LATEST :

Friday, February 27, 2015

The Flash : Who is Reverse Flash - Part 2

කවුද මේ Reverse Flash - Part 2

#Spoiler_warning

 


ෆ්ලෑෂ් කතා මාලාව මාසයක් යනකල් ආපහු එන්නේ නෑ. හැබයි කතාවේ මේ දක්වා අපිට තිබ්බ ලොකුම ගැටලුව තවමත් හරියට විසදිලා නෑ. ඒ තමයි කවුද මේ රිවර්ස් ෆ්ලෑෂ් කියන එක. ෆ්ලෑෂ් ගැන අමතක වෙන්න කලින් පොඩ්ඩක් මතකය අලුත් කරගන්න මේ හදන්නේ.

මේ වෙනකන් හම්බුන තොරතුරුත් එක්ක මට හිතන්නෙ අපිට පුලුවන් reverse flash කියන කෙනා දිහා තවදුරටත් බලන්න. Episode 14 අන්තිමේදී පෙන්නුවනෙ reverse flashගෙ ඇත්ත මූන, wells කියලා. ඒත් episode 9, the man in the yellow suit episode එකේ කොහොමද wells තැන් දෙකක එකපාර ඉන්නෙ ? මේකට උත්තරයක් episode 15, out of time trailer එකෙන් හම්බුනා කියල මන් විශ්වාස කරනව. පල්ලෙහා පින්තූරෙ පෙන්නනව වගේ wellsට පුලුවන් තැන් දෙකක ඉන්න. හැබැයි මෙහෙම කරන්න උදාහරණයකට පින්තූරෙ වගේ A ස්තානයේ ඉදන් B ස්තානයටයි B ස්තානයේ ඉදන් A ස්තානයට වේගෙන් දුවන්න ඕනා. ගොඩාක් වේගෙන් දුවන නිසා මේක පේන්නෙ පුද්ගලයන් දෙන්නෙක් විදිහිට ඒත් මෙතන වෙන්නෙ එක පුද්ගලයෙක් උපරිම වේගෙන් එක තැනක ඉදන් තව තැනකට දුවන එක විතරයි. හැබැයි episode 9දිනන් මේ වැඩේ ගොඩක් අමාරුයි මොකද reverse flash suit එක දාගන්නයි ගලවන්න ඕනා හැම පාරකම. හිතන්න මෙහෙම කරන්න මෙයාට කොච්චර වේගෙන් යන්න ඕනද කියලා. මට මතක විදිහට මේ දේ සිද්ද වෙනකොට එතන barry හිටියෙ නෑ, අමතක කරන්න එපා එයාට විතරයි මේ සිද්දිය ඇත්තටම සාමාන්‍ය විදිහට පේන්නෙ. ඒක නිසා reverse flashට එයාගෙ රගපෑම කරන්න ගොඩක්ම ලේසියි barry එතන නැති නිසා. ඒවගේම තවත් පැටලිලි සහගත සිද්දියක් තමයි කවුද barryගෙ අම්ම මරන්නෙ කියන එක. Cisco පැහැදිලි කරානෙ ඒ wells නෙවේ කියලා. මගෙ අදහස තමයි barryගෙ අම්ම මරන්නෙ eddie කියන එක. ඒත් ඇයි eddie barryගෙ අම්මව මරන්නෙ eddie කියන්නෙ barryගෙ යාලුවෙක්නෙ ? මෙතනදි මට හිතන විදිහට irisගෙ සම්බන්ධයක් තියෙනව. හෝව් හෝව් මන් කියන්නෙ නෑ iris සහ reverse flash අතර සම්බන්ධයක් තියෙනව කියලා. මන් කියනෙ මේකයි, දැන් එකට ඉන්නෙ eddieයි irisසුයිනෙ. ඒත් මොකද වෙන්නෙ eddiebarryයි irisසුයි එකතු උනොත්. මේක තවත් සැර වෙන්න කොහොමද eddie දැනගත්තොත් barry කියන්නෙ flash කියල. Episode 10දි eddie flashට උදව් කරාට අපි දැක්කනෙ කලින් eddie flashට අකමැති කියලා. මේ දේ සිද්ද උනොත් eddieflash එක්ක තියෙන තරහ වැඩි වෙනව නේද ? ඒත් ඇයි barryගෙ අම්මව මරන්නෙ ? Reverse flashflashව මරන්න බෑ මොකද flash නැත්තන් reverse flash කෙනෙකුත් නෑ. ඒක නිසා තමා reverse flash barryගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම කාලකන්නි කරන්නෙ. මේක මගෙ අදහසක් විතරයි. ඔයාලගෙ අදහසුත් අපිට දැනගන්න comment එකක් දාන්න.
#Kyle_Rayner

Wednesday, February 25, 2015

Arrow - Season 02 Plot 4


Season 2 _ Plot 4

ඉක්මනින් ඇරෝ කතා මාලාව ඉවර කරගෙන යන ගමනේ අපිට අද තියන්නේ සීසන් 2 එපිසෝඩ් 13,14.15 සහ 16 ගැන කතා කරන්න.
                

 1. Sara ටීම් ඇරෝ එකට එකතු වෙනවා. හැබයි මෙතන දී Sara ඉදිරිපත් කරන්නේ කොමික් වල අපි ආදරය කරන චරිතයක් වෙන කැනරි ගේ නමින්. මේ වෙද්දී කැනරි වෙන්නේ කතාවේ හැටියට නම් Sara. සෙල්ලම් නෑ හැබයි කෙල්ලගේ වැඩ කෑල්ල නම්. මොකද මේ Salamon Ladder එකේ ව්‍යායාම කරන්න ලේසියෙන් බෑ කියලයි කියන්නේ.

2. කැනරි ගේ තියන විශේෂම හැකියාව තමයි අති ධ්වනි තරංගයකින් කෑ ගහන්න පුළුවන් එක. විදුරු එහෙම පුපුරවන එක ඒ හැකියාවේ යටින්ම තියන එකක්. අපිට කතාවේ දී මේ හැකියාව දකින්න පුළුවන් උණාට ඒක කරන්නේ නම් පොඩි උපකරණයකින්. සමහරක් විට තාත්වික කරන්න හදනවා ද දන්නේ නෑ.

3. අපි බලාගෙන හිටිය රාස් අල් ගුල් ගේ ළමයා ඇරෝ වලට එනවා. ඒ හැබයි තාලියා නම් නෙවේ, එයාගේ අර්ධ සොහොයුරිය නිසා. මොකද තාලියා කියන්නේ බැට් මෑන් ගේ පෙමවතිය ක් නේ. අනික CW ආයතනය හැම වෙලාවෙම වැඩිය ජනප්‍රිය නොවන චරිත ගන්න කැමත්තක් දක්වනවා. අපි තාලියා ගැන කතා කරද්දී මෙයා ගැනත් කතා කරපු හින්දා වැඩිය කතා කරන්න යන්නේ නෑ දැන්.

4. මොයිරා නිල වශයෙන් එයාගේ චන්ද වැඩ පටන් ගත්තා. කතාවේ ඉස්සරහට මේ සිද්දියත් එක්ක ගොඩක් දේවල් වෙන්න ඉඩ තියනවා

5. ඒ වගේම ලෝරල් , සේරා දෙන්නාගේ අතීත කාලේ මතකයන් අපි මෙච්චර දවසක් හදාගෙන තිබ්බ කතාවේ අඩු පාඩු පිරෙව්වා.

6. KORD එහෙමත් නැතිනම් Kord Omniversal Research and Development Industries කියන්නේ දෙවෙනි Blue Beetle වුනු Ted Kord ගේ සමාගම. අපිට ඇරෝ එක ඇතුලේ දී ඉස්සරහට Blue Beetle ව දකින්න හම්බෙයි කියන්න නම් අමාරුයි. හැබයි එහෙම උනොත් ඒත් එකක්ම Booster Gold වත් දකින්න පුළුවන්.

7. අපිට දකින්න හම්බෙනවා ග්‍රීන් ඇරෝ ගේම විලන් කෙනෙක්. ඒ තමයි Clock King හෙවත් William Tockman. මෙයාගේ තියන ලොකුම හැකියාව තමයි ඔරලෝසු කෑලි වලින් හිතාගන්න බැරි විදිහේ පොඩි ගැජමැටික් හදන එක. මුලින්ම පොඩිවට වැඩ පටන් ගත්තත් පස්සේ කාලේක මෙයාගෙම කණ්ඩායමක් හදාගන්නවා.

8. ඇරෝ කතාවේ තිබ්බ ප්‍රබලම අවස්තා වලින් එකක්. අතීතයේ දී හොද යාලුවෝ වෙලා පස්සේ තරහා කාරයෝ වුනු දෙන්නා ආයෙමත් එකට හම්බෙනවා.

9. අතීත කතාවේ සිදුවෙන වැදගත් දෙයක් තමයි සේරා, ඔලිවර් සහ ස්ලෙඩ් නැවට පහර දෙනවා. එතන දී තමයි ස්ලෙඩ් දැනගන්නේ Shado ගේ මරණයට ඔලිවර් එක්තරා විදිහකට වග කියන්න ඕනේ කියලා. වෙන දිහකට කියනවා නම් මේ දෙන්නා අතර ගැටුම පටන් ගන්නේ මෙතන ඉදලා

10. ඇරෝ කතා මාලාවේ අපි බලාගෙන හිටපු මොහොතක්. ඒ කියන්නේ Task Force X යටතේ ක්‍රියාත්මක වෙන Suicide Squad එක එලියට එනවා. හැබැයි දැනට නම් ඉන්නේ Bronze Tiger, Deadshot සහ Sharpnel කියන අය විතරයි. හැබැයි තව ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් මේ කණ්ඩායම. ඒත් එකක්ම Amanda සහ Lyla ගේ අන්වර්ථ නාම වෙන මොකින්ග්බර්ඩ් සහ හාර්බින්ජර් කියන නම් එලියට එනවා.

11. Deadshot කියන්නේ විලන් කෙනෙක් උණාට එයා ඇන්ටි විලන් කෙනෙක් එහෙමත් නැතිනම් යහපත් අරමුණක් වෙනුවෙන් දුෂ්ට වැඩ කරන කෙනෙක් විදිහට සමහර කොමික් වලදී පෙනී ඉන්නේ එයාගේ දුව Zoe හින්දා. ඇරෝ කතාවටත් කොමික් වල එන සිද්දිය ඇතුලත් වෙලා තියනවා.

12. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි හැමෝම මේ වෙද්දී හොදටම දන්න හාර්ලි ක්යින් ගේ ප්‍රසිද්ද කැමියෝ එක. මෙයා ඇරෝ එකට එකතු වෙන දවසක් දැන්ම කියන්න බැරි උනත් එනවා කියන එක නම් මේකෙන් තහවුරු වෙනවා.

අපි මෙතනදී කතා කෙරුවේ වැදගත්ම කාරණා කිහිපයක් විතරයි. ඒ හින්දා මේ ලිපියට ඇතුලත් උනේ නැති දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්.

#attila_THE_hun


  Comic Script ලිපිය

Tuesday, February 24, 2015

Thanos : The Mad Titan - Part 5


Super Villain - Marvel

(පසුගියකොටස හා සම්බන්ධ වේ)

 



Draxගේ දරුණු පහරදීමත් සමඟම Thanosගේ හදවත නතර වනවා. Draxගේ ළඟාවීමට මොහොතකට පෙර Thanos තමන් මරණයට පත්වන බව දකිනවා. ඔහු සිතූ පරිදිම Drax විසින් Thanosගේ පපුව සිදුරුකරගෙන යන්නට වැරෙන් පහරදී Thanosගේ හදවත උගුළවා දමනවා. නමුත් මේ වතාවේදීත් Death Thanosට උදව් කර යළිත් වතාවක් තමන්ගේ ආදරවන්තයාව මරණින් අවදි කර මෙවර Thanosට වූ පොරොන්දුව මත ඔහුව අමරණිය කරවනවා. පසුව ඔවුන් ටික කලක් යළි එකට වාසය කරනවා. බල තන්හාව මොන දෙයකින්වත් නවතන්නට බැරි බව සනාථ කරමින් Thanos කෙසේ හෝ පෘථිවිය අල්ලා ගැනීමේ උත්සාහයක නිරත වන්නට සැලසුම් කරනවා. මේ සඳහා ඔහු පෘථිවියේ තිබූ Cosmic Cube එක යළි තමන් යටතට ගන්න හැකිවනවා. නමුත් මෙය කලින් තිබූ තරම් බල සම්පන්න වන්නේ නැහැ. යම් කිසි දෝෂ කිහිපයක් මෙහි අඩංගු වනවා. Thanos ‍යළි Cosmic Cube එක සොයාගත් බව දැනගන්නා Peter Quill ඇතුළු Guardians of the Galaxy පිරිස මේ බව විශ්වයේ වැඩිහිටියන්ට(Elders of the Universe) සහ Avengersලාට දැනුම් දෙනවා. ඔවුන් Thanos සතු Cosmic Cube එකේ බලය රහිත කළ හැකි උපකරණයක් the Collectorගෙන් ලබාගෙන එම Cosmic Cube එකේ බලය ඉවත් කරනු ලබනවා. පසුව Elders of the Universe පිරිස විසින් Thanosව වෙනත් මානයකට පිටුවහල් කරනු ලබනවා.

ඔය අතරේදී the Illuminati පිරිසට Infinity Gems ලබාදුන් බව දැනගන්නා Thanos යළි Titan වෙතට ගොස් නැවත් මෙහෙයුම්, සැලසුම් සඳහා පිඹුරුපත් සැකසීම ආරම්භ කරනවා. ඒ අනුව ඔහු දක්ෂ රණකාමීන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් එකතු කරගන්නට සමත් වනවා. එයට Black Order යන නම එක්කරන අතර එහි Black Dwarf, Corvus Glaive, Ebony Maw, Supergiant, Proxima Midnight යන පිරිස ඇතුළත් වනවා. Thanos මේ පිරිස සමඟ එක්ව කුඩා කුඩා ග්‍රහලෝක, තාරකා අල්ලාගනිමින් ඒවා විනාශ කරමින් සංහාරයක නිරත වනවා. මේ සංහාරයට හේතුව Thanosගේ පුත්‍රයකු වන Thaneව සොයා විනාශ කිරීමටයි. Thane කියන්නේ Inhuman කෙනෙක්. වරෙක Inhumansලා වෙසෙන ග්‍රහලෝකයකදී Thanos Inhuman කාන්තාවක් සමඟ කායික ඇසුරකට පසු Thanosට දාව ඇයට පුතෙකු ඉපදෙනවා. නමුත් Thanosට මේක ලැජ්ජාවක් ලෙසටයි ඔහු සලකන්නේ. ඔහු Thaneව මරා දැමීමට Black Order එකට උපදෙස් දුන්නත් ඔවුන්ට Thaneව හමුවන්නේ නැහැ.

Thanos Inhumansලාගේ රජු වන Black Boltව හමුවීමට ගොස් Thane ගැන සැබෑ විස්තර ලබා දෙන ලෙස පවසනවා. නමුත් Thanosගේ අඩම්තේට්ටම් නොඉවසූ Black Bolt මේ විස්තර Thanosට ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුවෙන් කුපිත වන Thnos, Black Boltට පහර දෙනවා. මේ හේතුවෙන් Black Bolt විසින් පෘථිවියේ සවිකළ Inhumansලා ප්‍රධාන ලෙසම භාවිතා කරන T-Bomb එකක් පුපුරවනවා. නමුත් එයින් Thaneට බලය ලැබෙන බවයි comics වල සඳහන් වෙන්නේ. කෙසේ නමුත් ලොව පුරා Thaneව සෙවීමේ නිරතව සිටින Black Order එකේ සාමාජිකයන්ගෙන් පෘථිවියේ සිටින Ebony Maw පෘථිවියේ Greenland වල සිදුවූ මෙම පිපිරීම ගැන Thanosට වාර්තා කරනවා. මේ අතරතුරේදී Thaneගේ බලයන් ගැන Maw දැනගන්නවා. Thaneව අල්ලා මරා දැමීමට Greenland වලට Thanos පැමිණෙනවා. මේ අතර Thanosව සොයා Avengersලාත් Greenlandවලට පැමිණෙනවා. Avengersලා සහ Thanos ඇතුළු පිරිස සටන් කරන ඒ අවස්ථාවේදී Ebony Maw විසින් Thanos සිදු කරන්නට යන දෙය ගැන Thaneට පවසා Thanosව රවටා Thaneව නිදහස් කොට ඔහු ලවා Thanosව, Corvus Glaiveව සහ Proxima Midnightව amber construct එකක සිර කරවනවා. පසුව ඔවුන්ව Necropolis නොහොත් මරණයේ නගරයට පිටුවහල් කරනවා.

මෙලෙස පිටුවහල් කරන මොවුන් තිදෙනාව Namor විසින් නිදහස් කර ඔහුගේ කුමන්ත්‍රණ කණ්ඩායම වන The Cabal(Namor's) එකට බඳවා ගන්නවා. Cabal එකේ අනෙක් පිරිස වන්නේ Namor, Black Swan, Maximus සහ Terraxයි. Namor කියන්නේ කලින් Illuminati (Infinity Gem protectors) කණ්ඩායමේ සාමාජිකයෙක්. නමුත් ඔහු බලයෙන් උඩඟු වූ නිසා එයින් ඉවත්කර දමනවා. මේ අතරේ සමාන්තර පෘථිවියක Illuminati කණ්ඩායම ආක්‍රමණයකට මුහුණ දෙමින් සිටිනවා. මේ සමාන්තර පෘථිවිය ආක්‍රමණයකට ලක් වෙමින් පවතින එකක්. පසුව එම සමාන්තර පෘථිවියට පැමිණෙන Cabal පිරිස Illuminati කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වන Wakandaවට පහර දෙනවා. පහර දී එම සමාන්තර පෘථිවියේ බලය අල්ලා ගන්නවා. මේ Illuminati කණ්ඩායමේ පිරිස වන්නේ Beast, Black Bolt, Black Panther, Captain Britain, Amadeus Cho, Doc Green(Hulk), Iron Man, Mister Fantastic සහ Yellowjacket යන සුපිරි වීරයනුයි.

Thanosගේ අරමුණෙන් එකින් එක නගර, රටවල් විනාශකරමින් යන Cabal එකේ වර්තමාන තත්වය ගැන කළකිරෙන Namor පැති මාරු කරන්නට සැලසුම් කරනවා. තමාගේ නායකත්වය යටතේ වුවද Thanosගේ අදහස් ක්‍රියාත්මක වීම ඔහුගේ සිතට වධ දෙන්නක් වූවා. ඒ අනුව Sidera Marisගේ මේ සමාන්තර පෘථිවි ආක්‍රමණය අතරතුර Namor විසින් Cabal එකේ නායකයා වශයෙන් ඔවුන්ට රැඳී සිටීමට මේ සමාන්තර පෘථිවිය බේරා ගත යුතුය යන මතයෙන් Sidera Marisගේ හමුදාවට පහර දෙනවා. පහර දෙමින් Cabal එකේ පිරිසව වෙනත් ලෝකයක් වෙතට රැගෙන යනවා. එහිදී A.I.M. එකේ තාක්ෂණයෙන් නිපදවන ලද බාධකයක් සාදා Thanos ඇතුළු Cabal එකේ පිරිසට යළි නියම පෘථිවියට පැමිණෙන්නට නොහැකි වන සේ සකසා Namor යළි වර්තමාන පෘථිවිය වෙත පැමිණෙනවා. නමුත් ඒ පැමිණෙන අතරතුරදී Black Panther සහ Black Bolt විසින් Namorට යළි පැමිණෙන්නට නොහැකි වන සේ A.I.M. platform එක මේ පැත්තෙන් වසා දමා Namorවද එහි සිර කොට පිටව යනවා. තමන්ට යළි වර්තමාන පෘථිවියට(Earth-616) පැමිණෙන්නට නොහැකි බව සහ ආක්‍රමණයෙන් ජයගන්නට නොහැකි බව තේරුම්ගන්නා Cabal පිරිස Sidera Marisගේ මීලඟ ආක්‍රමණයට ප්‍රථම මේ විනාශවන ග්‍රහලොවෙන් ගැලවීයාමට තුන්වන විශ්වය නොහොත් Ultimate Universe එකට පලා යනවා.

Thanos කියන්නේ උපතින්ම බලයන් ලබා ඒවා වැඩිදියුණු කරගත් පුද්ගලයෙක්. එපමණක් නොව Titan වල මුල්පරපුරේ දෙමාපියන්ට දාව උපන් කෙනෙක්. ඒ නිසාම Thanosට මිනිසුන් මෙන් දස කෝටි ගුණයක් ඉක්මවූ ශක්තියක් (Superhuman Strength) පිහිටා තිබෙනවා. ඒ හා නොදෙවෙනි ඉතාමත් විශිෂ්ඨ බුද්ධියක් (Superhuman Intelligence) එකක්ද පිහිටනවා. එලෙසම ඉතාමත් කඩිසර බවක් (Superhuman Agility), සුපිරි වේගයක් (Superhuman Speed), විශාල ප්‍රත්‍යාවර්තිත හැකියාවක් (Superhuman Reflexes), සුපිරි සවිබලයක් (Superhuman Stamina) සහ අධික දරාගැනීමේ හැකියාවක් (Superhuman Durability) රඳා පවතිනවා. තවද බිඳිය නොහැකි තරම් (Nigh Invulnerability) වන ශක්තිමත් සමක් හා ශරීරයක්ද, ප්‍රතිජනක සුවවීමේ හැකියාවක් (Accelerated Regenerative Healing Factor)ද පිහිටනවා. මේ සියල්ලත් සමඟම ඔහුගේ අමරණිය බව ගැනත් (Immortality) විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. තවද බල ශක්තිය මෙහෙයවීම සහ පාලනය කිරීම (Energy Manipulation & Control) සහ පදාර්ථ මෙහෙයවීම සහ පාලනය කිරීම (Matter Manipulation & Control) අතුරින්ද ඔහුව අභිබවා යන්නට සමතෙක් නැහැ.එමෙන්ම Thanos කියන්නේ Telepathy කෙනෙක්. ඒ කියන්නේ යම් මට්ටමකින් මානසිකව තවත් පුද්ගලයෙක් ග්‍රහණය කරගන්නට පුලුවන්. එමෙන්ම තමන්ගේ මනස වෙන කාටවත් පාලනය කරන්නත් බැහැ. එමෙන්ම Thanosට Teleportation powers පවා ලැබී තිබෙනවා.

Earth 616 Comic වලට අනුව Thanosගේ මුළු ජීවිත කථාව සහ ඔහුගේ බලයන් තමයි මේ අපි දැනගත්තේ. Earth Series එකේදී Thanos හරියටම මිය යන්නේ නැති නිසා ඉස්සරහටත් Marvel Comics වල Thanosව දැකගන්නට ලැබේවි. මම මුලින් කිව්වා වගේ Thanos කියන්නේ Marvel Universe එකට නැතිවම බැරි චරිතයක්. ගොඩක් ජනතා ආකර්ෂණය දිනාගත් Super Villain කෙනෙක් නිසාත් මං ආසම Marvel villain චරිතය Thanos නිසාත් තමයි Thanos ගැන මෙහෙම ලිපි 5ක් අරගෙන ආවේ. මේ ලිපි පෙළ ගැන වගේම ඉස්සරහට දාන්න ඕනෙ ලිපි ගැනත් ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා අපිට යොමු කරන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන ඉස්සරහට යන්න අපි කැමතියි. එහෙනම් මේ වගේම ලිපි පෙළකින් යළිත් හමුවෙමු.

Arrow - Season 02 Plot 3

*** ------ Arrow ------ ***

Season 2 _ Plot 3

ගිය පාර අපි කතා කෙරුවේ Arrow සීසන් 2 වල එපිසෝඩ් 6 සහ 7. අද අපි කතා කරන්න යන්නේ එපිසෝඩ් 8,9, 10,11 සහ 12 පිළිබඳව.
                     1. අපිට දැක ගන්න හම්බුණ වැදගත්ම සිද්දිය තමයි බැරී ඇලන් එහෙමත් නැතිනම් අනාගතයේ ෆ්ලෑෂ් චරිතය මුලින්ම ඇරෝ කතාවට පැමිණීම. අපි ෆ්ලෑෂ් ගැන සේරම කතා කරලා ඉවර හින්දා ආයේ ඒක ගැන කතා කරන්න යන්නේ නෑ.


2. වැදගත්ම කාරණය තමයි කොමික් වල දී බැරීට බලය ලැබෙන විදිහට සමාන ක්‍රමයකට තමයි මේකේ දී ත් බලය හම්බෙන්නේ.

3. රෝයි ගේ යාලුවෙක් වගේම සේරා ගේ උදව් කාරියක් වෙන Sin කිහිපවතාවක්ම අපිට හම්බුනත් දැන් නම් එයා කතාවේ වැදගත් චරිතයක් වෙමින් පවතිනවා.

4. අපිට ඇරෝ කතා මාලවේ මුලින්ම සුපිරි බලය දකින්න හම්බෙන්නේ මේ කතාවේ. ඒ තමයි Mirakuru කියන නික්ෂේපණය මුල්ම වතාවට හඳුන්වා දෙන හින්දා. මේකෙන් අසාමාන්‍ය කාය ශක්තියක් හම්බෙනවා. ස්ලෙඩ් විල්සන් ට එයාගේ ශක්තිය හම්බෙන්නෙත් මේ නික්ෂේපනය හින්දා. අපිට කොමික් එකේ සඳහන් වෙන විදිහටම කතාවේ දීත් දකින්න පුළුවන් වෙනවා. මේකේ තියන අතුරු ප්‍රතිපල නම් සෑහෙන්න තියනවා වගේ. ශාරීරික වගේම මානසිකවත්.

5. මොයිරා, මර්ලින් ගෙන් ගැලවෙන්න රාස් අල් ගුල් සම්බන්ද කරගන්නවා. ඒකේ තේරුම තමයි ඉක්මනින්ම ඉහල තලයේ විලන් ලා අපිට දැකගන්න පුළුවන් කියන එක.

6. ඩොක්ටර් අයිවෝ, මිරාකුරු නික්ෂේපය පස්සේ පන්නන අතරේ සිද්ද උණු වැදගත්ම සිද්දියක් තමයි ඔලිවර් ට Shado, Sara දෙන්නා ගෙන් එක්කෙනෙක්ව තෝරා ගන්න කියන එක. මෙතන දී Sara ව බේරන්න ගිහිල්ලා Shado ව කැප කරන්න වෙනවා.

7. මෙච්චර දවසක් අතීතයේ සිද්දි වල විතරක් හිටපු ස්ලෙඩ් වර්තමාන කතාවට එනවා. ඇරෝ කතාවේ කිසිම කෙනෙකුට ලේසියෙන් මැරෙන්න නම් බෑ වගේ. නැවත නැවතත් ආපහු එනවා. මුලින්ම ඔලිවර් ගේ හිතේ ඇදුන මායාවක් කියලා හිතුනට ඇත්තටම ස්ලෙඩ් ස්ටාර් සිටි වලට ඇවිත් ඉන්නේ.

8. මිරාකුරු සේරම් එක රෝයි ට එන්නත් කරනවා. ඒ කියන්නේ රෝයි ටත් අසාමාන්‍ය ශක්තියක් එනවා කියන එක.

9. ඇරෝ කතා මාලාවට තවත් සුපිරි දුෂ්ටයෙක් හදුන්වා දෙනවා. ඒ තමයි Mark Scheffer හෙවත් Sharpnel. කොමික් ලෝකේ චරිතයට වඩා ගොඩාක් වෙනස් හැබයි. මොකද කොමික් වල මෙයාට ලෝහමය ඇඟක් තියෙන්නේ.

10. රෝයි හාපර්, ඇරෝ එක්ක සම්බන්ද වෙනවා නිල වශෙයන් අපි බලාපොරොත්තු වුණු විදිහටම. ඒත් එකක්ම ඔලිවර් කියන්නේ ඇරෝ කියලා දන්න පිරිස එක්කෙනෙක්ගෙන් වැඩි උණා.

11. බ්‍රොන්ස් ටයිගර් ආපහු කතාවට එනවා. ඒ වගේම වෝල්ටර් ස්ටිල්. කාලයක් නැතුව ඉදලා ආව හින්දා මිසක් දෙන්නාගේ කිසිම සම්බන්දයක් නම් නෑ

12. Amanda Waller කණ්ඩායමක් හදනවා. ඒ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ

13. දෙවියනේ ෆෙලිසිටි එන්න එන්නම ලස්සන වෙනවා

#Attila_THE_hun

 



Comic Script ලිපිය

Monday, February 23, 2015

Jean Grey - Phoenix



X-men Part 03

නිව්යෝර්ක්වල ඇනන්ඩේල් ඔන් හඩ්සන්වල බ්‍රැඩ් විද්‍යාලයේ ඉතිහාසය දෙපාර්තමේන්තුවේ ප්‍රොෆෙසර් ජෝන් ග්‍රේ හා ඔහුගේ බිරිද එලයින් ග්‍රේගේ බාලම දුව ජීන් ග්‍රේ..

CX0004
ජීන් අවුරුදු දහයේදි එයාගේ හොදම යාළුවා ඇනී රිචඩ්සන් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට කාර් එකක හැප්පෙනවා.. ඇනී මියයමින් ඉන්න අතර ජීන්ට දනුන දුක නිසා ජීන්ගේ ටෙලිපතික් බලය ක්‍රියාත්මක වෙනවා.. ඇනීට දැනෙන හැම වේදනාවක්ම ජීන්ගේ මනසට දැනෙනවා.. මේ සිදුවීම නිසා ජීන් ලොකු කම්පනයකින් හිට්යේ.. ඒ වගේම ජීන්ට අලුතින් ලැබුන ටෙලිපතික් බලය පාලනය කරගන්න බැරුව හිටියේ..

ජීන්ට වයස එකොළහ වෙනකොට මනෝ වෛද්‍යවරයෙක් ඔහුගේ මිත්‍රයෙක් වන චාල්ස් එක්සේවියර් වෙත ජීන්ව යොමු කරනවා.. ප්‍රොෆෙසර් ජීන් මියුටන්ට් කෙනෙක් කියලා හදුනගෙන ජීන්ගේ දෙමව්පියන්ට නොකියා ජීන්ට විතරක් ජීන් මියුටන්ට් කෙනෙක් කියලා පැහැදිලි කරනවා.. දෙමව්පියන්ට පේන්න ජීන්ට බෙහෙත් දෙන අතරේ චාල්ස් එක්සේවියර් ජීන්ට බලය පාලනය ක්‍රගන්න උදව් වෙනවා.. අවුරුදු දහතුනේදී ජීන්ට ටෙලිකනීසස් පවර් එක ලැබුනට පස්සේ මානසික බලයෙක් වස්තු අහසේ පා කරවන විදිය, වස්තු මනසින් පාලනය කරන විදිය ප්‍රොෆෙසර් එක්සේවියර් ජීන්ට කියලා දෙනවා.. ඒ වගේම චාල්ස් එක්සේවියර් ජීන්ගේ ටෙලිකනීසස් පවර් එකෙන් සෙරීබ්‍රෝ එකත් හදනවා.. අනාථ බාල දරුවෙක් උන ස්කොට් සමර්ස් නින්දේ ඉන්නකොට ඔහුගේ මනස එක්ක සම්බන්ධ වෙනවා දැනුන චාල්ස් එක්සේවියර් ජීන්ගේ ටෙලිපතික් බාධාවන් තවත් පුළුල් කරනවා ජීන් ටෙලිපති පවර් එක හරියට පාලනය කරගන්න පුළුවන් වෙනකම්..

ජීන් තමන්ගේ ටෙලිකයෙන්ටික් පවර් එක පාලනය කරගන්න පුළුවන් නියම මට්ටමට ආවාට පස්සේ ප්‍රොෆෙසර් එක්සේවියර් ජීන්ගේ දෙමව්පියන්ට අළුතෙන් පිහිටුවපු Xavier's School for Gifted Youngstersහි ලියාපදිංචි කරවන්න පොළඹවනවා.. චාල්ස් එකේවියර් තවත් සිසුන් කිහිපදෙනෙක් එකතු කරගන්නකම් ජීන්ගේ දෙමව්පියන්ට මේ අදහස කිව්වේ නෑ.. ඒත් නිල වශයෙන් පාසලේ ලියාපදිංචි වුන පළවෙනි සිසුවා ජීන්.. ජීන් ග්‍රේ පස්වෙනි එක්ස් මෙන් සාමාජිකයා වගේම පළවෙනි කාන්තා එක්ස් මෙන් සාමාජිකාව..

#හෝරස්
comic script ලිපිය

Sunday, February 22, 2015

Arrow - Season 02 Plot 2

*** ------ Arrow ------ ***

Season 2 _ Plot 2

පහුගිය දවස් ටිකේ ඇරෝ කතා මාලාව ගැන විග්‍රහය ගේන්න බැරි වුණු එකට මුලින්ම සමාව ඉල්ලනවා. අපි ටිකක් ඉක්මන් කරලා කතා කරන්න හිතාගෙන ඉන්නේ මොකද මේ වෙද්දී සීසන් 3 භාගයක් විතර ගිහිල්ලා ඉවර හින්දා. මේ ලිපියෙන් සීසන් 2 එපිසෝඩ් 6,7 කියන කොටස් වලට අදාළ ඊස්ටර් එග් පිළිබඳව වැඩි අවධානයක් දෙන්න හිතාගෙන ඉන්නේ. ඒ අතරම වැදගත් සිදුවීම් ගැනත් පොඩි සඳහනක් කරන්න හිතාගෙන ඉන්නේ.
                        

1. A.R.G.U.S සංවිධානය සහ Amanda Waller වලට එකතු වෙනවා. මෙතන දී අපිට හම්බෙන්නේ නිව් 52 රී-බූට් එකේ ඉන්න කෙට්ටු, Amanda මිසක් මුල් කාලේ හිටපු මහත ගෑණු කෙනා නෙවේ. Advanced Research Group Uniting Super-Humans හෙවත් A.R.G.U.S සංවිදානයේ ප්‍රධානියා මෙයා.

2. Lyla Michaels - මෙයා ගැන ඇරෝ එකේ දී කතා වෙන්නේ ඩිගල්ස් ගේ කලින් පෙම්වතිය විතරක් උනාට කොමික් වල නම් මෙයා Harbinger කියලා තමයි හදුන්වන්නේ.

3. ලයිලා බේරා ගන්න ගූලෑග් සිරකඳවුරට ගියාම මේ අය Deadshot වත් බේරා ගන්නවා. A.R.G.U.S සහ Deadshot එකට හම්බුනා කියන්නේ Suicide Squad එක ගැන ඉඟියක් අපිට දෙනවා

4. ලයිලා බේරාගන්න ඔලිවර් උදව් ඉල්ලා ගන්නේ Anatoli Knyazev කියලා කෙනෙක් ගෙන්. මෙයා කොමික් වල ඉන්නේ KGBeast කියන නමින්. මෙයා බැට් මෑන් ගේ විලන් කෙනෙක්. අපිට මෙයා වර්තමාන කතාවේ වගේම ඔලිවර් ගේ අතීත මතකයන් වල දී ත් හම්බෙනවා.

5. ඩිගල්ස් ගේ සහෝදරයා මැරුවේ H.I.V.E. කියන සංවිධානයේ නියෝගයක් පිට කියලයි Deadshot කියන්නේ. H.I.V.E. නැතිනම් The Hierarchy of International Vengeance and Eliminations කියන්නේ DC වල ඉන්න රහසිගත කල්ලියක්. මෙයාලා Deathstroke සම්බන්දයක් තියනවා.

6. කවුන්ට් වර්ටිගෝ ආපහු අපිට හම්බෙනවා. ඒ Earth Quake හින්දා සිර කඳවුරින් එයා නිදහස් වෙන හින්දා. ඒ නිකම්ම නෙවේ, ඩෝල් මේකර් නිදහස් කරගෙන මයි.

7. මොයිරා ක්වීන් ට එරෙහිව නඩුවෙන් අසාමාන්‍ය විදිහට මොයිරා නිදහස් වෙනවා. හැබයි ඒ සිද්ද වෙන්නේ මර්ලින් හින්දා. හැමෝම මැරිලා කියලා හිතාගෙන හිටියට ඒක එහෙම නෙවෙයි.

8. මොයිරා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරිය ගේ නම තමයි Jean Loring. මෙයා කොමික් වල අපිට හම්බෙනවා ඇටෝම් ගේ බිරිඳ විදිහට. පස්සේ මෙයා සැලකිය යුතු චරිතයක් වෙනවා.

9. සෙබස්තියන් බ්ලඩ් එයාගේ වැඩ පිළිවෙලකට වැඩ කරගෙන යනවා. එයාගේ පරීක්ෂණ අතරේ අපිට එක පුද්ගලයෙක් වැදගත් වෙනවා. ඒ තමයි Brother Cyrus කියලා හදුන්වපු කෙනා. මේ බැට් මෑන් ගේ තවත් විලන් කෙනෙක් වෙන Cyrus Gold Solomon Grundy වෙන්න ඉඩ තියනවා.

10. ඔලිවර් ගේ අතීත සිද්දි වල දී අපිට හම්බෙන නැවේ නායකයා ගේ නම Amazo. හැබයි පැත්තක ඉදලා සේරම පාලනය කරන්නේ Dr. Ivo කියන කෙනා. අපිට කොමික් වල දී මේ දෙන්නා හම්බෙනවා. හැබයි ඒ Professor Ivo විදිහට. මෙයා DC යුනිවර්ස් එකේ ඉන්න බුද්ධිමත්ම කෙනෙක්. එයා හදපු මිනිස් රොබෝ කෙනෙක් තමයි Amazo කියන්නේ. විනාශ වුණු ජපන් සබ්මැරීන් එක හොයන්න ගොඩක් මහන්සි වෙනවා

11. ස්ලෙඩ් ගේ මුහුණ බෝම්බ ප්‍රහාරයෙන් පිච්චුනා ට පස්සේ අපිට ලස්සන දෙයක් දකින්න පුළුවන් උනා. කොමික් වල ස්වරුපයට දැන්නම් ගොඩක් සමීපයි.

#attila_THE_hun


Comic Script ලිපිය

Thursday, February 19, 2015

Robin - Dick Grayson

Robin - Dick Grayson


මම අද කතා කරන්න හිතුවේ දැනට කොමික් වල මම දැකපු හොදම ස්යිඩ් කික් එක ගැන.. ඒතමා රොබින් කියන චරිතය.. අපි මුලින්ම ඩික් ග්‍රේසන් දිහාවට අවදානය යොමු කරමු..දැන් නම් මෙයා සයිඩ් කික් එකක් නෙමේ.. ඒත් රොබින් කියන චරිතය මුලින්ම ඔපවත් කරල බැට්මෑන්වත් ඔපවත් කරලා ගන්නෙ ඩික්.. ඒ වගේම මම හිතන විදිහට අපි දන්න කියන පරනම සයිඩ් කික් එක..
                       

අපි පොඩ්ඩක් ඩික් ග්‍රේසන්ගෙ ඉතිහාසය ගැන හොයලා බලමු.. Bob Kane සහ Bill Finger විසින් තමයි අපි හුගක් ආස කරන මේ චරිතය නිර්මාණය කරන්නෙ.. ඇත්තම කිව්වොත් ඩික් කියන්නෙ අපි කාටවත් වෛර කරන්න බැරි චරිතයක්..(කොටින්ම කිව්වොත් අපේ මාවල් ඇඩ්මින්ස්ලත් නයිට්වින්ග්ට මාර ආදරෙයි)මුලින්ම මේ චරිතය අපි හමුවට එන්නෙ 1940 අප්‍රේල් වල නිකුත් වෙන Detective Comics #38 ඉෂූ එකෙන්.. ෆ්ලයින් ග්‍රේසන්ස් කියන ඇක්‍රොබැට් එහෙමත් නැත්තම් ජිම්නාස්ටික් වැඩ දාන සර්කස් පවුලකින් තමා ඩික් පැවත එන්නෙ.. ඩික් පුංචි කාලෙදි (අවුරුදු 8දී) සිදුවන අනතුරකින් එයාගෙ අම්මයි තාත්තයි මැරෙනව frown emoticon මේ සිද්ධිය දිහා පැත්තක ඉදන් බලන් ඉන්න අපේ වීරයා බෲස් වේන්ට තමන්වම ඩික් තුලින් පේනවා.. ඩික්ගෙ භාරකාර පියා වෙන බෲස් වේන් ඩික්ව තමන්ගේ සයිඩ් කික් එහෙමත් නැත්තම් සහායකයා විදිහට තෝර ගන්නව.. බෲස්ට බැට්මෑන් වගේ ඩික්ට තමන්ගේ රහස් නම වෙන්නේ රොබින්.. ඩික් සර්කස් එකේ ඉද්දි නම රොබින් නිසා තමා තමන්ගේ නම විදිහට හුරුපුරුදු රොබින් කියන නම යොදා ගන්නෙ.. මෙන්න මේ විදිහටයි පුරා චරිත 5ක් දිවෙන රොබින් චරිතයේ ආරම්භකයා බිහි වෙන්නෙ.. ඒ වගේම අපිට කොමික් වලදි දැක ගන්න පුලුවන් දෙයක් තමයි ඩික්, බැට්මෑන් වැඩියෙන්ම ප්‍රිය කරන රොබින් කියන එක.. ඔව් තමන්ගේ පුතාටත් වඩා.. මොනා උනත් වයසින් වැඩෙන ඩික් ටීන් ටයිටන්ස් ටීම් එකේ නායකයා ලෙසත් ක්‍රියා කරනවා.. තරුණ වියට එළබෙන ඩික් රොබින් චරිතයෙන් විශ්‍රාම අරගෙන නයිට්වින්ග් කියන සුපිරි වීරයා බවට පත් වෙනවා.. Batman: Knightfall කතා මාලාවෙදි මැට්මෑන් බරපතල ලෙස අසාධ්‍යට
පත් වෙන නිසා බැට්මෑන් ඩික්ගෙන් ඉල්ලා සිටිනව ඩික්ට බැට්මෑන් වන ලෙස.. ඒත් තමන් නයිට්වින්ග් බව ප්‍රකාශ කරන ඩික් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා..ඒත් පස්සෙ කාලෙකදි බැට්මෑන් මිය ගොස් ඇතැයි යන විශ්වාසය මත(Infinite Crisis) ඩික් බැට්මෑන් වීමට තීරණය කරනවා.. බැට්මෑන් ජීවතුන් අතර බව දැන ගන්නා ඩික් බෲස්ට බැට්මෑන් වන්නට දී නැවතත් නයිට්වින්ග් බවට පත් වෙනවා.. ඉන්පසු තමන්ගේ මූලස්තානය නිව්යෝක් නගරය බවට පත් කර ගන්නවා..

ඩික්ගේ ප්‍රාධානතම ෆීස්ට් එකක් ලෙස බැට්මෑන්ගේ ප්‍රධානතම හතුරෙක් වන ඩෙත්ස්ට්‍රෝක්ව පරාජය කිරීම දක්වන්න පුලුවන්(nightwing).. බැට්මෑන්ට උදව් කරමින් හතුරන් කී දෙනෙක් පරාජය කලාද කියල කියන්න ගියොත් මට හෙට වෙනකම් කොටන්න වෙයි.. අපි දැන් ඩික්ගේ හැකියාවන් පිලිබදව පොඩ්ඩක් හොයලා බලමු..

Master Detective: ඩික් කියන්නේ බැට්මෑන් ගාව වැඩිම කාලයක් පුරුදු වුනු සයිඩ් කික්.. අනිවාරයෙන්ම බැට්මෑන්ගෙ ස්කිල්ස් හුගක් ඩික්ට තියෙනවා.. අපරාද පරීක්ෂණ විද්‍යාව,වෙස් වලා ගැනීම් වගේ හුගක් දක්ෂතාවයන් ඩික්ට තියෙනව..ඩික් කියන්නෙ ටිම්ට පමනක් දෙවෙනි වෙන ඩිටෙක්ටිව් ස්කිල්ස් තියෙන රොබින්.. ඩීසී යුනිවර්ස් එකේම දක්ෂතම ඩිටෙක්ටිව්ස් ලා අතර ඩික් ඉන්නවා..

Master Acrobat: උපතින්ම ඩික්ට ඇක්රොබැට් ස්කිල්ස් පිහිටල තියෙනවා.. උපන් දා ඉදන් සර්කස් එහෙක ජීවත් උනු ඩික්ට ජිම්නාස්ටික් සහ ඒ ආශ්‍රිත වැඩ සුලු දේවල්.. DC යුනිවර්ස් එකේ සිටින හොදම ඇක්‍රොබැට් ලෙස සලකන්නෙත් ඩික්.. දෙවෙනියට හොදම ඒ ආශ්‍රිත ස්කිල්ස් තියෙන බෲස් පවා ඩික් තමන්ට වඩා ඒ අංශයෙන් හොද බව පිලි ගන්නවා..

Master Martial Artist: Aikido, Jeet Kune Do, Escrima, Tae Kwon Do, Judo, Wing Chun, Hapkido, Jiu-jitsu, Shotokan Karate, Savate, Kendo, Ninjitsu, Boxing and Tang Soo Do ඇතුලු මාශල් ආට්ස් හුගක ප්‍රවීණයෙක් වෙන ඩික් DC යුනිවර්ස් වල දක්ෂතම මාශල් ආටිස්ට් ලගෙන් කෙනෙක්..

ඒ වගේම භාෂා ගණනාවක් කතා කල හැකි ප්‍රවීණයෙක් ඔහු.

Skilled Leader: බැට්මෑන්ව පසු කිරීමට ඔන්න මෙන්න කියා තිබෙන ඩික්ගේ තවත් දක්ෂතාවයක් තමා දක්ෂ නායකත්වය.. ටීන් ටයිටන්ස්, ද අවුට්සයිඩර්ස් සහ ඇතැම් වරක ජස්ටිස් ලීග් ටීම් එක පව මෙහෙයවපු දක්ෂ නායකයෙක් තමා ඩික් ග්‍රේසන්..

මන් මෙතන සදහන් කලේ ඩික් ගැන ස්වල්පයක් විතරයි.. අපි ඊලග රොබින් ජේසන් ගැන කියන ආටිකල් එහෙකින් නැවත් මුන ගැසෙමු.. අපේ පේජ් එක යාලුවෝ අතරට අරගෙන යාමට පේජ් එකත් ආටිකල්සුත් ශෙයාර් කරන්න අමතක කරන්න එපා.. අපේ ඇඩ්මින් වරුන් මේ කරන ව්‍යායාමයෙන් බලපොරොත්තු වෙන එකම දේ තමයි අපි හැමෝම ආස කරන කොමික්ස් ලංකාවේ ප්‍රචලිත කිරීම.. ඒකට ඔයගොල්ලොත් හුගක් උදවු කරයි කියල අපි පෞද්ගලිකව විශ්වාස කරනවා.. සැමට ජය!!!

<<Percy Jackson>>


Comic Script ලිපිය

Wednesday, February 18, 2015

The Flash Season 1 Episode 14

The Flash episode 14- Fallout

#Spioler_warning

 



මේ episode එක කලින් සතියෙ The nuclear man episode එකේ දෙවැනි කොටස. කලින් සතියෙ episode එක බැලුවෙ නැත්තන් මුලින්ම ඒක බලලා මේ ලිපිය කියවන්න කියලා ඉල්ලා සිටිනවා. මේ සතියෙ හිතුවෙ නැති ගොඩක් දේවල් සිද්ද උනා.

#1-

barry
ගෙ අම්ම නැති වුන දවසේ සිද්දිය joe barryට පැහැදිලි කරනව. දැන් barry අනිවාර්යයෙන්ම එයාගෙ අම්මව බේරගන්න උත්සහ කරනවා. මට හිතෙන විදිහට දැන් barry එයාගෙ powers හරි විදිහට පාවිච්චි කරන්න හදන්නෙ. ඒකිව්වෙ oliver episode 8දි කිව්වා වගේ barryට වෙලාව තියෙනව සටනකට යන්න කලින් එතැන තියෙන හැම වාසියක්ම ප්‍රයෝජනයට ගන්න. ඒත් barry හැම තිස්සෙම එන්නෙ අන්තිම තප්පරේ නිසා මේ වාසිය ප්‍රයෝජනයට ගන්න බැහැ. ඒත් මෙතනදි barry දන්නව මොකද්ද වෙන්නෙ කියලා ඒක නිසා එයාගෙ අම්මව බේරගන්න පොඩි chance එකක් තියෙනව. හැබැයි එයා අම්මව බේරගත්තොත් ....

#2-

එයා මුලු time line එකම වෙනස් කරනවා. මෙතනිදි තමයි Flashpoint එන්නෙ. මට තියෙන ප්‍රශ්නෙ තමයි show එක flashpoint පැත්තට ගියොත් අපිට Batman(Thomas wayne),wonder woman,aquaman වගේ අයව show එකේ බලාගන්න හම්බෙයිද කියන එක. මෙයාලා tv universe එකේ ඉන්නවා අපිට තාම මෙයාලව බලාගන්න අවස්තාවක් හම්බුනේ නෑ. මට හිතන විදිහට Dc ආයතනය flash show එක පාවිච්චි කරන්න පුලුවන් අනිත් universes එක්ක එකතු වෙන්න. Flash විතරයි තමන්ගෙ කැමත්තෙන් වෙනත් සමාන්තර ලෝක වලට යන්න පුලුවන්. කොහොමද Flash නිසා tv universe එකයි movie universe එකයි එකට එකතු උනොත්. එහෙම උනොත් අනිවාර්යයෙන්ම flash එකේ අපිට wonder woman,aquaman,cyborg වගේ අයව බලාගන්න පුලුවන් වෙයි මොකද මේ 3දෙනාගෙම films ඉස්සරහට එන්න තියෙනවා.

#3-

Firestorm
හාහ්. Firestorm කියන්නෙ Dc වල ගොඩක් powerful චරිතයක්. Ronnie සහ stein එයාලගෙ powers පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක පලමු පියවර විතරයි. ඒවගේම flash උනත් තාම එයාගෙ powers සම්පූර්ණයෙන්ම තේරුම් අරන් නෑ. ඒවගේ තමයි firestormටත් තව ටික කාලයක් යයි සම්පූර්ණයෙන්ම එයාගෙ එහෙමත් නැත්තන් එයාලගෙ powers තේරුම්ගන්න.

#4-

Ronnie
ගෙ අත කපාගන්න scene එකනන් මට හිතෙන විදිහට ඕන උනේ නෑ. මොකද මට තේරෙන විදිහට ඒ දෙන්නට පුලුවන් දෙන්නගෙම වේදනාව දැනෙන්න. ඒත් තුවාල ගැනනන් මට පොඩි සැකයක් තියෙනව. කොහොමහරි ronnie තිබුනා martin වගේ තට්ටු කරන්න. Comic වල martin තමා මොළකාරයා. Ronnie තමා වැඩකාරයා. ඒත් show එකේ martin විතරක් නෙවේ ronnie උනත් ගොඩක් බුද්ධිමත්. මට හිතෙන විදිහට මෙතනදි ronnie පොඩ්ඩක් විතර comic වල ඉන්න ronnieට සමාන කරන්න පුලුවන්.

#5-

Caitlin
කියනවා ronnie ආවෙ Coast City වල ඉදන් කියලා. Coast City කියන්නෙ green lantern hal jordanගෙ නගරේ. 1 වෙනි episode එකේ පෙන්නුවා මතක ඇති ferris aircraft.

#6-

මන් දන්නව මන් ඇතුලුව ගොඩක් අයට ඕනා කියලා green lanternshow එකේ. කලින් කිව්වා වගේ flash movie universe එකයි tv universe එකයි එකට එකතු කරොත් අනිවාර්යයෙන්ම අපිට green lantern බලාගන්න. Comic වල green lantern සහ flash කියන්නෙ හොද යහලුවො. ඒක නිසා green lantern hal නැති උනත් hal jordan( green lantern වෙන්න කලින් ) show එකට එන්න පුලුවන් සමහර විට. ඊට අමතරව arrow එකේ ඉන්න John Diggle ඇත්තටම John stewart green lantern වෙන්න පුලුවන් කියලා ගොඩක් අය කියනව. Diggleට රගපාන David Ramsey හිටන් කියලා තියෙනව Diggle green lantern වෙන්න පුලුවන් කියලා සමහර විට. (ඒත් ගොඩක් වෙලාවට මේක කටකතාවකට විතරක් සීමා වෙයි වගේ). Green lanternCW එකට ගේනවනම් john stewartව තමා හරියන්නෙ කියලා මටනන් හිතෙන්නෙ. මොකද green lantern movie එකක් ඉස්සරහට එන්න තියෙන නිසා Dc ආයතනය Halව ඉතුරු කරගනියි film එකට. හැබැයි කලින් කිව්වා වගේ movie සහ tv universe එක එකත් උනොත් අනිවාර්යයෙන්ම halව බලන්න හම්බෙයි.

#7-

Oh yeah harrison wells
තමයි reverse flash. එච්චරම ලොකු පුදුමයක් නෙවේ ඒත් මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට reverse flashගෙ ඇත්ත මුහුණ පෙන්නයි කියලා. මන් දන්නව ගොඩක් අය හිතුවෙ eddie තමයි reverse flash කියලා. මේකෙ තේරුම harrison wells කියන්නෙ show එකේ ඉන්න එකම reverse flash කියන එක නෙවෙ. අමතක කරන්න එපා barryගෙ අම්ම මැරුන තැන තිබුන ලේ wellsගෙ නෙවේ. ඒක eddieගෙ වෙන්න පුලුවන් මොකද joe කිව්ව විදිහට එයාල බැලුවෙ star labs වල හිටපු අයත් එක්ක ගැලපෙනවද කියල විතරයි. Barryjoe ඒ වෙලාවෙ wells සැකයි කියන එක හන්ගන්න බොරුවක් කිව්වද දන්නෑ ඒත් eddie reverse flash වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. හැබැයි wells කියන්නෙ ගොඩක් බුද්ධිමත් කෙනෙක්. එයා barryගෙ අම්මව මැරුවනන් ඒක වහන්න වෙන කෙනෙක්ගෙ ලේ barryගෙ ලේත් එක්ක තිබ්බද කියන්න බෑ.

#8-
තව සැරයක් හොදින් බලාගන්න KING GRODDව. මේ පාර අපිට බලාගන්න හම්බුනා එයාගෙ mind control powers පාවිච්චි කරනව. Gorilla grodd කියන්නෙ ගොඩක්ම ලොකු flash villain කෙනෙක් ඒක නිසා අනිවාර්යයෙන්ම මෙයාව ආයෙ දකින්න හම්බෙයි.

Cisco Facility 27
වල වෙන්නැති එයාලා පිටසක්වල ජීවීන් තියන් ඉන්නෙ කියද්දි මතක් වෙන්නෙ Martian Manhunterවයි flashpoint එකේ ඉන්න supermanවයි. Show එකත් flashpoint පැත්තට යන හින්දා ඒක flashpoint supermanට ගහපු joke එකක් වෙන්නත් පුලුවන්.
------------------
ආයෙ flash එන්නෙ ඒකියන්නෙ episode 15 එන්නෙ තව සති තුනකින්. මන් දන්නව ඇයි CW ඇයි මෙහෙම කරන්නෙ unsure emoticon ඒත් ඒ වෙනකොට අපිට පුලුවන් වෙයි ඉස්සරහට එන්න ඉන්න අය ගැන විශෙශ්ෂයෙන් Lisa snart, Gorilla grodd ගැන දැනුම රැස් කරගන්න. එහෙනම් වෙනත් ලිපියකින් ආයෙත් හම්බෙමු, ජයවේවා !
#Kyle_Rayner
#T02P013

Comic Script ලිපිය


 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates