LATEST :

Wednesday, April 29, 2015

Scarlet Witch : Wanda Maximoff

Marvel Heroine/Super Heroine


මේ වෙනකොට අල්ට්‍රෝන් ෆිල්ම් එක සමහර රටවල විකාශය වෙලා. ඒ වගේම කැමරා කොපියක් පවා අන්තර් ජාලයට එකතු වෙලා. ඒ වගේම ලංකාවට එන්නත් තියෙන්නේ ඉතාම ටික දවසක්. ඒ ෆිල්ම් එක බලන්න කලින් කතාවේ හම්බෙන චරිත වල කොමික් පසුබිම පොඩ්ඩක් මතක් කරන්න අපි පහුගිය දවස් ටික පුරාවටම උත්සාහ කලා. අද අපි කතා කරන්නේ ස්කාලට් විච් ගැන. ඊට කලින් තව පාරක් අපේ යාළුවන් ගෙන් ඉල්ලනවා ස්පොයිලර්ස් දාන්න එපා කියලා දැන්මම.

Wanda Maximoff සහ එයාගේ සහෝදරයා Pietro Maximoff කියන්නේ නිවුන්නු. අපි ක්වික් සිල්වර් ගැන කතා කරද්දී මේ දෙන්නාගේ අතීතය ගැන කතා කරපු හින්දා ආයෙත් සැරයක් ඒ දේවල් කතා කරන්න යන්නේ නෑ.

මෙයගේ නිවුන් සහෝදරයා වගේ නෙවේ, Wanda ට තමන්ගේ බලය පාලනය කරන්න ටිකක් අමාරු උනා. ඒ මොකද කියන කාරණය ට මම පස්සේ එන්නම්. කලින් ලිපියේ කතා කළා වගේම තැනින් තැනට ඇවිදින කාලයේ දී මේ දෙන්නා මැග්නීටෝ ගේ Brotherhood of Evil Mutants එකත් එක්ක එකතු වෙලා පස්සේ කාලේක ඇවෙන්ජර් ලාට එකතු වෙනවා නේ. ඊට පස්සේ තමයි මෙයාට විෂන් කියන මානවරූපී රොබෝවරයා මුණ ගැහෙන්නේ. මාවල් යුනිවර්ස් එකේ අපුරුම ආදර කතාව ලියවෙන්නේ ඊට පස්සේ. වැලන්ටයින් දවසේ දී විශේෂ ලිපි යටතේ අපි මේ ගැන කතා කෙරුවා මතකයි නේ. Wanda ගැන මුලික කරුණු සේරම ඒ ලිපියේ කතා කරපු හින්දා මෙතනින් එහාට කියවන්න කලින් ඒ ලිපිය කියවලා ඉන්න වෙනවා.
 

අපි මේ ලිපියෙත් කතා කෙරුවා Wanda ට තියෙන්නේ පාලනය කරගන්න අමාරු බලයක් කියලා. ඒකට හේතුව තමයි ඒ බලය හරිම සුවිශේෂී එකක්. අපි මේ බලය මොකක්ද කියලා දැන ගන්න කලින් සේරම සිද්දි ටික අනුපිළිවෙලින් බලලා ඉමු.

අපි දන්නවා නේ wanda කියන්නේ මැග්නීටෝ ගේ දුව කියන එක. wanda ගේ බලය ගැන කතා කරන්න නම් අපිට මැග්නීටො ගේ බලය ගැන පොඩ්ඩක් මතක් කර ගන්න වෙනවා. එයාට පුළුවන් අණුක මට්ටමින් වෙනස් කම් ඇති කරන්න. එයාගේ චුම්බක කේෂ්ත්‍රය වෙනස් කිරීමේ හැකියාව ලැබෙන්නේ ඒ අනුව. මේ බලය ක්‍රියාතමක වන විදිහටම තමයි wanda ගේ බලය ක්‍රියාත්මක වෙන්නේ. එයාට පුළුවන් අණුක මට්ටමින් මේ විදිහේ වෙනස් කම් කරන්න. හැබයි එයා වෙනස් කරන්නේ සම්භාවිතා ක්ෂේත්‍රය. ඒ කියන්නේ අපි හිතමු යකඩ දම් වැලකින් මොකක් හරි එල්ල ලා තියනවා. දැනට තියන තත්ත්වයන් අනුව ඒ යකඩ දම්වැල ශක්තිමත්. නිදහසේ පවතින කොට ඒක කඩා වැටීමේ හැකියාව (කඩා ගෙන වැටීමේ සම්භාවිතාවය) හරිම අඩුයි. අපි මේ වගේ දම්වැල් 100 ක් නිදහසේ එල්ල ලා තිබ්බොත් එතනින් එකක් වත් බිම වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් හිතන්න ඔය දම්වැල මලකඩ කාලා දිරලා ගියා කියලා. එතකොට ඒක නිකන් තියෙද්දී කඩා ගෙන වැටෙන්න පුළුවන්. මේ වගේ දිරපු දම්වැල් 100 කින් 2ක් 3ක් බිම වැටෙනවා කියන එක පුදුමයක් නෙවේ. වැඩි පුර මලකඩ කාලා නම් දම්වැල කඩා ගෙන වැටෙන්න තියන හැකියාව ගොඩක් වැඩියි. wanda ට පුළුවන් මේ දම්වැලේ අණුක මට්ටමේ වෙනස් කම් කරන්න. ඒ කියන්නේ ශක්තිමත් දම්වැල දිරපු එකක් බවට පත්කරන්න. ඒ කියන්නේ එයා ට පුළුවන් යම්කිසි දෙයක් සිදුවීමේ වාර ගනන වෙනස් කරන්න. (අඩු කරන්න හරි වැඩි කරන්න හරි). මේක සරල උදාහරනයක් විතරයි. wanda ගේ හැකියාව මීට වඩා සංකීර්ණව යෙදවෙන්නේ. හැබයි සිද්ද වෙන්නේ කොහොම හරි වස්තුවක හරි කෙනෙක් ගේ හරි යමක් සිදුවීමේ වාර ගණන වෙනස් කරන එක. මේකට කියන්නේ Probability Manipulation කියලා.

උපතින්ම wanda ට මේ හැකියාව ලැබුනට එයාට තවත් බලයන් තියනවා. wanda උපදින ස්ථානය ආසන්නයේ ඉන්නවා Chthon කියලා යක්ෂ ආත්මයක් (මේ යක්ෂ ආත්මය ගැන වෙනම දවසක කතා කරන්න ම ඕනේ. මෙතන කියන්න වෙලාවක් නෑ). මෙයා අනාදිමත් කාලයක් තිස්සේ මේ ලෝකේ ඉන්නේ. එයා wanda ස්පර්ශ කරනවා. එතකොට එයාගේ බලයෙන් කොටසක් wanda ගේ ඇඟ ඇතුලේ ඉතිරි වෙනවා. මේ බලය තමයි Chaos Magic කියන්නේ. මේක කොච්චර ප්‍රභල මායා කර්ම කොටසක් ද කියනවා නම් ඩොක්ටර් ස්ට්‍රේන්ජර් පවා හිතාගෙන හිටියේ මෙහෙම දෙයක් නෑ කියලා. මේක භාවිතා කරලා කෙනෙක් ගේ සිතේ යටපත් වෙලා තියන හැඟීම්, ආශාවන් වෙනස් කරන එක, නැතිනම් අලුතෙන් ම සකස් කරන එක. කොටින්ම කියනවා නම් මේකෙන් පුළුවන් කෙනෙක් ව රුකඩ යක් වගේ කරන්න.

මේ එක හැකියාවක් විතරක් ගොඩක් බලවත් වගේම සංකීර්ණයි. ඒත් මේ දෙක එකතු උනාම ඒක හිතා ගන්නත් බැරි තරම්. ඒ හින්දා තමයි wanda ට එයාගේ බලය භාවිතා කරන්න ඉගෙන ගන්න අමාරු උනේ. පස්සේ කාලේක එයා Agatha Harkness යටතේ පුහුණු වෙලා මේ හැකියාවන් දෙක වෙන් කරන්න පුළුවන් වෙනවා. ඒත් මේ දෙක එකට ස්වභාවිකවම යොදා ගන්න කොට අසාමන්‍ය බලයක් තියනවා. හැබයි පාලනය කරන්න අමාරුයි.
අපි කලින් කියපු සම්භාවිතාවය වෙනස් කිරීමේ හැකියාව සිමා සහිත දුරක් ඇතුලත වෙන්නේ. එතන දී වෙන්නේ wanda ට පුළුවන් එයාගේ සිරුරෙන් Hex Bolts කියන කිරණයක් වගේ දේවල් යොමු කරන්න. මුල් කාලේ දී නම් මේවා wanda ගේ පාලනයෙන් තොරව නිකුත් උනේ. ඒ වගේම ඒවා ගෙන් කරන දේ පාලනය කරන්නත් wanda ට බැරි උනා. ඒ කියන්නේ කෙනෙක් කඩුවක් අරන් පහර දෙන්න ඇවිත් wanda ගේ hex එකක් වැදුනොත් ඒ කඩුව උණු වෙන්නත් පුළුවන්, නැතිනම් ශක්තිය අඩු වෙන්නත් පුළුවන්. ඒ හින්දා මුල්ම කාලයේ මේක අවාසනාව ගේනව කියලා තමයි දැන ගෙන හිටියේ.
මුල් කාලයේ මේ විදිහට පාලනයකින් තොරව කටයුතු කෙරුවාට පස්සේ එයා ඉගෙන ගත්තා නිවැරදිව මේවා යොදවා ගන්න. මේක Reality Warping මට්ටමට දියුණු උනේ ඊට පස්සේ. (Reality Warping කියන්නේ Probability Manipulation වල දියුණු අවස්ථාවක් කියන එකම නෙවේ මේකෙන් කියන්නේ. අහම්බෙන් යමක් සිදුවෙන හැකියාව සම්පුර්ණ යථාර්තය වෙනස් කිරීමක් දක්වා යනවා. මේකට Chaos Magic වල උදව්වත් යම් ආකරයකට බලපානවා) හැබයි ඒකට සිත එකම අරමුණක තියා ගන්න ඕනේ. ඒත් wanda ගේ දරුවෝ දෙන්නා නැති උණාට පස්සේ (විෂන් සහ wanda ගේ ආදර කතාවේ මේ ගැන කිව්වා) මෙයාගේ මනස එකම අරමුණක තියා ගන්න අමාරු උනා.

සියලුම හැකියාවන් තියන කොට wanda කියන්නේ මාවල් යුනිවර්ස් එකේ බලවත්ම චරිත වලින් එකක්. එයා පෘථිවියේ පැවැත්ම තීරණය කරන කේන්ද්‍රස්ථානයක්. ඒ හින්දාම එයා අර්ත් 616 ඉන්න nexus කෙනෙක් කියලා කියන්නේ. මොකද මෙයාගේ මේ යථාර්තය වෙනස් කිරීම ඒ තරමට ම ප්‍රබලයි. ඇත්තටම කියනවා නම් කොමික් වල මෙයාගේ මේ යථාර්තය වෙනස් කිරීමත් එක්ක ගොඩක් බරපතල සිදුවීම් වෙලා තියනවා.


මෙයාගේ නිවුන් සහෝදරයා වගේම wanda මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ වගේම එක්ස් මෙන් යුනිවර්ස් එකෙත් ඉන්නවා. ඒ උණාට තවම අපිට එක්ස් මෙන් යුනිවර්ස් එකේ දී මෙයා දකින්න හම්බුනේ නෑ. ගොඩක් වෙලාවට ඉදිරි ෆිල්ම් වලින් දැක ගන්න පුළුවන් වෙයි. එතකොට සිනෙමැටික් යුනිවර්ස් එකේ දී මෙයා ට ලොකු වැඩක් භාරවෙලා තියනවා. අපි ඒ මොකක්ද කියලා කියන්නේ නෑ. ෆිල්ම් එක බලලම අපි ඒ ගැන කතා කරමු. කොමික් වලට අනුව නම් සිනෙමැටික් යුනිවර්ස් එකේ ඉන්න සේරටම වඩා wanda ගොඩක් බලවත්. හැබයි මියුටන්ට් කෙනෙක් විදිහට ඉදිරිපත් කරන්න බැරි හින්දා සිනෙමැටික් යුනිවර්ස් එකේ දී wanda ගේ හැකියාවන් ගැන අපිට තවම මොනවත් අදහසක් නෑ.

අල්ට්‍රෝන් බලන්න යද්දී මේ කරුණු මතක තියාගෙන ගියොත් ඔයාලටම තීරණය කරන්න පුළුවන් වෙයි කොමික් වල චරිතයෙන් මොන මොන කොටස් ද සිනෙමැටික් යුනිවර්ස් එකේ භාවිතා කරලා තියෙන්නේ කියලා

#Amadeus_chO

Comic Script ලිපිය

Share this:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates