LATEST :

Saturday, January 31, 2015

Heimdall


Asgardians #5 

The Guardian of Worlds 

ඔන්න අදත් තවත් Asgardian කෙනෙක් ගැන තොරතුරු අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. පෘථිවියේ විතරක් නෙවෙයි අනෙක් ග්‍රහලෝක පාදක කරගත් වීරයන් සහ දුෂ්ඨයන් යන දෙකොටසම සිටින බව ඔයාලා දන්නවනේ. මේ හැම ලෝකයකම මොනවද වෙන්නේ කියලා බලන් ඉන්න කෙනෙකුත් ඔය අතරේ ඉන්නවා. ඒ තමයි ඇස්ගාඩ්වල වික්‍රමාන්විත රණශූරයෙකු වන Heimdall. අද එහෙනම් අපි Heimdall ගැන විස්තර ටිකක් කතා කරමු.

#CA0005 - Heimdall

Heimdall කියන්නෙ කලින් ලිපියෙන් අපි කියවපු Sif ඳෙවඟනගේ සහෝදරයායි. වරක Storm Giantsලා Asgard වෙත පහරදීමට පැමිණෙනවා. එවිට Odin විසින් තමන්ගේ Odin Force එක භාවිතා කරමින් ඔවුන් සියල්ලන්වම වෙනත් ලෝකයකට පළවා හරිනවා. රාජ්‍යයේ වැඩකටයුතු සොයා බැලීමටත්, ආරක්ෂාව ගැන නිරන්තර සැලකිල්ලෙන් සිටීමටත් එකවර අපහසු නිසා ඔහු Asgardවෙත පැමිණිය හැකි දොරටුව වන දේදුණු පාලම(rainbow bridge) නොහොත් Bifrost එකේ සිට ඇස්ගාඩ්පුරය ආරක්ෂා කිරීමට රණශූරයෙකු යෙදවීමට තීරණය කරනවා. ඒ අනුව Agnar, Gotron සහ Heimdall යන තිදෙනාට මේ ක්‍රියාවලිය භාර කරනවා. අපි දැන් දන්නවනේ හැම ඇස්ගාඩියන්වරයෙකුටම විශේෂිත වූ බලයන් හිමියි කියලා. එනිසා මොවුන් තිදෙනා අතරින් Agnarට මුළු ඇස්ගාඩ්වලටම ඇසෙන සේ විශේෂිත යුධ නලාවක් පිඹිමටත්, Gotronට විශාල කාය ශක්තියෙන් Storm Giantsලා හත් දෙනෙකු එක් පහරින් අඩපණ කිරීමටත්, Heimdallට ලෝකයන් අතර වන දේවල් ඇහුම්කන් දෙන්නටත්, දකින්නටත් පිළිවන්. මේ නිසාමත්, Odin විසින් Thorව Midgard සමඟ සම්බන්ධ කරවීමටත් අදහස් දරා සිටි බැවින් Bifrost එකේ සහ Asgard වල ආරක්ෂකයා ලෙස Heimdallව නම් කරනවා. තමන්ගේ දක්ෂකම් ප්‍රදර්ශනය කරමින් මීළඟ Snow Giantsලාගේ ප්‍රහාරයේදී ඔවුන්ගේ නායකයාව අල්ලාදීමට Heimdall සමත් වනවා. මේ නිසාම Odin ඔහුට සම්පූර්ණ Bifrost එකේම ව්අගකීම සදාකාලිකවම භාර දෙනවා.

Odin විසින් Lokiව සිරකොට තබා ඇති ගසකින් Lokiට පැන යාමට ඉඩදීමට අත්වැරදීමකින් Heimdallට සිදුවනවා. Odin විසින් නියම Asgardian වරයෙකුගේ කඳුළු එම ගස අද්දරදී හෙළුනේ නම් Lokiට නිදහස් විය හැකි බවට කර තිබූ බන්ධනය Loki තමන්ගේ කූඨ උපක්‍රම භාවිතයෙන් සඵල කරගන්නට සමත් වෙනවා. ඒ Heimdall එම ගස අසලින් යන විට ගසේ අතු රිකිල්ලක කොළයක් ක්ෂණිකවම ඔහුගේ ඇස මත පතිත කරවමිනුයි. නමුත් Heimdall, Thor සමඟ එක්ව Lokiව අල්ලා ගන්නට සමත් වෙනවා. වරෙක Surtur නැමති ගිණි රාක්ෂයාගේ පහරදීමකින් Bifrost එක කැඩී යාම නිසා ටික කාලයකට Heimdall Asgardහි ආරක්ෂක තනතුරෙන් විශ්‍රාම ගන්නවා. ඔය අතරේදී Heimdall, Amora the Enchantress සමඟ කෙටි කාලීන ආදර සබඳතාවයක් පවත්වනවා. නමුත් ඇය කපටි වංචාසහගත කාන්තාවක් බව දැනගන්නා Heimdall යළි Bifost එක සාදා නිමකිරීමෙන් අනතුරුව Asgardහි ප්‍රධාන ආරක්ෂක සේවයට යළි පැමිණෙනවා. Heimdall රැගෙන යන ප්‍රධානතම උපකරණ දෙක වන්නේ Gjallerhorn නැමති නළාව සහ Hofund නැමති Odin විසින් ඉන්ද්‍රජලික කරන ලද කඩුවයි.

අනෙක් ඇස්ගාඩියන්වරුන්ට මෙන්ම Heimdallටත් විශේශිත වූ හැකියාවන් සහ බලයන් පිහිටනවා. Heimdallට මිනිසුන් මෙන් දස දහස් ගුණයක් ඉක්මවූ ශක්තියක් (Superhuman Strength) පිහිටා තිබෙනවා. එලෙසම ඉතාමත් කඩිසර බවක් (Superhuman Agility), සුපිරි වේගයක් (Superhuman Speed), විශාල ප්‍රත්‍යාවර්තිත හැකියාවක් (Superhuman Reflexes), සුපිරි සවිබලයක් (Superhuman Stamina) සහ අධික දරාගැනීමේ හැකියාවක් (Superhuman Durability) රඳා පවතිනවා. ඒ පමණක් නොවෙයි ප්‍රතිජනක සුවවීමේ හැකියාවක් (Regenerative Healing Factor) එකකුත් පිහිටනවා. ඒ වගේම අනෙක් ඇස්ගාඩියන්ස්ලාට වගේම දිගු කාලයක් ජීවත්වීමේ හැකියාවත් තිබෙනවා.

ඊට අමතරව සාමාන්‍ය මිනිසෙකුට වඩා 3ගුණයක් ඝනකම් සමක්ද ඔහු සතුයි. එමෙන්ම සාමාන්‍ය මිනිසුන්ට වඩා 1000 ගුණයක් වැඩි තියුණු දැනීමේ සහ දැකීමේ ශක්තියක්ද මොහු සතු වනවා. යුද්ධයක් හෝ ගැටුමක් අතරතුරදී තමාගේ මෙන්ම මූර්තියක් සාදා ඒ තුළින් බලය ලබාගැනීමට සහ Thor සමඟ සන්නිවේදනය කිරීම සිදුකිරීමේ හැකියාවත් සතුවෙනවා. තවද Odin විසින් Odin sleep එකට යොමුවීමට පෙර තමා සතු Odin Force එකෙන් කොටසක් Heimdallට ලබ දෙනවා. ඒ Asgard පුරවරය ආරක්ෂා කරවීමට සහ තාවකාලික කෙනෙක් සිටිය යුතු නිසායි. මෙලෙස Odin තමාගේ බලය කාවද්දනු ලබන්නේ Heimdallගේ කඩුව තුළටයි. Thor චිත්‍රපටිවලදී ඒ බව ඔයාලට දැකගන්නට පුලුවන්. ඒ වගේම Odin sleep එක අතරතුරේදී Asgardහි පාලකයා වන්නේද Heimdallයි.

Heimdallගේ ප්‍රධානතම දුර්වලතාවය වන්නේ ඔහුගේ බලයන් මායාබලයන්ගෙන් අවහිර කළ හැකි වීමයි. එනම් magical spells වලින් ඔහුගේ දැනීමේ සහ දැකීමේ ශක්තිය වැළැක්විය හැකි වීමයි. එමෙන්ම superhuman senses ඇති අනෙක් පුද්ගලයන්ට මෙන් විශාල ශබ්ද තරංගයන් ඇතිකිරීම මගින්ද යම්තාක්දුරකට Heimdallව අඩපණ කරන්නටද පුළුවන්.

#CA0005

Scott Summers - Cyclops

X-Men Part 02 (1st X-Men)

ඇමරිකාවේ එයාෆෝස් එකේ මේජර් ක්‍රිස්ටෝපර් සමර්ස්(ඒ.කේ.ඒ කෝසාර්) හා ඔහුගේ බිරිද කැතරින් ඈන්ගේ වැඩිමහල් පුතා තමයි ස්කොට් සමර්ස්.. ස්කොට්ගේ බාල සහෝදරයා ඇලෙක්ස් සමර්ස්(ඒ.කේ.ඒ හැවොක්).. 
CX0003 - Cyclop

කැතඉන්ට තව දරුවෙක් ලැබෙන්න ඉන්න කාලේ(ගේබ්‍රියෙල් සමර්ස් ඒ.කේ.ඒ වුල්කෑන්) නිවාඩුවකට ගිහින් ආපහු ක්‍රිස්ටෝපර් සමර්ස්ගේ පෞද්ගලික ගුවන් යානයකින් ආපහු එනකොට පිටසක්වල ජීවීන් වර්ගයක් වන ෂි'යාර් අධිරාජ්‍යයේ ඔත්තු යානාවක් නිසා හදිස්සියෙම සමර්ස්ලාගේ ගුවන් යානයට ගිනි ඇවිලෙනවා.. කැතරීන් සමර්ස් ස්කොට්වයි, ඇලෙක්ස්වයි ප්ලේන් එකේ තිබ්බ එකම පැරශූට් එකත් එක්ක ගුවන් යානයෙන් පිටට තල්ලු කරනවා.. පැරශුට් එකටත් ගිනි ඇවිලෙනවා.. ඒ වෙලාවේ තමයි ස්කොට්ගේ මියුටන්ට් පවර් එක මුලින්ම ක්‍රියාතමක වෙන්නේ.. ස්කොට් ඇස් දෙකෙන් විකම්ප(සංඝාත ) කදම්බයක් (කන්කශන් බීම් එකක්) විහිදුවලා එයාලා පොළවට වැටෙන වේගය අඩු කරගන්නවා.. ගුවන් යානය පුපුරන්න මොහොතකට කලින් ශි'යාර් යානයෙන් කැතරීන්වයි, ක්‍රිස්ටෝපර්වයි එයාලගේ යානයට ටෙලිපෝට් කරගන්නවා..
පොළවට වැටුණාට පස්සේ ස්කොට්ට දරුණු ඔලුවේ වේදනාවක් ඇති වෙනවා.. ස්කොට්ගේ ඔප්ටික් බ්ලාස්ට් එක පාලනය කරන්න ශක්තිය දෙන මොළයේ කොටසට හානි වෙලා.. මේ අනතුර නිසා අවසිහියෙන් ඉන්න ළම්යි දෙන්නාව රෝහලකට යවනවා.. ජාන විද්‍යඥයෙක් විදියට එතනට එන මිස්ටර් සිනිස්ටර් මේ සහෝදරයෝ දෙන්නාගෙන් වැඩි විභවයක් තියෙන්නේ ස්කොට් සමර්ස්ට කියලා තේරුම් අරගෙන ස්කොට්ට දුර්වලතාවයක් ඇති කරන්න, ස්කොට්ව සංවේදීතාවය නිසා අනතුරකට ලක් කිරීමේ හැකියාව වැඩි කරන්න සහෝදරයෝ වෙන් කරලා ඇලෙක්ස්ව දරුකමට හදාගන්න අරන් යනවා.. මේ සිද්ධියෙන් පස්සේ දවසක් රෑ හීනෙන් බය වෙලා ඇහැරෙන ස්කොට් අතින් රෝහලේ වහල සම්පූර්ණයෙන් විනාශ වෙනවා.. ස්කොට් ආයේ ඇහැරෙනකොට අවුරුද්දක් ගෙවිලා ගිහින්..
ඊළගට රොහලෙන් ස්කොට්ව අනාථ නිවාසෙකට යවනවා.. මේ අනාථ නිවාසේ අයිතිකාර මිල්බරි කියන පුද්ගලයා මිස්ටර් සිනිස්ටර්ගේ මිත්‍රයෙක්.. මිල්බරිත් ස්කොට්ව යොදාගෙන නොයෙක් පරීක්ශන කලා.. සිනිස්ටර් ස්කොට්ට මානසික බාධාවන් ඇති කලා.. ඒ වගේම ස්කොට්ගේ රූම් මේට් වන ලෙෆ්ටි විදියට හිටියෙත් මිස්ටර් සිනිස්ටර්.. ලෙෆ්ටි විදියට සිනිස්ටර් ස්කොට්ට නිතරම නොයෙක් හින්සාවන් කලා ස්කොට්ගේ පෞරුෂය බිදවට්ටන්න.. ස්කොට්ව කවුරු හරි අරන් හදාගන්න කැමති උනත් සිනිස්ටර් නිතරම ඒකට මැදිහත් වෙලා ස්කොට්ව අරන් හදාගන්න අරන් යන එක වලක්වනවා.. 
ස්කොට්ට නිතර් නිතර් ඔලුවේ කැක්කුම් ඇති වෙනවා.. ඒ නිසා ඒ ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් ළගට යවනවා.. මේ වෛද්‍යවරයා විදියට ඉන්න්ත් මිස්ටර් සිනිස්ටර්මයි.. එයා ස්කොට්ට රූබි ක්වාට්ස්වලින් හදපු කණ්ණාඩියක් දෙනවා.. ඒත් ස්කොට්ට පාලනය කරගන්න බැරි විදියේ ඉශාල බලයකින් මේ විකම්ප කදම්භ විහිදෙන්න ගන්නවා.. මේ ඔප්ටික් බ්ලාස්ට් එක නිසා ළග තිබ්බ දොඹකරයක් විනාශ වෙලා ඒකෙන් ඔසවමින් තිබ්බ බර භාණ්ඩ ගොඩ ඒ ළග බය වෙලා හිටපු මිනිස්සු ගොඩක් උඩට වැතෙනවා.. ස්කොට් තවත් ඔප්ටික් බ්ලාස්ට් එකකින් ඒ භාණ්ඩ ගොඩ පුපුරවලා එයාලව බේරගන්නවා.. ඒත් බලා හිටපු අය හිතන්නේ ස්කොට් පාතාල කල්ලියක කෙනෙක් වෙලා ත්‍රස්ත ක්‍රියාවක් කලා කියලා.. ස්කොට් බඩු අරන් යන කෝච්චියක නැගලා පැනලා යනවා..
ස්කොට්ව අහුවෙනවා පරාධකාර මියුටන්ට් කෙනෙක්වන ජැක් වින්ටර්ට.. එයාටම තමා ජැක් ඔ'ඩයමන්ඩ්ස් කියන්නෙත්.. ජැක් ස්කොට්ගේ හැකියාව දැකලා ළමයාව අපරාධ ක්‍රියාවලට බලෙන් සහභාගී කරගන්නවා.. ඒ වගේම ළමයාට බලහත්කාරෙන් ශාරීරික අතවර කරනවා..
මේ අතරේ ප්‍රොෆෙසර් එක්සේවියර් මියුටන්ට්ස්ලාව හොයන්න පටන් අරගෙන.. ෆ්‍රෙඩ් ඩනකන් කියන එෆ් බී අයි ඒජන්ට් එක්සේවියර්ට උදව කරනවා වින්ටර්ගෙන් ස්කොට්ව බේරගෙන එන්න.. ප්‍රොෆෙසර් එක්ස් ස්කොට්ගේ උපාය මාර්ග හැසිරවීමේ විශේෂ දක්ශතාවයයි, නායකත්ව හැකියාවයි අදුනගෙන ඒ හැකියාවන් දියුණු කරගන්න උදව් කරනවා.. ප්‍රොෆෙසර් එක්ස් බලයන් පාලනය කරන්න උගන්නන මියුටන්ට්ස්ලාගෙන් එක්ස් මෙන්ලාගේ පළවෙනි සාමාජිකයා වෙන්නේ ස්කොට් සමර්ස්..

ඇපොකලිප්ස්
CX0003

The Flash : Who is Reverse Flash

Who is Reverse Flash


මේ දවස් වල ගොඩක්ම කතාබහට ලක්වූ චරිතයක් තමයි reverse flash කියන්නෙ. ඒත් අපි තාම දන්නෑ මේ කහ සූට් එක ඇතුලෙ ඉන්නෙ කවුද කියලා. Episode 9 හැරිසන් ගාව සූට් එක තිබුනට ඒකෙ හැරිසන් එඩී ඒවගේම reverse flash එකම තැන ඉන්න සීන් එකක් තිබුනා. එකම පුද්ගලයෙක්ට පුද්ගලයන් දෙන්නෙක් විදිහට එකම තැන ඉන්න බෑනෙ ? Reverse flash හැරිසන්නන් ඒ දෙන්නම කෝමද එකම තැන ඉන්නෙ ?
ඒවගේම episode 11දි අපිට බලන්න පුලුවන් උනා හැරිසන් superhuman speed එකෙන් දුවනව ඒත් එතනදි පෙන්නනවා එයාගෙ powers තාවකාලිකයි කියලා.කෙලින්ම කියනවනන්එයා බාගෙට charge කරපු batteryයක් වගෙ. ඒ වගෙම අර episode 9යෙදි reverse flash උස්සපු device එකෙන් තමා මෙයා තාවකාලික speed force powers ගන්නෙ. ඒත් ඒ device එක උස්සන්න කලින් කොහොමද මෙයා superhuman speed එකෙන් දිව්වෙ මෙයා reverse flashනන්. මගේ අදහස තමා හැරිසන් කියන්නෙ powers නැතුව අතීතෙ හිරවෙලා ඉන්න professor zoom version එකක්. ඒවගේම reverse flash කියන්නෙ හැරිසන්ගෙ එහෙමත් නැත්තන් eobard thawneගෙ powers තියෙන අනාගත version එකක්. අපි හිතමු මෙහෙම, මන් 2020 ඉන්නෙ කොහොමහරි මාව 2015 හිරවෙනවා ආපහු මගේ කාලෙට යන්න බැරුව. මන් හදනව අනාගතේ ගැන දන්න computer එකක්. ඒකෙන් පුලුවන් අනාගතේ අයත් එක්ක කතා කරන්න. ( නිකන් මතයක් විතරයි) flash කරන දෙයක් හින්ද මට 2025දි powers හම්බෙනව. මට පුලුවන්නන් 2025 ඉන්න මන් එක්ක කතා කරන්න ඒවගේම 2025 ඉන්න මට පුලුවන්නන් කාලය හරහා යන්න මෙතනදි පුලුවන් නේද එකම කෙනාට එකම වෙලාවෙ එකම තැන පුද්ගලයන් දෙන්නෙක් වගේ ඉන්න. ඒත් මෙතනදි එඩීගෙ සම්බන්ධය මොකද්ද ඇයි reverse flash එඩීව මැරුවෙ නැත්තෙ? මෙතනදි අපිට thawne කියන නම ඇදල ගන්න පුලුවන් මොකද reverse flashගෙ ඇත්ත නම eobard THAWNE. අපිට මෙතනදි හිතන්න පුලුවන් එඩී කියන්නෙ Eobardගෙ සීයා එහෙමත් නැත්තන් සීයගෙ සීය කියල. එඩීව මැරුව කියන්නෙ eobard කියන කෙනෙක් අනාගතේ නෑ කියන එක. මට තේරෙන්නෙ නැත්තෙ මෙතන දකුණු පැත්තෙ උඩම පින්තූරය දිහා හොදින් බලන්න. දෙන්නම එකම උස එකම ඔලුවෙ හැඩේ සහ එකම ඇගේ සයිස් එක තියෙන්නෙ. ඒක නිසා මෙතනදි මේකයි නමයි දෙකම එකතු කරලා බලද්දි හිතන්න පුලුවන් එඩී කියන්නෙ eobard කියන නම කෙටි කරලද කියල එහෙමනන් එඩීද reverse flash ?

මට තියෙන තව ප්‍රශ්නයක් තමා හැරිසන් සහ එඩී කියන්නෙ
reverse flash
ල දෙන්නෙක්ද කියන එක.
Harrison=hunter zolomon
Eddie=eobard thawne

හැරිසන් සහ හන්ටර් දෙන්නම රෝදපුටුවක ඉන්නෙ.මන් දන්නව හැරිසන්ට ඇවිදින්න
පුලුවන් කියල ඒත් ඒ powers තියෙන කොට වෙන්න බැරිද powers නැතිවුන ගමන් මෙයාට ඇවිදින්න බැරිවෙන්න වෙනව වෙන්න බැරිද episode 11දි වගේ. ඔයාලගෙ අදහස් මොනවද reverse flash ගැන. ඒවගේම reverse flash කවුරු කියලද හිතන්නෙ, එඩීද හැරිසන්ද එහෙමත් නැත්තන් වෙන කවුරුහරිද ?

#Kyle_Rayner

Comic Script ලිපිය

Friday, January 30, 2015

Sif

The Goddess of War

Asgardians පිළිබඳ ලිපි පෙළේ ඊලඟ ලිපිය වෙන්වන්නේ සුන්දර සුරූපී රණශූර දෙවඟන වන Sif පිළිබඳවයි. Fairest of the fair, Glentlest of the Gentle, Lady Sif, Daughter of the Asgard යන අන්වර්ථ නාම රැසකින් හඳුන්වන Sif, Asgardහි මුර ආරක්ෂක භටයා වන Hemidallගේ සොහොයුරියයි.
#CA0004 - Sif


Sif කුඩාකාලයේදී ඇගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම රන් පැහැව තිබූ බව Earth 616 Comic series එකේ සඳහන් වනවා. කුඩා කල පටන් Thor සහ Loki සමඟ එකට කෙළිදෙලෙන් ගතකරන සමයේදී එක් දිනක Sif නිදා සිටින විට ඊර්ෂ්‍යාකාර Loki විසින් ඇයගේ රන්වන් පැහැති කෙස්වැටිය කපා දමා තිබෙනවා. ඉන්පසුව ඇගේ කෙස්වැටිය වැවෙන්නේ තනි කළු පැහැයෙනුයි. ඔය අතරේදීයි Thorගේ සහ Sifගේ ආදර කථාව දළුලා වැඩෙන්නට පටන් ගන්නේ. මේ දෙන්නගෙ ආදරයට කෙනෙහිලිකම් පාන්නට, ගතු කියන්නට Loki උත්සහ කළත් යම්තාක් දුරකට ඔවුන් දෙදෙනා හොඳ ආදරවන්තයන් බවට පත්වෙනවා. නමුත් Thorගේ හිත පෘථිවියේ Jane Foster වෙත ගිය නිසා Sif සමඟ තිබූ ආදර සම්බන්ධය නතරවී යනවා.

කොහොම වෙතත් Odin, Janeට වැඩි කැමැත්තක් නොදක්වන නිසාත්, Thor වැඩි කාලයක් පෘථිවිය ගැන සොයා බලන්නට වෙහෙසෙන නිසාත් Odin විසින් Sifව Asgard වල රැජිනක් ලෙස නම් කරනවා. ඔය අතරේ Jane Foster අසනීප තත්වයක් නිසා මිය යමින් පවතින විටදී Sif ඇගේ අසනීප තත්වය සුව කරනවා. ඒත් එක්කම Janeව මායාකාරයෙකු පැහැරගත් අවස්ථාවකදී පවා Sif ඇයව සොයා දෙන්නට ඉදිරිපත් වෙනවා. Janeට පෘථිවියේ තවත් පෙම්වතෙකු සිටින බව Thorට දැනගන්න ලැබෙන්නේ ඊට පසුවයි. මෙයින් පසු යළි Asgard වෙත පැමිණෙන Thor යළි Sifට ආදරය ප්‍රකාශ කර ඇයව යම් දිනක විවාහ කරගන්නා බවටද පොරොන්දු වෙනවා.

Sif කියන්නේ ලස්සනට හිටියට සටන් කරන්න ගත්තාම ලස්සන පැත්තකින් තියලා සටනට මූලිකත්වය දෙන කෙනෙක්. ඉතාමත් සුවිශේෂී සටන් කිහිපයකින් Asgard ආරක්ෂාකිරීමටද මැය දායක වී තිබෙනවා. Dark Elvesලා නගරයට පහර දෙන විට මාළිගය සහ නගරය ආරක්ෂා කිරීමට සටන් පෙරමුණේ මූලිකත්වය ගන්නේ Sif විසිනුයි. එමෙන්ම Titanium Manව, Leirව සහ American War Veleransලාව පරාජය කිරීමටද Sif සමත් වෙනවා. මේ අතරේ Hela නැමති මායා දෙව්දුව Sifව පැහැරගෙන යනවා. මේක අරංචි වන Thor මායා දෙව්දුව හමුවී Sifගේ ජීවිතය වෙනුවට තමන්ගේ ජීවිතය ගන්නා මෙන් නොබියව පවසනවා. තමන් ඇයට කොපමණ ආදරය කරනවාද කියා Thor පවසන්නේ Sif ඉදිරියේදීමයි. ඉන් පැහැදෙන Hela දෙව්දුව ඔව්න් දෙදෙනාවම නිදහස් කර යවනවා.

කෙසේ නමුත් අවසන Ragnarok Circle එක අතරතුරේදී සතුරන් විසින් මායාකර්ම කරන ලද ආයුධයක් ඇනී Sif මිය යනවා. නමුත් sifගේ ආත්මය වයසක කාන්තාවකගේ ශරීරය තුළ රැඳෙනවා. Dr. Blake සහ Jane විසින් Sifගේ ආත්මය සිරවී සිටින කාන්තාව සොයාගන්නවා. මේ කාන්තාව පිළිකාවකින් මරණාසන්නව සිටින කෙනෙක්. හැකි ඉක්මනින් Thorගේ උදව් සහ Lokiගේ උපදෙස් අනුව ඔවුන් Sifට යළි ජීවිතය ලබා දෙනවා. නමුත් Sifගේ ආත්මය රැඳී තිබුණු කාන්තාව මිය යනවා. නැවතත් Thor ඇතුළු පිරිස Midgard Serpent සමඟ සටන් වැදුනත් මේ අවස්ථාවේදී Thor මිය යන්නේ Thor ‍යුගයක අවසානය සනිටුහන් කරමිනුයි. Thorගේ අවසන් කටයුතු සඳහා Sifද සහභාගී වන බවත් comic පොත් වල සඳහන් වනවා.

දැන් අපි Sifගේ තිබෙන ශක්තීන් සහ හැකියාවන් ගැන සොයා බලමු. Odinට වගේම Sifටත් මිනිසුන් මෙන් දස දහස් ගුණයක් ඉක්මවූ ශක්තියක් (Superhuman Strength), ඉතාමත් කඩිසර බවක් (Superhuman Agility), සුපිරි වේගයක් (Superhuman Speed), දිගු කාලයක් ජීවත්වීමේ හැකියාවත් පමණක් නොවෙයි ප්‍රතිජනක සුවවීමේ හැකියාවක් (Regenerative Healing Factor) එකකුත් පිහිටනවා. ඒ වගේම සිතූ තැනින් තවත් තැනකට teleport වන්නටත්, අනෙක් Asgardian වරුන්ගේ ශක්තියෙන් කෙටි ආරෝපණයක් ලබා ගෙන එමගින් තමාව ශක්තිමත් කරගන්නත් Sifට පුලුවන්. ඇගේ කඩු හරඹ වලට ඇති දක්ෂකම නිසා ඇයට වඩා දක්ෂ රණකාමී කාන්තාවක් ඇස්ගාඩ්හි දැනට නැහැ.

SmAsHeR
CA0004

Thursday, January 29, 2015

Marvel Multiverse



අපි මීට කලින් ඔයාලට DC මල්ටි වර්ස් එක ගැන කරුණු ගෙනවා මතක ඇති. සමහර අයට නම් ඒක ටිකක් පැටලිලි සහගත උණා. ඒත් ඉස්සරහට අපි ගේන්න ඉන්න සමහර කරුණු වලට මේ ගැන පොඩි දැනුමක් හරි තියන එක ගොඩක් වැදගත් වෙනවා. අද අපි මාවෙල් වල මල්ටිවර්ස් ගැන කතා කරමු.
#G0010 - Marvel Multivers

මල්ටිවර්ස් ගැන ඉගෙන ගන්න කලින් Omniverse කියන සංකල්පය ගැන දැනුවත් වෙන්න වෙනවා. Omniverse එකක් කියන්නේ මේ දක්වා නිර්මාණය වුණු, පහල වුණු සහ අනාගතයේ පහළවෙන හො නිර්මාණය වෙන ඕනෑම යථාර්තයක් ඇතුලත් වන එකතුවට. අපි ගණිතයේ ඉගෙන ගත්ත සර්වත්‍ර කුලකය මතකද? අන්න ඒ වගේ එකක්. සරලවම කියනවා නම් ඕනෑම දෙයක් තියෙන්නේ ඒක ඇතුලේ. ඒ කියන්න බැට් මෑන්, සුපර් මෑන් ගේ ඉදලා හල්ක්, තෝර් ලා දක්වාත්; සූර පප්පා, ජිම් පප්පා ගේ ඉදන් ක්‍රිස්ටෝපර් කොලම්බස් දක්වාත්; කොටින්ම කියනවා නම් අපි ජිවත් වෙන ලෝකෙත් අයිති වෙන්නේ මේ කියන Omniverse එකට. ඉතින් මේකට අයිති එක කොටසක් තමයි මාවෙල් Multiverse එක.

අපි දැන් බලමු Multiverse කියන්නේ මොකක්ද කියලා. සරලවම කියනවා නම් Multiverse එකක් කියන්නේ universe ගොඩක එකතුවක්. දැන් එතකොට universe එකක් කියන්නේ මොකක්ද? universe එකක් කියන්නේ පැවතිය හැකි යථාර්තයක්. පැහැදිලි මදි වගේ ද? අපි හිතමු ඔන්න හා පුරා කියලා අපේ ස්ටෑන් ලී මහත්තයා ලියන්න පටන් ගන්නවා කතාවක්. වීරයෙක් හැදුනා. පොර මිනිස්සු බේරා ගත්තා. පොර මැරිලා ගියා. මේ සේරම එකම universe එක. එතකොට ඔන්න ස්ටෑන් ලී මහත්තයා වීරයෝ සෙට් එකක් ගැන ලියනවා. තාමත් අපි ඉන්නේ අර universe එකේ මයි. එතකොට කොහේදෝ ඉදන් ඇවිත් රෝයි තෝමස් මහත්තයාත් ලියනවා කතාවක්. තවම අපි ඉන්නේ අර universe එකේ මයි.
මෙහෙම යද්දී ස්ටෑන් ලී මහත්තයා හිතෙනවා මෙහෙම බෑ වෙන චරිතයක් ඕනේ කියලා. පොර ගේනවා තෝර් කියලා දෙවි කෙනෙක්. තෝර් ගත්තාම එයා පෘතුවිය වගේ එක රාජධානියක් විතරක් නෙවේ තව ඒවා 8 ක් ගැනම දන්නවා. මේ සේරමත් අයිති එකම universe එකකට. ඒ තමයි Marvel Universe එහෙමත් නැතිනම් Earth-616 කියන Universe එක.
මීට අමතරව අපිට හම්බෙනවා වෙනත් මානයන් ගෙන් මේ universe එකට එන Annihilus, Dormammu වගේ චරිත. මේ අය ප්‍රධාන universe එකේ සිද්ධි දාමයට හානියක් නොකරන තාක් කල් අපි තවමත් ඉන්නේ එකම universe එකේ. මේ විදිහේ universe ගොඩක් තියනවා. මේවා අතර අන්තර් ක්‍රියා සිද්ද වෙනවා. කලින් කියපු චරිත ආපු Negative Zone එක, Dark Dimension මාන වගේ තව වෙනත් මානයන් වලට අමතරව ප්‍රධාන universe එකේ දේවල් වල ප්‍රති විරුද්ද පැත්ත ඇතුලත් වෙන counter earth එක අයිති වෙන්නෙත් එකම universe එකට.

මම හිතනවා දැන් universe එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇති කියලා. හැබයි අපිට මේ ප්‍රධාන universe එකේ චරිතයක් වෙනස් විදිහට කතා කරන්න ඕනේ නම් (dc මල්ටිවර්ස් ලිපියේ මේ ගැන විස්තර කරා), එහෙමත් නැතිනම් ප්‍රධාන universe එකේ ඉන්න චරිතයක් කරන දෙයක් හින්දා universe එක වෙනස්
වෙනවා නම් අලුතෙන් universe එකක් හැදෙනවා. සරලම උදාහරණය තමයි DOFP ෆිල්ම් එකේ දී වුල්වරින් අතීතය වෙනස් කරන හින්දා එයා ආපහු අවදි වෙන්නේ වෙනස්
අවදි වෙන්නේ වෙනස් universe එකක. මෙන්න මේ වගේ universe ගොඩක්, වෙනස් වෙනස් මානයන් එකතු වෙලා තමයි මාවෙල් Multiverse එක හැදෙන්නේ.

මේකේ තියන ගොඩක් ඒවා අතරින් අපිට වැදගත් කිහිපයක් විතරක් අපි කතා කරමු.
1. Earth-616 (Marvel Main Universe) - මේක තමයි ප්‍රධාන සිද්දි සේරම වගේ සිද්ධ වෙන තැන. තව ටික කාලෙකින් ඉවරෙටම ඉවර කරලා දාන්න යනවා කියලා කියන්නෙත් මේක. අපිට චරිත දෙකක් සංසන්දනය කරන්න ඕනේ නම් මේ universe එක තමයි භාවිතා කරන්න ඕනේ.
2. Earth-1610 (Ultimate Marvel) – 2000 අවුරුද්දේ අලුතෙන් පටන් ගත්ත කතා මාලාවට පාදක උනේ මේ universe එක.
3. Earth-92131 (Animated Marvel) - X-Men: The Animated Series, X-Men Adventures, Adventures of the X-Men and Spider-Man: The Animated Series කියන ඇනිමේෂන් කතා මාලා අයිති වෙන්නේ මේ universe එකට.
4. Earth-199999 (Marvel Cinematic Universe /MCU) - මේක තමයි අපිට ගොඩාක් සමීපම. මාවෙල් සමාගම හදන චිත්‍රපටි සේරටම පාදක වෙන්නේ මේ universe එක. ඒ හින්දා තමයි එයාලට කැමති විදිහට කොමික් වල දේවල් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. උදාහරනයක් විදිහට ෆිල් කෝල්සන් ශිල්ඩ් එකේ ඩිරෙක්ටර් වෙන්නෙත්, ඈන්ට් මෑන් වෙනුවට ටෝනි අල්ට්‍රෝන් හදන්නෙත් මේ හින්දා. ඒ වගේම තමයි දැනට ෆොක්ස් සමාගමට අයිති ෆැන්ටාස්ටික් ෆෝර් සහ එක්ස් මෙන් ලාත්, සෝනි සමාගමට අයිති ස්පයිඩර් මෑනුත් නැතිව කොමික් සිද්දි ෆිල්ම් එකට නගන්න පුළුවන් වෙන්නෙත් මේක වෙනම universe එකක් හින්දා. මොකද මේ universe එකේ දැනට ඒ චරිත නැති හින්දා. අපිට ඕනේ නම් වෙනම universe දෙකක් හදා ගන්න පුළුවන් ෆොක්ස් සමාගමට සහ සෝනි සමාගමට.
5. Earth-928 (Marvel 2099) - මේක අනාගතයේ ඒ කියන්නේ වර්ෂ 2099 දී ලෝකය පවතින්න පුලුවන් ආකාරයක්. මේක Earth-616 අයිති වෙන්නේ නැත්තේ අපිට කියන්න බෑ Earth-616 මොන විදිහට වෙනස් වෙන්න පුලුවන්ද කියලා. හැබයි දැන් තියන විදිහට සිද්ද වෙනවා නම් ඒක Earth-928 බවට පත් වෙනවා. අපි හල්ක් ගැන කතා කරද්දී දැන ගත්ත Maestro හල්ක් අයිති වෙන්නේත් මේ universe එකට.

මෙතන අපි කතා කලේ කිහිපයක් විතරයි. තව ගොඩාක් තියනවා මේ විදිහට. මේ අතරින් Earth-148611 (New Universe) සහ Earth-93060 (Ultraverse) වගේ ඒවා ටිකක් වෙනස්. මොකද ඒවා අනිත් universe එක්ක සම්බන්ධයක් නැතුව ස්වාධීනව පවතින ඒවා. ඒ හින්දාම ඒවා Megaverse කියලාත් හදුන්වනවා.
අපි මේ කතා කෙරුවේ ගොඩක් සරලව. මොකද ඉස්සරහට එන්න තියන ලිපි වලට මේ කරුණු වැදගත් හින්දා.

Wednesday, January 28, 2015

Odin Borson

The God of Wisdom
Asgardiansලා ගැන පළ කරන අපේ 3වන ලිපියෙන් අපි Odin Borson ගැන කථා කරන්න තීරණය කළා. Odinගේ උත්පත්තිය සම්බන්ධව හරි හැටි විස්තරයක් හොයාගන්නට අමාරුයි. Comic වල සඳහන් වන හැටියට Odinගේ පියා ඇස්ගාඩියන්වරුන්ගෙන් ප්‍රථමයෙකු වන Bor ලෙසටත්, මව mountai giantess කෙනෙකු වන Bestla ලෙසටත් සැලකෙනවා. ඒ විතරක් නෙවෙයි Odinට තවත් සහෝදරයන් දෙදෙනෙකු සිටිනවා. ඔවුන් නමින් Vill Borson සහ Ve Borson වනවා. කුඩා කාලයේදී මොවුන් තිදෙනා Surtur නැමති ගිණි රාක්ෂයාගේ බල ප්‍රදේශයක සංචාරය කරද්දී Vill සහ Ve Surturගේ ප්‍රහාරයකින් මිය යනවා. Odinගේ දිව්‍යමය ශක්තියශාසීමිත ලෙස වැඩිවන්නටද හේතුව මෙය ලෙස හඳුන්වන්නට පුලුවන්. ඒ කියන්නේ මියගිය සහෝදරයන්ගේ ශක්තියත් Odin තුළට ඇවිල්ලා කියන එකයි.
#CA0003 - Odin

Odin කියන්නේ අපි හැමෝම දන්න Thorගේ සහ හදාවඩාගත් පුත් Lokiගේ පියා. වරෙක තම පියා Storm Frost Giantsලා එක්ක කරන සටනකදී frost Giant කෙනෙක් විසින් Borව අයිස් වලින් මුදවනවා. එතැනට පැමිණෙන Odin හිතාමතාම තම පියාව අයිස්හි මිදෙන්නට හැර ජයග්‍රහණය තනිව ලබාගත්තා යැයිද සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී Bor විසින් කරන ලද ශාපයක් නිසා පසුකාලෙක Odinට Lokiව හදාවඩා ගන්නට වුණා කියලයි Lokiගේ Comic පොත්වල සඳහන් වෙන්නේ.

Odin විසින් Asgard වල විශේෂිත සටන් කිහිපයකටම දායක වෙලා තියෙනවා. Rimthursar නැමති මායා දෙවිඳුන් සමඟ කළ සටනේ ප්‍රතිඵලයක් ලෙසට Thorගේ සැබෑ මව හමුවූ බවටත් එයින් පසු Thorගේ උපතට එය බලපෑ බවත් සඳහන් වෙනවා. තවද Kryllik සහ ඔහුගේ හමුදාව සමඟ කළ සටනද, Millennius සමඟ කළ සටනද, Mangog නැමති Snow Giant සමඟ කළ සටන සහ Laufey නැමති Frost Giant සමඟ කළ සටනද කැපී පෙනෙනවා. මේ සටන්වලට Odin තමන්ගේ කළු කපුටන් කිහිපදෙනාද රැගෙන යන අවස්ථාද බොහොම බව Earth 616 series එකේ සඳහන්. ඔවුන් පිළිවෙලින් සිතිවිලි, මතකය, ලොල් බව සහ මහත් කෑදරකම පිළිඹිඹු කළා කියලා සටහන් වෙනවා.

දැන් අපි Odin සතු ශක්තීන් සහ හැකියාවන් ගැන කතා කරන්නට ගනිමු. අපි දන්නවනේ Odin කියන්නේ දෙවියන්ගේත් විශිෂ්ඨයෙක් කියලා. ඒ නිසාම Odinට මිනිසුන් මෙන් දස දහස් ගුණයක් ඉක්මවූ ශක්තියක් (Superhuman Strength) පිහිටා තිබෙනවා. එලෙසම ඉතාමත් කඩිසර බවක් (Superhuman Agility), සුපිරි වේගයක් (Superhuman Speed), විශාල ප්‍රත්‍යාවර්තිත හැකියාවක් (Superhuman Reflexes), සුපිරි සවිබලයක් (Superhuman Stamina) සහ අධික දරාගැනීමේ හැකියාවක් (Superhuman Durability) රඳා පවතිනවා. ඒ පමණක් නොවෙයි ප්‍රතිජනක සුවවීමේ හැකියාවක් (Regenerative Healing Factor) එකකුත් පිහිටනවා. ඒ වගේම අනෙක් ඇස්ගාඩියන්ස්ලාට වගේම දිගු කාලයක් ජීවත්වීමේ හැකියාවත් තිබෙනවා.

Odin සති ප්‍රධානම හැකියාව වන්නේ Odin Force එකයි. Odin Force කියන්නේ අධික මායා ශක්තියක් අඩංගු දෙයකටයි. මෙමගින් Odinට මිනිසුන් විශාල ප්‍රමාණයක් එක් සිතිවිල්ලකින් විශ්වයේ කොහේ හෝ ස්ථානයකට යොමුකිරීමේ හැකියාවත්, එලෙස යොමුකරන්නවුන්ගේ සිත් කියවීමටත්, ශක්ති කදම්භ මගින් පහර දීමටත්, පදාර්ථය විවිධ විවිධ අරමුණු වලට යොමු කරවීමටත්, විනිවිද යා නොහැකි ස්ථර ක්ෂේත්‍ර මැවීමටත්, නරගක්ම පුරා අහසින් ආරක්ෂා කිරීමට ආරක්ෂා පලිහක් ක්ෂණයකින් මැවීමටත්, වස්තූන් වෙතට බලය ලබාදීමටත්, සම්පූර්ණ ග්‍රහ ලොවකම ජනාවාසය එක් අයෙකු බවට පත්කිරීමටත්තරම් හැකියාවක් ලැබෙනවා. මේ නිසාම Marvel Comics වල ප්‍රබලම චරිත දෙකක් වන Silver Surferව සහ Thanosව එක් ආලෝක කදම්භ පහරකින් බිම දැමීමටත් Odin සමත් වෙනවා. මේ නිසාම ඔහුව God of Wisdom ලෙසිනුත් Comic පොත් වල නම් කර තිබෙනවා.

මෙච්චර වෙලා Odin සතු ශක්තීන් සහ හැකියාවන් ගැන කථා කළානේ. එහෙනම් අපි බලමු Odin සතු දුර්වලතා මොනවද කියලා. Odin සතු ප්‍රධානම දුර්වලකම තමයි Odin Sleep එක. හැම අවුරුද්දටම එක පාරක් Odin මේ තත්වයට පත්විය යුතු වනවා. සරලව කිව්වොත් Odin Force එක නැවත ආරෝපණය කරගන්නට(recharge) යම් ආකාරයක නින්දක් ලබාගත යුතු වනවා. ඒ නින්ද සමහර විට දිනයක්, දෙකක් හෝ සතියකට වැඩි කාලයක් වන්නටත් පුලුවන්. මේ වකවානුවේදී Odin සාමාන්‍ය මනුෂ්‍යයෙකු හා සමාන වනවා. ඒ කියන්නේ මේ Odin Sleep එක අතරතුරදී ඔහුව මරා දමන්නටත් පුළුවන්. Film එකේදි Loki විසින් Odinව මරන්න එන්නේත් මේ Odin Sleep එක අතරදි කියලා හැමෝටම මතකයිනේ.

SmAsHeR
CA-0003

Tuesday, January 27, 2015

The Flash Season 1 Episode 05



The Flash episode 5 - plastique





#spoiler_warning

#1- General Wade Eiling
General Eiling කියන චරිතය comic වලට මුලින්ම එන්නෙ 1987 Captain Atom issue 1 එකෙන්. Comic වලනන් මෙයා ගොඩක්ම වෙනස් (#2) ඒත් tv series එකේ මන් හිතන්නෙ නෑ මෙයා #2 පින්තූරෙ වගේ පෙනුමක් ලැබෙයි කියලා, ආයෙ මෙයා දකින්න හම්බෙයිද කියත් සැකයි. මෙයා suicide squad එකේ හිටන් ඉදලා තියෙනව. Captain Atom සහ Major Force කියන චරිත දෙක නිර්මාණය කිරීමට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මෙයා.

#3- Plastique
Bette sans singh එහෙමත් නැත්තන් plastique මුලින්ම comic වලට එන්නෙ 1982 Fury of Firestorm 7 වෙනි issue එකෙන්. මුලින්ම මෙයා new york Herald Express එකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න හදනව කොහොමහරි පස්සෙ firestorm මෙයාව නවත්තනවා. පස්සෙ තමා මෙයාට genetic engineering මාර්ගෙන් powers හම්බෙන්නෙ.

#4- මේක easter egg එකක් නෙවේ ඒත් මන් හිතුවා මේක දාන්න. Joe දන්නව barry irisට ආදරේ කරනවා කියලා. මේ වෙනකොට iris ඇරෙන්න හැම කෙනෙක්ම දන්නවා මේක ගැන. ඒ වගේම barry කියන්නෙ flash කියල නොදන්නෙ දැනට iris විතරයි. ( ප්‍රධාන චරිත වලින් )

#5- Episode 1 එකේදී වගේම මේ Episode එකේදිත් අපිට wells ගැන පොඩි චිත්‍රයක් මවාගන්න පුලුවන්. මේක නිසා wells කියන්නෙ අනාගතෙන් ආපු barry කෙනෙක් කියල තිබුණු අදහස ගොඩක් දුරට අයින් කරන්න පුලුවන්.

#6- කතාව අන්තිමේදී plastique මැරුනත් අමතක කරන්න එපා comic ලෝකෙ කවුරුත් වැඩිකල් මැරිලා ඉන්නෑ ලියන එක ( හේතුව අහන්න එපා ) plastique කියන්නෙ dc වල ගොඩක් ලොකු චරිතයක් ඒක නිසා මන් හිතන්නෑ මෙයාව දකින්න හම්බුන අන්තිම පාර මේක කියලා.
#7- මේ episode එකේ flashගෙ වේගෙ වැඩි කරගන්න එකට අමතරව flashට කරන්න පුලුවන් අනිත් දේවල් ගැන ගොඩක් අවදානය යොමු උනා කියලා මන් හිතනව. බිල්ඩිමක් මත දුනවන එක සහ වතුර මත දුවන එක ඇරෙන්න තව ගොඩක් දේවල් flashට පුලුවන්. තව ඉස්සරහට මේ දේවල් බලන්න හම්බෙයි කියලා මන් හිතනවා.

#8- grodd එහෙමත් නැත්තන් gorilla grodd කියන්නෙ flash villain කෙනෙක්. මේ episode එකේද අපිට groddව බලාගන්න පුලුවන් උනා.මෙයා ගැන මගේ මතය තමයි මෙයාටත් metahuman powers හම්බෙයි කියන එක. මොකද star labs එකේ particle accelerator එක පුපුරන කොට මෙයත් හිටියා star labs වල. මන් හිතන්නෙ මෙයාට ගොඩක් හොද දැනුමක් සහ කතා කිරීමේ හැකියාව වගේ දේවල් පුලුවන් වෙයි ඊලග පාර මෙයාව දකින කොට. ප්‍රශ්නෙ තමා මෙයා මේ season එකේ එයිද නැත්තන් ඊලග season එකේ එයිද කියන එක.

#Kyle_Rayner

#T02P005

Comic Script ලිපිය



Monday, January 26, 2015

Thor - Part 01

The God of Thunder

අපේ කලින් ලිපියේ Loki ගැන ගෙනාව නිසා අද Thor ගැන විස්තරයක් ගෙන එන්නට අපි තීරණය කළා. මුලින්ම කියන්න ඕනේ Thor කියන චරිතය Marvel Comics වල මුල් බැසගත් ඉතාම වැදගත් වගේම ලොකු විස්තරයක් සහිත චරිතයක්. ඒ නිසා කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා අපි කොටස් කිහිපයක් ලෙසින් Thor ගැන විස්තර ගෙන එන්නට සූදානම්. අද අපි තෝර්ගේ සම්භවය සහ යොවුන් විය සම්බන්ධව කතා කරමු.

Thor කියන්නේ Asgard වල කෙනෙක්. ඇස්ගාඩියන්වරුන්ට උපතින්ම බලයන් හිමියි. Thorගේ පියා තමයි අපි හැමෝම දන්න Odin. Odin තමයි මුළු Asgard වලම පාලකයා. තෝර්ගේ මව විශ්වයේ Elder God කෙනෙක් වෙලා හිටපු Jord නොහොත් Gaea දෙවඟනයි. නමුත් Thorගේ මව ලෙස ඔහුව හදාවඩා ගන්නේ Odinගේ තවත් බිරිඳක් වන Frigga දෙවඟන විසිනුයි. Odin විසින් තම පුතුගේ බලය Asgard වලදී සහ Midgard වලදී යන දෙකේදීම ලබාදිය යුතුය යන තීරණයකට එළඹ සිටිනවා. ඇස්ගාඩියන්වරු Midgard ලෙස ආමන්ත්‍රණය කරන්නේ පෘථිවියටයි. එම නිසා Jord විසින් Midgard වල Norwayහි කඳුකර පෙදෙසකදී ළදරු Thorව බිහි කරනවා. පසුව Thorව යළි රැගෙන එනු ලබන Odin ඔහුව හදාවඩාගැනීම Friggaට භාර කරනවා. Thor චිත්‍රපටයේදීද අපිට Thorගේ මව වශයෙන් දැකගත හැකිවන්නේ Frigga දෙවඟනයි. නමුත් දදක ගණනාවකට පසුව Thor ඔහුගේ සැබෑ මව පිළිබඳව තොරතුරු දැනගන්නා බවයි Earth 616 series එක අවසානයේදී සටහන් වෙන්නේ.

Thor ගැන කියනකොට හැමෝටම මතක් වෙන්නේ Ragnarok Cycle එක ගැන. මේ Ragnarok Cycle එක ගැන ගොඩක් කතා තියෙනවා. ඒකෙන් Marvel Comic Universe එක භාවිතා කරන්නේ විනාශවීම තුළින් යළි හටගැනීම යන සිද්ධාන්තයයි. ඒක මම හැමෝටම තේරෙන්න මෙහෙම කියන්නම්කෝ. Marvel Earth Comic series එකේ සඳහන් වන පරිදි Odin තමාගේ අනාගතය සහ Ragnarok Cycle එක ගැන දැනගැනීමට තමන්ගේ එක් ඇසක් Well of Mimir වෙත පුද කරන බවයි. Well of Mimir කියන්නේ අනාගතය පිළිබඳව දේවල් දැකිය හැකි සහ අසීමිත නැණ නුවණ ලබාගත හැකි ස්ථානයක්. පසු කාලයක Thorද මෙම Well of Mimir වෙත පැමිණ අනාගතය දකින විට Odinගේ ඇස ඔහුට Ragnarok Cycle එක ගැන හෙළිදරව් කරනවා. එනම් දැන් ඉන්න Thor ඉපදෙන්නට කලින් තවත් Thor කෙනෙක් සිටි බවත්, ඒ Thorත් Odinගේම පුත්‍රයෙකු බවත්, ඔහු සතුව රතු පැහැති හිසකෙස් තිබුණු බවත්ය. දැන් ඉන්න Thorට තියෙන්නේ කහ පාට හිසකෙස්නේ wink emoticon දැන් සිටිනා Thor විසින් Midgard Serpentව විනාශ කරන මුත් ඔහු Serpentගේ විෂෙන් මිය යන බවත් Thor දකිනවා. වැඩිදුරටත් ඔහු දකින්නේ කලින් Asgard එක වැනිවූ ලෝකය විනාශවී යන අතර එයින් පරණ Odin මිය යන මුත් ඉතිරි වන පිරිසෙන් නව Odin කෙනෙකු පත්වන බවත් හෙතෙම දැන් සිටිනා Thorගේ පියා වන Odin බවත්ය. සමහරවිට අපි Age of Ultron trailer එකේ දකින්නෙත් මේකම වෙන්න පුලුවන්. නමුත් චිත්‍රපටියට මේ කතාව වෙනස් වෙන්නටත් පුලුවන් නිසා 100%ක්ම මේකයි Ragnarok කථාව කියලා නම් සහතික වෙන්න බැහැ tongue emoticon

අපි හැමෝම දන්නවනේ Thorට හදාවඩාගත්තු සහෝදරයෙක් ඉන්නවා කියලා. ඒ තමයි Loki. අර එකට හිටියත් බොක්ක වෙනස් කියනවා වගේම සහෝදරයා වගේ වුණත් Lokiට Thor ගැන තිබ්බේ පුදුම ඊර්ෂ්‍යාවක්. පස්සෙ කාලෙක මේ ඊර්ෂ්‍යාව Thorව මරා දමන්නට තරම් වෛරයකටත් පෙරලුනා කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. වයස අවුරුදු 8දී Odin විසින් Thorව Nidavellir වල තිබෙන වාමනයන්ගේ ප්‍රදේශයකට යවනවා ඔවුන් රජු වෙනුවෙන් නිපදවා තිබෙන වටිනා වස්තූන් 3 රැගෙන එන්නට. ඒ වස්තූන් අතරේ Uru hammer එක සහ Mjolnier එකද අඩංගු වෙනවා. Thor ඒ වස්තූන් රැගෙන ආ පසුව Odin විසින් ඔහුට Uru hammer එක ලබා දෙන අතරම Mjolnier එක Thorට ලැබෙන්නේ ඔහු එය එසවීමට සුදුසු තරම් පරාර්ථකාමී පුද්ගලයෙකු වූ දිනයට පමණක් බවට Odin සඵත කරනවා.

ඔය කාල වකවානුවෙන් පසුව තමයි Thor තමන්ගේ යහළුවන් වන Fandral, Voltstagg, Hogun සහ Sif දෙවඟන සමඟ එකතු වෙලා සටන් ක්‍රම පුහුණු වෙලා Asgard වල ඉන්න දක්ෂතම රණශූර කණ්ඩායම බවට පත්වෙන්නේ. යාන්තම් අවුරුදු 20ට ළං වෙනකොටම Thor, Sif දෙවඟන සමඟ ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා. Comic වල ප්‍රචලිත වුණු ආදර සබඳතා අතුරින් එකක් හැටියටත් මෙය හැඳින්වෙනවා. වරෙක මරණයේ දෙවඟනක් වූ Hela විසින් Sifව පැහැරගත් විටෙක තමන්ගේ ජීවිතය රැගෙන Sifව නිදහස් කරන ලෙසටත් Thor පවසා තිබීම නිසා මේ සම්බන්ධය මෙපමණ ප්‍රචලිත වන්නට ඇති.

to be continued..

SmAsHeR
CA0002

Sunday, January 25, 2015

Shazam (Captain Marvel)

Shazam එහෙමත් නැත්තන් Captain marvel කියන චරිතය මුලින්ම නිර්මාණය කරන්නෙ 1939, C.C. Beck (artist) සහ Bill parker (writer) විසින්. 1940දි තමා මුලින්ම මේ චරිතය අපි අතරට එන්නෙ Whiz comics #2 වලින්. මේ චරිතයෙ මුල් අයිතිය තිබුනෙ Fawcett Comics සමාගමට Captain marvel කියන චරිතය කාලයක් supermanට වඩා ජනප්‍රිය උනා. මේක නිසා captain marvelට පුලුවන් උනා තමන්ගෙම film එකක් ලැබුනු පලමු comic book superhero වෙන්න. adventures of captain marvel තමා මේකෙ නම. කොහොමහරි 1953දි Fawcett captain marvel comics ලියන එක නැවැත්තුවා මොකද captain marvel කියන්නෙ Dc comics වල supermanගෙ කොපියක් නිසා. පස්සෙ මේ චරිතය Dc comics වලට එකතු වෙනව 1972දී. ඒත් මේ වෙනකොට marvel සමාගමෙන් captain marvel කියලා චරිතයක් නිර්මාණය කරලා තිබුන Dc සමාගමට එයාලගෙ comic book එකට වෙන නමක් දාන්න සිද්ද වෙනවා, මෙතනදි තමයි Shazam කියන නම එන්නෙ. පස්සෙ 2011 new 52 relaunch එකේදි captain marvel කියන නම සම්පූර්ණයෙන්ම shazam කියලා මාරු කරනව. 
#H0009 - Shazam
William joseph batson ( billy batson ) කියන්නෙ අවුරුදු 12ක පොඩි කොල්ලෙක්. Billyගෙ අම්මයි තාත්තයි දෙන්නම black adamගෙ අතින් මැරුම් කනව. මේක නිසා billyට සිද්ද වෙනව එයාගෙ මාමත් එක්ක නතරවෙන්න. ඒත් එයාගෙ මාමා හිතුව තරම් හොද කෙනෙක් නෙවේ. එයා billyගෙ දේපල උදුරගෙන billyව ගෙදරින් පන්නනවා. පස්සෙ billy පාරෙ පත්තර විකුණල තමා ජීවත් වෙන්නෙ. එක දවසක් මුලු ඇගම වහගත්ත අමුතු පුද්ගලයෙක් billyව රහසිගත subway එකකට එක්කන් යනව. එතන magical train එකක් මෙයාල එනකන් බලන් ඉන්නවා. කොහොමහරි පස්සෙ මේ කෝච්චිය රහසිගත ගුහාවක නවත්තනව. මෙතන පිළිම හතක් තියෙනව, මේ පිළිම හතට කියන්නෙ මිනිසාගෙ භයානකම හතුරො හත් දෙනා කියලා ( the seven deadly enemies of man ) මේක තමා shazam කියන මායාකාරයගේ ගුහාව. මෙතනදි පටලගන්න එපා මොකද shazam මායාකාරය සහ shazam superhero කියන්නෙ දෙන්නෙක්. මෙතනදි shazam කියනව billyට එයා තමා shazamගෙ අලුත්ම champion සග එයාට දෙනවා Shazamගෙ powers. මෙතන shazam කියන නම හැදෙන්නෙ මෙහෙමයි. 
S- solomon - (wisdom of solomon)
H- hercules - (strength of hercules)
A- atlas - (stamina of atlas)
Z- zeus - (power of zeus)
A- achilles - (courage of achilles)
M- mercury - (speed of mercury)
Billy Shazam කියලා කිව්වම තමා වැඩිහිටි superhero කෙනෙක් වෙන captain marvel වෙන්නෙ. Billyට powers දෙනවත් එක්කම shazam මායාකාරය මැරෙනව ඒත් කොහොමහරි පස්සෙ මෙයාගෙ හොල්මන තමා billyට උදව් කරන්නෙ. 

New 52 ( Shazam ) 
කලින් කිව්වා වගේ 2011දි captain marvel කියන නම shazam කියලා වෙනස් උනා වගේම shazamගෙ අතීත කතාවවත් වෙනස් උනා. ඊට අමතරව එයාගෙ costume එකට අලුතෙන් දිග cloak එකක් සහ hood එකකුත් එකතු උනා. මුලින්ම 2012 මාර්තු වල justice league #7 වල backup story එකක් විදිහට තමා shazam එන්නෙ. Geoff johns සහ Gary frank තමා මෙයාව අලුතෙන් නිර්මාණය කරන්නෙ. 
මේකේ billy batson කියන්නෙ අවුරුදු 15ක, අනාත නිවාසෙක ඉන්න විසේකාර කොල්ලෙක්. පස්සෙ billy bullyල දෙන්නෙක්ගෙන් බේරිලා subway එකකට දුවද්දි ඒ train එක magical train එකකට හැරවිල shazam කියන මායාකාරය ඉන්න තැනට එනව ( the rock of eternity )shazam billyට කතා කරල කියනව එයාට අලුත් champion කෙනෙක් ඕන කියල. ඒකට පිරිසිදු හදවතක් තියෙන්න ඔන කියල. පස්සෙ shazam billyව පරීක්ෂා කරලා කියනව billyත් අනිත් හැම එක්කෙනාම වගේ කියලා. පස්සෙ billy කියනවා පිරිසිදු හදවතක් තියෙන අය තව දුරටත් නෑ කියලා. කොහොමරි පස්සෙ billy මේ පරීක්ෂණය සමත් වෙනවා. පස්සෙ shazam කියනව billyට " shazam " කියන වචනෙ කියන්න කියලා ඒත් ඒක කියන්න ඕනෙ අරමුණක් සහ විශ්වාසය ඇතුව කියලා. පස්සෙ billy shazam කිව්වම billy shazam බවට හැරවෙනව. ඒ එක්කම shazam මායාකාරය අතුරුදන් වෙනව එයාට අනාගත තර්ජන වලට මූන දෙන එක එයාට බාර දීලා. 

Marvel family
  • Captain marvel ( Shazam ) 
  • Captain marvel jr.
  • Mary marvel 
  • Uncle marvel
  • Marvel bunny

Powers
  • Superhuman strength,
  • Speed,
  • Stamina,
  • Courage
  • Flight
  • Magical electric lightning 

Movies 
  • Justice league war-
  • Justice league throne of atlantis-
  • Superman/shazam: the return of Black adam-
  • Shazam ( 2019)

Video games
  • Mortal kombat vs. Dc 
  • Batman: the brave and the bold
  • Lego batman 2: Dc super heroes
  • Injustice: gods among us
  • Lego batman 3: beyond gotham

ඔබ දන්නවද earth 3 වල Shazam Alexander Luthor බව. 

Shazam
H0009

Saturday, January 24, 2015

Batman Vs Robin (2015) - Trailer Part 01


Spoiler Warning

අපි අද කතා කරන්න යන්නෙ dc සමාගමෙන් එන අලුත්ම animated movie එක ගැන.
#A0001 - Batman Vs Robin (2015) - Trailer Part 01

#1 -Damian wayne 
Son of batman film එකේ වගේ මේ film එකෙත් ඉන්නෙ Damian wayne , robin. Damian කියන්නෙ batmanගෙයි taliaගෙයි පුතා සහ මෙයාව පොඩි කාලෙ ඉදලම පුරුදු කරලා තියෙන්නෙ එයාගෙ සීයා Ra's al Ghul වගේ සුපිරී assassin කෙනෙක් වෙන්න. League of assassins එක්ක හිටපු නිසා වෙන්නැති ටිකක් විතර දඩබ්බරයි මෙයා. 
#2- damians babysitter 
මේකට damian හොරෙන් එලියට යන්න හදන සීන් එක සම්බන්ධ වෙන්න පුලුවන්. ඒක නිසා වෙන්න පුලුවන් damianව තියලා batman විතරක් යන්නෙ. ඒත් කවුද damianගෙ babysitter? අපි තාම දන්නෑ ඒත් මගේ අදහස වෙන්නෙ nightwing එහෙමත් නැත්තන් පලමු robin. ඒක නිසා වෙන්න පුලුවන් damian සහ nightwing fight කරන්නෙ. (#3)
#3- nightwing
මේක ඔයාලා දැක්කද දන්නෑ ඒත් son of batman සහ මේ film එකයි දෙකම new 52 universe එකේ තමා සිද්ද වෙන්නෙ. New 52 nightwingගෙ පාට රතු සහ කලු ඒත් son of batman සහ මේකෙයි දෙකේම nightwingගෙ පාට වෙන්නෙ නිල් සහ කලු ඒ වගේම මේ costume එක young justice nightwingගෙ costume එකට ගොඩක් සමානයි. 
#4- Dollmaker 
Court of owls තමයි මේකේ ප්‍රධානම villainsල. ඊට අමතරව ඉන්නෙ dollmaker තමා දෙවැනි villain එකෙන් හැටියට. හරියට son of batman එකේ killer croc වගේ. මේකෙ ඉන්න පොඩි ලමයි ටික මන් හිතන්නෙ dollmakerගෙ රොබෝල ටිකක්. එහෙම උනොත් මුලදි කතාව පටන් ගන්න කලින් වගේ තමා මෙයාලව බලන්න හම්බෙන්නෙ. ( පින්තූරෙ චාටර් සොරි වෙන්න ඕනා ) 
#5- 
මෙයාලට තමා court of owls කියන්නෙ, පේන හැටියට මෙයා තමා ලොක්කා. Court of owls කියන්නෙ එක සංවිධානයක් මුලු නගරෙටම හොරෙන් ගෙනියන. මුලදි batman පවා මෙයාල ගැන දැනන් හිටියෙ නෑ. Comic වලදිනන් මෙයාලට ඕන වෙන්නෙ නගරෙ ඉන්න සල්ලි කාරයො මරලා දාලා මුලු නගරෙම එයාලගෙ අතට ගන්න එක. 
#6- Talon 
මෙයාලා තමා court of owls එකේ අයගෙ ලොකුම ආයුධය. මෙයාල ගැන කෙටියෙන්ම කියනවනන් මෙයාලා undead assassinලා. පින්තූරෙ ඉන්න කෙනා තමා ප්‍රධානම කෙනා. Night of the owls story line එකේ මෙයා තමා thomas wayne jr. එහෙමත් නැත්තන් bruceගෙ අයියා. ඒත් මේ film එකේ එයා කවුද කියලා තාමනන් දන්නෙ නෑ thomas wayne jr. වෙන්න පුලුවන් එහෙමත් නැත්තන් වෙන කෙනෙක් වෙන්න පුලුවන්. 
#7- bruce wayne vs court of owls 
අපි හැමෝම දන්නවනෙ හුග වෙලාවට හැම villain කෙනෙක්ම පහර දෙන්නෙ batmanට මිසක් bruce wayneට නෙවේ කියලා. මෙතනදි අපිට බලන්න පුලුවන් court of owls එකෙ අය bruceට පහර දෙනව. Comic වල මුලදි මෙයාලට තරහා තියෙන්නෙ bruce wayne එක්ක මිසක් batman එක්ක නෙවේ. 
#8- Bat thrasher suit 
Night of the owls story line එකේ talonලා batcave එකට පහර දෙද්දි batman පාවිච්චි කරන්නෙ මේ suit එක තමා. පිටි පස්සෙ තියෙන්නෙ bat thrasher suit එක කියලා ගොඩක් දුරට හිතන්න පුලුවන් 
#9- ඒ වගේම මේක batman ඒ suit එක ඇතුලෙ ඉන්න කොට වෙන්න පුලුවන් කියලා ගොඩක් දුරට හිතන්න පුලුවන් 
10- Batman vs robin 
Film එකේ නම Batman vs robin උනාට මේක කලින් කිව්වා වගේ night of the owls story line එකෙන් තමා නිර්මාණය වෙන්නෙ. මෙතන්දි වෙන්නෙ court of owls එකෙ අය robinව පාවිච්චි කරනව batmanට පහර දෙන්න ඒක නිසා වෙන්න පුලුවන් මේකෙ නම Batman vs robin වෙන්නෙ.

Trailer එක බලන්න




Thursday, January 22, 2015

Charles Xavier

X-Men Part 01

චාල්ස් ෆ්‍රැන්සිස් එක්සේවියර් කියන්නේ ධනවත්, නියුක්ලියර් රීසර්චර් කෙනෙක් වන ඩොක්ටර් බ්‍රයන් එක්සේවියර් හා ෂැරෝන් එක්සේවියර් මාර්කෝගේ මියුටන්ට් පුතා.. තම මවගේ ගර්භාෂයේ ඉන්නකොට තමන්ගේ නිවුන් සහෝදරයාගේ(කැසන්ඩ්‍රා නෝවා) දුෂ්ඨ සිතුවිලි දැනිලා තමන්ගේ ඇති වීගෙන එන මානසික බලයෙන් තමනගේ නිවුන් සහෝදරයාව දරු ගැබ ඇතුලෙදිම මරලා දානවා.. දෙමව්පියෝ හිතන්නේ ඒක මළ දරු උපතක් කියලා..
CX0002 - Professor X

ටික කාලයකට පස්සේ ඩොක්ටර් එක්සේවියර් ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා.. ඊට පස්සේ චාල්ස්ගේ අම්මා චාල්ස්ට යහපතක් වේවි කියලා හිතලා ඩොක්ට එක්සේවියර්ගේ වැඩ කරන තැන යාළුවෙක් වෙන ඩොක්ටර් කර්ට් මාර්කෝව කසාද බදිනවා.. කර්ට් මාර්කෝට එතකොටත් පළවෙනි කසාදෙකින් පුතෙක් ඉන්නවා.. කේන් මාර්කෝ(පස්සේ කාලෙක් ජගනුට්).. එයාලා ජීවත් වෙලා ඉන්නේ මාර්කෝ පරම්පරාවේ මන්දිරයක.. දෙවනි කසාදෙන් පස්සේ ඩොක්ටර් මාර්කෝ උනත් කැමති වෙන්නේ නිහතමානී, සන්සුන් , බුද්ධිමත් චාල්ස්ට.. ඒකට ඉරිසියාවෙන් කේන් නිතරම චාල්ස්ට හිරිහැර කරනවා.. ඒක දැනගත්තාම ඩොක්ටර මාර්කෝ කේන්ට අනික් අයට නොපෙනෙන්න දඩුවම් දෙනවා.. චාල්ස්ගේ මානසික බලය එයාට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ අවුරුදු දහයෙදි.. ඒ මානසික බලයෙන් දැනගන්නවා ඩොක්ට මාර්කෝ ෂැරෝන්ව කසාද බැන්දේ එක්සේවියර්ගේ වත්කම් පාලනය කරන්න ලැබෙන නිසා කියලාත්, කේන්ට ඩොක්ට මාර්කෝ කරන කරදර ගැනත් දැනගන්නවා.. කේන් මේ හැමදෙයක්ම නිසා තමා එක්ක කේන්තියෙන්, ඊර්ශ්‍යාවෙන් ඉන්නේ කියලත් චාල්ස් මානසික බලයෙන් දැනගන්නවා.. ඒත් අත්දැකීම් නැති නිසා කේන්ගේ මනස එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න චාල්ස්ට බෑ.. චාල්ස්ගේ මේ බලය ගැන ඩොක්ටර් මාර්කෝට ඉව වැටෙනවා.. ඒත් කාටවත් කියන්නේ නෑ.. ඒ අතරේ චාල්ස්ගෙ අම්මා චාල්ස්ව තමන්ගේ සුළු පියා හා සුළු සහ්දෝදරයා එක්ක මේ ලෝකේ තනි කරලා මැරෙනවා.. අම්මාගේ මරණයෙන් ටික කාලයකට පස්සේ ඩොක්ටර් මාර්කෝගේ ලැබ් එකේ පිපිරීමක් වෙලා මාර්කෝ මන්දිරය විනාශ වෙනවා.. ඩොක්ටර් මාර්කෝ ළමයි දෙන්නාව ආරක්ෂිතව බේරගත්තත් ඩොක්ටර් මාර්කෝට බරපතළ විදියට තුවාල වෙනවා.. ඩොක්ටර් මාර්කෝ මැරෙන්න කලින් චාල්ස්ට කියනවා චාල්ස්ගේ පවර් එක කේන්ට දැනගන්න ඉඩ තියන්න එපා කියලා ඒත් කේන්ට ඒක් ඇහෙනවා.. කේන් කවදාටත් වැඩියෙන් චාල්ස් එක්ක වෛර බැදගන්නවා.. ඒත් යන්න තැනක් නැති නිසා චාල්ස් එක්ක එක්සේවියර් මන්දිරයට යනවා.. චාල්ස් ඔක්ස්ෆර්ද් විශ්ව විද්‍යාලයට ගිහින් ඉගෙනගන්න අතරේ කේන් තමන්ගේ ශාරීඉර්ක හැකියාවන් වැඩි දියුණු කරගන්නවා චාල්ස් ආවාම එයාව පරද්දන්න.. ඒත් චාල්ස් හැමතිස්සෙම දිනනවා.. චාල්ස් විශ්ව විද්‍යාලයට යන අතරතුර චාල්ස් මොරියා කින්‍රොස් කියන තරුණ ස්කොට් කාන්තාව එක්ක පෙමින් බැදෙනවා.. 
චාල්ස් පී එච් ඩී එක අවසන් කලාට පස්සේ චාල්ස් හා මොරියා කසාද බදින්න තීරණය කරන් හිටියත් චාල්ස් හා කේන් දෙන්නාවම කොරියන් යුද්ධෙට යවන නිසා කසාදය කල් යනවා.. කේනුයි, චාල්සුයි වැඩ කරන්නේ එකම යුනිට් එකේ.. කේන් Cyttorak, පන්සලේදි ගුප්ත රතුකැටයක් හොයාගන්නවා.. ඒකේ බලය එයාට ලැබිලා කේන් ජගනුට් වෙනවා චාල්ස් දකිනවා.. ඒත් සතුරු ප්‍රහාරෙකින් පන්සල කේන් උඩට කඩාගෙන වැටෙනකොට චාල්ස් ඒතනින් බේරිලා ආයේ කෑම්ප් එකට එනවා.. මේ යුනිට් එකේම තමා කිටී ප්‍රයිඩ්(ශැඩෝ කැට්)ගේ තාත්තා කාමෙන් ප්‍රයිඩ් වැඩ කරන්නෙත්..
හමුදාවෙන් ඉවත් වෙනකොට මොරියා චාල්ස් එක්ක තිබ්බ සම්බන්ධය නවත්තලා.. ඒකේ කම්පාව මග ඇරෙන්න චාල්ස් ලෝකය වටේ සංචාරයක් යන්න තීරණය කරනවා..
ඊජිප්තුවේ කයිරෝ නගරයේදී චාල්ස්ට මුණගැහෙනවා ලාබාල පික්පොකට්කාරියක්.. ඇයගේ නම Ororo Munroe.. ඇය එක්ක මානසික සම්බන්ධතාව පවත්වන අතරතුර ආමල් ෆාරුක් හෙවත් ෂැදෝ කින්ග්ගේ ආගන්තුක සත්කාරකයා එක්ක සටන් කරනවා.. ඔහු තමයි චාල්ස්ට මුණගැහෙන පළමුවෙනි නපුරු මියුටන්ට්.. ඒ සටනින් පස්සේ මනුශ්‍යත්වය වෙනුවෙන් සටන් කල යුතුයි කියලා චාල්ස් තේරුම් ගන්නවා.. Ororo සමග තියෙන මානසික සම්බන්ධෙන් චාල්ස් තේරුම් ගන්නවා ඇයත් මියුටන්ට් කෙනෙක් බව.. නමුත් එය ඇයට පැහැදිලි කරන්න ක්‍රමයක් චාල්ස් ඒ වෙනකොට දැනගෙන් නොහිටපු නිසා චාල්ස් ඒ සම්බන්ධතාව ඉවත් කරගන්නවා..
කයිරෝවෙන් චාල්ස් යන්නේ ඊස්‍රයලයට.. එහේදි චාල්ස් කැටටොනික් කාන්තාවක් වන ගේබ්‍රියෙල්ලා හෝලර් එක්ක ආදරෙන් බැදෙනවා.. ඒ අතරම එරික් මැග්නස් ලෙන්ෂර් කියන පුද්ගලයා සමග මිත්‍රකමක් අරඹනවා.. මේ දෙන්නා නිතරම කතාබහ කරන්නේ මනුශ්‍යත්වය මේ අලුත් සුපර් පවර්ස් තියෙන මිනිස්සුන්ට කොහොමද බලපාන්නේ කියන දේ ගැන.. මේ අතර ගේබ්‍රියෙල්ලාව නාසි කමාන්ඩර් බාරොන් වොන් ස්ට්‍රකර් හා එයාගේ හයිඩ්‍රා සොල්දාදුවන් පැහැරගන්නේ ඇය හයිඩ්‍රාලගේ රත්තරන් සගවා තියෙන රහස් ස්ථානය දැනගෙන් හිටපු නිසා.. චාල්ස්, මැග්නස් දෙන්නා එකිනෙකාගේ බලයන් ගැන දැනගන්නවා බාරොන් වොන් ස්ට්‍රකර් එක්ක සටන් කරනකොට.. මැග්නස් බාරොන්ව මරන්න යනකොට චාල්ස් මැග්නස්ව නවත්තනවා.. එතකොට දෙන්නාම දැනගන්නවා තමන් දෙන්නා යන පාරවල් වෙනස් බව.. එරික් මැග්නස් රත්තරන් ටිකත් අරන් ඊස්‍රායලයෙන් යනවා.. චාල්ස් ටික කාලයක් ගේබ්‍රියෙල්ලා එක්ක ඉන්නවා..
ඉන්දියාවේ හිමාලයට ආසන්න නගරයකදී චාල්ස්ට දැනෙනවා ලුසිෆර් කියන පිටසක්වල ජීවියෙක් ගැන.. ලුසිෆර් පෘථිවිය ආක්‍රමණය කරන්න කලින් පෘථිවියේ ඔත්තු බලන්න එවපු ඔත්තුකාරයෙක්.. තමන් ඉන්නා බව දැනගත්ත නිසා ලුසිෆර් චාල්ස්ව මරන්න විශාල ගලක් පෙරලනවා චාල්ස්ගේ ඇගට.. ඒකෙන් තමයි චාල්ස්ගේ කකුල් පණ නැති වෙන්නේ.. අමේලියා වෝට් කියන ඇමරිකන් සාත්තු සේවිකාව ඉන්දියාවේ බොම්බායේදි චාල්ස්ට ඇප උපස්ථාන කරනවා.. ඈය චාල්ස්ගේ දුක නැති කරන්න ගොඩක් කැපකිරීම් කරනවා.. ඒත් ඇය හොයාගන්නවා සෙරීබ්‍රෝ කියලා මියුටන්ට්ස්ලාව සොයාගන්න පුලුවන් උපකරණයක් ගැන චාල්ස්ගේ සටහන් වගයක්.. තමාව ඔහුගේ පරීක්ශනවලට යොදාගන්න තියාගෙන ඉන්නවාද කියලා අමේලියා චාල්ස්ව දාලා යන්න හදනවා.. ඒත චාල්ස් ඇයට මනසින් කතා කරලා ඇයට ආදරය ප්‍රකාශ කලාට පස්සේ අමේලියා චාල්ස් එක්ක නවතිනවා..
චාල්ස් නැවත තමන්ගේ මිත්‍ර මියුටේශන් පිළිබද විශේෂඥ ඩොක්ට කාල් ලයිකෝස් එක්ක පරීක්ශණ පටන් ගන්නවා.. ඒ අතර චාල්ස්ට ග්‍රීක දූපත්වලදි තමන්ගේ පරණ පෙම්වතිය මොරියාව මුණගැහෙනවා.. ඇය එතකොට ජාන ඉන්ජිනේරුවරියක්.. ඇය තමයි චාල්ස්ට මියුටන්ට්ලා වෙනුවෙන් පාසලක් පටන් ගන්න කියන අදහස දෙන්නේ.. චාල්ස්ගේ පළවෙනි ශිෂ්‍යාව වයස අවුරුදු එකොළහේ ජීන් ග්‍රේ.. ඒ එක්කම කර්ට් වැග්නර්, piotr රස්පුටින්, පියෙට්‍රො සහ වැන්ඩා මැක්සිමොෆ් සහ Ororo තමා චාල්ස්ගේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම..
චාල්ස් ඇල්ෆා ලෙවල් මියුටන්ට් කෙනෙක්.. ඒත් ඔමේගා ලෙවල් ටෙලිපැත් කෙනෙක්.. ලෝකයේ පවර්ෆුල්ම මොළය තියෙන්නේ චාල්ස්ට.. ඒ එක්කම මේ ලෝකේ පවර්ෆුල්ම ටෙලිපැත් තමා චාල්ස්.. 
ඒ වගේම ටෙලිපතික් ඉලූශන්ස්, ටෙලිපතික් ක්ලෝක්, ප්සයි ලින්ක්, මයින්ඩ් බ්ලාස්ට්, මයින්ඩ් කන්ට්‍රෝල්, මයින්ඩ් පොසෙෂන්, මයින්ඩ් ඕල්ටනේශන්, මෙන්ටල් ඇමිනීසියා, ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන්, මෙන්ටල් ඩිටෙක්ශන්, මයින්ඩ් ට්‍රාන්ස්ෆෙරල් වගේ මානසික බලයන් ගොඩාක් තියෙනවා.. ඒ වගේම පොඩි ටෙලිකනීසස් පවර් එකකුත් තියෙනවා..
චාල්ස් ෆ්‍රැන්සිස් එක්සේවියර්ට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ Genetics, Biophysics, Psychology, Anthropology සහ Psychiatry ගැන පී එච් ඩී තියෙනවා..

ඇපොක්ලිප්ස්
CX0002

Monday, January 19, 2015

Superman

අද අපි කතා කරන්න යන්නෙ superhero comics කියන දේ ලෝකෙට අරන් ආපු කෙනෙක් ගැන. superman එහෙමත් නැත්තන් Man of steal එහෙමත් නැත්තන් The man of tomorrow එහෙමත් නැත්තන් Clark jerome kent එහෙමත් නැත්තන් Kal-El තමා ලෝකෙන් බිහිවුණු පලමු superhero. මෙයා නිසා තමා අද අපි ආදරය කරන ගොඩක් superheroesලා බිහිවෙන්නේ.
#H0008 - Super man
මුලින්ම superman කියන කෙනා අපි අතරට එන්නෙ 1933 ජනවාරි වල the reign of the superman කියන කතා පොතෙන්. ඒත් මේ පොතේ ඉන්නෙ අපි දන්න superman නෙවෙයි. මේ කතාවෙ superman කියන කෙනා අපි දන්න supermanට කොහෙත්ම සමාන කරන්න බෑ. කතාව මෙහෙමයි, professor Ernest Smalley කියන්නෙ scientist කෙනෙක්. මෙයා Bill dunn කියල කෙනෙක්ව තෝරගන්නවා පරීක්ෂණයකට. Dunnගෙ කෝපි එකට මෙයා මොනාහරි chemical වගයක් දාල දෙනව. මේක නිසා dunn මැරෙනව, පස්සෙ smalley එයාගෙ සේවකය අරන්න එන්න යනව. කොහොමහරි එයා ආපහු එනකොට dunnව හොයාගන්න බැරි වෙනව. පස්සෙ dunn ඇහැරිලා බලනකොට එයාට අනිත් අයගෙ හිත් කියවන්න පුලුවන් කියල හොයාගන්නව. ඊට අමතර තව අමුතු powers වගයක් ලැබෙනව. පස්සෙ dunn මෙයාගෙ powers වලින් සල්ලි හම්බ කරන්න පටන්ගන්නව. කොහොමහරි මෙයා ගැන පත්තරේ යනව සහ මේක කියවනවා professor smalley. මේක කියෙව්වට පස්සෙ මෙයාට dunn ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවෙනව. Smalleyගෙ ප්ලෑන් එක උනේ මේ drug එක dunnට දීලා ඒක වැඩ කරොත් dunnව මරලා එයා drug එක ගන්න එක. කොහොමහරි smalley පත්තරේට ලියනව dunn කියන්නෙ ලෝකයට තර්ජනයක්, dunn මුලු ලෝකෙම පාලනය කරන පටන් ගනී කියලා. ඒවගේම එයා කියනව මෙයාව නවත්තලා හරියන්නෑ මෙයාව මරන්න ඕනා කියලා. මේක නිසා dunn smalleyගෙදරට එනව. මෙයා ආවම smalley කියනව dunnට අපි දෙන්න එකතු උනොත් මුලු ලෝකෙම පාලනය කරන්න පුලුවන් කියල. කොහොමහරි dunnට හිත් කියවන්න පුලුවන් නිසා මෙයා හොයාගන්නව smalley පස්සෙ dunnව මරන්න හිතන් ඉන්නව කියලා. පස්සෙ dunn smalleyව මරනවා. කොහොමහරි පස්සෙ මෙයාට smalley දීපු drug එක ඉවර වෙනව සහ ඒ drug එක හදන්න දන්න එකම කෙනා දැන් ජීවතුන් අතර නෑ. මෙහෙම තමා මේ කෙටි කතාව ඉවර වෙන්න.

මේ පොතෙන් තමා අපි දන්න සහ ආදරේ කරන superman බිහිවෙන්නේ. කොහොමහරි ඊට අවුරුදු 5කට පස්සෙ ඒකියන්නෙ 1938 april 18 තමා Kal-El superman කියන චරිතෙ අපි අතරට එන්නෙ Action comics #1 වලින්. මේ චරිතෙ නිර්මාණය කරන්නෙත් the reign of the superman කෙටි කතාව ලියපු Jerry siegel(writer) සහ Joe shuster(artist). Kal-El කියන්නෙ kryptonian කෙනෙක්. මේ ලෝකෙ විනාශ වෙන්න ඔන්න මෙන්න තියෙන ලෝකයක් ඒක නිසා kalගෙ තාත්තා Jor-El සහ අම්මා Lara lor-van එයාලගෙ එකම පුතා පෘථිවියට එව්වා. මෙයාව හොයාත්තෙ පෘථිවියේ ඉන්න Jonathan සහ Martha kent. පස්සෙ මෙයාල kalව එයාලගෙ ලමයෙක් වගේ බලාගත්තා. Kalට clark kent කියන නම දුන්න. මුලදි supermanගෙ පපුවේ තියෙන s අකුර නිකන්ම s අකුරක් උනාට පස්සෙ ඒක krypton වල බලාපොරොත්තුවෙ සංකේතය කියලා වෙනස් කරා. ඒවගේම තමයි මුලදි supermanට x-ray vision,heat vision,flight,freezing breath,healing factor වගේ powers තිබුනෙත් නෑ. පස්සෙ තමා මේ powers superman කියන චරිතෙට එකතු කරන්නෙ.
සුපර්මෑන්ගෙ හතුරො ගැන කියනවනන් batmanගෙ හතුරන්ට නොදෙවෙනි හතුරො සෙට් එකක් ඉන්නව.

  • Lex luthor
  • Doomsday
  • Brainiac
  • Bizarro
  • General Zod
  • Darkseid
  • Metallo    වගේ හෙන සෙට් එකක් ඉන්නව.

ඒවගේම දුර්වලතා ගැන කියනවනන් ප්‍රධානම දුර්වලතාවය kryptonite ඊට අමතරව magic වලටත් දුර්වලතාවයක් තියෙනව. ඒවගේම තමයි රතු ඉරක් තියෙන ලෝක වලදි supermanගෙ powers හිමීට නැති වෙනව. මොකද supermanගෙ powers එන්නෙ කහ ඉරකින් එන solar energy වලින්.

Shazam
H0008

The Flash Season 1 Episode 04

The Flash episode 4 - Going rogue
 




#1- Captain cold/Leonard snart
Wentworth Miller, prison break බලපු හැමෝටම මෙයාව මතක ඇතිනෙ. මෙයා තමයි Captain cold එහෙමත් නැත්තන් Leonard snartට රගපාන්නෙ. ඇත්තටම මුලදි මගෙ කිසිම කැමැත්තක් තිබුනෙ නෑ මෙයා captain coldට රගපානවට. ඒත් එයාගෙ පලවෙනි episode එකෙන්ම මගෙ ඒ අදහස එයා වෙනස් කරා. Captain cold ගැන කියනවනන් එයාගෙ තාත්තා නරක පොලිස් නිලධාරියෙක්. මේ වෙන කොට හිරේ. ඒවගේම Captain cold කියන්නෙ මන් ආසම villain කෙනෙක් මොකද එයා කාවහරි මරන්නෙ අවශ්‍යම උනොත් විතරයි.
#2- Kahndaq Dynasty
මේක තමා leonard හොරකන් කරපු diamond එකේ නම. Kahndaq කියන්නෙ Black adam (#3)ගෙ රටේ නම. Diamond එක එන්න ඇත්තෙ ඒ රටෙන් වෙන්න පුලුවන්.
#3- black adam
මන් හිතන්නෑ මේකෙ තේරුම black adam tv series එකට එයි කියලා. මුලින්ම එයාලා shazam film එකෙන් තමා black adamcinematic universe එකට ගේන්නෙ. හැමෝම දන්නවනෙ black adamට රගපාන්නෙ dwayne johnson (the rock) කියලා.
#4- the freeze gun
Captain cold
සහ freeze gun එක හරියට batman සහ Batarangs වගේ. මේ ගන් එක හදන්නෙ cisco, barryත් අනිත් අය වගේ වෙයි කියලා. මේකට පුලුවන් flashගෙ වේගෙ අඩුකරන්න.
#5- wells vs the freez gun
Wells
මෙච්චර තරහ ගන්න හේතුව තමයි barryට විතරක් නෙවේ super speed powers තියෙන්නෙ. Flashගෙ දුර්වලතාවයන්ම තමා එයාටත් තියෙන්නෙ. තේරුනනෙ මන් කියන්නෙ මොකක්ද කියලා.
ඒ වගේම එයාට barryව ආරක්ෂා කරන්න ඕන මොකද barryට මොනවහරි උනොත් එයා reverse flash වෙන්නෙ නෑ.
#6- Oswald loomis
මෙයා තමයි trivia night at jitters එකෙ නිවේදකයා. Comics වල මෙයා මෙයා ලමයිගෙ show එකක නිවේදකයෙක්, පස්සෙ show එක නවත්තනවා. මේක නිසා තමා මෙයා the prankster වෙන්නෙ.
#7- Dust in a red costume
මේක crisis on infinite earths story line එකේ ඇත්තටම සිද්ද උනා. මේකෙදි තමා barry speed force එකේ හිරවෙන්නෙ.
#8- the flamethrower
Captain cold
ගෙ freez gun එක heat waveටත් තියෙනව flamethrower එකක්. මේකත් star labs එකෙන් හොරකන් කරපු එකක්.
#9- heat wave
අපිට මේ episode එකෙන් හරියට මෙයාව බලාගන්න හම්බුන්නෑ. අන්තිමේදි captain cold කතා කරෙ මෙයාට තමා. මෙයාව හරියටම බලාගන්න පුලුවන් episode 10දි ( Revenge of the Rogues ) මෙයාට රගපාන්නෙත් prison break එකේ හිටපු Dominic Purcell.
#kyle_rayner
#T02P004

Comic Script ලිපිය
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates