තර තේරුම් ගන්න බලමු. මොකද මෙතනින් එහාට යන්න බෑ මේ කරුණු නැතුව. හැබයි දැන්ම අවසාන තීරණ වලට යන්න එපා. අද හැන්දෑවේ අනිත් ලිපියත් දානකල් ඉන්න.

#attila_THE_hun


Comic Script ලිපිය

Thursday, May 21, 2015

The Flash Season 1 Episode 23

The Flash episode 23- Fast enough ( Season finale )

#Spoiler_Warning

මුලින්ම කියන්න ඕනා මේවෙනකන් ආපු හැම episode එකටම වඩා මේ episode එක තමයි මගේ ආසම එක කියලා. මොකද මේකෙදි හැම දෙයක්ම Barryට විතරක් සීමා උනේ නැති නිසා. ඒවගේම හැම දෙයක් වගේ අනිත් episodes වලට වඩා හොදින් කරලා තියෙන නිසා.

 



#1- ( පින්තූරය මේ episode එකෙන් ගත්ත එකක් නෙවේ)
මේකෙදි අපිත් හැම කෙනෙක්ගෙම වගේ පොඩි හරි සම්බන්ධතාවයක් දකින්න ලැබෙනව. අපිට Barry සහ eobard අතර කතාව,eobard සහ cisco අතර කතාව විතරක් නෙවේ Eddie සහ martin,Barry සහ iris,Caitlin සහ ronnie වගේ හැම කෙනාගෙම අතර පොඩි හරි සම්බන්ධතාවයක් දකින්න ලැබෙනවා. මේක තමයි කතාවක තියෙන්න ඕන.

#2- Ronnie
සහ Caitlinගෙ කසාදය ඉස්සරහට Firestorm සහ killer frost කියන්න චරිත දෙකට ගොඩක් දුරට බලපානව මොකද killer frost කියන්නෙ Firestormගෙ හතුරෙක්. ඒවගේම Caitlin කොහොමද firestormගෙ හතුරෙක් වෙන්නෙ කියන එක ගැන මේක නිසා පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒවගේම අපිට දකින්න ලැබෙනවනෙ caitlin killer frost විදිහට Flash අතීතෙට යන කොට. ඒකනිසා ගොඩක් දුරට season 2 එකේදි අපිට killer frostව දකින්න ලැබෙයි හැබැයි එයා villain කෙනෙක් වෙයිද එහෙමත් නැත්තන් දැන් වගේම team flash එක්ක දිගටම වැඩ කරයිද කියන එක ගැටලුවක් වෙනවා. හැබැයි ගොඩක් අය කියන්නෙ caitlin දිගටම ඒවිදිහටම team flash එක්ක ඉන්නවා කියලා. ඒවගේම අපිට වෙන සමාන්තර ලෝකෙන් එන killer frost කෙනෙක් තමයි දැකගන්න ලැබෙන්නේ කියල. මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද කියලා ඔයගොල්ලොම තීරණය කරන්න.

#3/4/5- Eobard thawne
මුල ඉදන්ම හැම දේම කරේ මේ මොහොත එනකන්. ඒ තමයි ආපහු එයාගෙ කාලයට යන එක. හැම දේම plan කරෙ මේ දේට. Barry එයාගෙ අම්මව බේරගන්න යැව්වෙත් හේතුවක් ඇතිව. ඒතමයි barryව මරන්න. Flash එක්ක සටනකින් කවදාවත් එයාට දිනන්න බැරි නිසා තමයි පොඩි barryව මරන්න ගියේ. Eobard කියන්නෙ බුද්ධිමත් කෙනෙක්. එයා දන්නව barry මැරුනොත් එයා reverse flash වෙන්නෙ නෑ කියලා. ඒකනිසා තමයි barryගෙ අම්මව මැරුවෙ.( අනාගතෙන් ආපු flash barryව එතනින් අරන් ගිය එකත් වෙන හේතුවක් )
ඒවගේම පස්සෙ eobardගෙ plan එක උනේ Flashව ආපහු එයාගෙ අම්මව බේරගන්න යවලා ඒ අතර තුර එයා කාලය හරහා ගමන් කරන්න. මෙතනදි ගොඩක් දුරට සිද්ද උනේ flashpoint storyline එකේ වගේ සිද්දියක්. ලොකුම වෙනස තමයි flash එයාගෙ අම්මව බේර නොගත්ත එක. Barry Flash වෙන්න එක හේතුවක් තමයි එයාගෙ අම්මගෙ මරණය. Barry එයාගෙ අම්මව බේරගත්තනම් එයා Flash වෙන්නෙ නෑ හරියට flashpoint එකේ වගේ. ඒවගේම මෙතනදි Eobard කාලය හරහා ගමන් කරන නිසා barry එයාගෙ අම්මව බේරගන්න කොට timeline එක වෙනස්වෙන එක එයාට බලපාන්නෙ නෑ. මේක නිසා Barry flash වෙන එක නොවන එක එයාට බලපාන්නෙ නෑ. ඒකනිසා eobardට පුලුවන් ලේසියෙන්ම barryව මරන්න මොකද barry flash නොවන නිසා මේ timeline එකෙ. ඒත් eobardගෙ මේ හැම plan එකක්ම සුන් වෙනවා flash එයාගෙ අම්මව බේරගන්නෙ නැති එකෙන්. ඒකත් අනාගත flash කියපු නිසා. ඒවගේම eobardව මේ timeline එකෙන් මැකෙනවා eddie එයාට වෙඩි තියාගත්ත නිසා. මේක නිසා ඉස්සරහට ගොඩක් දේවල් වෙන්න පුලුවන් මොකද Eddie මැරුන කියන්නෙ අනාගතේ eobard ඉපදෙන්නෙ නැති නිසා. මේක නිසා මේ timeline එකත් වෙනස් වෙන්න පුලුවන්. සමහර විට barryගෙ අම්මා ආපහු ජීවත් වෙයි අලුත් timeline එකේ. හැබැයි ඉතින් එහෙම උනොත් flash show එකක් නැති වෙයි මොකද එහෙම උනොත් barry flash නොවන නිසා.

#6- මේ Barry සහ norraගෙ මොහොත තමයි මටනම් මුලු season එකේම දුකම හිතුන මොහොත.

#7/8-
මේ black hole නිසා තමයි ගොඩක් දුරට season 2 එකේ villainsල වගේම වෙනත් චරිතත් එන්නෙ. කතාව ලියන අය කියලා තියෙනව ඉස්සරහට earth 1 සහ earth 2 දැකබලාගන්න පුලුවන් කියලා. ඒකට හොදම උදාහරණයක් තමයි jayගෙ helmet එක. ඒවගේම කලින් කිව්වා වගේ killer frost එන්නෙ මේ ලෝක දෙකෙන් එකකින් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් පටන් ගද්දිම flashව මේ black hole එක හරහා ගිහින් ඒ වෙන දේවල් වලින් season 2 පටන් ගන්නත් පුලුවන්.
--------------------
Easter eggs

#1- So Long, and Thanks for All the Fish-
මේක ඇත්තටම Douglas Adams විසින් ලියපු පොතක්.

#2-
මෙතනදි අපිට ඉස්සරහට legends of tomorrow show එකේ බලාගන්න පුලුවන් hawkgirlව බලාගන්න පුලුවන්.

#3-
මෙතනදි eobard rip hunterව නම් කරා. මෙයාවත් legends of tomorrow එකේ බලාගන්න පුලුවන්.

#4- flash අතීතෙට යද්දි පෙන්න්පු දේවල් වලින් එකක්. මෙතනදි අපිට දකින්න පුලුවන් barry හිරගෙදර ඉන්නවා. මේකත් සමාන්තර ලෝකෙකට සම්බන්ධ වෙන්න පුලුවන්.

#5- Cisco eobard
එක්ක කතාකරන කොට එයා පැහැදිලි කරන ciscoටත් powers ලැබුන කියලා particle accelerator එක පිපුරුන දවසෙ. එයාගෙ vibration powers නිසා තමයි එයාට පුලුවන් උනේ කලින් timeline එකේ එයා මැරුන හැටි දකින්න හීනයක් විදිහට. මේක පාවිච්චි කරලා ඉස්සරහට වෙන ලෝක වලින් ආපු අයව හදුන ගන්න ciscoට පුලුවන් වෙයි.

#6-
මෙතනදි අපිට killer frost දැකබලාගන්න පුලුවන්.

#7- jay garrick(golden age flash )
ගෙ helmet එක.

#8- Flash museum
එක සහ flash statue එක

#9- legends of tomorrow
එකේ scene එකක්

#10- May the "speed" force be with you- star wars
එකේ කොටසක්

#11- Excelsior-
මෙතනදි stan lee ගැන විතරක් නෙවේ star trek එකේ එකේ එන starship ( USS Excelsior (NCC-2000)එකක් ගැනත් අදහස් වෙනවා. ඒවගේම marvel වල Runawaysවල එන support group එකක් තමයි excelsior කියන්නෙ.

#Kyle_Rayner

Comic Script ලිපිය

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates