LATEST :

Tuesday, December 29, 2015

Deadpool Trailer #02 - Breakdown

Deadpool official trailer #02 - Detailed breakdown

මේ අවුරුද්දටම ආපු හොදම ට්‍රේලර් එකේ නොතේරුණු තැන්, නොදැක්ක දේවල් පැහැදිලි කරන්නයි මේ සූදානම.


මීට කලින් ආපු ට්‍රේලර් එකයි, මේ ට්‍රේලර් එකයි දෙකම පොඩ්ඩක් මතක් කරගෙන හිටියොත් හොඳයි කියලා හිතෙනවා. 
මේ තියෙන්නේ පලවෙනි ට්‍රේලර් එක,



ඒත් අපි අද කතා කරන්න යන්නේ දෙවෙනියට නිකුත් වුණු ට්‍රේලර් එක. ඒකත් එහෙනම් බලලා ඉමු.





The City
මේ කැනඩාවේ නගරයක්.. ඩිට්‍රොයිට් වෙන්න පුළුවන් බොහෝවිට..(ශුවර් නෑ..) මොකද ඩෙඩ්පූල් කැනඩාවේ පුරවැසියෙක්. ඩෙඩ්පූල්ගේ නගරය ඒ තරම් ලස්සන නගරයක් වගේ පේන්නෑ.



පාරේ අලි නාවන වලවල් තියෙන්නේ ලංකාවේ විතරක් නෙමේ වගේ.




Cab Ride & Dopinder
ඇත්තටම කවදාවත් හිතලා තියෙනවද තනි හීරෝ කෙනෙක් ගමන් බිමන් යන්නේ කොහොමද කියලා? ඇවෙන්ජර්ස්ලා ක්වින්ජෙට් එකේ, එක්ස් මෙන් බ්ලැක් බර්ඩ් ජෙට් එක.. ස්පයිඩර් මෑන් උනත් දැල් යොදාගෙන යන්නේ.. 

මේ සිද්ධියට සමාන දෙයක් මම අල්ටිමේට් ස්පයිඩර් මෑන් තුන් වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ ලොකී ස්පයිඩර් මෑන්ගෙයි ලොකීගෙයි ශරීර මාරු කරනවා.. ස්පයිඩර්මෑන් ලොකීගේ ශරීරයේ ඉදන් පියාඹන්න නොදන්න නිසා බස් එකක යනවා.


ඒ වගේම ඇවෙන්ජර්ස් ඇසෙම්බල් ඇනිමේටඩ් සීරීස් එකේ දෙවනි සීසන් එකේ 16 වෙනි එපිසෝඩ් එකේ අයන් මෑන්ගේ ආමර් එකේ පොඩි අවුලක් වෙලා අයන් මෑන් කැබ් එකකින් ඇවෙන්ජර්ස් ටවර් එකට එනවා..



ඩෙඩ්පූල් කැබ් එකේ යන ගමන් වීදුරුව උඩට පහලට කරන එකෙන් අපිට ඩෙඩ්පූල් කියන්නේ සාමාන්‍ය කෙනෙක් වගේ නෙමෙයි කියන එක පෙන්නනවා.. හරියට ADHD තියෙන පොඩි ළමයෙක් වගේ..



ඩෙඩ්පූල් කැබ් එක පිටිපස්සේ තනියම යන එක කම්මැලි නිසා ඉස්සරහා සීට් එකට පැනගත්තා.. 


ඩෙඩ්පූල්ගේ පශ්චාත් භාගය ට්‍රේලර් එකේ කීපාරක් පෙන්නන්නවද කියලා ගනන් කරමු.. ඔන්න කැබ් එකේ ඉස්සරහා සීට් එකට එනකොට එකයි


Dopinder ඩෙඩ්පූල්ගෙන් රතු පාට ඇදන් ඉන්නේ ඇයි කියලා ඇහුවාම කියන්නේ නත්තල් නිසා කියලා.. (ඒත් මුල් ට්‍රේලර් එකේදී ඇත්ත හේතුව කියනවා..) ඩෙඩ්පූල්ටත් නත්තල් සීයට වගේ නෝටි ලිස්ට් එකක් තියෙනවා වගේ..

This Is a Different Kind of Superhero Story
ඊළගට ලස්සන මල්ටි හෙඩ්ශොට් ටිකට පස්සේ ඩෙඩ්පූල් ට්වින් කටානා දෙකෙන් එක්කෙනෙක්ට ඇනලා උස්සගෙන ඉන්න එකේ සුපර් ස්ලෝ මෝශන් ශොට් එකක් යනවා.. 



ඔන්න ඩෙඩ්පූල්ගේ පශ්චාත් භාගයේත් සුපර් ස්ලෝමෝශන් එකක් පෙන්නුවා.. දෙකායි..



Wade Wilson
ඩෙඩ්පූල් වෙන්න කලින් වේඩ් විල්සන්ගේ දර්ශන කිහිපයක් අපි දකිනවා.. ඒ අතරේ ද රිකෲටර්ගේ කටහඩ ඇහෙනවා.. ද රිකෲටර් කියන විදියට වේඩ් විල්සන්ට පිළිකාවක් තියෙනවා.. ඒක තමයි වේඩ් පොඩ්ඩක් අප්සට් එකේ ඉන්නවා වගේ පේන්නේ..



Vanessa
මෙන්න මෙන්න.. අවංක ලව් කරන කෙල්ලෙක්.. වේඩ්ට පිළිකාවක් හැදිලත් වේඩ්ව දාලා ගිහින් නෑ.. වේඩ්ට ජීවත් වෙන්න බලාපොරොත්තු දෙනවා.. මේවා තියෙන්නේ ෆිල්ම්වල විතරද මන්දා..


මේ වැනෙස්සා ගෝතම් එකේ ලී තොම්ප්කින්ස් අක්කා.. 
වැනෙස්සා ගැන ඉස්සරහට කියන්නම්


මේ ආදරය වේඩ්ව ඩෙඩ්පූල් කරන්න ගොඩාක් බලපානවා..

Offer
ද රිකෲටර් වේඩ්ට කැන්සර් සුවකරගන්න අවස්ථාවක් දෙනවා..


වේඩ් ඩෙඩ්පූල් වෙන්නත් කලින් ඉදලත් ඩෙඩ්පූල්ම තමයි.. ඩොමිනෝ එක පාරක් කියලා තියෙනවා ඩෙඩ්පූල්ගේ හොදම ආයුධය ඩෙඩ්පූල්ගේ කට, ප්‍රතිවාදියා යටත් වෙනකම් හෝ සියදිවි හානි කරගන්නකම් ඩෙඩ්පූල්ගේ කතාව නවත්තන්නෑ කියලා..



Weapon X Project 
වේඩ් ද රිකෲටර්ගේ යෝජනාව පිළි අරගෙන වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකට එනවා..


Ajax වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන සේවකයෙක් වගේ.. Ajax ගැන ඉස්සරහට විස්තර කියන්නම්..



Marrow
වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකේ තවත් පරීක්ෂණයට ලක්වෙන පුද්ගලයෙක් දකින්න ලැබෙනවා. පේන විදිහට නම් මේ ඉන්නේ Marrow වගේ. මෙයාට තියෙන්නේ ටිකක් අමුතු විදිහේ හැකියාවක්. මෙයාගේ ශරීරයේ අමතර අස්ථි වර්ධනය වෙනවා. ඒවාගෙන් කෙනෙක් ට දමලා ගහන්න වගේම ළඟ ඉන්න කෙනෙක්ට අනින්න යොදා ගන්නත් පුළුවන්.



The test subjects
පරීක්ෂණවලට යොදාගන්න පුද්ගලයන්ට සලකන විදිය නම් කැතයි.. මේ අය වේඩ් වගේ කැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච අය නෙමේ වෙන්න ඇති.. Marrow ඉස්සරහා ගාඩ් කෙනෙක් හිටපු නිසා ඒක තවත් තහවුරු වෙනවා..



The Bad Guys
Ajaxගේ දර්ශන කිහිපයක් එක්ක ඒන්ජල් ඩස්ට්ගේ දර්ශන ටිකත් අපිට පෙන්නනවා.. 



කැන්සර් එකටත් වේඩ්ගේ ශරීරය එපා වෙන්න තරම් වේඩ්ට බොහොම දරුණු විදියට සලකන්නේ.. ඒන්ජල් ඩස්ට්ට රගපාන්නේ කලින් MAA Fighter කෙනෙක් වෙච්ච Gina Carano .. ඒන්ජල් ඩස්ට් ගිනි කූරක් හපනවා.. (මුන් සිරාවටම ලංකාවේ ගිනි පෙට්ටි ගණන් ගියා කියලා දැනගෙනද?)

ඒන්ජල් ඩස්ට් ගැනත් තව ටිකකින් විස්තර කියන්නම්..

Rising out of the ashes
වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එක පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් වේඩ් නැගිටින දර්ශනයක් අපි දකිනවා.. බොහෝ විට වේඩ්ව මැරෙන්න අතෑරලා ගිහින් වගේ පේන්නේ.. බිල්ඩින් එක ඇතුලෙන් පුපුරන දර්ශනයකුත් පෙන්නන්නවා.. පරීක්ෂණවලට යොදාගත්ත අනික් මිනිස්සුන්ට මොනවා වෙන්න ඇත්ද?



Weasel
වීස්ල් කියන්නේ ඩෙඩ්පූල්ගේ යාලුවෙක් වගේම ඩෙඩ්පූල්ට ආයුධ සපයන්නා.. වීස්ල්ගේ ඇත්ත නම ජැක් හැමර්.. ජැක් හැමර් හැකර් කෙනෙක්, නව නිශ්පාදන හදන කෙනෙක්, ආයුධ ගැන හොද දැනුමක් තියෙන කෙනෙක්.. ජැක් තමන්ගේම ආමර් දෙකකුත් නිපදවනවා..



“Whatever they did to me, made me totally indestructible. And completely… unf*ckable.”
ගින්නෙන් පස්සේ වේඩ්ගේ මූණට වෙලා තියෙන දේ වීස්ල් කියන්නේ “inside of other people’s assholes.” කියලා..

අනික් අයගේ කියන්නේ වීස්ල්ගේ මොකක් හරි වෙනසක් තියෙනවාද දන්නෑ..

I am no hero
හීරෝ කෙනෙක් උනත් නැතත් වේඩ්ට හොදට මහන්න නම් පුළුවන් වගේ..



Ajax’s Boss?
Ajaxට වඩා සුපර් විලන් කෙනෙක් ඉන්නම ඕන.. Ajaxව පහළට දානවා නෙමේ.. Ajax කියන්නේ ඩෙඩ්පූල්ගේම හතුරෙක්.. ඒත් වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකේදිත් Ajaxව පෙනුනේ සේවකයෙක් වගේ.. ඒ වගේම Ajaxට මේ වගේ හෙලිකොප්ටරයකින් එන්න තරම් වත්කමක් නම් තියෙන්න විදියක් නෑ..



Snatching His Best Girl
වේඩ් බේරුණා කියලා වැනෙස්සා දන්නේ නැතුව ඇති..(වෙපන් එක්ස් ප්‍රොග්‍රෑම් එක තිබ්බ ගොඩනැගිල්ල පුපුරලා කියලා නිව්ස්වල කියනවා දැක්කා නම් වැනෙස්සා ඒ ගැන කරදරෙන් ඉන්නත් පුළුවන්) එහෙම කිව්වේ වැනෙස්සා කොණ්ඩේවත් හරියට පීරගෙන නැති නිසා..


ඒත් ඇයි මේ වැනෙස්සාව පැහැරගන්නේ.. ගොඩක් වෙලාවට වේඩ් මැරිලා කියලා ඇතුළු කට්ටියත් හිතාගෙන ඉන්න වෙලාවක වෙන්න ඕන මේ පැහැරගැනීමත් වෙන්නේ.. වේඩ්ව විනාශ කලාට පස්සේ වේඩ්ට කරපු පරීක්ෂණය දිගටම කරගෙන යන්නද වැනෙස්සාව පැහැරගන්නේ? එහෙමත් නැත්නම් අලුත් පරීක්ශණයකටද?


The Naughty List
මෙන්න ඩෙඩ්පූල් දෝපින්දර්ට කියපු නෝටි ලිස්ට් එක..


උඩින්ම ඉන්නේ වගේම ඩෙඩ්පූල් ඔටුන්නකුත් දාලා තියෙන්නේ Ajaxට නම් තමයි.. ඒත් මම නම් ප්‍රාර්ථනා කරනවා Ajaxටත් උඩින් කෙනෙක් ඉන්න කියලා.
ලිස්ට් එක පුරා තැන තැන පිහිවලින් ඇනලා තියෙනවා දකින්න පුළුවන්.. මේ ලිස්ට් එකේ ඉදලා ඊළග ජීවිතේට ගිය අය වෙන්න පුළුවන්..

Agent (DD) smith?

ද රිකෲටර්ට ඩෙයාඩෙවිල්ගේ අං දීලා තියෙන්නේ ඇයි? ඒ වගේම ඒජන්ට් ස්මිත් කියන්නේ මේට්‍රික්ස් ෆිල්ම් එකේ ඒජන්ට් ස්මිත් වගේ දෙයක්ද?


ද රිකෲටර් Ajaxට ඉහළින් ඉන්න කෙනා නෙමේ කියන එක පැහැදිලි වෙනවා ඩෙඩ්පූල් ද රිකෲටර්ගේ පින්තූරෙටත් පිහියකින් අනින නිසා..(මැරිලා කියන එක )

Shot him up the ass
නොදකින් අරූගේ ඒම් එක.. ඔය තුවක්කුව දීපන් මට..



සොම්බීලෑන්ඩ් බලලා තියෙන අය දන්නවා කොලම්බස්ගේ දෙවනි නීතිය- ඩබල් ටැප්.. සොම්බි කෙනෙක්ට එක පාරක් වෙඩි තියලා නවතින්න එපා.. තව වෙඩිල්ලක් ඔලුවටම තියන්න.. ඒක සුපර්හීරෝ කෙනෙක් මරද්දිත් වලංගුයි..
මෙතන පෙන්නන්න එකත් එක්ක පශ්චාත්භාගයේ දර්ශන තුනයි

Heads Up
පශ්චාත්භාගය මැද්දෙන් තිබ්බ හෙඩ්ශොට් එකට වගේද බෙල්ල කපලා ගහපු කික් එක..



Blind Al
බ්ලයින්ඩ් ඇල් කියන්නේ ඩෙඩ්පූල් එක්ක සංකීර්ණම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය කෙනෙක්.. වේඩ් විල්සන්ට කුලී මිනීමරුවෙක් විදියට(ඩෙඩ්පූල් වෙන්න කලින්) මේ බ්ලයින්ඩ් ඇල්ව මරන්න සල්ලි දීලා තිබ්බා.. බ්ලයින්ඩ් ඇල් හැරෙන්න එතන හිටපු ඔක්කොම මරපු වේඩ් ඇල්ට යන්න දුන්නා.. ඩෙඩ්පූල් උනාට පස්සේ ආයෙත් ඩෙඩ්පූල්ට ඇල්ව හම්බුනාම ඩෙඩ්පූල් ඇල්ව අල්ලගෙන එනවා.. ඇල් ඩෙඩ්පූල්ගේ හිරකාරයෙක්, යාලුවෙක්, ගෘහපාලිකාව වගේම ඩෙඩ්පූල්ට අම්මා කෙනෙක් වගේ උනා.. ඩෙඩ්පූල් නිතරම ඇල්ගේ අන්ධබාවය මුල් කරගෙන අපහාස, විහිළු කලා.. කලාතුරකින් මේ වගේ දේකට ඇල්ට කේන්ති ආවොත් ඩෙඩ්පූල් ඇල්ව බොක්ස් නමින් හදුනවන පොඩි කාමරයක හිර කරනවා.. ඇල් දෙතුන් පාරක් පැනලා යන්න උත්සාහ කරනවා.. එහෙම පැනලා යන්න උදව් කරන අයව මරලා ඩෙඩ්පූල් ආයෙත් ඇල් හොයාගන්නවා.. මේ වගේ දේවල් නොවෙන වෙලාවට ඇල් ඩෙඩ්පූල්ට අම්මෙක් වගේ ආදරේ කලා.. ඩෙඩ්පූලුත් එක පාරක් ඩෙයාඩෙවිල්ගේ කලින් සයිඩ්කික් ඩියුස් ද ඩෙවිල් ඩෝග්ව අරන් දෙනවා.. (මේ බල්ලා ෆොගී සූදුවකදී ඔට්ටු අල්ලලා නැති කරගත්තට පස්සේ ඩෙඩ්පූල් අරගත්තේ)



බ්ලයින්ඩ් ඇල් ගැන තව දෙයක් කිව්වොත්, දෙවනි ලෝක යුද්ධ කාලෙදි ස්ටීව් රොජර්ස් එක්ක ඇල්ට සම්බන්ධයක් තිබ්බා..(අන්ධ වෙන්න කලින්)

Wade vs Ajax
මෙන්න වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එක ඇතුලෙදි වෙච්ච දේ ගැන අදහසක් ගන්න පුළුවන් දර්ශනයක්.. වේඩ් Ajaxව නවත්තන්න හදනවා වගේ.. ඒත් කලින් වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එක තිබ්බ ගොඩනැගිල්ලේ සුන්බුන් අස්සෙන් වේඩ් නැගිටින්න නම් මේ සටනෙදි නම් වේඩ් පරාද වෙනවා කියලා කියන්න වෙනවා..



The X-Men
කොලෝසස් සහ නෙගසොනික් ටීනේජ් වෝහෙඩ් ට්‍රේලර් එකේ පළවෙනි වතාවට දකින්න පුළුවන්.. කොලෝසස් සහ NTW ඇවිත් තියෙන්නේ ඩෙඩ්පූල්ව එක්ස් මෙන් කණ්ඩායමට එකතු කරගෙන පොඩි පාලනයකට යටත් කරවන්න වගේ..



“Nobody’s getting hurt…”
බොරු කියන එක නම් ඩෙඩ්පූල්ට කිසි ප්‍රශ්නයක් නෙමේ වගේ..



Vanessa Captured
වැනෙස්සාව අල්ලගෙන නැව් තටාකාංගනයකට අරගෙන ඇවිත්..ඒ එක්කම වැනෙස්සාගේ ස්වීට් ක්‍රිස්මස් රයිට් ක්‍රොස් එකක් ඒන්ජල් ඩස්ට්ගේ මූණ හරහා වදිනවා දකින්න ලැබෙනවා..


ඊළගට අපි දකින ඩෙඩ්පූල් දර්ශනයේ පැත්තකින් වැනෙස්සාව වීදුරු සිලින්ඩරයක් ඇතුලේ දාලා ඉන්නවා දකින්න පුළුවන්..


වැනෙස්සාව සමහර විට කොපිකැට් කරන්න ඉඩ තියෙනවා.. කොපිකැට්ට තියෙන්නේ ජෙනටික් මෙටමෝෆ් පවර් එකක්.. මිස්ටීක් වගේ ශේප් ශිෆ්ටර් කෙනෙක්.. ඒත් මිස්ටීක් වගේ නෙමේ, ජානමය වශයෙන්ම වෙනස් වෙන නිසා කොපිකැට්ට තමන් වෙනස් වෙන කෙනාගේ පවර් එකත් ගන්න පුළුවන්.. නමුත් මේ හැකියාව නිසා කොපිකැට්ගේ සැබෑ ස්වරූපය නිල් පාටයි, කොණ්ඩේ සුදු පාටයි, ඇස් රතු පාටයි.. කොමික්වලත් ඩෙඩ්පූල් ඇත්තටම ආදරේ කරපු කෙනෙක් කොපිකැට්..


කොමික්වල කොපිකැට් සේබර්ටූත්ගෙන් පහර කාලා මැරෙන්නේ ඩෙඩ්පූල්ගේ අත් දෙක උඩමයි..


Deadpool vs Ajax (Round II)

මෙන්න Ajax කියන්නේ මේකේ ප්‍රධාන හතුරා නෙමෙයි කියලා හිතන්න තවත් සාධකයක්.. 


වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එක පිටිපස්සේ ඉන්න මොලකාරයාගෙන් මේ වගේ සටනකට ඉදිරිපත් වීමක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.. (ඒත් කාස්ට් ලිස්ට් එකේ වෙන සුපර්විලන් කෙනෙක්ගේ නමක් නම් නෑ..)

ඒ මොකක් උනත් Ajax ඩෙඩ්පූල්ගේ බඩ හරහා ලේ විසිවෙන්න පාරක් ගහනවා..



Hi, I’m FRANCIS 
ට්‍රේලර් එකේ බීට් එකේ තාලෙටම කාර් එකත් හැප්පෙනවා, ඩෙඩ්පූල් කාර් එක ඇතුලේ කට්ටියට ගහනවා.. හොදම ට්‍රේලර් එක වෙන්න ඒකත් හේතුවක්.. 



කව්ද මේ ෆ්‍රැන්සිස්?
දැන් තමයි Ajax ගැන කියන්න වෙලාව..
ෆ්‍රැන්සිස් ෆැනි කියන්නේ Ajaxට..
ෆ්‍රැන්සිස් ෆැනි වෙපන් එක්ස් ප්‍රොග්‍රෑම් එකේ ජාන විද්‍යාඥයෙක් වෙච්ච ඩොක්ට කිල්බෘව්ගේ යටතේ වැඩ කලේ.. ඩොක්ටර් කිල්බෘව් ෆ්‍රැන්සිස්ගේ ශරීරයේ වෙනස්කම් ගොඩක් කලා.. ෆ්‍රැන්සිස්ගේ ස්නායු පද්ධතිය ඉවත් කරලා තියෙන්නේ.. ඒ නිසා ෆ්‍රැන්සිස්ට වේදනාව දැනෙන්නෑ.. ඒ වගේම ෆ්‍රැන්සිස්ගේ හම යට ශක්තිය වගේම, වේගය වැඩි කරන ද්‍රාවණයක් රෝපණය කරලා තියෙනවා..


Use of the Car Lighter
කාර් ලයිටර් එකෙන් නළල පුච්චලා, ඒක ගිල්ලනවා.. 


Because he is deadpool 

Super Slo-Mo Fourth Wall Breaking
ට්‍රේලර් එකේ ස්ලෝ මෝශන් ගොඩක් දැක්කා.. ඩෙඩ්පූල්ට ප්‍රේක්ශකයන්ට කතා කරන්න අවස්ථාව දෙන්න තමයි මේ සුපර් ස්ලෝ මෝශන් දර්ශන ගන්නේ.. ෆෝත් වෝල් බ්‍රේකින් ගැන අපි ලිපියක් දීලා තියෙනවා.. ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඒ ලිපිය කියවන්න.. ඉක්මනටම අපි Deadpool ගේ ෆෝත් වෝල් බ්‍රේක් ගැන තව ලිපියකින් කතා කරමු.



Angel Dust

ඒන්ජල් ඩස්ට්ගේ පැහැදිලි දර්ශනයක් දකින්න පුළුවන් දැන්..


ඒන්ජල් ඩස්ට් ගැන කියනවා කියලා කලින් පොරොන්දු උනානේ..
කොමික්වල ඒන්ජල් ඩස්ට් පොඩි ගෑණු ළමයෙක්. ඒන්ජල් ඩස්ට්ගේ පවර් එක ඇඩ්‍රිනලීන් මගින් ක්‍රියාත්මක වෙන පවර් බූස්ට් එකක්.. ඒන්ජල් ඩස්ට්ට තමන්ගේ ඇඩ්‍රිනලීන් හෝමෝනය පාලනය කරන්නත් පුළුවන්.. ඒකෙන් ඒන්ජල්ට සුපිරි ශක්තියක් ලැබෙනවා.. හල්ක් වගේම කේන්ති ගියාමත් ඒන්ජල්ගේ ශක්තිය වැඩි වෙනවා..

Team up
ඩෙඩ්පූල් තමන්ව එක්ස් මෙන් කණ්ඩායමට එකතු කරගන්න ආපු දෙන්නව තමන්ගේ කණ්ඩායමට එකතු කරගෙන..


කොලෝසස්ගේ ශක්තිය ගැන අදහසක් ගන්න පුළුවන් මේ දර්ශනයෙන්..


ඒන්ජල් ඩස්ට්ගේ එක පාරෙන් කොලෝසස් පොළව සිපගත්තා.. ඒක ඒන්ජල් ඩස්ට්ගේ ශක්තිය ගැන අදහසක් ගන්න පුළුවන් දර්ශනයක්..


මොකද්ද මේ කොලෝසස් විසි වෙන වෙලාවේ ඩෙඩ්පූල් දණගහගෙන කරන්නේ? What the duck?


කොලෝසස් විසි උනාම ඩෙඩ්පූල්ගේ මූණ..



“I mean, that’s why I brought her.”
නෙගසොනික් ටීනේජ් වෝහෙඩ් ශුවර් එකටම කොලෝසස්ට වැදිච්ච ශොට් එක ගැන ට්වීට් කරනවා ඇති.. Kids these days


නෙගසොනික් ටීනේජ් වෝහෙඩ්ට කොමික්වල නම් තියෙන්නේ සයිකික් පවර්ස්.. ටෙලිපති සහ සුළු මොහොතක අනාගතය දැකීම.. ඒත් මේ පෙන්නුවෙ මොන පවර් එකක්ද කියලා නම් මට කිසිම අදහසක් නෑ.. ගින්දර පාලනයද? සයිකික් එනර්ජිද? පවර් එක මොකක් උනත් වැඩේ කෙරුණා..


“I So Pity the Dude Who Pressures Her into Prom Sex…”



Me too

#ආර්කේඩ්
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates