LATEST :

Wednesday, December 31, 2014

Joker - Part 02

Joker එහෙමත් නැත්තම් Clown prince of crime කියන චරිතය comic ලොවට ගේන්නේ DC comic ආයතනය.. Dc comic වල ඔයාලා ගොඩ දෙනෙක් දන්න හා ආස කරන Batman කථා මාලාව යටතේ තමයි Joker ව හඳුන්වා දෙන්නේ.. ඒ වගේම joker, Batman ගේ ලොකුම හතුරා කියල කිව්වත් එකේ වැරද්දක් නෑ.. අනිත් ගොඩක් comic චරිත වගේම මෙයත් මන:කල්පිත චරිතයක්.. ඒ වගේම මෙය එසේ මෙසේ හතුරෙකුත් නෙමෙයි,ගොඩක් වැදගත්,භයානක හතුරු චරිතයක්.. ඒ වගේ හතුරන් Supervillain කියලයි හැඳින්වෙන්නේ..


මේ චරිතයත් නිර්මාණය කරන්නේ Batman චරිතය නිර්මාණය කරපු Bob Kane,Bill Finger හා JerryRobinson කියන තුන්දෙනා ම තමයි.. මුලින්ම joker ව අපිට දකින්න ලැබෙන්නේ 1940 අප්‍රේල් 25 වෙනිදා,ඒ කියන්නේ batman කතාමාලාව DC ආයතනය යටතේ ප්‍රකාශය කරන්න පටන් ගත්ත කාලෙයි. එක නිසාම batman #1 කොමික් පොතෙත් joker ඉන්නවා.(Batman මුලින්ම එලි දක්වන්නේ 1939 detective comics යටතේ,DC ආයතනය ගැන අපි පල කල ලිපියෙන් ඒ ගැන සදහන් කළා) එදා ඉදන් අද වෙනකම්ම batman ගේ ලොකුම හතුරා විදිහට joker අපිව කොමික් පොත්,cartoons,animation - live action movies වලදී දැකගන්න පුළුවන් උනා..

Joker කිව්වහම අපිට මතක් වෙන්නේ එක එක විකාර කරන,පිස්සු හැදිච්ච ,කුරිරු මනුස්සයෙක් උනාට මෙයා මොලේ නැති,පිස්සු විකාර කාරයෙක්ම නෙමේ.. joker ට හොඳ දැනුමක් තියෙනවා.. හොඳ බුද්ධියක් තියෙනවා.. (Genius-level inteligence කියල තමයි සඳහන් වෙන්නේ) ඒ වගේම රසායන විද්‍යාව ගැනත් හොඳ දැනුමක් තියෙනවා.. ඒ වගේම Hand to Hand combat හොඳට පුළුවන්.. එක නිසාම තමයි batman ට උනත් joker ව පරද්දන එක ලේසි නැත්තේ..
ඒ අනුව බලනකොට joker ව Geniusly Insane Psycopath කෙනෙක් කියල හඳුන්වන්න පුළුවන්.. 

මේකේ තියන රසවත්ම දේ තමයි joker එයාගේ මුල්ම කතාවේදීම මැරෙනවා.. හිතනකො නිකමට හරි ඒ ඩේ ඒ විදිහටම උනානම්.. එහෙනම් අද අපිට කතා කරන්න joker චරිතයක් නෑ විතරක් නෙමෙයි batman කථා මෙච්චර ජනප්‍රිය නොවෙන්නත් ඉඩ තිබුන.. එත් හොඳ වෙලාවට කතාව ප්‍රකාශයට පත්කරන්න කලින් කතෘ මණ්ඩලය කරපු සාකච්චාවකදී ඒ තීරණය වෙනස් කරලා තියෙනවා.. මොකද එතැනදී ඒගොල්ලෝ හිතල තියෙනවා batman කියන සංයමයෙන් වැඩ කරන,බුද්ධිමත්,ශීලචාරි වගේම අභිරහස් චරිතයෙ ලොකුම හතුරා වෙන්න පුළුවන් වෙන්නේ පිස්සු වැඩ කරන,කුරිරු බුද්ධියක් තියෙන,අශීලචරී,අවුල් ඇතිකරවන joker ට විතරයි කියලා.. ඒ කතාව නම් හරියටම හරි,අපේ යාළුවන්ගෙත් අදහස එකම වෙන්න ඕනේ.. 
joker ගේ මේ පිස්සු එත් භයානක වැඩවල ආරම්භය එහෙම නැත්තම් joker කියන චරිතයේ පසුබිම් කථාව (Origin story) ගැන කියනවනම්,joker ට Origin storys කිහිපයක්ම තියෙනවා.. ගොඩක් ජනප්‍රියම එක තමයි රසායන මිශ්‍රණයකට වැටිලා ඒ ඩේ උනා කියල.. ඒ රසායන මිශ්‍රණය නිසා joker ගේ හිසකෙස් කොළ පාට වෙලා,හම සුදුමැලි වෙලා,තොල් රතු පාට වෙනවා.. joker ගේ පිස්සුව හැදෙන්නෙත් මේ නිසාම කියලයි කියවෙන්නේ.. ඒ රසායන මිශ්‍රණය joker හදන එකක් කියලත් කියනවා,අපද්‍රව්‍ය රසායන මිශ්‍රණයක් කියලත් කියනවා..මෙතනින් ඒ ලිපිය කියවන්න පුළුවන්

joker ට Origin story එකක් ඕනේ නෑ කියලත් ගොඩක් අය කියනවා.. එතකොට joker චරිතයේ තියෙන කුරිරු අබිරහස් බව තවත් වැඩි වෙනවා කියලයි එයාල කියන්නේ.. ඒ කතාවට නම් මමත් එකඟයි.. ඒ මතය නිසාමද මන්දා අපි හැමෝම බලල තියෙන The Dark Knight චිත්‍රපටයටත් joker ගේ Origin story 1ක් ගෙනාවේ නැත්තේ..(the Dark Knight ගැනත් පසුවට කතා කරමු)

joker ගේ කුරිරු වැඩ වල අතුරුඵල විදිහට හැදිච්ච චරිත දෙකක් විදිහට Red Hood හා Oracle චරිත දෙක හඳුන්වන්න පුළුවන්..
batman ගේ දෙවැනි Robin විදිහට හිටපු Jason Todd කියන චරිතය joker batman: A Death in the Family කොමික් පොතේදී ඝාතනය කරනවා..ඒ jason Todd තමයි Red Hood විදිහට පස්සේ කලෙක එන්නේ.. මැරිච්ච එක අපහු එන්නේ කොහොමද කියල ඔයාලට දැනගන්න ඕනේ නම් ලේසිම ඩේ තමයි " batman:Under the red hood " animation movie එක බලන එක..

batman ගේ පලවෙනි සහායිකාව වෙන Barbara Gorden එහෙම නැත්තම් පලවෙනි Batgirl ගේ රහස් අනන්‍යතාවය " batman:the killing joke " කොමික් පොතේදී දැනගත්ත joker, barbara ට වෙඩි තියනවා.. එකෙන් ආභාදිත වෙන barbara, oracle විදිහට අපහු එනවා..
ඉතින් ඔයාලට හිටාගන්න පුළුවන් නේද joker කියන්නේ batman ට කොච්චර ඇණයක්ද කියලා..

joker ගේ මේ ජනප්‍රිය භාවය නිසාම Joker නාමය හා චරිතය මුල්කරගෙන විවධ ව්‍යාපාර,විලාසිතා පවා නිර්මාණය වෙලා තියෙනවා.. comic රසිකයන් අතර ජනප්‍රියම චරිතය joker කියල කියන්නත් පුළුවන්..

ලිපිය දිග වැඩි වේගන එනවා උනත් the Dark Knight චිත්‍රපටයේ එන Heath Ledger විසින් ඉදිරිපත් කල Joker චරිතය ගැනත් කතා නොකලොත් එක මදි කමක්.. ගොඩක් දෙනා කැමතිම joker චරිතයක් ඉදිරිපත් කරන්න එකේදී heath සමත් උනා.. එම චරිතය වෙනුවෙන් ඔහු Oscar සම්මානයක් පවා දිනාගත්තා.. චරිතයක් වෙනුවෙන් එක පුද්ගලයෙකු ලබාගත් වැඩිම සම්මාන ප්‍රමාණය දිනාගන්නට ඔහුගේ රංගනය මෙන්ම joker චරිතයට කොමික් රසිකයන්ගේ තියෙන කැමැත්තද බලපෑවා.. එක නිසාම (හෝ) The Dark Knight චිත්‍රපටය,චිත්‍රපට රසිකයන් අතර ඉහල ස්ථානයක් තියෙනවා.. ( The Dark Knight චිත්‍රපටය ගැන ඉදිරියේදී ලිපියක අප පේජය තුලින් පල කරන්න බලාපොරොත්තු වෙනවා )

joker ගැන කියන්න දේවල් නම් තව ගොඩක් තියෙනවා.. එත් ආරම්භයක් විදිහට මගේ පළමු ලිපියෙන් මේ ටික ඇති වෙයි..
ඊළඟ ලිපියෙන් මම ඔයාලා fantastic four චිත්‍රපටි වලින් දැකපු Dr.Doom ගැන විස්තර ටිකක් කියන්න බලාපොරොත්තු වෙනවා.. එක නිසා මේ ලිපියට ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර ගොඩක් වැදගත් වෙනවා..

#ClownPrinceOfCrime

Easter Eggs

මොනවාද මේ ඊස්ටර් එග්?

අපේ පේජ් එකේ සමහර පෝස්ට් කියවද්දී කට්ටියට අලුත් අලුත් වචන හම්බෙනවා නේ. සමහරක් අය නම් ඒවගේ තේරුම දන්නවා. ඒත් කෝකටත් කියලා අපි හිතුවා බහුලවම යොදන වචන ටිකක් ගැන කතා කරන්න.

1.Easter Egg
ඊස්ටර් එග් කියන වචනයේ ඇත්ත තේරුම මොකක්ද කියන එකෙන් ම මම මේක පටන් ගන්නම්. යුරෝපයේ ඊස්ටර් එහෙමත් නැතිනම් පාස්කු දවසේ පොඩි අය කරන සෙල්ලමක් තියනවා. ඒ තමයි ගෙවත්තේ තැන් තැන් වල හංගන පින්තාරු කරපු බිත්තර හොයන එක. මේවට තමයි පාස්කු බිත්තර නැතිනම් ඊස්ටර් එග් කියන්නේ. ඉතින් මේවා ටීවී සිරිස් වලට සම්බන්ද වෙන්නේ කොහොමද?
මම ඒකට උදාහරණයක් කියන්නම්. හිතන්න අපේ ෆ්ලෑෂ් කතාව දැන් යනවානේ. එතකොට නිෂ්පාදක වරු කතාවේ රසවත් බාවය වැඩි කරන්න කොමික් පොත් වලට සම්බන්ද පොඩි පොඩි කාරණා පසුබිමට දානවා. ඒවා එක පාරටම පේන්නේ නෑ. ඒත් ඕන කමින් බැලුවොත් හරි අහම්බෙන් හරි දැක්කොත් හරි කලින් ඒ සිද්දිය කියවපු කෙනෙක් ට එක පාරටම අල්ලා ගන්න පුළුවන්. මේවා තමයි ඊස්ටර් එග් කියන්නේ

2.Reference
ටීවී සිරිස් එක හදන්න පාදක වෙච්ච මුල් නිර්මාණයක් තියන වෙලාවක (අපේ සිද්දියේ දී නම් කොමික් බුක්) ඒ මුල් නිර්මාණයේ එන සිද්දියක්, චරිතයක්, ස්ථානයක් වගේ ඕනෑම එකක් කතාවේ හම්බෙනවා නම් ඒකට කියන්නේ යොමුගත කිරීමක් (ගැලපෙනම වචනය ද දන්නේ නෑ) කියලා. මේවා ඊස්ටර් එග් වගේ තමයි. ඒත් ප්‍රධාන කතාව ඇතුලේම ලේසියෙන් හම්බෙනවා.

3.Spoiler
මේක නම් හැමෝම වගේ දන්නවා නේ. කතාව බලපු නැති කෙනෙක් ට අපි අනතරු හඟවනවා කතාවේ තීරණාත්මක අවස්ථා ගැන සාකච්චා කරනවා කියලා. කතාව බලපු නැති කෙනෙක් ඒක බලලා පස්සේ කතාව බැලුවොත් නියම රසය එන්නේ නෑ.

4.Recap සහ Review
සාරංශය සහ සමාලෝචනය. අපි කතාවක සිද්ද වෙන සියල්ලම සැකෙවින් විස්තර කරනවා නම් ඒකට කියන්නේ Recap කියලා. එහෙම නැතුව සමස්තයක් විදිහට කතාව ඇතුලේ වෙන්නේ මොකක්ද කියන කාරණේ කතා කරනවා නම් ඒකට කියන්නේ Review කියලා.

මේ දැම්මේ අපිට නිතර හම්බෙන වචන ටිකක්. එහෙනම් මේ වචන ටිකත් ඔලුවේ තියාගෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම.

attila_THE_hun

Monday, December 29, 2014

Arrow TV show - Introduction

*** ------ Arrow ------ ***

ලංකාවේ කොමික් TV සීරිස් උන්මාදය වැඩි වුනේ මොකෙන්ද කියලා ඇහුවොත් හැමෝම එකපාරම කියන්නෙ Arrow නිසා කියලා. ඔන්න හැමෝම බලාගෙන හිටපු Arrow TV series එකටත් reviews දෙන්න අපි තීරණය කලා. හැබැයි දැන් Arrow season 3 එක ප්‍රචාරය වෙන නිසා වැඩි ඉඩක් ඒකට දෙන්නයි අපි හිතුවේ. ඒ කිව්වෙ season 1යි season 2යි plot 5කින් විතර දාලා season 3 එක episode 1 ඉදලා පටන් ගන්නයි.

මුලින්ම අපි දැනගෙන ඉමු Green Arrow කියන කොමික් චරිතය ගැන. Green Arrow කියන්නෙ DC Comicsලාගෙ Justice League එකේ member කෙනෙක්. මුලින්ම Green Arrow කියන චරිතය කොමික් වලට ආවෙ 1941දී නොවැම්බර් මාසයේ එලි දැක්වුණු More Fun Comics #73 කොමික් පොත තුලින්. එදා පටන් අද දක්වා DC comics සමාගම Green Arrow ට කොමික් පොත් තුලින් හොද ස්ථානයක් ලබා දී තිබෙනවා. 1941 පටන් අද දක්වාම DC comics පොත් 38කට පමණ Green Arrow එක් කිරීම මගින් ඔහුගේ ජනප්‍රියතාව වැඩිවන්නට ඇති.

ඇත්තටම කවුද මේ Green Arrow? හැමෝම දන්න විදියට Green Arrow කියන්නෙ Oliver Queenට. ඔලිවර් කියන්නෙ තරුණ බිලියනපතියෙක්. සැබෑ ජීවිතයේදී වගකීම් විරහිත, සෙල්ලක්කාර චරිතයක් වුවත් එයාගෙ වැඩ පෙන්නන්න පටන් ගත්තාම (Green Arrow වුනාම) නම් එහෙම බවක් පොඩ්ඩක්වත් පේන්න නෑ. මුලින්ම කියන්න ඕනෙ ඔරිජිනල් කොමික් පොතේ තියෙන කතාවයි tv series එකේ කතාවයි වෙනස්. කොමික් පොතේ තියෙන්නෙ ඔලිවර්ගේ අම්මයි තාත්තයි දෙන්නම සෆාරි එකේදි සිංහයන්ගෙ පහර දීමකින් මැරෙනවා කියලා. ඊට පස්සෙ එයාගේ මාමාගේ රැකවරණය යටතේ ඉන්න ඔලිවර්ට පවුලේ උරුමයෙන් Queen Industries එක අයිති වෙනවා. පස්සෙ ඔලිවර් මුහුදු ගමනක් අතතුරේදි එයාගෙ බෝට්ටුව පෙරලිලා දූපතකට ගහගෙන ගිහිල්ලා ජීවිතය රැකගන්න Robin Hood වගේ archer කෙනෙක් විදියට ජීවිතය ගත කරනවා කියලා.

නමුත් TV series එකේදි වෙන්නෙ ඔලිවර්ගෙ තාත්තාව මරන්න කරපු බෝට්ටු පිපිරවීමකදී ඔලිවර් විතරක් ජීවිතය බේරගන්නවා කියලා. ඔලිවර්ගෙ තාත්තා ඔලිවර්ගෙ ජීවිතය රඳා පවතින්න තමන්ටම ජීවිතාරක්ෂක බෝට්ටුවේදී වෙඩි තියාගන්නවා කියලයි. තව ඔලිවර් ඒ දූපතේ අවුරුදු 5ක් ඉන්නවා. ඒ අතරේ ඔහුට Yao Fei කියන චීන ජාතිකයායි ඔහුගේ දුව වන shadoයි දුනු ශිල්පය පුරුදු කරනවා. අවුරුදු 5ක් ඇතුලේ විවිධාකාර සිද්ධි ඒ දූපතේදි සිද්ධ වෙලා ඒවාට මුහුණ දීලා ඔලිවර් තමගේ ජීවිතයට අරමුණක් ගොඩනගා ගන්නවා කියලා තමයි tv series එකේ කියන්නෙ. මම වැඩිය tv series එක ගැන නොකියා ඉන්නම් නැත්නම් ඉතින් review ලියද්දි ගතියක් නෑනෙ
  

වීරයෙක් ඉන්නවානම් ඉතින් එතන දුෂ්ඨයෙකුත් ඉන්නවනේ. ඉතින් අපි බලමු DC comicsලා Green Arrowට එරෙහිව නිර්මාණය කරපු villainsලා කවුද කියලා. මෙතනදි නම් විතරක් සඳහන් කලත්, ඊලඟට මේ හැමෝම ගැනම පෝස්ට් එක ගානේවත් අපේ පේජ් එකේ වැටේවි. Brick, China White, Clock King, Count Vertigo, Death-stroke, Merlyn, Cupid,Wild Cat, Komodo වගේ villainsලා ටිකක් තමයි Green Arrowගේ ප්‍රධාන හතුරෝ වෙන්නෙ.

තව Green Arrow තමන්ට sidekick එකක් හැටියට Roy Harperව ටීම් එකට ගන්නවා. නමුත් ටික කාලයකින් රෝයි Red Arrow හැටියට නම වෙනස් කරගෙන තනියම අපරාධ මැඬලන්නට යනවා. ඒකත් tv series එකේ ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි.

ඔන්න ඉතින් කිව්වා වගේම Arrow Mid Season breakඑක අතරෙදි ටිකක් පරක්කු උනත් Arrow tv series එක කරන්න මම බාරගත්තා. 2015 ජනවාරි 21වෙනිදා Season 3 episode 10 එක එන්න කලින් Season 3 වලට Spoilers අරන් එන පොරොන්දුවක් හැමෝටම දෙනවා. අපිත් එක්ක එකතුවෙන්න, ලිපි ලියන්න, ඔයාලගෙ comic දැනුම හැමෝටම බෙදාදෙන්න කැමති අය අපිට කතා කරන්න. හැමෝවම එකතුකරගන්න අපි කැමතියි

SmAsHeR

 

DeathStroke

කෙනෙක්ගෙ දක්ෂතාවය වචනයෙන් මනින්න බැහැ. විශේෂයෙන්ම එය කොමික් ලොකයේ විරයන්ට නම් වැඩකටම නැති දෙයක්. තැනක් ඇත්තේ කුමන බාදක හො ජයගන්න පුලුවන් superheroට එහෙමත් නැත්තම් villainට. තමන්ගෙ mission එක ඉවර කරන්න ඕනැම බාධකයකට මුහුන දිමට සුදනම් පුද්ගලයාට. comic ලෝකයෙ උනත් එහෙම කරන්න පුලුවන් අය ඉන්නෙ කීප දෙනයි.. DeathStroke කියන්නෙ එයාගෙ ඉලක්කෙට යන්න ඕනෙම දෙයක් කරන්න ලෑස්ති anti-hero කෙනෙක් එහෙමත් නැත්තම් villain කෙනෙක්.

Death Stroke කියන character නිර්මානය කරන්නේ Marv Wolfman සහ George Perez විසින්. The New Teen Titans (1980). comicsවල මුලින්ම ඩෙත් ස්ට්රොක් චරිතය දක ගන්න පුලුවන්. Wizard Magazine විසින් Death Stroke 24 වන හොදම villain ලෙසත් 32 වන හොදම comic book චරිතය ලෙසත් Death Stroke චරිතය rate කලා. 2009 වසරෙදි IGN's 32 වන ස්ථානයේ රැදි හිටපු villain උනෙත් Death Stroke. Teen Titans කියන කතා මාලාවෙ දුෂ්ටයෙකු ලෙස නිර්මානය කරපු Death Stroke වර්තමානය වෙනකොට Batman සහ Green Arrow කතා මාලා වලත් villain කෙනෙක්ගෙ තත්වෙට පත්වෙලා. Bat Man animated films වලත් Videos Games වලත් Arrow TV Series එකෙත් Death Stroke ගෙ චරිතය දැක ගන්න පුලුවන්.

අවුරුදු 16ක පොඩි කොල්ලෙක් අවුරුදු 18ක් කියල බොරු වයසක් දාල US ආමි එකට බැදෙනව. හ්ම්ම් ස්ලේඩ් තමා.. කොරියාවෙ මිෂන් එහෙකින් පස්සෙ Major rank එහෙකට උසස්විමක් ලැබිල Washington වලට මාරු වෙනව. 1960 ගනන් වල මුල් කාලයෙ අපෙ ස්ලෙඩ්ට මුන ගැහෙනව Captain Adeline Kane ව. මු තමයි Vietnam යවන්න ඔනෙ කරන troops පුරුදු කරන කෙල්ල. Adeline ස්ලේඩ්ගෙ martial arts skills දැකලා ස්ලේඩ්ව බදව ගන්නව ඔය අතරෙ උන් දෙන්න ලව් කරන්න පටන් ගන්නව. අවුරුද්දක් ඇතුලත ස්ලේඩ් ඉගෙන ගන්න පුලුවන් හැම martial art (ගරිල්ලා fightingවුත්) එකක්ම ඉගෙන ගත්ත කියල තමයි කියන්නෙ. කොහොම හරි මුන් දෙන්න බැදල Adeline pregnant උනාට පස්සෙ ස්ලේඩ්ට Vietnam යන්න වෙනව. කොහොම හරි තමන්ගෙ පලවෙනි mission එකෙන්ම ස්ලේඩ්ට තුවාල වෙනව. මෙතනදි ස්ලේඩ්ව බේර ගන්නෙ Wintergreen කියල ඩෑල් එකක්.

රහසිගත පරික්ෂනයක අත්හදා බැලිමකට ඔය අතරෙ ස්ලේඩ්ට මුහුන දෙන්න සිද්ධ වෙනව. මේ metahuman supersoldiers project එකෙන් පස්සෙ ස්ලේඩ්ගෙ ශක්තිය ,වේගය , බුද්ධිය වගෙ සටනකදි වදගත් දේවල් සාමාන්ය පුද්ගලයෙකුට වඩා වැඩි වෙනව .. මේ අතරෙ අර ස්ලේඩ්ව කලින් බේර ගත්ත ඩෑල් එක බේර ගන්න mission එකක් ස්ලේඩ් අණට පිටින් යනව. මේ සීන් එකෙන් පස්සෙ ස්ලේඩ් කුලි හේවායෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නව. හැබැයි මෑන් මේ life එක wife ගෙනුයි ලමයි ගෙනුයි හන්ගනව.
මේ අතරෙ ස්ලේඩ්ගෙ හතුරෙක් ස්ලේඩ්ගෙ පුතාව kidnap කරල තර්ජනය කරනව. ස්ලේඩ් පුතාව හිර කරන් ඉන්න තැනට පහර දෙනව. ඒත් මෙතනදි සිදුවෙන අනතුරක් නිසා ස්ලේඩ්ගෙ පුතා ජෝසෆ් ගොළු වෙනව. පුතා hospital එකේ කියල දැන ගන්න Adeline මේක ස්ලේඩ්ගෙ වැරැද්ද නිසා සිද්ධ උනා කියල හිතල කේන්ති ගිහින් ස්ලේඩ්ට වෙඩි තියනව. එතනදි තමයි ස්ලේඩ්ගෙ දකුනු ඇහැ පොට්ට වෙන්නෙ. ස්ලේඩ්ගෙ Mask එකේ දකුනු ඇහැ නැති විමටත් normal ඉද්දි eye patch එකක් දාගෙන ඉන්නත් සිද්ධ වෙන්නෙ මේ නිසා තමයි.
Deathstroke ගෙ වැඩ කිඩ පල්ලෙහා ලින්ක් එකෙන් බලන්න



Percy_Jackson

Joker - Part 01

ජෝකර් කියන්නෙ මගෙ ආසම villain කෙනෙක්. අපි හැමෝම දන්නව ජෝකර් කියන්නෙ ගොඩක් පිස්සු ඒවගේම සුපිරි ආතල් පොරක් කියල. ඒත් මෙයා ජෝකර් වෙන්න කලිනුත් මෙහෙමද ? ඔක්කෝටම කලින් මෙයා කොහොමද ජෝකර් උනේ ? මෙයා ජෝකර් වෙන්න කලින් කවුද? 

ජෝකර්ගෙ අතීතෙ ගැන වැඩිය comic වල පෙන්නන්නෑ. ඒත් batman: the killing joke කථා මාලාවේ ජෝකර්ගෙ අතීත කතාව කියල හිතන්න පුලුවන් කොටස් කිහිපයක් තියෙනව. ඒ වගේම ජෝකර්ගෙ ඇත්ත නම යැයි සලකන්න පුලුවන් නමක් batman the animated series එකේ ජෝකර්ගෙ ෆයිල් එකේ තීනව. (Jack napier) ඒ ඇරෙන්න ජෝකර් ගැන කිසිම දෙයක් නෑ. සමහර විට මම නොදැකපු දෙයක් ඔයාලා දැකල ඇති ජෝකර් ගැන. එහෙම උනොත් ඒ තොරතුරු අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි කතාව පටන් ගමු. 

ජෝකර් එහෙමත් නැත්තන් ජැක් කියන්නෙ chemical company එකක engineer කෙනෙක්. ජැක් රස්සාවෙන් අස් උනේ comedian කෙනෙක් වෙන බලාපොරොත්තුවෙන්. ඒත් ජැක් හැම එකකින්ම අසමත් වෙනවා. ඒත් ජැක් කොහොමද රස්සාවක් නැතුව එයාගෙ බිරිඳ jeannieට සහ එයාගෙ ඉපදෙන්න ඉන්න ළමයට කන්න බොන්න දෙන්නෙ. මේ අතරෙ නගරෙ ඉන්න හොරු දෙන්නෙක් මෙයාට කතා කරනවව එයා කලින් වැඩකරපු chemical company එකට හොරෙන් පනින්න. මුලදි ජැක් අකමැති උනත් පස්සෙ එයාගෙ ළමයගෙ අනාගතේ ගැන හිතල කැමති වෙනව. එකම එකපාරක්. පස්සෙ ජැක් බාර් එකේ ඉන්න කොට පොලිස් නිලධාරියො දෙන්නෙක් ඇවිත් ජැක්ට නරක ආරංචියක්යක් දෙනව. ඒත් මොකද්ද ඒ නරක ආරංචිය. Jeannie ජැක්ගෙ බිරිඳ කරන්ට් එක වැදිලා එයාගෙ තාමත් ඉපදුන් නැති ළමයත් එක්ක මේ ලොකේ දාලා සදහටම යන්න ගිහින්. එදා රෑට කරන්න ගිය වැඩේ මේ දේ නිසා ජැක් නොකර ඉන්න හදද්දි අර කලින් කිව්ව හොරු දෙන්න කොහොමහරි ආපහු ජැක්ව කැමති කරගෙන වැඩේට බහිනව. කොහොමහරි companyය ඉස්සරහට ආවම ජැක්ට අර දෙන්නගෙන් එක්කෙනෙක් දෙනව red hodd costume එක. ඇයි ? මොකද වැඩේ ගැස්සුනොත් ජැක්ව ශේප් එකේ මාට්ටු කරලා එ දෙන්නට පැනගන්න. කොහොමහරි companyය ඇතුලට ආවම security කෙනෙක් මෙයාලව දකිනව. කොහොම හරි අර හොරු දෙන්නට වෙඩි වදිනව මේ අතර ජැක් දුවනව.ජැක්ට වෙඩි තියන්න හදනකොට බැට්මෑන් සීන් එකට එනව. බැට්මෑන් ලගට එනකොට ජැක් එතනින් බිමට පනිනව. ඒත් ජැක් වැටුනෙ ලොකු chemical බැරල් එකකට. පස්සෙ ජැක් කොහොමහරි එලියට එනව. පස්සෙ ජැක් හෙල්මට් එක ගලෝල බලද්දි එයාගෙ කොන්ඩෙ කොල වෙලා තොල් රතු වෙලා මූන තනිකර සුදු වෙලා. මේ ඔක්කොම එක නරක දවසක් නිසා, එක නරක දවසක් ජැක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරා.

Shazam

Flash - Part 02

පලවෙනි කොටසෙන් අපි jay garrick සහ barry allen ගැන කතා කරානෙ (පින්තූරය 1). ඒකෙ අන්තිමට මම කිව්වා justice league cartoon series එකේ හිටපු flash barryවත් jayවත් නෙවේ කියලා. ඒත් කවුද ඒකේ flashට හිටියෙ ?

මතකද young justice cartoon series එකේ හිටපු flashගෙ සහයකයා. Kid flash ( පින්තූරය 2 ) එහෙමත් නැත්තන් wally west. ඒත් මෙයා ඇයි flash උනේ ? ඒකට උත්තර දෙන්න කලින් අපි බලමු wallyට කොහොමද එයාගෙ powers ලැබෙන්නෙ කියලා. Wally දවසක් එයාග මාමා barryගෙ lab එකට ගියාම wallyට අකුණක් වැදුන ඒ වෙලාවෙම එයාගෙ ඇගට chemical වගයක් වැටුනා. හෝව් හෝව් දැන් ඔයාලා හිතනව ඇති මේ සිද්දිය උනේ barryටනෙ කියලා. Wallyට එයාගෙ powers හම්බෙන්නෙ barryට හම්බුනා වගේමයි. හම්මෙ මගෙන් අහන්න එපා ඇයි කියලා. 
ඒත් new 52 universe එකේ මේක සම්පූර්ණයෙන්ම වෙනස් new 52 එහෙමත් නැත්තන් earth prime එකේ wallyට powers ලැබෙන්නෙ barry අනාගතෙන් ආපු barryත් එක්ක fight කරද්දි speed force එක wallyට එකතු වීමෙන්. ඒත් ඇයි kid flash, flash උනේ ? Dc universe එකේ ලොකු event එකක් තිවුනා crisis on infinite earths කියලා 1985. මේකෙදි වෙන්නෙ barry මුලු universe එකම බේරගන්න එයාගෙ ජීවිතේ දෙනව. කෙලින්ම කියනවනන් barry මැරෙනව. මේක නිසා තමා wally flash වෙන්නෙ මොකද මේ ලෝකෙට flash කෙනෙක් ඕන හින්දා central city එකට flash කෙනෙක් ඕන හන්දා. මේ නිසා තමා jla cartoon series එකේ wally ඉන්නෙ barry වෙනුවට(පින්තූරය 3). 
ඕ බයවෙන්න එපා barry ඇත්තටම මැරුනෙ නෑ. එයා speed force එකේ හිර වෙලා හිටියෙ කාලයක්. Speed force එක නිසා තමා barry , wally මේ හැමෝම වේගෙන් දුවන්නෙ. කොහොමහරි flash rebirth comic එකෙන් barryව ආපහු ගෙන්නනව. හම්මේ අදට ඇති පෝන් එකෙන් කොටන හින්දා අමාරුයි ගොඩක් ලියන්න ඒක හින්දා 4 වෙනි flash ගැන වෙන දවසක කතා කරමු එතකන් ජයවේවා. 

Shazam

Saturday, December 27, 2014

Guardians of the Galaxy - Part 01

Guardians of the Galaxy Part 1


මාවල්’ චිත්‍රකතා ආශ්‍රයෙන් සුපිරි වීර චිත්‍රපට තැනීම හොලිවුඩයට අලුත් දෙයක් නොවේ. දැන් එවැනි චිත්‍රපටයක් ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ ‘ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලක්සි’ යන නමිනි. මාවල් චිත්‍රකතාව පළ වී ඇත්තේ ද එම නමින්. මාවල් චිත්‍රාගාරයේ නිෂ්පාදනයක් වන මෙම සිනමාපටය ජේම්ස් ගන්ගේ නිෂ්පාදනයකි.
            

1988 වසරේ ඇමෙරිකාවේ රෝහලක අමුත්තන්ගේ කාමරයට වී පමා වෙමින් සිටින කුඩා පීටර් හමුවට පැමිණෙන්නේ ඔහුගේ සීයාය. පීටර් ඔහුගේ මවට සමුදිය යුතුව ඇතැයි සීයා පවසයි. පීටර් ගේ මව පිළිකාවකින් පීඩා විඳිමින් මරණාසන්නව සිටියි. සීයා පීටර්ව ඔහුගේ මව වෙත කැඳවාගෙන යයි. මව ඔහුට තිළිණයක් දෙමින් පවසන්නේ පීටර්ගේ පියා දේවදූතයකු බවය.

“ඔයාත් කවදාහරි ඔයාගේ තාත්තා වගේ දේවදූතයෙක් වෙන්න ඕනෙ” පීටර්ගේ මව පවසයි. “මට ඔයාගේ අත දෙන්න”
එහෙත් මරණාසන්නව සිටින මවට සිය සුරත දීමට පීටර් බිය වෙයි. ඒ සමඟම ඔහුගේ මව අවසන් හුස්ම හෙළයි. මහත් ශෝකයෙන් රෝහලෙන් පිටතට දිව යන කුඩා පීටර්ව පැහැරගනු ලබන්නේ පිටසක්වළ යානයක් මඟිනි.
වසර විසිහයකට පසු තරුණ වියට පත් පීටර් ‘මොර්ග්’ නමැති ග්‍රහලෝකයට වී සොයමින් සිටින්නේ අද්භූත ගෝලයකි. ඔහු එම ගෝලය සොයා ගෙන අලෙවි කිරීමට තීරණය කරන නමුත් යොන්ඩු නමැත්තා පීටර්ට බලපෑම් එල්ල කරන්නේ ගෝලය තමාට දිය යුතුය කියායි. පීටර් ඊට කැමැති වන්නේ නැත. ඒ සමඟම මහත් කරදර හා බාධක රැසකට මුහුණ දීමට පීටර්ට සිදුවෙයි.

ගෝලයේ සැඟවුණ අභිරහස කුමක්ද? එය විශ්වයේ පැවැත්මට තර්ජනයක් වන අභිරහසක් ද? තමා අර්ධ වශයෙන් පෘථිවි වාසියකු හා අර්ධ වශයෙන් ඉතා ඈත අතීතයේ නාඳුනන ජීවියකු බව වටහාගන්නා පීටර් සිය අනාගතයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන් ද?

පසුගිය ජූලි 28 දා ලොව පුරා ප්‍රදර්ශනය ඇරැඹූ ‘ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි’ චිත්‍රපටය පසුගිය අගෝස්තු 10 ඉරිදා වන විට ඩොලර් ලක්ෂ 3130කට වැඩි ආදායමක් උපයා තිබිණි. පළමු සති අන්තයේ දී එය, මාවල් චිත්‍රකතා ඇසුරෙන් නිර්මාණය වූ සෑම චිත්‍රපටයක්ම ප්‍රදර්ශනයේ පළමු සති අන්තයේ ඉපැයූ ආදායමට වැඩි ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස ‍ෙබාක්ස් ඔෆිස් වාර්තා අතරට එක්වී තිබේ. විදේශයන්හී ප්‍රදර්ශනයෙන් පසුගිය අගෝස්තු 10දා වන විට චිත්‍රපටය වැඩිම ආදායමක් උපයා තිබුණේ රුසියාවෙනි.

ක්‍රිස් ප්‍රැට්, සෝ සල්දනා, ඩේව් බැටිස්ටා, වින් ඩිසල් බ්‍රැඩ්ලි කූපර්, ලී පේස්, මයිකල් රූතර් ආදී නළු නිළි පිරිසක් රඟන ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලක්සි චිත්‍රපටයේ දිගුවක් 2017 වසරේ තිරගත කිරීමට ද දැනටම ‘මාවල් ස්ටුඩියෝස්’ කටයුතු සැලසුම් කර තිබේ.

SmAsHeR

The Flash S01E01 - Review

The Flash S01E01 - Pilot

මන් හිතනව ඔයාලා හැමෝම flash episode 1 බලලා ඇති කියලා. මන් දන්නවා මේ පෝස්ට් එක දාන්න ගොඩක් පරක්කුයි කියලා. කෙලින්ම episode 10 පටන්ගන්නවට වඩා අපි හිතුවා පලවෙනි එකේ ඉදලම පටන් ගන්න මොකද එක episode එකකින් ගොඩක් දේවල් මගහැරෙන්න පුලුවන් නිසා.

   



ඔයගොල්ලො කතාව බැලුවනන් දන්නවනෙ බැරිට අවුරුදු 11දි කවුද කෙනෙක් බැරීගෙ අම්මව මරනව. ඒකෙට සැකපිට එයාගෙ තාත්ත හිරේ යනව. කාටවත් බැරී එදා දැකපු දේ විස්වාස කරන්න බෑ මොකද හැමෝම හිතුවෙ බැරී එදා දැක්ක දේ එයා බොරුවට මවාගත්ත විකාරයක් කියලා. බැරී එදා ඉදන් හැම දේම කරේ මේ ප්‍රස්නෙ විසදල එයාගෙ තාත්තව හිරෙන් එලියට ගන්න. ඒත් අවුරුදු ගානක් තිස්සෙ විසදගන්න බැරිවුණ මේ ප්‍රස්නෙ එක අකුණු පාරකට විසදන්න පුලුවන් වෙයිද? මම මුලු කතාවම කියන්න යන්නෑ මොකද කාතාව බලපු නැති කට්ටියට ඒක අසාධාරණයක් වෙන නිසා. කතාව දැනගෙන බලනකොට කිසි ගතියක් නෑනෙ.

අපි බලමු කතාවෙ ඉන්න කට්ටිය ගැන, බැරී ගැන හැමෝම දන්නවනෙ ඒක නිසා අපි පටන්ගමු බැරීගෙ තාත්තාගෙ හෙන්රි ඇලන් ( පින්තූරය #1) මේ චරිතයරගපාන John Wesley Shipp කියන කෙනා තමයි 1990 සිට 1991 වෙනකන් ගිය ඔරිජිනල් flash tv series එකේ බැරීට එහෙමත් නැත්තන් flash රගපෑවෙ (පින්තුරය #2) . නොරා ඇලන්, බැරීගෙ අම්මාගෙ මරණය සහ reverse flash. (පින්තුරය #3) comic වල professor zoom(reverse flash) කාලය හරහා ගිහින් බැරීගෙ අම්මව මරනව. මේක නිසා තමයි බැරීට අකුණ වදින්නෙ. ඒත් ඇයි zoom බැරීගෙ අම්මව මරන්නෙ? Zoom එහෙම නොකර හිටියනන් බැරී කවදාවත් flash වෙන්නෑනෙ, බැරී flash වෙන්නෑ කියන්නෙ zoomflashගෙන් කරදරයක් නෑනෙ ? Zoom බැරීගෙ අම්මව මරන්නෙ මොකද බැරී flash නොවුනොතින් zoom කවදාවත් reverse flash නොවෙන නිසා. බැරී flash විදිහට කරනයම් කිසි දෙයක් නිසා තමා zoomට බැරීගෙ පවර්ස් ලැබෙන්නේ.

කේට්ලින් ස්නෝ ( පින්තූරය #5) කේට්ලින් ස්නෝ කියන්නෙ comics වල villain කෙනෙක්, killer frost.ලොකුම ප්‍රස්නෙ තමා particle accelerator එක පිපිරුණු දවසෙ කේට්ලින්ට පවර්ස් හම්බෙලා එයා ඒක රහසක් විදිහට තියන් ඉන්නවද කියන එක. ඒත් එයාගෙ පෙම්වතා රොනී රේමන්ඩ් ( පින්තූරය #6) එදා මැරුණ කියල තමා හැමෝමහිත්න් ඉන්නෙ.

Green lantern හල් ජෝඩන්ගෙ පෙම්වතිය කැරොල් ෆෙරිස් තමා ferris air (පින්තූරය #7) එකේ අයිතිකාරිය.
මම හිතන්නෑ flash එකට green lanternව ගෙනෙයි කියලා දැන්ම. අපි ප්‍රාර්ථනා කරමු ඉස්සරහට මෙයාල flash එකට GLව ගේයි කියල. ඊලගට Grodd (පින්තූර #8,#9) ගොරිල්ල ග්‍රොඩ් කියන්නෙ flashගෙ හතුරෙක්. මන් හිතන්නෑ මේ සීසන් එකේ අපිට ග්‍රොඩ්ව බලාගන්න පුලුවන් වෙයි කියලා ඒත් මට හිතෙන්නෙ ඉස්සරහට අපිට ග්‍රොඩ්ව දැක බලාගන්න පුලුවන්වෙයි කියලා.

Clyde Mardon (පින්තූරය #10) එහෙමත් නැත්තන් Weather Wizard, flashගෙ හතුරෙක්, the rogues ( flashගෙ හතුරො සෙට් එක ඉන්න ගෘප් එකක්) එකේ member කෙනෙක්. Eddie thawne ( detective pretty boy ) (පින්තුරය #11) thawne කිව්වාම අපිට මතක් වෙන්නෙ professor zoom එහෙමත් නැත්තන් eobard thawne. මෙන්න ඊලග ප්‍රශ්නෙ reverse flash eddie වෙන්න පුලුවන්ද එහෙමත් නැත්තන් eddieගෙ මුණුබුරෙක්ද? Harrison Wells තමා මේ සීසන් එකේ ලොකුම අභිරහස. ඔයාලා වෙල්ස් ගැන මොකද හිතන්නෙ එයා අනාගතෙන් වෙන්න පුලුවන්ද

Dr. Harrison Wells කියන්නෙ එයාගෙ ඇත්ත නමද ? එහෙමත් නැත්තන් එයාට වෙන නමක් තියෙන්න පුලුවන්ද ? එයා eddieගෙ මුණුබුරෙක් වෙන්න පුලුවන්ද ?


Kyle_Rayner

Thursday, December 25, 2014

Flash - Part 01

The Flash tv series එක මේ දවස් වල ගොඩක් අයගෙ කතාබහට ලක්වූ tv series එකක්. මේ tv series එකේ ප්‍රධාන චරිතය තමා The Flash එහෙමත් නැත්තන් Barry Allen. ඒත් කවුද මේ flash. DC comics වල මේ flash කියන නම අයිති පුද්ගලයන් ගොඩක් ඉන්නවා. ඒත් ඒ හැමෝම ගැන කතා කරන්න ගියොත් කතාකරල ඉවර කරන්න දවස් ගානක් යයි. ඒක නිසා අපි ප්‍රධාන හතර දෙනා ගැන කතාකරමු. 

Jay Garrick තමා මුල්ම Flash. මෙයා මුලින්ම ආවෙ Golden age Flash comics #1 (1940 ජනවාරි වල ) Jason Peter '' Jay '' Garrick කියනෙ college student කෙනෙක්. එක දවසක් එයා ලැබ් එකේ එක එක chemicals එක්ක වැඩ කර කර ඉන්න කොට එයාට නින්ද ගියා. උදේ නැගිටල බලද්දි එයා තේරුනා එයාට වේගෙන් ගොඩක් වේගෙන් දුවන්න පුලුවන් කියල. පස්සෙ එයා lightning bolt එකක් තීන රතු shirt එකක් සහ පිහාටු තියෙන metal helmet එකක් හොයාගෙන නගෙරෙ ඉන්න හොරු අල්ලන්න පටන් ගත්තා.

Barry Allen, ගොඩක් අය Flash කිව්වවම අදහස් කරන්නෙ මෙයාව. මෙයා තමා දෙවැනි flash. කලින් කිව්වා වගේ The Flash tv series එකේ ප්‍රධාන චරිතය. Barry කියන්නෙ central city වල police scientist කෙනෙක්. දවසක් Barry වැඩ ඇරිල යන්න හදනකොට අකුණක් වැදුනා ඒ වෙලාවෙම එතන තිවුන chemical වගයක් එයාගෙ ඇගට හැලුනා පස්සෙ බලද්දි එයාටත් jayට වගේ ගොඩක් වේගෙන් දුවන්න පුලුවන්. එක එක කාලෙට මේ කතාවෙ පොඩි පොඩි දේවල් වෙනස් වෙනව. උදාහරණයකට ගත්තෙ The Flash tv series එකේ S.T.A.R. Labs particle accelerator එකේ පොඩි වැරදීමක් නිසා සිදුවූ පිපිරීමකින් තමා Flashට වැදුනු අකුණ හැදුනෙ. ඒත් comic වල ඒක නිකම්ම අකුණක්. කොහොම හරි Barryගෙ පොඩි කාලෙ සුපිරී වීරයා ( Jay Garrick Flash) ට පස්සෙ Flash කියන නම ගත්තා. ආයෙත් Flash tv series එකේ Flash ට flash කියන නම දැම්මෙ Arrow ( Green Arrow ) ඒත් අපි මෙතනදි තේරුම් ගන්න ඕනා comic සහ tv universe කියන්නෙ දෙකක්. එකම දේ සිද්ද උනාට පොඩි පොඩි වෙනස් කම් තියෙනව. මන් දන්නව ගොඩක් පැටලිලි සහගතයි නේද.

Flash කියන්නෙ Justice League එකේ founding member කෙනෙක්. ඔයාලා බලලා ඇතිනෙ Justice League සහ Justice League Unlimited Cartoon එක. ඒකෙ ඉන්නෙ Jay Garrickවත් Barry Allen flashවත් නෙවෙ එහෙනන් කවුද ? ඊලග කොටසෙන් අපි දැනගමු ඒ කවුද කියලා.

Shazam

Marvel Comics

කොමික් කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නෙ DC සහ Marvel කියන නම් දෙක. 1933දී ආපු කොමික් පොත් අද සිනමා කර්මාන්තය, රූපවාහිනී කතාමාලා වගේම පරිඝනක ක්‍රීඩා දක්වා වැඩි දියුණු වෙලා තියෙනවා. අද මේ කොමික් චරිත ලෝකේ ඉන්න ලොකු කුඩා ඕනෑම කෙනෙක්ගේ වීරවරයන් බවටද පත්වන්නට සමත්වී තිබෙනවා.


අයන් මෑන්, තෝර්, කැප්ටන් ඇමරිකා, හල්ක්, වුල්වරීන්, මැග්නීටෝ වගේ සුපිරි චරිත දහස් ගණනකට අයිතිවාසිකම් කියන Marvel සමාගම ගැන මුලින්ම අපි හැමෝම දැනගැනීම වැදගත්.

වර්ෂ 1939දී Timely Comics සමාගම ලෙසින් ආරම්භ වූ Marvel සමාගම දැනට Walt Disney සමාගමට අනුබද්ධිතව පවත්වාගෙන යනවා. 1960 දී Marvel Comics ලෙසින් තම නාමය වෙනස් කරගත් ඔවුන් වර්තමානයේ Marvel Studios, LLC සහ Marvel Entertainment, LLC දක්වා සිය පුළුල් වී තිබෙනවා. Marvel Studios හරහා සිනමාපට සහ රූපවාහිනී කතා මාලා ඉදිරිපත්කිරීමටද, Marvel Entertainment හරහා කොමික් පොත් ඇතුලු සියල්ලගේම එකතූන් ඉදිරිපත් කිරීමටද ඔවුන් යුහුසුළුව තිබේ.

Marvel සමාගම සතු විශේෂිතම හැකියාවක් වන්නේ සුපිරි වීරවරයන්ට තර්ජනයක් ඇතිකිරීමට අවශ්‍යය සුපිරි දුශ්ඨයන්ද විශිෂ්ඨ ලෙස නිර්මාණ කිරීමයි. එලෙස නිර්මාණය වූ මැග්නීටෝ, තානෝස්, රෝනාන්, ලෝකි, ඩොක්ටර් ඩූම් වැනි දුෂ්ඨ චරිත පවා ජනතාවගේ ආකර්ෂණය හිමිකරගෙන ඇත්තේ ඒ නිසාය. එනම් විශ්ව කේන්ද්රීය වීරවරයන් සහ දුෂ්ඨයන් ඔවුන් සතුවීමයි.

1944න් ඇරඹි Marvel සිනමාව අද වර්තමානයේ වාර්තා පිට වාර්තා තබමින්, ආදායම් වාර්තා බිඳලමින් ජනතා ප්රසාදය වඩ වඩාත් දුයුණු කරගනිමින් පවතී. 1944 සිට 2014 වසර අවසානය වන විට සිනමාපට 40ක් පමණ නිපදවා ඇති ඔවුන්ගේ චිත්රකතා පොත් ප්රමාණය 3000කට වැඩිය.

Marvel සිනමාපට ගැනත්, රූපවාහිනී කතාමාලාවන් ගැනත්, ඔවුන්ගේ ඉදිරි වැඩපිලිවෙලවල් ගැනත් අපිත් එක්කම ඉදිරියට රැඳීසිටීමෙන් හැමෝටම දැනගන්න පුලුවන්වෙයි.

SmAsHeR

The Avengers (2012) - Part 01

The Avengers (2012) - Part 01

 

සිනමා ලෝලීන් වන ඔබ මෙතෙක් නරඹා ඇති චිත්‍රපටවල දුටු සුපිරි වීරයන් සියලු දෙනාම එකතු වී පෘතුවිය ගලවා ගන්නට එක කණ්ඩායමක් බිහි කළොත්, එය කොහොමට හිටීවිද? ඇවෙන්ජර්ස් චිත්‍රපටය ගත්තොත් අන්න ඒ වාගෙයි.
මාර්වෙල් කොමික් පොත්වලින් ඔබ දුටු සුපිරි වීරයන් 6 දෙනෙක් යොදාගෙන නිපදවා තිබෙන මෙම දැවැන්ත චිත්‍රපටය කොමික් පොත් රසිකයන්ගේ මෙතෙක් දුටු ලොකුම සිහිනය සැබෑවීමක්.
               

මෙහි එන සුපිරි වීරයන් සහ ඔවුන්ගේ කලින් එළි දුටු චිත්‍රපට ගැන මං සැකවින් මතක් කර දෙන්නම්.

අයන් මෑන් - ටෝනි ස්ටාර්ක් (අයන් මෑන්, අයන් මෑන් 2, අයන් මෑන් 3)
කැප්ටන් ඇමරිකා - ස්ට්ව් රොජර්ස් (කැප්ටන් ඇමරිකා 1, කැප්ටන් ඇමරිකා 2)
හල්ක් - බෲස් බැනර් (දී ඉන්ක්‍රෙඩිකල් හල්ක්)
තෝර් - තෝර් (තෝර් 1, තෝර් 2)
බ්ලැක් විඩෝව් - නතාෂා රොමනොෆ් (අයන් මෑන් 2, කැප්ටන් ඇමරිකා 2)
හෝක් අයි - ක්ලින්ට් බාර්ටන්

මෙම චිත්‍රපට සියල්ලම වාගේ අති සාර්ථකව ලොව පුරා තිරගත වූ අතර මේ ප්‍රධාන චරිත ලොව පුරා සිනමා රසිකයින්ව ඇද බැඳ තබා ගැනීමට සමත් වුණා. එසේ නම් ඔවුන්ගේ සුසංයෝගය කෙතරම් සාර්ථකත්වයක් ලබාවිද? එය මේ අවුරුද්දේ තිරගත වෙන වැඩිම බොක්ස් ඔෆිස් වාර්තාව තබන චිත්‍රපටය බවට අනාවැකි පහළ වෙන්නට පටන් ගත්තේ කලක සිටයි.

උතුරු ඇමරිකාව හැර රටවල් 39 ක තිරගත වූ මේ චිත්‍රපටය පළවෙනි සතිය තුළ පමණක් ඩොලර් මිලියන 281 ක් උපයා ගන්නට සමත් වී තිබෙනවා.
මාර්වෙල් කොමික් පොත් සමාගම කොමික් පොත් ලෝකයේ ඉදිරියෙන් සිටියේ ඔවුන් සැම විටම අලුත් සුපිරි වීරයන් හඳුන්වා දෙමින් නිර්මාණකරණයේ යෙදුණු නිසයි. ඔවුන්ගේ එම සුපිරි වීර චරිත යොදා ගෙන චිත්‍රපට නිපද වුණ අතර එම චිත්‍රපට ලත් කූඨප්‍රාප්තිය ලෙස ද ඇවෙන්ජර්ස් හඳුන්වන්න පුුළුවන්.

අයන් මෑන් යනු සාමාන්‍ය පුද්ගලයෙක්. නමුත් ඔහු තම සුපර් සූට් එක ඇඳගත් පසු නොකළ හැකි වික්‍රමයක් නැති තරම්. තෝර් නම් දේව පුත්‍රයෙක්. ඔහුගේ මිටියට විනාශ කළ නොහැකි කිසිවක් පෘතුවියේ නම් නැහැ. හොක්අයි ගේ දුන්නෙන් විදින හී සැර කෙතරම් බලවත් ද යත් ඒවාට පියාඹන පිටසක්වල යානා පවා බිම හෙලිය හැකියි.

හල්ක් නිවුණු තැන්පත් මනුස්සයෙක් වුණත් ඔහුට කේන්ති ගිය විට අති විශාල කොළ පාට යෝධයෙකු බවට පෙරළෙනවා. ඔහුට ඉරා දමන්නට කුඩු කරන්නට නොහැකි දෙයක් නැහැ. කැප්ටන් ඇමරිකා ගේ බලය ඔහුගේ පලිහේ රැඳී පවතිනවා. එමෙන්ම සටන් ක්‍රම රැසක් ඔහු සතුයි. තවම ඉවර නැහැ. තව ඉන්නවා. බ්ලැක් විඩොවි. ඇය ආත්මාරක්ෂක සටන්වල කෙල පැමිණිය තරුණියක්.

මෙවැනි කණ්ඩායමක් සමඟ හැප්පෙන්නට හිතන්නටවත් උත්සාහ දරන කිසිවෙක් මෙලොව සිටීදැයි සැක සහිතයි. එසේ නම් මේ චිත්‍රපටය සෑදීමේ අරමුණ කුමක්ද? මොවුන්ට තර්ජනයක් කළ හැකි කෙනෙක් මෙලොව නොසිටී නම්? ඔබ සිතුවා හරි නරකයා නැතිනම් දුෂ්ඨයා එන්නේ මෙලොවින් නොවේ. ඔහු තමයි ලෝකි. දිව්‍ය පුත්‍ර තෝර් ගේ හදාගත් සහෝදරයා. අතීතය ගැන ඔබට මතක ඇති තෝර චිත්‍රපටය නැරැඹුවා නම්.

අමෙරිකාවේ ක්‍රියාත්මක වන රහසිගත එහෙත් රජයේ සංවිධානයක් වන SHIELD හෙවත් Strategic Homeland Intervention, Enforcement and Logistics Division හි ලොක්කා වන්නේ නික් ෆියුරි (සැමුවෙල් එල්. ජැක්සන්) යි. ඔහු මෙම ලෝකි ගෙන් පෘතුවියට ඇති වී තිබෙන තර්ජනයෙන් ලෝවැසියා මුදා ගන්නට ඇවෙන්ජර්ස්ලාට හෙවත් සුපිරි වීරයන්ට අඬ ගසනවා.

ඔවුන් එකට එකතු කර සංවිධානය වී එක් කණ්ඩායමක් ලෙස මෙම තර්ජනයට මුහුණ දීම නික් ෆියුරිගේ අරමුණයි. නමුත් මෙතරම් බල සම්පන්න වීරයන් ගොන්නක් එකතුª කිරීම පහසු කටයුත්තක් නම් නොවෙයි. මක්නිසාද යත් ඔවුන්ගේ බලපරාක්‍රමයන් ඔවුන් එකිනෙකා හා සංසන්දනය කරන්නට උත්සාහ දැරීමයි.
ඉතින් නික් ෆියුරිට වෙන්නේ මේ ලෝ සුපතල සුපිරි වීරයන්ට බාලාංශ පංතියේ පාඩමක් කියා දීමටයි. එනම් කණ්ඩායම් හැඟීමෙන් එකිනෙකා සහජීවනයෙන් පොදු ඉලක්කයක් කරා පිරිසක් ලෙස වැඩ කිරීමේ අගය ඔවුන්ට ඒත්තු ගැන්වීමයි.
ඇවෙන්ජර්ස් අනෙකුත් සුපිරි චිත්‍රපටවලට සමානකමක් දැක්වුවත් ඒවා සියල්ලටම වඩා ක්‍රියාදාම වැඩි වැඩියෙන් ප්‍රේක්ෂක ඔබට ලබා දෙයි. නමුත් වට්ටෝරුවට ගැළපෙන පිරිදි සියලුම ගුණාංග (පෙර චිත්‍රපටවල සේම) ඇතුළත් වෙයි. පෘතුවියට තර්ජනයක් එයි. සුපිරි වීරයන් එයට මුහුණ දීමට සංවිධාන කරයි.

දුෂ්ඨයා ඉතාමත්ම දුෂ්ඨ බව නාට්‍යමය භාවය වැඩි කරමින් පෙන්වයි. පොඩි පොඩි පුද්ගලික අඩපාඩුකම් දුර්වලතා සුපිරි වීරයන්ට තිබෙයි. චිත්‍රපටයේ අවසන් පැය කන් බිහිරි කරවන සද්ද සමඟින් ලොව බිහිවුණු හොඳම දෘෂ්‍ය ප්‍රයෝග විශේෂ ප්‍රයෝග යොදා ගනිමින් හොඳ නරක යුද වද්දන්නේ වට පිටාවේ තිබෙන සියලුම දේවල් සුන්නත් දූලි කරමින් සහ ගිනි බෝල විසී කරමින්.

නමුත් එය විනෝදාත්මකයි. අතිශයින් විනෝදාත්මකයි. කර්කෂ යථාර්ථයෙන් මිදී මොහොතකට සිහින ලොවකට දැහැන්ගත වීමට මෙම චිත්‍රපටය උපකාරී වෙයි. එබැවින් එය මුදල් ගෙවා නැරැඹීමට තරම් වටී.

SmAsHeR

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates