LATEST :

Tuesday, March 31, 2015

Fantastic Four : Trailer Breakdown - 1

Marvel Trailer Breakdown

Fantastic Four Trailer: Detailed Breakdown
Part - 01

පහුගිය දවස් ටිකේ exams නිසා පොඩ්ඩක් ලිපි ලියන්න ප්‍රමාද වුණු එක ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ. කලින් බාරගත්ත වැඩක් ඔන්න අදයි post කරන්න වෙන්නේ. (කට්ටිය තරහ නැතිව ඇති කියලා හිතනවා). ඒත් එක්කම Comic Script page එකත් එක්ක එකතුවෙලා කෙටි කාලයකින් likes 2000ක් දක්වා ඉස්සරහට ගෙනාපු හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. අද මම විස්තර ගේන්නේ 2015 අගෝස්තු 7 වෙනිදා ලොව පුරා ප්‍රචාරය වෙන්නට නියමිත Fantastic Four film එක ගැන විස්තර ටිකකුයි. හැමෝම දැනටම Fantastic Four Trailer එක බලලා ඇති. එක පාරක් නෙවේ සමහර විට දෙතුන්පාරක්ම බලන්න ඇති. මොකද මටත් හරියටම මේකෙ සිද්දිය තේරුම්ගන්න 3පාරක් උවමනාවෙන් බලන්න උනා. වැඩේට කලින් ආයෙ පාරක් trailer එක බලලා හිටියොත් ලේසියි. මෙන්න ලින්ක් එක.

https://www.youtube.com/watch?v=Cwh48VDMZxg

එහෙනම් ඉතින් කෙලින්ම Detailed Breakdown එකට යමු..


 




Trailer එක පටන් ගන්නේ නගරයක දර්ශන පෙලක් (#1 රූපය) සමඟින්ම කඳු පෙළකට එපිටින් පෙනෙන දර්ශනයක් (#2 රූපය) සමඟයි. උස් ගොඩනැඟිලි සහිතව දිස්වෙන ජනාකීර්ණ නගරය මොකක් කියලාද පේන්නේ? ඔව් මේ New York City එක තමයි. හැමෝම දන්නවානේ New York City එක කියන්නේ Fantastic Fourලාගේ මූලස්ථානය තියෙන තැන කියලා. එහෙනම් එතකොට ඊලඟට පෙන්වන කඳු පෙළට එහායින් දිස්වන ප්‍රදේශය කොහේ ව්අන්නට පුළුවන්ද? මේ Fantastic Fourලාගේ සතුරෙකු සිටින ප්‍රදේශයක්ද? නැතිනම් මේ trailer එකේ පසුවට පෙන්වන පර්යේශණාගාරය තිබෙන ස්ථානයවත්ද? හරියටම මේ ගැන තවමත් ඉඟියක් ලැබී නැතත් මට නම් හිතෙන්නේ මේ චිත්‍රපටිය reboot එකක් නිසා ගොඩක් දුරට මේ ස්ථානය Fantastic Four member කෙනෙක්ගෙ origin storyline එකකට සම්බන්ධ වේවි කියලයි. ඊලඟට පෙන්වන රූපරාමුවෙන් අපිට එහෙම දෙයක් ගැන හිතාගන්න පුළුවන්. (#3 රූපය) ඔයාලට මතක නම් The Thingගේ ඇත්ත නම Ben Grimm. මේ රූපරාමුවෙත් Grimm කියන වචනය සටහන් වෙලා තියෙනවා. Comicවල Benගේ origin එකේ සහන වෙලා තියෙන්නේ එයාගෙ අම්මයි තාත්තයි මෙයා පොඩි කාලෙම නැති වෙච්ච නිසා මෙයාගේ නැන්දයි මාමයි Benව හදාවඩා ගන්නවා කියලයි. තව ඔවුන් salvage yard එකක් පවත්වාගෙන යන බවත් comic වල සදහන් වෙන නිසා මේ පෙන්වන්නේ එහෙම තැනක් කියලත් අපිට හිතාගන්න පුළුවන්. ඒ වගේම පස්සේ පෙන්වන රූපරාමුත් එක්ක අපිට මේ චිත්‍රපටිය ගොඩක්ම හැමෝගෙම origin stories ඉස්මතු කරන කථාවක් කියලා හිතන්න පුළුවන්. ඒ නිසාම මේ චිත්‍රපටිය ගොඩක් හිට් වෙයි කියලයි මගේ හැඟීම වෙන්නේ.

මීලඟට පෙන්වන්නේ ඉරිඟු යායක් තුළින් වේගයෙන් ඉදිරියට ඇදෙන කාර් එකක් (#4 රූපය) දර්ශනයකුයි. කවුරුන්ද මේ කාර් එකේ යන්නේ? මොකද මෙච්චර වේගෙන් හදිස්සියෙන් යන්නේ? ඒක නම් තාමත් මටත් ප්‍රශ්නාර්ථයක්. මේ දක්වා පසුබිම් කථනයෙන් පැවසෙන්නේ මනුෂ්‍ය වර්ගයාගේ උන්නතියට නවමු සොයාගැනීම් සහ පර්යේෂණ ඉතාමත් වැදගත් බවයි. අපි කලින් කිව්වා වගේම මේකට Fantastic Four membersලාගේ origin stories සම්බන්ධවෙන බවට කෙරෙන තවත් ඉඟියක් මීලඟට දිස්වෙනවා.ඒ කුඩා දරුවන් දෙදෙනක් යම් කිසි පර්යේෂණයක නියැලෙන ආකාරයයි. (#5 රූපය) රූපයෙන් සහ හැඩයෙන් මේ කවුද කියලා අපිට හදුනාගන්න පුළුවන්. මේ කුඩා Reed Richards(Mr. Fantastic) සහ Ben Grimm(Thing) විය යුතුයි. (#6 රූපය) Reedව පැහැදිලිවම කණ්නාඩි දෙක නිසා හොයාගන්න පුළුවන්. අනික් කෙනා Ben කියලා අපිට හිතන්න පුළුවන් වෙන්නේ Reed සහ Ben හොඳම යහලුවන් වන නිසායි. Reedගේ කුඩාකළ පර්යේෂණය සම්බන්ධ අවසන් යන්ත්‍රය යැයි සිතිය හැකි යන්ත්‍රයකුයි මීලඟට අපට දැක ගන්නට ලැබෙන්නේ. (#7 රූපය) පසුබිම් කථනයෙනුත් ඒ බව අදහස් වෙන ස්වරූපයකුයි පෙනී යන්නේ. මෙහිදී මොවුන් භාවිතා කරනු ලබන සුදු පැහැති ගගනගාමීන් පැළඳ සිටින ආකාර වූ ඇඳුම් නිසා කුමක් හෝ පරීක්ෂණයක් මිනිසුන් යොදා කරන බවක් පෙනෙනවා. ඒත් ඒ මොකද්ද? මොන ආකාරයක theory එකක්ද මේ විදියට මිනිස්සු යොදාගෙන පරීක්ෂා කරන්නේ කියලා දැනගන්න නම් film එක බලලම ඉන්න වෙනවා. පහුගිය වසර කිහිපයේ Fantastic Four comics වලදී ඔවුන් Future Foundation ඇඳුම් පෙළ හැදසිටි නිසා මේ Future Foundation අදහස අනාගතයට ගේන්න මේක යොදාගත්තා වන්නටත් පුළුවන්.

ඔන්න ඊලඟට අපි හිතපු නැති දර්ශන පෙළකුයි දිස්වෙන්නේ. කිසියම් වූ හමුදාමය හෝ රජයේ සහයක් ඇතිව මේ වැඩපිළිවෙළ කෙරෙන බවකුයි මටනම් තේරෙන්නේ. (#8 රූපය) ඒ කියන්නේ Reed Richards වැඩකරන්නේ රජයේ උවමනාවකටද? නැත්නම් මේක US Government Project එකක්වත්ද? සමහර විට Civil War comics වලදී Reed Richards සහ Tony Stark එක පැත්තක් අරගෙන රජය කියන මතයට එකඟවෙලා වැඩකරන්න පෙළඹෙන හේතුව ඔවුන්ගේ පර්යේශණ වලට රජයේ සහය කලින් ලැබුණු නිසාවත්ද? එහෙමත් නැත්නම් Fantastic Fourලාත් Civil War චිත්‍රපටියට සම්බන්ධ වේවි කියන ඉඟියක් පළ කරනවාවත්ද? මේ ඔක්කොම දැනගන්න 2015 අගෝස්තු 7 වෙනකන් අපිට ඉන්න වෙනවා. මීලඟට තරුණ Reed මේ පර්යේශණාගාරයට පැමිණෙන රූප පෙළකුයි දිස්වන්නේ. දැනට පර්යේෂණාගාරයේ සිදුව ඇති දේවල් සහ සිදුවන දේවල් පිළිබඳ තෘප්තිමත් බව හඟවමින් ඔහු මුවගට සිනාවක් නගාගන්නේ පසුබිම් කථනයේ වන රළු කටහඬට වෙනසක් එක් කරමිනුයි. (#9 රූපය) මේ රූපපෙළත් සමඟම අපි කලින් ඉදිරිපත් කරපු දේ හරියි කියලා කිසුයම් අදහසක් ලබාගන්න පුළුවන්. ඒ කිව්වේ මේ රජය හෝ හමුදාමය මූල්‍යාධාර ඇතිව සිදු කරන්නේ Reedගේ පර්යේෂණයක් බව යැයි සිතූ දෙය නිවැරදි විය යුතුය යන්නයි. ඊලඟට දිස්වෙන්නේ Fantastic Four කණ්ඩායමේ එකම සාමාජිකාව වන Susan Stormවයි. (#10 රූපය) කලින් ආපු film එකේ වගේ නෙවෙයි මේකෙ Susan; Ultimate Universe comics වල වගේ කියන එකයි මගේ හැඟීම. විද්‍යාවට සහ පරිගණක ක්ෂේත්‍රයට වැඩි ඇල්මක් දක්වන කෙනෙක් බවට Sue පත්වේවි. ඒ බව trailer එකෙනුත් පොඩ්ඩක් පෙන්වනවනේ. මීලඟ කොටස තමයි කථාවේ තියුණු බව සහ Marvel චිත්‍රපටිවල විශිෂ්ඨත්වය වැඩියි යැයි පෙන්වන රූපරාමුව දිස්වන්නේ. ඒ පරිගණක තිරයක් මත දිස්වන සිතියමක දේ සම්බන්ධවයි. (#11 රූපය) ඉතාම සැලකිල්ලෙන් බැලුවොත් ඔයාලට පෙනේවි මේකෙ අප්‍රිකාවට ඉහළින් යුරෝපා මහාද්වීපයේ කිසියම් ස්ථානයක් රතු පාටින් සටහන් වී තිබෙන බව. එහෙනම් මේ Fantastic Fourලාගේ සහ Marvel සමාගමේ නම් දැරූ villain කෙනෙක් වන Dr.Doom ගේ වාසස්ථානය වන Latveriaවද? Comic වලට අනුව Latveriaව තිබෙන්නේ යුරෝපයේ බව අපි දන්නවා. එහෙනම් මේ Sue බලන් ඉන්නේ Latveriaවේ පිහිටීමද? මේ film එකේ villan එහෙනම් Dr. Doomද? Dr. Doomගේ origin එක මේ film එකේදී ඉදිරිපත්වේවිද? Dr. Doomගෙයි Latveria වලයි අතර තියෙන සම්බන්ධය කුමක්ද? මේ ඔක්කොටම උත්තර ටික film එක ආවට පස්සේ තමයි දැනගන්න වෙන්නේ. කොහොම නමුත් මේ ස්ථානය මොකද්ද කියලා මේ රූපරාමුවෙන්ම හොයාගන්න පුළුවන්. හැමෝම පුළුවන් නම් trailer එකේ මේ තැන පොඩ්ඩක් pause කරලා බලන්න. වම්පැත්තේ පහළින් රතු පාටින් ඉලක්කම් වගයක් තියෙනවා පේනවා ඇති. හොඳට zoom කරලා බැලුවොත් එතන තියෙන්නේ 23.21.190.125 කියන IP address එක. (#12 රූපය) මේක ඔයාලා ඔයාලගේ ඕනෙම browser එකක address bar එකේ type කරලා enter කරලා බලන්නකෝ. පස්සෙ සිද්දිය හොයාගත්ත අය පහලින් කමෙන්ට් එකක් දාලම යන්නකෝ.

to be continued..

#SmAsHeR

Comic Script ලිපිය

Sunday, March 29, 2015

Marvel's Daredevil : Motion Poster Breakdown

Daredevil Motion Poster Breakdown...

දැනටමත් Marvel සමාඟම ඔවුන්ගේ තරඟකාරී බව වැඩිකරමින් රූපවාහිනී ටෙලිකථාමාලාවන් දියත් කරන්නට පටන් ගෙන හමාරයි. ඔවුන්ගේ ප්‍රථම කථාමාලාව වන Marvel's Agents of S.H.I.E.L.D. කථාමාලාව අති ජනප්‍රිය නිසා දැනටමත් දෙවන season එකක් දක්වා එය රැගෙන ගොස් තිබෙනවා. ඒ අනුව ඔවුන් Netflix හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ නවමු කථාමාලාව වන Marvel's Daredevil කථාමාලාව 2015 අප්‍රේල් 10 වන දින ලොව පුරා විකාශ කිරීමට නියමිතයි.

කලින් ලිපියේ අපි Marvel සමාගමෙන් නිකුත් කරන ලද පළමු series Trailer එක ගැන කථා කළා (https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1571682216448118/?type=1) ටිකක් පරක්කු උනත් Marvel සමාගම Daredevil series එක වෙනුවෙන් නිකුත් කරපු Daredevil Motion Poster එක ගැන පසුවිපරමක් ගෙන එන්නටයි මම මේ සූදානම් වෙන්නේ. ගොඩ දෙනක් මේ වීඩියෝ එක බලලා ඇති. නොබලපු අය බලන්නයි, බලපු අය ආයෙ මතක් කරගන්නයි මුලින්ම Video එක බලලා ඉමුකෝ..

https://www.youtube.com/watch?v=ltzGfeqWp_M

Motion Poster එක ඇතුලෙ අපි හිතුවට වඩා easter eggs ගොඩක් ඇතුළත් වෙනවා. මුළින්ම අපි පටන් ගන්න තැනේ ඉදලා කථා කරමු.

 



#1 streets of Hell's Kitchen - Daredevil Comics කියවපු අයට නම් මේ නම හොදට හුරු පුරුදු ඇති. Hell's Kitchen කියන්නේ Matt Murdock/Daredevil ඉපදුණු සහ හැදී වැඩෙන තැන. කොටින්ම කිව්වොත් Hell's Kitchen වල වීරයා තමයි Daredevil. කථාවේ බොහොමයක් කොටස් Hell's Kitchen එක හා සම්බන්ධ වේවි. තව ඉස්සරහට එන Marvel's Defenders Series එකටත් Hell's Kitchen එක පාදක වේවි කියන එකයි මගේ මතය. Comics වලට අනුව Hell's Kitchen පිහිටන්නේManhattan, New York City වලයි. ඒ කියන්නේ කථාවේ ගොඩක් කොටස් රූගත් කරලා තියෙනවා ඇත්තේ New York වල streets වල වෙන්න ඕනෙ කියන එකයි.

#2 Avengers Assemble - කලින් ලිපියේ අපි කිව්වා වගේම මේ Motion Poster එකේදීත් අපිට Avengers Tower එක දැකගන්නට ලැබෙනවා. දැන් ඉතින් වැඩේ 100%ම විශ්වාසයි.Marvel සමාගමේ සියළු අංග එකිනෙකට සම්බන්ධ වන නිසා මේකත් එහෙම ඉඟියක් වෙන්න පුළුවන්. මට හිතෙන්නේ ගොඩක් දුරට Civil War චිත්‍රපටයට මේ Defendersලා කිහිපදෙනෙකුත් එකතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවේ Avengers චිත්‍රපටයක Daredevil පෙනී සිටියොත් ඒකත් පුදුමයක් වේවි.

#3 Nelson and Murdock, Open For Business - අපි දන්නවානේ Matt Murdockගේ හොඳම යාලුවා Foggy Nelson එක්ක මැට් එකතු වෙලා නීති කාර්යාලයක් පිහිටුවාගන්නවා. ''Lawyer by day, Vigilante by night'' කියලා බැක්ග්‍රවුන්ට් එකෙන් කියන එකෙන් ඒක හොදටම තහවුරු වෙනවා. කථාවේ weekly review එකේදී මේ සම්බන්ධව වැඩි විස්තර දැනගනිමු.

#4 Josie’s Bar - Comic වලදි Matt, Foggy, සහ Karen Page තුන්දෙනා වැඩිපුරම එකතුවෙලා කථාකරකර ඉන්න තැනක් තමයි Josie’s Bar එක කියන්නේ. මෙතන දී පරීක්ෂාකාරීව බැලුවොත් Josie’s කියන නම අපිට දැකගන්න පුළුවන්. ඒ නිසාම මේ තැනත් කථාවේ වැදගත් සිදුවීමකට සම්බන්ධ වේවි.

#5 Kingpin - ගොඩක් දුරට මේ season එකේ Daredevilට ඉන්න ප්‍රධාන සතුරා වෙන්නේ Kingpin වෙන්න පුළුවන්. Kingpinකියන්නේ පාතාල නායකයෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක්. ගොඩක් වෙලාවට Matt දවල් මොහු සම්බන්ධ නඩු වලට පෙනී ඉදලා රෑට ඒ වෙනුවෙන් යුක්තිය ඉටුකරනවා වෙන්නත් පුළුවන්.

#6 The Man Without Fear - ඔන්න මේක තමයි මේ Motion Poster එකේ තියෙන වැදගත්ම easteregg එක. ඒ කියන්නේ Mattගේ අවසාන Daredevil costume එක පහළ තියෙන වතුරට පිළිබිඹු වෙනවා. අනිත් trailer එකේ තිබ්බ නින්ජා costume එක වගේ නෙවෙයි මේක. හොදින් බැලුවොත් ඒ රූපයේ ඉනේ utility belt එකක් වගේ දෙයක් තියෙන බවක් පේනවා. එහෙනම් මේක ගොඩක්දුරට comic වල තියෙන Classic Daredevil costume එක වෙන්න පුළුවන්. මං නං කියන්නේ මේ ඒකම තමයි කියලා. ගොඩක් දුරට මේ සීසන් එක අන්තිමට කිට් එක හම්බවේවි.

#SmAsHeR

Comic Script ලිපිය

Friday, March 27, 2015

Arrow - S03 E17

Arrow S03E17 – Suicidal Tendencies

************ Spoilers************

ෆ්ලෑෂ් කතා මාලාව කුතුහලය පිරුණු උද්වේගජනක සිද්දීන් ඉදිරිපත්කරද්දී ඇරෝ කතා මාලාව තනියම ගමනක් යනවා. අපි බලමු මේ සතියේ කතාව ඇතුලේ අපිට දකින්න පුළුවන් වෙන්නේ මොනවාද කියලා.
        
   
1. මතකනේ අපි අපේ පේජ් එක හරහා ඉඟියක් ගෙනාවා ඩිගල්ස් ගේ විවාහ උත්සවය ගැන. කතාව පටන් ගන්නේ ඒකෙන්. හැබයි ඒ දෙන්නාට විවාහ වෙලත් එකට ඉන්න නම් හම්බුනේ නැති එක හරිම කනගාටු දායකයි.

2. රේ පාමර් එහෙමත් නැතිනම් ඇටොම් කියන සුපිරි චරිතය මේ වෙද්දී සෑහෙන දුරකට ගොඩ නංවලා ඉවරයි. මේ වෙද්දී පාමර් නගරයේ ආරක්ෂාව කියන්නේ තමන්ගේ පුද්ගලික වගකීමක් කියන තැනට ඇවිත් ඉන්නවා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට පාමර් ස්ටාර්ලින් සිටි වලට තියන තර්ජනය ඇරෝ කියලා අදහස් කරගෙන ඒ පස්සේ පන්නනවා. කොහොමත් සුපිරි විරියෝ දෙන්නෙක් පලවෙනි වතාවට එකිනෙකා හම්බෙන කොට ගොඩක් වෙලාවට ගැටුමක් ඇතිවෙනවා. ඊට පස්සේ තමයි සහයෝගයෙන් වැඩ කරන්නේ. ඇරෝ - ෆ්ලෑෂ් ක්‍රොස් ඕවර් එක බලපු අයට හරි, ජස්ටිස් ලීග් - වෝර් ඇනිමේෂන් ෆිල්ම් එක හරි බලපු අයට මේක හොදටම පැහැදිලි ඇති. තමන් අතරින් වැඩි පුර බලවත් කවුද කියන එක කොහොම උනත් ඒ අයගේ හිත ඇතුලේ තියනවා ඇති කියලා මට හිතෙන්නේ.

3. දැනට දැක්ක විදිහට නම් ඇටොම් ගේ (තාම නම් අයන් මෑන් කියලා හිතෙන්නේ) කිට් එක සෑහෙන වැඩ කෑලි තියන එකක්. ඉස්සරහට තව විස්තර අපිට බලාගන්න පුළුවන් වෙයි මෙයාගේ

4. අපිට ආපහු Suicide Squad එක දකින්න පුළුවන් උනා. අපිට මීට කලින් හම්බුනු ක්යුපිඩ් දැන් ඒකෙ සමාජිකාවක්. ඊට අමතරව අපේ පැරණි යාලුවා Deadshot ඉන්නවා. ඔයාලා Assault On Arkham ඇනිමේෂන් ෆිල්ම් එක බැලුවා නම් මතක ඇති හාර්ලි ක්වින් Deadshot ට පිස්සු වැටිලා හිටපු විදිහ. මෙතන දී කියූපිඩ් හාර්ලි ගේ චරිතය ට සමාන චරිතයක් කරන්නේ.

5. අපිට Deadshot ගේ අතීත කතාව දකින්න හම්බෙනවා. ඇත්තටම Deadshot කියන්නේ විලන් කෙනෙක් උණාට ගොඩක් අය එයාගේ ගති ගුණ වලට කැමතියි. ඒ Deadshot කියන චරිතයත් එක්ක බැදුණු එයාගේ දුව Zoe Lawton හින්දා. අපිට ඇරෝ කතා මාලාවේ මේ පසුබිම් කතාව දකින්න පුළුවන්. ඒ වගේම ඇරෝ කතා මාලාව ඇතුලේ Deadshot ගේ අතීත කතාව ගොඩ නගලා තියෙන්නේ “ඇමරිකන් ස්නයිපර්” කියන ෆිල්ම් එක ඇසුරෙන්. මොකද ගොඩක් සෙබළු පශ්චාත් යුධ මානසිකත්වයෙන් පෙළෙනවා. අපේ ලංකාව ඇතුලේ උනත් අපේම සහෝදරයෝ මේ තත්තවයට පත් වෙලා ඉන්නවා. ඇත්තටම කොමික් ස්ක්‍රිප්ට් පේජ් එකේ අපි හැමෝම මේක අවස්ථාවක් කර ගන්නවා ඒ අයගේ උදාර මෙහෙය සිහිකරන්න

6. Deadshot හිරේ ඉන්න කොට එයාව නිදහස් කර ගන්න එන කාන්තාව අයිති වෙන්නේ H.I.V.E. කියන සංවිධානයට. ඇරෝ කතාවට New Earth සහ Prime Earth (New 52) කියන යුනිවර්ස් දෙකෙන්ම ථොරථූ ගන්න හින්දා අපිට කියන්න බෑ හරියටම The Hierarchy of International Vengeance and Eliminations එක ද නැතිනම් Holistic Integration for Viral Equality එකද මේ කියන්නේ කියලා. ඒත් මගේ නම් අදහස මේ ගොඩක් වේලාවට නිව් අර්ත් එකේ H.I.V.E. ගැන කියන්නේ කියලා. මොකද අපේ පරණ යාලුවෙක් වෙන Deathstroke සම්බන්ධ වෙලා ඉන්න H.I.V.E. එකක් ගැන සඳහන් කරන්නේ නිව් අර්ත් එකේ දී හින්දා.

7. Joseph Cray කියන්නේ Suicide Squad කොමික් සිරිස් එකේ හිටපු පොඩි චරිතයක්.

අපිට අද කතාවේ දැක ගන්න පුළුවන් උන දේවල් ගෙන් වැදගත් කරුණු විදිහට අපිට හඳුනාගන්න පුලුවන් මේ කාරනා ටික තමයි. හැබයි ඇරෝ කතා මාලාව අපිට ප්‍රශ්න කිහිපයක්ම ඉතුරු කරලා යන්නේ.

A. ඩිගල්ස් ටීම් ඇරෝ වලින් සමු ගන්නවා කිව්වා. මේ හදන්නේ කොමික් වල තියන චරිත විතරක් තියාගෙන ටීම් ඇරෝ එකේ අනිත් සමාජිකයෝ ඉවත් කරන්නද?
B. Deadshot ඇත්තටම මිය ගියාද? dc යුනිවර්ස් එකේ Suicide Squad එක තියන ෆිල්ම් එකක් එන හින්දා මේ Suicide Squad එක විසුරුවලා දැම්මද? (Deadshot නැතිව Suicide Squad එකක් නෑ)
C. H.I.V.E. එක ඩිගල්ස් ගේ සහෝදරයාගේ මරණය හා සම්බන්ධ වෙන්නේ කොහොමද?
D. කතාවේ අවසානයට මෙසයෝ ඉලක්කෙට ගන්නේ ෆෙලිසිටි. ඇත්තටම ඒක ෆෙලිසිටි ට වදිනවා ද?

මේ කාරණා ගැන ඔයලාගේ අදහස මොකක්ද? ලබන සතියේ කතාව එනකල් අපිට පුළුවන් මේ ගැන කතා කරන්න
#Attila_THE_hun


Comic Script ලිපිය

Thursday, March 26, 2015

The Flash Season 1 Episode 16

The Flash Episode 16 - Rogue time

#Spoiler_Warning


 



මුලින්ම කියන්න ඕන මේ ලිපිය ලියන්න පරක්කු උනාට සමාවෙන්න කියලා. වැඩ ගොඩක් තිබුන ඒකයි පරක්කු උනේ. මේ episode එක කලින් episode එකේ දෙවැනි කොටස කියලා කියන්න පුලුවන්. කොහොමහරි barry කලින් episode එකේ අන්තිමේදි කාලය හරහා යනවනෙ ගිහින් wellsගෙ අනතුරු ඇගීම් ගනන් ගන්නෙ නැතුව timeline එකත් එක්ක සෙල්ලන් කරනවනෙ, මේක නිසා තමයි කලින් episode මේ episode එකත් එක්ක වෙනස් වෙන්නෙ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කලින් තිබුන timeline එකට මොකද උනේ කියලා. මේක ගැන අදහස් ගොඩක් තියෙනවා. එකක් තමයි Barry කාලය හරහා ගියාම එයයි ඒ timeline එකේ barryයි එකට එකතු උනා කියන එක. එහෙමත් නැත්තන් barryගෙ මතකයන් කලින් timeline එකේ barryට ලැබුන කියන එක. ඒත් මෙතනින් හොදම අදහස තමයි කලින් තිබුන timeline එකෙන් වෙන සමාන්තර ලෝකයක් නිර්මාණය උනා කියන එක. එහෙමත් නැත්තන් ඒ timeline එක පැවැත්මෙන් මැකිලා ගියා කියල හිතන්නත් පුලුවන්. කොහොමහරි ඒ timeline එක වෙන සමාන්තර ලෝකෙකට පරිවර්තනය උනානම් පල්ලෙහා තියෙන Flash vs Flash ( මේ පින්තූරය මේ episode එකක් නෙවේ) පින්තූරය ගොඩක් දුරට පැහැදිලි කරන්න පුලුවන්. කොහොමහරි මේ episode එකේ අපිට Lisa Snart aka Golden Gliderව මුණගැහුනා. කොහොමහරි Comic වල lisa තුවක්කුවක් පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි new 52 universe එකේනන් lisa metahuman powers තියෙනව. මන් හිතන්නෙ නෑ දැම්ම lisapowers හම්බෙයි කියලා. මන් වැඩිය lisa ගැන කතා කරන්න යන්නෙ නෑ මොකද දැනටමත් lisa ගැන වෙනම ලිපියක් ලියලා ඉවර නිසා. කොහොමහරි peyton list තමයි lisaට රගපාන්නෙ. සමහර විට ඔයගොල්ලොන්ට මතක ඇති මෙයාව tomorrow people show එකෙන්, ඒවගේම Robbie amell firestormට රගපාන කෙනත් tomorrow people එකෙන් ආපු කෙනෙක්. ගොඩක් අය බලාපොරොත්තු වෙන දෙයක් තමයි robbie සහ peytonව එකම episode එකේ දකින එක. Prison break එකේ වගේම දැන් flarrow universe එකේ tomorrow people එකේ අයත් ඉන්නවා, කොහොමද ඒක හාහ්. ආ ඔව් Flarrow universe කිව්වෙ flash /arrow universe එක ගැන.
Captain cold,
මේක තමයි මගෙ කැමතිම cold episode එක. " ඔයා ඔය කියන තරන් හොදනන්, ඔයාට ඕන දේ ගන්න කාවවත් මරන්න ඕනෙ නෑ " Coldගෙ නීතියක් තමයි එයාට ඕන දේ ගන්න කාවවත් මරන්නෙ නැති එක අමාරුම අවස්තාවක ඇරෙන්නෙ. " Rogues gallery " මේක පොඩි easter egg එකක් supervillain team එකක් වෙන The roguesලට. දැනට මේ team එකෙ ගොඩක් අය ඉන්න show එකේ උදා Captain cold (leader ) , captain boomerang, golden glider, heat wave, pied piper, weather wizard සහ trickster ( ඊලග episode එකෙදි මෙයාව දකින්න පුලුවන්). දැනට original team එකෙන් අඩු Mirror master, abra kadabra සහ the top.
Wells cisco
ව මැරුන තැනටම එක්කන් ආවෙ වැරදීමකින්ද නැත්තන් හිතාමතාමද කියල හරියටම කියන්න බෑ. ඒවගේම ciscoව මරපු වෙලේ කිව්ව දේම මෙතනදි ciscoට කිව්වෙ වැරදීමකින්ද හිතාමතාමද කියල හරියට කියන්න බෑ. හැබැයි අමතක කරන්න එපා wells කලින් timeline එකෙ උන සමහර දේවල් දන්නව.
Flash
ට ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඒ අතරින් ඇග vibrate කිරීමෙන් වස්තූන් හරහා ගමන් කිරීමත් එකක්. තාම flash show එකේ flashට බෑ මේ දේ කරන්න. හැබැයි ලගදිම ඉගෙනගනියි. හැමතිස්සෙම මේක ගැන හිතනකොට මට මතක් වෙන්නෙ Flash හෙන වේගෙන් දුවන් ගිහින් බිත්තියේ හැප්පෙන්න ගිහින් බිත්තිය ඇතුලෙන් එලියට එන එක. මේවගේ දෙයක් show එකේ පෙන්නුවොත් පට්ටෙට තියෙයි.
දැන් barry දන්නවනෙ wells කියන්නෙ කවුද කියලා ඒත් barry wells ගැන හැම දෙයක්ම දන්නෙ නෑ. ඒක නිසා cisco වෙනුවට දැන් barry තමයි wells ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නෙ. ඒත් ලොකුම Wtf සිද්දිය තමයි barry කියද්දි එයාට දැන් පුලුවන් කියලා කාලය හරහා ආපස්සට ගිහින් එයාගෙ අම්මව බේරගන්න wells කියනව " ඔයාගෙ අම්ම ජීවත් වෙනවනන් තව මිනිස්සු කීයක් මැරෙනවද barry එයාගෙ අම්මව බේරගත්ත නිසා. ඒත් මට තියෙන එකම අවුල flashpoint timeline එකේදි විතරයි eobard thawneflash මරන්න පුලුවන් අවස්ථාවක් ලැබෙන්නේ එයාගෙ powers තියාගෙන. මන් කිව්වෙ සාමාන්‍ය timeline එකේදි flashව මැරුවනම් ඒකෙ තේරුම තමයි thawne කවදාවත් reverse flash වෙන්නෙ නෑ කියන එක. ඉතින් ඇයි wells barryට අගවන්නෙ එයාගෙ අම්මව බේරගන්න එක එච්චර හොද අදහසක් නෙවේ කියන එක. සමහර විට wellsට ඕන එයාගෙ කාලයට යන්න විතරයි වෙන්න ඇති, සමහර විට එයා හොදම වෙලාව එනකන් ඉන්නව ඇති flashව මරන්න. දැන් barry wells ගැන දන්න එකේ කොහොමටත් barry wells කියන දේ අහයි කියල හිතන්න බෑ.
#Kyle_Rayner
Comic Script ලිපිය


Wednesday, March 25, 2015

Avatar Articles No:06

Avatar Articles No:06

Earthbending- භූමිබන්ධනය
අද අපි කතා කරන්න යන්නේ ඇවටර් චක්‍රයේ සිව්වන මූලධාතුව වන භූමිධාතුව ගැනයි.
භූමිබන්ධනය යනු භූමි වංශික ජනතාව විසින් භාවිත කරන භූමි ධාතු පාලනය කිරීමේ කලාවයි.මෙහිදී භූමියේ සියලු ස්වරූප බන්ධනය කිරීම සිදුවේ.සිංහ ඉදිබුවන්ගෙන් බන්ධක හැකියාව ලබා ගත් ඔමා සහ ෂූ පළමු භූමි බන්ධක මනුෂ්‍යයන් වූහ.පළමු භූමි බන්ධකයන් වූ බැජර් මීයන්ගෙන් (Badgermoles) (1 රූපය) තම බන්ධක කලාව ප්‍රගුණ කල ඔවුහු විරසක වූ ගෝත්‍ර 2ක් අතර සාමය ඇති කරමින් ඔමාෂු නගරය ගොඩනංවා ඇත.භූමිය වනාහී සාරයේ මූල ධාතුවයි.(the element of substance). ජලබන්ධකයන් සේම භූමිබන්ධකයන්ද තමා සිටින පරිසරය අනුව විශාල වශයෙන් පාඩුවක් හෝ වාසියක් ලබති.නමුත් භූමිබන්ධකයන්ට එය ජලබන්ධකයනට තරම් ප්‍රභල ලෙස බල පාන්නේ නැත. භූමි බන්ධකයන්ගේ බන්ධක හැකියාව ඉතා පුළුල් පරාසයක විහිදී ඇත.වැලි කැටයේ සිට ලාවා දක්වා වැනි විශාල පරාසයක භූමි ධාතු පාලනය කිරීමේ හැකියාවක් භූමිබන්ධකයන්ට ඇත. භූමි ධාතුවේ විරුද්ධ මූල ධාතුව වන්නේ වායුවයි.භූමි බන්ධකයන්ගේ ඍතුව වසන්ත ඍතුවයි.(spring)
                           
භූමිබන්ධනයේ යතුර හෙවත් භූමිබන්ධනය කල යුත්තේ උදාසීන ජින් ආකාරයටයි.(neutral jing) ආකාරයටයි.ඒ කෙසේද යත් හොදින් සතුරා නිරීක්ෂණය කරමින්,කිසිවක් නොකර,පහරදීමට නිසි වෙලාව පැමිණෙන තුරු බලා සිට පහර දීමයි. ඔවුන්ගේ මූල ධාතුවේ නිශ්චල ස්වභාවයේ ආකාරයටම අනෙක් බන්ධකයන් මෙන් භූමි බන්ධකයන් පැමිණෙන ප්‍රහාර මග නොහරිති.ඔවුන් ඒවාට ඍජුවම මුහුණ දෙති.
භූමියේ හා භූමිබන්ධනයේ සංකේතය වන්නේ උස සමද්වීපාද ස්ථම්භාකාර සලකුණකි.එතුල ඇතුලට නැමුණු රේඛා 2ක් හා වාමාවර්ත සර්පිලයක් ඇත.මෙහි අදහස වන්නේ භූමිබන්ධකයන්ගේ දෘඩ බව හා ස්ථායිතාවයයි. (2 රූපය)
# භූමිබන්ධක හැකියා (Earthbending abilities)
1. Earth and stone levitation: මෙහිදී ගල්,පස් කුට්ටි ඔසවා පහර දීමට හැක.බන්ධකයාගේ බලවත්කම අනුව එසවිය හැකි ප්‍රමාණ වෙනස් වේ.
2. Earth block: මෙහිදී එල්ල වන ප්‍රහාර භූමියෙන් ගල් ඔසවා එමගින් වැළක්විය හැක.
3. Earth column: මෙහිදී භූමියෙන් අධික වේගයෙන් භූමි ස්ථම්භ මතු කිරීම සිදු වේ.එමගින් ඉහල ඇති ඉලක්ක වලට පහර දීම,යම් යම් ද්‍රව්‍ය විදීමට (shoot) උපකාරකයක් ලෙස ආදියට උපයෝගී කරගත හැක.
4. Earth compression: මෙහිදී භූමිබන්ධකයන්ට ගල්කබලි ආදි භූමි ධාතු එකතු කර ඝනත්වයෙන් හා බරෙන් වැඩි විශාල ගල් බෝල ආදිය සෑදිය හැක.මෙම ක්‍රමය තරමක් අමාරු ශිල්පක්රමයක් බැවින් මේ සඳහා භූමිබන්ධකයන් දෙදෙනෙකුවත් අවශ්‍යය.
5. Earth gauntlet: earth armor තරම් ප්‍රභල නැති මේ ශිල්පක්රමයෙදී අත් වටා පමණක් අත් වැස්මක් ආකාරයට ගල් ආවරණයක් ඇති කර ගනී.මෙහිදී ශරීරයේ ඉතුරු කොටස පමණක් පෙර පරිදිම නම්‍යශීලීව පවතින අතර අත් පමණක් සටන් කිරීමට යොදා ගනී.තමන් දෙසට එන ගල් වැනි ප්‍රහාර ආපසු තල්ලු කිරීමට මෙය යොදා ගනියි. (3 රූපය)
6. Earth mannequin: මෙහිදී මිනිස් සිරුරු වලට සමාන ලෙස ගල් වලින් සිරුරු අඹනු ලැබේ.එවිට භූමිබන්ධකයෙකුට ඒවා මිනිස් චලන දක්වන ආකාරයට බන්ධනය කල හැකි වේ.ටොෆ් අග්නි අධිපති ලෙස රගපාමින් ඇවටර් කණ්ඩායම සමග පුහුණු අභ්‍යාසයක යදෙන විට අග්නි අධිපතිගේ ආරක්ෂකයන් ලෙස ඇය මෙසේ mannequins ඇතිකර අභ්‍යාසයේ යෙදුනාය.
7. Earth launch: මෙහිදී භූමියෙන් පැතලි භූමි කොටස් එකවරම එසවීම මගින් විවිධ ද්‍රව්‍ය අහසට දියත් කල හැක.මෙමගින් ඉතා අධික ප්‍රවේගයක් ගොඩනගාගෙන ඉතා ඉහල උස පිමි පැනිය හැක.බෝලින් භූමි රැජිනගෙන් පලායද්දී මෙම ක්‍රමය අනුගමනය කළේය.
8. Earth line: භූමි බන්ධකයන්ට භූමියේ විභේදන ඇති කල හැක.භූමියේ පැළුම් ඇති කිරීම මගින් සතුරන්ගෙන් ආරක්ෂා විය හැක.
9. Earth material manipulation භූමි බන්ධනය පස් හා ගල් වලට පමණක් සීමා වී නැත.භූමි බන්ධකයන්ට ඕනෑම භූමි ධාතුවක් හැසිරවිය හැක.උදාහරණ ලෙස ගල් අගුරු,මැණික්,පලිගු, ආදියත් උල්කාෂ්ම හා ජෙනමයිට් ආදියත් ගත හැක.
10. Earth shelter: භූමි බන්ධකයන්ට හදිසි අවස්ථා වලදී ඉතා පහසුවෙන් කූඩාරම් ආදිය ඇති කර ගත හැක.
11. Earth sinking: මෙහිදී භූමිබන්ධකයෙකුට තම සතුරාව පොළවෙහි ගිලා බැස්විය හැක.එමගින් සතුරා ව සිරකර තැබීමටද හැක.
12. Earth smash: ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවත් ඕනෑම භූමි බන්ධකයෙකුට ගල්,පස් කුට්ටි ආදිය අත්,පා පහරවල් ආදියෙන් පහසුවෙන් කඩා බිද දැමිය හැක.තම සතුරාද භූමිබන්ධකයෙකු නම් තමාට එල්ල වන ප්‍රහාර වලක්වා ගැනීමටද මෙම ක්‍රමය උපයෝගී කරගත හැක.
13. Earth wall: භූමි බන්ධකයන්ට තාප්ප ආදිය පහසුවෙන් නිර්මාණය කල හැක.ආරක්ෂාවට,පහර දීමට මෙන්ම ගොඩනැගීම් කටයුතු සඳහාද මෙම ක්‍රමය භාවිත කල හැක.
14. Earthquakes/fissures: භූමි බන්ධකයන්ට භූමියට පයින්,අතින් මෙන්ම මිටි වලින් ආදියෙන් පහර දීමෙන් සුළු සුළු භූමිකම්පා,භූමියේ පැලුම් ආදිය ඇති කිරීමට මෙන්ම එමගින් සතුරාගේ සමබරතාව නැති කිරීමටද හැක.තවද බන්ධනය කරනු ලබන ගල්කින්ද බිමට පහර දීමෙන් මේවා ඇති කල හැක.
15. Quicksand: භූමිබන්ධකයන්ට පස් ගල් ආදිය සිනිදු වැලි බවට පත් කල හැක.උසකින් වැටේ නම් ආරක්ෂාව සඳහා මෙම ක්‍රමය වඩා උචිතය.වැලිබන්ධකයන්ට මෙහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාව සිදු කල හැක.එනම් වැලි ඝන කර පස්,ගල් ආදිය බවට පත් කල හැක.
16. Rock hanging: භූමිබන්ධකයෙකු භූමිධාතුවක් පැළඳ සිටින්නේ නම් එමගින් ඔහුට වෙනත් ශිලාමය පෘෂ්ටයකට සම්බන්ධ වී සිටිය හැක.ඩයි ලී නියෝජිතවරු ඔවුන්ගේ ගල් අත්වැසුම් භාවිතයෙන් මෙසේ සිරස් පෘෂ්ට වල රැදී සිටිති.
17. Rock shield: භූමිබන්ධනය කර ඔසවා ගත් ගලක් බන්ධකයා ඉදිරිපිට ස්ථානගත කොට එමගින් ආරක්ෂක පලිහක් ලෙස එල්ල වන ප්‍රහාර වලින් බේරිය හැක.
18. Rock slide: මෙහිදී (අර ලිස්සන බෝට්ටු වගේ) ශයිලමය තල ඇති කල හැක.එමගින් පහසුවෙන් උස ස්ථානයක සිට පහලට ලෙස්සා ආ හැක.
19. Slab shackles: නිවැරදිව කාලගණනය කොට සතුරාව නිශ්චලව (බැඳ) තැබීමට මෙම ක්‍රමය භාවිත කල හැක.ඈන්ග් ඕසායි ගේ බන්ධක හැකියාව ඉවත් කිරීමට පෙර ඔහුව ග්‍රහණය කරගත්තේ මේ අයුරිනි.
20. Water filtering: මෙහිදී භූමි බන්ධකයන්ට මඩ වතුර ආදියෙන් මඩ ඉවත් කොට ඒවා පිරිසිදු වතුර බවට පත් කරගත හැක.
# කෙලපැමිණි භූමිබන්ධක හැකියා (Master level Earthbending)
1. Dust cloud: ටොෆ් ට අනුව භූමිය ඉදිරියට හා පසුපසට සෙලවීමෙන් විවිධ ප්‍රමාණයේ දූවිලි වලාකුළු ඇති කල හැක.
2. Earth armor: නිපුන භූමිබන්ධකයන්ට තමන් වෙතට භූමිධාතු ගෙන්වා එමගින් සන්නාහයක් වැනි ආරක්ෂක ආවරණයක් භූමි ධාතුවලින් නිර්මාණය කරගත හැක.මේ ආකාරයට ඈන්ග් උමන්සොහොන් වලදී අසූලාට එරෙහිව පළිගුමය ආවරණයක් සාදා ගත්තේය.
3. Earth bomb: සතුරා සිටින භූමිය වෙතට විශාල ගල් ප්‍රහාර යොමු කිරීමෙන් භූමි බන්ධකයෙකුට එම සතුරා සිටින භූමිය පුපුරවා හැරිය හැක.එමගින් ඉතා විශාල හානි සිදුකල හැක.
4. Earth tunneling: මෙහිදී භූමිය තුලින් උමන් මාර්ග ඇති කිරීම සිදු වේ.මෙය පහසු ක්‍රියාවක් වුවද අදක්ෂයෙකුට මෙය කල නොහැක.මක්නිසාදයත් සුළු අවධානය වෙනතකට යොමුවීමකින්ම උමග තමන්ගේ හිසට කඩා වැටීමට ඉඩ ඇති හෙයිනි.
5. Earth wave: මෙහිදී භූමි තරංග ඇති කිරීම සිදු වේ.මෙම භූමි තරංග මගින් නිපුන භූමි බන්ධකයෙකුට ගොඩනැගිලි කඩා දැමීමට හා වේගයෙන් සංචරණය කිරීමට හැක.ටොෆ් බොහෝ විට මෙම ක්‍රමය යොදා ගනී. (4 රූපය)
6. Magnetization: නිපුන භූමි බන්ධකයන්ට ඕනෑම ආකාරයක භූමි ධාතුවක් තමන් වෙතට ඇද ගැනීමට හැක.ඩයි ලී නියෝජිතවරු මෙම ක්‍රමය ඉතා තියුණු ලෙස ප්‍රගුණ කර ඇත.එමගින් ඔවුන්ට තම අත්වැසුම් සඳහා කුමන අවස්තාවක වුවත් තමන් වෙත භූමි ධාතු ලඟා කර ගත හැක.
7. Remote earthbending: අති දක්ෂ භූමි බන්ධකයෙකු භූමියෙන් ඉවත් කර තිබියදී,ඔහුට ඈත භූමි ධාතු ඇති බව විශ්වාසයක් පමණක් තිබුනත්,එම භූමිබන්ධකයාට තම ශක්තීන් පිළිබද අවදානය යොමු කිරීම තුලින් ඈත ඇති භූමි ධාතු තමන් වෙත ලඟා කරගත හැක.මේ ආකාරයට 'බූමි', සූර්යග්‍රහණය අවස්ථාවේදී තමන් සිරකර තිබූ යකඩ පෙට්ටියෙන් ගැලවීමට පහල ඇති නිවසක උළු තමන් වෙත ගෙන්වා ගත්තේය.
# ඇවටර් මට්ටමේ භූමිබන්ධක හැකියා (Avatar Level Earthbending)
1. Compressed rock bullets: මෙහිදී ඇවටර් සමාධිය භාවිතයෙන් විශාල ගල් කැබලි කුඩා වෙඩි උණ්ඩ මෙන් හකුලා පහර දීම සිදු වේ.එවිට ඒවා විදින ප්‍රභලතාව මෙන්ම සිදුවන හානියද වැඩිවේ.ඈන්ග් මෙය ඕසායි සමග අවසන් සටනේදී පමණක් භාවිත කොට ඇත.
2. Enhanced earth armor: මෙහිදී අති විශාල mannequin එකක් සාදා (යොදයෙක් වගේ) එය බන්ධනය කරමින් සටන් කිරීම සිදුවේ.ඈන්ග් ඇවටර් සමාධිය භාවිත කොට ජෙනරල් ඕල්ඩ් අයන් නමැති යෝධ ආත්මය සමග සටනේදී මෙම ශිල්පක්‍රමය භාවිත කළේය. (5 රූපය)
3. Enhanced earth levitation: මෙහිදී ඇවටර් සමාධිය භාවිතයෙන් ඉතා විශාල කඳු වැනි භූමි ප්‍රදේශ එකවර එසවිය හැක.කෝරා සහීර් සමග සටනේදී මෙසේ කන්දක් ඔසවා පහරදී සහීර්ව තලා දැමීමට උත්සහ කලාය.
4. Powered compression: මෙය ඈන්ග් විසින් පමණක් සිදු කර ඇත.ඔහු ඔසායි සමග සටනේදී තමා වටා ඇති විශාල ගල්කුට්ටි කඩා ඒවා කුඩා ගල් කැබලි බවට පත් කර ඒවා තම මූලධාතු චක්‍රයට (Elemental Sphere) එක්කරගත්තේය.(අර විශාල ගල් කුට්ටි වලින් බිදක් වත් අපතේ නොයවා)මෙය එකතරා ආකාරයක සම්පීඩනය කිරීමක් වැනිය.
5. Tectonics: මෙහිදී අති විශාල භූමි භාගයන් පවතින ස්ථාන වලින් වෙනස් කිරීම සිදු වේ.ඇවටර් කියෝෂි තම අර්ධද්වීපය ප්‍රධාන භූමියෙන් වෙන්කර ගැනීමට මෙම ක්‍රමය භාවිත කල අතර ඇවටර් ඈන්ග් යූ ඩාඕ නගරය එය පවතින භූමියෙන් වෙන්කිරීමටද මෙම ක්‍රමය භාවිත කළේය.
# විශේෂ ශිල්පක්‍රම (Special techniques)
1. Mudbending: භූමිබන්ධකයන්ට භූමි කොටස් දියවී ඇති ජලය බන්ධනය කල හැක.එය මඩබන්ධනය නම් වේ.
2. Rock gloves: ඩයි ලී ඒජන්තවරු ගල් අත්වැසුම් කලාව ප්‍රගුණ කර ඇත.earth gauntlet ක්‍රමයට සමාන වුවද මෙහිදී යොදා ගන්නේ තුනී ගල් වේ.එමගින් සතුරාට වෙඩි උණ්ඩ මෙන් පහර දීම,දුර ඇති වස්තු ග්‍රහණය කර ගැනීමට මෙන්ම සිරස් බිත්ති නැගීමට උපකාරකයක් ලෙසද භාවිත කල හැක.මෙහි වැදගත්ම වාසිය වනුයේ පහර දුන් පසු නැවත එය තම අතට ලඟා කරවා ගැනීමට හැකි වීමයි.
3. Rock shoes: මෙම ගල් සපත්තුත් ඩයි ලී ඒජන්තවරු භාවිත කරති.එමගින් ඔවුන්ට බිත්ති තරණය ට මෙන්ම අධික වේගයෙන් භූමිය දිගේ ලිස්සා යාමටද හැකියාව ලැබේ.
4. Sandbending: සි වොන් කතරේ වෙසෙන ජනතාව පරිසරයට අනුවර්තනය වීමක් ලෙස මෙම කලාව සොයාගෙන ඇත.මෙහිදී වැලිබන්ධනය කරනු ලබයි.මෙය කාන්තාර වාසී ජනතාව තම එදිනෙදා ජීවිතයට ආදේශ කරගෙන ඇත.ඔවුන් සංචාරය කෙරෙන වැලි පහුරු වලටද ඉදිරියට යාමට ඔවුන් බලය සපයන්නේ කුඩා වැලි කුනාටු ඇති කර එමගින් නිකුත් වන සුලගිනි.වලිබන්ධනය භූමිබන්ධනයට වඩා පහසුය.මක්නිසාදයත් වැලි ගල් හෝ පස් තරම් දෘඩ නොවන හෙයිනි.
# උපබන්ධන හැකියා (Sub-Skills)
1. Lavabending: ලාවා යනු ද්‍රවමය භූමි ධාතුයි.මෙය බොහෝ විට සිදුකර ඇත්තේ ඇවටර් සමාධියේ පරතෙරට ගිය අතිදක්ෂ ඇවටර් වරු විසිනුයි.ඔවුන් මෙය සිදු කර ඇත්තේ මිශ්‍රිත බන්ධන කලාවක් ලෙසයි.ඇවටර් යැන්ග් චෙන්ට පෙර සිටි අග්නිබන්ධක ඇවටර්වරයා ඇවටර් සමාධිය්දී එකවර ගිනිකදු 4 ක ලාවා බන්ධනය කර ඇත.ඉන්පසු ඇවටර් කියෝෂි තම අර්ධද්වීපය ප්‍රධාන භූමියෙන් වෙන්කර ගැනීමට තම අර්ධද්වීපයේ යට කොටස ලාවා බවට හරවා වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇත.ඉන්පසු රෝකු තම දූපතේ ගිනි කන්ද පුපුරන විට ලාවාබන්ධනය කර ඇත.ගසාන් හා බෝලින් ඇවටර්වරු නොවන එකම ලාවා බන්ධකයන් වේ.ඔවුන්ට ලාවාබන්ධන හැකියාව ඇති නිසා මෙය මිශ්‍රිත බන්ධන කලාවක් නොව භූමිබන්ධනයේම උපබන්ධන හැකියාවක් බව පැහැදිලි වේ.මෙම ලාවාබන්ධකයන්ට ඕනෑම භූමි ධාතුවක් ලාවා බවට පත් කල හැකි අතර ලාවා ඝන තත්ත්වයටද පත් කල හැක.සියලු බන්ධක කළා අතුරින් අමාරුම බන්ධන කලාව වන්නේද මෙයයි.
2. Metalbending: ලෝහ බන්ධනය යනු උදක්ම ලෝහ තුල ඇති භූමි ධාතු බන්ධනය කිරීමක් වේ.මෙය ප්‍රගුණ කල විට මෙය කොටින්ම භූමි බන්ධනය මෙන්ම පහසු කාර්යකි.මෙය පළමු වරට සොයා ගන්න ලද්දේ පුරාවෘත්තගත භූමිබන්ධක ටොෆ් බේෆෝන්ග් විසිනි.කම්පන සංවේදනය තුලින් ඇයට ලෝහ තුල වූ භූමි ධාතු පෙනුණු විට ඇයට ලොහබන්ධනය සිදුකල හැකි විය.මෙහිදී සුපිරිසිදු ලෝහ බන්ධනය කල නොහැකි අතර ප්ලැටිනම් වැනි ලෝහ කෙසේවත් බන්ධනය කල නොහැක.සියලුම භූමි බන්ධකයන්ට ලෝහ බන්ධනය සිදු කල නොහැකි අතර මෙය සිදුකල හැක්කේ භූමි බන්ධකයන් 100 කින් එකෙකුට යැයි විශ්වාස කෙරේ.මෙය ටොෆ් විසින් පසුව ලොව පුරා ප්‍රචාරය කෙරුණු අතර පසුව ලෝහ බන්ධකයන්ට සවු ෆු නමින් වෙනම ජනපදයක්ද ඇති කෙරුණි.
3. Seismic sense: කම්පන සංවේදනය යනු භූමියේ ඇති වන කම්පන භූමි බන්ධනය මගින් ග්‍රහණය කර ගැනීමයි.පළමු භූමි බන්ධකයන් වූ බැජර් මීයන්ද අන්ධ සත්ව කොට්ටාශයක් වූ බැවින් ඔවුන් පරිසරය දුටුවේ භූමි බන්ධනය මගින් කම්පන සන්වෙදනයෙනි.මෙහිදී සිදුවන්නේ පරිසරයේ කම්පන සංවේදනය කොට එමගින් මානසික පින්තූරයක් ඇති කර ගැනීමයි.මෙමගින් අංශක 360 කම දෘශ්‍ය පරාසයක් ලැබේ.මෙය කිරීමට නම් සම ඍජුවම භූමිබන්ධනයෙන් බන්ධනය කල හැකි පෘෂ්ටයක් මත ගෑවී තිබිය යුතුය.ටොෆ් අන්ධ අයෙකු වූ නිසා මෙම දුර්වලතාවය ඇයව ලොව දක්ෂතම භූමි බන්ධකයා බවට පත් වීමට හේතු විය.මනිසාදයත් ඇය සියලු දෙය කල යුත්තේ භූමි බන්ධනය මත රඳා පැවතීමෙනි.ටොෆ් ද මෙය ඉගෙන ගෙන ඇත්තේ බැජර් මීයන්ගෙනි.ඈන්ග් මෙන්ම ටොෆ්ගේ දියණියන් වන ලින් හා සූයින් ද ටොෆ් ගෙන් මෙම හැකියාව ලබාගත්හ.මෙමගින් භූමියේ කම්පන පමණක් නොව භූමිය මත ස්පර්ශවී ඇති ඕනෑම දෙයක කම්පන සංවේදනය කලහැක.(උදා-පුද්ගලයෙකුගේ හද ගැස්ම)මෙමගින් පියවි ඇසට නොපෙනෙන දෘෂ්ටි කොන ද නිරීක්ෂණය කල හැක.මෙය එක්තරා ආකාරයක සෝනාර් හෝ රේඩාර් දෘෂ්ටියකට සමානය.
# දුර්වලතා (Weaknesses)
1. Metal and wood: ලෝහ බන්ධනය කල නොහැකි භූමි බන්ධකයන්ව ලෝහ කූඩු වල දමා සිරකර තැබිය හැක.නමුත් ලී කූඩුවල සෑම වර්ගයකම භූමි බන්ධකයන් සිරකර තැබිය හැක.
2. Reliance on the lower body: බොහෝ විට භූමි බන්ධනය කෙරෙනුයේ පාද වලිනි.පාද වල සිදුවන චි මධ්‍යස්ථාන අවහිරයකදීද භූමි බන්ධකයන්ගේ හැකියාව නැතිවී හෝ අඩුවී යයි.
Michael Dante DiMartino, Bryan Konietzko යන ඇවටර් විශ්වයේ නිර්මාතෘ වරු දෙදෙනා භූමිබන්ධක සටන් ක්‍රම (රුපය 5) නිර්මාණය කර ඇත්තේ පහත සටන් ක්‍රම ඇසුරිනුයි. (6 රූපය)
The Hung Gar style of kung fu is the main influence for earthbending; they both feature "heavily rooted stances and strong kicks and punches that evoke the mass and power of earth." Hung Gar itself parallels animal movements such as the tiger's hard blows and the crane's affinity to landing gracefully on the Earth.There are exceptions to this rule — Toph, the blind earthbender's style, is based on Southern Praying Mantis, a precise stepping skill which Toph uses to maintain constant contact with the ground and "see".
The concept of neutral jing is also closely related to the philosophy of "sticky hands", a practice common to some southern Chinese martial arts such as Chu Gar Southern Praying Mantis and Wing Chun. The purpose of sticky hands is to enable the practitioner to predict their opponent's next move. Similar to Toph detecting the movements of others through her connection with earth, a practitioner learns to detect their opponent's upcoming move by maintaining constant contact between their own arm and their foe's arm (may also be between their hands or wrists). By practicing with a partner in this manner, a practitioner will learn to "read" the slight movements of their opponent's arms to detect their next attack and subsequently move accordingly to either strike before the attack is made or move in the same direction with the attack and effectively neutralize it. Concepts such as listening, reacting, balancing attacks and defense, and drawing power from a stable lower body are often referred to in the practice of sticky hands, again, closely relating to many primary concepts in earthbending.
අම්මෝ මෙච්චර කල් බෙන්ඩින් ගැන ලිපි ටිකක් දැම්ම..................දැන් ඔහෙල ටික ආසම ඉලෙමන්ට් ටිකයි,හේතුවයි,ආසම බෙන්ඩර්ස් ල ටිකයි ආසම ඇවටර් රුයි කොටලා යන්න පොඩි සංගණනයක් කරන්න.
අදහස්,උදහස්,ගල්මුල් කොටල ගියානම් හොදයි..........

<Guy Buddhima>

Comic Script ලිපිය
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates