LATEST :

Monday, January 19, 2015

Hulk - Part 02

මතකනේ අපි කලින් ලිපියකින් හල්ක් ගැන කතා කළා. අද තව ටිකක් වැඩි පුර හල්ක් ගැන කතා කරන්න හිතා ගෙන ඉන්නේ. මාවෙල් යුනිවර්ස් එකේ ගොඩක් අය ආස කරන චරිතයක් තමයි හල්ක්. මොකද කියනවා නම් බැනර් කියන ගරු කටයුතු නිහතමානි මිනිසා වගේම ඇතුලේ ඉන්න හල්ක් කියන දරුණු චරිතයත් අපිට ගොඩක් සමීපයි. හල්ක් ගේ අවශ්‍යතාවයන් හැමවෙලාවෙම වගේ සීමිත පරිසරයක තිබ්බේ. ප්‍රධාන ම දේ උනේ නිදහසේ ජිවත් වෙන එක. මේ හින්දාම එයා එක පාරක් එයාගේ සහයකයා රික් ට කියලා ශක්තිමක් කුටියක කැමැත්තෙන් හිර කාරයෙක් වෙනවා. (බැනර් තමයි එහෙම කරන්නේ. හල්ක් නම් කැමති උනේ නෑ වැඩේට).
ඒත් ලෝකයා හැම වෙලාවෙම හල්ක් ගැන දැක්කේ කොළ පාට යක්ෂයෙක් විතරයි. ලෝකය මුහුණ දීපු විනාශයන් ගොඩක දී හල්ක් මිනිස් වර්ගයා වෙනුවෙන් පෙනී හිටියත් ඒ අය හැම වෙලාවෙම හිතුවේ මෙහෙම හිටියත් කවදා හරි දවසක හල්ක් ට තරහා පාලනය කරන්න බැරි උනොත් කියලා....
හල්ක් ව මේ ලෝකයෙන් පිටුවහල් කරන්න තීරණයක් ගන්න උනෙත් මේ සිද්දිය හින්දා කියලා අපි කලින් වතාවේ කිව්වා මතකනේ. ඒත් ආපහු ආවට පස්සේ හල්ක් තමන්ව පිටුවහල් කරන්න උත්සාහ කරපු සේරම පරද්දනවා. ඒ අතරේ ඉන්නවා එක හුස්මකින් නගරයක් විනාශ කරන්න පුළුවන් බ්ලැක් බෝල්ට්, හල්ක් පරද්දන්න ම නිර්මාණය කරපු හල්ක් බස්ටර් ආමර් එක ඇතුලේ ඉන්න අයන් මෑන්, මාවෙල් විශ්වයේ අග්‍රතම මායාකාරයා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, ෆැන්ටාස්ටික් ෆෝර් කණ්ඩායම, හොඳ සහ නරක මියුටන්ට් ලා සේරම සහ මිහිමත සිටින බලවත්ම චරිතය සෙන්ට්‍රි (සෙන්ට්‍රි කියන්නේ dc ලගේ සුපර් මෑන් චරිතය ට වඩා වැඩි බලයක් ඇතිව මාවෙල් යුනිවර්ස් එක ගෙනාපු චරිතය). ඒත් හල්ක් ගේ ශක්තිය ත් එක්ක මේ අයට මොනවත්ම කරන්න බැරි වෙනවා. (අපි ඉස්සරහට මේ කතාව අපේ පේජ් එක හරහා ගේන්න හිතා ගෙන ඉන්නවා).
හල්ක් ගේ තියන ලොකුම ශක්තිය තරහා කියලා කිව්වා මතකනේ. ඒත් ඒ තරහා පාලනය කරන්න හල්ක් ට පුළුවන් උණාට පස්සේ හල්ක් කියන්න නවත්වන්න බැරි බලවේගයක් වෙනවා. මාවෙල් යුනිවර්ස් එකේ ඉන්න ගොඩක් කණ්ඩායම් එක්ක හොදින් හරි නරකින් හරි හල්ක් සම්බන්ධ කම් පවත්තලා තියනවා. ඒ සේරම ගැන කියන්න අදහසක් නම් නෑ. මොකද එහෙම උනොත් මේ ලිපිය ඉවරයක් වෙන්නේ නැති වෙයි.
ඉස්සර මෙයා හල්ක් උණාට දැන් කියන්නේ ඩොක්ටර් ග්‍රීන් කියලා. අනතුරකට පත් වෙලා හල්ක් ව බේරා ගන්න ටෝනි ස්ටාර්ක් ගේ ඥාති සොහොයුරෙක් වෙන ආර්නෝ ස්ටාර්ක් හල්ක් ට බෙහෙතක් දෙනවා. ඒකෙන් හල්ක් හොඳ වෙනවා වගේම හල්ක් ස්වරුපයේ දීත් මොලය හොදින් ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ තමයි මෙයා කලින් කියපු “Doctor Green” කියන නම ගන්නේ. මේ දක්වා කාලය තුල අපිට ගොඩක් ස්වරූප හම්බෙනවා. වැඩි විස්තර නැතිව ඒ ඒ චරිත මොනවා ද කියලා අපි බලමු.
#H0007 - Hulk Part 02

• ඩොක්ටර් බැනර් (#01 පින්තුරය) - අති දක්ෂ පරමාණුක විද්‍යාඥයෙක්. ඒ ඒ කාල රාමුව අනුව විවිධ හල්ක් ස්වරූප වලට මාරු වෙන්න පුළුවන්
• Savage Hulk (#02 පින්තුරය) - බහුලවම හම්බෙන හල්ක් ස්වරුපය. ප්‍රචණ්ඩකාරී, විනාශකාරී කෙනෙක්. ඒත් ඇතුලාන්තය අහිංසකයි. තමන්ගේ තරහා පාලනය කරගන්න බෑ. තනියම ඉන්න බලන්නේ හැම වෙලාවෙම. අසාමාන්‍ය කාය ශක්තියක් තියනවා. තරහා වැඩි වෙන්න වෙන්න ශක්තියත් වැඩි වෙනවා. හැබයි නුවණින් ගොඩාක් අඩුයි.
• Gray Hulk (#03 පින්තුරය) - ශරීරය, ශක්තිය savage hulk ට වඩා අඩුයි. හැබයි ඊට වඩා හොදට මොලය තියනවා. කොළ පාට වෙනුවට අළු පාටක් තමයි තියෙන්නේ. ශක්තිය තරහා ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ.
• Gravage Hulk (#04 පින්තුරය) – savage hulk සහ gray hulk ගේ අතරමැදි ස්වරුපය. ශරීර ශක්තිය සහ දැනුම් මට්ටමත් ඒ අතර මැද. තරහා වැඩි වෙනවත් එක්ක මෙයාගේ ශක්තියත් ලොකුවට වැඩි වීමක් වෙන්නේ නෑ.
• අතරමැදි ස්වරුපය (#05 පින්තුරය) - gravage hulk කියන්නේ savage hulk සහ gray hulk ගේ අතර මැද අවස්තාවනේ. ඒකට බැනර් ගේ ස්වරුපයත් එකතු වෙලා නිර්මාණය කරපු අවස්තාව තමයි මේ. කලින් කියපු සේරම ස්වරූප වලට වඩා ශක්තිමත්. ඒ වගේම බැනර් ගේ ගති ලක්ෂණ තියනවා. විනාශ කාරී ස්වරුපය අඩුයි. තරහා වැඩි වෙන්න වෙන්න ශක්තිය වැඩි වෙනවා. හැබයි ඕනාවට වඩා තරහා ගියාම ඒක පාලනය කරන්න බැරි වෙලා ශක්තිය අඩු වෙනවා කියලා තමයි කියන්නේ.
• Maestro (#06 පින්තුරය) - අනාගතේ පහල වෙන හල්ක් ස්වරුපයක්. මුළු ලෝකයම න්‍යෂ්ටික පිපිරීමකින් විනාශ වෙද්දී මෙයා විතරයි ඉතුරු වෙන්නේ. කලින් අවස්ථා සේරටම වඩා ශක්තිය වැඩියි. තරහා වැඩි වෙන්න වෙන්න ශක්තිය වැඩි වෙනවා.
• World War Hulk (#07 පින්තුරය) - මෙයාට තමයි green scar කියන්නෙත්. දැනට බිහිවුණු ශක්තිවන්තම ස්වරුපය. කලින් ආකාර වලදී හල්ක් ආයුධ භාවිතා කරන්නේ නෑ. ඒත් මේ ආකාරයේ දී හල්ක්ට ආයුධ පුහුණුවත් තියනවා. තරහා වැඩි වෙන්න වෙන්න ශක්තිය වැඩි වෙනවා. ඒකට සීමාවක් නෑ. ඒ වගේම තරහා පාලනය කරන්න පුළුවන්. ඕන නම් බැනර් ගේ ස්වරුපයට පත් වෙන්නත් පුළුවන් කැමත්තෙන් ම. මානසික මට්ටම ත් ඉහලයි. ප්‍රොෆෙසර් එක්ස් ටත් බැරි වෙනවා එක අවස්ථාවක මෙයාගේ මනස පාලනය කරන්න. වර්ල්ඩ් වෝර් හල්ක් ගේ උපරිම අවස්තාව තමයි වර්ල්ඩ් බ්‍රේකර් (#08 පින්තුරය) කියන්නේ. ඒ අවස්ථාවට පත් උනාම හල්ක්ට පුළුවන් අත් දෙකෙන් පහර දීලා ග්‍රහ ලෝකයක හරය විනාශ කරන්න.
• Doc Green (#09 පින්තුරය) - කලින් කියපු විදිහට දැන් ඉන්නේ මේ ස්වරුපය. අතරමැදි හල්ක් ස්වරුපයේ ශක්තියයි බැනර් ගේ මොලය යි තියනවා. වර්ල්ඩ් වෝර් හල්ක් තරම් ශක්තිමත් නැති උණාට ඇඩමෙන්ටීයම් අත් දෙකෙන් කඩලා දාන්න තරම් ශක්තිය තියනවා.
මේ ලිපිය ඉවර කරන්න කලින් හල්ක් ගේ හැකියාවන් ගැන ටිකක් කතා කරන්න ඕනේ. අපේ පේජ් එකේ VS Zone හරහා හල්ක් සහ සුෆී අතර සටනකින් කවුද දිනන්නේ කියන සංවාදයට ගොඩක් අය උත්තර දීලා තිබ්බේ හල්ක් ගේ හැකියාවන් ගැන නියම අවබෝධයක් නැතුව කියලා හිතෙනවා. අපි බලමු හල්ක් ගේ හැකියාවන්ගෙන් කිහිපයක්.
• අසාමාන්‍ය කාය ශක්තිය - හල්ක් කියන්නේ ශක්තිවනතයෙක් නේ කොහොමත්. ඒත් කොච්චර ශක්තිමත්ද? පිළිතුර තමයි සීමාවක් කියන්න බෑ කියන එක. කලින් කිව්වා වගේ හල්ක් ට පුළුවන් තමන්ගේ අත් දෙකෙන් පහර දීලා ලෝකයක් විනාශ කරන්න. ලියවෙලා තියන කරුණු අනුව හල්ක් ගේ බර ඉසිලීමේ හැකියාව මාවෙල් ශක්ති මට්ටම් අතරින් ටොන් 500 සීමාව ඉක්මවා යනවා කියලා තමයි පිළිගන්නේ.
• අසාමාන්‍ය විද දරා ගැනීමේ හැකියාව - සාමාන්‍ය මිනිසෙක් මාංශ පේශි ක්‍රියාත්මක කරද්දී පේශි විඩාවට පත් වෙනවා. ඒ පේශි ඇතුලේ නිපදවෙන රසායනිකයක් රුධිර සංසරණය ට බාධා පමුණුවන හින්දා. ඒත් හල්ක් ගේ සිරුර මේ රසායනිකයට එරෙහිව ක්‍රියා කරනවා. ඒ හින්දා හල්ක් ට පුළුවන් දවස් ගණනක් උනත් මහන්සියක් නැතුව සටන් කරන්න. ඒ වගේම තරහා වැඩි වෙනවා නම් හල්ක් ගේ ශක්තිය විතරක් නෙවේ මේ විද දරා ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා
• දුර පැනීමේ හැකියාව (#10 පින්තුරය) - හල්ක් ට පුළුවන් ගොඩක් දුර පනින්න. එක පාරක් සැතපුම් 1000 ක දුරක් තනි පිම්මකින් පනින්න හල්ක්ට පුළුවන් වුනා. ඒ පැයට සැතපුම් 473 ක වේගයකින්
• ශ්වසන වායු ධාරිතාවය - හල්ක්ට පුළුවන් ඉතා විශාල වායු පරිමාවක් ආශ්වාශ කරන්න. ඒ කියන්නේ හුස්ම තද කරගෙන ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රශ්වාස වාතය වේගයෙන් පිට කරන්න පුළුවන් සුළි කුණාටුවක් වගේ.
• තන්ඩර් ක්ලැප් (#11 පින්තුරය) - හල්ක් ට පුළුවන් අත් පුඩියක් ගහන විදිහට ධ්වනි තරංගය යක් නිකුත් කරන්න. මේක කුණාටුවක් තරම් ප්‍රබලයි වගේම වුල්වරින්, ඩෙයා ඩෙවිල් වගේ අධි සංවේදී අයට මාරන්තියකයි
• ප්‍රතිරෝධක ශරීරය - හල්ක් ගේ හම ගොඩාක් රළුයි. ඒ හින්දා සාමාන්‍ය ආයුධ, වෙඩි උණ්ඩ වගේ ඒවාට හල්ක් ට හානියක් කරන්න බෑ. ඒ වගේම පෘතුවි කක්ෂයේ ඉදලා වැටෙන වස්තුවකට, න්‍යෂ්ටික බෝම්බයකට, ඒ වගේම වායුගෝල පීඩනය වගේ 100 ගුණයකටත් වඩා හල්ක් ට් ඔරොත්තු දෙන්න පුළුවන්. සෙල්සියස් අංශක 50000 ට වඩා උෂ්ණත්වයක් දරා ගන්න පුළුවන් වගේම ගල් වෙන්නේ නැතුව ඕනෑම සිතලකට ඔරොත්තු දෙන්නත් පුළුවන්. 
• සුව පත් වීමේ හැකියාව- හල්ක් ට තියනවා අසාමාන්‍ය හිලින්ග් ෆැක්ටර් එකක්. විනාශ වුනු අවයවයක් උනත් ටික වෙලාවකින් යතා තත්ත්වයට පත් වෙනවා.
• වේගය සහ ප්‍රතික්‍රියා වේගය - හල්ක් ට හැකියාව තියනවා වේගයෙන් දුවන්න. උඩ යන ගුවන් යානයක් සමඟ පොලවේ දුවන්න පුළුවන්. නාමෝර් ට සමාන වේගයකින් පීනන්න පුළුවන්. මිසයිලයක් නවත්වන්න තරම් ඉක්මන්. ඒ වගේම ක්වික් සිල්වර්, සිල්වර් සර්ෆර් වගේ අය පහර දෙන්න අපු අවස්තාවක නවත්වන්නත් පුළුවන් වෙලා තියනවා (#12 සහ #13 පින්තුර)
• පරිසරයට අනුගත වීම - හල්ක් ට පුළුවන් තමන් ඉන්න ඕනෑම පරිසරයකට අනුගත වෙන්න. ඒ කියන්නේ මුහුද යට ඉන්නවා නම් හල්ක් ට පුළුවන් වතුර යට ඉන්න පුළුවන් විදිහට හැඩ ගැහෙන්න. ඒ වගේම වතුර යට හුස්ම ගන්නත් පුළුවන්. ඒ වගේම නික් ෆියුරි ට අනුව න්‍යායාත්මකව හල්ක්ට පුළුවන් හුස්ම ගන්නේ නැතුව ඉන්න නිර්වායු පරිසරයක දී.
මේ කිව්වේ හල්ක් ගේ හැකියාවන්ගෙන් ටිකක් විතරයි. මට මතු කරන්න ඕන උනේ සුෆී එක්ක සටන කින් සුෆී ට ලේසියෙන් දිනන්න බෑ කියන එක. එහෙමත් නැතිනම් සුෆිට කොහොමටවත් දිනන්න බෑ කියන එක මතු කරන්න. 

Puma
H0007

Share this:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates