LATEST :

Monday, January 26, 2015

Thor - Part 01

The God of Thunder

අපේ කලින් ලිපියේ Loki ගැන ගෙනාව නිසා අද Thor ගැන විස්තරයක් ගෙන එන්නට අපි තීරණය කළා. මුලින්ම කියන්න ඕනේ Thor කියන චරිතය Marvel Comics වල මුල් බැසගත් ඉතාම වැදගත් වගේම ලොකු විස්තරයක් සහිත චරිතයක්. ඒ නිසා කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා අපි කොටස් කිහිපයක් ලෙසින් Thor ගැන විස්තර ගෙන එන්නට සූදානම්. අද අපි තෝර්ගේ සම්භවය සහ යොවුන් විය සම්බන්ධව කතා කරමු.

Thor කියන්නේ Asgard වල කෙනෙක්. ඇස්ගාඩියන්වරුන්ට උපතින්ම බලයන් හිමියි. Thorගේ පියා තමයි අපි හැමෝම දන්න Odin. Odin තමයි මුළු Asgard වලම පාලකයා. තෝර්ගේ මව විශ්වයේ Elder God කෙනෙක් වෙලා හිටපු Jord නොහොත් Gaea දෙවඟනයි. නමුත් Thorගේ මව ලෙස ඔහුව හදාවඩා ගන්නේ Odinගේ තවත් බිරිඳක් වන Frigga දෙවඟන විසිනුයි. Odin විසින් තම පුතුගේ බලය Asgard වලදී සහ Midgard වලදී යන දෙකේදීම ලබාදිය යුතුය යන තීරණයකට එළඹ සිටිනවා. ඇස්ගාඩියන්වරු Midgard ලෙස ආමන්ත්‍රණය කරන්නේ පෘථිවියටයි. එම නිසා Jord විසින් Midgard වල Norwayහි කඳුකර පෙදෙසකදී ළදරු Thorව බිහි කරනවා. පසුව Thorව යළි රැගෙන එනු ලබන Odin ඔහුව හදාවඩාගැනීම Friggaට භාර කරනවා. Thor චිත්‍රපටයේදීද අපිට Thorගේ මව වශයෙන් දැකගත හැකිවන්නේ Frigga දෙවඟනයි. නමුත් දදක ගණනාවකට පසුව Thor ඔහුගේ සැබෑ මව පිළිබඳව තොරතුරු දැනගන්නා බවයි Earth 616 series එක අවසානයේදී සටහන් වෙන්නේ.

Thor ගැන කියනකොට හැමෝටම මතක් වෙන්නේ Ragnarok Cycle එක ගැන. මේ Ragnarok Cycle එක ගැන ගොඩක් කතා තියෙනවා. ඒකෙන් Marvel Comic Universe එක භාවිතා කරන්නේ විනාශවීම තුළින් යළි හටගැනීම යන සිද්ධාන්තයයි. ඒක මම හැමෝටම තේරෙන්න මෙහෙම කියන්නම්කෝ. Marvel Earth Comic series එකේ සඳහන් වන පරිදි Odin තමාගේ අනාගතය සහ Ragnarok Cycle එක ගැන දැනගැනීමට තමන්ගේ එක් ඇසක් Well of Mimir වෙත පුද කරන බවයි. Well of Mimir කියන්නේ අනාගතය පිළිබඳව දේවල් දැකිය හැකි සහ අසීමිත නැණ නුවණ ලබාගත හැකි ස්ථානයක්. පසු කාලයක Thorද මෙම Well of Mimir වෙත පැමිණ අනාගතය දකින විට Odinගේ ඇස ඔහුට Ragnarok Cycle එක ගැන හෙළිදරව් කරනවා. එනම් දැන් ඉන්න Thor ඉපදෙන්නට කලින් තවත් Thor කෙනෙක් සිටි බවත්, ඒ Thorත් Odinගේම පුත්‍රයෙකු බවත්, ඔහු සතුව රතු පැහැති හිසකෙස් තිබුණු බවත්ය. දැන් ඉන්න Thorට තියෙන්නේ කහ පාට හිසකෙස්නේ wink emoticon දැන් සිටිනා Thor විසින් Midgard Serpentව විනාශ කරන මුත් ඔහු Serpentගේ විෂෙන් මිය යන බවත් Thor දකිනවා. වැඩිදුරටත් ඔහු දකින්නේ කලින් Asgard එක වැනිවූ ලෝකය විනාශවී යන අතර එයින් පරණ Odin මිය යන මුත් ඉතිරි වන පිරිසෙන් නව Odin කෙනෙකු පත්වන බවත් හෙතෙම දැන් සිටිනා Thorගේ පියා වන Odin බවත්ය. සමහරවිට අපි Age of Ultron trailer එකේ දකින්නෙත් මේකම වෙන්න පුලුවන්. නමුත් චිත්‍රපටියට මේ කතාව වෙනස් වෙන්නටත් පුලුවන් නිසා 100%ක්ම මේකයි Ragnarok කථාව කියලා නම් සහතික වෙන්න බැහැ tongue emoticon

අපි හැමෝම දන්නවනේ Thorට හදාවඩාගත්තු සහෝදරයෙක් ඉන්නවා කියලා. ඒ තමයි Loki. අර එකට හිටියත් බොක්ක වෙනස් කියනවා වගේම සහෝදරයා වගේ වුණත් Lokiට Thor ගැන තිබ්බේ පුදුම ඊර්ෂ්‍යාවක්. පස්සෙ කාලෙක මේ ඊර්ෂ්‍යාව Thorව මරා දමන්නට තරම් වෛරයකටත් පෙරලුනා කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. වයස අවුරුදු 8දී Odin විසින් Thorව Nidavellir වල තිබෙන වාමනයන්ගේ ප්‍රදේශයකට යවනවා ඔවුන් රජු වෙනුවෙන් නිපදවා තිබෙන වටිනා වස්තූන් 3 රැගෙන එන්නට. ඒ වස්තූන් අතරේ Uru hammer එක සහ Mjolnier එකද අඩංගු වෙනවා. Thor ඒ වස්තූන් රැගෙන ආ පසුව Odin විසින් ඔහුට Uru hammer එක ලබා දෙන අතරම Mjolnier එක Thorට ලැබෙන්නේ ඔහු එය එසවීමට සුදුසු තරම් පරාර්ථකාමී පුද්ගලයෙකු වූ දිනයට පමණක් බවට Odin සඵත කරනවා.

ඔය කාල වකවානුවෙන් පසුව තමයි Thor තමන්ගේ යහළුවන් වන Fandral, Voltstagg, Hogun සහ Sif දෙවඟන සමඟ එකතු වෙලා සටන් ක්‍රම පුහුණු වෙලා Asgard වල ඉන්න දක්ෂතම රණශූර කණ්ඩායම බවට පත්වෙන්නේ. යාන්තම් අවුරුදු 20ට ළං වෙනකොටම Thor, Sif දෙවඟන සමඟ ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා. Comic වල ප්‍රචලිත වුණු ආදර සබඳතා අතුරින් එකක් හැටියටත් මෙය හැඳින්වෙනවා. වරෙක මරණයේ දෙවඟනක් වූ Hela විසින් Sifව පැහැරගත් විටෙක තමන්ගේ ජීවිතය රැගෙන Sifව නිදහස් කරන ලෙසටත් Thor පවසා තිබීම නිසා මේ සම්බන්ධය මෙපමණ ප්‍රචලිත වන්නට ඇති.

to be continued..

SmAsHeR
CA0002

Share this:

2 comments :

  1. I have seen this site accidentally and I have read it almost all in a day. this is an excellent work. Keep it up. Can you provide the history and more details of asgard? And can you recommend animation series related to this?

    ReplyDelete
    Replies
    1. Thanks bro, your encouragement is really appreciated. We are not finished with Asgard yet. We simply talked about only main characters. We didn't have animation series related to Asgard. Only thing we have Thor - Tales of Asgard (2011) animation film so far.
      BTW other than Marvel comic, if you really want to know about Asgard, we recommended, Rick Riordan's Magnus Chase book

      Delete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates