LATEST :

Friday, April 3, 2015

Magneto's Family - Part 01


Comis කියවන අපි දන්නවා එක් එක් comic චරිත වලට වෙන්වුණු තමන්ගේම පවුල් පසුබිම් තියෙනවා කියලා. සමහර විට ඒ පවුල්වල වීරයන් සහ දුෂ්ඨයන් සියල්ලන්ම ඉන්න පුළුවන්. සමහර විට වීරයන්ගෙන් පමණක් සැදුම්ලත් වෙන්න පුළුවන්. සමහර විට දුෂ්ඨයන්ගෙන් විතරක් සැදුම්ලත් වෙන්නත් පුළුවන්. ඒක නිසාම වෙනසකටත් එක්ක අපි තීරණය කළා ඒ ඒ වීරයන්ගේ හෝ දුෂ්ඨයන්ගේ පවුල් පසුබිම්වලට සම්බන්ධ වෙන චරිත ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මේ හැමෝම සුපිරි බලයන් හිමි අය නොවෙන්න පුළුවන්. නමුත් comicවලදී බොහෝ තැන්වල අපිට මේ අය මුණ ගැහෙන්න පුළුවන්. ඒ නිසා මේ අයගේ විශේතිත බලයන් තියෙනවනම් ඒ ගැනයි, ප්රධානව කථා කරන චරිතයට ඇති සම්බන්ධකමයි ගැන මේ ලිපි පෙළෙන් කෙටියෙන් කියවෙනවා.

අද අපි කථා කරන්නේ Marvel සමාගමේ ප්රධානම, විශිෂ්ඨම Comic චරිතයක් වන Magnetoගේ පවුල සහ එයට සම්බන්ධ වන comic චරිත ගැනයි. අපි දාපු Magnetoගේ ලිපිය මේකට ගොඩක් සම්බන්ධ වන නිසා ඒක කියවලා ඉන්න එක ගොඩක් පහසු වෙයි.

 



Magneto

Max Eisenhardt එහෙමත් නැත්නම් Magneto කියන්නේ චුම්භක බල පාලනය කිරීමේ හැකියාව(Magnetism manipulation)කියන බලය සහිත Mutant කෙනෙක්. එපමණක් නෙමයි හොඳ බුද්ධිමතෙක් වගේම දක්ෂ සැලසුම් කරුවෙක්. තමන් වැනිම වූ mutantsලාගේ යහපත වෙනුවෙන් වැඩ කළත් මෙයාගේ අරමුණ ඉටු කරගන්න යන මාර්ගය තමයි වෙනස් වෙන නිසා ගොඩක් දෙනෙක් දන්නේ Magneto කියන්නේ villain කෙනෙක් හැටියටයි. නමුත් ඇත්තටම Magneto කියන්නේ Villain/anti-hero/Superhero කෙනෙක්. IGN දර්ශකයට අනුව Magneto තමයි එදා මෙදා තුර පහළ වුණු හොඳම කොමික් villain චරිතය.

බලයන් සහ හැකියාවන් - Master of Magnetism/Magnetic Field Manipulation, Mental Resistance, Master Tactician and Strategist, Genius-level Intellect
#1 - Jakob Eisenhardt
Jakob කියන්නේ Max Eisenhardt එහෙමත් නැත්නම් Magnetoගේ පියා. මෙයා mutant කෙනෙක් නෙවෙයි. වෘතියෙන් පළමු ලෝක යුද්ධයේ ජර්මානු හමුදාවේ යුධ සොල්දාදුවෙක්. පවුලට ඉතාමත් දැඩි ආදරයකින් පසුවූ මොහු අවසන ජර්මානු සොල්දාදුවෙකුගේ වෙඩි පහරකින් මිය යනවා.

බලයන් සහ හැකියාවන් - සාමාන්‍ය යුධ ශිල්පයේ ප්‍රගුණ බව
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - පියා

#2 - Edie Eisenhardt
Edie කියන්නේ Max Eisenhardt එහෙමත් නැත්නම් Magnetoගේ මව. මැයත් mutant කෙනෙක් නොවෙයි සාමාන්‍ය කාන්තාවක්. Jakob ලෙසම මැයත් අවසන ජර්මානු සොල්දාදුවෙකුගේ වෙඩි පහරකින් මිය යනවා.

බලයන් සහ හැකියාවන් - නොමැත
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - මව


#3 - Red Lucy
ප්‍රකට මුහුදු මංකොල්ලකාරයන්ගේ කාණ්ඩයකට සම්බන්ධව සිටි මැය Magnetoගේ පියාගේ පාර්ශවයෙන් නෑකම් කියනවා. මැයත් mutant කෙනෙක් නෙවෙයි සාමාන්‍ය කාන්තාවක්.

බලයන් සහ හැකියාවන් - කඩු හරඹයේ ප්‍රගුණ බව
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - Magnetoගේ පරම්පරාවේ මුතුන්මිත්තෙක්


#4 - Ruth Eisenhardt

Ruth කියන්නේ Max Eisenhardt එහෙමත් නැත්නම් Magnetoගේ බාල නැගණිය. Edie වගේම මෙයත් සාමාන්‍ය කාන්තාවක්. Jakob මරා දමන විටම මැයවත් මරා දැමෙනවා.

බලයන් සහ හැකියාවන් - නොමැත
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - බාල සහෝදරිය


#5 - Magda Eisenhardt
Magda කියන්නේ Magnetoගේ බිරිඳ. Comicවල සඳහන් වන ආකාරයට නම් මැය දෙවන ලෝක යුද්ධයේදී අවතැන්වූ සාමාන්‍ය තරුණියක්. ඒ අවස්ථාවේදී සිටි අවතැන් කඳවුරකදී Magda සහ Magneto අතර ආදර සබධතාවක් ආරම්භ වු බවයි සඳහන් වන්නේ. පසුව මැයට Magnetoට දාව දරුවන් තිදෙනෙක් ලැබුණා. ඒ Anya සහ නිවුන් ගැහැණු දරුවෙකු සහ නිවුන් පිරිමි දරුවෙක් වන Wanda Marya Maximoff සහ Pietro Django Maximoffයි.

බලයන් සහ හැකියාවන් - නොමැත
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - බිරිඳ සහ Quicksilverගේත්, Scarlet Witchගේත් මව


#6 - Rogue
Rogue, එහෙම නැත්නම් Anna Marie කියන්නේ Magnetoගේ තවත් එක් ආදරවන්තියක්. Earth-27 සහ Earth-295 දී ඇය Magnetoගේ බිරිඳ වන අතර ඔහුගේ දරුවන්ගේ මව ද වනවා.රෝග් ගේ චරිතය ගොඩක් ගුප්ත එකක්. Rogue කියන්නේත් Magneto වගේම mutant කෙනෙක්. ඇගේ ප්‍රධාන බලය වන්නේ තවත් කෙනෙක්ගෙන් බලය උරාගැනීමයි.

බලයන් සහ හැකියාවන් - Power Mimicry, Energy Absorption, Siphon Abilities, Siphon Lifeforce, Psychic
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - Magnetoගේ ගුප්ත ආදරවන්තිය සහ ඔහුගේ දරුවන්ගේ මව (Magnus on Earth-27, Charles Lehnsherr on Earth-295).


#7 - Susanna Dane
Susanna කියන්නේ Magnetoගේ කලින් ආදරවන්තියයි. සමහරතැන් වල මැයව Magnetoගේ කලින් බිරිඳක් හැටියටත් සඳහන් වනවා. මැයත් සාමාන්‍ය කාන්තාවක් වනවා. පසුව Magnetoට දාව දියණියක් මැයට ලැබෙනවා.

බලයන් සහ හැකියාවන් - නොමැත
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - පෙම්වතිය/බිරිඳ සහ Polarisගේ මව


#8 - Joseph
Joseph කියන්නේ Magnetoට ගොඩාක් සමාන චරිතයක්. හරියටම කිව්වොත් Magnetoගේ තරුණ clone එක. Brotherhood of Evil Mutants ලෙස Magnetoගේ Brotherhood එකට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් සකසා ගන්නේත් මොහු විසිනුයි. මොහුත් Mutant කෙනෙක්. තවද දැනට වැඩිම comic issues ප්‍රමාණයකට යොදාගෙන ඇති clone චරිතය වන්නේද Josephයි.

බලයන් සහ හැකියාවන් - Energy Manipulation, Flight, Force Field, Magnetism, Intellect
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - Magnetoගේ Clone චරිතය


#9 - Charles Lehnsherr
Earth-295දී Magnetoගේ සහ Rogueගේ පුතා වන්නේ Charles Lehnsherrයි. මොහු mutant කෙනෙක්. නිල් පැහැති ඇස් යුගලයකින් සමන්විත මොහු Age of Apocalypse කථාමාලාවේදී Magneto සහ Rogue සමඟ බොහෝ තැන්වල දැකගත හැකියි.

බලයන් සහ හැකියාවන් - Psionic abilities
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - Earth-295දී පුත්‍රයා

#10 - Magnus
Earth-27දී Magnetoගේ සහ Rogueගේ පුතා වන්නේ Magnus Lehnsherrයි. මොහුට Magnetoගේ මෙන්ම Rohueගේ බලයන්ද පිහිටා තිබෙනවා. ඒ වගේම mission එකක් අතරතුර මියගිය පළමු Exile mutantද මොහු වනවා.

බලයන් සහ හැකියාවන් - Blast Power, Death Touch, Energy Manipulation, Energy Shield, Flight, Force Field, Levitation, Magnetism
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - Earth-27දී පුත්‍රයා


#11 - Quicksilver
Magnetoට දාව Magdaට ලැබුණු පිරිමි නිවුන් දරුවා Pietro Django Maximoff නොහොත් Quicksilverයි. සාමාන්‍ය මිනිසෙකුට වඩා සුපිරි වේගයකින් දිවයන්නට හැකි mutant කෙනෙක් ලෙසටයි Quicksilver විරුදාවලි ලබා තිබෙන්නේ. Brotherhood එකේ ප්‍රධාන සාමාජිකයෙකු වන Quicksilverසතු තවත් විශේෂ හැකියාවක් වන්නේ ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගමන් කළ හැකිවීම සහ කාල රාමු කිහිපයක එකවර සිටිය හැකිවීමයි.

බලයන් සහ හැකියාවන් - Agility, Duplication, Enhance Mutation, Stamina, Super Speed, Unarmed Combat
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - Magneto සහ Magda ගේ පුතා

#12 - Anya Eisenhardt
Magnetoගේ සහ Magdaගේ දියණිය වන්නේ Anyaයි. ඇය ඔවුන්ගේ පළමු දරුවායි. මැය සාමාන්‍ය කාන්තාවක්. ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් නිසා Anya කුඩාකාලයේදී මිය යනවා.

බලයන් සහ හැකියාවන් - නොමැත
ප්‍රධාන චරිතයට ඇති සම්බන්ධය - Magneto සහ Magda ගේ මුල් දියණිය


to be continued...

#SmAsHeR

Comic Script ලිපිය

Share this:

1 comment :

  1. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates